ත්‍රිපිටකය
2. දුකනිපාතො 2. දුක නිපාතය
1. පඨමවග්ගො 1. සංවෙජනීය වර්ගය
1. දුක්ඛවිහාරසුත්තං 1. (අගුත්තද්වාරින්ද්‍රිය) භික්ෂු සූත්‍රය
2. සුඛවිහාරසුත්තං 2. (ගුත්තද්වාරින්ද්‍රිය) සූත්‍රය
3. තපනීයසුත්තං 3. තපනීය ධම්ම සූත්‍රය
4. අතපනීයසුත්තං 4. අතපනීය ධම්ම සූත්‍රය
5. පඨමසීලසුත්තං 5. පාපක සීල සූත්‍රය
6. දුතියසීලසුත්තං 6. භද්දක සීල සූත්‍රය
7. ආතාපීසුත්තං 7. අනාතාපී සූත්‍රය
8. පඨමනකුහනසුත්තං 8. ජනකුහන බ්‍රහ්මචරිය සූත්‍රය
9. දුතියනකුහනසුත්තං 9. අභිඤ්ඤත්ථ බ්‍රහ්මචරිය සූත්‍රය
10. සොමනස්සසුත්තං 10. සුඛසොමනස්ස බහුල සූත්‍රය
2. දුතියවග්ගො 2. ජාගරිය වර්ගය
1. විතක්කසුත්තං 1. තථාගත විතක්ක සූත්‍රය
2. දෙසනාසුත්තං 2. දේශනා ද්වය සූත්‍රය
3. විජ්ජාසුත්තං 3. අවිජ්ජාපුබ්බංගම සූත්‍රය
4. පඤ්ඤාපරිහීනසුත්තං 4. අරියපඤ්ඤා සූත්‍රය
5. සුක්කධම්මසුත්තං 5. සුක්කධම්ම සූත්‍රය
6. අජාතසුත්තං 6. අජාතභූත සූත්‍රය
7. නිබ්බානධාතුසුත්තං 7. නිබ්බානධාතුමය සූත්‍රය
8. පටිසල්ලානසුත්තං 8. පටිසල්ලානරත සූත්‍රය
9. සික්ඛානිසංසසුත්තං 9. ශික්ෂානිසංස සූත්‍රය
10. ජාගරියසුත්තං 10. ජාගරකාල විපස්සී සූත්‍රය
47
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘ජාගරො චස්ස, භික්ඛවෙ, භික්ඛු විහරෙය්‍ය සතො සම්පජානො සමාහිතො පමුදිතො විප්පසන්නො ච තත්ථ කාලවිපස්සී ච කුසලෙසු ධම්මෙසු. ජාගරස්ස, භික්ඛවෙ, භික්ඛුනො විහරතො සතස්ස සම්පජානස්ස සමාහිතස්ස පමුදිතස්ස විප්පසන්නස්ස තත්ථ කාලවිපස්සිනො කුසලෙසු ධම්මෙසු ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං - දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘ජාගරන්තා සුණාථෙතං, යෙ සුත්තා තෙ පබුජ්ඣථ;
සුත්තා ජාගරිතං සෙය්‍යො, නත්ථි ජාගරතො භයං.
‘‘යො ජාගරො ච සතිමා සම්පජානො, සමාහිතො මුදිතො විප්පසන්නො ච;
කාලෙන සො සම්මා ධම්මං පරිවීමංසමානො, එකොදිභූතො විහනෙ තමං සො.
‘‘තස්මා හවෙ ජාගරියං භජෙථ, ආතාපී භික්ඛු නිපකො ඣානලාභී;
සංයොජනං ජාතිජරාය ඡෙත්වා, ඉධෙව සම්බොධිමනුත්තරං ඵුසෙ’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. දසමං.
47
“මහණෙනි, මහණතෙම නිදිදුරුකරන්නෙක්ද වන්නේය. සිහි ඇත්තෙක්ද වන්නේය. සම්‍යක් ප්‍රඥා ඇත්තෙක්ද වන්නේය. එකඟ සිත් ඇත්තෙක්ද වන්නේය. සතුටු සිතැත්තෙක්ද වන්නේය. විශේෂයෙන් පැහැදුනෙක්ද වන්නේය. කුශල ධර්මයන්හි එකල්හි හෝ කර්මස්ථානානුයෝගයෙහි කාලානුරූපව හෝ විදර්ශනාව කරන්නෙක්ද වන්නේය.
“මහණෙනි, නිදි දුරුකරන්නෙක්ව වසන්නාවූ සිහි ඇත්තාවූ සම්‍යක් ප්‍රඥාව ඇත්තාවූ ප්‍රමුදිතවූ විශේෂයෙන් ප්‍රසන්නවූ කුශල ධර්මයන්හි එකල්හි හෝ ඒ කමටහන්හි යෙදීමෙහි හෝ කලට සුදුසු පරිද්දෙන් විදර්ශනා කරන්නාවූ මහණහු විසින් මේ ආත්මයෙහිම රහත්බව හෝ උපාදිශෙෂය ඇතිකල්හි අනාගාමීබව හෝ දෙපලයන් අතුරෙන් එක් ඵලයක් කැමතිවිය යුතුයයි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“නිදි දුරුකරන්නාහු මේ (මාගේ) වචනය අසවු, යම් කෙනෙක් නිද්‍රෝපගතවූවාහු වෙද්ද, ඒ තෙපි පිබිදෙවු, නිදීමට වඩා නිදි දුරු කිරීම අතිශයින් පැසසිය යුත්තේය. නිදි දුරුකරන්නාහට භය නැත.
“යමෙක් ප්‍රමාද නිද්‍රාව දුරුකරන්නේවේද, සිහි ඇත්තේවේද, සම්‍යක් ප්‍රඥාව ඇත්තේවේද, සමාධියෙන් යුක්තවේද, සතුටු සිත් ඇත්තේවේද, විශේෂයෙන් ප්‍රසන්නවූයේවේද, කාලයෙහි සුදුසු ත්‍රෛභූමක ධර්මය මනාව විමසන්නේ (සියලු අයුරෙන් විදර්ශනා කරන්නේ සුදුසු උපන් මාර්ග සමාධිය ඇත්තේ මාර්ග ප්‍රතිවේධ කාලයෙහි මනාකොට චතුස්සත්‍ය ධර්මය පරිඤ්ඤාහිසමයාදී වශයෙන් විමසන්නේවේද, ඒ ආර්ය ශ්‍රාවකතෙමේ (අර්හත් මාර්ගයෙන් මෝහය නසන්නේය. එහෙයින් ඒකාන්තයෙන් නිදි දුරුකිරීම සෙවුනේය. කෙලෙස් තවන වීර්යය ඇත්තාවූ ස්ථානොචිත ප්‍රඥාව ඇත්තාවූ ධ්‍යානලාභීවූ ඒ මහණතෙම (දස) සංයෝජනයද ජාති ජරාවන්ද සිඳ මෙහිදීම උතුම්වූ අග්‍රඵල සංඛ්‍යාත සම්බොධියට පැමිණෙන්නේ යයි.”
11. ආපායිකසුත්තං 11. අපායික අභූතවාදී සූත්‍රය
12. දිට්ඨිගතසුත්තං 12. දිට්ඨිගතද්වය සූත්‍රය