ත්‍රිපිටකය
4. චතුක්කනිපාතො 4. චතුක්ක නිපාතය
1. බ්‍රාහ්මණධම්මයාගසුත්තං 1. සල්ලකත්ත බ්‍රාහ්මණ සූත්‍රය
100
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘අහමස්මි, භික්ඛවෙ, බ්‍රාහ්මණො යාචයොගො සදා පයතපාණි (පයතපාණී (සී. ස්‍යා.)) අන්තිමදෙහධරො අනුත්තරො භිසක්කො සල්ලකත්තො. තස්ස මෙ තුම්හෙ පුත්තා ඔරසා මුඛතො ජාතා ධම්මජා ධම්මනිම්මිතා ධම්මදායාදා, නො ආමිසදායාදා.
‘‘ද්වෙමානි, භික්ඛවෙ, දානානි - ආමිසදානඤ්ච ධම්මදානඤ්ච. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං දානානං යදිදං - ධම්මදානං.
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, සංවිභාගා - ආමිසසංවිභාගො ච ධම්මසංවිභාගො ච. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං සංවිභාගානං යදිදං - ධම්මසංවිභාගො.
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, අනුග්ගහා - ආමිසානුග්ගහො ච ධම්මානුග්ගහො ච. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං අනුග්ගහානං යදිදං - ධම්මානුග්ගහො.
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, යාගා - ආමිසයාගො ච ධම්මයාගො ච. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං යාගානං යදිදං - ධම්මයාගො’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘යො ධම්මයාගං අයජී අමච්ඡරී, තථාගතො සබ්බභූතානුකම්පී (සබ්බසත්තානුකම්පී (ස්‍යා.) අට්ඨකථායම්පි);
තං තාදිසං දෙවමනුස්සසෙට්ඨං, සත්තා නමස්සන්ති භවස්ස පාරගු’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඨමං.
100
“මහණෙනි, මම බ්‍රාහ්මණ වෙමි. යාචකයන් හා යෙදුනේ වෙමි, ධර්ම දානයෙහි යෙදුනේ වෙමි. (නොහොත්) පරිත්‍යාග වැඩීමෙහි යෙදුනේ වෙමි. හැමකල්හි (සද්ධර්මදානය දීමට) පිරිසිදු කරණ ලද අත් ඇත්තේ වෙමි. (සද්ධර්මදානයෙහි) යුක්ත ප්‍රයුක්ත වූයේවෙමි. බ්‍රහ්මචර්ය වාසයෙන්ද, පශ්චිම ආත්මභාවය දන්නේ වෙමි. (පිළියම් කිරීමට දුෂ්කරවූ වෘත්ත දුඃඛ නමැති රොගයට පිළියම් කරන හෙයින් උතුම්වූ වෙදා වෙමි. ශල්‍යකර්ම කරන වෙදා වෙමි. තෙපි ඒ මාගේ හෘදය සම්බන්ධවූ මුඛයෙන් උපන්නාවූ ද්වාරයවූ ප්‍රාති මොක්ෂයෙන් උපන්නාවූ විමොක්ෂ මුඛයෙන් හෝ උපන්නාවූ ශාසන ධර්මයෙහි හෝ ආර්ය ධර්මයෙහි උපන්නාවූ ඒ ධර්මයෙන්ම මැවුණාවූ බෝධිපාක්ෂික ධර්ම දායාද කොට ඇත්තාවූ (ලාභසත්කාරාදී) ආමිෂ දායාද කොට නැත්තාවූ පුත්‍රයෝ වෙමු.
“මහණෙනි, ආමිෂදානයද ධර්මදානයද (යන) මේ දාන දෙකකි. මහණෙනි, මේ දාන දෙක අතුරෙන් යම් මේ ධර්මදානයක් වේද, මේ ධර්මදානය උතුමි. මහණෙනි, තමා ලද සිව් පසය අනුන්ට බෙදා දීමද ධර්ම සංවිභාග (බණ කීම කියවීම උගැන්වීම් ආදිය) යන සංවිභාග දෙකෙකි. මහණෙනි, මේ බෙදීම් දෙක අතුරින් යම් මේ ධර්ම සංවිභාගයෙක් වේද, මේ ධර්ම සංවිභාගය ශ්‍රේෂ්ඨය.
“මහණෙනි; මේ අනුග්‍රහ දෙකෙකි. ආමිෂානුග්‍රහය ධර්මානුග්‍රහය යන දෙකය. මහණෙනි, මේ අනුකම්පාවන් දෙක අතුරින් යම් මේ ධර්මානුග්‍රහයෙක් වේද, මෙය අග්‍රය.
“මහණෙනි, යාග (මහාදාන) දෙකෙකි. ආමිෂ යාගය ධර්ම යාගය (යන දෙකය) මහණෙනි, මේ මහාදාන දෙක අතුරෙන් යම් මේ ධර්ම යාගයෙක් වේද, මේ ධර්ම යාගය, උතුමියි.”
මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“මසුරු බැව් නැත්තාවූ සියලු සත්නට අනුකම්පා කරන්නාවූ තථාගත නම්වූ යම් බුදුවරයෙක් ධර්ම දානය දුන් සේක්ද, එබඳුවූ දෙව්මිනිසුන්ට ශ්‍රේෂ්ඨවූ භවයන්ගේ පරතෙරවූ නිවනට පැමිණියාවූ උන්වහන්සේට සත්වයෝ වඳිතියි.”
2. සුලභසුත්තං 2. අප්ප සුලභ සූත්‍රය
3. ආසවක්ඛයසුත්තං 3. ජානතො ආසවක්ඛය සූත්‍රය
4. සමණබ්‍රාහ්මණසුත්තං 4. ජාති ජරූපග (ශ්‍රමණ බ්‍රාහ්මණ) සූත්‍රය
5. සීලසම්පන්නසුත්තං 5. සම්පන්න ශීල සූත්‍රය
6. තණ්හුප්පාදසුත්තං 6. තණ්හුප්පාද සූත්‍රය
7. සබ්‍රහ්මකසුත්තං 7. සබ්‍රහ්මක කුල සූත්‍රය
8. බහුකාරසුත්තං 8. බහූපකාර සූත්‍රය
9. කුහසුත්තං 9. කුහථද්ධ සූත්‍රය
10. නදීසොතසුත්තං 10. නදීසොතොපම සූත්‍රය
11. චරසුත්තං 11. චරතොඋප්පජ්ජති සූත්‍රය
12. සම්පන්නසීලසුත්තං 12. යතංචර සූත්‍රය
13. ලොකසුත්තං 13. ලොකාභිඤ්ඤා සූත්‍රය