3. තිකනිපාතො | 3. තික නිපාතය |
1. පඨමවග්ගො | 1. මාරධෙය්‍ය වර්ගය |
1. මූලසුත්තං | 1. අකුසල මූල සූත්‍රය |
50
වුත්තඤ්හෙතං
‘‘තීණිමානි, භික්ඛවෙ, අකුසලමූලානි. කතමානි තීණි? ලොභො අකුසලමූලං, දොසො අකුසලමූලං, මොහො අකුසලමූලං - ඉමානි ඛො, භික්ඛවෙ, තීණි අකුසලමූලානී’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘ලොභො දොසො ච මොහො ච, පුරිසං පාපචෙතසං;
හිංසන්ති අත්තසම්භූතා, තචසාරංව සම්ඵල’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඨමං.
|
50
“මහණෙනි, මේ අකුසල්මුල් තුනක් වෙත්. කවර තුනක්ද යත්? ලෝභය අකුසල් මුලෙක, ද්වේෂය අකුසල් මුලෙක, මෝහය අකුසල් මුලෙක. මහණෙනි, මේ වනාහි අකුසල් මුල් තුන වෙත් යයි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“තමා කෙරෙහි උපන් ලෝභයද ද්වේෂයද මෝහයද පොත්ත හරයකොට ඇතිඋණ බටාදීගස් ස්වකීය පීදීම මෙන් ලාමක සිත් ඇති පුද්ගලයා මත්තෙහි විපාක අවස්ථාවෙහි පෙළත් යයි”
|
2. ධාතුසුත්තං | 2. ධාතුත්තය සූත්‍රය |
51
වුත්තඤ්හෙතං
‘‘තිස්සො ඉමා, භික්ඛවෙ, ධාතුයො. කතමා තිස්සො? රූපධාතු, අරූපධාතු, නිරොධධාතු - ඉමා ඛො, භික්ඛවෙ, තිස්සො ධාතුයො’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘රූපධාතුං
(රූපධාතු (සබ්බත්ථ)) පරිඤ්ඤාය, අරූපෙසු අසණ්ඨිතා;
නිරොධෙ
‘‘කායෙන
උපධිප්පටිනිස්සග්ගං, සච්ඡිකත්වා අනාසවො;
දෙසෙති සම්මාසම්බුද්ධො, අසොකං විරජං පද’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. දුතියං.
|
51
“මහණෙනි, මේ ධාතු තුනක් වෙත්. කවර තුනක්ද යත්? රූප ධාතුවය (රූපභවය) අරූප ධාතුවය (අරූපභවය) නිරෝධ ධාතුවය (නිර්වාණය) යන තුන වෙත්. මහණෙනි, මේ වනාහි තුන් ධාතුහු වෙත්යයි”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි (ගාථාවෙන්) මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් කෙනෙක් රූපය පිළිබඳ ධර්මප්රවෘත්තිය දැන අරූපාවචර ධර්මයන්හි නොපිහිටියාහු වෙද්ද, යම් කෙනෙක් නිවණෙහි මිදෙද්ද, ඒ රහතුන් වහන්සේ මරණය ඉක්මවූවාහු වෙති.
“ආශ්‍රවයන් නැත්තාවූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ නාම කයින් ස්කන්ධාදී උපාධිරහිතවූ (නැවත ඉපදීමට හේතුවන දේ නැති) නිර්වාණ ධාතුවට පැමිණ (ඒ ස්කන්ධාදී සියලු උපධීන්ගේ දුරලීමට කරුණු ප්රත්යක්ෂ කොට ශොක නැත්තාවූ කෙලෙස් නැත්තාවූ නිර්වාණ පදය දෙසූසේකැයි”
|
3. පඨමවෙදනාසුත්තං | 3. වේදනාත්තය සූත්‍රය |
52
වුත්තඤ්හෙතං
‘‘තිස්සො ඉමා, භික්ඛවෙ, වෙදනා. කතමා තිස්සො? සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා -
ඉමා ඛො, භික්ඛවෙ, තිස්සො වෙදනා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘සමාහිතො සම්පජානො, සතො බුද්ධස්ස සාවකො;
වෙදනා ච පජානාති, වෙදනානඤ්ච සම්භවං.
‘‘යත්ථ චෙතා නිරුජ්ඣන්ති, මග්ගඤ්ච ඛයගාමිනං;
වෙදනානං ඛයා භික්ඛු, නිච්ඡාතො පරිනිබ්බුතො’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. තතියං.
|
52
“මහණෙනි, මේ වේදනාවෝ තුන්දෙනෙක් වෙති. කවර තුන්දෙනෙක්ද යත්? සැප වේදනාවය, දුඃඛ වේදනාවය, උපෙක්ෂා වේදනාවය (යන තුනය.) මහණෙනි, මේ වනාහි ත්‍රිවිධ වේදනාවෝ වෙත්යයි”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“බුදුරජුන්ගේ මනාකොට දන්නාවූ සිහි ඇත්තාවූ ශ්‍රාවකතෙමේ වේදනාවන්ද වේදනාවන්ගේ ඉපදීමද වේදනාවෝ මෙතෙකැයිද විශේෂයෙන් දනී.
“යම් අරමුණෙක්හි වේදනාවෝ නිරුද්ධ වෙද්ද, වේදනාවන් ක්ෂය කිරීමට පමුණුවන්නාවූ (ආර්ය) මාර්ගයද දනී. (රහත්) මහණ තෙම වේදනාවන්ගේ ක්ෂය කිරීමෙන් (ප්‍රහීණවූ) තෘෂ්ණාව ඇත්තේ ක්ලෙශපරිනිර්වාණයෙන්ද ස්කන්ධපරිනිර්වාණයෙන්ද පිරිනිවියේ වේයයි”
|
4. දුතියවෙදනාසුත්තං | 4. දට්ඨබ්බ වේදනා සූත්‍රය |
53
වුත්තඤ්හෙතං
‘‘තිස්සො ඉමා
‘‘යො සුඛං දුක්ඛතො අද්ද
(දක්ඛි (සී. පී. ක.), අදක්ඛි (ස්‍යා.)), දුක්ඛමද්දක්ඛි සල්ලතො;
අදුක්ඛමසුඛං සන්තං, අදක්ඛි නං අනිච්චතො.
‘‘ස වෙ සම්මද්දසො භික්ඛු, යතො තත්ථ විමුච්චති;
අභිඤ්ඤාවොසිතො සන්තො, ස වෙ යොගාතිගො මුනී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. චතුත්ථං.
|
53
“මහණෙනි, මේ වේදනා තුනක් වෙත්. කවර තුනක්ද යත්? සැප වේදනාවය, දුක් වේදනාවය, උපෙක්ෂා වේදනාවය. මහණෙනි, සැප වේදනා තොමෝ දුක් වශයෙන් දතයුත්තීය. දුක් වේදනා තොමෝ උලයයි දතයුත්තීය. උපෙක්ෂා වේදනා තොමෝ අනිත්‍ය වශයෙන් දතයුත්තීය.
“මහණෙනි, යම් කලෙක්හි හෝ යම්හෙයකින් මහණහු විසින් සැප වේදනා තොමෝ දුක් වශයෙන් දක්නා ලද්දී වේද, දුක් වේදනා තොමෝ උල් වශයෙන් දක්නාලද්දී වේද, උපෙක්ෂා වේදනා තොමෝ අනිත්‍ය වශයෙන් දක්නා ලද්දී වේද, මහණෙනි, මේ මහණතෙමේ (කෙලෙසුන්ගෙන්) දුරුව සිටියේය. මනාකොට දක්නාසුලුය, තෘෂ්ණාව සින්දේය. සංයෝජනය මුල් නැත්තක් කෙළේය. මානයාගේ දැකීමෙන්ද දුරුකිරීමෙන්ද සංසාර දුඃඛය කෙළවර කෙළේ යයි කියනු ලැබේ යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් ආර්ය ශ්‍රාවකයෙක් සුඛ වේදනාව දුක් වශයෙන් දිටීද, දුක්ඛ වේදනාව උල්වශයෙන් දිටීද, ශාන්තවූ ඒ උපෙක්ෂා වේදනාව අනිත්‍ය වශයෙන් දිටීද,
“යම් හෙයකින් ඒකාන්තයෙන් මනාකොට දක්නා සුලුවූ ඒ මහණතෙමේ ඒ වේදනාවෙහි මිදේද, ඉර්ධි විධාදී අභිඥාසයින් අවසන් කළාවූ සන්සිඳවූ ඒ මුනිතෙමේ ඒකාන්තයෙන් යොගයන් ඉක්මවූයේයයි”
|
5. පඨමඑසනාසුත්තං | 5. එසනා සූත්‍රය |
54
වුත්තඤ්හෙතං
‘‘තිස්සො ඉමා, භික්ඛවෙ, එසනා. කතමා තිස්සො? කාමෙසනා, භවෙසනා, බ්රහ්මචරියෙසනා - ඉමා ඛො, භික්ඛවෙ, තිස්සො එසනා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘සමාහිතො සම්පජානො, සතො බුද්ධස්ස සාවකො;
එසනා
‘‘යත්ථ චෙතා නිරුජ්ඣන්ති, මග්ගඤ්ච ඛයගාමිනං;
එසනානං ඛයා භික්ඛු, නිච්ඡාතො පරිනිබ්බුතො’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඤ්චමං.
|
54
“මහණෙනි, මේ සෙවීම් තුනක් වෙත්. කවර තුනක්ද යත්? කාමයන්ගේ සෙවීමය, භවයන්ගේ සෙවීමය, බ්‍රහ්මචරියාවගේ සෙවීමය (යනතුන වෙත්.)
“මහණෙනි, මේ සෙවීම් තුන වෙත්යයි මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ කරුණ මෙසේ කියනු ලැබේ.
“එකඟ සිත් ඇත්තාවූ සම්‍යක් ප්‍රඥාව ඇත්තාවූ සිහි ඇත්තාවූ බුද්ධ ශ්‍රාවකතෙම සෙවීම්ද සෙවීම් ඉපදීමට හේතුවූ අවිද්යාදීන්ද දනීද,
“යමෙකුගේ මේ සෙවීම් නිරුද්ධ වෙද්ද, සෙවීම් ක්ෂය කිරීමට පමුණුවන මාර්ගයද විශේෂයෙන් දනීද, මහණ තෙම සෙවීම් ක්ෂයවීමෙන් තෘෂ්ණාව නැත්තේ පිරිනිවියේයයි.”
|
6. දුතියඑසනාසුත්තං | 6. (දෙවන) එසනා සූත්‍රය |
55
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘තිස්සො ඉමා, භික්ඛවෙ, එසනා. කතමා තිස්සො? කාමෙසනා, භවෙසනා, බ්රහ්මචරියෙසනා
‘‘කාමෙසනා භවෙසනා, බ්රහ්මචරියෙසනා සහ;
ඉති සච්චපරාමාසො, දිට්ඨිට්ඨානා සමුස්සයා.
‘‘සබ්බරාගවිරත්තස්ස, තණ්හක්ඛයවිමුත්තිනො;
එසනා
එසනානං ඛයා භික්ඛු, නිරාසො අකථංකථී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. ඡට්ඨං.
|
55
“මහණෙනි, මේ සෙවීම් තුනක් වෙති. කවර තුනක්ද යත්? කාමයන් සෙවීමය භවයන් සෙවීමය, බඹසර සෙවීමය (යන තුනය) මහණෙනි, මේ වනාහි සෙවීම් තුනයයි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක, එහි මේ කරුණ මෙසේ කියනු ලැබේ.
“බඹසර සෙවීම සමග කාමයන් සෙවීමය භවයන් සෙවීමය මෙසේ වරදවා ගන්නාවූ සියලු අනර්ථ දෘෂ්ටීහු සියලු රාගයෙන් නොඇලුනාවූ තෘෂ්ණා ක්ෂය සංඛ්‍යාත නිර්වාණයෙහි මිදුණු (රහත්) හු විසින් සෙවීම පහකරන ලද්දීය. බ්‍රහ්මචරිය පරියෙසනායයි කියන ලද (මිථ්‍යා) දෘෂ්ටීහු සහමුලින් නසන ලද්දාහුය. සෙවීම ක්ෂය වීමෙන් (යොගීතෙමේ) බිඳදැමූ කෙලෙස් ඇත්තේ වේ. ආශ්‍රවයන් නැත්තේවේ. කෙසේදෝ කෙසේදෝ (පැවැති) සැකය නැත්තේ වේයයි”
|
7. පඨමආසවසුත්තං | 7. (පළමුවන) ආශ්‍රව සූත්‍රය |
56
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘තයොමෙ, භික්ඛවෙ, ආසවා. කතමෙ තයො? කාමාසවො, භවාසවො, අවිජ්ජාසවො - ඉමෙ ඛො, භික්ඛවෙ, තයො ආසවා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘සමාහිතො
ආසවෙ ච පජානාති, ආසවානඤ්ච සම්භවං.
‘‘යත්ථ
ආසවානං ඛයා භික්ඛු, නිච්ඡාතො පරිනිබ්බුතො’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. සත්තමං.
|
56
“මහණෙනි, මේ ආශ්‍රවයෝ (කලක් පවතිමින් එන කෙළෙස්) තුන්දෙනෙක් වෙත්. කවර තුනක්ද යත්? කාමාශ්රය, භවාශ්‍රවය අවිද්‍යාශ්‍රවය (යන තුනය) මහණෙනි, මේ වනාහි තුන් ආශ්‍රවයෝ වෙති.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ කරුණ මෙසේ කියනු ලැබේ.
“එකඟවූ සිත් ඇති සම්‍යක් ප්‍රඥාව ඇත්තාවූ සිහිය ඇත්තාවූ බුද්ධ ශ්‍රාවකතෙම ඉදින් ආශ්‍රවයන්ද ආශ්‍රවයන්ගේ ඉපදීමට හේතුව විශේෂයෙන් දනීද,
“යම්තැනෙක්හි මේ ආශ්‍රවයෝ නොපවතිද්ද, ක්ෂය කිරීමට පමුණුවන්නාවූ මාර්ගයද දනීද, ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන් තෘෂ්ණාව නැත්තාවූ (රහත්) මහණ තෙම පිරිනිවියේයයි”
|
8. දුතියආසවසුත්තං | 8. (දෙවන) ආශ්‍රව සූත්‍රය |
57
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘තයොමෙ, භික්ඛවෙ, ආසවා. කතමෙ තයො? කාමාසවො, භවාසවො, අවිජ්ජාසවො - ඉමෙ ඛො, භික්ඛවෙ, තයො ආසවා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘යස්ස
භවාසවො පරික්ඛීණො, විප්පමුත්තො නිරූපධි;
ධාරෙති අන්තිමං දෙහං, ජෙත්වා මාරං සවාහිනි’’න්ති
(සවාහනන්ති (බහූසු)).
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. අට්ඨමං.
|
57
“මහණෙනි, මේ ආශ්‍රවයෝ තුන්දෙනෙකි. කවර තුනක්ද යත්? කාමාශ්‍රවය, භවාශ්‍රවය අවිද්‍යාශ්‍රවය (යන තුනය.) මහණෙනි, මේ වනාහි ආශ්‍රවයෝ තුන්දෙන වෙත් යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යමෙකුගේ කාමාශ්‍රවය ක්ෂයවීද, අවිද්‍යා තොමෝද පහවූවාද, භවාශ්‍රය සර්වප්රකාරයෙන් ක්ෂයවූයේද ක්ලෙශයන්ගෙන් විශේෂයෙන් මිදුනාවූ කෙලෙස් නැත්තාවූ ඒ මහණතෙම සේනාව සහිත මාරයා සිඳ අන්තිම ශරීරය දරා යයි.”
|
9. තණ්හාසුත්තං | 9. තෘෂ්ණා සූත්‍රය |
58
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘තිස්සො ඉමා, භික්ඛවෙ, තණ්හා. කතමා තිස්සො? කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා - ඉමා ඛො, භික්ඛවෙ, තිස්සො තණ්හා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘තණ්හායොගෙන සංයුත්තා, රත්තචිත්තා භවාභවෙ;
තෙ යොගයුත්තා මාරස්ස, අයොගක්ඛෙමිනො ජනා;
සත්තා ගච්ඡන්ති සංසාරං, ජාතීමරණගාමිනො.
‘‘යෙ ච තණ්හං පහන්ත්වාන, වීතතණ්හා
(නික්කණ්හා ච (සී. ක.)) භවාභවෙ;
තෙ වෙ
(තෙ ච (සී. පී. ක.)) පාරඞ්ගතා
(පාරගතා (ක. සී. ස්‍යා.)) ලොකෙ, යෙ පත්තා ආසවක්ඛය’’න්ති.
අයම්පි
|
58
“මහණෙනි, මේ තෘෂ්ණා තුනක් වෙත්. කාමතෘෂ්ණාවය, භවතෘෂ්ණාවය, විභව තෘෂ්ණාවය යන තුනය. මහණෙනි, මේ වනාහි තෘෂ්ණා තුනයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“තෘෂ්ණා නම් යොගයෙන් භවයොගයෙන්ද බැඳුනාවූ ඇලුණු සිත් ඇත්තාවූ මාරයාගේ මලපුඩුවේ බැඳුනාවූ උපදවන්නාවූ ඒ පුද්ගලයෝ නිර්භයවූවාහු නොවෙති.
“ඉපදීමට හා මරණයට පැමිණෙනසුලුවූ (ඒ) සත්වයෝ සසරට යෙති. යම් සත්වකෙනෙක් වනාහි තෘෂ්ණාව පහකොට ලොකු කුඩා භවයෙහි තෘෂ්ණාව නැත්තාහු වෙද්ද, යම්කෙනෙක් ආශ්‍රව ක්ෂය සංඛ්‍යාත අර්හත්ඵලයට පැමිණියාහු වෙද්ද, ඒ සත්වයෝම එතරට (නිවණට) ගියාහු වෙත් යයි”
|
10. මාරධෙය්‍යසුත්තං | 10. මාරධෙය්‍ය සූත්‍රය |
59
වුත්තඤ්හෙතං
‘‘තීහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු
‘‘සීලං
අතික්කම්ම මාරධෙය්යං, ආදිච්චොව විරොචතී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. දසමං.
|
59
“මහණෙනි, කරුණු තුනකින් යුත් මහණතෙමේ මාරයාට යටත් පෙදෙස ඉක්මවා හිරුමෙන් බබළයි. කවර කරුණු තුනකින්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ අශෛක්ෂවූ (මතුමත්තෙහි නොහික්මිය යුතු බැවින්) අශෛක්ෂයනට අයත්වූ ශීලරාශියෙන් යුක්තවූයේ වේද, අශෛක්ෂ සමාධි රාශියෙන් යුක්තවූයේ වේද අශෛක්ෂ ප්‍රඥා රාශියෙන්ද යුක්තවූයේ වේද, මහණෙනි, මේ කරුණු තුනෙන් වනාහි යුක්තවූ මහණතෙමේ මාරයාට අධිපති තැන මැඩ හිරුසේ බබළායයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් රහත් පුද්ගලයෙකු විසින් ශීලයද සමාධියද ප්‍රඥාවද යන මේ අශෛක්ෂ ධර්මයෝ නොකොට වඩන ලද්දාහුද (හෙතෙම) මාරයාට යටත් පෙදෙස ඉක්මවා හිරුමෙන් බබළා යයි”
|
2. දුතියවග්ගො | 2. පුණ්‍යක්‍රියා වර්ගය |
1. පුඤ්ඤකිරියවත්ථුසුත්තං | 1. පුණ්‍යක්‍රියා සූත්‍රය |
60
වුත්තඤ්හෙතං
‘‘තීණිමානි, භික්ඛවෙ, පුඤ්ඤකිරියවත්ථූනි. කතමානි තීණි? දානමයං පුඤ්ඤකිරියවත්ථු, සීලමයං පුඤ්ඤකිරියවත්ථු, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු - ඉමානි
‘‘පුඤ්ඤමෙව
දානඤ්ච සමචරියඤ්ච, මෙත්තචිත්තඤ්ච භාවයෙ.
‘‘එතෙ ධම්මෙ භාවයිත්වා, තයො සුඛසමුද්දයෙ;
අබ්යාපජ්ඣං සුඛං ලොකං, පණ්ඩිතො උපපජ්ජතී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඨමං.
|
60
“මහණෙනි, මේ පින් කිරියවත් තුනෙකි. කවර තුනෙක්ද යත්? දානමය පුණ්‍යක්‍රියාවස්තුවය. ශීලමය පුණ්‍යක්‍රියා වස්තුවය, භාවනාමය පුණ්‍යක්‍රියාවස්තුවය, මහණෙනි, මේ වනාහි තුන් පින් කිරියවතියි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“හෙතෙමේ මත්තෙහි අග්‍රවූ හෝ මත්තෙහි උතුම්වූ හෝ අතිශයින් අග්‍රවූ හෝ මනොඥ ඵලයෙන් අග්‍රවූ හෝ සැප විපාක ඇති පිනම රැස්කරන්නේය. දානයද චරියාවවූ ශීලයද මෙත් සිතද වඩන්නේය. සප්‍රාඥතෙම සුව අනුසස් ඇති මේ කුසල ධර්ම තුන වඩා නිදුක්වූ සුවවූ බඹ ලොවට උත්පත්ති වශයෙන් පැමිණේයයි.”
|
2. චක්ඛුසුත්තං | 2. චක්ෂුස් සූත්‍රය |
61
වුත්තඤ්හෙතං
‘‘තීණිමානි, භික්ඛවෙ, චක්ඛූනි. කතමානි තීණි? මංසචක්ඛු, දිබ්බචක්ඛු, පඤ්ඤාචක්ඛු - ඉමානි ඛො, භික්ඛවෙ, තීණි චක්ඛූනී’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘මංසචක්ඛු දිබ්බචක්ඛු, පඤ්ඤාචක්ඛු අනුත්තරං;
එතානි තීණි චක්ඛූනි, අක්ඛාසි පුරිසුත්තමො.
‘‘මංසචක්ඛුස්ස උප්පාදො, මග්ගො දිබ්බස්ස චක්ඛුනො;
යතො ඤාණං උදපාදි, පඤ්ඤාචක්ඛු අනුත්තරං;
යස්ස
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. දුතියං.
|
61
“මහණෙනි, මේ ඇස් තුනෙකි. කවර තුනෙක්ද යත්? මසැසය දිවැසය නුවණ ඇසය. මහණෙනි, මේ වනාහි ඇස්තුනයයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“පුරුෂයනට උතුම්වූ සම්මාසම්බුද්ධයන් වහන්සේ මසැසය, (ප්‍රකෘතියෙන් පිහිටි ඇස) දිවැසය, නිරුත්තරවූ නුවණ ඇසය (යන) මේ ඇස්තුන වදාළසේක.
“මසැසගේ ඉපදීම දිවැසට උපාය හෙවත් කරුණු වේ. යම්කලෙක්හි ඥානය පළවේද, යම් නුවණැසකගේ ලැබීමෙන් සියලු සසර දුකින් මිදේද, ඒ නුවණ ඇස නිරුත්තර වේයයි”
|
3. ඉන්ද්රියසුත්තං | 3. ඉන්ද්රිය සූත්‍රය |
62
වුත්තඤ්හෙතං
‘‘තීණිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි තීණි? අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං, අඤ්ඤින්ද්රියං, අඤ්ඤාතාවින්ද්රියං - ඉමානි ඛො, භික්ඛවෙ, තීණි ඉන්ද්රියානී’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘සෙඛස්ස සික්ඛමානස්ස, උජුමග්ගානුසාරිනො;
ඛයස්මිං පඨමං ඤාණං, තතො අඤ්ඤා අනන්තරා.
‘‘තතො
අකුප්පා මෙ විමුත්තීති, භවසංයොජනක්ඛයා.
‘‘ස
ධාරෙති අන්තිමං දෙහං, ජෙත්වා මාරං සවාහිනි’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. තතියං.
|
62
“මහණෙනි, මේ (අධිපති අර්ථයෙන්) ඉන්ද්රියයෝ තුන්දෙනෙක් වෙත්. කවර තුනෙක්ද යත්? අනඤ්ඤාතඤ්ඤාස්සාවින්ද්රිය නම්වූ සොතාපත්ති මාර්ග ප්‍රඥාව හෝ ඉන්ද්රියය, අඤ්ඤීන්ද්රිය නම්වූ සොතාපත්ති ඵලඤාණයෙහි පටන් අර්හත්මාර්ගඥානය තෙක් සය තන්හිවූ ඤාණය, අඤ්ඤාතාවින්‍ද්‍රිය නම්වූ අර්හත්ඵල ප්‍රඥාවය (යන තුනය) මහණෙනි, මේ වනාහි තුන් ඉන්ද්රියයෝ වෙත්යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“සෘජු මාර්ගයවූ ආර්ය මාර්ගයට පිළිවෙලින් පැමිණෙන්නාවූ හැම කෙලෙස් පහකරන බැවින් ක්ෂය නම් අග්රමාර්ගයෙහි නුවණ පළමුව (උපදී) ඒ පළමු මාර්ගයට අනතුරුව අර්‍හත්ත්‍වය අනුව යන්නාහට ගොත්රභූඥානයට අනතුරුව සොතාපත්ති මාර්ගයෙහි පළමු ඥානයවූ අනඤ්ඤාතඤ්ඤස්සාවීන්ද්‍රියය (උපදී) ඒ පළමු ඥානයට අනතුරුව පටන් අග්රමාර්ගයතෙක් අන්‍යවූ අඤ්ඤීන්ද්රියය (උපදී.)
“ඒ අඤ්ඤීන්ද්රියයෙන් පසුව අඤ්ඤතාවීන්ද්රියයෙන් මිදුනාවූ එකසමානවූ ක්ෂීණාශ්රවයාහට භවසංයෝජනයන් ක්ෂයකිරීම හේතුකොට මාගේ විමුක්ති තොමෝ කොප්ය නොවන්නීය. (නොනැසෙන්නී) යයි ප්රත්යවෙක්ෂා ඥානය වේ.
“ඉදින් ඉඳුරන්ගෙන් සම්පූර්ණවූ පඤ්චෙන්ද්රියයෙන් යුක්තවූ සන්සිඳුනු නිර්වාණපදයෙහි ඇලුනාවූ ක්ෂීණාශ්රවතෙමේ සේනා සහිත මාරයා ජයගෙන අන්තිම ශරීරය දරායයි.”
|
4. අද්ධාසුත්තං | 4. අද්ධා සූත්‍රය |
63
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘තයොමෙ, භික්ඛවෙ, අද්ධා. කතමෙ තයො? අතීතො අද්ධා, අනාගතො අද්ධා, පච්චුප්පන්නො අද්ධා - ඉමෙ ඛො, භික්ඛවෙ, තයො අද්ධා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘අක්ඛෙය්‍යසඤ්ඤිනො සත්තා, අක්ඛෙය්යස්මිං පතිට්ඨිතා;
අක්ඛෙය්‍යං
‘‘අක්ඛෙය්‍යඤ්ච
ඵුට්ඨො විමොක්ඛො මනසා, සන්තිපදමනුත්තරං.
‘‘ස වෙ
(සචෙ (ක.)) අක්ඛෙය්යසම්පන්නො, සන්තො සන්තිපදෙ රතො;
සඞ්ඛායසෙවී ධම්මට්ඨො, සඞ්ඛ්‍යං නොපෙති වෙදගූ’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. චතුත්ථං.
|
63
“මහණෙනි, මේ කාල තුණෙක් වෙත්. කවර තුණෙක්ද යත්? අතීත කාලය, අනාගත කාලය, වර්තමාන කාලය (යන තුණය) මහණෙනි, මේ වනාහි තුන් කාලයෝ වෙත් යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“සත්වයෝ අක්ඛෙය්ය නම්වූ පඤ්චස්කන්ධය කෙරෙහි සංඥා ඇත්තෝ වෙත්. පඤ්චොපාදානස්කන්ධයෙහි පිහිටියාහුය. පඤ්චොපාදානස්කන්ධය ත්‍රිවිධ දැනීමෙන් නොදැන මාරයාගේ උපායට පැමිණෙති.
“පඤ්චොපාදානස්කන්ධයද (විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන් පිරිසිඳ දැනීමෙන් ආත්මයක් නොමදනී. විමොක්ෂ යයිද සන්තිපදයයිද උතුම් නිර්වාණ ධර්මය සිතින් ස්පර්ශ කෙළේ පැමිණියේ වෙයි. ආර්ය මාර්ගය තෙමේ විමොක්ෂ නම් වෙයි. (ඒ ක්ෂීණාශ්රවයා විසින් මාර්ග සිතින් නිරුත්තරවූ නිර්වාණ පදය ප්රත්යක්ෂ කරණ ලද්දේවේ.
ඒකාන්තයෙන් පඤ්චොපාදානස්කන්ධයන් පිරිසිඳ දැනීමෙන් උපන් සම්පත්තීන් යුක්තවූ කෙලෙස් සන්සිඳුනාවූ ශාන්තිපද නම්වූ නිවනෙහි ඇලුනාවූ නුවණින් සලකා සේවනය කරන දැන සෙවනය කරන (අශෛක්ෂ ධර්මයන්හි පිහිටියාවූ සිටියාවූ පරතෙරට ගියාවූ ඒ රහත්තෙම ගණනට නොපැමිණේයයි.”
|
5. දුච්චරිතසුත්තං | 5. දුච්චරිතත්තය සූත්‍රය |
64
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘තීණිමානි, භික්ඛවෙ, දුච්චරිතානි. කතමානි තීණි? කායදුච්චරිතං, වචීදුච්චරිතං, මනොදුච්චරිතං - ඉමානි ඛො, භික්ඛවෙ, තීණි දුච්චරිතානී’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘කායදුච්චරිතං
මනොදුච්චරිතං කත්වා, යඤ්චඤ්ඤං දොසසංහිතං.
‘‘අකත්වා
කායස්ස භෙදා දුප්පඤ්ඤො, නිරයං සොපපජ්ජතී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඤ්චමං.
|
64
“මහණෙනි, මේ අයහපත්වූ හෝ දුෂ්ටවූ හෝ හැසිරීම් තුණෙකි. කවර තුණෙක්ද යත්? කයින් වැරදි හැසිරීමය, වචනයෙන් වැරදි හැසිරීමය, සිතින් වැරදි හැසිරීමය (යන තුණය.) මහණෙනි, මේ වනාහි තුන් දුසිරිතියි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
(“යම්) මෝඩයෙක් වේද, හෙතෙම කයින් දුශ්චරිත (පව්) ද වචයෙන් පව්ද සිතින් පව්ද කොට දෝෂ යයි දක්නා ලද්දාවූ යම් අන්‍යවූ වරදෙක් (ඇද්ද) එයද කොට කුශල කර්ම නොකොට බොහෝ අකුශල් කොට ශරීරයාගේ බිඳීමෙන් නරකයෙහි උපදී.”
|
6. සුචරිතසුත්තං | 6. සුචරිතත්තය සූත්‍රය |
65
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘තීණිමානි, භික්ඛවෙ, සුචරිතානි. කතමානි තීණි? කායසුචරිතං, වචීසුචරිතං, මනොසුචරිතං - ඉමානි ඛො, භික්ඛවෙ, තීණි සුචරිතානී’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘කායදුච්චරිතං හිත්වා, වචීදුච්චරිතානි ච;
මනොදුච්චරිතං හිත්වා, යඤ්චඤ්ඤං දොසසංහිතං.
‘‘අකත්වාකුසලං
කායස්ස භෙදා සප්පඤ්ඤො, සග්ගං සො උපපජ්ජතී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. ඡට්ඨං.
|
65
“මහණෙනි, මේ මනා හැසිරීම් සොඳුරු චරිත තුණෙකි. කවර තුණෙක්ද යත්? කයින් මනා හැසිරීමය වචනයෙන් මනා හැසිරීමය සිතින් මනා හැසිරීමය (යන තුණය) මහණෙනි, මේ වනාහි තුන් සුසිරි වෙත්යයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“(යම්) නුවණැත්තෙක් වේද, හෙතෙමේ කයින් හෝ කායද්වාරයෙහි පැවති දුශ්චරිත (පව්) ද වචනයෙන් හෝ වාග් ද්වාරයෙහි පැවති දුශ්චරතයෙන් ද සිතින් හෝ මනොද්වාරයෙහි පැවති දුශ්චරිතද හැරපියා වරදයයි දක්නා ලද්දාවූ (එයද) හැරපියා අකුශල කර්ම කොට බොහෝ කුසල් නොකොට ශරීරය බිඳීයාමෙන් (මරණින් මත්තෙහි) ස්වර්ගයෙහි උපදී. (නොහොත්) ස්වර්ගයට උත්පත්ති වශයෙන් පැමිණේ යයි.” මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ යයි. මාගේ ඇසීමය.”
|
7. සොචෙය්‍යසුත්තං | 7. සොචෙය්ය සූත්‍රය |
66
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘තීණිමානි, භික්ඛවෙ, සොචෙය්යානි. කතමානි තීණි? කායසොචෙය්යං, වචීසොචෙය්යං, මනොසොචෙය්යං - ඉමානි ඛො, භික්ඛවෙ, තීණි සොචෙය්යානී’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘කායසුචිං
සුචිං
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. සත්තමං.
|
66
“මහණෙනි, මේ පිරිසිදු බැව් තුණෙකි. කවර තුණෙක්ද යත්? කාය සුචරිතය වාග්සුචරිතය මනොසුචරිතය (යන තුණය). මහණෙනි, මේ වනාහි තුන් පිරිසිදු බැව් වෙත්ය”යි.
භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළ සේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“කයින් පිරිසිදු බවය වචනයෙන් පිරිසිදු බවය (කාමාදි) ආශ්‍රවයන් නැත්තාවූ සිතින් පිරිසිදු බවය ඉතා පිරිසිදුවූ පිරිසිදු සම්පත්තියෙන් යුක්තවූ සියලු (අකුසල්) පහකරන්නාවූ පවිත්‍ර භාවයයි කියත්යයි.”
|
8. මොනෙය්‍යසුත්තං | 8. මොනෙය්‍ය සූත්‍රය |
67
වුත්තඤ්හෙතං
‘‘තීණිමානි, භික්ඛවෙ, මොනෙය්යානි. කතමානි තීණි? කායමොනෙය්යං, වචීමොනෙය්යං, මනොමොනෙය්යං - ඉමානි ඛො, භික්ඛවෙ, තීණි මොනෙය්යානී’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘කායමුනිං වචීමුනිං, මනොමුනිමනාසවං;
මුනිං මොනෙය්යසම්පන්නං, ආහු නින්හාතපාපක’’න්ති
(ආහු සබ්බප්පහායිනන්ති (අ. නි. 3.123)).
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. අට්ඨමං.
|
67
“මහණෙනි, මේ මුනිභාවයෝ තිදෙනෙක් වෙත්, කවර තිදෙනෙක්ද යත්? කායද්වාරයෙහි පැවැති මුනීන්ට සිත ප්‍රතිපදාවය වාග්ද්වාරයෙහි පැවැති මුනීන්ට හිත ප්‍රතිපදාවය මනොද්වාරයෙහි පැවති මුනීන්ට හිත ප්‍රතිපදාවය (යන තුණය) මහණෙනි මේ වනාහි තුන් මුනී භාවයෝයයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ මෙසේ අර්ථය කියනු ලැබේ.
“කායද්වාරයෙහි මෙලෝ පරලෝ දෙකට හා තමහටද පරහටද හිත ප්‍රතිපදාව දන්නාවූ වාග්ද්වාරයෙහි ප්‍රතිපදාව දන්නාවූ මනොද්වාරයෙහි ප්‍රතිපදාව දන්නාවූ මුනීහු ආශ්‍රව රහිතවූ මුනිභාවයෙන් යුක්තවූ මනාකොට සෝදන ලද ප්‍රතිපදාව කියත්යයි.”
|
9. පඨමරාගසුත්තං | 9. (පළමුවන) රාග සූත්‍රය |
68
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘යස්ස කස්සචි, භික්ඛවෙ, රාගො අප්පහීනො, දොසො අප්පහීනො, මොහො අප්පහීනො - අයං වුච්චති, භික්ඛවෙ, ‘බද්ධො
(බන්දො (බහූසු)) මාරස්ස පටිමුක්කස්ස මාරපාසො
‘‘යස්ස
තං භාවිතත්තඤ්ඤතරං, බ්රහ්මභූතං තථාගතං;
බුද්ධං වෙරභයාතීතං, ආහු සබ්බප්පහායින’’න්ති.
අයම්පි
|
68
“මහණෙනි, යම් කිසිවකු රාගය පහ නොකරන ලද්දේ වේද, ද්වේෂය පහ නොකරන ලද්දේ වේද, මෝහය පහ නොකරන ලද්දේ වේද, මහණෙනි මේ තෙමේ (ක්ලේශ) මාරයා විසින් බඳනා ලද්දේ යයිද මාරපාස යයි කියන ලද ක්ලෙශය ඇතුල් කරවන ලද්දේ යයිද (නොහොත්) මාරයාගේ පුඩුව දැඩි වූයේ වන්නේ යයිද, පව් ඇති මාරයා විසින් කැමැතිසේ කටයුත්තෙක් වන්නේයයිද කියනු ලැබේ.
“මහණෙනි, යම් කිසිවෙකුගේ රාගය ප්‍රහීණ වූයේවේද, ද්වේෂය ප්‍රහීනවූයේ වේද, මෝහය ප්‍රහීණවූයේ වේද, මහණෙනි, මෙතෙමේ මාරයා විසින් නොබඳනා ලද්දේයයිද, ක්ලෙශමාරයාගේ පුඩුව ඉවත් කරන ලද්දේයයිද, මාරයා විසින් කැමැතිසේ නොකට යුත්තක් වන්නේයයිද කියනු ලැබේ යයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළ සේක, එහි මේ කරුණ මෙසේ කියනු ලැබේ.
“යම් ආර්ය පුද්ගලයෙකු විසින් රාගයද ද්වේෂයද අවිද්‍යාවද (අග්රමාර්ගයෙන් නිරුද්ධ කරන ලද්දාහුද, වැඩුණු කාය ශීල චිත්ත ප්‍රඥාවන් ඇති රහතුන් අතුරෙහි ඇතුළත්වූ ශ්‍රේෂ්ඨවූ හෝ ශ්‍රේෂ්ඨ අර්හත්ඵලයට පැමිණියාවූ හෝ නිවන අවබෝධ කළාවූ එසේ අවබෝධ කළාවූ එසේ දැනගත්තාවූ එසේ දුටුවාවූ එසේ කිරීමට අනුරූපව කියන්නාවූද කීමට සුදුසු නියායෙන් කරන්නාවූද චතුස්සත්‍යය අවබෝධ කළාවූ (පුද්ගලයන්ගේ) වෛරයද ක්ලෙශ වෛරයද ආත්මවාදානු වාදාදී භයද ඉක්මවූ හැම ක්ලෙශ රැ ස්කිරීම් පහකළාවූ ඒ ආර්යයා බුද්ධාදී ආර්යයෝ කියත් යයි.”
|
10. දුතියරාගසුත්තං | 10. (දෙවෙනි) රාග සූත්‍රය |
69
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘යස්ස කස්සචි, භික්ඛවෙ, භික්ඛුස්ස වා භික්ඛුනියා වා රාගො අප්පහීනො, දොසො අප්පහීනො, මොහො අප්පහීනො - අයං වුච්චති, භික්ඛවෙ, න ‘අතරි
‘‘යස්ස රාගො ච දොසො ච, අවිජ්ජා ච විරාජිතා;
සොමං සමුද්දං සගහං සරක්ඛසං, සඌමිභයං දුත්තරං අච්චතාරි.
‘‘සඞ්ගාතිගො
අත්ථඞ්ගතො සො න පමාණමෙති, අමොහයි මච්චුරාජන්ති බ්රූමී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. දසමං.
|
69
“මහණෙනි, යම්කිසි මහණෙකුගේ හෝ මෙහෙණකගේ හෝ රාගය පහ නොවූයේ වේද, ද්වේෂය පහ නොවූයේවේද, මෝහය පහ නොවූයේ වේද, මහණෙනි, මෙතෙමේ බලවත් ක්‍රොධ නමැති මහරළ ඇත්තාවූ පස්කම් ගුණ නමැති දිය සුළි ඇත්තාවූ ස්ත්‍රීන් නමැති සැඩ මෝරමසුන් ඇත්තාවූ ස්ත්‍රීන් නමැති දිය රකුසන් ඇත්තාවූ සසර නමැති මුහුද තරණය නොකළේයයි කියනු ලැබේ.
“මහණෙනි, යම්කිසි මහණෙකු විසින් හෝ මෙහෙණක විසින් හෝ රාගය පහකරණ ලද්දේ වේද, ද්වේෂය පහ කරන ලද්දේ වේද මෝහය පහකරණ ලද්දේ වේද, මහණෙනි, මෙතෙමේ බලවත් ක්‍රොධ නමැති මහරළ ඇත්තාවූ පස්කම් ගුණ නමැති දියසුළි ඇත්තාවූ ස්ත්‍රීන් නමැති සැඩ මෝරමසුන් ඇත්තාවූ ස්ත්‍රීන් නමැති දිය රකුසන් ඇත්තාවූ සසරනැමැති සමුද්‍රය තරණය කළේයයිද එහෙයින්ම බැහැර කරණ ලද පව් ඇති බ්‍රහ්මණ තෙමේ සිටීයයිද කියනු ලැබේයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යමෙකු විසින් රාගයද ද්වේෂයද අවිද්‍යාවද නොපැවැත්ම කරණ ලද්දාහු වෙද්ද, හෙතෙම ස්ත්‍රීන් නැමැති (සැඩ මෝර මසුන් සහිතවූ ස්ත්‍රීන් නමැති දිය රකුසන් සහිතවූ (ක්‍රොධ නමැති ඉතා බිය වියයුතු රළ ඇත්තාවූ එතරවීමට දුෂ්කරවූ මේ (සසර නමැති) මුහුද ඉක්මවීය. කෙලෙස් මාරයා දුරු කළාවූ (කාමාදි) උපධි රහිතවූ හෙතෙම නැවත නොඋපදනා පිණිස දුක පහ කෙළේය. අස්තයට ගියාවූ එබඳු රහත් තෙමේ ප්‍රමාණයට නොපැමිණෙයි. (මරුවා) මුලාකරවී යයි කියමියි.”
|
3. තතියවග්ගො | 3. දිට්ඨ වර්ගය |
1. මිච්ඡාදිට්ඨිකසුත්තං | 1. දිට්ඨ දුග්ගති සූත්‍රය |
70
වුත්තඤ්හෙතං
‘‘දිට්ඨා මයා, භික්ඛවෙ, සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා.
‘‘තං
‘‘දිට්ඨා මයා, භික්ඛවෙ, සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා
‘‘මිච්ඡා මනං පණිධාය, මිච්ඡා වාචඤ්ච භාසිය
(මිචා වාචං අභාසිය (සබ්බත්ථ));
මිච්ඡා කම්මානි කත්වාන, කායෙන ඉධ පුග්ගලො.
‘‘අප්පස්සුතාපුඤ්ඤකරො
(අප්පස්සුතොපුඤ්ඤකරො (සී.), අප්පස්සුතො අපුඤ්ඤකරො (ස්‍යා. පී.)), අප්පස්මිං ඉධ ජීවිතෙ;
කායස්ස භෙදා දුප්පඤ්ඤො, නිරයං සොපපජ්ජතී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඨමං.
|
70
“මහණෙනි, මා විසින් කාය දුශ්චරිතයෙන් යුක්තවූද වාග් දුශ්චරිතයෙන් යුක්ත වූද මනො දුශ්චරිතයෙන් යුක්තවූද ආක්‍රොශ කළාවූද මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූද (වරදවා දක්නාවූද මිථ්‍යා දර්ශන හේතුවෙන් සමාදන් වන ලද නොඑක් කර්මයන් ඇත්තාවූද සත්වයෝ දක්නා ලද්දාහුය, ඒ සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණයෙන් මත්තෙහි සැපයෙන් පහවූ දුකට පිහිටවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුය, “මහණෙනි, මා විසින් කයින් දුශ්චරිත කිරීමෙන් යුක්තවූද වචනයෙන් දුශ්චරිතයෙහි හැසිරීමෙන් යුක්තවූද, සිතින් දුශ්චරිතයෙහි හැසිරීමෙන් යුක්තවූද, ආර්යයන්ට උපවාද කළාවූද, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්තවූද, මිථ්‍යාදෘෂ්ටීන් ගන්නා ලද නොඑක් කර්මයන් ඇත්තාවූද සත්වයෝ දක්නා ලද්දාහුය, ඒ සත්වයෝ කය බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුකට පිහිටවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහු”ය යන ඒ කීම වනාහි අන්‍ය ශ්රමණයෙකුගේ හෝ බමුණෙකුගේ හෝ බස් අසා මම නොම කියමි.
“තවද මහණෙනි, කාය දුශ්චරිතයෙන් යුක්තවූද වාග් දුශ්චරිතයෙන් යුක්තවූද, මනො දුශ්චරිතයෙන් යුක්ත වූද, ආර්යයන්ට ගර්හාකළාවූද, විපරීත දර්ශනයෙන් යුක්තවූද මිථ්‍යාදෘෂ්ටි කර්මයන් සමාදාන කොට ඇත්තාවූද සත්වයෝ මා විසින් දක්නා ලද්දාහුය. මහණෙනි, ඒ සත්වයෝ කය බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ දුකට පිහිටවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුයයි මහණෙනි, යමක්ම තමා විසින් දන්නාලද්දේද තමා විසින් දක්නා ලද්දේද, තමා විසින් ප්‍රකට කොට දන්නා ලද්දේද, එයම මම කියමියි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“මේ ලෝකයෙහි පුද්ගලතෙමේ සිත වරදවා පිහිටුවා මිථ්‍යා වචන කියා කයින් වැරදි කර්මයන් කොට (හැසුරුණේද)
“මේ මිනිස් ලොව ස්වල්ප ජීවිතය ඇතිකල්හි ද තොරවූ පව් කරන්නාවූ ඒ නුවණ නැති පුද්ගල තෙමේ කය බිඳීමෙන් පසු නරකයට (උත්පත්ති වශයෙන්) පැමිණේයයි.”
|
2. සම්මාදිට්ඨිකසුත්තං | 2. දිට්ඨ සුගති සූත්‍රය |
71
වුත්තඤ්හෙතං
‘‘දිට්ඨා මයා, භික්ඛවෙ, සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන
‘‘තං ඛො පනාහං, භික්ඛවෙ, නාඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා සුත්වා වදාමි. දිට්ඨා මයා
‘‘දිට්ඨා මයා, භික්ඛවෙ, සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘සම්මා මනං පණිධාය, සම්මා වාචඤ්ච භාසිය
(සම්මා වාචං අභාසිය (සබ්බත්ථ));
සම්මා කම්මානි කත්වාන, කායෙන ඉධ පුග්ගලො.
‘‘බහුස්සුතො පුඤ්ඤකරො, අප්පස්මිං ඉධ ජීවිතෙ;
කායස්ස භෙදා සප්පඤ්ඤො, සග්ගං සො උපපජ්ජතී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. දුතියං.
|
71
“මහණෙනි, කයින් පින් කිරීමෙන් යුක්තවූද, වචනයෙන් සුචරිතයෙහි හැසිරීමෙන් යුක්තවූද, සිතින් සුචරිතයෙහි හැසිරීමෙන් යුක්තවූද, ආර්යයන්ට උපවාද නොකළාවූද, සම්‍යග් දෘෂ්ටියෙන් යුක්ත වූද මනා දර්ශනය හේතුකොට ගන්නා ලද කර්මයන් ඇත්තාවූද සත්වයෝ මා විසින් දක්නා ලද්දාහුය. ඒ සත්වයෝ ශරීරය බිඳීයාමෙන් (මරණින් මතු) මනා ගති ඇත්තාවූ සුවයෙන් අග්‍රවූ දෙව්ලොවට පැමිණියාහුය. මහණෙනි, මා විසින් කාය සුචරිතයෙන් යුක්තවූද වාග්සුචරිතයෙන් යුක්ත වූද මනො සුචරිතයෙන් යුක්තවූද ආර්යයනට උපවාද නොකළාවූද, සම්‍යක් දෘෂ්ටි ඇත්තාවූද, සම්‍යක් දර්ශනයෙන් මනාකොට ගන්නාලද කර්මයන් ඇත්තාවූද සත්වයෝ දක්නා ලද්දාහුය, ඒ සත්වයෝ කය බිඳීමෙන් පසු ශෝභනගති ඇත්තාවූ සැපයෙන් අග්‍රවූ දිව්‍යලෝකයට පැමිණියාහ”යි ඒ ප්‍රකාශය වූකලි අන් මහණෙකුගේ වේවයි බමුණෙකුගේ වේවයි තෙපුල් අසා නොම කියමි.
“නැවතද කරුණක් ඇත:- “මහණෙනි, කයින් සුසිරි කිරීමෙන් යුක්තවූද වචනයෙන් සුචරිතයෙහි හැසිරීමෙන් යුක්තද සිතින් සුචරිතයෙහි හැසිරීමෙන් යුක්තවූද ආර්යයනට ගර්හා නොකළාවූද සම්‍යග්දෘෂ්ටි ඇත්තාවූද, සම්‍යක් දෘෂ්ටි හේතුවෙන් මනාව ගන්නාලද කර්මයන් ඇත්තාවූද සත්වයෝ මා විසින් දක්නාලද්දාහුය, ඒ සත්වයෝ ශරීරය බිඳීයාමෙන් මරණින් මත්තෙහි සුන්දරගති ඇත්තාවූ සැපයෙන් අග්‍රවූ දෙව්ලොවට පැමිණියාහුය, (යන) යමක් තමා විසින්ම දන්නා ලද්දේද, තමා විසින් දක්නා ලද්දේද, තමා විසින් ප්රකටව දන්නා ලද්දේද, මම එයම කියමියි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“මේ ලෝකයෙහි (යම්) පුද්ගලයෙක් සිත මනාව පිහිටුවා වචනයෙන් (මුසාවාදාදිය) නොකියා මනාව (පිහිටුවා) කයින් මනා කර්මාන්තයන් කොට (විසීද,)
“මේ මිනිස් ලොව ස්වල්ප ජීවිතය ඇතිකල්හි බහුශ්‍රැතවූ පින්කළාවූ සප්‍රාඥවූ ඒ පුද්ගලතෙමේ ශරීරයාගේ බිඳීමෙන් (මැරීමෙන්) ස්වර්ගයට පැමිණේය”යි.
|
3. නිස්සරණියසුත්තං | 3. නිස්සාරණීයධාතු සූත්‍රය |
72
වුත්තඤ්හෙතං
‘‘තිස්සො ඉමා, භික්ඛවෙ, නිස්සරණියා
(නිස්සාරණීයා (අ. නි. 5.200)) ධාතුයො. කතමා තිස්සො? කාමානමෙතං නිස්සරණං
‘‘කාමනිස්සරණං ඤත්වා, රූපානඤ්ච අතික්කමං;
සබ්බසඞ්ඛාරසමථං, ඵුසං ආතාපි සබ්බදා.
‘‘ස වෙ සම්මද්දසො භික්ඛු, යතො තත්ථ විමුච්චති;
අභිඤ්ඤාවොසිතො සන්තො, ස වෙ යොගාතිගො මුනී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. තතියං.
|
72
“මහණෙනි, නික්මීම පිළිබඳවූ සත්තශුන්ය ස්වභාවයෝ තුන්දෙනෙක් වෙති. කවර තුණක්ද යත්? මේ ප්රථමධ්යානයෙක් වේද, මේ කාමයන්ගේ පහවීමය, යම් මේ අරූපාවචර ධ්යානයෙක්වේද, මේ රූපාවචර ධර්මයන්ගේ පහවීමය, උපන්නාවූ කරන ලද්දාවූ හේතුවෙන් උපන්නාවූ යම් කිසි ධර්මයෙක් වේද, ඒ යම් හේතුවකින් ඇතිවූ ධර්මයාගේ පහවීම නිර්වාණය වේ. මහණෙනි, මේ වනාහි පහවීමට හේතුවූ තුන් ධාතුහු වෙත්යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“මේ කාමයන්ගේ පහවීම දැන රූපාවචර ධර්මයන්ගේද ඉක්මවන උපායවූ සියලු සංස්කාරයන් සංසිඳීම ඇති නිවන (නුවණින්) ස්පර්ශ කරන්නාවූ සදහටම කෙලෙස් තවන වීර්යය ඇත්තාවූ,
“යම් හෙයකින් සංයමවූ මනාව දක්නා සුලුවූ ඒ මහණ තෙමේ ඒකාන්තයෙන් ඒ පඤ්චොපාදානස්කන්ධයන්හි මිදේද, ඒකාන්තයෙන් අභිඥාසයෙන් අවසන් කළාවූ කෙලෙස් සංසිඳවූ දන්නාවූ ඒ මහණතෙමේ (කාමාදී සතර) යෝගයන් ඉක්මවූයේයයි.”
|
4. සන්තතරසුත්තං | 4. සන්තතර සූත්‍රය |
73
වුත්තඤ්හෙතං
‘‘රූපෙහි, භික්ඛවෙ, අරූපා
(ආරුප්පා (සී.)) සන්තතරා, අරූපෙහි නිරොධො සන්තතරො’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘යෙ ච රූපූපගා සත්තා, යෙ ච අරූපට්ඨායිනො
(ආරුප්පට්ඨායිනො (සී.));
නිරොධං අප්පජානන්තා, ආගන්තාරො පුනබ්භවං.
‘‘යෙ ච රූපෙ පරිඤ්ඤාය, අරූපෙසු අසණ්ඨිතා;
නිරොධෙ යෙ විමුච්චන්ති, තෙ ජනා මච්චුහායිනො.
‘‘කායෙන අමතං ධාතුං, ඵුසයිත්වා නිරූපධිං;
උපධිප්පටිනිස්සග්ගං, සච්ඡිකත්වා අනාසවො;
දෙසෙති සම්මාසම්බුද්ධො, අසොකං විරජං පද’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. චතුත්ථං.
|
73
මහණෙනි, රූපාවචර ධර්මයනට වඩා අරූපාවචර ධ්‍යානයෝ අතිශයින් ශාන්තයහ. අරූපාවචරධ්යානට වඩා නිර්වාණය අතිශයින් ශාන්තයයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළ සේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“රූපභවයට පැමිණි යම් සත්වකෙනෙක් වෙද්ද, අරූපාවචරවූ යම් සත්ව කෙනෙක් වෙද්ද, නිර්වාණය නොදන්නාවූ (ඒ) සත්වයෝ පුනරුත්පත්තියට එන්නාහුය.
“යම් කෙනෙක් වනාහි රූපාවචර ධර්මයන් පිරිසිඳ දැන, අරූප භවයන්හි නොසිටින්නාහු නිර්වාණයෙහි (කෙලෙසුන් ගෙන්) මිදෙද්ද, ඒ ක්ෂීණාශ්රව ජනයෝ (පඤ්ච) මාරයන් පහකරන්නාහුය.
“(කාමාදි) ආශ්‍රවයන් නැත්තාවූ මනාව අවබෝධ කළාවූ සර්වඥයන් වහන්සේ (නාම) කයින් (මාර්ගඵලයන් ගෙන්) නිර්වාණ ධාතුවට පැමිණ උපධීන් දුරලීමට කරුණුවූ නිර්වාණය ප්රත්යක්ෂ කොට ශොක නැත්තාවූ කෙලෙස් රජස් නැත්තාවූ නිර්වාණය දෙසන සේකැයි”
|
5. පුත්තසුත්තං | 5. පුත්තත්තය සූත්‍රය |
74
වුත්තඤ්හෙතං
‘‘තයොමෙ, භික්ඛවෙ, පුත්තා සන්තො සංවිජ්ජමානා
‘‘කථඤ්ච
‘‘කථඤ්ච
‘‘කථඤ්ච
‘‘අතිජාතං අනුජාතං, පුත්තමිච්ඡන්ති පණ්ඩිතා;
අවජාතං න ඉච්ඡන්ති, යො හොති කුලගන්ධනො.
‘‘එතෙ ඛො පුත්තා ලොකස්මිං, යෙ භවන්ති උපාසකා;
සද්ධා සීලෙන සම්පන්නා, වදඤ්ඤූ වීතමච්ඡරා;
චන්දො අබ්භඝනා මුත්තො, පරිසාසු විරොචරෙ’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඤ්චමං.
|
74
“මහණෙනි, ලෝකයෙහි මේ සූත්‍රයෝ තුන්දෙනෙක් ලැබෙන්නාහුය, විද්‍යමාන වන්නාහුය, කවර තුන්දෙනෙක්ද යත්? (තමාගේ ගුණයෙන් මවුපියන් ඉක්මවා) උපන්නාවූ (මවුපියනට වඩා ගුණ ඇති) පුත්‍රයාය (ගුණයෙන් මවුපියනට අනුරූපව) උපන්නාවූ (මව්පියන් හා සමාන ගුණ ඇති) පුත්‍රයාය මව්පියනට වඩා හීනගුණ ඇති පුත්‍රයාය යන තිදෙනය.
“මහණෙනි, කෙසේ වනාහි පුත්‍රතෙමේ අධික ගුණ ඇත්තේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි පුතාගේ මවුපියෝ බුදුන් සරණ නොගියාහු වෙද්ද, දහම් සරණ නොගියාහු වෙද්ද, සඟ සරණ නොගියාහු වෙද්ද, ප්‍රාණඝාතයෙන් නොවැළකුණාහු වෙද්ද, (හිමියන් විසින්) නුදුන් දැය ගැණීමෙන් නොවැළකුණාහුද වෙද්ද, කාමයන්හි වරදවා හැසිරීමෙන් නොවැළකුණාහු වෙද්ද, බොරුකීමෙන් නොවැළකුණාහු වෙද්ද, මදප්‍රමාදයට කරුණුවූ රහමෙර පීමෙන් නොවැළකුණාහු වෙද්ද, සිල් නැත්තාහු වෙද්ද, ලාමක ස්වභාවය ඇත්තෝ වෙද්ද, ඔවුන්ගේ පුතා වනාහි බුදුන්සරණ ගියේ වේද, දහම් සරණ ගියේ වේද, සඟ සරණ ගියේ වේද, ප්‍රාණඝාතයෙන් වෙන්වූයේ වේද, හොරකම් කිරීමෙන් වෙන්වූයේ වේද, කාම මිථ්‍යාචාරයෙන් වෙන්වූයේ වේද, මුසාවාදයෙන් වෙන්වූයේ වේද, මත්වීමට හා ප්‍රමාදයට හේතුවූ රහමෙරපීමෙන් වෙන්වූයේ වේද, සිල්වත්වේද, යහපත් ස්වභාවය ඇත්තේ වේද, මහණෙනි මෙසේ වනාහී පුත්‍රතෙමේ (මවු පියනට වඩා) අධික ගුණ ඇත්තේ (අතිජාතපුත්ර) වේ.
“මහණෙනි, කෙසේ වනාහි පුත්‍රතෙමේ (මවුපියන් අනුරූපව උපන් හා සමාන ගුණ ඇත්තේවේද, මහණෙනි, මේ ලෝකයෙහි පුත්‍රයාගේ මවුපියෝ බුදුන් සරණ ගියෝවෙද්ද, දහම් සරණ ගියෝවෙද්ද, සඟ සරණ ගියෝවෙද්ද, සත්වඝාතනයෙන් වැළකුණෝ වෙද්ද, සොරකම් කිරීමෙන් වැළකුණෝ වෙද්ද, කාම මිථ්‍යාචාරයෙන් වැළකුණෝ වෙද්ද, බොරුකීමෙන් වැළකුණෝ වෙද්ද, මත්වීමට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පීමෙන් වැළකුණේ වෙද්ද, සිල් ඇත්තෝ වෙද්ද, කලණ දහම් ඇත්තෝ වෙද්ද, ඔවුන්ගේ පුත් තෙමේද බුදුන්සරණ ගියේ වේද, ධර්මය සරණ ගියේ වේද, සංඝයා සරණ ගියේ වේද, සතුන් මැරීමෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාම මිථ්‍යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මත්වීමටද ප්‍රමාදයටද හේතු සුරාමෙරය පානයෙන් වැළකුණේ වේද, සිල්වත් වේද කුසල් දහම් ඇත්තේ වේද, මහණෙනි, මෙසේ වනාහි පුත්‍රතෙමේ අනුජාතයෙක් වේ. (මව්පියනට සමාන ගුණ ඇත්තේ වේ.)
“මහණෙනි, කෙසේ වනාහි පුත්‍රතෙමේ අවජාත වේද, මහණෙනි, මේ ලෝකයෙහි පුත්‍රයාගේ මවුපියෝ බුදුන් සරණ ගියාහු වෙද්ද, ධර්මය සරණ ගියාහු වෙද්ද සංඝයා සරණ ගියාහු වෙද්ද, ප්‍රාණ වධයෙන් වැළකුණාහු වෙද්ද, අදත්තාදානයෙන් වැළකුණාහු වෙද්ද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණාහු වෙද්ද, බොරුබස් බිණුමෙන් වැළකුණාහු වෙද්ද, මත්වීමට හා සිහියෙන් වෙන්වීමට හේතුවූ රහමෙර පීමෙන් වැළකුණාහුවෙද්ද, සිල්වත්වූවාහු වෙද්ද, යහපත් ස්වභාවය ඇත්තාහු වෙද්ද, ඔවුන්ගේ පුත්‍රතෙමේ වනාහි බුදුරුවන් සරණ නොගියේ වේද, දහම්රුවන් සරණ නොගියේ වේද, සඟුරුවන් සරණ නොගියේ වේද, ප්‍රාණඝාතයන් නොවැළකුණේවේද හොරකම් කිරීමෙන් නොවැළකුණේ වේද, කාමමිථ්‍යාචාරයෙන් නොවැළකුණේ වේද, මුසාවාදයෙන් නොවැළකුණේවේද, මත්වීමට කරුණුවූ රහමෙර බීමෙන් නොවැළකුණේ වේද, දුශ්ශීල වේද, පව් ස්වභාවය ඇත්තේ වේද, මහණෙනි, මෙසේ වනාහි පුත්‍ර තෙමේ අවජාතවේ. (මව්පියනට වඩා හීන ගුණ ඇත්තේ වේද, මහණෙනි, මේ පුත්‍රයෝ තුන්දෙන වනාහි ලෝකයෙහි ඇත්තාහුය, විද්යමානවන්නාහු යයි”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“පණ්ඩිතයෝ අතිජාත (මව්පියනට වඩා අධික ගුණ ඇතිව උපන්) පුත්‍රයාද අනුජාත (මවුපියනට සමාන ගුණ ඇතිව උපන්) පුත්‍රයාද කැමැති’ වෙත්, යමෙක් කුලය නසන්නේ වේද, (එබඳු) අවජාත (මව්පියනට වඩා හීන ගුණ ඇතිව උපන්) පුත්‍රයා නොකැමැති වෙති.
“ලෝකයෙහි මේ තුන්දෙනම පුත්‍රයෝ වෙති, යම් (පුත්‍ර) කෙනෙක් උපාසකයෝ වෙද්ද, ශ්‍රද්ධාව ඇත්තාහු වෙද්ද, යුක්තවූවාහු වෙද්ද, (යාචකයන්ගේ) වචන දන්නාහු වෙද්ද, අදහස් දන්නාහු වෙද්ද, (නොහොත් ‘දෙව යන ඒ යාචකයන්ගේ බස් අසා මොහු පෙර දන් නොදී මෙබන්දෝ වූහ. මා එසේ නොවිය යුතුයයි’ ඔවුනට පරිත්‍යාගයෙන් ඒ අර්ථය දන්නාහු වෙද්ද, (පණ්ඩිතයන්ගේ කර්මය ස්වකීය කොට ඇති බව ආදිය ප්‍රකාශ කරණ වචන හේ දන්නාහු වෙද්ද පහවූ මසුරු මල ඇත්තාහු වෙද්ද වලාකුළෙන් හා වැසිවලාකුළෙන් මිදුනු සඳසේ (ක්ෂත්රියාදි) අටපිරිසෙහි බබළත්යයි.
|
6. අවුට්ඨිකසුත්තං | 6. අවුට්ඨිකසම සූත්‍රය |
75
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘තයොමෙ, භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො? අවුට්ඨිකසමො
‘‘කථඤ්ච
‘‘කථඤ්ච, භික්ඛවෙ, පුග්ගලො පදෙසවස්සී හොති? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො එකච්චානං දාතා (හොති)
(( ) නත්ථි ස්‍යාමපොත්ථකෙ), එකච්චානං න දාතා හොති සමණබ්රාහ්මණකපණද්ධිකවනිබ්බකයාචකානං අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. එවං ඛො, භික්ඛවෙ, පුග්ගලො පදෙසවස්සී හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, පුග්ගලො සබ්බත්ථාභිවස්සී හොති? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො සබ්බෙසංව දෙති, සමණබ්රාහ්මණකපණද්ධිකවනිබ්බකයාචකානං අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. එවං ඛො, භික්ඛවෙ, පුග්ගලො සබ්බත්ථාභිවස්සී හොති. ඉමෙ
‘‘න සමණෙ න බ්රාහ්මණෙ, න කපණද්ධිකවනිබ්බකෙ;
ලද්ධාන සංවිභාජෙති, අන්නං
තං වෙ අවුට්ඨිකසමොති, ආහු නං පුරිසාධමං.
‘‘එකච්චානං
තං වෙ පදෙසවස්සීති, ආහු මෙධාවිනො ජනා.
‘‘සුභික්ඛවාචො පුරිසො, සබ්බභූතානුකම්පකො;
ආමොදමානො පකිරෙති, දෙථ දෙථාති භාසති.
‘‘යථාපි මෙඝො ථනයිත්වා, ගජ්ජයිත්වා පවස්සති;
ථලං නින්නඤ්ච පූරෙති, අභිසන්දන්තොව
(අභිසන්දෙන්තොව (?)) වාරිනා.
‘‘එවමෙව
ධම්මෙන සංහරිත්වාන, උට්ඨානාධිගතං ධනං;
තප්පෙති
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. ඡට්ඨං.
|
75
“මහණෙනි, මේ (සත්ව) ලෝකයෙහි තුන් පුද්ගල කෙනෙක් ඇත්තාහුය, විද්‍යමාන වන්නාහුය, කවර තුන් පුද්ගලයෝද යත්? නොවසින මේඝය වැසි වලාකුළ සමාන පුද්ගලයාය එක් ප්‍රදෙශයකට වසින මේඝය සමාන පුද්ගලයාය සියලු තන්හි වස්නා මේඝය සමාන පුද්ගලයාය (යන තිදෙනය.)
“මහණෙනි, නොවස්නා මේඝය වැනි පුද්ගල තෙම කෙසේ වේද? මහණෙනි. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක්තෙම මහණ බමුණෝය, දුගී මගීහුය යන මොවුන්ට ආහාරය, පානවර්ගය, වස්ත්‍රය, මල්ය, සුවඳය විලවුන්ය (ඇඳ පුටු පලස් ආදී) හෝනාදෑය ගෙවල්ය පහන්ය, (යන කිසිවක්) නොදෙන්නේ වේද මහණෙනි, මෙසේ වනාහි පුද්ගලතෙම නොවස්නා මේඝය බඳු වේ.
“මහණෙනි, කෙසේ නම් පුද්ගලතෙමේ (එක්) දේශයකට වස්නා මේඝය වැනි වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙමේ අහරද පාන වර්ගද වස්ත්‍රද යහන්ද මල් ගඳ විලවුන්ද සයනාසන ගෘහ පහන් උපකරණද ශ්‍රමණ බ්‍රාහ්මණ දිළින්දෝය, මග යන දුප්පතුන්ය, පුලන්නෝය, සිඟන්නෝය යන මොවුන් අතුරෙන් ඇතැම් කෙනෙකුන්ට දෙන්නේ වෙයි. ඇතැම් කෙනෙකුන්ට නොදෙන්නේ වෙයි, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙමේ (එක්) දේශයකට වස්නා මේඝය බඳු වේ.
“මහණෙනි, කෙසේ නම් පුද්ගලතෙමේ හැමතන්හි වස්නා මේඝය බඳු වේද? මහණෙනි, මහණ බමුණන්ටද දුගී මගීන්ටද ගුණවණා ඉල්ලන්නවුන්ටද සිඟන්නන්ටද යන සියල්ලන්ටම ආහාරද පාන ජාතිද වස්ත්‍රද යහන්ද මල් ගඳ විලවුන්ද සයනාසනද ආවාසය පහන් යන මෙයද දෙන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගලතෙමේ සියලු තන්හි වස්නා මේඝය බඳු වේ.
“මහණෙනි, මේ තුන්පුද්ගලයෝ වනාහි මේ ලෝකයෙහි ඇත්තාහුය විද්‍යමාන වන්නාහුයයි.”
“භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“(යමෙක්) අහරද පාන වර්ගද භොජන වර්ගද ලැබ ශ්‍රමණයනට නොදේද, බ්රාහ්මණයනටත් නොදේද, දුගී මගී යදියනටත් නොදේද, තමාගේ කොටසින් බෙදාදීමකුත් නොකෙරේද,
“ඒකාන්තයෙන් එබඳු (තද මසුරුවූ) ඒ නිහීනවූ පුරුෂයා නොවස්නා මේඝය බඳුයයි (පණ්ඩිතයෝ) කියත් (යමෙක්) සමහරුන්ට නොදේද, සමහරුන්ට දේද, ඒකාන්තයෙන් ඔහු (එක්) ප්‍රදෙශයකට වස්නා මේඝය බඳු යයි නුවණැති දනෝ කියති.
“ඒ පුද්ගලතෙම සියලු සත්නට අනුකම්පාව කරන්නේ තුටුපහටු සිත් ඇත්තේ වපුරන්නාක්, මෙන් කෙරේද, දෙවු දෙවුයයි කියාද,
“යම්සේ වනාහී මේඝය ශබ්ද කොට ගුගුරා වස්නේද දියෙන් ගොඩද වළද ගලමින් පුරාද,
“එපරිද්දෙන්ම මේ සත්ව ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මහා මේඝය වැනි වේ. (තමාගේ) උට්ඨාන වීර්යයෙන් ලබන ලද (යම්) ධනය වේද, දැහැමින් රැස්කොට (උපන්) ආහාර පානයෙන් මනාව පැමිණියාවූ යාචකයන් පිනවායයි.’
|
7. සුඛපත්ථනාසුත්තං | 7. සුඛපත්ථනා සූත්‍රය |
76
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘තීණිමානි, භික්ඛවෙ, සුඛානි පත්ථයමානො සීලං රක්ඛෙය්ය පණ්ඩිතො. කතමානි තීණි? පසංසා මෙ ආගච්ඡතූති
(ආගච්ඡන්තූති (ස්‍යා.)) සීලං රක්ඛෙය්ය පණ්ඩිතො, භොගා මෙ උප්පජ්ජන්තූති සීලං රක්ඛෙය්ය පණ්ඩිතො, කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සාමීති සීලං රක්ඛෙය්ය පණ්ඩිතො. ඉමානි ඛො, භික්ඛවෙ, තීණි සුඛානි පත්ථයමානො සීලං රක්ඛෙය්ය පණ්ඩිතො’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘සීලං
පසංසං විත්තලාභඤ්ච, පෙච්ච සග්ගෙ පමොදනං.
‘‘අකරොන්තොපි
සඞ්කියො හොති පාපස්මිං, අවණ්ණො චස්ස රූහති.
‘‘යාදිසං කුරුතෙ මිත්තං, යාදිසං චූපසෙවති;
ස
‘‘සෙවමානො සෙවමානං, සම්ඵුට්ඨො සම්ඵුසං පරං;
සරො දිද්ධො කලාපංව, අලිත්තමුපලිම්පති;
උපලෙපභයා
(උපලිම්පභයා (ක.)) ධීරො, නෙව පාපසඛා සියා.
‘‘පූතිමච්ඡං කුසග්ගෙන, යො නරො උපනය්හති;
කුසාපි පූති වායන්ති, එවං බාලූපසෙවනා.
‘‘තගරඤ්ච පලාසෙන, යො නරො උපනය්හති;
පත්තාපි සුරභි වායන්ති, එවං ධීරූපසෙවනා.
‘‘තස්මා
අසන්තෙ නුපසෙවෙය්ය, සන්තෙ
අසන්තො නිරයං නෙන්ති, සන්තො පාපෙන්ති සුග්ගති’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. සත්තමං.
|
76
“මහණෙනි, මේ තුන් සුව නිමිති කැමැතිවන්නාවූ පණ්ඩිත තෙමේ සිල්රක්නේය, කවර තුනක්දයත්? පණ්ඩිතතෙමේ “මට පැසසීම පැමිණේවා”යි සිල්රක්නේය, “මට භොගයෝ (සම්පත්) උපදිත්වා”යි පණ්ඩිතතෙම සිල්රක්නේය, (ශරීරයාගේ) බිඳීමෙන් මරණින් මත්තෙහි සොඳුරුගති ඇත්තාවූ සැපයෙන් අග්‍රවූ දෙව්ලොව උපදීවා”යි පණ්ඩිත තෙමේ සිල් රක්නේය, මහණෙනි, මේ සුවකරුණු තුන වනාහි පතමින් පණ්ඩිතතෙම සිල්රක්නේයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“ප්‍රශංසාවද ධනය ලැබීමද පරලොව ස්වර්ගයෙහි සතුටුවීමද (යන) තුන් සුවපතමින් ප්‍රාඥතෙම සිල් රක්නේය. “ඉදින් (යමෙක්) පව් නොකරන්නේද (පව්) කරන්නෙකු සේවනය කෙරේද, පවෙහි සැක කටයුත්තෙක් වන්නේය, ඒ පුද්ගලයාගේ අවර්ණයද පැතිරෙයි.
“(යමෙක්) යම්බඳුවූ මිතුරෙකු ආශ්‍රය කෙරේද, යම්බඳු පුද්ගලයකු සේවනය කෙරේද, ඒ පුද්ගල තෙමේ ඒකාන්තයෙන් එබන්දෙක්වෙයි, යම්හෙයකින් එක්ව විසීමවේද, හෙතෙමේද එබන්දෙක්වෙයි. පිරිසිදු අන්‍යවූ පුද්ගලයෙකු සෙවනය කරන්නාවූ පුද්ගලයෙක් කලින් කල පාපියා සෙවුනා ලබන්නේ වේද, (යම්සේ) විස පොවනලද ඊය (විෂ නොපොවන ලද්දාවූද ඊ සමූහයෙහි තිබුනේ ඊ සියල්ලෙහිම විෂ තැවරේද, එමෙන් තැවරෙන බියෙන් පණ්ඩිත පුරුෂතෙමේ පවිටු යහළුවන් ඇත්තෙක් නොවන්නේය.
“යම් මිනිසෙක් (පිළිකුල් බැවින්) කුණුමස් කුස තණ අගින් බඳීද, කුසතණද කුණු ගඳම හමද්ද, බාල ජනයන් සේවනය කිරීම එබඳුමවේ.
“යම් පුරුෂයෙක් තෙමේ තුවරළා නමැති සුවඳ අන්‍යවූ කොළයක් හා බඳීද, (සුවඳ නැති) පුත්‍රයෝද (තුවරළා නමැති සුවඳ හා සම්බන්ධයෙන් සුවඳ හමද්ද, නුවණැත්තන්ගේ සේවනයද එබඳුම වේ.) “එහෙයින් කොළයේ සුවඳ හා දුගඳමෙන් තමහට (වන) විපාකය දැන පණ්ඩිතතෙම අසත්පුරුෂයන් සේවනය නොකරන්නේය. සත්පුරුෂයන් සේවනය කරන්නේය, (එය එසේමැයි) අසත්පුරුෂයෝ නිරයට යෙත්, සත්පුරුෂයෝ සුගතියට පමුණුවත්යයි.”
|
8. භිදුරසුත්තං | 8. භිදුරකාය (භින්දන) සූත්‍රය |
77
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘භිදුරායං
(භින්දන්තායං (ස්‍යා. පී. ක.)), භික්ඛවෙ, කායො, විඤ්ඤාණං විරාගධම්මං, සබ්බෙ උපධී අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘කායඤ්ච
උපධීසු
සම්පත්වා පරමං සන්තිං, කාලං කඞ්ඛති භාවිතත්තො’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. අට්ඨමං.
|
77
“මහණෙනි, මේ රූප කය බිඳෙන (වැනසෙන) සුලුය, විඥානය නැසෙන ස්වභාවය ඇත්තේය, සියලු සසර ඉපදීමට හේතුවන දේ අනිත්‍යයහ, දුක්වෙති, පෙරලෙන ස්වභාවය ඇත්තෝවෙත්යයි”
“භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“රූප කයද බිඳෙන සුලුයයිද විඤ්ඤාණය නැසෙන ස්වභාවය ඇත්තේයයි දැන උපධීන්හි බියදැක ජරාමරණය ඉක්මවූ වැඩුණු රහත්තෙමේ උතුම්වූ නිර්වාණය අවබෝධකොට කාලය කැමතිවේයයි.”
|
9. ධාතුසොසංසන්දනසුත්තං | 9. ධාතු සංසන්දන සූත්‍රය |
78
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති
‘‘ධාතුසො, භික්ඛවෙ, සත්තා සත්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙහි සත්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති, කල්යාණාධිමුත්තිකා සත්තා කල්යාණාධිමුත්තිකෙහි සත්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
‘‘අතීතම්පි, භික්ඛවෙ, අද්ධානං ධාතුසොව සත්තා සත්තෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු. හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙහි සත්තෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු, කල්යාණාධිමුත්තිකා සත්තා කල්යාණාධිමුත්තිකෙහි සත්තෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු.
‘‘අනාගතම්පි
‘‘එතරහිපි, භික්ඛවෙ, පච්චුප්පනං අද්ධානං ධාතුසොව සත්තා සත්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙහි සත්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති, කල්යාණාධිමුත්තිකා සත්තා කල්යාණාධිමුත්තිකෙහි සත්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්තී’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘සංසග්ගා වනථො ජාතො, අසංසග්ගෙන ඡිජ්ජති;
පරිත්තං
‘‘එවං
තස්මා තං පරිවජ්ජෙය්ය, කුසීතං හීනවීරියං.
‘‘පවිවිත්තෙහි අරියෙහි, පහිතත්තෙහි ඣායිභි;
නිච්චං ආරද්ධවීරියෙහි, පණ්ඩිතෙහි සහාවසෙ’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. නවමං.
|
78
“මහණෙනි, සත්වයෝ අදහස් ස්වභාවයෙන් සත්වයන් සමග එකතුවෙත්, පැමිණෙත්, ලාමක අදහස් ඇති සත්වයෝ ලාමක අදහස් ඇති සත්වයන් සමග සැසැඳෙත් සමබවට පැමිණෙත්, යහපත් අදහස් ඇති සත්වයෝ මනා අදහස් ඇති සත්වයන් සමග සැසැඳෙත්, සමානව පැමිණෙත්.
“මහණෙනි, යටගිය දවසෙහිද සත්වයෝ සත්වයන් සමග ධාතුවශයෙන් අදහස් වශයෙන් සැසැඳුනාහ. එක්වූහ, හීන අදහස් ඇති සත්වයෝ හීන අදහස් ඇති සත්වයන් සමග සැසැඳුනාහුය. එක්වූවාහුය. කලණ අදහස් ඇති සත්වයෝ කලණ අදහස් ඇති සත්වයන් සමග සැසැඳුනාහුය එක්වූවාහුය.
“මහණෙනි, අනාගතකාලයෙහිද අදහස් වශයෙන් සත්වයෝ සත්වයන් සමග සැසැඳෙන්නාහුය, එක්වන්නාහුය, ලාමක අදහස් ඇති සත්වයෝ ලාමක අදහස් ඇති සත්වයන් සමග සැසැඳෙන්නාහ, එක්වන්නාහ, හොඳ අදහස් ඇති සත්වයෝ හොඳ අදහස් ඇති සත්වයන් සමග සැසැඳෙන්නාහුය.
මහණෙනි, වර්තමාන කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් සත්වයන් සමග සැසැඳෙති, එක්වෙති, ලාමක අදහස් ඇති සත්වයෝ ලාමක අදහස් ඇති සත්වයන් සමග සැසැඳෙති, එක්වෙති, සොඳුරු අදහස් ඇති සත්වයෝ සොඳුරු අදහස් ඇති සත්වයන් සමග සැසැඳෙති, එක්වෙතියි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“එක්ව යෙදීමෙන් තෘෂ්ණා ස්නෙහයෙන් කෙලෙස් වනයක් හටගත්තේද, එක්ව නොසිටීමෙන් නොඇලීමෙන් විනාශ වෙයි. යම්සේ කුඩා ලීයෙන් කළ පසුරකට නැග මහමුහුදේ ගිලෙන්නේද, එපරිද්දෙන්ම පිරිසිදු දිවි පැවැත්ම ඇති සත්පුරුෂතෙමේද අලසවූ පුද්ගලයා නිසා ගිලෙයි, එහෙයින් අලසවූ වීර්යය කිරීමෙන් තොරවූ ඒ පුද්ගලයා දුරු කරන්නේය, විවේකය ඇත්තාවූ පිරිසිදුවූ නිවන් පිණිස යවන ලද සිත් ඇත්තාවූ ධ්‍යාන කරන සුලුවූ නිතර පටන්ගන්නා ලද වීර්යය ඇති පණ්ඩිතයන් සමග වසන්නේයයි.”
|
10. පරිහානසුත්තං | 10. සෙඛ පරිහානි සූත්‍රය |
79
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘තයොමෙ, භික්ඛවෙ, ධම්මා සෙඛස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති. කතමෙ තයො? ඉධ, භික්ඛවෙ, සෙඛො භික්ඛු කම්මාරාමො හොති, කම්මරතො, කම්මාරාමතමනුයුත්තො; භස්සාරාමො හොති, භස්සරතො, භස්සාරාමතමනුයුත්තො; නිද්දාරාමො හොති, නිද්දාරතො, නිද්දාරාමතමනුයුත්තො. ඉමෙ ඛො, භික්ඛවෙ, තයො ධම්මා සෙඛස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති.
‘‘තයොමෙ, භික්ඛවෙ, ධම්මා සෙඛස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති. කතමෙ තයො? ඉධ, භික්ඛවෙ, සෙඛො භික්ඛු න කම්මාරාමො හොති, න කම්මරතො, න කම්මාරාමතමනුයුත්තො; න භස්සාරාමො හොති, න භස්සරතො, න භස්සාරාමතමනුයුත්තො; න නිද්දාරාමො හොති, න නිද්දාරතො
‘‘කම්මාරාමො භස්සාරාමො
(භස්සරතො (සබ්බථ)), නිද්දාරාමො ච උද්ධතො;
අභබ්බො
‘‘තස්මා හි අප්පකිච්චස්ස, අප්පමිද්ධො අනුද්ධතො;
භබ්බො සො තාදිසො භික්ඛු, ඵුට්ඨුං සම්බොධිමුත්තම’’න්ති.
අයම්පි
|
79
“මහණෙනි, ශෛක්ෂ (රහත් බවට හික්මෙන) භික්ෂුවගේ පිරිහීම පිණිස මේ කරුණු තුනක් පවතිත්. කවර තුනක්ද, මහණෙනි, මේ ශාසනයෙහි ශෛක්ෂ භික්ෂුතෙමේ කර්මාන්තයෙහි ඇලීම ඇත්තේවේද, කර්මාන්තයෙහි ඇලුනේවේද, කර්මාන්තයෙහි ඇල්මෙහි යෙදුනේවේද, කථාවෙහි ඇලීම ඇත්තේවේද, (දෙතිස්) කථාවෙහි ඇලුනේ වේද, (දෙතිස්) කථාවේ ඇල්මෙහි යෙදුනේවේද, (නිතර) නිදීමෙන් ඇලීම ඇත්තේවේද, නිදීමෙහි ඇලුනේවේද, නිදීමේ ඇල්මෙහි යෙදුනේවේද, මහණෙනි, මේ ධර්ම තුන වනාහි ශෛක්ෂ භික්ෂුවගේ පිරිහීම පිණිස පවතිත්.
“මහණෙනි, මේ තුන්ධර්‍මයෝ ශෛක්ෂ භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතිත්, කවර තුන් ධර්මයෝද යත්, මහණෙනි, මේ සස්නෙහි ශෛක්ෂ භික්ෂු තෙමේ කර්මාන්තයෙහි ඇලීම නැත්තේවේද කර්මාන්තයෙහි නොඇලුනේවේද, කර්මාන්තයේ ඇල්මෙහි නොයෙදුනේවේද, (දෙතිස්) කථාවෙහි නොඇලීම ඇත්තේවේද, (දෙතිස්) කථාවෙහි නොඇලුනේවේද, (දෙතිස්) කථාවෙහි ඇලුනුබැව්හි නොයෙදුනේ වේද, නිද්‍රාවෙහි ඇල්ම නැත්තේවේද, නිද්‍රාවෙහි නොඇලුනේවේද, නිදීමේ ඇලුනු බවෙහි නොයෙදුනේවේද, මහණෙනි, මේ තුන්ධර්‍මයෝ ශෛක්ෂ භික්ෂුහුගේ නොපිරිහීම පිණිස පවතිත්යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“කර්මාන්තයෙහි ඇලීම ඇත්තාවූද (දෙතිස්) කථාවෙහි ඇලුනාවූද නිදීමෙහි ඇලීම ඇත්තාවූද නොසන්සුන්වූ එබඳු මහණ තෙමේ උතුම්වූ මාර්ගය ඥානය ලබන්නට යොග්‍ය නොවේ. “එහෙයින්ම (මහණතෙමේ) අනුදන්නාලද කෘත්‍යය සුදුසු කාලයෙහිම කිරීමෙන්) ස්වල්ප කෘත්‍යය ඇත්තෙක්ද ස්වල්ප නිද්‍රාව ඇත්තෙක්ද සන්සිඳුනු සිත් ඇත්තෙක්ද වන්නේය, එබඳු මහණ තෙමේ උතුම් සතර මාර්ගඥානය ලබන්නට සුදුසු වේයයි.”
|
4. චතුත්ථවග්ගො | 4. විතක්ක වර්ගය |
1. විතක්කසුත්තං | 1. අකුසල විතක්ක සූත්‍රය |
80
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘තයොමෙ, භික්ඛවෙ, අකුසලවිතක්කා. කතමෙ තයො? අනවඤ්ඤත්තිපටිසංයුත්තො විතක්කො, ලාභසක්කාරසිලොකපටිසංයුත්තො විතක්කො, පරානුද්දයතාපටිසංයුත්තො විතක්කො. ඉමෙ ඛො, භික්ඛවෙ, තයො අකුසලවිතක්කා’’ති
‘‘අනවඤ්ඤත්තිසංයුත්තො, ලාභසක්කාරගාරවො;
සහනන්දී අමච්චෙහි, ආරා සංයොජනක්ඛයා.
‘‘යො ච පුත්තපසුං හිත්වා, විවාහෙ සංහරානි
(සඞ්ගහානි (ක. සී. ස්‍යා. පී.)) ච;
භබ්බො සො තාදිසො භික්ඛු, ඵුට්ඨුං සම්බොධිමුත්තම’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඨමං.
|
80
“මහණෙනි, මේ තුන් අකුශල විතර්ක කෙනෙක් (මිථ්‍යා කල්පනාවෝ) වෙත්, කවර තුන් විතර්කයෝද යත්, “(පිරිහෙලා නොබණින බව කැමැති බැවින් යුක්තවූ හෝ ඒ අරභයා පැවැති විතර්කය ලැබීමය සත්කාරය කීර්තිය යනමොවුන් පිළිබඳ විතර්කය, අනුන් කෙරෙහි අනුකම්පා බව බඳු කාමයෙහි ඇළුන ප්‍රෙමය පිළිබඳවූ විතර්කය (යන තුනය) මහණෙනි, මේ වනාහි තුන් අකුශල විතර්කයෝ වෙතියි.
“භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“අන්‍යයෝ අවමන් නොකරන්නේ නම් මැනවයි පැවැති කැමැති කල්පනාවෙන් යුක්තවූ පුද්ගල තෙමේද, ලාභසත්කාරයෙහි ගෞරවය ඇති පුද්ගල තෙමේද ඇමතියන් සමග සතුටුවනසුලු පුද්ගල තෙමේද, සංයෝජනයන්ගේ ක්ෂයකිරීමෙන් දුරෙහි වේ.
“යමෙක් වනාහි දරුවන් හා සිවුපාවුන්ද විවාහයන්ද පිරිකර (බඩුද) හැරපියා (පැවිදිවීද,) එබඳු ඒ මහණතෙමේ උතුම් අර්හත්මාර්ගඥානය ලබන්නට සුදුසුවේයයි.
|
2. සක්කාරසුත්තං | 2. සත්කාරාභිභූත සූත්‍රය |
81
වුත්තඤ්හෙතං
‘‘දිට්ඨා
‘‘දිට්ඨා මයා, භික්ඛවෙ, සත්තා අසක්කාරෙන අභිභූතා, පරියාදින්නචිත්තා, කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා.
‘‘දිට්ඨා මයා, භික්ඛවෙ, සත්තා සක්කාරෙන ච අසක්කාරෙන ච තදුභයෙන අභිභූතා, පරියාදින්නචිත්තා, කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං
‘‘තං ඛො පනාහං, භික්ඛවෙ, නාඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා සුත්වා වදාමි; ( )
((දිට්ඨා මයා භික්ඛවෙ සත්තා සක්කාරෙන අභිභූතා. ...පෙ.... අසක්කාරෙන අභිභූතා ...පෙ.... සක්කාරෙන ච අසක්කාරෙන ච තදුභයෙන අභිභූතා පරියාදින්නචිත්තා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා.) (ස්‍යා.) පුරිමවග්ගෙ මිච්ඡාදිට්ඨිකසම්මාදිට්ඨිකසුත්තෙහි පන සමෙති, අන්වයබ්යතිරෙකවාක්යානං පන අනන්තරිතත්තා පාසංසතරා.)) අපි ච, භික්ඛවෙ, යදෙව මෙ සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං තමෙවාහං වදාමි.
‘‘දිට්ඨා මයා, භික්ඛවෙ, සත්තා සක්කාරෙන අභිභූතා, පරියාදින්නචිත්තා, කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා.
‘‘දිට්ඨා මයා, භික්ඛවෙ, සත්තා අසක්කාරෙන අභිභූතා, පරියාදින්නචිත්තා, කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං
‘‘දිට්ඨා මයා, භික්ඛවෙ, සත්තා සක්කාරෙන ච අසක්කාරෙන ච තදුභයෙන අභිභූතා, පරියාදින්නචිත්තා, කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘යස්ස සක්කරියමානස්ස, අසක්කාරෙන චූභයං;
සමාධි න විකම්පති, අප්පමාදවිහාරිනො
(අප්පමාණවිහාරිනො (සී. අට්ඨ.)).
‘‘තං
උපාදානක්ඛයාරාමං, ආහු සප්පුරිසො ඉතී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. දුතියං.
|
81
“මහණෙනි, සත්කාරයෙන් මඩනාලද්දාවූ හාත්පස අල්වා ගන්නාලද්දාවූ සිත් ඇති යටපත් කරනලද්දාවූ ක්ෂයයට පමුණුවනලද සිත් ඇත්තාවූ සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුකට පිළිසරණවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නෝ මා විසින් දක්නා ලද්දාහ. මහණෙනි, යටපත් කරනලද්දාවූ හාත්පස අල්වාගන්නා ලද සිත් ඇති සත්වයෝ කයබිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ දුකට පිහිටවූ නපුරුසේ වැටෙන්නාවූ නිරයයෙහි උපන්නෝ මා විසින් දක්නා ලද්දාහුය. මහණෙනි සත්කාරයෙන්ද අසත්කාරයෙන්ද ඒ සත්කාර අසත්කාර දෙකින්ද, මැඩුනාවූ අල්වාගන්නාලද සිත් ඇති සත්වයෝ කය බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ දුකට පිහිටවූ නපුරු සේ වැටෙන්නාවූ නිරයයෙහි උපන්නෝ මා විසින් දක්නා ලද්දාහුය.
“මහණෙනි, මම ඒ ප්‍රකාශය වූකලි අන් මහණෙකුගේ හෝ බමුණෙකුගේ හෝ බස් අසා නොව “මහණෙනි, සත්කාරයෙන් හෝ සත්කාර හේතුකොට ඇති මාන මදාදියෙන් හෝ මඩනාලද්දාවූ හාත්පසින් අල්ලාගන්නාලද සිත් ඇත්තාවූ සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරුගති ඇත්තාවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහු මා විසින් දක්නා ලද්දාහුය. මහණෙනි, අසත්කාරයෙන් මඩනාලද්දාවූ හාත්පස අල්ලාගන්නාලද සිතැත්තාවූ සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් වෙන්වූ දුර්ගති ඇත්තාවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නෝ ම විසින් දක්නා ලද්දාහුයයි නොමකියමි. මහණෙනි, සත්කාරයෙන්ද අසත්කාරයෙන්ද ඒ සත්කාර අසත්කාර දෙකින්ද මඩනා ලද්දාවූ සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරුගති ඇත්තාවූ නපුරු සේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නෝ මා විසින් දක්නා ලද්දාහුය.
“නැවතද කරුණක් ඇත. මහණෙනි, සත්කාරයෙන් මඩනාලද්දාවූ හාත්පස අල්ලාගන්නාලද සිතැත්තාවූ සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ දුක්ගති ඇත්තාවූ නපුරුසේ වැටෙන්නාවූ නිරයයෙහි උපන්නාහු මා විසින් දක්නා ලද්දාහුය. මහණෙනි, අසත්කාරයෙන් මඩනා ලද්දාවූ හාත්පස අල්ලාගන්නාලද්දාවූ සිතැති සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුක්ගති ඇත්තාවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නෝ මා විසින් දක්නා ලද්දාහුය. මහණෙනි, සත්කාරයෙන්ද අසත්කාරයෙන්ද ඒ දෙකින්ද මඩනා ලද්දාවූ හාත්පස අල්ලා ගන්නා ලද්දාවූ සිතැති සත්වයෝ මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුකට පිළිසරණවූ විවිධව හෝ විකාරයෙන් වැටෙනු ලබන්නාවූ නරකයෙහි උපන්නෝ මා විසින් දක්න ලද්දාහුයයි මා විසින් යමක්ම තමා විසින් දන්නා ලදද, තමා විසින් දක්නා ලදද, තමා විසින් ප්‍රකටකොට දන්නා ලදද, එයම මම කියමියි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මා විසින් අසනලදී.
“සත්කාර කරනු ලබන්නාවූ අප්‍රමාණ විහරණය ඇත්තාවූ යම්රහතන් වහන්සේ කෙනෙකුන්ගේ සමාධිය (සත්කාරයෙන්ද අසත්කාරයෙන්ද සත්කාර අසත්කාර දෙකින්ද) නොසැලේද, (එකඟ බවෙහිම සිටීද.)
“ධ්‍යාන කරන සුලුවූ නිතර පැවැති කායික චෛතසික වීර්යය ඇත්තාවූ සියුම් දෘෂ්ටි ප්‍රඥාවෙන් විදර්ශනාව ඇත්තාවූ (සතර උපාදානයන්ගේ ක්ෂය ඇලුම්කොට ඇත්තාවූ ඒ රහත්හු ශාන්ත පුරුෂයයි (බුද්ධාදීහු) කියත් යයි.”
|
3. දෙවසද්දසුත්තං | 3. දෙව සද්ද සූත්‍රය |
82
වුත්තඤ්හෙතං
‘‘තයොමෙ, භික්ඛවෙ, දෙවෙසු දෙවසද්දා නිච්ඡරන්ති සමයා සමයං උපාදාය. කතමෙ තයො? යස්මිං, භික්ඛවෙ, සමයෙ අරියසාවකො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය චෙතෙති, තස්මිං සමයෙ
(තස්මිං භික්ඛවෙ සමයෙ (පී. ක.)) දෙවෙසු දෙවසද්දො නිච්ඡරති - ‘එසො අරියසාවකො මාරෙන සද්ධිං සඞ්ගාමාය චෙතෙතී’ති. අයං, භික්ඛවෙ, පඨමො දෙවෙසු දෙවසද්දො නිච්ඡරති සමයා සමයං උපාදාය.
‘‘පුන චපරං, භික්ඛවෙ, යස්මිං සමයෙ අරියසාවකො සත්තන්නං බොධිපක්ඛියානං ධම්මානං භාවනානුයොගමනුයුත්තො විහරති, තස්මිං සමයෙ දෙවෙසු දෙවසද්දො නිච්ඡරති - ‘එසො අරියසාවකො මාරෙන සද්ධිං සඞ්ගාමෙතී’ති. අයං, භික්ඛවෙ, දුතියො දෙවෙසු දෙවසද්දො නිච්ඡරති සමයා සමයං උපාදාය.
‘‘පුන චපරං, භික්ඛවෙ, යස්මිං සමයෙ අරියසාවකො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ
‘‘දිස්වා
දෙවතාපි නමස්සන්ති, මහන්තං වීතසාරදං.
‘‘නමො
ජෙත්වාන මච්චුනො සෙනං, විමොක්ඛෙන අනාවරං.
‘‘ඉති හෙතං නමස්සන්ති, දෙවතා පත්තමානසං;
තඤ්හි තස්ස න පස්සන්ති, යෙන මච්චුවසං වජෙ’’ති.
අයම්පි
|
82
“මහණෙනි, දෙවියන් කෙරෙහි කලින් කල දෙවියන්ගේ මේ තුන් ශබ්දයෝ පවතිත්. කවර තුන් හඬද යත්? මහණෙනි, යම්කලෙක්හි ආර්ය ශ්‍රාවකතෙමේ කෙස් රැවුල් බා සිවුරු හැඳ පොරොවා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීම පිණිස සිතාද, එම ආර්ය ශ්‍රාවකතෙමේ (ක්ලෙශ) මාරයා සමග සටන් කරනු පිණිස සිතා”යයි එකල්හි දෙවියන් කෙරෙහි දෙවියන්ගේ ශබ්දය කලින් කල පැතිරෙයි. මහණෙනි, දෙවියන් කෙරෙහි කලින් කල මේ පළමුවන දෙව්හඬ පැතිරෙයි.
“නැවතද මහණෙනි, යම්කලෙක්හි ආර්ය ශ්‍රාවක තෙමේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්හි භාවනානු යොගයෙහි නැවත නැවත යෙදුනේ වේද, එකල්හි “එම ආර්ය ශ්‍රාවක තෙමේ (කෙලෙස් නමැති) මරුවා සමග යුද කෙරේ”යයි දෙවියන් කෙරෙහි දෙවියන්ගේ හඬ කලින් කල පැතිරෙයි. මහණෙනි, දෙවියන් කෙරෙහි කලින් කල මේ දෙවන දෙව් හඬ පැතිරෙයි.
“නැවතද මහණෙනි, ආර්ය ශ්‍රාවකතෙමේ (කාමාදී) ආශ්‍රවයන්ගේ ක්ෂයකිරීම හේතුකොටගෙන ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියද අර්හත්ඵලය හා යෙදුන ප්‍රඥාවද මේ ආත්ම භාවයේදීම තෙමේම විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට පැමිණ වාසය කෙරේද, මහණෙනි, එකල්හි අර ආර්ය ශ්‍රාවක තෙමේ දිනන ලද ක්ලෙස යුද්ධ ඇත්තේ වෙසේයයි දෙවියන් කෙරෙහි කලින් කල දෙවියන්ගේ හඬ පැතිරෙයි. මහණෙනි, දෙවියන් කෙරෙහි කලින් කල මේ තුන්වන දෙව් හඬ පැතිරෙයි. මහණෙනි, දෙවියන් කෙරෙහි කලින් කල මේ තුන් හඬවල් වනාහි පැතිරෙත් යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“දිනන ලද (ක්ලෙශ) යුද්ධය ඇත්තාවූ (ගුණයෙන් මහත්වූ හෝ පූජ්‍යවූ පහවගිය (කෙලෙස්) බිය ඇත්තාවූ සම්‍යක් සම්බුදුහුගේ ශ්රාවකයා දැක දෙවියෝද වඳිත්.
“යම් බඳුවූ නුඹවහන්සේ වැළකීමක් නැත්තාවූ මරහුගේ සේනාව ආර්ය මාර්ගයෙන් ජයගෙන දුෂ්කරවූ දිනීම ලබාගත්තේද, එහෙයින් ඔබට නමස්කාර වේවා”යි
“යම් හෙයකින් ඒ ශ්‍රේෂ්ඨ පුරුෂයාගේ ප්‍රාර්ථනාව සොයන්නේද දෙවියෝ ස්වල්ප මාත්‍රයකුදු ඒ කාරණය නොදනිත්ද, යම්හෙයකින් හෙතෙම මරුවාගේ වසඟයට යන්නේද, එහෙයින් මේ ප්‍රකාරයෙන් පැමිණි අර්හත් ඵලය ඇති මේ ක්ෂීණාශ්රවවූ විශුද්ධ දෙවියාට දෙවියෝ නමස්කාර කෙරෙත්යයි.”
|
4. පඤ්චපුබ්බනිමිත්තසුත්තං | 4. දෙව පුබ්බ නිමිත්ත සූත්‍රය |
83
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘යදා, භික්ඛවෙ, දෙවො දෙවකායා චවනධම්මො හොති, පඤ්චස්ස පුබ්බනිමිත්තානි පාතුභවන්ති - මාලා මිලායන්ති, වත්ථානි කිලිස්සන්ති, කච්ඡෙහි සෙදා මුච්චන්ති, කායෙ දුබ්බණ්ණියං ඔක්කමති, සකෙ දෙවො දෙවාසනෙ නාභිරමතීති. තමෙනං, භික්ඛවෙ, දෙවා ‘චවනධම්මො අයං දෙවපුත්තො’ති ඉති විදිත්වා තීහි වාචාහි අනුමොදෙන්ති
(අනුමොදන්ති (සී. ස්‍යා. පී.)) - ‘ඉතො, භො, සුගතිං ගච්ඡ, සුගතිං ගන්ත්වා
එවං වුත්තෙ, අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කින්නු ඛො, භන්තෙ, දෙවානං සුගතිගමනසඞ්ඛාතං; කිඤ්ච, භන්තෙ, දෙවානං සුලද්ධලාභසඞ්ඛාතං
‘‘මනුස්සත්තං ඛො, භික්ඛු
(භික්ඛවෙ (ස්‍යා. පී.)), දෙවානං සුගතිගමනසඞ්ඛාතං; යං මනුස්සභූතො සමානො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ සද්ධං පටිලභති. ඉදං ඛො, භික්ඛු
(භික්ඛවෙ (ස්‍යා. පී.)), දෙවානං සුලද්ධලාභසඞ්ඛාතං; සා ඛො පනස්ස සද්ධා නිවිට්ඨා හොති මූලජාතා පතිට්ඨිතා දළ්හා අසංහාරියා සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං. ඉදං ඛො, භික්ඛු
(භික්ඛවෙ (ස්‍යා. පී.)), දෙවානං සුප්පතිට්ඨිතසඞ්ඛාත’’න්ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘යදා දෙවො දෙවකායා, චවති ආයුසඞ්ඛයා;
තයො සද්දා නිච්ඡරන්ති, දෙවානං අනුමොදතං.
‘‘‘ඉතො
මනුස්සභූතො සද්ධම්මෙ, ලභ සද්ධං අනුත්තරං.
‘‘‘සා තෙ සද්ධා නිවිට්ඨස්ස, මූලජාතා පතිට්ඨිතා;
යාවජීවං
‘‘‘කායදුච්චරිතං
මනොදුච්චරිතං හිත්වා, යඤ්චඤ්ඤං දොසසඤ්හිතං.
‘‘‘කායෙන කුසලං කත්වා, වාචාය කුසලං බහුං;
මනසා කුසලං කත්වා, අප්පමාණං නිරූපධිං.
‘‘‘තතො ඔපධිකං පුඤ්ඤං, කත්වා දානෙන තං බහුං;
අඤ්ඤෙපි මච්චෙ සද්ධම්මෙ, බ්රහ්මචරියෙ නිවෙසය’
(නිවෙසයෙ (සී. ස්‍යා.)).
‘‘ඉමාය අනුකම්පාය, දෙවා දෙවං යදා විදූ;
චවන්තං
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. චතුත්ථං.
|
83
“මහණෙනි, යම් කලෙක (උත්පත්ති) දෙවි තෙමේ දිව්‍ය සමූහයෙන් හෝ දෙව්ලොවින් චුතවන ස්වභාවය ඇත්තේ වේද, (එකල්හි) ඔහුට පෙරනිමිති පසෙක් පහළවෙත්. පළඳනා ලද මල් මලානික වෙත්. හඳනා පොරොවනලද වස්ත්‍ර කිලිටිවෙත්. කිසිලිවලින් මඩදිය දහරා වැගිරෙති. කයෙහි දුර්වර්ණභාවය පිහිටයි. ස්වකීය (තමාගේ) දිව්‍යාසනයෙහි නොඇලෙයි.
“මහණෙනි, දෙවියෝ ඔහු මේ දේවපුත්‍ර තෙමේ චුතවන ස්වභාවය ඇත්තේ යයි මෙසේ දැන ‘පින්වත, මේ දෙව්ලොවින් චුතව සොඳුරු ගති ඇති (මිනිස් ලොවට) යව, සුගතියට ගොසින් මනාව ලත් ලැබීම ලබව, මනාව ලත් ලැබීම ලැබ මනාව පිහිටියෙක් වෙව’යි වචන තුනින් සතුටු උපදවත්. මෙසේ වදාළ කල්හි නාම ගොත්‍රයෙන් අප්‍රසිද්ධ මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වීය. වහන්ස, දෙවියන්ගේ සුගතියට යාමයයි වදාරණ ලද්දේ කිමෙක්දෝහෝ? වහන්ස, දෙවියන්ගේ මනාව ලද ලැබීමයයි වදාරණ ලද්දේ කුමක්ද? වහන්ස, දෙවියන්ගේ මනාව පිහිටීම යයි වදාරණ ලද්දේ කුමක්දැයි?”
“මහණ, මිනිසත් බව දෙවියන්ගේ සුගතියට යාමයයි මා විසින් කියන ලද්දේය. මිනිස්වූයේම තථාගතයන් විසින් දෙසන ලද ධර්මවිනයෙහි යම් ශ්‍රද්ධාවක් ලබාද, මහණෙනි, මේ වනාහි දෙවියන්ගේ මනාව ලද ලැබීමයයි කියන ලද්දේය. ඔහුගේ ශ්‍රද්ධාතොමෝ වනාහි සිත් සතනට වැදුනී වන්නීද, හටගත් මුල් ඇත්තීවන්නීද, පිහිටියාවේද තරවූවා වේද, ලෝකයෙහි මහණෙකු විසින් වේවයි බමුණෙකු විසින් වේවයි දෙවියෙකු විසින් වේවයි මරෙකු විසින් වේවයි බඹෙකු විසින් වේවයි අන්කිසිවෙකු විසින් වේවයි හැරගන්නට හෝ පිරිහෙලන්නට හෝ ඉවත් කරන්නට හෝ නොහැකි වන්නී වේද, මහණෙනි, මේ වනාහි දෙවියන්ගේ මනාව පිහිටීමයයි කියන ලද්දේයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි යම් අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් කලෙක්හි දෙවිතෙමේ ආයු ගෙවීමෙන් මැරේද (එකල්හි) සතුටු උපදවන්නාවූ දෙවියන්ගේ තුන් හඬක් පැතිරෙත්.
“පින්වත, මේ දෙව්ලොවින් මිනිසුන් හා එකී භාවයවූ සුගතියට යව, මනුෂ්යවූයේ සද්ධර්මයෙහි උතුම්වූ ශ්‍රද්ධාව ලබව.
“මොනවට ප්‍රකාශ කරන ලද්දාවූ සද්ධර්මයෙහි තොපගේ සැදැහැ තොමෝ චිත්තසන්තානයට ප්‍රවිෂ්ට වූවා හටගත් මුල් ඇත්තී පිහිටියා දිවිහිම් කොට හැර ගන්නට හෝ පිරිහෙලන්නට හෝ පහකරන්නට නොහැක්කි වේවා. (කයින් කරන) දුසිරිද වාග් දුශ්චරිතයන්ද සිතින් (කරන) දුශ්චරිතයන්ද හැර වරදයයි දන්නා ලද අන්‍යවූ යම් පවක් වේද, (එයද) හැර
“කයින් කුසල්ද වචනයෙන් බොහෝ කුසල්දකොට අපමණවූ (සකසා බොහෝවර හෝ මහත්කොට කිරීම වශයෙන් ප්‍රමාණ රහිතවූ) සත්වැනි භවයෙහි හෝ ඉපදීමට සුදුසුවූ ස්කන්ධූපධියගේද එය උපදවන කුශල චෙතනා නම් අභිසංස්කාරොපධියගේද ඒ ඒ මාර්ගයෙන් නැසියයුතු ක්ලෙශොපධියගේද ප්‍රහාණයෙන් ඔවුන් නොඋපදවන හෙයින්ද නිරුපධි නම් නිර්වාණය ඇසුරු කළ බැවින්ද උපධිරහිතවූ කුසල් සිතින් කොට,
“එහෙයින් දන්දීමෙන් ආත්මභාව සම්පත්තියද භොග සම්පත්තියද උපදවන්නාවූ ඒ බොහෝ පින් කොට අන් මිනිසුන්ද සද්ධර්මයෙහිද බඹසරෙහිද යොදවන්නේය.
“යම්කලෙක්හි දෙවියෝ චුතවන දෙවියෙකු දැනගන්නාහුද (එකල්හි) මේ අනුකම්පාවෙන් (එම්බා) දෙවිය නැවත නැවත (මෙහි) එවයි’ සතුටු උපදවත් යයි”
|
5. බහුජනහිතසුත්තං | 5. ලොකානුකම්පා සූත්‍රය |
84
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘තයොමෙ පුග්ගලා ලොකෙ උප්පජ්ජමානා උප්පජ්ජන්ති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමෙ තයො? ඉධ, භික්ඛවෙ, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො
‘‘පුන චපරං, භික්ඛවෙ, තස්සෙව සත්ථු
(සත්ථුනො (ස්‍යා.)) සාවකො අරහං හොති ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො
‘‘පුන චපරං, භික්ඛවෙ, තස්සෙව සත්ථු සාවකො සෙඛො හොති පාටිපදො බහුස්සුතො සීලවතූපපන්නො. සොපි
(සො (?)) ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං
‘‘සත්ථා හි ලොකෙ පඨමො මහෙසි, තස්සන්වයො සාවකො භාවිතත්තො;
අථාපරො
‘‘එතෙ තයො දෙවමනුස්සසෙට්ඨා, පභඞ්කරා ධම්මමුදීරයන්තා;
අපාපුරන්ති
(අපාපුරෙන්ති (ක.)) අමතස්ස ද්වාරං, යොගා පමොචෙන්ති
(යාගා පමුච්චන්ති (සී.), යොගා මොචන්ති (ස්‍යා.)) හුජ්ජනං තෙ.
‘‘යෙ සත්ථවාහෙන අනුත්තරෙන, සුදෙසිතං මග්ගමනුක්කමන්ති
(මග්ගමනුග්ගමන්ති (සී. ක.));
ඉධෙව දුක්ඛස්ස කරොන්ති අන්තං, යෙ අප්පමත්තා සුගතස්ස සාසනෙ’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඤ්චමං.
|
84
“මහණෙනි, සත්ව ලෝකයෙහි මේ තුන් පුද්ගල කෙනෙක් උපදනාහු බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙවිමිනිසුන්ට ප්‍රයෝජන පිණිස වැඩ පිණිස උපදිත්. කවර තුන්දෙනෙක්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි අර්හත්වූ මනාකොට ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තවූ සුගත නම්වූ ලෝ දන්නාවූ ගුණයෙන් තමහට වැඩි තරම් උතුමෙකු නැත්තාවූ නොදැමුණු දැමීමට සුදුසු පුරුෂයන් හික්මවීමෙහි රථාචාර්යයකු වැනිවූ හෝ ගැල්නායකයකුසේ සතුන් සසර කතරින් එතෙර කරන්නාවූ දෙවිමිනිසුන්ට අනුශාසනය කරන්නාවූ චතුස්සත්‍යයන් අවබෝධකළාවූ සියලු කෙලෙසුන් නැසීම් ආදී අර්ථයෙන් භගවත්වූ තථාගතයන් වහන්සේ උපදින සේක්ද, ඒ තථාගතයන් වහන්සේ (ශීලයෙන්) මුල යහපත්වූ (මාර්ගඵලයෙන්) මැද යහපත්වූ (නිවණින්) අග යහපත්වූ (ගැඹුරු අදහස් ඇති) අර්ථයෙන් යුක්තවූ පදයෙන් යුක්තවූ සියල්ලෙන් සම්පූර්ණවූ ධර්මය දෙසනසේක්ද පිරිසිදුවූ බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරනසේක්ද, මහණෙනි, මේ පළමුවන පුද්ගලතෙමේ සත්ව ලෝකයෙහි උපදනේ මහාජනයාට හිත පිණිස මහාජනයාට සැප පිණිස සත්ව ලෝකයට කරුණාව පිණිස දිව්‍ය මනුෂ්‍යයන්ට ප්‍රයෝජන පිණිස වැඩ පිණිස සුව පිණිස උපදී.
“මහණෙනි, නැවතද ඒ ශාස්තෲන් වහන්සේගේම ශ්‍රාවක තෙමේ රහත් වේද, ක්ෂය කරන ලද ආශ්‍රවයන් ඇත්තේ වේද, වැස නිමවන ලද බඹසර ඇත්තේ වේද ආර්ය මාර්ගයෙන් කරනලද කටයුතු ඇත්තේ වේද, බහා තබන ලද ක්ලෙශභාර ඇත්තේ වේද, පැමිණි රහත් ඵලයයි කියන ලද ස්වකීය අර්ථය ඇත්තේ වේද, ක්ෂයවූ භවය හා දස සංයෝජනයන් ඇත්තේ වේද, මනාව දැන කෙලෙසුන්ගෙන් වෙසෙසින් මිදුනේ වේද, ඒ ශ්‍රාවකතෙමේ ආදියෙහි යහපත් වූද මැද යහපත්වූද අවසානයෙහි යහපත්වූද අර්ථවත්වූ ව්‍යඤ්ජන සහිතවූ සියල්ලෙන් සම්පූර්ණ දහම් දෙසාද පිරිසිදුවූ බ්රහ්මචර්යය ප්‍රකාශ කෙරේද, මහණෙනි, මේ දෙවන පුද්ගල තෙමේ සත්ව ලෝකයෙහි උපදනේ බොහෝදෙනාට වැඩ පිණිස බොහෝදෙනාට සැප පිණිස සත්ව ලෝකයාට කරුණාව පිණිස දෙව් මිනිසුන්ට ප්‍රයෝජන පිණිස හිත පිණිස සුව පිණිස උපදී.
“මහණෙනි, නැවතද එම ශාස්තෲන් වහන්සේගේ ශ්‍රාවකතෙමේ ශෛක්ෂයෙක් වේද, පිළිපැදීමයයි කියන ලද ආර්ය මාර්ගයෙන් උපන්නේ වේද බොහෝ අසන ලද්දේ වේද ශීලයෙන් ධුතාංගයෙන් යුක්තවූයේ වේද, හෙතෙමේද ආදියෙහි මනාවූ මැද කලණවූ අවසනෙහි කලණවූ (ගැඹුරු) අර්ථ ඇත්තාවූ ව්‍යඤ්ජනයෙන් යුක්තවූ සියල්ලෙන් සම්පූර්ණ ධර්මය දෙසාද පිරිසිදු බඹසර ප්‍රකාශ කෙරේද, මහණෙනි, මේ තුන්වන පුද්ගලතෙමේ ස්කන්ධ ලෝකයෙහි උපදනේ මහජනයාට වැඩ පිණිස මහජනයාට සුව පිණිස ලොවට කුළුණු පිණිස දෙවිමිනිසුන්ට ප්‍රයෝජන පිණිස වැඩ පිණිස සුව පිණිස උපදී. මහණෙනි, මේ තුන් පුද්ගලයෝ වනාහි සත්ව ලෝකයෙහි උපදනාහු බොහෝදෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙවිමිනිසුන්ට ප්‍රයෝජන පිණිස වැඩ පිණිස සුව පිණිස උපදිත්යයි මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මාගේ ඇසීමයයි.
“මහත් ශීල ස්කන්ධාදිය සෙවූ ශාස්තෲන් වහන්සේ වනාහි සත්ව ලෝකයෙහි පළමු පුද්ගලයා වේ. උන්වහන්සේගේ අනුජාත පුත්‍රවූ වඩන ලද සිත් ඇති ශ්‍රාවක තෙමේ දෙවන පුද්ගලයා වේ. නැවත උපන්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තාවූ ශීල ව්‍රත දෙකින් යුත් ශෛක්ෂ ශ්‍රාවක තෙමේ අන්‍යවූ තුන්වන පුද්ගලයා වේ. ධර්මාලෝකය කරන්නාවූ ධර්මය කියන්නාවූ දෙවිමිනිසුන්ට ශ්‍රේෂ්ඨවූ මේ තුන් පුද්ගලයෝ නිවන (පිළිබඳ) දොර (ආර්ය මාර්ගය) අරිත්. ඔහු තුමූ බොහෝදෙනා (කාමාදී සතර) යොගයෙන් මුදවත්.
“යම් කෙනෙක් උතුම්වූ ජනයන් උසුලන්නාවූ සාර්ථවාහකයෙකු බඳු බුදුරදුන් විසින් මොනවට දෙසන ලද ආර්ය මාර්ගයට බුදුන් වහන්සේගේ සස්නෙහි යම් කෙනෙක් අප්‍රමාදයෙන් මේ ආත්මභාවයෙහි සසර දුක් කෙළවර කෙරෙත්යයි.”
|
6. අසුභානුපස්සීසුත්තං | 6. අසුභානුපස්සී සූත්‍රය |
85
වුත්තඤ්හෙතං
‘‘අසුභානුපස්සී, භික්ඛවෙ, කායස්මිං විහරථ; ආනාපානස්සති ච වො අජ්ඣත්තං පරිමුඛං සූපට්ඨිතා හොතු; සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සිනො
‘‘අසුභානුපස්සී කායස්මිං, ආනාපානෙ පටිස්සතො;
සබ්බසඞ්ඛාරසමථං, පස්සං ආතාපි සබ්බදා.
‘‘ස වෙ සම්මද්දසො භික්ඛු, යතො තත්ථ විමුච්චති;
අභිඤ්ඤාවොසිතො සන්තො, ස වෙ යොගාතිගො මුනී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. ඡට්ඨං.
|
85
“මහණෙනි, කයෙහි අශුභයයි (අශුභ අයුර) අනුව බලන්නෝව වසවු. තොපගේ ආශ්වාස ප්‍රශ්වාසයෙහි යොදන සිහිය අනිත්‍යයයි අනුව බලන්නෝව වසවු මහණෙනි, කයෙහි අශුභයයි අනුව බලමින් වසන්නවූන්ගේ ශුභ නිමිත්තෙහි ශුභ අරමුණෙහි ඉපදීමට සුදුසු කාම රාගානුසයයෙක් වේද, ඒ අනුසයය පහවෙයි, තමා කෙරෙහි කර්මස්ථානයට අභිමුඛව ආශ්වාස ප්‍රාශ්වාසයන් අරමුණු කොට ඇති සිහිය මනාව වැටහුනු කල්හි බැහැරවූ ආසයානුගතවූ යම් (කාමවිතර්කාදී) මිථ්‍යා විතර්කයෝ වෙද්ද, දුක් කොටස් ඇත්තාවූ හෝ ආශාවිනාසය ඉපදීම ඇත්තාවූ හෝ ඒ මිථ්‍යා සංකල්පනාවෝ පහවෙත්. සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍යයයි අනුව බලමින් වසන්නවුන්ගේ යම් අවිද්‍යාවක් වේද, ඕ තොමෝ පහවෙයි. යම් (අර්හත් මාර්ග විද්‍යාවක් (ඥානයක්) වේද, ඒ මාර්ග විද්‍යාතොමෝ උපදී යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“කයෙහි අශුභය අනුව බලන්නාවූ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තෙහි එළඹ සිටි සිහිය ඇත්තාවූ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමවූ නිවන දක්නාවූ හැමදා කෙලෙස් තවන වීර්යය ඇත්තාවූ මනාව (දුක් ආදී වශයෙන්) දක්නාසුලුවූ වෑයම් කරන්නාවූ හෝ නිවැරදි නියමිත බැවින් නියතවූ හෝ ඒ මහණතෙම ඒකාන්තයෙන් ඒ නිවනෙහි රාගාදී කෙලෙස් සංසිඳවූ මෙලෝ පරලෝ වැඩ දන්නාවූ ඒ මහණතෙමේ යෝගය ඉක්ම වූයේ වේයයි”
|
7. ධම්මානුධම්මපටිපන්නසුත්තං | 7. ධම්මානුධම්ම සූත්‍රය |
86
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘ධම්මානුධම්මපටිපන්නස්ස භික්ඛුනො අයමනුධම්මො හොති වෙය්යාකරණාය - ධම්මානුධම්මපටිපන්නොයන්ති භාසමානො ධම්මඤ්ඤෙව භාසති නො අධම්මං, විතක්කයමානො වා ධම්මවිතක්කඤ්ඤෙව විතක්කෙති නො අධම්මවිතක්කං, තදුභයං වා පන අභිනිවෙජ්ජෙත්වා උපෙක්ඛකො විහරති සතො සම්පජානො’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘ධම්මාරාමො
ධම්මං අනුස්සරං භික්ඛු, සද්ධම්මා න පරිහායති.
‘‘චරං වා යදි වා තිට්ඨං, නිසින්නො උද වා සයං;
අජ්ඣත්තං සමයං චිත්තං, සන්තිමෙවාධිගච්ඡතී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. සත්තමං.
|
86
“මහණෙනි, ධර්මයට පිළිපන් මහණහුගේ මේ සුදුසු ස්වභාවය වේ. කියන කල්හි යම් අනුධර්මයකින් කියන්නේ (දශ කථාවස්තු) ධර්මයම කියයි (එයට විරුද්ධ බොහෝදේට ආශාවීමාදී) අධර්මය නොකියයි. කල්පනා කරනු ලබන්නේ හෝ ධර්මයෙන් වෙන් නොවූ විතර්කයක්ම කල්පනා කෙරෙයි. (කාම විතර්කාදී) අධර්ම කල්පනාවක් කල්පනා නොකරයි. නොකොට උදාසීනව සිහි ඇත්තෙක්ව සම්‍යක් ප්‍රඥාව ඇත්තෙක්ව වෙසේ යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“ඒ ධර්මයම මතුමත්තෙහි භාවනා වශයෙන් සිහි කරන්නාවූ ඇලුම්කොට ඇත්තාවූ (එසේම ඒ) ධර්මයෙහි ඇලුනාවූ ධර්මය සිතන්නාවූ සිහිකරන්නාවූ මහණ තෙමේ බොධිපාක්ෂික දහමින්ද නවලොවුතුරා දහමින්ද නොපිරිහෙයි.
“පිඩුසිඟීම් වශයෙන්ද සක්මන් කිරීම් වශයෙන්ද හැසිරෙන්නේ හෝ සිටින්නේ හෝ හිඳින්නේ හෝ හොවින්නේ හෝ තමාගේ සිත සංසිඳුවන්නේ නිවණටම පැමිණේයයි.”
|
8. අන්ධකරණසුත්තං | 8. අන්ධකරණ සූත්‍රය |
87
වුත්තඤ්හෙතං
‘‘තයොමෙ
‘‘තයොමෙ, භික්ඛවෙ, කුසලවිතක්කා අනන්ධකරණා චක්ඛුකරණා ඤාණකරණා පඤ්ඤාවුද්ධිකා අවිඝාතපක්ඛිකා නිබ්බානසංවත්තනිකා. කතමෙ තයො? නෙක්ඛම්මවිතක්කො, භික්ඛවෙ, අනන්ධකරණො චක්ඛුකරණො ඤාණකරණො පඤ්ඤාවුද්ධිකො අවිඝාතපක්ඛිකො නිබ්බානසංවත්තනිකො. අබ්යාපාදවිතක්කො, භික්ඛවෙ, අනන්ධකරණො චක්ඛුකරණො ඤාණකරණො පඤ්ඤාවුද්ධිකො අවිඝාතපක්ඛිකො නිබ්බානසංවත්තනිකො. අවිහිංසාවිතක්කො, භික්ඛවෙ, අනන්ධකරණො චක්ඛුකරණො ඤාණකරණො පඤ්ඤාවුද්ධිකො අවිඝාතපක්ඛිකො
‘‘තයො විතක්කෙ කුසලෙ විතක්කයෙ, තයො
ස වෙ විතක්කානි විචාරිතානි, සමෙති වුට්ඨීව රජං සමූහතං;
ස වෙ විතක්කූපසමෙන චෙතසා, ඉධෙව සො සන්තිපදං සමජ්ඣගා’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. අට්ඨමං.
|
87
“මහණෙනි, අඳුරු කරන්නාවූ නුවණැස වසන්නාවූ නොදැනීම කරන්නාවූ ප්‍රඥා නොපැවැත්ම කරන්නාවූ දුක් පක්ෂයෙහි පවත්නාවූ නිර්වාණයට නොපවත්නාවූ මේ තුන් අකුශල විතර්ක කෙනෙක් වෙති. කවර තුනෙක්දයත්? මහණෙනි, කාම ප්‍රතිසංයුක්ත විතර්කය ඇඳිරිය කරන්නේය. නුවණැස වසන්නේය. නොදැනීම කරන්නේය. ප්‍රඥාව නිරුද්ධ කරන්නේය. දුක් නම් පීඩා පක්ෂයෙහි පවත්නේය. (ක්ලේශ) නිර්වාණය පිණිස නොපවත්නේය.
මහණෙනි, ක්‍රෝධය පිළිබඳ කල්පනාව අඳුරු කරන්නේය. නුවණැස වසන්නේය, නොදැනීම කරන්නේය. ප්‍රඥාව නොපැවැත්ම කරන්නේය. දුක් පක්ෂයෙහි පවත්නේය. (ක්ලේශ) නිර්වාණය පිණිස නොපවත්නේය. මහණෙනි, විහිංසා විතර්කය (වෙහෙසකිරීම පිළිබඳ කල්පනාව) අඳුරු කරන්නේය. නුවණැස වසන්නේය. නොදැනීම කරන්නේය. ප්‍රඥාව නොපැවැත්ම කරන්නේය. දුක් පක්ෂයෙහි පවත්නේය. (ක්ලේශ) නිර්වාණය පිණිස නොපවත්නේය. අඳුරු කරන්නාවූ නුවණැස වසන්නාවූ නොදැනීමකරන්නාවූ ප්‍රඥාව නොපැවැත්ම කරන්නාවූ දුක් පක්ෂයෙහි පවත්නාවූ (ක්ලේශ) නිර්වාණය පිණිස නොපවත්නාවූ මේ වනාහි තුන් අකුශල විතර්කයෝ වෙත්.
“මහණෙනි, අන්ධ නොකරන්නාවූ නුවණ ඇස ඇති කරන්නාවූ දැනීම කරන්නාවූ ප්‍රඥාවගේ වැඩීම කරන්නාවූ දුක් පක්ෂයෙහි නොපවත්නාවූ (ක්ලේශ) නිර්වාණය පිණිස පවත්නාවූ මේ තුන් කුශල විතර්ක කෙනෙක් වෙති. කවර තුන් විතර්කයෝද යත්? මහණෙනි, නිවන් පිළිබඳ කල්පනාව අන්ධ නොකරන්නේය. නුවණැස ඇති කරන්නේය. දැනීම් කරන්නේය. ප්‍රඥාවෘද්ධිය කරන්නේය. දුක් පක්ෂයෙහි පවත්නේය. නිවණ පිණිස පවත්නේය.
“මහණෙනි, මෛත්‍රිය පිළිබඳ කල්පනාම ඇඳිරිය නොකරන්නේය. නුවණැස ඇතිකරන්නේය. දැනීම කරන්නේය. ප්‍රඥාවගේ වැඩීම කරන්නේය. දුක් පක්ෂයෙහි නොපවත්නේය. නිවන් පිණිස පවත්නේය.
“මහණෙනි, කරුණාව පිළිබඳ කල්පනා අඳුරු නොකරන්නේය. නුවණැස ඇතිකරන්නේය. දැනීම කරන්නේය. ප්‍රඥාවගේ වැඩීම කරන්නේය. දුක් පක්ෂයෙහි පවත්නේය. නිවන් පිණිස පවත්නේය. මහණෙනි, මේ තුන් කුශල විතර්කයෝ වනාහි අන්ධ නොකරන්නාහුය. නුවණැස ඇතිකරන්නාහුය. දැනීම කරන්නාහුය. ප්‍රඥාවෘද්ධිය කරන්නාහුය. දුක් පක්ෂයෙහි පවත්නාහුය නිවන් පිණිස පවත්නාහුයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“තුන් කුශල විතර්කයන් කල්පනා කරන්නේය, තුන් අකුශල විතර්කයන් දුරුකරන්නේය. හාත්පසින් නැංගාවූ ධූලි මහා අකාල මේඝය සර්වප්රකාරයෙන් සංසිඳුවන්නාසේ ඒ මහණතෙමේ ඒකාන්තයෙන් (මිථ්‍යා විතර්කයන්ද ඒ විතර්කයන් හා එක්ව යෙදුනාවූ විචාරයන්ද සහමුලින් නසයි. ඒ මහණතෙමේ ඒකාන්තයෙන් මේ භවයෙහිම නිර්වාණ පදයට පැමිණියේ යයි.”
|
9. අන්තරාමලසුත්තං | 9. අන්තරාමල සූත්‍රය |
88
වුත්තඤ්හෙතං
‘‘තයොමෙ, භික්ඛවෙ, අන්තරාමලා අන්තරාඅමිත්තා අන්තරාසපත්තා අන්තරාවධකා අන්තරාපච්චත්ථිකා. කතමෙ තයො? ලොභො, භික්ඛවෙ, අන්තරාමලො අන්තරාඅමිත්තො අන්තරාසපත්තො
‘‘අනත්ථජනනො ලොභො, ලොභො චිත්තප්පකොපනො;
භයමන්තරතො ජාතං, තං ජනො නාවබුජ්ඣති.
‘‘ලුද්ධො
අන්ධතමං
(අන්ධං තමං (සී.)) තදා හොති, යං ලොභො සහතෙ නරං.
‘‘යො ච ලොභං පහන්ත්වාන, ලොභනෙය්යෙ න ලුබ්භති;
ලොභො පහීයතෙ තම්හා, උදබින්දූව පොක්ඛරා.
‘‘අනත්ථජනනො
භයමන්තරතො ජාතං, තං ජනො නාවබුජ්ඣති.
‘‘දුට්ඨො අත්ථං න ජානාති, දුට්ඨො ධම්මං න පස්සති;
අන්ධතමං තදා හොති, යං දොසො සහතෙ නරං.
‘‘යො ච දොසං පහන්ත්වාන, දොසනෙය්යෙ න දුස්සති;
දොසො පහීයතෙ තම්හා, තාලපක්කංව බන්ධනා.
‘‘අනත්ථජනනො මොහො, මොහො චිත්තප්පකොපනො;
භයමන්තරතො ජාතං, තං ජනො නාවබුජ්ඣති.
‘‘මූළ්හො අත්ථං න ජානාති, මූළ්හො ධම්මං න පස්සති;
අන්ධතමං තදා හොති, යං මොහො සහතෙ නරං.
‘‘යො
මොහං විහන්ති සො සබ්බං, ආදිච්චොවුදයං තම’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. නවමං.
|
88
“මහණෙනි, විරුද්ධ හෙයින් සිතට අමිතුරුවූ සිතට මිතුරුවූ සිතට හිංසනය කරන්නාවූ සිතට පසමිතුරුවූ මේ සිතෙහි මල තුනෙක් වෙත්, කවර තුනෙක්දයත්?
“මහණෙනි, ලෝභයතෙම සිත කෙලෙසන මලයක, සිතට අමිතුරෙක, සිතට සතුරෙක, සිත පෙළන්නෙක, හිතට පසමිතුරෙක, මහණෙනි, ද්වේෂය තෙම සිත කෙලෙසන මලයෙක, සිතට අමිත්‍රයෙක, සිතට සතුරෙක, සිත පෙළන්නෙක, සිතට පසමිතුරෙක, මහණෙනි, මෝහය සිත කෙලෙසන මලයෙක, සිතට අමිතුරෙක සිත පෙලන්නෙක. සිතට පසමිතුරෙක. මහණෙනි, මේ තුන් ධර්මයෝ වනාහි සිත කෙලෙසන මලයෝය. සිතට අමිතුරෝය. සිතට සතුරෝය. සිතට හිංසා කරන්නෝය සිතට පසමිතුරෝ යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“ලෝභයතෙම (තමහටද පරහටද) අවැඩ උපදවන්නේය. ලෝභය සිත කලඹන්නේය. සිතෙහිම උපන් ලෝභය බියට හේතුයයි ජනතෙමේ නොදනී. ලෝභී පුද්ගලතෙමේ වැඩ නොදනී, ලෝභි පුද්ගලතෙමේ ධර්මය පවා නොදනී. යම් කලෙක්හි ලෝභය මිනිසාද මඩීද එකල්හි අඳබව කරන අඳුරුවෙයි.
“යමෙක් වනාහි ලෝභය පහකොට ඇලුම් කටයුතු දිව්‍යමය රූපාදියෙහි නොඇලේද නෙලුම් කොළයකින් දියබිඳුසෙයින් ලෝභය ආර්යමාර්ගයෙන් පහවෙයි. ද්වේෂය තෙම අනර්ථ උපදවන්නේය. ද්වේෂය තෙම සිත කළඹන්නේය. අභ්‍යන්තරයෙහි උපන් ද්වේෂය භය හේතුයයි ජනතෙමේ නොදනී.
“ද්වේෂයෙන් දූෂිත පුද්ගලතෙමේ අර්ථය නොදනී. ද්වේෂයෙන් දූෂිතවූ පුද්ගල තෙමේ ධර්මයද නොදනී. යම් කලෙක්හි ද්වේෂයතෙම සත්වයා මැඩලාද, එකල්හි අඳබව කරන (මොහ නමැති) අඳුර වෙයි.
“යමෙක් වනාහි ද්වේෂය සුදුසු පරිද්දෙන් පහකොට ද්වේෂකටයුතු අනිටු අරමුණෙහි දූෂ්‍ය නොකෙරේද, තැරියෙන් ගිලිහුණු තල් ගෙඩියක් සේ ඒ පුද්ගලයාගේ සිතින් ද්වේෂය ප්‍රහීන වෙයි. “මෝහයතෙමේ අවැඩ උපදවන්නේ වෙයි. මෝහය තෙමේ සිත කළඹන්නේවෙයි. අභ්‍යන්තරයෙහි උපදනා මෝහය භය හේතුයයි.
“මුළාවූ පුද්ගලතෙමේ වැඩ නොදනී. මුළාවූ පුද්ගල තෙමේ ධර්මයද නොදකී. යම් කලෙක්හි මෝහය තෙමේ සත්වයා මඩීද, එකල්හි (ඔහුගේ) අන්ධභාවය කරන්නාවූ අඳුර වේ.
“යමෙක් වනාහි මෝහය පහකොට මුළාවියයුතු අරමුණෙහි මුළා නොවේද, ඒ ආර්ය පුද්ගලතෙමේ උදාවන හිරු අඳුරු (නසන්නාසේ) සියලු මෝහය (අර්හත් මාර්ගයෙන්) සහමුලින් නසා යයි.”
|
10. දෙවදත්තසුත්තං | 10. දෙවදත්ත අසද්ධම්ම සූත්‍රය |
89
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘තීහි, භික්ඛවෙ, අසද්ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි තීහි? පාපිච්ඡතාය, භික්ඛවෙ, අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. පාපමිත්තතාය, භික්ඛවෙ, අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. සති ඛො පන උත්තරිකරණීයෙ
(උත්තරිං කරණීයෙ (ස්‍යා.)) ඔරමත්තකෙන විසෙසාධිගමෙන
(විසෙසාධිගමෙන ච (ස්‍යා. පී.)) අන්තරා වොසානං ආපාදි. ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි අසද්ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො
‘‘මා ජාතු කොචි ලොකස්මිං, පාපිච්ඡො උදපජ්ජථ;
තදමිනාපි ජානාථ, පාපිච්ඡානං යථා ගති.
‘‘පණ්ඩිතොති
ජලංව යසසා අට්ඨා, දෙවදත්තොති විස්සුතො
(මෙ සුතං (පාළියං)).
‘‘සො පමාණමනුචිණ්ණො
(පමාදමනුචිණ්ණො (ක. සී. ස්‍යා. පී.), සමානමනුචිණ්ණො (අට්ඨ.)), ආසජ්ජ නං තථාගතං;
අවීචිනිරයං පත්තො, චතුද්වාරං භයානකං.
‘‘අදුට්ඨස්ස හි යො දුබ්භෙ, පාපකම්මං අකුබ්බතො;
තමෙව පාපං ඵුසති
(ඵුස්සෙති (ස්‍යා.)), දුට්ඨචිත්තං අනාදරං.
‘‘සමුද්දං විසකුම්භෙන, යො මඤ්ඤෙය්ය පදූසිතුං;
න සො තෙන පදූසෙය්ය, භෙස්මා හි උදධි මහා.
‘‘එවමෙව
සම්මග්ගතං
‘‘තාදිසං මිත්තං කුබ්බෙථ, තඤ්ච සෙවෙය්ය පණ්ඩිතො;
යස්ස මග්ගානුගො භික්ඛු, ඛයං දුක්ඛස්ස පාපුණෙ’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. දසමං.
|
89
“මහණෙනි, අසත්පුරුෂයන්ගේ තුන්ධර්මයකින් (හෝ) අශාන්තවූ තුන් දහමකින් මඩනාලද්දාවූ හාත්පස අල්ලාගන්නාලද සිත් ඇත්තාවූ දෙව්දත් තෙමේ අපායයෙහි ඉපදීමට සුදුස්සෙක්විය. (අවීචිමහ) නිරයයෙහි උපදින්නෙක්වීය. (සම්පූර්ණ) එක්අන්තරකල්පයක් සිටින්නෙක්වීය, පිළියම් නොකොට හැක්කෙක්වීය. කවර අසද්ධර්ම තුණකින්දයත්, මහණෙනි, “ලාමක අදහසින් මඩනාලද්දාවූ හැමපසින් අල්ලා ගන්නා ලද සිත් ඇති දෙව්දත් තෙමේ අපායයෙහි ඉපදීමට සුදුස්සෙක්ද (අවීචිමහ) නිරයෙහි උපදින්නෙක්ද අන්ත කල්පයක් මුලුල්ලෙහි සිටින්නෙක්ද පිළියම් නොකට හැක්කෙක්ද වීය. මහණෙනි, පවිටු මිතුරන් ඇතිබැවින් මඩනාලද්දාවූ හාත්පසින් අල්ලාගන්නාලද සිත් ඇත්තාවූ දෙවදත්ත තෙමේ අපායයෙහි ඉපදීමට සුදුස්සෙක්ද නිරයයෙහි උපදින්නෙක්ද අන්තඃකල්පයක් සිටින්නෙක්ද පිළියම් නොකට හැක්කෙක්ද විය. මත්තෙහි කටයුතුද, ඇති කල්හිද ස්වල්පවූ ධ්යානාභිඥාමාත්රයකින් විශේෂවූ අතර (මැද) “නොකරනලද කටයුතු ඇත්තේම කරනලද කටයුතු ඇත්තේ වෙමි”යි මහණුවමින්) විනාශයට පැමිණියේය. මහණෙනි, මේ අසද්ධර්ම තුණෙන් වනාහි මඩනාලද්දාවූ හාත්පස අල්ලාගන්නාලද සිතැත්තාවූ දෙව්දත්තෙමේ අපායයෙහි ඉපදීමට සුදුස්සෙක්ද (අවීචිමහා) නිරයයෙහි උපදින්නෙක්ද (සම්පූර්ණ) අන්තඃකල්පයක් සිටින්නෙක්ද පිළියම් නොකට හැක්කෙක්ද වීයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“සත්ව ලෝකයෙහි ඒකාන්තයෙන් ලාමක අදහස් ඇත්තාවූ කිසිවෙක් නූපදීවා, ලාමක අදහස් ඇත්තවුන්ගේ යම්බඳුගතියක්වේද එයද මේ කරුණෙන් දනිවු, දෙව්දත්තෙමේ පණ්ඩිතයෙකැයි ප්‍රසිද්ධවිය. වැඩුණු සිතැත්තෙකැයි ගෞරව කරනලද්දේය, ඒ දෙව්දත් තෙමේ සම්මා සම්බුදුන් වහන්සේ තමා හා සමාන බවට සිතුවේ ඒ තථාගතයන් වහන්සේ පෙළා ඉතා භයානකවූ දොර සතරක් ඇත්තාවූ අවීචිමහ නිරයට පැමිණියේය.
“යමෙක් පව්කම් නොකරන්නාවූ දූෂ්‍ය නොවූ සිත් ඇත්තහුට ද්වේෂ කරන්නේද, දුෂ්ටවූ සිත් ඇති ආදර නැත්තාවූ ඒ පාප පුද්ගලයා කරා පාපඵලය පැමිණෙයි.
“යමෙක් විෂ පිරුණු කළයකින් මුහුද දූෂ්‍ය කරන්නට සිතන්නේද, භයගන්වන්නාක් බඳුවූ ඒ මහමුහුද ඒ දුෂ්ටසිත් ඇති පුද්ගලයා විසින් ප්‍රදූෂ්‍ය නොකට හැක්කේය, එපරිද්දෙන්ම යමෙක් දෝෂයෙන් සමබවට පැමිණි සන්සුන් සිතැත්තාවූ තථාගතයන් වහන්සේ පෙළාද, ඒ තථාගතයන් වහන්සේ කෙරෙහි දෝෂය නොපිහිටයි.
“යමෙකු අනුව ගියාවූ මහණ තෙමේ දුකෙහි අවසානයට පැමිණෙන්නේද, නුවණැති පුද්ගලතෙමේ එබඳු මිතුරෙකු කරන්නේය, ඔහුම සේවනය කරන්නේ යයි.”
|
5. පඤ්චමවග්ගො | 5. පසාද වර්ගය |
1. අග්ගප්පසාදසුත්තං | 1. අග්ගප්පසාද සූත්‍රය |
90
වුත්තඤ්හෙතං
‘‘තයොමෙ, භික්ඛවෙ, අග්ගප්පසාදා. කතමෙ තයො? යාවතා, භික්ඛවෙ, සත්තා අපදා වා ද්විපදා වා චතුප්පදා වා බහුප්පදා
(බහුපදා (ක.)) වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤිනාසඤ්ඤිනො වා, තථාගතො තෙසං අග්ගමක්ඛායති අරහං සම්මාසම්බුද්ධො
‘‘යාවතා, භික්ඛවෙ, ධම්මා සඞ්ඛතා වා අසඞ්ඛතා වා, විරාගො තෙසං අග්ගමක්ඛායති, යදිදං මදනිම්මදනො පිපාසවිනයො ආලයසමුග්ඝාතො වට්ටුපච්ඡෙදො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. යෙ, භික්ඛවෙ, විරාගෙ ධම්මෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
‘‘යාවතා
‘‘අග්ගතො වෙ පසන්නානං, අග්ගං ධම්මං විජානතං;
අග්ගෙ බුද්ධෙ පසන්නානං, දක්ඛිණෙය්යෙ අනුත්තරෙ.
‘‘අග්ගෙ ධම්මෙ පසන්නානං, විරාගූපසමෙ සුඛෙ;
අග්ගෙ සඞ්ඝෙ පසන්නානං, පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ.
‘‘අග්ගස්මිං
අග්ගං ආයු ච වණ්ණො ච, යසො කිත්ති සුඛං බලං.
‘‘අග්ගස්ස දාතා මෙධාවී, අග්ගධම්මසමාහිතො;
දෙවභූතො මනුස්සො වා, අග්ගප්පත්තො පමොදතී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඨමං.
|
90
“මහණෙනි, මේ අග්‍රවූ රත්නත්‍රය කෙරෙහි හෝ ශ්‍රේෂ්ඨවූ පැහැදීම් තුණක්වෙත්, කවරතුණක්ද යත්, මහණෙනි, පානැත්තාවූද දෙපා ඇත්තාවූද සිවුපා ඇත්තාවූද බොහෝ පා ඇත්තාවූද රූ ඇත්තාවූද රූනැත්තාවූද සංඥාව ඇත්තාවූද සංඥාව නැත්තාවූද භවාග්‍රයට ඇතුළත්වූද යම් පමණ සත්වයෝ වෙද්ද, ඒ සත්වයන් අතුරෙන් තථාගත නම්වූ අර්හත් සම්‍යක් සම්බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨයයි කියනු ලැබෙයි. මහණෙනි, යම්කෙනෙක් බුදුරජුන් කෙරෙහි පහන්වූවාහුද ඔහුතුමූ ශ්‍රේෂ්ඨයා කෙරෙහි පැහැදුනෝවෙත්, ශ්‍රේෂ්ඨවූ බුදුරුවනෙහි ප්රසන්නවූවන්ට ශ්‍රේෂ්ඨවූ විපාකය වෙයි.
“මහණෙනි, ප්‍රත්‍යයන් එකතුව කරනලද්දාවූද හේතු ප්‍රත්‍යයන් විසින්ද කිසිවෙකු විසින්ද නොකරනලද්දාවූද යම් පමණ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අතුරින් මත්ගති මර්දනය කිරීමට නිමිතිවූ පිපාස නැසීමට නිමිතිවූ සියලු ආලයන් වැනසීමට නිමිතිවූ සංසාරය සිඳීමට නිමිතිවූ තෘෂ්ණාව ක්ෂයවීමට නිමිතිවූ රාගය වැනසීමට නිමිතිවූ නොපැවැත්මවූ තෘෂ්ණාව නැත්තාවූ යම් මේ නිවනෙක්වේද, (ඒ නිවන) අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි යම්කෙනෙක් නිර්වාණ ධර්මයෙහි ප්රසන්නාවූවාහුද, ඔව්හු ශ්‍රේෂ්ඨ ස්ථානයෙහි පැහැදුනෝවෙත්, අග්‍රස්ථානයෙහි පැහැදුනවුන්ට අග්‍රවූ විපාකයවෙයි.
“මහණෙනි, යම්පමණ (ජන) සමූහයෝද ගණයෝද වෙද්ද, ඔවුන් අතුරෙන් යම් මේ පුරුෂයුගල සතරක් වෙද්ද, පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක් වෙද්ද තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සමූහ තෙමේ අග්‍රයයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සමූහතෙමේ දුරිනුදු ගෙණ ආ දන් පිළිගැන්මට සුදුසුය, දුරිනුදු අවුත් දියයුතු සත්කාරාදිය පැමිණවීමට සුදුසුය, අමුතු මහදන් පිළිගැන්මට සුදුසුය, කරන සත්කාරය පිළිගැණීමට සුදුසුය, (පරලොව අදහා දියයුතු දක්ෂිණාව පිළිගැණීමට සුදුසුය, කරනු ලබන ඇඳිලිබැඳීමට සුදුසුය. (සියලු) ලෝවැස්සාගේ අසමානවූ පින් කෙතවේ, මහණෙනි, යම් කෙනෙක් සංඝයා කෙරෙහි පැහැදුනාහුවෙද්ද, ඔහු තුමූ ශ්‍රේෂ්ඨස්ථානයෙහි ප්‍රසන්න වූවාහුය, අග්‍රස්ථානයෙහි පැහැදුනවුන්ට අග්‍රවූ විපාකයවේ. මහණෙනි, මේ වනාහි තුන් අග්‍රප්‍රසාදයෝ වෙත්යයි භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක.
එහි (ගාථාවෙන්) මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“අග්‍රවූ තෙරුවන් කෙරෙහි හෝ ශ්‍රේෂ්ඨ භාවයෙන් හෝ පැහැදුනාවූ (තෙරුවනගේ) අග්‍ර ස්වභාවය ගුණස්වභාවය දන්නවුන්ට විපාකය අග්‍රවේ. ශ්‍රේෂ්ඨවූ දක්ෂිණාවට සුදුසුවූ අග්‍රවූ බුදුරජුන් කෙරෙහි පැහැදුනවුන්ටද, (සියලු) රාගයාගේ අතිශයින් නැසීමට හේතුවූද සංසිඳුවීමට හේතුවූද (සංස්කාරයන්ගේ සංසිඳීම සුවය බැවින්ද සැප ඇත්තාවූ ශ්‍රේෂ්ඨ ධර්මයෙහි පැහැදුනවුන්ටද, නිරුත්තර පින්කෙත්වූ ශ්‍රේෂ්ඨවූ (ආර්ය) සංඝයා කෙරෙහිද පැහැදුනවුන්ටද ශ්‍රේෂ්ඨ රත්නත්‍රය විෂයයෙහි දන්දෙන්නවුන්ට අග්‍ර පින් වැඩෙයි, අග්‍රවූ ආයුෂද රූප සම්පත්තියද පිරිවරද ගුණ ඝොෂයද සුවයද (කාය) බලය හා ඤාණ බලයද වැඬේ. ශ්රේෂ්ඨරත්නත්රයට හෝ අග්රදානවස්තුව මහත්කොට හෝ දෙන්නාවූ නුවණැත්තාවූ අග්‍රවූ ප්රසාදධර්මයෙන් හෝ අග්රදෙය ධර්මයෙන් යුක්තවූ පුද්ගලතෙමේ දෙවිවූයේ හෝ මිනිස්වූයේ හෝ ශ්‍රේෂ්ඨ බවට හෝ අග්‍රවූ ලොකොත්තර මාර්ගඵලයට හෝ පැමිණියේ විශේෂයෙන් සතුටුවේයයි. මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මාගේ ඇසීමවේ.”
|
2. ජීවිකසුත්තං | 2. ජීවිත සූත්‍රය |
91
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘අන්තමිදං, භික්ඛවෙ, ජීවිකානං යදිදං පිණ්ඩොල්යං. අභිසාපොයං
(අභිසාපායං (සී.), අභිලාපායං (ස්‍යා. පී.), අභිසපායං (ක.)), භික්ඛවෙ, ලොකස්මිං - ‘පිණ්ඩොලො විචරසි පත්තපාණී’ති. තඤ්ච ඛො එතං, භික්ඛවෙ, කුලපුත්තා උපෙන්ති අත්ථවසිකා, අත්ථවසං පටිච්ච; නෙව රාජාභිනීතා, න චොරාභිනීතා, න ඉණට්ටා, න භයට්ටා, න ආජීවිකාපකතා. අපි ච ඛො ‘ඔතිණ්ණම්හා ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි දුක්ඛොතිණ්ණා දුක්ඛපරෙතා
‘‘ගිහිභොගා පරිහීනො, සාමඤ්ඤත්ථඤ්ච දුබ්භගො;
පරිධංසමානො පකිරෙති, ඡවාලාතංව නස්සති.
‘‘කාසාවකණ්ඨා බහවො, පාපධම්මා අසඤ්ඤතා;
පාපා පාපෙහි කම්මෙහි, නිරයං තෙ උපපජ්ජරෙ.
‘‘සෙය්යො අයොගුළො භුත්තො, තත්තො අග්ගිසිඛූපමො;
යඤ්චෙ භුඤ්ජෙය්ය දුස්සීලො, රට්ඨපිණ්ඩමසඤ්ඤතො’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. දුතියං.
|
91
“මහණෙනි, ජීවිකාවන් අතුරින් පිඩු සෙවීමෙන් ජීවිකාව කරන්නහුගේ යම් ජීවිකාවක්වේද, මෙය ලාමකය, මහණෙනි, යම්හෙයකින් ලෝකයෙහි පාත්‍රය ගත් අත් ඇත්තෙක්ම පිඬු සොයන්නේ හැසිරෙන්නෙහියයි දොස් කීමක්වේද, මහණෙනි, කුලපුත්‍රයෝ කරුණක් නිසා ඒ ඒ දොස් ලැබීමටද පැමිණෙත්, රජුන් විසින් (බන්ධනයට) පමුණුවනලද්දාහු නොම පැමිණෙත්, සොරුන් විසින් පමුණුවන ලද්දාහු නොම පැමිණෙත්, ණය ගැතියෝව නොමලබත්, භයින් පෙළුනාහු නොමලබත්, ජීවත්විය නොහෙන බැවින් මඩනලද්දාහු නොමලබත්,
“මෙහි කරුණක් ඇත ඉපදීමෙන්ද ජරාවෙන්ද මරණයෙන්ද ශෝකයෙන්ද වැළපීමෙන්ද කායික දුඃඛයෙන්ද චෛතසික දුඃඛයෙන්ද දැඩි ආයාසයෙන්ද ගැවසීගත්තෝ වම්හ. දුඃඛයන් විසින් ඇතුළත පමුණුවන ලද්දෝවම්හ. මඩනාලද්දෝවම්හ, මේ හැම දුක්රැසගේ කෙළවර කිරීම පෙණෙන්නේ නම් ඉතා යෙහෙකැයි”යි (පැවිදවීය.)
“මහණෙනි, මෙසේ පැවිදිවූ මේ කුලපුත්රතෙමේද විෂමලෝභය බහුලකොට ඇත්තේවේද, වස්තුකාම ක්ලේශ කාමයන්හි දැඩිව ඇලුම් ඇත්තේවේද, ක්‍රෝධයෙන් (යුක්ත බැවින්) විකාරයට පැමිණිසිත් ඇත්තේවේද, දුෂ්ටවූ කල්පනා ඇත්තේවේද, මුළාවූ සිහිය ඇත්තේවේද, ප්‍රඥාව නැත්තේවේද, නොපිහිටි සිත් ඇත්තේවේද, භ්‍රාන්තවූ සිත් ඇත්තේවේද, සංවරනොවූ ඉඳුරන් ඇත්තේවේද,
“මහණෙනි, යම්සේ වනාහි දෙකොණෙහි ගිනිගත් මැද අසූචි තැවරුණු සොහොන් පෙනෙල්ල ගමේ දර පිණිසද නොමගන්නේද, වනයෙහි දර පිණිසද නොම ගන්නේද, මහණෙනි, මම මේ දුසිල් පුද්ගලයා එසේ සොහොන් පෙනෙල්ල බඳුයයි කියමි. ගිහියන් විසින් සැපතින්ද පිරිහුණේය, ශ්රමණභාවයවූ ප්රයෝජනයද සම්පූර්ණ නොකෙරේයයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“කාලකණ්ණි තෙමේ ගිහිසැපතින්ද පිරිහිණ, වැනසෙන්නේ මහණකමේ අර්ථයද විනාශ කෙරෙයි. හෙතෙම සොහොන් පෙනෙල්ලක් මෙන් නැසෙයි. “කසාවතින් හාත්පස දැවටූ බොටුව ඇත්තාවූ ලාමක ස්වභාවය ඇත්තාවූ සංයම නැත්තාවූ බොහෝ පව්කමින් ඒ පවිටෝ නිරයයෙහි උපදිත්,
“සංවර නැත්තාවූ සිල්නැති පුද්ගලතෙමේ රට වැස්සන් විසින් දෙනලද යම් ආහාරයක් වළඳන්නේද, (එයට වඩා) රත්වූ ගිනිසිලක් බඳුවූ යකඩගුළියක් අනුභව කරනලද්දේ උතුම් වේයයි.”
|
3. සඞ්ඝාටිකණ්ණසුත්තං | 3. සංඝාටිකණ්ණ සූත්‍රය |
92
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘සඞ්ඝාටිකණ්ණෙ චෙපි, භික්ඛවෙ
‘‘යොජනසතෙ චෙපි සො, භික්ඛවෙ, භික්ඛු විහරෙය්ය. සො ච හොති අනභිජ්ඣාලු කාමෙසු න තිබ්බසාරාගො අබ්යාපන්නචිත්තො අපදුට්ඨමනසඞ්කප්පො උපට්ඨිතස්සති සම්පජානො සමාහිතො එකග්ගචිත්තො සංවුතින්ද්රියො; අථ ඛො සො සන්තිකෙව මය්හං, අහඤ්ච තස්ස. තං කිස්ස හෙතු? ධම්මං හි සො, භික්ඛවෙ, භික්ඛු පස්සති; ධම්මං පස්සන්තො මං පස්සතී’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘අනුබන්ධොපි
එජානුගො අනෙජස්ස, නිබ්බුතස්ස අනිබ්බුතො;
ගිද්ධො සො වීතගෙධස්ස, පස්ස යාවඤ්ච ආරකා.
‘‘යො
රහදොව
‘‘අනෙජො සො අනෙජස්ස, නිබ්බුතස්ස ච නිබ්බුතො;
අගිද්ධො වීතගෙධස්ස, පස්ස යාවඤ්ච සන්තිකෙ’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. තතියං.
|
92
“මහණෙනි, ඉදින් මහණතෙමේ (මාගේ) සඟළ සිවුරුකොණ අල්වාගෙන පිටිපසින් පිටිපසින් (මාගේ) පාතැබූතැන (ඔහුගේ) පාතබමින් මා අනුව යන්නෙක් වන්නේද ඒ මහණතෙමේද විෂම ලෝභය බොහෝකොට ඇත්තේවේද, වස්තුකාම ක්ලේශ කාමයන්හි දැඩි ඇලුම් ඇත්තේවේද, ක්රොධවශයෙන් විකාරයට පැමිණි සිත් ඇත්තේවේද, ප්රදූෂ්යසිත් ඇත්තේවේද, මුළාවූ සිහිය ඇත්තේවේද, සම්‍යක් ප්‍රඥාව නැත්තේවේද, එකඟ නොවූ සිත් ඇත්තේවේද භ්‍රාන්තවූ සිත් ඇත්තේවේද, සංවර නොවූ ඉඳුරන් ඇත්තේවේද, එසේවුවද ඒ මහණ තෙමේ, මා කියනලද පිළිවෙත නොපුරන්නේ මා කෙරෙන් දුරෙහිමවේ, මමද ඔහුගෙන් දුරෙහිම වේ. ඊට හේතු කවරේද? මහණෙනි, යම්හෙයකින් ඒ මහණතෙමේ නොදකීද, ධර්මය නොදක්නේ මා නොදකීද,
“මහණෙනි, ඉදින් ඒ මහණතෙමේ යොදුන් සියයක් සීයක් යොදුන් මත්තෙහි වසන්නේද, ඒ මහණ තෙමේ වනාහි විෂම ලෝභය බහුලව නැත්තේවේද, වස්තුකාම ක්ලෙශකාමයන්හි දැඩි ඇලුම් නැත්තේවේද, (ක්‍රෝධයෙන්) විකාරයට පැමිණි සිත් නැත්තේ වේද ප්රදූෂ්යසිත් නැත්තේවේද එළඹ සිටි සිහිය ඇත්තේවේද මනානුවණ ඇත්තේවේද, සමාධියෙන් යුක්තවූයේවේද එකඟ සිත් ඇත්තේවේද වැසුණු ඉඳුරන් ඇත්තේවේද, එසේවූ දුරසිටි හෙතෙම මාගේ සමීපයෙහිමවේ. මමද ඔහුගේ සමීපයෙහි වෙමි, ඊට හේතු කවරේද, මහණෙනි, යම්හෙයකින් ඒ මහණ තෙමේ ධර්මය බලාද, ධර්මය බලන්නේ මා බලාද (එහෙයිනියි)”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“ඉදින් මහත් ආශාව ඇත්තාවූ ක්‍රෝධය ඇත්තාවූ, තෘෂ්ණාවට දාසයෙකු වැනිව අනුව යන්නාවූ නොනිවියාවූ තෘෂ්ණාව නැත්තාවූ කෙලෙස් පිරිනිවියාවූ (බුදුන් වහන්සේට) ලුහුබඳින්නේ වන්නේද,
“ගිජුවූ ඒ පුද්ගලතෙම පහවූ තෘෂ්ණාව ඇත්තාවූ (බුදුන් වහන්සේට යම්පමණ දුරෙහිවේද, එයබලව, පණ්ඩිතවූ ඒ මහණතෙමේද (චතුස්සත්‍ය) ධර්මය දැන සුළං නැතිතන්හි විලක්සේ තෘෂ්ණාව නැත්තේ සංසිඳෙයි.
“තෘෂ්ණාව නැත්තාවූ කෙලෙස් පිරිනිවියාවූ ඒ මහණතෙමේ පහවූ තෘෂ්ණාව ඇත්තාවූ බුදුන් වහන්සේට (ධර්මය ස්වභාවයෙන්) සමීපයෙහිවූයේ යම් පමණද, (එය) බලවයි.”
|
4. අග්ගිසුත්තං | 4. අග්ගිත්තය සූත්‍රය |
93
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘තයොමෙ, භික්ඛවෙ, අග්ගී. කතමෙ තයො? රාගග්ගි, දොසග්ගි, මොහග්ගි - ඉමෙ ඛො, භික්ඛවෙ, තයො අග්ගී’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘රාගග්ගි දහති මච්චෙ, රත්තෙ කාමෙසු මුච්ඡිතෙ;
දොසග්ගි පන බ්යාපන්නෙ, නරෙ පාණාතිපාතිනො.
‘‘මොහග්ගි පන සම්මූළ්හෙ, අරියධම්මෙ අකොවිදෙ;
එතෙ අග්ගී අජානන්තා, සක්කායාභිරතා පජා.
‘‘තෙ වඩ්ඪයන්ති නිරයං, තිරච්ඡානඤ්ච යොනියො;
අසුරං
‘‘යෙ ච රත්තින්දිවා යුත්තා, සම්මාසම්බුද්ධසාසනෙ;
තෙ නිබ්බාපෙන්ති රාගග්ගිං, නිච්චං අසුභසඤ්ඤිනො.
‘‘දොසග්ගිං
මොහග්ගිං පන පඤ්ඤාය, යායං නිබ්බෙධගාමිනී.
‘‘තෙ නිබ්බාපෙත්වා නිපකා, රත්තින්දිවමතන්දිතා;
අසෙසං පරිනිබ්බන්ති, අසෙසං දුක්ඛමච්චගුං.
‘‘අරියද්දසා වෙදගුනො, සම්මදඤ්ඤාය පණ්ඩිතා;
ජාතික්ඛයමභිඤ්ඤාය, නාගච්ඡන්ති පුනබ්භව’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. චතුත්ථං.
|
93
“මහණෙනි, මේ ගිනි තුණක් වෙත්, කවර තුනක්දයත්, රාග නමැති ගින්නය, ද්වේෂ නමැති ගින්නය, මෝහ නමැති ගින්නය (යන තුනය.) මහණෙනි, මේ වනාහි තුන් ගිනි වෙති. රාග නමැති ගින්න මිථ්‍යාචාරයට පැමිණියාවූ ඇලුනාවූ සත්වයන් දවයි, ද්වේෂ නමැති ගින්න වනාහි විකාරයට පැමිණිසිත් ඇත්තාවූ ප්‍රාණඝාත කරන සුලුවූ සත්වයන් (දවයි) මෝහ නමැති ගින්න වනාහි ආර්ය ධර්මයෙහි දක්ෂ නොවූ අතිශයින් මුළාවූ (සත්වයන් දවයි.) මේ තුන් ගිනි නොදන්නාවූ සත්වයෝ උපාදානස්කන්ධ පඤ්චකයෙහි ඇලුනාහුය.
“ඒ සත්වයෝ සියලු නරකයද තිරිසන් යෝනියද අසුරනිකායද ප්රෙතවිෂයයද වඩත්, (ඔව්හු) ක්ලේශ බන්ධනයෙන් නොමිදුනාහුය, යම්කෙනෙක් වනාහි රෑ දාවල් දෙක්හි සම්‍යක් සම්බුදුන්වහන්සේගේ අනුශාසනයෙහි යෙදුනාහුද, නිතර අශුභය යන සංඥාව ඇත්තාවූ ඒ යොගීහු රාග නමැති ගින්න නිවයි. ද්වේෂ නමැති ගින්න වනාහි උතුම් මිනිස්සු මෛත්රීභාවනාවෙන් නිවත්, කෙලෙස් රැස විනිවිද පවත්නාවූ යම් ප්‍රඥාවක් වේද, ඒ ප්‍රඥාවෙන් මෝහ නමැති ගින්න (නිවයි.) (ඒ යොගීහු) සියලු (ගිනි) නිවා මුහුකුරාගිය ප්‍රඥාව ඇත්තාහු රෑ දාවල්හි අලස බැව් නැත්තාහු ස්කන්ධ ඉතිරිනොකොට පිරිනිවන්පාත්, සියලු (සංසාර දුඃඛය ඉක්මවූහ.)
“ආර්යවූ නිවන හෝ ආර්යවූ චතුස්සත්‍ය ධර්ම හෝ දක්නාවූ මාර්ගඥානයට හෝ මාර්ගඥානයෙන් ගියාවූ පණ්ඩිතයෝ මොනවට දැන ඉපදීම ක්ෂයවූ නිවන දැන පුනරුත්පත්තියට නොපැමිණෙත්යයි.”
|
5. උපපරික්ඛසුත්තං | 5. උපපරික්ඛා සූත්‍රය |
94
වුත්තඤ්හෙතං
‘‘තථා තථා, භික්ඛවෙ, භික්ඛු උපපරික්ඛෙය්ය
‘‘සත්තසඞ්ගප්පහීනස්ස, නෙත්තිච්ඡින්නස්ස භික්ඛුනො;
වික්ඛීණො ජාතිසංසාරො, නත්ථි තස්ස පුනබ්භවො’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඤ්චමං.
|
94
“මහණෙනි, යම් යම් ප්‍රකාරයකින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ හෝ සිහිකරන්නාවූ පටන්ගන්නාලද විදර්ශනා ඇති මේ භික්ෂුවගේ සිත එකඟවේද, නොවිසුරුණේ වේද, යම් හෙයකින් වීර්යය මදව උසුලන කල්හි සමාධියගේ බලවත් බැවින්ද කුසීතයෙන් මඩනා ලද බැවින්ද කර්මස්ථාන අරමුණෙහි සිටියේ නම් වේද, වීර්ය සමතාවෙන් නොසිටියේවේද, රූපාදියක් නොගෙන ත්‍රස්ත නොවන්නේද, ඒ ඒ ප්‍රකාරයෙන් නැවත නැවත පරීක්ෂාකරන්නේය. මත්තෙහි ඉපදීමය. ජරාවය මරණය සියලු දුඃඛයන්ගේ ඉපදීම නොවේයයි.”
මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“තෘෂ්ණා, දෘෂ්ටි, මාන, ක්‍රොධ, අවිද්‍යා, ක්ලෙශ දුශ්චරිත සංඛ්‍යාත ඇලීම් සත ප්‍රහීණ කළාවූ සිඳින ලද භව තෘෂ්ණාව ඇත්තාවූ භික්ෂුවගේ ඉපදීමවූ සසර ක්ෂයවූයේය, නැවත ඉපදීමෙක් නැතැයි.”
|
6. කාමූපපත්තිසුත්තං | 6. කාමුප්පත්ති සූත්‍රය |
95
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘තිස්සො ඉමා, භික්ඛවෙ, කාමූපපත්තියො
(කාමුප්පත්තියො (සී.)). කතමා තිස්සො? පච්චුපට්ඨිතකාමා, නිම්මානරතිනො
‘‘පච්චුපට්ඨිතකාමා ච, යෙ දෙවා වසවත්තිනො;
නිම්මානරතිනො දෙවා, යෙ චඤ්ඤෙ කාමභොගිනො;
ඉත්ථභාවඤ්ඤථාභාවං
‘‘එතමාදීනවං ඤත්වා, කාමභොගෙසු පණ්ඩිතො;
සබ්බෙ පරිච්චජෙ කාමෙ, යෙ දිබ්බා යෙ ච මානුසා.
‘‘පියරූපසාතගධිතං
අසෙසං පරිනිබ්බන්ති, අසෙසං දුක්ඛමච්චගුං.
‘‘අරියද්දසා වෙදගුනො, සම්මදඤ්ඤාය පණ්ඩිතා;
ජාතික්ඛයමභිඤ්ඤාය, නාගච්ඡන්ති පුනබ්භව’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. ඡට්ඨං.
|
95
“මහණෙනි, මේ කාමයන්ගේ උත්පත්තීහු තුන්දෙනෙකි. කවර තුන්දෙනෙක්ද යත්? පැමිණසිටි කාමයෝය, නිර්මානරතී කාමයෝය, පරනිර්මිතවශවර්ති (කාමයෝය) මහණෙනි, මේ වනාහි කාමයන්ගේ ප්රතිලාභ තුන වෙත් යයි.”
මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“පැමිණ සිටි කාමය ඇත්තෝය, අනුන් විසින් මවන ලද කාමයන් (තමාගේ) වශයෙහි පවත්වන්නාවූ යම් දෙවියෝ වෙද්ද, (තමා විසින්) මවනලද කාමයෙහි ඇලීම ඇත්තාවූ යම් දෙවියෝ වෙද්ද, කාමයන් අනුභව කරන්නාවූ අන්‍යවූ යම් කෙනෙක් (ඇද්ද, ඔහු)
“මේ (ලබනලද) ආත්මභාවයෙහිද නැවත උපදින අන්යභවයයි කියනලද මෙයින් සසර නොඉක්මවත්. දිව්‍යවූ යම්කාමයෝ වෙද්ද, මිනිසුන් සතු වූ යම් කාමයෝ වෙද්ද, (ඒ) හැම කාමයන් පහකරන්නේය.
“(යම් කෙනෙක්) ප්‍රිය ස්වභාවය ඇත්තාවූ රූපාදී අරමුණුවල සුඛ වේදනා රසවිඳීමෙන් ගිජුවූ ඉක්මවන්නට දුෂ්කරවූ තෘෂ්ණා දියපහර සිඳ සියලු සංසාරදුඃඛය ඉක්මවූවාහුද, (ඔහු තුමූ) සියලු (කෙළෙස් ගිනි) නිවත්. “ආර්යවූ (බුද්ධාදීන් විසින්) දක්නාලද නිවණ හෝ චතුස්සත්යධර්මය දුටු මාර්ග ඥානයට පැමිණියාවූ හෝ මාර්ග ඥානයෙන් සසර කෙළවරට ගියාවූ දතයුතු දේ මනාව දැන (ඒ) පණ්ඩිතයෝ ජාතික්ෂය සංඛ්‍යාතවූ නිර්වාණය දැන නැවත භවයෙහි ඉපදීමට නොපැමිණෙත් යයි.”
|
7. කාමයොගසුත්තං | 7. යොගයුත්ත සූත්‍රය |
96
වුත්තඤ්හෙතං
‘‘කාමයොගයුත්තො, භික්ඛවෙ, භවයොගයුත්තො ආගාමී හොති ආගන්තා
(ආගන්ත්වා (ස්‍යා. ක.)) ඉත්ථත්තං. කාමයොගවිසංයුත්තො, භික්ඛවෙ, භවයොගයුත්තො අනාගාමී හොති අනාගන්තා ඉත්ථත්තං. කාමයොගවිසංයුත්තො, භික්ඛවෙ, භවයොගවිසංයුත්තො අරහා හොති, ඛීණාසවො’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘කාමයොගෙන සංයුත්තා, භවයොගෙන චූභයං;
සත්තා
‘‘යෙ ච කාමෙ පහන්ත්වාන, අප්පත්තා ආසවක්ඛයං;
භවයොගෙන සංයුත්තා, අනාගාමීති වුච්චරෙ.
‘‘යෙ
තෙ වෙ පාරඞ්ගතා ලොකෙ, යෙ පත්තා ආසවක්ඛය’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. සත්තමං.
|
96
“මහණෙනි, පඤ්චකාම බන්ධනයෙහිවූ රාගයෙන් යුක්තවූද භව රාගයෙන් යුක්ත වූද, පුද්ගලතෙමේ එනසුලුවේ. මේ මිනිසත්බවට එන්නේවේ. මහණෙනි, කාම තෘෂ්ණාවෙන් තොරවූ භව රාගයෙන් යුක්තවූ පුද්ගලතෙමේ නොපැමිණෙනසුලු වෙයි. මේ මිනිසත් බවට නොඑන්නේ වෙයි. මහණෙනි, කාම තෘෂ්ණාවෙන් තොරවූද භවරාගයෙන් තොරවූද පුද්ගලතෙමේ ක්ෂය කරණලද ආශ්‍රවයන් ඇත්තාවූ රහත් වේයයි.
මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“කාම රාගයෙන් යුක්තවූද, භවරාගයෙන් යුක්තවූද කාම රාග භව රාග දෙකින් යුක්තවූද ඉපදීමට හා මැරීමටද පැමිණෙනසුලුවූ සත්වයෝ සසරට යෙති.
“යම් කෙනෙක් වනාහි කාමරාග යයි කියනලද ක්ලේශකාමය පහකොට චතුරාශ්‍රවයන්ගේ ක්ෂය කිරීමට නොපැමිණියාහුද, භව රාගයෙන් යුක්තවූ අනාගාමීහු කාමලෝකයට නොපැමිණෙන්නාහුයයි කියනු ලැබෙත්.
“සිඳින ලද සැකය ඇත්තාවූ යම් සත්වකෙනෙක් වනාහි ක්ෂයවූ නවවැදෑරුම් භයද මත්තෙහි පුනර්භවයද ඇත්තාහු වෙත්. යම් කෙනෙක් ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමට පැමිණියාහු වෙද්ද, ඒ සත්වයෝ ඒකාන්තයෙන් ලෝකයෙහි එතෙරට ගියාහුයයි.”
|
කල්‍යාණසීලසුත්තං | කල්‍යාණ සීල සූත්‍රය |
97
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘කල්යාණසීලො, භික්ඛවෙ, භික්ඛු කල්යාණධම්මො කල්යාණපඤ්ඤො ඉමස්මිං ධම්මවිනයෙ ‘කෙවලී වුසිතවා උත්තමපුරිසො’ති වුච්චති -
‘‘කථඤ්ච
‘‘කල්යාණධම්මො
‘‘කල්යාණපඤ්ඤො ච කථං හොති
‘‘ඉති කල්යාණසීලො කල්යාණධම්මො කල්යාණපඤ්ඤො ඉමස්මිං ධම්මවිනයෙ ‘කෙවලී වුසිතවා උත්තමපුරිසො’ති වුච්චතී’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘යස්ස
තං වෙ කල්යාණසීලොති, ආහු භික්ඛුං හිරීමනං
(හිරීමතං (ස්‍යා. ක.)).
‘‘යස්ස ධම්මා සුභාවිතා, සත්ත
(පත්ත (සබ්බත්ථ)) සම්බොධිගාමිනො;
තං වෙ කල්යාණධම්මොති, ආහු භික්ඛුං අනුස්සදං.
‘‘යො දුක්ඛස්ස පජානාති, ඉධෙව ඛයමත්තනො;
තං වෙ කල්යාණපඤ්ඤොති, ආහු භික්ඛුං අනාසවං.
‘‘තෙහි ධම්මෙහි සම්පන්නං, අනීඝං ඡින්නසංසයං;
අසිතං
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. අට්ඨමං.
|
97
“මහණෙනි, සොඳුරු සිල් ඇත්තාවූ කල්‍යාණ බොධිපාක්ෂික ධර්ම ඇත්තාවූ කල්‍යාණ (මාර්ගඵල) ප්‍රඥා ඇත්තාවූ මහණතෙම මේ ශාසනයෙහි රහත් වූ වැස නිමවනලද මාර්ග බ්‍රහ්මචරියාව ඇත්තාවූ උත්තම යයි කියනු ලැබේ. මහණෙනි, මහණතෙමේ කෙසේ නම් කල්‍යාණ සිල් ඇත්තේවේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ සිල් ඇත්තේවේද, ප්රාතිමොක්ෂ සංවරයෙන් සංවරවූයේ ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ වාසය කෙරේද, ස්වල්පමාත්‍ර දෝෂයෙහි පවා භය දක්නාසුලුව, සමාදන්ව (මනාව ගෙන) ශික්ෂාපදයන්හි හික්මේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙමේ මනා සිල් ඇත්තේ වෙයි. මනා සිල් ඇත්තේ මේ ප්‍රකාරයෙනි.
“කෙසේ නම් යහපත් බොධිපාක්ෂික ධර්ම ඇත්තේ වේද, මහණෙනි, මේ සස්නෙහි මහණතෙමේ සප්ත බොධි පාක්ෂික ධර්මයන් වැඩීමෙහි නැවත නැවත යෙදුනේ වාසය කෙරේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙමේ සොඳුරු දහම් ඇත්තේ වෙයි, යහපත් සිල් ඇත්තේද, යහපත් දහම් ඇත්තේද මේ ප්‍රකාරයෙනි.
“කෙසේ නම් සුන්දර ප්‍රඥාව ඇත්තේවේද, මහණෙනි, මේ සස්නෙහි භික්ෂුතෙමේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන් ආශ්‍රවයන් නැත්තාවූ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵලය හා එක්ව යෙදුනු ප්‍රඥාවද මේ ආත්මභාවයෙහි තෙමේම විශිෂ්ට ප්‍රඥාවෙන් ප්රත්යක්ෂකොට පැමිණ වාසය කෙරේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම කලණ නුවණ ඇත්තේ වෙයි. මේ ප්‍රකාරයෙන් හොඳ සිල් ඇත්තේ හොඳ දහම් ඇත්තේ හොඳ ප්‍රඥාව ඇත්තේ මේ ශාසනයෙහි රහත්යයිද වැසනිමවන ලද මාර්ග බ්රහ්මචර්යය ඇත්තේයයිද උතුම් පුරුෂයයිද කියනු ලැබේ යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි (ගාථාවෙන්) මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යමෙකුගේ කයින්ද, වචනයෙන්ද, සිතින්ද, දුශ්චරිතයන් නැත්තේද, ලජ්ජා ඇත්තාවූ නොහොත් හිරිඔතප් දෙකින් යුත් සිත්ඇත්තාවූ ඒ මහණ සොඳුරු සිල් ඇත්තේ යයි කියත්.
“යමෙකු විසින් ආර්ය මාර්ග ඥානයට පමුණුවන්නාවූ සප්ත ධර්මයෝ මොනවට වඩන ලද්දාහුද, අධික රාගාදී කෙලෙස් නැත්තාවූ ඒ භික්ෂුව ඒකාන්තයෙන් සොඳුරු දහම් ඇත්තේයයි කියත්.
“යමෙක් සංසාරදුඃඛය (නොහොත්) සංසාරදුඃඛයට හේතූන්ද මේ ආත්මභාවයෙහිම ක්ෂයවන බව දනීද, ආශ්‍රවයන් නැත්තාවූ ඒ භික්ෂුව ඒකාන්තයෙන් සුන්දර ප්‍රඥාව ඇත්තේයයි කියත්.
“ඒ ධර්මයන්ගෙන් යුක්තවූ නිදුක්වූ සිඳිනලද සැක ඇත්තාවූ ඇසුරු නොකළාවූ සියලු සත්වලෝකයෙහි හැම (කෙලෙස්) පහකළාවූ (රහත්හු) යයි කියත් යයි.”
|
9. දානසුත්තං | 9. ධම්මදාන සූත්‍රය |
98
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘ද්වෙමානි
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, සංවිභාගා - ආමිසසංවිභාගො ච ධම්මසංවිභාගො ච. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං සංවිභාගානං යදිදං - ධම්මසංවිභාගො.
‘‘ද්වෙමෙ
‘‘යමාහු දානං පරමං අනුත්තරං, යං සංවිභාගං භගවා අවණ්ණයි
(අවණ්ණයී (සී.));
අග්ගම්හි ඛෙත්තම්හි පසන්නචිත්තො, විඤ්ඤූ පජානං කො න යජෙථ කාලෙ.
‘‘යෙ
තෙසං සො අත්ථො පරමො විසුජ්ඣති, යෙ අප්පමත්තා සුගතස්ස සාසනෙ’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. නවමං.
|
98
“මහණෙනි, මේ දාන දෙකකි. ආමිෂ දානයද, ධර්ම දානයද (යන දෙකය) මහණෙනි, මේ දාන දෙක අතුරෙන් යම් මේ ධර්ම දානයක්වේද, මේ ධර්ම දානය අග්‍රවේ. මහණෙනි, මේ බෙදීම් දෙකෙකි, තමා විසින් අනුභව කරනලද සිව්පසයෙන් තමාම අනුභව නොකොට අනුන්ට බෙදාදීම ද තමා විසින් උගත් ධර්මයාගේ උපදේශය අනුන්ට දීම (යන දෙකය.) මහණෙනි, මේ (මනා බෙදීම්) දෙක අතුරෙන් යම් මේ ධර්මය බෙදීමක් වේද, මේ බෙදීම ශ්‍රේෂ්ඨය.
“මහණෙනි, මේ අනුග්‍රහ දෙකෙකි. අමිෂානුග්රහයද ධර්මානුග්රහයද (යන දෙකය,) මහණෙනි, මේ අනුග්රහයන් දෙක අතුරෙන් යම් මේ ධර්මානුග්‍රහයෙක් වේද, මේ ධර්මානු ග්‍රහය උතුමියි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ කරුන මෙසේ කියනු ලැබේ.
“යම් දනක් උතුම්යයිද, නිරුත්තරයයි ද, කියද්ද, භාග්‍යවතුන් වහන්සේ උතුම් වූ අග්‍රවූ යම් බෙදීමක් වර්ණනා කළසේක්ද, උතුම් පින්කෙත්වූ බුද්ධ, බුද්ධ ශ්‍රාවකයන් කෙරෙහි පහන් සිත් ඇති දන්නාවූ කවර නම් නුවණැත්තෙක් හමුවූ කල්හි නොදෙන්නේද?
“යම් කෙනෙක් වනාහි බුදුරජුන්ගේ ශාසනයෙහි ප්‍රසන්න සිත් ඇත්තාහු (දහම්) දෙසද්ද, අසද්ද, ඒ දෙදෙනා දන් පිළිගනිත්. යම් කෙනෙක් සුගතයන් වහන්සේගේ ශාසනයෙහි අප්‍රමාදවූවාහු වෙද්ද, ඔවුන්ගේ උතුම් වූ අර්ථය පිරිසිදු වේයයි.”
|
10. තෙවිජ්ජසුත්තං | 10. තෙවිජ්ජ (බ්‍රාහ්මණ) සූත්‍රය |
99
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘ධම්මෙනාහං, භික්ඛවෙ, තෙවිජ්ජං බ්රාහ්මණං පඤ්ඤාපෙමි, නාඤ්ඤං ලපිතලාපනමත්තෙන.
‘‘කථඤ්චාහං, භික්ඛවෙ, ධම්මෙන තෙවිජ්ජං බ්රාහ්මණං පඤ්ඤාපෙමි, නාඤ්ඤං ලපිතලාපනමත්තෙන? ඉධ, භික්ඛවෙ, භික්ඛු අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථිදං
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති - ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයමස්ස තතියා විජ්ජා අධිගතා හොති, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො. එවං ඛො අහං, භික්ඛවෙ, ධම්මෙන තෙවිජ්ජං බ්රාහ්මණං පඤ්ඤාපෙමි, නාඤ්ඤං ලපිතලාපනමත්තෙනා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘පුබ්බෙනිවාසං යොවෙදි
(යොවෙදි (සබ්බත්ථ)), සග්ගාපායඤ්ච පස්සති;
අථො
(අථ (ස්‍යා. ක.)) ජාතික්ඛයං පත්තො, අභිඤ්ඤාවොසිතො මුනි.
‘‘එතාහි
තමහං වදාමි තෙවිජ්ජං, නාඤ්ඤං ලපිතලාපන’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. දසමං.
|
99
“මහණෙනි, මම න්‍යායයෙන් (මනා පිළිපැදීම යයි කියන ලද කරුණෙන්) ත්‍රිවිද්‍යාවෙන් යුත් බ්‍රාහ්මණයා හඳුන්වමි. (බමුණු යයි) කියන කියවන පමණින් අන්‍යවූ ජාතිමත් බ්‍රාහ්මණයා නොහඳුන්වමි.
“මහණෙනි, කෙසේ නම් න්‍යායයෙන් ත්‍රිවිද්‍යාව ඇත්තාවූ බාහිත පාපී බ්‍රාහ්මණයා පණවම්ද, කියන කියවන පමණින් ජාතිමත්වූ අන්‍ය බ්‍රාහ්මණයා නොපණවම්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ අනෙක ප්‍රකාරයෙන් පැවැති පෙර විසූ ජාති පිළිවෙළ සිහි කෙරෙයි. ඒ කෙසේද? එක් ජාතියක්ද (මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ 1 වර්ගයේ 8 සූත්‍රයේ 4-11 ඡේද යෙදිය යුතුයි.)
“මහණෙනි, මෙසේ වනාහි න්‍යායයෙන් (කාරණයෙන්) ත්‍රිවිද්‍යාවෙන් යුත් බ්‍රාහ්මණයා ත්‍රිවිද්‍යාවෙන් යුක්තයයි හඳුන්වමි. (මින්) අන්‍යවූ (ජාතිමත් බ්‍රාහ්මණයා) යජුර්වෙදාදිය කියන කියවන ප්‍රමාණයෙන් ත්‍රිවිද්‍යාව ඇත්තේයයි නො පණවමියි.”
“මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් මහණෙක් තෙමේ පෙරවිසූ ජාති පිළිවෙළ දනීද සදෙව් ලොවද නව බඹලොවද සතර අපායද දකීද, යළිදු ඉපදීම ක්ෂය කරන්නාවූ රහත් බවට හෝ නිවණට පැමිණියේද, විශේෂයෙන් දැන කෙළවරට පැමිණියේද මුනිතෙම “(යථොක්ත) ත්‍රිවිද්‍යාවන් කරණ කොටගෙන ත්‍රිවිද්‍යාව ඇති බමුණු වෙයි. මම ඒ මහණහු ත්‍රිවිද්‍යාවෙන් යුත් බමුණුයයි කියමි. කියන ලද තෙපුල් පමණක් ඇති අන්‍යවූ ජාතිමත් බ්‍රාහ්මණයා ත්‍රිවිද්‍යාවෙන් යුක්තයයි නොකියමි.”
|