ත්‍රිපිටකය
ඛුද්දකනිකායෙ ඛුද්දකනිකායෙ
සුත්තනිපාතපාළි සුත්ත නිපාතය
1. උරගවග්ගො 1. උරග වර්ගය
1. උරගසුත්තං 1. උරග සූත්‍රය
2. ධනියසුත්තං 2. ධනීය සූත්‍රය
3. ඛග්ගවිසාණසුත්තං 3. ඛග්ග විශාණ සූත්‍රය
4. කසිභාරද්වාජසුත්තං 4. කසීභාරද්වාජ සූත්‍රය
5. චුන්දසුත්තං 5. චුන්ද සූත්‍රය
6. පරාභවසුත්තං 6. පරාභව සූත්‍රය
91
‘‘පරාභවන්තං පුරිසං, මයං පුච්ඡාම ගොතම (ගොතමං (සී. ස්‍යා.));
භගවන්තං (භවන්තං (ස්‍යා. ක.)) පුට්ඨුමාගම්ම, කිං පරාභවතො මුඛං’’.
91
“අපි හැමදෙනම පිරිහෙන්නාවූ පුරුෂයා ගෞතමයන් වහන්සේගෙන් අසාදැනගන්නා පිණිස ආවෙමු. පිරිහෙන්නාවූ සත්වයාට ඊට හේතු කවරේදැයි” විචාළේය.
92
‘‘සුවිජානො භවං හොති, සුවිජානො (දුවිජානො (ස්‍යා. ක.)) පරාභවො;
ධම්මකාමො භවං හොති, ධම්මදෙස්සී පරාභවො’’.
92
“වැඩෙන්නාවූ පුරුෂතෙම ධර්මකාමී ප්‍රතිපත්තිවල හැසිරෙනු දැකීමෙන් හා ඇසීමෙන් සුවසේ දතහැකි වන්නේය. පිරිහෙන්නාවූ පුරුෂතෙම ධර්මයට වෛරකරණ ප්‍රතිපත්ති දර්ශනයෙන් හා ශ්‍රමණයෙන් සුවසේ දතහැකි වන්නේය. දශ කුශල කර්මපථ ධර්මය අසා පිළිපදනේ වැඩෙයි. ඒ දශකුශල ධර්මයට ද්වේෂව නොකැමතිව අසා නොපිළිපදනේ පිරිහෙන්නේය.
“මේ පිරිහෙන පළමුවන කාරණය වදාළ පරිද්දෙන්ම දනුම්හ”
93
‘‘ඉති හෙතං විජානාම, පඨමො සො පරාභවො;
දුතියං භගවා බ්‍රූහි, කිං පරාභවතො මුඛං’’.
93
“භාග්‍යවතුන් වහන්ස, දෙවනි පිරිහෙන කාරණය වදාළ මැනවි පිරිහීමට කාරණය කවරේද?
94
‘‘අසන්තස්ස පියා හොන්ති, සන්තෙ න කුරුතෙ පියං;
අසතං ධම්මං රොචෙති, තං පරාභවතො මුඛං’’.
94
සද්ධර්මයට කැමති නොවීමෙන් පිරිහීමට පැමිණෙන පුරුෂයා හට පූරණකාශ්‍යපාදී මිසදිටු ගත් අසත්පුරුෂයෝ ප්‍රියවෙති. ඒ පිරිහීමට පැමිණෙන පුරුෂතෙම බුද්ධාදී සත් පුරුෂයන් ප්‍රිය නොකරන්නේය. යට කියන ලද නිවටුන්ගේ අසත්පුරුෂ ධර්මයන් රුචිකරන්නේය. අසත් පුරුෂයන් කෙරෙහි ප්‍රියවීම, සත්පුරුෂයන් අප්‍රිය වීම අසත්පුරුෂයන්ගේ අසද්ධර්මයට කැමති වීමය යන මේ තුන පිරිහීමට කාරණයයි” වදාළසේක. “මේ දෙවෙනි පරිහානිකාරණය වදාළ පරිද්දෙන්ම දනුම්හ.”
95
‘‘ඉති හෙතං විජානාම, දුතියො සො පරාභවො;
තතියං භගවා බ්‍රූහි, කිං පරාභවතො මුඛං’’.
95
“භාග්‍යවතුන් වහන්ස, තුන්වෙනි, පරිහානි කාරණය වදාළමැනව. පිරිහීමට කාරණා කවරේදැයි” විචාළේය.
96
‘‘නිද්දාසීලී සභාසීලී, අනුට්ඨාතා ච යො නරො;
අලසො කොධපඤ්ඤාණො, තං පරාභවතො මුඛං’’.
96
“යම්කිසි සත්වයෙක් තෙම නිතර නිදන්නේද බොහෝ දෙන රැස්ව කථාකරණ තැනට එළඹ කථාවෙහි ඇලුනේ වේද, වීර්ය තේජස් නැත්තේද අලසද, ක්‍රෝධයම ලකුණු කොට ඇත්තේද යන මේ කරුණු පිරිහීමට කාරණයයි වදාළසේක. “මේ තුන්වෙනි පරිහානි කාරණය වදාළ පරිද්ද දැනගතුම්හ.”
97
‘‘ඉති හෙතං විජානාම, තතියො සො පරාභවො;
චතුත්ථං භගවා බ්‍රූහි, කිං පරාභවතො මුඛං’’.
97
භාග්‍යවතුන් වහන්ස, සතරවෙනි පරිහානි කාරණය වදාරණසේක්වා, සත්වයා පිරිහීමට කාරණය කවරේදැයි විචාළේය.
98
‘‘යො මාතරං (යො මාතරං වා (සී. ස්‍යා. කං. පී.)) පිතරං වා, ජිණ්ණකං ගතයොබ්බනං;
පහු සන්තො න භරති, තං පරාභවතො මුඛං’’.
98
“යම්කිසිවෙක් ජරාවට ගිය තරුණ බව ඉක්මවූ වැදූ මෑණියන් හෝ පියාණන් හෝ (තමා) පොහොසත්වූයේ පොෂණය නොකෙරේද එය පිරිහීමට කාරණයයි” වදාළසේක. “මේ සිවුවෙනි පරිහානිකාරණය වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ”
99
‘‘ඉති හෙතං විජානාම, චතුත්ථො සො පරාභවො;
පඤ්චමං භගවා බ්‍රූහි, කිං පරාභවතො මුඛං’’.
99
“භාග්‍යවතුන් වහන්ස, පස්වෙනිවූ පරිහානි කාරණය වදාළ මැනව කවරේදැයි” විචාළේය.
100
‘‘යො බ්‍රාහ්මණං (යො බ්‍රාහ්මණං වා (සී. ස්‍යා. කං. පී.)) සමණං වා, අඤ්ඤං වාපි වනිබ්බකං;
මුසාවාදෙන වඤ්චෙති, තං පරාභවතො මුඛං’’.
100
“ක්ෂත්‍රියාදී යම්කිසිවෙක් බැහැර කරන ලද පවු ඇති ක්ෂීණාශ්‍රවවූ බ්‍රාහ්මණයෙකු හෝ සන්සිඳුවන ලද පව ඇති එබඳු ශ්‍රමණයකු හෝ අපි නැවත අන්කිසිවක් ඉල්වන යාචකයෙකු හෝ බොරුකීමෙන් වංචා කෙරේද දෙලොවින්ම පිරිහීමට කාරණයයි” වදාළසේක. “මේ පස්වැනි පරිහානි කාරණය වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ”
101
‘‘ඉති හෙතං විජානාම, පඤ්චමො සො පරාභවො;
ඡට්ඨමං භගවා බ්‍රූහි, කිං පරාභවතො මුඛං’’.
101
“භාග්‍යවතුන් වහන්ස, සවෙනි පරිහානි කාරණය වදාළ මැනව. කවරේදැයි” විචාළේය.
102
‘‘පහූතවිත්තො පුරිසො, සහිරඤ්ඤො සභොජනො;
එකො භුඤ්ජති සාදූනි, තං පරාභවතො මුඛං’’.
102
“බොහෝ පොහොසත් රන්රිදී මිණිරුවන් ඇති බොහෝ කහවනු සහිතවූ නොයෙක් සූපව්‍යඤ්ජනයෙන් යුක්ත බොජුන් ඇති පුරුෂයෙක් තෙම මියුරු රස ඇති භොජන තම අඹුදරුවන්ටත් නොදී තනිවම අනුභව කෙරේද? මේ සවෙනි පරිහානි කාරණය වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ.”
103
‘‘ඉති හෙතං විජානාම, ඡට්ඨමො සො පරාභවො;
සත්තමං භගවා බ්‍රූහි, කිං පරාභවතො මුඛං’’.
103
“භාග්‍යවතුන් වහන්ස, සත්වෙනි පරිහානි කාරණය කවරේදැයි” විචාළේය.
104
‘‘ජාතිත්ථද්ධො ධනත්ථද්ධො, ගොත්තත්ථද්ධො ච යො නරො;
සඤ්ඤාතිං අතිමඤ්ඤෙති, තං පරාභවතො මුඛං’’.
104
“යම් සත්වයෙක් ජාතිය කරණකොට ගෙන තදමානය ඇත්තේවේද ධනය හේතුකොට ගෙන තදමානය ඇත්තේ වේද, ගොත්‍රය හේතුකොට ගෙණ තද මානය ඇත්තේ වේද තමාගේ අවශෙෂ නෑයන් ජාතිධන ගොත්‍ර වශයෙන් පහත් කොට සිතාද, ඒ සිය නෑයන් යටත්කොට දැකීම ඒ සත්වයා හට පිරිහීමට කාරණයයි” වදාළසේක. මේ “සත්වැනි පරිහානි කාරණය වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ.”
105
‘‘ඉති හෙතං විජානාම, සත්තමො සො පරාභවො;
අට්ඨමං භගවා බ්‍රූහි, කිං පරාභවතො මුඛං’’.
105
“භාග්‍යවතුන් වහන්ස, අටවෙනි පරිහානි කාරණය වදාළ මැනව කවරේදැ”යි විචාළේය.
106
‘‘ඉත්ථිධුත්තො සුරාධුත්තො, අක්ඛධුත්තො ච යො නරො;
ලද්ධං ලද්ධං විනාසෙති, තං පරාභවතො මුඛං’’.
106
“යම් සත්වයෙක් තෙම පර ස්ත්‍රීන් සේවනය කෙරේද, සුරාබීමෙහි ලොල්වූයේද, දූ කෙළියෙහි ලද ලද යම් වස්තුවක් නසාද, එය පිරිහීමට කාරණයයි” වදාළසේක. “මේ අටවැනි පරිහානි කාරණය වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ.”
107
‘‘ඉති හෙතං විජානාම, අට්ඨමො සො පරාභවො;
නවමං භගවා බ්‍රූහි, කිං පරාභවතො මුඛං’’.
107
“භාග්‍යවතුන් වහන්ස, නවවැනි පරිහානි කාරණය කවරේදැ”යි විචාළේය.
108
‘‘සෙහි දාරෙහි අසන්තුට්ඨො (දාරෙහ්‍යසන්තුට්ඨො (ක.)), වෙසියාසු පදුස්සති (පදිස්සති (සී.));
දුස්සති (දිස්සති (සී. පී.)) පරදාරෙසු, තං පරාභවතො මුඛං’’.
108
“තමතමන්ගේ භාර්යාවන් හේතුකොටගෙන නොසතුටුවූ යමෙක් වෛශ්‍යාවන් කෙරෙහි දක්නා ලැබෙයිද පරස්ත්‍රීන් කෙරෙහි දක්නා ලැබේද එය පිරිහීමට කාරණයයි” වදාළ සේක. මේ නවවැනි පරිහානි කාරණය වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ.
109
‘‘ඉති හෙතං විජානාම, නවමො සො පරාභවො;
දසමං භගවා බ්‍රූහි, කිං පරාභවතො මුඛං’’.
109
භාග්‍යවතුන් වහන්ස, දශවෙනි පරිහානි කාරණය වදාළමැනව. කවරේද?”
110
‘‘අතීතයොබ්බනො පොසො, ආනෙති තිම්බරුත්ථනිං;
තස්සා ඉස්සා න සුපති, තං පරාභවතො මුඛං’’.
110
“ඉක්මගිය යෞවන වයස් ඇති පුරුෂයෙක් තෙම තිඹිරි ඵල වැනි තන ඇති තරුණියක් සරණ පාවාගෙන ඇය තරුණ පුරුෂයකු පතාදෝ යන ඊර්ෂ්‍යාවෙන් රාත්‍රියෙහි නොනිදාද, ඒ කරණය පිරිහීමට කාරණයයි” වදාළසේක “මේ දශවැනි පරිහානි කාරණය වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ.”
111
‘‘ඉති හෙතං විජානාම, දසමො සො පරාභවො;
එකාදසමං භගවා බ්‍රූහි, කිං පරාභවතො මුඛං’’.
111
“භාග්‍යවතුන් වහන්ස, එකොලොස්වැනි පරිහානි කාරණය වදාළ මැනව කවරේද?”
112
‘‘ඉත්ථිං සොණ්ඩිං විකිරණිං, පුරිසං වාපි තාදිසං;
ඉස්සරියස්මිං ඨපෙති (ඨාපෙති (සී. පී.), ථපෙති (ක.)), තං පරාභවතො මුඛං’’.
112
“මත්ස්‍ය මාංශ හා සුරාවෙහි ලොල්වූ ඒ මාංශාදිය නිසා සම්පත් විසුරුවන සුලුවූ ස්ත්‍රියක හෝ එබඳුවූ පුරුෂයෙකු හෝ භාණ්ඩාගාරාදිය බාරදී එකීදෙයෙහි නියුක්ත කෙරේද, එබන්දහු පිරිහීමට කාරණයයි” වදාළසේක. “මේ එකොළොස්වැනි පරිහානි කාරණය මේ වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ.”
113
‘‘ඉති හෙතං විජානාම, එකාදසමො සො පරාභවො;
ද්වාදසමං භගවා බ්‍රූහි, කිං පරාභවතො මුඛං’’.
113
“භාග්‍යවතුන් වහන්ස, දොළොස්වැනි පරිහානි කාරණය වදාළ මැනව.”
114
‘‘අප්පභොගො මහාතණ්හො, ඛත්තියෙ ජායතෙ කුලෙ;
සො ච රජ්ජං පත්ථයති, තං පරාභවතො මුඛං’’.
114
“මදවූ වස්තු ඇති තෘෂ්ණා ඇත්තෙක් ක්ෂත්‍රිය කුලයෙහි උපදීද, ඒ ක්ෂත්‍රිය ජාති ඇති අල්පභොග මහා තෘෂ්ණා ඇත්තේ වනාහි තමා සතුවූ හෝ තමාට නොලැබෙන අනුන් සතුවූ හෝ රාජ්‍යය ප්‍රාර්ථනා කෙරේද ඒ පිරිහීමට කාරණයයි” වදාළසේක.
115
‘‘එතෙ පරාභවෙ ලොකෙ, පණ්ඩිතො සමවෙක්ඛිය;
අරියො දස්සනසම්පන්නො, ස ලොකං භජතෙ සිව’’න්ති.
115
“ප්‍රඥා ඇති පුද්ගලතෙම මේ සත්වලෝකයෙහිවූ යථොක්තවූ තෙවිසි පරිහානි කාරණයන් නුවණැසින් පරීක්ෂාකොට දැන එහි ආදීනව දත් ඒ ප්‍රඥාවන්තවූ පුද්ගලතෙම දිව්‍ය ලෝකය සේවනය කරන්නේයයි” වදාළසේක.
7. වසලසුත්තං 7. වසල සූත්‍රය
8. මෙත්තසුත්තං 8. (කරණීය) මෙත්ත සූත්‍රය
9. හෙමවතසුත්තං 9. හෙමවත සූත්‍රය
10. ආළවකසුත්තං 10. ආලවක සූත්‍රය
11. විජයසුත්තං 11. විජය සූත්‍රය
12. මුනිසුත්තං 12. මුනි සූත්‍රය