ත්‍රිපිටකය
3. තිකනිපාතො 3. තික නිපාතය
1. පඨමවග්ගො 1. මාරධෙය්‍ය වර්ගය
1. මූලසුත්තං 1. අකුසල මූල සූත්‍රය
2. ධාතුසුත්තං 2. ධාතුත්තය සූත්‍රය
3. පඨමවෙදනාසුත්තං 3. වේදනාත්තය සූත්‍රය
4. දුතියවෙදනාසුත්තං 4. දට්ඨබ්බ වේදනා සූත්‍රය
5. පඨමඑසනාසුත්තං 5. එසනා සූත්‍රය
6. දුතියඑසනාසුත්තං 6. (දෙවන) එසනා සූත්‍රය
7. පඨමආසවසුත්තං 7. (පළමුවන) ආශ්‍රව සූත්‍රය
8. දුතියආසවසුත්තං 8. (දෙවන) ආශ්‍රව සූත්‍රය
9. තණ්හාසුත්තං 9. තෘෂ්ණා සූත්‍රය
10. මාරධෙය්‍යසුත්තං 10. මාරධෙය්‍ය සූත්‍රය
2. දුතියවග්ගො 2. පුණ්‍යක්‍රියා වර්ගය
1. පුඤ්ඤකිරියවත්ථුසුත්තං 1. පුණ්‍යක්‍රියා සූත්‍රය
2. චක්ඛුසුත්තං 2. චක්ෂුස් සූත්‍රය
3. ඉන්ද්‍රියසුත්තං 3. ඉන්ද්‍රිය සූත්‍රය
4. අද්ධාසුත්තං 4. අද්ධා සූත්‍රය
5. දුච්චරිතසුත්තං 5. දුච්චරිතත්තය සූත්‍රය
6. සුචරිතසුත්තං 6. සුචරිතත්තය සූත්‍රය
7. සොචෙය්‍යසුත්තං 7. සොචෙය්‍ය සූත්‍රය
8. මොනෙය්‍යසුත්තං 8. මොනෙය්‍ය සූත්‍රය
9. පඨමරාගසුත්තං 9. (පළමුවන) රාග සූත්‍රය
10. දුතියරාගසුත්තං 10. (දෙවෙනි) රාග සූත්‍රය
3. තතියවග්ගො 3. දිට්ඨ වර්ගය
1. මිච්ඡාදිට්ඨිකසුත්තං 1. දිට්ඨ දුග්ගති සූත්‍රය
2. සම්මාදිට්ඨිකසුත්තං 2. දිට්ඨ සුගති සූත්‍රය
3. නිස්සරණියසුත්තං 3. නිස්සාරණීයධාතු සූත්‍රය
4. සන්තතරසුත්තං 4. සන්තතර සූත්‍රය
5. පුත්තසුත්තං 5. පුත්තත්තය සූත්‍රය
74
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘තයොමෙ, භික්ඛවෙ, පුත්තා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො? අතිජාතො, අනුජාතො, අවජාතොති.
‘‘කථඤ්ච , භික්ඛවෙ, පුත්තො අතිජාතො හොති? ඉධ, භික්ඛවෙ, පුත්තස්ස මාතාපිතරො හොන්ති න බුද්ධං සරණං ගතා, න ධම්මං සරණං ගතා, න සඞ්ඝං සරණං ගතා; පාණාතිපාතා අප්පටිවිරතා, අදින්නාදානා අප්පටිවිරතා, කාමෙසුමිච්ඡාචාරා අප්පටිවිරතා, මුසාවාදා අප්පටිවිරතා, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා අප්පටිවිරතා, දුස්සීලා පාපධම්මා. පුත්තො ච නෙසං හොති බුද්ධං සරණං ගතො, ධම්මං සරණං ගතො, සඞ්ඝං සරණං ගතො; පාණාතිපාතා පටිවිරතො, අදින්නාදානා පටිවිරතො, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො, මුසාවාදා පටිවිරතො, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො, සීලවා කල්‍යාණධම්මො. එවං ඛො, භික්ඛවෙ, පුත්තො අතිජාතො හොති.
‘‘කථඤ්ච , භික්ඛවෙ, පුත්තො අනුජාතො හොති? ඉධ, භික්ඛවෙ, පුත්තස්ස මාතාපිතරො හොන්ති බුද්ධං සරණං ගතා, ධම්මං සරණං ගතා, සඞ්ඝං සරණං ගතා; පාණාතිපාතා පටිවිරතා, අදින්නාදානා පටිවිරතා, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතා, මුසාවාදා පටිවිරතා, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා, සීලවන්තො කල්‍යාණධම්මා. පුත්තොපි නෙසං හොති බුද්ධං සරණං ගතො, ධම්මං සරණං ගතො, සඞ්ඝං සරණං ගතො; පාණාතිපාතා පටිවිරතො, අදින්නාදානා පටිවිරතො, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො, මුසාවාදා පටිවිරතො, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො, සීලවා කල්‍යාණධම්මො. එවං ඛො, භික්ඛවෙ, පුත්තො අනුජාතො හොති.
‘‘කථඤ්ච , භික්ඛවෙ, පුත්තො අවජාතො හොති? ඉධ, භික්ඛවෙ, පුත්තස්ස මාතාපිතරො හොන්ති බුද්ධං සරණං ගතා, ධම්මං සරණං ගතා, සඞ්ඝං සරණං ගතා; පාණාතිපාතා පටිවිරතා, අදින්නාදානා පටිවිරතා, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතා, මුසාවාදා පටිවිරතා, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා, සීලවන්තො කල්‍යාණධම්මා. පුත්තො ච නෙසං හොති න බුද්ධං සරණං ගතො, න ධම්මං සරණං ගතො, න සඞ්ඝං සරණං ගතො; පාණාතිපාතා අප්පටිවිරතො, අදින්නාදානා අප්පටිවිරතො, කාමෙසුමිච්ඡාචාරා අප්පටිවිරතො, මුසාවාදා අප්පටිවිරතො, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා අප්පටිවිරතො, දුස්සීලො පාපධම්මො. එවං ඛො, භික්ඛවෙ, පුත්තො අවජාතො හොති. ඉමෙ ඛො, භික්ඛවෙ, තයො පුත්තා සන්තො සංවිජ්ජමානා ලොකස්මි’’න්ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘අතිජාතං අනුජාතං, පුත්තමිච්ඡන්ති පණ්ඩිතා;
අවජාතං න ඉච්ඡන්ති, යො හොති කුලගන්ධනො.
‘‘එතෙ ඛො පුත්තා ලොකස්මිං, යෙ භවන්ති උපාසකා;
සද්ධා සීලෙන සම්පන්නා, වදඤ්ඤූ වීතමච්ඡරා;
චන්දො අබ්භඝනා මුත්තො, පරිසාසු විරොචරෙ’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඤ්චමං.
74
“මහණෙනි, ලෝකයෙහි මේ සූත්‍රයෝ තුන්දෙනෙක් ලැබෙන්නාහුය, විද්‍යමාන වන්නාහුය, කවර තුන්දෙනෙක්ද යත්? (තමාගේ ගුණයෙන් මවුපියන් ඉක්මවා) උපන්නාවූ (මවුපියනට වඩා ගුණ ඇති) පුත්‍රයාය (ගුණයෙන් මවුපියනට අනුරූපව) උපන්නාවූ (මව්පියන් හා සමාන ගුණ ඇති) පුත්‍රයාය මව්පියනට වඩා හීනගුණ ඇති පුත්‍රයාය යන තිදෙනය.
“මහණෙනි, කෙසේ වනාහි පුත්‍රතෙමේ අධික ගුණ ඇත්තේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි පුතාගේ මවුපියෝ බුදුන් සරණ නොගියාහු වෙද්ද, දහම් සරණ නොගියාහු වෙද්ද, සඟ සරණ නොගියාහු වෙද්ද, ප්‍රාණඝාතයෙන් නොවැළකුණාහු වෙද්ද, (හිමියන් විසින්) නුදුන් දැය ගැණීමෙන් නොවැළකුණාහුද වෙද්ද, කාමයන්හි වරදවා හැසිරීමෙන් නොවැළකුණාහු වෙද්ද, බොරුකීමෙන් නොවැළකුණාහු වෙද්ද, මදප්‍රමාදයට කරුණුවූ රහමෙර පීමෙන් නොවැළකුණාහු වෙද්ද, සිල් නැත්තාහු වෙද්ද, ලාමක ස්වභාවය ඇත්තෝ වෙද්ද, ඔවුන්ගේ පුතා වනාහි බුදුන්සරණ ගියේ වේද, දහම් සරණ ගියේ වේද, සඟ සරණ ගියේ වේද, ප්‍රාණඝාතයෙන් වෙන්වූයේ වේද, හොරකම් කිරීමෙන් වෙන්වූයේ වේද, කාම මිථ්‍යාචාරයෙන් වෙන්වූයේ වේද, මුසාවාදයෙන් වෙන්වූයේ වේද, මත්වීමට හා ප්‍රමාදයට හේතුවූ රහමෙරපීමෙන් වෙන්වූයේ වේද, සිල්වත්වේද, යහපත් ස්වභාවය ඇත්තේ වේද, මහණෙනි මෙසේ වනාහී පුත්‍රතෙමේ (මවු පියනට වඩා) අධික ගුණ ඇත්තේ (අතිජාතපුත්‍ර) වේ.
“මහණෙනි, කෙසේ වනාහි පුත්‍රතෙමේ (මවුපියන් අනුරූපව උපන් හා සමාන ගුණ ඇත්තේවේද, මහණෙනි, මේ ලෝකයෙහි පුත්‍රයාගේ මවුපියෝ බුදුන් සරණ ගියෝවෙද්ද, දහම් සරණ ගියෝවෙද්ද, සඟ සරණ ගියෝවෙද්ද, සත්වඝාතනයෙන් වැළකුණෝ වෙද්ද, සොරකම් කිරීමෙන් වැළකුණෝ වෙද්ද, කාම මිථ්‍යාචාරයෙන් වැළකුණෝ වෙද්ද, බොරුකීමෙන් වැළකුණෝ වෙද්ද, මත්වීමට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පීමෙන් වැළකුණේ වෙද්ද, සිල් ඇත්තෝ වෙද්ද, කලණ දහම් ඇත්තෝ වෙද්ද, ඔවුන්ගේ පුත් තෙමේද බුදුන්සරණ ගියේ වේද, ධර්මය සරණ ගියේ වේද, සංඝයා සරණ ගියේ වේද, සතුන් මැරීමෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාම මිථ්‍යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මත්වීමටද ප්‍රමාදයටද හේතු සුරාමෙරය පානයෙන් වැළකුණේ වේද, සිල්වත් වේද කුසල් දහම් ඇත්තේ වේද, මහණෙනි, මෙසේ වනාහි පුත්‍රතෙමේ අනුජාතයෙක් වේ. (මව්පියනට සමාන ගුණ ඇත්තේ වේ.)
“මහණෙනි, කෙසේ වනාහි පුත්‍රතෙමේ අවජාත වේද, මහණෙනි, මේ ලෝකයෙහි පුත්‍රයාගේ මවුපියෝ බුදුන් සරණ ගියාහු වෙද්ද, ධර්මය සරණ ගියාහු වෙද්ද සංඝයා සරණ ගියාහු වෙද්ද, ප්‍රාණ වධයෙන් වැළකුණාහු වෙද්ද, අදත්තාදානයෙන් වැළකුණාහු වෙද්ද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණාහු වෙද්ද, බොරුබස් බිණුමෙන් වැළකුණාහු වෙද්ද, මත්වීමට හා සිහියෙන් වෙන්වීමට හේතුවූ රහමෙර පීමෙන් වැළකුණාහුවෙද්ද, සිල්වත්වූවාහු වෙද්ද, යහපත් ස්වභාවය ඇත්තාහු වෙද්ද, ඔවුන්ගේ පුත්‍රතෙමේ වනාහි බුදුරුවන් සරණ නොගියේ වේද, දහම්රුවන් සරණ නොගියේ වේද, සඟුරුවන් සරණ නොගියේ වේද, ප්‍රාණඝාතයන් නොවැළකුණේවේද හොරකම් කිරීමෙන් නොවැළකුණේ වේද, කාමමිථ්‍යාචාරයෙන් නොවැළකුණේ වේද, මුසාවාදයෙන් නොවැළකුණේවේද, මත්වීමට කරුණුවූ රහමෙර බීමෙන් නොවැළකුණේ වේද, දුශ්ශීල වේද, පව් ස්වභාවය ඇත්තේ වේද, මහණෙනි, මෙසේ වනාහි පුත්‍ර තෙමේ අවජාතවේ. (මව්පියනට වඩා හීන ගුණ ඇත්තේ වේද, මහණෙනි, මේ පුත්‍රයෝ තුන්දෙන වනාහි ලෝකයෙහි ඇත්තාහුය, විද්‍යමානවන්නාහු යයි”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“පණ්ඩිතයෝ අතිජාත (මව්පියනට වඩා අධික ගුණ ඇතිව උපන්) පුත්‍රයාද අනුජාත (මවුපියනට සමාන ගුණ ඇතිව උපන්) පුත්‍රයාද කැමැති’ වෙත්, යමෙක් කුලය නසන්නේ වේද, (එබඳු) අවජාත (මව්පියනට වඩා හීන ගුණ ඇතිව උපන්) පුත්‍රයා නොකැමැති වෙති.
“ලෝකයෙහි මේ තුන්දෙනම පුත්‍රයෝ වෙති, යම් (පුත්‍ර) කෙනෙක් උපාසකයෝ වෙද්ද, ශ්‍රද්ධාව ඇත්තාහු වෙද්ද, යුක්තවූවාහු වෙද්ද, (යාචකයන්ගේ) වචන දන්නාහු වෙද්ද, අදහස් දන්නාහු වෙද්ද, (නොහොත් ‘දෙව යන ඒ යාචකයන්ගේ බස් අසා මොහු පෙර දන් නොදී මෙබන්දෝ වූහ. මා එසේ නොවිය යුතුයයි’ ඔවුනට පරිත්‍යාගයෙන් ඒ අර්ථය දන්නාහු වෙද්ද, (පණ්ඩිතයන්ගේ කර්මය ස්වකීය කොට ඇති බව ආදිය ප්‍රකාශ කරණ වචන හේ දන්නාහු වෙද්ද පහවූ මසුරු මල ඇත්තාහු වෙද්ද වලාකුළෙන් හා වැසිවලාකුළෙන් මිදුනු සඳසේ (ක්ෂත්‍රියාදි) අටපිරිසෙහි බබළත්යයි.
6. අවුට්ඨිකසුත්තං 6. අවුට්ඨිකසම සූත්‍රය
7. සුඛපත්ථනාසුත්තං 7. සුඛපත්ථනා සූත්‍රය
8. භිදුරසුත්තං 8. භිදුරකාය (භින්දන) සූත්‍රය
9. ධාතුසොසංසන්දනසුත්තං 9. ධාතු සංසන්දන සූත්‍රය
10. පරිහානසුත්තං 10. සෙඛ පරිහානි සූත්‍රය
4. චතුත්ථවග්ගො 4. විතක්ක වර්ගය
1. විතක්කසුත්තං 1. අකුසල විතක්ක සූත්‍රය
2. සක්කාරසුත්තං 2. සත්කාරාභිභූත සූත්‍රය
3. දෙවසද්දසුත්තං 3. දෙව සද්ද සූත්‍රය
4. පඤ්චපුබ්බනිමිත්තසුත්තං 4. දෙව පුබ්බ නිමිත්ත සූත්‍රය
5. බහුජනහිතසුත්තං 5. ලොකානුකම්පා සූත්‍රය
6. අසුභානුපස්සීසුත්තං 6. අසුභානුපස්සී සූත්‍රය
7. ධම්මානුධම්මපටිපන්නසුත්තං 7. ධම්මානුධම්ම සූත්‍රය
8. අන්ධකරණසුත්තං 8. අන්ධකරණ සූත්‍රය
9. අන්තරාමලසුත්තං 9. අන්තරාමල සූත්‍රය
10. දෙවදත්තසුත්තං 10. දෙවදත්ත අසද්ධම්ම සූත්‍රය
5. පඤ්චමවග්ගො 5. පසාද වර්ගය
1. අග්ගප්පසාදසුත්තං 1. අග්ගප්පසාද සූත්‍රය
2. ජීවිකසුත්තං 2. ජීවිත සූත්‍රය
3. සඞ්ඝාටිකණ්ණසුත්තං 3. සංඝාටිකණ්ණ සූත්‍රය
4. අග්ගිසුත්තං 4. අග්ගිත්තය සූත්‍රය
5. උපපරික්ඛසුත්තං 5. උපපරික්ඛා සූත්‍රය
6. කාමූපපත්තිසුත්තං 6. කාමුප්පත්ති සූත්‍රය
7. කාමයොගසුත්තං 7. යොගයුත්ත සූත්‍රය
කල්‍යාණසීලසුත්තං කල්‍යාණ සීල සූත්‍රය
9. දානසුත්තං 9. ධම්මදාන සූත්‍රය
10. තෙවිජ්ජසුත්තං 10. තෙවිජ්ජ (බ්‍රාහ්මණ) සූත්‍රය