ත්‍රිපිටකය
3. තිකනිපාතො 3. තික නිපාතය
1. පඨමවග්ගො 1. මාරධෙය්‍ය වර්ගය
1. මූලසුත්තං 1. අකුසල මූල සූත්‍රය
2. ධාතුසුත්තං 2. ධාතුත්තය සූත්‍රය
3. පඨමවෙදනාසුත්තං 3. වේදනාත්තය සූත්‍රය
4. දුතියවෙදනාසුත්තං 4. දට්ඨබ්බ වේදනා සූත්‍රය
5. පඨමඑසනාසුත්තං 5. එසනා සූත්‍රය
6. දුතියඑසනාසුත්තං 6. (දෙවන) එසනා සූත්‍රය
7. පඨමආසවසුත්තං 7. (පළමුවන) ආශ්‍රව සූත්‍රය
8. දුතියආසවසුත්තං 8. (දෙවන) ආශ්‍රව සූත්‍රය
9. තණ්හාසුත්තං 9. තෘෂ්ණා සූත්‍රය
10. මාරධෙය්‍යසුත්තං 10. මාරධෙය්‍ය සූත්‍රය
2. දුතියවග්ගො 2. පුණ්‍යක්‍රියා වර්ගය
1. පුඤ්ඤකිරියවත්ථුසුත්තං 1. පුණ්‍යක්‍රියා සූත්‍රය
2. චක්ඛුසුත්තං 2. චක්ෂුස් සූත්‍රය
3. ඉන්ද්‍රියසුත්තං 3. ඉන්ද්‍රිය සූත්‍රය
4. අද්ධාසුත්තං 4. අද්ධා සූත්‍රය
5. දුච්චරිතසුත්තං 5. දුච්චරිතත්තය සූත්‍රය
6. සුචරිතසුත්තං 6. සුචරිතත්තය සූත්‍රය
7. සොචෙය්‍යසුත්තං 7. සොචෙය්‍ය සූත්‍රය
8. මොනෙය්‍යසුත්තං 8. මොනෙය්‍ය සූත්‍රය
9. පඨමරාගසුත්තං 9. (පළමුවන) රාග සූත්‍රය
10. දුතියරාගසුත්තං 10. (දෙවෙනි) රාග සූත්‍රය
3. තතියවග්ගො 3. දිට්ඨ වර්ගය
1. මිච්ඡාදිට්ඨිකසුත්තං 1. දිට්ඨ දුග්ගති සූත්‍රය
2. සම්මාදිට්ඨිකසුත්තං 2. දිට්ඨ සුගති සූත්‍රය
3. නිස්සරණියසුත්තං 3. නිස්සාරණීයධාතු සූත්‍රය
4. සන්තතරසුත්තං 4. සන්තතර සූත්‍රය
5. පුත්තසුත්තං 5. පුත්තත්තය සූත්‍රය
6. අවුට්ඨිකසුත්තං 6. අවුට්ඨිකසම සූත්‍රය
7. සුඛපත්ථනාසුත්තං 7. සුඛපත්ථනා සූත්‍රය
8. භිදුරසුත්තං 8. භිදුරකාය (භින්දන) සූත්‍රය
9. ධාතුසොසංසන්දනසුත්තං 9. ධාතු සංසන්දන සූත්‍රය
10. පරිහානසුත්තං 10. සෙඛ පරිහානි සූත්‍රය
4. චතුත්ථවග්ගො 4. විතක්ක වර්ගය
1. විතක්කසුත්තං 1. අකුසල විතක්ක සූත්‍රය
2. සක්කාරසුත්තං 2. සත්කාරාභිභූත සූත්‍රය
3. දෙවසද්දසුත්තං 3. දෙව සද්ද සූත්‍රය
4. පඤ්චපුබ්බනිමිත්තසුත්තං 4. දෙව පුබ්බ නිමිත්ත සූත්‍රය
83
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘යදා, භික්ඛවෙ, දෙවො දෙවකායා චවනධම්මො හොති, පඤ්චස්ස පුබ්බනිමිත්තානි පාතුභවන්ති - මාලා මිලායන්ති, වත්ථානි කිලිස්සන්ති, කච්ඡෙහි සෙදා මුච්චන්ති, කායෙ දුබ්බණ්ණියං ඔක්කමති, සකෙ දෙවො දෙවාසනෙ නාභිරමතීති. තමෙනං, භික්ඛවෙ, දෙවා ‘චවනධම්මො අයං දෙවපුත්තො’ති ඉති විදිත්වා තීහි වාචාහි අනුමොදෙන්ති (අනුමොදන්ති (සී. ස්‍යා. පී.)) - ‘ඉතො, භො, සුගතිං ගච්ඡ, සුගතිං ගන්ත්වා සුලද්ධලාභං ලභ, සුලද්ධලාභං ලභිත්වා සුප්පතිට්ඨිතො භවාහී’’’ති.
එවං වුත්තෙ, අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කින්නු ඛො, භන්තෙ, දෙවානං සුගතිගමනසඞ්ඛාතං; කිඤ්ච, භන්තෙ, දෙවානං සුලද්ධලාභසඞ්ඛාතං ; කිං පන, භන්තෙ, දෙවානං සුප්පතිට්ඨිතසඞ්ඛාත’’න්ති?
‘‘මනුස්සත්තං ඛො, භික්ඛු (භික්ඛවෙ (ස්‍යා. පී.)), දෙවානං සුගතිගමනසඞ්ඛාතං; යං මනුස්සභූතො සමානො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ සද්ධං පටිලභති. ඉදං ඛො, භික්ඛු (භික්ඛවෙ (ස්‍යා. පී.)), දෙවානං සුලද්ධලාභසඞ්ඛාතං; සා ඛො පනස්ස සද්ධා නිවිට්ඨා හොති මූලජාතා පතිට්ඨිතා දළ්හා අසංහාරියා සමණෙන වා බ්‍රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං. ඉදං ඛො, භික්ඛු (භික්ඛවෙ (ස්‍යා. පී.)), දෙවානං සුප්පතිට්ඨිතසඞ්ඛාත’’න්ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘යදා දෙවො දෙවකායා, චවති ආයුසඞ්ඛයා;
තයො සද්දා නිච්ඡරන්ති, දෙවානං අනුමොදතං.
‘‘‘ඉතො භො සුගතිං ගච්ඡ, මනුස්සානං සහබ්‍යතං;
මනුස්සභූතො සද්ධම්මෙ, ලභ සද්ධං අනුත්තරං.
‘‘‘සා තෙ සද්ධා නිවිට්ඨස්ස, මූලජාතා පතිට්ඨිතා;
යාවජීවං අසංහීරා, සද්ධම්මෙ සුප්පවෙදිතෙ.
‘‘‘කායදුච්චරිතං හිත්වා, වචීදුච්චරිතානි ච;
මනොදුච්චරිතං හිත්වා, යඤ්චඤ්ඤං දොසසඤ්හිතං.
‘‘‘කායෙන කුසලං කත්වා, වාචාය කුසලං බහුං;
මනසා කුසලං කත්වා, අප්පමාණං නිරූපධිං.
‘‘‘තතො ඔපධිකං පුඤ්ඤං, කත්වා දානෙන තං බහුං;
අඤ්ඤෙපි මච්චෙ සද්ධම්මෙ, බ්‍රහ්මචරියෙ නිවෙසය’ (නිවෙසයෙ (සී. ස්‍යා.)).
‘‘ඉමාය අනුකම්පාය, දෙවා දෙවං යදා විදූ;
චවන්තං අනුමොදෙන්ති, එහි දෙව පුනප්පුන’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. චතුත්ථං.
83
“මහණෙනි, යම් කලෙක (උත්පත්ති) දෙවි තෙමේ දිව්‍ය සමූහයෙන් හෝ දෙව්ලොවින් චුතවන ස්වභාවය ඇත්තේ වේද, (එකල්හි) ඔහුට පෙරනිමිති පසෙක් පහළවෙත්. පළඳනා ලද මල් මලානික වෙත්. හඳනා පොරොවනලද වස්ත්‍ර කිලිටිවෙත්. කිසිලිවලින් මඩදිය දහරා වැගිරෙති. කයෙහි දුර්වර්ණභාවය පිහිටයි. ස්වකීය (තමාගේ) දිව්‍යාසනයෙහි නොඇලෙයි.
“මහණෙනි, දෙවියෝ ඔහු මේ දේවපුත්‍ර තෙමේ චුතවන ස්වභාවය ඇත්තේ යයි මෙසේ දැන ‘පින්වත, මේ දෙව්ලොවින් චුතව සොඳුරු ගති ඇති (මිනිස් ලොවට) යව, සුගතියට ගොසින් මනාව ලත් ලැබීම ලබව, මනාව ලත් ලැබීම ලැබ මනාව පිහිටියෙක් වෙව’යි වචන තුනින් සතුටු උපදවත්. මෙසේ වදාළ කල්හි නාම ගොත්‍රයෙන් අප්‍රසිද්ධ මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වීය. වහන්ස, දෙවියන්ගේ සුගතියට යාමයයි වදාරණ ලද්දේ කිමෙක්දෝහෝ? වහන්ස, දෙවියන්ගේ මනාව ලද ලැබීමයයි වදාරණ ලද්දේ කුමක්ද? වහන්ස, දෙවියන්ගේ මනාව පිහිටීම යයි වදාරණ ලද්දේ කුමක්දැයි?”
“මහණ, මිනිසත් බව දෙවියන්ගේ සුගතියට යාමයයි මා විසින් කියන ලද්දේය. මිනිස්වූයේම තථාගතයන් විසින් දෙසන ලද ධර්මවිනයෙහි යම් ශ්‍රද්ධාවක් ලබාද, මහණෙනි, මේ වනාහි දෙවියන්ගේ මනාව ලද ලැබීමයයි කියන ලද්දේය. ඔහුගේ ශ්‍රද්ධාතොමෝ වනාහි සිත් සතනට වැදුනී වන්නීද, හටගත් මුල් ඇත්තීවන්නීද, පිහිටියාවේද තරවූවා වේද, ලෝකයෙහි මහණෙකු විසින් වේවයි බමුණෙකු විසින් වේවයි දෙවියෙකු විසින් වේවයි මරෙකු විසින් වේවයි බඹෙකු විසින් වේවයි අන්කිසිවෙකු විසින් වේවයි හැරගන්නට හෝ පිරිහෙලන්නට හෝ ඉවත් කරන්නට හෝ නොහැකි වන්නී වේද, මහණෙනි, මේ වනාහි දෙවියන්ගේ මනාව පිහිටීමයයි කියන ලද්දේයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි යම් අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් කලෙක්හි දෙවිතෙමේ ආයු ගෙවීමෙන් මැරේද (එකල්හි) සතුටු උපදවන්නාවූ දෙවියන්ගේ තුන් හඬක් පැතිරෙත්.
“පින්වත, මේ දෙව්ලොවින් මිනිසුන් හා එකී භාවයවූ සුගතියට යව, මනුෂ්‍යවූයේ සද්ධර්මයෙහි උතුම්වූ ශ්‍රද්ධාව ලබව.
“මොනවට ප්‍රකාශ කරන ලද්දාවූ සද්ධර්මයෙහි තොපගේ සැදැහැ තොමෝ චිත්තසන්තානයට ප්‍රවිෂ්ට වූවා හටගත් මුල් ඇත්තී පිහිටියා දිවිහිම් කොට හැර ගන්නට හෝ පිරිහෙලන්නට හෝ පහකරන්නට නොහැක්කි වේවා. (කයින් කරන) දුසිරිද වාග් දුශ්චරිතයන්ද සිතින් (කරන) දුශ්චරිතයන්ද හැර වරදයයි දන්නා ලද අන්‍යවූ යම් පවක් වේද, (එයද) හැර
“කයින් කුසල්ද වචනයෙන් බොහෝ කුසල්දකොට අපමණවූ (සකසා බොහෝවර හෝ මහත්කොට කිරීම වශයෙන් ප්‍රමාණ රහිතවූ) සත්වැනි භවයෙහි හෝ ඉපදීමට සුදුසුවූ ස්කන්ධූපධියගේද එය උපදවන කුශල චෙතනා නම් අභිසංස්කාරොපධියගේද ඒ ඒ මාර්ගයෙන් නැසියයුතු ක්ලෙශොපධියගේද ප්‍රහාණයෙන් ඔවුන් නොඋපදවන හෙයින්ද නිරුපධි නම් නිර්වාණය ඇසුරු කළ බැවින්ද උපධිරහිතවූ කුසල් සිතින් කොට,
“එහෙයින් දන්දීමෙන් ආත්මභාව සම්පත්තියද භොග සම්පත්තියද උපදවන්නාවූ ඒ බොහෝ පින් කොට අන් මිනිසුන්ද සද්ධර්මයෙහිද බඹසරෙහිද යොදවන්නේය.
“යම්කලෙක්හි දෙවියෝ චුතවන දෙවියෙකු දැනගන්නාහුද (එකල්හි) මේ අනුකම්පාවෙන් (එම්බා) දෙවිය නැවත නැවත (මෙහි) එවයි’ සතුටු උපදවත් යයි”
5. බහුජනහිතසුත්තං 5. ලොකානුකම්පා සූත්‍රය
6. අසුභානුපස්සීසුත්තං 6. අසුභානුපස්සී සූත්‍රය
7. ධම්මානුධම්මපටිපන්නසුත්තං 7. ධම්මානුධම්ම සූත්‍රය
8. අන්ධකරණසුත්තං 8. අන්ධකරණ සූත්‍රය
9. අන්තරාමලසුත්තං 9. අන්තරාමල සූත්‍රය
10. දෙවදත්තසුත්තං 10. දෙවදත්ත අසද්ධම්ම සූත්‍රය
5. පඤ්චමවග්ගො 5. පසාද වර්ගය
1. අග්ගප්පසාදසුත්තං 1. අග්ගප්පසාද සූත්‍රය
2. ජීවිකසුත්තං 2. ජීවිත සූත්‍රය
3. සඞ්ඝාටිකණ්ණසුත්තං 3. සංඝාටිකණ්ණ සූත්‍රය
4. අග්ගිසුත්තං 4. අග්ගිත්තය සූත්‍රය
5. උපපරික්ඛසුත්තං 5. උපපරික්ඛා සූත්‍රය
6. කාමූපපත්තිසුත්තං 6. කාමුප්පත්ති සූත්‍රය
7. කාමයොගසුත්තං 7. යොගයුත්ත සූත්‍රය
කල්‍යාණසීලසුත්තං කල්‍යාණ සීල සූත්‍රය
9. දානසුත්තං 9. ධම්මදාන සූත්‍රය
10. තෙවිජ්ජසුත්තං 10. තෙවිජ්ජ (බ්‍රාහ්මණ) සූත්‍රය