ත්‍රිපිටකය
ඛුද්දකනිකායෙ ඛුද්දකනිකායෙ
සුත්තනිපාතපාළි සුත්ත නිපාතය
1. උරගවග්ගො 1. උරග වර්ගය
1. උරගසුත්තං 1. උරග සූත්‍රය
2. ධනියසුත්තං 2. ධනීය සූත්‍රය
3. ඛග්ගවිසාණසුත්තං 3. ඛග්ග විශාණ සූත්‍රය
4. කසිභාරද්වාජසුත්තං 4. කසීභාරද්වාජ සූත්‍රය
5. චුන්දසුත්තං 5. චුන්ද සූත්‍රය
6. පරාභවසුත්තං 6. පරාභව සූත්‍රය
7. වසලසුත්තං 7. වසල සූත්‍රය
8. මෙත්තසුත්තං 8. (කරණීය) මෙත්ත සූත්‍රය
9. හෙමවතසුත්තං 9. හෙමවත සූත්‍රය
10. ආළවකසුත්තං 10. ආලවක සූත්‍රය
11. විජයසුත්තං 11. විජය සූත්‍රය
195
චරං වා යදි වා තිට්ඨං, නිසින්නො උද වා සයං;
සමිඤ්ජෙති පසාරෙති, එසා කායස්ස ඉඤ්ජනා.
195
යන්නේ හෝ, ඉදින් සිටින්නේ හෝ හිඳිනේ හෝ හෝනේ වේද, හකුළු වන්නේද, දිගු කෙරේද, මෝතොමෝ රූප කායයාගේ සැලීම් වන්නේය.
196
අට්ඨිනහාරුසංයුත්තො, තචමංසාවලෙපනො;
ඡවියා කායො පටිච්ඡන්නො, යථාභූතං න දිස්සති.
196
කය ඇටින් හා නහරින් යුක්ත බැවින් සමින් හා මස්පිඬින් තැවරීම ඇති බැවින් සිවියෙන් වසනලද බැවින් එහි ඇති තතු නොපෙනේ.
197
අන්තපූරො උදරපූරො, යකනපෙළස්ස (යකපෙළස්ස (සී. ස්‍යා.)) වත්ථිනො;
හදයස්ස පප්ඵාසස්ස, වක්කස්ස පිහකස්ස ච.
197
බඩවැලින් පිරින, නොපැසුන අහරින් පිරින, අක්මාවෙන් පිරින, මූත්‍රයෙන් පිරින, හදමසින් පිරින, පපු කැනින් පිරින, වකුගඩුවෙන් පිරින, බඩදිවෙන් පිරින.
198
සිඞ්ඝාණිකාය ඛෙළස්ස, සෙදස්ස ච මෙදස්ස ච;
ලොහිතස්ස ලසිකාය, පිත්තස්ස ච වසාය ච.
198
“සොටුයෙන් පිරින, කෙළින් පිරින, ඩහදියෙන් පිරින, මේදසින් පිරින, ලෙයින්, සදමිඳුලින්, පිතින්, වුරුණු තෙලින්, පිරින.
199
අථස්ස නවහි සොතෙහි, අසුචී සවති සබ්බදා;
අක්ඛිම්හා අක්ඛිගූථකො, කණ්ණම්හා කණ්ණගූථකො.
199
“නැවතද මේ ශරීරයාගේ නව මගින් හැම තන්හිම අපවිත්‍ර වැගිරෙන්නේය. දෙඇස් සිඳුරෙන් කබද, දෙකන් සිඳුරෙන් කනින් පිටවන අපිරිසිදු දේද වැගිරෙන්නේය.
200
සිඞ්ඝාණිකා ච නාසතො, මුඛෙන වමතෙකදා;
පිත්තං සෙම්හඤ්ච වමති, කායම්හා සෙදජල්ලිකා.
200
දෙනාසා සිදුරෙන් සැරව වැනි කුණුද එක් කලෙක කටින් පිතද එක්කලෙක සෙමද වමනය වන්නේය. කයින් ඩාදියද, හැමකල්හි හැම ඉරියව්වෙහි වෑහෙන්නේය.
201
අථස්ස සුසිරං සීසං, මත්ථලුඞ්ගස්ස පූරිතං;
සුභතො නං මඤ්ඤති, බාලො අවිජ්ජාය පුරක්ඛතො.
201
“නැවත මේ කායයාගේ සිදුරුවූ හිස හිස් මොළින්, පිරෙනලද, ඒ කය බාල ජනතෙම නොදැනීමෙන් මෙහෙයන ලද්දේ ඉෂ්ට හෙයින් සලකන්නේය.
202
යදා ච සො මතො සෙති, උද්ධුමාතො විනීලකො;
අපවිද්ධො සුසානස්මිං, අනපෙක්ඛා හොන්ති ඤාතයො.
202
“නැවතද ඒ කය මළේ, ඉදිමුනේ, නිල්වූයේ අමු සොහොනෙහි දමන ලද්දේ, යම් කලෙක ගොවිද සියලු නෑයෝ නිරාලයව හරිත්.
203
ඛාදන්ති නං සුවානා (සුපාණා (පී.)) ච, සිඞ්ගාලා (සිගාලා (සී. ස්‍යා. කං. පී.)) වකා කිමී;
කාකා ගිජ්ඣා ච ඛාදන්ති, යෙ චඤ්ඤෙ සන්ති පාණිනො.
203
මළ කය බල්ලෝද, සිවල්හුද, චණ්ඩ මෘගයෝද පණුවෝද, කපුටුවෝද ගිජුලිහිණියෝද, කති. අනිකුත් යම් සත්ව කෙනෙක් ඇද්ද ඒ සත්හු කන්නාහ.
204
සුත්වාන බුද්ධවචනං, භික්ඛු පඤ්ඤාණවා ඉධ;
සො ඛො නං පරිජානාති, යථාභූතඤ්හි පස්සති.
204
මේ ශාසනයෙහි බුදු වදන් අසා විදර්ශනා නුවණ ඇති ඒ මහණ වනාහි ඒ කය පිරිසිඳ දන්නේය. යම් හෙයකින් තත්වූ පරිද්දෙන් දකීද එහෙයිනි.
205
යථා ඉදං තථා එතං, යථා එතං තථා ඉදං;
අජ්ඣත්තඤ්ච බහිද්ධා ච, කායෙ ඡන්දං විරාජයෙ.
205
මේ සිත් ඇති අශුභය යම්සේ යාම් සිටීම් හිඳීම් හොවීම් කෙරේද, සිත් නැති මේ අශුභය පළමුවෙන් එසේම කරන්නේ විය. මේ මළ ශරීරය යම්සේ යාම් ඊම් ආදිය නොකෙරේද, මේ සිත් ඇති අශුභයත් මතු එසේ නොකරන්නේය. මෙසේ පිළිපන් මහණ පිළිවෙළින් තමා තුළ වූද පිටත්හිවූද කයෙහි ඇල්ම දුරු කරන්නේය.
206
ඡන්දරාගවිරත්තො සො, භික්ඛු පඤ්ඤාණවා ඉධ;
අජ්ඣගා අමතං සන්තිං, නිබ්බානං පදමච්චුතං.
206
මේ ශාසනයෙහි රහත්මග නුවණින් යුක්ත ඒ රහත්මගට හික්මෙන මහණ ඡන්ද රාගයෙන් වෙන්වූයේ අමෘතවූ ශාන්ති නම්වූ නිර්වාණ නම්වූ චුති නැති බැවින් අච්චුතයයි යමක් වදාරණ ලදද, ඒ ශාන්ති පදවියට පැමිණියේය.
207
ද්විපාදකොයං (දිපාදකොයං (සී. ස්‍යා. කං. පී.)) අසුචි, දුග්ගන්ධො පරිහාරති (පරිහීරති (සී. ස්‍යා. කං. පී.));
නානාකුණපපරිපූරො, විස්සවන්තො තතො තතො.
207
දෙපයත් ඇති මේ මිනිස් සිරුර අපවිත්‍රවූයේ දුගඳ වූයේ පරිහරණය කරයි. කෙස් ඈ නොයෙක් කුණින් පිරුණෝ ඒ ඒ දොරින් අශූචි වැගිරෙන්නේමය.
208
එතාදිසෙන කායෙන, යො මඤ්ඤෙ උණ්ණමෙතවෙ (උන්නමෙතවෙ (?));
පරං වා අවජානෙය්‍ය, කිමඤ්ඤත්‍ර අදස්සනාති.
208
මෙබඳුවූ කුණු කයින් යුක්තවූයේ යම් නුවණ නැති පිරිමියෙක් හෝ ගැහැණියක් උසස් බව සිතන්නට සිතාද අන්‍යයන්ට හෝ අවමන් කරන්ට සිතාද අඥානකම විනා මෙහි අන් කවර කාරණයක් ඇද්ද.”
12. මුනිසුත්තං 12. මුනි සූත්‍රය