ත්‍රිපිටකය
ඛුද්දකනිකායෙ ඛුද්දකනිකායෙ
සුත්තනිපාතපාළි සුත්ත නිපාතය
1. උරගවග්ගො 1. උරග වර්ගය
1. උරගසුත්තං 1. උරග සූත්‍රය
2. ධනියසුත්තං 2. ධනීය සූත්‍රය
3. ඛග්ගවිසාණසුත්තං 3. ඛග්ග විශාණ සූත්‍රය
4. කසිභාරද්වාජසුත්තං 4. කසීභාරද්වාජ සූත්‍රය
5. චුන්දසුත්තං 5. චුන්ද සූත්‍රය
6. පරාභවසුත්තං 6. පරාභව සූත්‍රය
7. වසලසුත්තං 7. වසල සූත්‍රය
8. මෙත්තසුත්තං 8. (කරණීය) මෙත්ත සූත්‍රය
9. හෙමවතසුත්තං 9. හෙමවත සූත්‍රය
153
‘‘අජ්ජ පන්නරසො උපොසථො, (ඉති සාතාගිරො යක්ඛො)
දිබ්බා (දිබ්‍යා (සී. ස්‍යා. කං. පී.)) රත්ති උපට්ඨිතා;
අනොමනාමං සත්ථාරං, හන්ද පස්සාම ගොතමං’’.
153
“අද පසළොස්වක දවසය. දිව්‍යවූ රූප ප්‍රභා ඇති, රාත්‍රිය පැමිණ සිටියාය. ලාමක නොවූ නම් ඇති, ශාස්තෘවූ ගෞතමයන් වහන්සේ ඒකාන්තයෙන් දකුම්හයි” සාතාගිර නම් යක් සෙනෙවි කීයේය.
154
‘‘කච්චි මනො සුපණිහිතො, (ඉති හෙමවතො යක්ඛො)
සබ්බභූතෙසු තාදිනො;
කච්චි ඉට්ඨෙ අනිට්ඨෙ ච, සඞ්කප්පස්ස වසීකතා’’.
154
“කිමෙක්ද? ඒ ශාස්තෘහුගේ සිත අචලද ඒ ශාස්තෘ තෙම සියලු සත්වයන් කෙරෙහි මනාවේද, කිමෙක්ද? ඒ ශාස්තෘහුගේ අදහස් ඉෂ්ට අනිෂ්ට අරමුණු විෂයෙහි වසඟ දැයි” හෙමවත යක් සෙනෙවි ඇසීය.
155
‘‘මනො චස්ස සුපණිහිතො, (ඉති සාතාගිරො යක්ඛො)
සබ්බභූතෙසු තාදිනො;
අථො ඉට්ඨෙ අනිට්ඨෙ ච, සඞ්කප්පස්ස වසීකතා’’.
155
“සියලු සත්වයන් කෙරෙහි සමවූ ඒ ශාස්තෘහුගේ සිත අචලය. නැවත ඉෂ්ටවූ සංස්කාරයන් කෙරෙහිද අනිෂ්ටවූ සංස්කාරයන් කෙරෙහිද උන්වහන්සේගේ අදහස් වසඟ කරණ ලදහුයයි” සාතාගිර කීයේය.
156
‘‘කච්චි අදින්නං නාදියති, (ඉති හෙමවතො යක්ඛො)
කච්චි පාණෙසු සඤ්ඤතො;
කච්චි ආරා පමාදම්හා, කච්චි ඣානං න රිඤ්චති’’.
156
“කිමෙක්ද? නුදුන් වස්තුව නොගනීද, කිමෙක්ද? සතුන් කෙරෙහි දයාද, කිමෙක්ද? ප්‍රමාදයෙන් හෙවත් අබ්‍රම්සරින් දුරුද, හෙවත් ස්ත්‍රීන් කෙරෙන් දුරුද, කිමෙක්ද? ධ්‍යානය නොහරීදැයි” හෙමවත යක් සෙනෙවි මෙසේ ඇසීය.
157
‘‘න සො අදින්නං ආදියති, (ඉති සාතාගිරො යක්ඛො)
අථො පාණෙසු සඤ්ඤතො;
අථො ආරා පමාදම්හා, බුද්ධො ඣානං න රිඤ්චති’’.
157
“ඒ සර්වඥතෙම නුදුන් වස්තුවක් නොගන්නේය. එසේම සතුන් කෙරෙහි දයාව ඇත්තේය. නැවත ප්‍රමාදයෙන් දුරුය. සර්වඥතෙමේ ධ්‍යානය නොහරනේයයි” සාතාගිර මෙසේ කීයේය.
158
‘‘කච්චි මුසා න භණති, (ඉති හෙමවතො යක්ඛො)
කච්චි න ඛීණබ්‍යප්පථො;
කච්චි වෙභූතියං නාහ, කච්චි සම්ඵං න භාසති’’.
158
“කිමෙක්ද? ඒ ශාස්තෘතෙම මුසාව නොකියාද, අනුන් හිංසා කරණ සිත නැත්තේද, රළු වදන් නැත්තේද, නපුරු වචන නැත්තේද, කිමෙක්ද? කේලාම් නොකියාද, කිමෙක්ද, නිරර්ථක තෙපුල් නොකියාදැයි” හෙමවත යක් සෙනෙවි ඇසීය.
159
‘‘මුසා ච සො න භණති, (ඉති සාතාගිරො යක්ඛො)
අථො න ඛීණබ්‍යප්පථො;
අථො වෙභූතියං නාහ, මන්තා අත්ථං ච (අත්ථං සො (සී. පී. ක.)) භාසති’’.
159
“ඒ සර්වඥතෙම නපුරු බස් නොකියන්නේය. නැවත, හිංසා කරණ තෙපුලුත් නොකියන්නේය. නැවත, කේළමුත් නොකියන්නේය. ඒ සර්වඥතෙම නුවණින් පිරිසිඳ අර්ථයෙන් යුත් වචනය කියන්නේයයි” සාතාගිර යක් සෙනෙවි කීයේය.
160
‘‘කච්චි න රජ්ජති කාමෙසු, (ඉති හෙමවතො යක්ඛො)
කච්චි චිත්තං අනාවිලං;
කච්චි මොහං අතික්කන්තො, කච්චි ධම්මෙසු චක්ඛුමා’’.
160
“කිමෙක්ද? ඒ ශාස්තෘතෙම රූපාදි වස්තු කාමයෙහි නොඇලේද, කිමෙක්ද උන්වහන්සේගේ හිත ව්‍යාපාදයෙන් නොකැළඹුනේද, කිමෙක්ද, ඒ ශාස්තෘහුගේ මෝහය ඉක්මුනේද කිමෙක්ද, ඒ ශාස්තෘතෙම සියලු සංස්කාර ධර්මයන් විෂයෙහි සමතැස් ඇත්තේදැයි” හෙමවත යක් සෙනෙවිතෙම මෙසේ විචාළේය.
161
‘‘න සො රජ්ජති කාමෙසු, (ඉති සාතාගිරො යක්ඛො)
අථො චිත්තං අනාවිලං;
සබ්බමොහං අතික්කන්තො, බුද්ධො ධම්මෙසු චක්ඛුමා’’.
161
“ඒ ශාස්තෘතෙම වස්තු කාම විෂයෙහි නොඇලේ. නැවත සර්වඥයන් වහන්සේගේ සිත ව්‍යාපාදයෙන් නොකැළඹිනි. සියලු මෝහය ඉක්මුනේය චතුරාර්ය සත්‍යය දත්තාවූ ඒ සර්වඥතෙම සියලු ධර්මයෙහි නොපැකිල පවත්නා පසැස් ඇත්තේයයි” සාතාගිර යක් සෙනෙවි කීයේය.
162
‘‘කච්චි විජ්ජාය සම්පන්නො, (ඉති හෙමවතො යක්ඛො )
කච්චි සංසුද්ධචාරණො;
කච්චිස්ස ආසවා ඛීණා, කච්චි නත්ථි පුනබ්භවො’’.
162
“කිමෙක්ද? ඒ ශාස්තෲන් වහන්සේ ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යාවෙන් යුක්තද, කිමෙක්ද, ඒ ශාස්තෘතෙම පිරිසිදු පසළොස් චරණ ධර්ම ඇත්තේද? කිමෙක්ද, ඒ සර්වඥයා විසින් ආශ්‍රවයෝ ක්ෂය කරණ ලදහුද, කිමෙක්ද, ඒ සර්වඥයන් වහන්සේගේ පුනරුත්පත්තියෙක් නැද්දැයි” හෙමවත ප්‍රශ්න කෙළේය.
163
‘‘විජ්ජාය චෙව සම්පන්නො, (ඉති සාතාගිරො යක්ඛො)
අථො සංසුද්ධචාරණො;
සබ්බස්ස ආසවා ඛීණා, නත්ථි තස්ස පුනබ්භවො’’.
163
“ඒ සර්වඥතෙම විද්‍යාවෙන්ද යුක්තය. නැවත පිරිසිදු චරණ ධර්මයනුත් ඇත්තේය. ඒ සර්වඥයන් වහන්සේ විසින් සියලු ආශ්‍රවයෝ ක්ෂය කරණ ලද්දහුය. ඒ සර්වඥයන් වහන්සේගේ පුනරුත්පත්තියෙක් නැතැයි” සාතාගිර යක් සෙනෙවි කීයේය.
164
‘‘සම්පන්නං මුනිනො චිත්තං, කම්මුනා බ්‍යප්පථෙන ච;
විජ්ජාචරණසම්පන්නං, ධම්මතො නං පසංසති’’.
164
“මුනිහුගේ සිත සම්පූර්ණය. මනඃ කර්මයෙන්ද වාක් කර්මයෙන්ද, සිත සම්පූර්ණය. විද්‍යා හා චරණ ධර්මයෙන් යුක්තවූ ඒ සර්වඥයන් වහන්සේට ඇති ගුණයෙන්ම, සාතා ගිරයෙනි, තොපි ප්‍රශංසා කරන්නෙහිය.
165
‘‘සම්පන්නං මුනිනො චිත්තං, කම්මුනා බ්‍යප්පථෙන ච;
විජ්ජාචරණසම්පන්නං, ධම්මතො අනුමොදසි’’.
165
“මුනිහුගේ සිත සම්පූර්ණය. මනඃ කර්මයෙන්ද වාක් කර්මයෙන්ද සම්පූර්ණය, විද්‍යාචරණයෙන් යුක්තවූ ඒ සර්වඥයන් වහන්සේට ස්වභාවයෙන්ම (තොපි හෙමවතයෙනි) අනුමෝදන් වෙව.”
166
‘‘සම්පන්නං මුනිනො චිත්තං, කම්මුනා බ්‍යප්පථෙන ච;
විජ්ජාචරණසම්පන්නං, හන්ද පස්සාම ගොතමං.
166
“මුනිහුගේ සිත සම්පූර්ණය. මනඃ කර්මයෙන්ද වාක් කර්මයෙන්ද සම්පූර්ණය. විද්‍යාචරණයෙන් යුක්තවූ ගෞතම ගොත්‍ර ඇති සර්වඥයන් වහන්සේ නිශ්චය කොට දත් බැවින් අපි දෙන්නමෝ දකුම්හයි” සාතාගිර කීයේය.
167
‘‘එණිජඞ්ඝං කිසං වීරං (ධීරං (ස්‍යා.)), අප්පාහාරං අලොලුපං;
මුනිං වනස්මිං ඣායන්තං, එහි පස්සාම ගොතමං.
167
“එණි මෘගයෙකුට බඳුවූ ක්‍රමයෙන් වටවූ පාද ඇති කෘශවූ වීර පුරුෂවූ අල්පාහාරවූ, අහරෙහි ලොල් නොවූ, මොනෙය්‍ය ගුණයෙන් යුක්තවූ වනයෙහි ධ්‍යාන කරණ සර්වඥයන් වහන්සේ සාතාගිරයෙනි, එව. තෙපිත් මමත් දකුම්හ.”
168
‘‘සීහංවෙකචරං නාගං, කාමෙසු අනපෙක්ඛිනං;
උපසඞ්කම්ම පුච්ඡාම, මච්චුපාසප්පමොචනං.
168
“කේශර සිංහයා සදෘශවූ අසහායචාරීවූ ශ්‍රේෂ්ඨවූ වස්තු කාම ක්ලෙශ කාමයෙහි ආලය නොකරණ සර්වඥයන් වහන්සේ සමීපයට පැමිණ මරහුගේ මලින් මිදීම විචාරම්හ.”
169
‘‘අක්ඛාතාරං පවත්තාරං, සබ්බධම්මාන පාරගුං;
බුද්ධං වෙරභයාතීතං, මයං පුච්ඡාම ගොතමං’’.
169
“ආර්ය සත්‍යය කියන්නාවූ සිත් සතන් පරිද්දෙන් ධර්මය පවත්වන්නාවූ සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය බුද්ධවූ ප්‍රාණඝාතාදී වෛරයෙන් හා භයින් ඉක්මුනාවූ ගෞතම සර්වඥයන් වහන්සේ අපි විචාරම්හ.”
170
‘‘කිස්මිං ලොකො සමුප්පන්නො, (ඉති හෙමවතො යක්ඛො)
කිස්මිං කුබ්බති සන්ථවං (සන්ධවං (ක.));
කිස්ස ලොකො උපාදාය, කිස්මිං ලොකො විහඤ්ඤති’’.
170
“කවරෙක් උපන් කල්හි සත්ව සංස්කාර ලෝකය උපන්නේ වේද? දෘෂ්ටිය හා එක්වීමත් තෘෂ්ණාව හා එක්වීමත් කවර කලෙක්හි කෙරේද? කුමක් නිසා ලෝක නම්වේද, කුමක් ඇතිකල්හි සත්වලෝකයතෙම පෙළනු ලබන්නේ දැයි” හෙමවත යක්ෂතෙම මෙසේ විචාළේය.
171
‘‘ඡසු (ඡස්සු (සී. පී.)) ලොකො සමුප්පන්නො, (හෙමවතාති භගවා)
ඡසු කුබ්බති සන්ථවං;
ඡන්නමෙව උපාදාය, ඡසු ලොකො විහඤ්ඤති’’.
171
“හෙමවතය, සයක් උපන් කල්හි සත්ව ලෝකයද සංස්කාර ලෝකයද උපන්නේ වෙයි. ඒ දෙවැදෑරුම් ආයතන සය කෙරෙහිම තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් බැඳීම සත්ව ලෝකයා කරන්නේය. ඒ ද්විප්‍රකාර ෂඩායතනයන්ම නිසා සත්ව සංස්කාර ලෝකය අත්පා ව්‍යවහාරයට යන්නේය. ඒ ෂඩායතනයන් ඇතිකල්හිම සත්ව ලෝකයා වෙහෙසනු ලබන්නේය. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.”
172
‘‘කතමං තං උපාදානං, යත්ථ ලොකො විහඤ්ඤති;
නිය්‍යානං පුච්ඡිතො බ්‍රූහි, කථං දුක්ඛා පමුච්චති’’ (පමුඤ්චති (ස්‍යා.)).
172
“යම් උපාදානයක් ඇතිකල්හි සත්ව සංස්කාර ලෝකය වෙහෙසේද, ඒ ආයතන නම් දුඃඛය කවරේද, නික්ම යන මාර්ගය විචාරණලද මට සර්වඥයන් වහන්සේ වදාළසේක. උපාදානයයි දක්වන ලද දුඃඛයෙන් කෙපරිද්දෙකින් මිදෙන්නේද?
173
‘‘පඤ්ච කාමගුණා ලොකෙ, මනොඡට්ඨා පවෙදිතා;
එත්ථ ඡන්දං විරාජෙත්වා, එවං දුක්ඛා පමුච්චති.
173
“සත්ව ලෝකයෙහි මනස සවැනි කොට ඇති, රූපාදී පඤ්චකාම ගුණයෝ ප්‍රකාශ කරණ ලද්දාහුය. මේ ද්වාදශායතනයන්ගේ විෂයෙහි තෘෂ්ණාව සර්වප්‍රකාරයෙන් නසා මෙසේ දුකින් මිදෙයි.
174
‘‘එතං ලොකස්ස නිය්‍යානං, අක්ඛාතං වො යථාතථං;
එතං වො අහමක්ඛාමි, එවං දුක්ඛා පමුච්චති’’.
174
“ත්‍රිවිධ ලෝකයාගේ මාර්ගයෙන් නික්ම යාම තොපට කියන ලදී. මේ මාර්ගයම තොපට මම දහසක් වර විචාළත් කියමි. මේ දුඃඛාදී චතුස්සත්‍යය මම මත්තෙහි විශේෂාධිගමය පිණිස කියමි. මෙසේම දුකින් මිදෙන්නේය.”
175
‘‘කො සූධ තරති ඔඝං, කොධ තරති අණ්ණවං;
අප්පතිට්ඨෙ අනාලම්බෙ, කො ගම්භීරෙ න සීදති’’.
175
“මේ ලෝකයෙහි කවරෙක් කාමාදී සතර සැඩ වතුරෙන් එතරවේද? මේ ලෝකයෙහි කවරෙක් සංසාර මුහුදින් එතරවේද, යටින් පිහිටක් නැති මත්තෙහි එල්බෙන තැනක් නැති ගැඹුරු සංසාර සාගරයෙහි කවරෙක් නොගිලේද?”
176
‘‘සබ්බදා සීලසම්පන්නො, පඤ්ඤවා සුසමාහිතො;
අජ්ඣත්තචින්තී (අජ්ඣත්තසඤ්ඤී (ස්‍යා. කං. ක.)) සතිමා, ඔඝං තරති දුත්තරං.
176
“හැමකල්හි ශීලයෙන් යුක්තද ඤාණවන්තද, සමාධියට මාර්ගඵලවල මනාව පිහිටියේද, විදර්ශනා වශයෙන් සිතන සුළුද, සිහි ඇත්තේද, තරණය කළ නොහැකි සතර ඕඝය. එතර කරයිද?”
177
‘‘විරතො කාමසඤ්ඤාය, සබ්බසංයොජනාතිගො;
නන්දීභවපරික්ඛීණො, සො ගම්භීරෙ න සීදති’’.
177
“කාම හැඟීමකින් දුරුවීද, කාම සංඥාවෙහි නොඇලුනේද, සියලු සංයෝජනයන් ඉක්ම ගියේද, තෘෂ්ණාව හා තුන් භවය ක්ෂය කෙළේද, ඒ ක්ෂීණාශ්‍රව මහණ ගැඹුරුවූ සසර සයුරෙහි නොගැලෙන්නේය.
178
‘‘ගබ්භීරපඤ්ඤං නිපුණත්ථදස්සිං, අකිඤ්චනං කාමභවෙ අසත්තං;
තං පස්සථ සබ්බධි විප්පමුත්තං, දිබ්බෙ පථෙ කමමානං මහෙසිං.
178
“ගැඹුරුවූ නුවණ ඇති නිපුණවූ අර්ථයන් දක්නා සුළුවූ රාගාදී පලිබොධ නැති දෙවැදෑරුම් කාමයෙහි හා ත්‍රිවිධ භවයෙහි නොගැටුනාවූ, සියලු අරමුණෙහි මිදුනාවූ දිව්‍ය විහාර පථයෙහි හැසිරෙන මහා ඍෂිවරයාවූ ඒ සර්වඥයන් වහන්සේ බලව්.
179
‘‘අනොමනාමං නිපුණත්ථදස්සිං, පඤ්ඤාදදං කාමාලයෙ අසත්තං;
තං පස්සථ සබ්බවිදුං සුමෙධං, අරියෙ පථෙ කමමානං මහෙසිං.
179
“ලාමක නොවූ නාමයන් ඇති සියුම් අර්ථ අනුන්ට දක්වන නුවණ දෙන කාම තෘෂ්ණාවෙහි නොඇලුනු, සියල්ල දත්තාවූ ශොභන පාරමිතා ප්‍රඥා ඇති ඵල සමාපත්තිය නුවණින් විඳින ඒ මහා ඍෂිවරයා බලව්.
180
‘‘සුදිට්ඨං වත නො අජ්ජ, සුප්පභාතං සුහුට්ඨිතං;
යං අද්දසාම සම්බුද්ධං, ඔඝතිණ්ණමනාසවං.
180
“යම් හෙයකින් සතර ඕඝය තරණය කළ ආශ්‍රව රහිත සම්බුද්ධයන් වහන්සේ දැක්කෙමුද, අද අප විසින් යහපත් දැකීමක් දක්නාලදී. අද යහපත් සේ එළිවිය. අද මනා නැගිටීමක් විය.
181
‘‘ඉමෙ දසසතා යක්ඛා, ඉද්ධිමන්තො යසස්සිනො;
සබ්බෙ තං සරණං යන්ති, ත්වං නො සත්ථා අනුත්තරො.
181
“ඍද්ධියෙන් යුත් අග්‍ර ලාභයෙන් හා අග්‍ර පරිවාරයෙන් යුක්තවූ සියලු මේ දහසක් යක්කු ඔබ සරණකොට යෙති. ඔබවහන්සේ අපගේ එයට වඩා උත්තමයෙක් නැති ශාස්තෘ ය.
182
‘‘තෙ මයං විචරිස්සාම, ගාමා ගාමං නගා නගං;
නමස්සමානා සම්බුද්ධං, ධම්මස්ස ච සුධම්මත’’න්ති.
182
“සම්‍යක් සම්බුද්ධයන් හටද ධර්මයාගේ යහපත් බවටද නමස්කාර කරන්නාවූ අපි හැමදෙනම ගමින් ගමට දිව්‍ය පර්වතයෙන් දිව්‍ය පර්වතයට ධර්ම ඝොෂා කරන්නෝව ඇවිදින්නෙමු.
10. ආළවකසුත්තං 10. ආලවක සූත්‍රය
11. විජයසුත්තං 11. විජය සූත්‍රය
12. මුනිසුත්තං 12. මුනි සූත්‍රය