ත්‍රිපිටකය
ඛුද්දකනිකායෙ ඛුද්දකනිකායෙ
සුත්තනිපාතපාළි සුත්ත නිපාතය
1. උරගවග්ගො 1. උරග වර්ගය
1. උරගසුත්තං 1. උරග සූත්‍රය
2. ධනියසුත්තං 2. ධනීය සූත්‍රය
3. ඛග්ගවිසාණසුත්තං 3. ඛග්ග විශාණ සූත්‍රය
4. කසිභාරද්වාජසුත්තං 4. කසීභාරද්වාජ සූත්‍රය
5. චුන්දසුත්තං 5. චුන්ද සූත්‍රය
6. පරාභවසුත්තං 6. පරාභව සූත්‍රය
7. වසලසුත්තං 7. වසල සූත්‍රය
116
‘‘කොධනො උපනාහී ච, පාපමක්ඛී ච යො නරො;
විපන්නදිට්ඨි මායාවී, තං ජඤ්ඤා වසලො ඉති.
116
[මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවන නම්වූ විහාරයෙහි වැඩවාසය කරන සේක. එකල්හි වනාහී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරුගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩිසේක. අග්ගික භාරද්වාජ නම් බ්‍රාහ්මණයාගේ ගෙය යම් තැනෙක්හිද එතැනට වැඩිසේක.
අග්ගික භාරද්වාජ නම් බ්‍රාහ්මණ තෙම වැඩමවන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුයේමය. දැක භාග්‍යවතුන් වහන්සේට මේ වචනය කීයේය. මුණ්ඩකය, එහිම සිටුව, නින්දිත (සැඩොල) මහණ එහිම සිටුවයි” මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ අග්ගික භාරද්වාජ නම් බ්‍රාහ්මණයාට මෙසේ වදාළසේක. බමුණ, තෝ සැඩොලා හෝ සැඩොල් බවට පමුණුවන කාරණයන් හෝ කිමෙකැයි දන්නෙහිද?”
“වසලයා හෝ වසල බවට පමුණුවන ධර්මය හෝ නොදනිමි. භවත් ගෞතමතෙම වසලයා හෝ වසල බවට පමුණුවන කාරණයන් යම්සේ මම දැනගනිම්ද, මට එසේ දහම් දෙසන සේක්වායි” සැළකෙළේය.
“බමුණ, එසේවීනම් අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමියි” වදාළසේක. “පින්වත, එසේයයි” කියා අග්ගික භාරද්වාජ නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.]
“යම් මනුෂ්‍යයෙක් කිපෙන ස්වභාව ඇත්තේ වේද, වෛර ඇත්තේ වේද, අනුන් ගුණ නසන පවිටු ස්වභාව ඇත්තේ වේද, විපර්යාසවූ දෘෂ්ටි ඇත්තේද (හෙවත් සම්‍යක් දෘෂ්ටියෙන් තොරවූයේද) මායාව ප්‍රයෝග ඇත්තේ වේද ඔහු වසලයයි” දැනගත යුතුයි.
117
‘‘එකජං වා ද්විජං (දිජං (පී.)) වාපි, යොධ පාණං විහිංසති;
යස්ස පාණෙ දයා නත්ථි, තං ජඤ්ඤා වසලො ඉති.
117
“මේ ලෝකයෙහි යම් පුද්ගලයෙක් පක්ෂීන්ට හා සෙසු සතුන්ට හිංසා කෙරේද, (හෙවත් දිවි තොරකෙරේද) යමෙක්හට සත්වයා කෙරෙහි දයාවක් නැත්තේද, ඔහු වසලයා යයි දතයුතුයි.
118
‘‘යො හන්ති පරිරුන්ධති (උපරුන්ධෙති (ස්‍යා.), උපරුන්ධති (ක.)), ගාමානි නිගමානි ච;
නිග්ගාහකො (නිග්ඝාතකො (?)) සමඤ්ඤාතො, තං ජඤ්ඤා වසලො ඉති.
118
“යමෙක්තෙම ගම් හා නියම් ගම්ද විනාශ කෙරේද, සේනාව ලවා වටලාද නිග්‍රහ කරන්නෙකැයි ප්‍රසිද්ධවේද ඔහු වසලයෙකැයි දැනගත යුතුයි.
119
‘‘ගාමෙ වා යදි වා රඤ්ඤෙ, යං පරෙසං මමායිතං;
ථෙය්‍යා අදින්නමාදෙති (අදින්නං ආදියති (සී. පී.)), තං ජඤ්ඤා වසලො ඉති.
119
“ගමෙහි හෝ ඉදින් වනයෙහි හෝ අනුන්ගේ මමත්වය ඇති යම් වස්තුවක් සොරසිතින් ගනීද ඔහු වසලයෙකැයි දතයුතුයි.
120
‘‘යො හවෙ ඉණමාදාය, චුජ්ජමානො (භුඤ්ජමානො (?)) පලායති;
න හි තෙ ඉණමත්ථීති, තං ජඤ්ඤා වසලො ඉති.
120
“යමෙක්තෙම ඒකාන්තයෙන් ණය රැගෙන චොදනා කරනු ලබන්නේ ‘තට ණයක් නැත්තේයයි’ බැහැරයාද ඔහු වසලයෙකැයි දතයුතුයි.
121
‘‘යො වෙ කිඤ්චික්ඛකම්‍යතා, පන්ථස්මිං වජන්තං ජනං;
හන්ත්වා කිඤ්චික්ඛමාදෙති, තං ජඤ්ඤා වසලො ඉති.
121
“යමෙක් ඒකාන්තයෙන් කිසි වස්තුවක් කැමැත්තේ මාර්ගයෙහි යන්නාවූ ජනයා නසා කිසි වස්තුවක් පැහැර ගනීද, ඔහු වසලයෙකැයි දතයුතුයි.
122
‘‘අත්තහෙතු පරහෙතු, ධනහෙතු ච (ධනහෙතු ව (ක.)) යො නරො;
සක්ඛිපුට්ඨො මුසා බ්‍රූති, තං ජඤ්ඤා වසලො ඉති.
122
“යම් මනුෂ්‍යයෙක් සාක්ෂි විචාරණ ලද්දේ තමා හේතුකොටගෙන හෝ අනුන් හේතුකොටගෙන හෝ යම් ධනයක් හේතුකොට හෝ බොරු කියාද, ඔහු වසලයෙකැයි දතයුතුයි.
123
‘‘යො ඤාතීනං සඛීනං වා, දාරෙසු පටිදිස්සති;
සාහසා (සහසා (සී. ස්‍යා.)) සම්පියෙන වා, තං ජඤ්ඤා වසලො ඉති.
123
“යමෙක් නෑයන්ගේ හෝ යහලුවන්ගේ හෝ භාර්යාවන් කෙරෙහි බලාත්කාරයෙන් එකක්හුගේ ප්‍රෙමයෙන් හෝ උභය ප්‍රෙමයෙන් හෝ දක්නා ලැබේද හෙවත් අනාචාරයෙහි හැසිරේද, එබඳු පුද්ගලයා වසලයෙකැයි දත යුතුයි.
124
‘‘යො මාතරං පිතරං වා, ජිණ්ණකං ගතයොබ්බනං;
පහු සන්තො න භරති, තං ජඤ්ඤා වසලො ඉති.
124
“යමෙක් තෙම බොහෝ ධනධාන්‍ය ඇත්තේ ජරාපත්වූ පහවගිය යෞවන බව ඇති මව හෝ පියා හෝ පෝෂණය නොකෙරේද ඔහු වසලයෙකැයි දත යුතුයි.
125
‘‘යො මාතරං පිතරං වා, භාතරං භගිනිං සසුං;
හන්ති රොසෙති වාචාය, තං ජඤ්ඤා වසලො ඉති.
125
“යමෙක්තෙම මවට හෝ පියාට හෝ සහෝදර සහෝදරියන් හා නැදිමයිලන්ට හෝ හිංසා කෙරේද, වචනයෙන් ක්‍රොධකෙරේද, ඔහු වසලයෙකැයි දතයුතුයි.
126
‘‘යො අත්ථං පුච්ඡිතො සන්තො, අනත්ථමනුසාසති;
පටිච්ඡන්නෙන මන්තෙති, තං ජඤ්ඤා වසලො ඉති.
126
“යමෙක් තෙම විචාරණ ලද්දේම අනර්ථයක්ම ප්‍රකාශ කෙරේද සැඟවීම වශයෙන් යම් යම් දේ කථා කෙරේද, ඔහු වසලයෙකැයි දතයුතුයි.
127
‘‘යො කත්වා පාපකං කම්මං, මා මං ජඤ්ඤාති ඉච්ඡති (විභ. 894 පස්සිතබ්බං);
යො පටිච්ඡන්නකම්මන්තො, තං ජඤ්ඤා වසලො ඉති.
127
“යමෙක් තෙම පව්කම්කොට මා නොදනීවායි කැමති වේද, යමෙක් තෙම අනුන් නොදන්වා සඟවා කරන ලාමක ක්‍රියා ඇත්තේද, ඔහු වසලයෙකැයි දතයුතුයි.
128
‘‘යො වෙ පරකුලං ගන්ත්වා, භුත්වාන (සුත්වා ච (ස්‍යා. ක.)) සුචිභොජනං;
ආගතං නප්පටිපූජෙති, තං ජඤ්ඤා වසලො ඉති.
128
“යමෙක්තෙමේ මේ ඤාතිමිත්‍රාදී අන්ගෙයකට ගොස් යහපත් භොජනයක් අනුභව කොට පසුව තමාගේ ගෙට පැමිණි ඔවුන්ට ආහාර පානයක් නොදේද, ඔහු ඒකාන්තයෙන් වසලයා යයි දත යුතුයි.
129
‘‘යො බ්‍රාහ්මණං සමණං වා, අඤ්ඤං වාපි වනිබ්බකං;
මුසාවාදෙන වඤ්චෙති, තං ජඤ්ඤා වසලො ඉති.
129
“යමෙක් තෙම බ්‍රාහ්මණයකු හෝ ශ්‍රමණයකු හෝ අන්කිසි යාචකයකු හෝ තමාගේ ගෙට පැමිණි කල්හි බොරුකියා වඤ්චාකෙරේද ඔහු වසලයෙකැයි දතයුතුයි.
130
‘‘යො බ්‍රාහ්මණං සමණං වා, භත්තකාලෙ උපට්ඨිතෙ;
රොසෙති වාචා න ච දෙති, තං ජඤ්ඤා වසලො ඉති.
130
“යමෙක්තෙම බ්‍රාහ්මණයකු හෝ ශ්‍රමණයකු හෝ පෙරවරු වේලෙහි පැමිණිකල්හි කිසිවක් නොදේද නුසුදුසු වචන කියමින් රොස් උපදවාද, එබඳු පුද්ගලයා වසලයෙකැයි දත යුතුයි.
131
‘‘අසතං යොධ පබ්‍රූති, මොහෙන පලිගුණ්ඨිතො;
කිඤ්චික්ඛං නිජිගීසානො (නිජිගිංසානො (සී. ස්‍යා. කං. පී.)), තං ජඤ්ඤා වසලො ඉති.
131
“මේ ලෝකයෙහි යමෙක්තෙම මෝහයෙන් වැසෙන ලද්දේද කිසියම් දෙයක් නොදී වළකමින් අසත්පුරුෂ වචන කියාද, ඔහු වසලයයි දතයුතුයි.
132
‘‘යො චත්තානං සමුක්කංසෙ, පරෙ ච මවජානාති (මවජානති (සී. ස්‍යා. පී.));
නිහීනො සෙන මානෙන, තං ජඤ්ඤා වසලො ඉති.
132
“යමෙක් තෙම ස්වකීය උඩඟු මානයෙන් පිරිහුනේ තමන් උඩඟු කෙරේද අන්‍යයාට නින්දාකෙරේද හෙවත් හෙලා දකීද, ඔහු වසලයයි දතයුතුයි.
133
‘‘රොසකො කදරියො ච, පාපිච්ඡො මච්ඡරී සඨො;
අහිරිකො අනොත්තප්පී, තං ජඤ්ඤා වසලො ඉති.
133
“යමෙක් අනුන්ට ක්‍රොධ කෙරේද තද මසුරු සිත් ඇත්තේද නැති ගුණයෙන් පෙනී සිටීද ලජ්ජානැත්තේද පවට බිය නැත්තේද, ඔහු වසලයයි දත යුතුයි.
134
‘‘යො බුද්ධං පරිභාසති, අථ වා තස්ස සාවකං;
පරිබ්බාජං (පරිබ්බජං (ක.), පරිබ්බාජකං (ස්‍යා. කං.)) ගහට්ඨං වා, තං ජඤ්ඤා වසලො ඉති.
134
“යමෙක් තෙම බුදුන්ටද උන්වහන්සේගේ ශ්‍රාවකයන්ටද පරිබ්‍රාජකයන්ටද ගෘහස්ථයන්ටද පිරිහෙලා කථා කෙරේද, ඔහු වසලයෙකැයි දතයුතුයි.
135
‘‘යො වෙ අනරහං (අනරහා (සී. පී.)) සන්තො, අරහං පටිජානාති (පටිජානති (සී. ස්‍යා. පී.));
චොරො සබ්‍රහ්මකෙ ලොකෙ, එසො ඛො වසලාධමො.
135
“යමෙක් තෙම රහත් නුවූයේම රහත්යයි අඟවාද බ්‍රහ්මයන් සහිතවූ ලෝකයෙහි මෙතෙම ඒකාන්තයෙන් පළමුවෙනි මහසොරා වේ. මේ තෙමේ චණ්ඩාලයන්ගෙන් අධමවේ.
136
‘‘එතෙ ඛො වසලා වුත්තා, මයා යෙතෙ පකාසිතා;
ජච්චා වසලො හොති, න ජච්චා හොති බ්‍රාහ්මණො;
කම්මුනා (කම්මනා (සී. පී.)) වසලො හොති, කම්මුනා හොති බ්‍රාහ්මණො.
136
“ජාතිය හේතුකොට ගෙන චණ්ඩාලයෙක් නොවේ. ජාතිය හේතුකොට ගෙන බ්‍රාහ්මණද නොවේ. අධම ක්‍රියාව හේතුකොට ගෙන චණ්ඩාලවේ. යහපත් ක්‍රියාව හේතුකොට ගෙන බ්‍රාහ්මණද වේ.
137
‘‘තදමිනාපි ජානාථ, යථාමෙදං (යථාපෙදං (ක.)) නිදස්සනං;
චණ්ඩාලපුත්තො සොපාකො (සපාකො (?)), මාතඞ්ගො ඉති විස්සුතො.
137
“යම්සේ මාගේ මේ උපමා දැන්වීමක් ඇද්ද ජාතිය හේතුකොට ගෙන සැඩොල් නොවන බව මෙයින්ද දැනගනිව් සැඩොල් පුත්වූ සොපාකයයි කියන ලද මාතංගයයි ප්‍රසිද්ධවූ
138
‘‘සො යසං පරමං පත්තො (සො යසප්පරමප්පත්තො (ස්‍යා. ක.)), මාතඞ්ගො යං සුදුල්ලභං;
ආගච්ඡුං තස්සුපට්ඨානං, ඛත්තියා බ්‍රාහ්මණා බහූ.
138
“ඒ සොපාක තෙරුන්වහන්සේ මේ රාගාදී රජස් රහිතවූ මහතුන්ගේ මහාමාර්ගයවූ ඒ අෂ්ටසමාපත්ති නම් දිව්‍ය යානාවට නැගී කාමරාගය පහකොට උත්පත්ති වශයෙන් බ්‍රහ්මලෝකයට පැමිණියේ විය.
139
‘‘දෙවයානං අභිරුය්හ, විරජං සො මහාපථං;
කාමරාගං විරාජෙත්වා, බ්‍රහ්මලොකූපගො අහු;
න නං ජාති නිවාරෙසි, බ්‍රහ්මලොකූපපත්තියා.
139
140
‘‘අජ්ඣායකකුලෙ ජාතා, බ්‍රාහ්මණා මන්තබන්ධවා;
තෙ ච පාපෙසු කම්මෙසු, අභිණ්හමුපදිස්සරෙ.
140
“ජාතිය ඔහු බඹලොව ඉපදීමෙන් නොවැළක්විය මන්ත්‍ර අධ්‍යයනයෙන් කල්යවන ප්‍රසිද්ධ බ්‍රාහ්ණ කුලයෙහි උපන්නාවූ වෙදයම නොහොත් මන්ත්‍රයම පිහිටකොට ඇති බ්‍රාහ්මණයෝ පව් කිරීමෙහි නිතර පව් කරන බව දක්නා ලැබෙද්ද,
141
‘‘දිට්ඨෙව ධම්මෙ ගාරය්හා, සම්පරායෙ ච දුග්ගති;
න නෙ ජාති නිවාරෙති, දුග්ගත්‍යා (දුග්ගච්චා (සී. ස්‍යා. කං. පී.)) ගරහාය වා.
141
ඒ බ්‍රාහ්මණයෝ මෙලොවදීම නින්දාවට පැමිණෙන්නෝ වෙත්. පරලෙව්හිදී දුගති නම්වූ සතර අපායට පැමිණෙන්නෝ වෙත්. ජාතිය ඒ සත්වයන් පරලොව අපායෙන් හෝ මෙලොව නින්දාවෙන් හෝ නොනවත් වන්නේය.
142
‘‘න ජච්චා වසලො හොති, න ජච්චා හොති බ්‍රාහ්මණො;
කම්මුනා වසලො හොති, කම්මුනා හොති බ්‍රාහ්මණො’’ති.
142
“ජාතිය හේතුකොට ගෙන වසලයෙක් නොවන්නේය. ජාතිය හේතුකොට ගෙන බ්‍රාහ්මණයෙක්ද නොවන්නේය. ක්‍රොධ ඊර්ෂ්‍යා මානාදී හීනවූ පාප ක්‍රියාවෙන් වසලයෙක් වන්නේය. ක්‍රොධාදී පාපකර්මයෙන් තොරවූ කරුණාදී යහපත් ක්‍රියාවෙන් උතුම් ජාතියවූ බ්‍රාහ්මණයෙක් වන්නේ යයි” වදාළසේක.
[“මෙසේ වදාළ කල්හි අග්ගික භාරද්වාජ නම් බ්‍රාහ්මණ තෙම බුදුරජාණන් වහන්සේට මෙසේ සැළ කෙළේය. (මෙහි සූත්‍ර නිපාතයේ 1 වර්ගයේ 4 සූත්‍රයේ 8 ඡේදය යෙදිය යුතුයි.)]
8. මෙත්තසුත්තං 8. (කරණීය) මෙත්ත සූත්‍රය
9. හෙමවතසුත්තං 9. හෙමවත සූත්‍රය
10. ආළවකසුත්තං 10. ආලවක සූත්‍රය
11. විජයසුත්තං 11. විජය සූත්‍රය
12. මුනිසුත්තං 12. මුනි සූත්‍රය