ත්‍රිපිටකය
ඛුද්දකනිකායෙ ඛුද්දකනිකායෙ
සුත්තනිපාතපාළි සුත්ත නිපාතය
1. උරගවග්ගො 1. උරග වර්ගය
1. උරගසුත්තං 1. උරග සූත්‍රය
2. ධනියසුත්තං 2. ධනීය සූත්‍රය
18
‘‘පක්කොදනො දුද්ධඛීරොහමස්මි, (ඉති ධනියො ගොපො)
අනුතීරෙ මහියා සමානවාසො;
ඡන්නා කුටි ආහිතො ගිනි, අථ චෙ පත්ථයසී පවස්ස දෙව’’.
18
පැසුණු බත් ඇති දොවූ කිරි ඇති මම මහාමහි නදියේ ඉවුර සමීපයෙහි සමානවූ ජනයා හා වසන්නේ වෙමි. මාගේ සැළ සෙවිලි කරණලදී. ගින්න මොළවන ලද්දේය. වළාකුල දැන් ඉදින් කැමැත්තෙහි නම් හොඳට වසින්න යයි ධනිය ගොපල්ලා කීයේය.
19
‘‘අක්කොධනො විගතඛිලොහමස්මි (විගතඛීලොහමස්මි (සී. පී.)), (ඉති භගවා)
අනුතීරෙ මහියෙකරත්තිවාසො;
විවටා කුටි නිබ්බුතො ගිනි, අථ චෙ පත්ථයසී පවස්ස දෙව’’.
19
“(ධනියය) මම ක්‍රොධ රහිත වූයෙමි. සිත්හි පහවූ උල් ඇත්තේ වෙමි. මහීනදියගේ තෙර සමීපයෙහි රාත්‍රියේ තනි වාසය ඇත්තෙමි. අරින ලද පැල (ආත්මය) ඇත්තෙමි. (රාගාදී) ගිනි නිවුණේය, දැන් ඉදින් කැමැත්තෙහි නම් මේඝය වසීවයි කීමට මම ම නිසි ය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
20
‘‘අන්ධකමකසා න විජ්ජරෙ, (ඉති ධනියො ගොපො)
කච්ඡෙ රූළ්හතිණෙ චරන්ති ගාවො;
වුට්ඨිම්පි සහෙය්‍යුමාගතං, අථ චෙ පත්ථයසී පවස්ස දෙව’’.
20
“කණ මැස්සන් හා මදුරුවන් නැත්තාහුය. නදිය අසබඩ හටගත් තන ගවයෝ කති. පැමිණි වැස්ස ඉවසන්නාහුය. වලාකුළ දැන් ඉදින් කැමැත්තෙහි නම් වසින්න යයි (ධනිය ගොපල්ලා කීයේය.)
21
‘‘බද්ධාසි භිසී සුසඞ්ඛතා, (ඉති භගවා)
තිණ්ණො පාරගතො විනෙය්‍ය ඔඝං;
අත්ථො භිසියා න විජ්ජති, අථ චෙ පත්ථයසී පවස්ස දෙව’’.
21
“(මාර්ග නැමැති) පසුර බඳිනා ලද්දීය. එතෙර වූයේ පරතෙර ගියේ, වතුර පහර හික්මවන්නේය, (මාර්ග නැමැති) පසුරෙන් ප්‍රයෝජනයක් නැත. එසේ හෙයින් දැන් ඉතින් කැමැත්තෙහි නම් වැස්ස වසින්න යයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.)
22
‘‘ගොපී මම අස්සවා අලොලා, (ඉති ධනියො ගොපො)
දීඝරත්තං (දීඝරත්ත (ක.)) සංවාසියා මනාපා;
තස්සා න සුණාමි කිඤ්චි පාපං, අථ චෙ පත්ථයසී පවස්ස දෙව’’.
22
“මාගේ ගොපලු භාර්යාව කීකරුය. ලොල්බව නැත්තීය. බොහෝ කලක් මුළුල්ලෙහි සමග වසන්නීය. මන වඩන්නීය. ඇගේ කිසි පාපයක් නොඅසමි. දැන් ඉතින් කැමැත්තෙහි නම් වැස්ස වසින්නයයි” (ධනිය ගොපල්ලා කීයේය.)
23
‘‘චිත්තං මම අස්සවං විමුත්තං, (ඉති භගවා)
දීඝරත්තං පරිභාවිතං සුදන්තං;
පාපං පන මෙ න විජ්ජති, අථ චෙ පත්ථයසී පවස්ස දෙව’’.
23
“(ධනියය) මාගේ සිත කීකරුය. මිදුනේය. බොහෝ කලක් වඩන ලදී. මොනොවට දමනය කරණ ලදී. මට පවක් නැත්තේය. දැන් ඉදින් කැමැත්තෙහි නම් වැස්ස වසින්න යයි” බුදුහු වදාළහ.)
24
‘‘අත්තවෙතනභතොහමස්මි , (ඉති ධනියො ගොපො)
පුත්තා ච මෙ සමානියා අරොගා;
තෙසං න සුණාමි කිඤ්චි පාපං, අථ චෙ පත්ථයසී පවස්ස දෙව’’.
24
“මම මා සතු බත් වැටුපෙන් රැකෙන්නෙමි මාගේ දරුවෝද එක්ව වසත්. නිරෝගය. ඔවුන්ගේද කිසි පාපයක් නොඅසමි. එසේ හෙයින් දැන් ඉතින් කැමැත්තෙහි නම් වැස්ස වසින්න යයි” (ධනීය ගොපල්ලා) කීයේය.)
25
‘‘නාහං භතකොස්මි කස්සචි, (ඉති භගවා)
නිබ්බිට්ඨෙන චරාමි සබ්බලොකෙ;
අත්ථො භතියා න විජ්ජති, අථ චෙ පත්ථයසී පවස්ස දෙව’’.
25
“මම කාගේවත් බැලයෙක් නොවෙමි. මම සියලු ලෝකයෙහි බැලකමින් තොරවැ හැසිරෙමි. බැලයෙන් ප්‍රයෝජනයක් නැත්තේය. වැස්ස ඉදින් කැමැත්තෙහි නම් වසින්නයයි’ භාග්‍යවතුන් වහන්සේ වදාළහ.)
26
‘‘අත්ථි වසා අත්ථි ධෙනුපා, (ඉති ධනියො ගොපො)
ගොධරණියො පවෙණියොපි අත්ථි;
උසභොපි ගවම්පතීධ අත්ථි, අථ චෙ පත්ථයසී පවස්ස දෙව’’.
26
“මාගේ ගව මුලෙහි නාඹු වස්සෝද ඇත්තාහ, කිරිබොන ලමා වස්සෝද ඇත්තාහ, ගැබ දරණ දෙන්නුද ඇත්තාහුය, නැවත මෙවුන්දම් පතන දෙන්නුද ඇත්තාහ. තවද ගවයන්ට නායකවූ වෘෂභයාත් මෙහි ඇත. වැස්ස ඉදින් ඔබට වුවමනා නම් වහින්න යයි” (ධනිය ගොපල්ලා) කීයේය.)
27
‘‘නත්ථි වසා නත්ථි ධෙනුපා, (ඉති භගවා)
ගොධරණියො පවෙණියොපි නත්ථි;
උසභොපි ගවම්පතීධ නත්ථි, අථ චෙ පත්ථයසී පවස්ස දෙව’’.
27
(“ධනියය) අපගේ සස්නෙහි වසයයි කියනලද වඩින කෙළෙස් නැත. ධෙනුපා නම් නිදන කෙලෙස්ද නැත. ගොචරණි යයි කියන කර්ම අකුශල නැත නැවත පවෙණියයි කියන ලද භව තෘෂ්ණාද නැත. නැවත ගවපති වෘෂභ නම්වූ අභිසංස්කාර විඥාණය නැත. වැස්ස ඉදින් ඔබට වුමනා නම් වහින්නයයි” (බුදුහු වදාළසේක.)
28
‘‘ඛිලා නිඛාතා අසම්පවෙධී, (ඉති ධනියො ගොපො)
දාමා මුඤ්ජමයා නවා සුසණ්ඨානා;
න හි සක්ඛින්ති ධෙනුපාපි ඡෙත්තුං (ඡෙතුං (ක.)), අථ චෙ පත්ථයසී පවස්ස දෙව’’.
28
“ගවයන් බඳිනා කණු සාරා පිහිටුවන ලද්දාහු නොසෙලවේ. මුදු තණ කොළින් කරණ ලද ලනු අළුත්ය. මනා පිහිටීම් ඇත්තාහ. තරුණ වස්සෝත් කඩන්නට නොම හැක්කෝය. දැන් ඉදිත් කැමැත්තෙහි නම් වසින්නයයි (ධනිය කීයේය.)
29
‘‘උසභොරිව ඡෙත්ව (ඡෙත්වා (ස්‍යා. ක.)) බන්ධනානි, (ඉති භගවා)
නාගො පූතිලතංව දාලයිත්වා (පූතිලතං පදාලයිත්වා (ස්‍යා. ක.));
නාහං පුනුපෙස්සං (පුන උපෙස්සං (සී. ස්‍යා. කං. පී.), පුනුපෙය්‍ය (ක.)) ගබ්භසෙය්‍යං, අථ චෙ පත්ථයසී පවස්ස දෙව’’.
29
“මම වෘෂභයා බැඳුම් මෙන් කඩාගෙන ඇතා කීඳි වැල මෙන් කඩාගෙන නැවත මව් ගැබට නොපැමිණෙමි. දැන් ඉදින් කැමැත්තෙහි නම් වළාකුළ වසින්න යයි” (බුදුහු වදාළෝය.)
30
‘‘නින්නඤ්ච ථලඤ්ච පූරයන්තො, මහාමෙඝො පවස්සි තාවදෙව;
සුත්වා දෙවස්ස වස්සතො, ඉමමත්ථං ධනියො අභාසථ.
30
එකෙණෙහි වලද ගොඩද පුරමින් මහත්වූ මේඝයෙක් වැස්සේය. වස්නාවූ මේඝයාගේ ශබ්දය අසා ධනිය තෙම මේ අදහස පැවසීය.
31
‘‘ලාභා වත නො අනප්පකා, යෙ මයං භගවන්තං අද්දසාම;
සරණං තං උපෙම චක්ඛුම, සත්ථා නො හොහි තුවං මහාමුනි.
31
“පුදුමයෙකි, යම්බඳුවූ අප හැම භාග්‍යවතුන් දකුමෝද ඒ අප හැමදෙනාට මහත් ලාභයෙකි. ඇස් ඇත්තානෙනි, නුඹ වහන්සේ සරණ යමි. මහාමුනිවරය, ඔබ අපගේ ඇදුරා වෙහිය.”
32
‘‘ගොපී ච අහඤ්ච අස්සවා, බ්‍රහ්මචරියං (බ්‍රහ්මචරිය (ක.)) සුගතෙ චරාමසෙ;
ජාතිමරණස්ස පාරගූ (පාරගා (සී. ස්‍යා. කං. පී.)), දුක්ඛස්සන්තකරා භවාමසෙ’’.
32
“ගොපියද මමද යන දෙදෙන කීකරුව සුගතයන් වහන්සේගේ සමීපයෙහි බ්‍රහ්මචර්යාව හැසිරෙමු. ජාතියගේ හා මරණයාගේ පරතෙර ගිය දුක අවසන් කරන්නෝ වෙමු.
33
‘‘නන්දති පුත්තෙහි පුත්තිමා, (ඉති මාරො පාපිමා)
ගොමා (ගොමිකො (සී. පී.), ගොපිකො (ස්‍යා. කං.), ගොපියො (ක.)) ගොහි තථෙව නන්දති;
උපධී හි නරස්ස නන්දනා, න හි සො නන්දති යො නිරූපධි’’.
33
“දරුවන් ඇති පියා දූ දරුවන් සමග සතුටු වෙයි. ඒ දරුවන් ඇත්තහු සතුටු වන්නේය. එසේ ම බොහෝ ගවයන් ඇත්තේ ගවයන් නිසා සතුටු වන්නේය. මනුෂ්‍යයාට කාමාදියෙන් සතුටුවේ. කාමාදින් අත්හළ තැනැත්තේද සතුටු නොවන්නේමය” (මාරදිව්‍ය පුත්‍රතෙම කීය.)
34
‘‘සොචති පුත්තෙහි පුත්තිමා, (ඉති භගවා)
ගොපියො ගොහි තථෙව සොචති;
උපධී හි නරස්ස සොචනා, න හි සො සොචති යො නිරූපධී’’ති.
34
“බොහෝ දරුවන් ඇති පුද්ගලතෙම දූන් හා පුතුන් සමග ශොක කරන්නේය. එසේම බොහෝ ගවයන් ඇත්තේ ගවයන් කරණ කොටගෙන සොක කරන්නේය. යම් හේතුවකින් කාමුපධිහු මනුෂ්‍යයා ශොක කරවත්ද, එනිසා යමෙක් උපධි අත්හැරියේ වේද හෙතෙම නොම ශොක කරත්යයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
3. ඛග්ගවිසාණසුත්තං 3. ඛග්ග විශාණ සූත්‍රය
4. කසිභාරද්වාජසුත්තං 4. කසීභාරද්වාජ සූත්‍රය
5. චුන්දසුත්තං 5. චුන්ද සූත්‍රය
6. පරාභවසුත්තං 6. පරාභව සූත්‍රය
7. වසලසුත්තං 7. වසල සූත්‍රය
8. මෙත්තසුත්තං 8. (කරණීය) මෙත්ත සූත්‍රය
9. හෙමවතසුත්තං 9. හෙමවත සූත්‍රය
10. ආළවකසුත්තං 10. ආලවක සූත්‍රය
11. විජයසුත්තං 11. විජය සූත්‍රය
12. මුනිසුත්තං 12. මුනි සූත්‍රය