ත්‍රිපිටකය
3. තිකනිපාතො 3. තික නිපාතය
1. පඨමවග්ගො 1. මාරධෙය්‍ය වර්ගය
1. මූලසුත්තං 1. අකුසල මූල සූත්‍රය
2. ධාතුසුත්තං 2. ධාතුත්තය සූත්‍රය
3. පඨමවෙදනාසුත්තං 3. වේදනාත්තය සූත්‍රය
4. දුතියවෙදනාසුත්තං 4. දට්ඨබ්බ වේදනා සූත්‍රය
5. පඨමඑසනාසුත්තං 5. එසනා සූත්‍රය
6. දුතියඑසනාසුත්තං 6. (දෙවන) එසනා සූත්‍රය
7. පඨමආසවසුත්තං 7. (පළමුවන) ආශ්‍රව සූත්‍රය
8. දුතියආසවසුත්තං 8. (දෙවන) ආශ්‍රව සූත්‍රය
9. තණ්හාසුත්තං 9. තෘෂ්ණා සූත්‍රය
10. මාරධෙය්‍යසුත්තං 10. මාරධෙය්‍ය සූත්‍රය
2. දුතියවග්ගො 2. පුණ්‍යක්‍රියා වර්ගය
1. පුඤ්ඤකිරියවත්ථුසුත්තං 1. පුණ්‍යක්‍රියා සූත්‍රය
2. චක්ඛුසුත්තං 2. චක්ෂුස් සූත්‍රය
3. ඉන්ද්‍රියසුත්තං 3. ඉන්ද්‍රිය සූත්‍රය
4. අද්ධාසුත්තං 4. අද්ධා සූත්‍රය
5. දුච්චරිතසුත්තං 5. දුච්චරිතත්තය සූත්‍රය
6. සුචරිතසුත්තං 6. සුචරිතත්තය සූත්‍රය
7. සොචෙය්‍යසුත්තං 7. සොචෙය්‍ය සූත්‍රය
8. මොනෙය්‍යසුත්තං 8. මොනෙය්‍ය සූත්‍රය
9. පඨමරාගසුත්තං 9. (පළමුවන) රාග සූත්‍රය
10. දුතියරාගසුත්තං 10. (දෙවෙනි) රාග සූත්‍රය
3. තතියවග්ගො 3. දිට්ඨ වර්ගය
1. මිච්ඡාදිට්ඨිකසුත්තං 1. දිට්ඨ දුග්ගති සූත්‍රය
2. සම්මාදිට්ඨිකසුත්තං 2. දිට්ඨ සුගති සූත්‍රය
3. නිස්සරණියසුත්තං 3. නිස්සාරණීයධාතු සූත්‍රය
4. සන්තතරසුත්තං 4. සන්තතර සූත්‍රය
5. පුත්තසුත්තං 5. පුත්තත්තය සූත්‍රය
6. අවුට්ඨිකසුත්තං 6. අවුට්ඨිකසම සූත්‍රය
7. සුඛපත්ථනාසුත්තං 7. සුඛපත්ථනා සූත්‍රය
8. භිදුරසුත්තං 8. භිදුරකාය (භින්දන) සූත්‍රය
9. ධාතුසොසංසන්දනසුත්තං 9. ධාතු සංසන්දන සූත්‍රය
10. පරිහානසුත්තං 10. සෙඛ පරිහානි සූත්‍රය
4. චතුත්ථවග්ගො 4. විතක්ක වර්ගය
1. විතක්කසුත්තං 1. අකුසල විතක්ක සූත්‍රය
2. සක්කාරසුත්තං 2. සත්කාරාභිභූත සූත්‍රය
3. දෙවසද්දසුත්තං 3. දෙව සද්ද සූත්‍රය
4. පඤ්චපුබ්බනිමිත්තසුත්තං 4. දෙව පුබ්බ නිමිත්ත සූත්‍රය
5. බහුජනහිතසුත්තං 5. ලොකානුකම්පා සූත්‍රය
6. අසුභානුපස්සීසුත්තං 6. අසුභානුපස්සී සූත්‍රය
7. ධම්මානුධම්මපටිපන්නසුත්තං 7. ධම්මානුධම්ම සූත්‍රය
8. අන්ධකරණසුත්තං 8. අන්ධකරණ සූත්‍රය
9. අන්තරාමලසුත්තං 9. අන්තරාමල සූත්‍රය
10. දෙවදත්තසුත්තං 10. දෙවදත්ත අසද්ධම්ම සූත්‍රය
5. පඤ්චමවග්ගො 5. පසාද වර්ගය
1. අග්ගප්පසාදසුත්තං 1. අග්ගප්පසාද සූත්‍රය
90
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘තයොමෙ, භික්ඛවෙ, අග්ගප්පසාදා. කතමෙ තයො? යාවතා, භික්ඛවෙ, සත්තා අපදා වා ද්විපදා වා චතුප්පදා වා බහුප්පදා (බහුපදා (ක.)) වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤිනාසඤ්ඤිනො වා, තථාගතො තෙසං අග්ගමක්ඛායති අරහං සම්මාසම්බුද්ධො . යෙ, භික්ඛවෙ, බුද්ධෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
‘‘යාවතා, භික්ඛවෙ, ධම්මා සඞ්ඛතා වා අසඞ්ඛතා වා, විරාගො තෙසං අග්ගමක්ඛායති, යදිදං මදනිම්මදනො පිපාසවිනයො ආලයසමුග්ඝාතො වට්ටුපච්ඡෙදො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. යෙ, භික්ඛවෙ, විරාගෙ ධම්මෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
‘‘යාවතා , භික්ඛවෙ, සඞ්ඝා වා ගණා වා, තථාගතසාවකසඞ්ඝො තෙසං අග්ගමක්ඛායති, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක්ඛිණෙය්‍යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. යෙ, භික්ඛවෙ, සඞ්ඝෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති. ඉමෙ ඛො, භික්ඛවෙ, තයො අග්ගප්පසාදා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘අග්ගතො වෙ පසන්නානං, අග්ගං ධම්මං විජානතං;
අග්ගෙ බුද්ධෙ පසන්නානං, දක්ඛිණෙය්‍යෙ අනුත්තරෙ.
‘‘අග්ගෙ ධම්මෙ පසන්නානං, විරාගූපසමෙ සුඛෙ;
අග්ගෙ සඞ්ඝෙ පසන්නානං, පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ.
‘‘අග්ගස්මිං දානං දදතං, අග්ගං පුඤ්ඤං පවඩ්ඪති;
අග්ගං ආයු ච වණ්ණො ච, යසො කිත්ති සුඛං බලං.
‘‘අග්ගස්ස දාතා මෙධාවී, අග්ගධම්මසමාහිතො;
දෙවභූතො මනුස්සො වා, අග්ගප්පත්තො පමොදතී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඨමං.
90
“මහණෙනි, මේ අග්‍රවූ රත්නත්‍රය කෙරෙහි හෝ ශ්‍රේෂ්ඨවූ පැහැදීම් තුණක්වෙත්, කවරතුණක්ද යත්, මහණෙනි, පානැත්තාවූද දෙපා ඇත්තාවූද සිවුපා ඇත්තාවූද බොහෝ පා ඇත්තාවූද රූ ඇත්තාවූද රූනැත්තාවූද සංඥාව ඇත්තාවූද සංඥාව නැත්තාවූද භවාග්‍රයට ඇතුළත්වූද යම් පමණ සත්වයෝ වෙද්ද, ඒ සත්වයන් අතුරෙන් තථාගත නම්වූ අර්හත් සම්‍යක් සම්බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨයයි කියනු ලැබෙයි. මහණෙනි, යම්කෙනෙක් බුදුරජුන් කෙරෙහි පහන්වූවාහුද ඔහුතුමූ ශ්‍රේෂ්ඨයා කෙරෙහි පැහැදුනෝවෙත්, ශ්‍රේෂ්ඨවූ බුදුරුවනෙහි ප්‍රසන්නවූවන්ට ශ්‍රේෂ්ඨවූ විපාකය වෙයි.
“මහණෙනි, ප්‍රත්‍යයන් එකතුව කරනලද්දාවූද හේතු ප්‍රත්‍යයන් විසින්ද කිසිවෙකු විසින්ද නොකරනලද්දාවූද යම් පමණ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අතුරින් මත්ගති මර්දනය කිරීමට නිමිතිවූ පිපාස නැසීමට නිමිතිවූ සියලු ආලයන් වැනසීමට නිමිතිවූ සංසාරය සිඳීමට නිමිතිවූ තෘෂ්ණාව ක්ෂයවීමට නිමිතිවූ රාගය වැනසීමට නිමිතිවූ නොපැවැත්මවූ තෘෂ්ණාව නැත්තාවූ යම් මේ නිවනෙක්වේද, (ඒ නිවන) අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි යම්කෙනෙක් නිර්වාණ ධර්මයෙහි ප්‍රසන්නාවූවාහුද, ඔව්හු ශ්‍රේෂ්ඨ ස්ථානයෙහි පැහැදුනෝවෙත්, අග්‍රස්ථානයෙහි පැහැදුනවුන්ට අග්‍රවූ විපාකයවෙයි.
“මහණෙනි, යම්පමණ (ජන) සමූහයෝද ගණයෝද වෙද්ද, ඔවුන් අතුරෙන් යම් මේ පුරුෂයුගල සතරක් වෙද්ද, පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක් වෙද්ද තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සමූහ තෙමේ අග්‍රයයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සමූහතෙමේ දුරිනුදු ගෙණ ආ දන් පිළිගැන්මට සුදුසුය, දුරිනුදු අවුත් දියයුතු සත්කාරාදිය පැමිණවීමට සුදුසුය, අමුතු මහදන් පිළිගැන්මට සුදුසුය, කරන සත්කාරය පිළිගැණීමට සුදුසුය, (පරලොව අදහා දියයුතු දක්ෂිණාව පිළිගැණීමට සුදුසුය, කරනු ලබන ඇඳිලිබැඳීමට සුදුසුය. (සියලු) ලෝවැස්සාගේ අසමානවූ පින් කෙතවේ, මහණෙනි, යම් කෙනෙක් සංඝයා කෙරෙහි පැහැදුනාහුවෙද්ද, ඔහු තුමූ ශ්‍රේෂ්ඨස්ථානයෙහි ප්‍රසන්න වූවාහුය, අග්‍රස්ථානයෙහි පැහැදුනවුන්ට අග්‍රවූ විපාකයවේ. මහණෙනි, මේ වනාහි තුන් අග්‍රප්‍රසාදයෝ වෙත්යයි භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක.
එහි (ගාථාවෙන්) මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“අග්‍රවූ තෙරුවන් කෙරෙහි හෝ ශ්‍රේෂ්ඨ භාවයෙන් හෝ පැහැදුනාවූ (තෙරුවනගේ) අග්‍ර ස්වභාවය ගුණස්වභාවය දන්නවුන්ට විපාකය අග්‍රවේ. ශ්‍රේෂ්ඨවූ දක්ෂිණාවට සුදුසුවූ අග්‍රවූ බුදුරජුන් කෙරෙහි පැහැදුනවුන්ටද, (සියලු) රාගයාගේ අතිශයින් නැසීමට හේතුවූද සංසිඳුවීමට හේතුවූද (සංස්කාරයන්ගේ සංසිඳීම සුවය බැවින්ද සැප ඇත්තාවූ ශ්‍රේෂ්ඨ ධර්මයෙහි පැහැදුනවුන්ටද, නිරුත්තර පින්කෙත්වූ ශ්‍රේෂ්ඨවූ (ආර්ය) සංඝයා කෙරෙහිද පැහැදුනවුන්ටද ශ්‍රේෂ්ඨ රත්නත්‍රය විෂයයෙහි දන්දෙන්නවුන්ට අග්‍ර පින් වැඩෙයි, අග්‍රවූ ආයුෂද රූප සම්පත්තියද පිරිවරද ගුණ ඝොෂයද සුවයද (කාය) බලය හා ඤාණ බලයද වැඬේ. ශ්‍රේෂ්ඨරත්නත්‍රයට හෝ අග්‍රදානවස්තුව මහත්කොට හෝ දෙන්නාවූ නුවණැත්තාවූ අග්‍රවූ ප්‍රසාදධර්මයෙන් හෝ අග්‍රදෙය ධර්මයෙන් යුක්තවූ පුද්ගලතෙමේ දෙවිවූයේ හෝ මිනිස්වූයේ හෝ ශ්‍රේෂ්ඨ බවට හෝ අග්‍රවූ ලොකොත්තර මාර්ගඵලයට හෝ පැමිණියේ විශේෂයෙන් සතුටුවේයයි. මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මාගේ ඇසීමවේ.”
2. ජීවිකසුත්තං 2. ජීවිත සූත්‍රය
3. සඞ්ඝාටිකණ්ණසුත්තං 3. සංඝාටිකණ්ණ සූත්‍රය
4. අග්ගිසුත්තං 4. අග්ගිත්තය සූත්‍රය
5. උපපරික්ඛසුත්තං 5. උපපරික්ඛා සූත්‍රය
6. කාමූපපත්තිසුත්තං 6. කාමුප්පත්ති සූත්‍රය
7. කාමයොගසුත්තං 7. යොගයුත්ත සූත්‍රය
කල්‍යාණසීලසුත්තං කල්‍යාණ සීල සූත්‍රය
9. දානසුත්තං 9. ධම්මදාන සූත්‍රය
10. තෙවිජ්ජසුත්තං 10. තෙවිජ්ජ (බ්‍රාහ්මණ) සූත්‍රය