ත්‍රිපිටකය
2. දුකනිපාතො 2. දුක නිපාතය
1. පඨමවග්ගො 1. සංවෙජනීය වර්ගය
1. දුක්ඛවිහාරසුත්තං 1. (අගුත්තද්වාරින්ද්‍රිය) භික්ෂු සූත්‍රය
2. සුඛවිහාරසුත්තං 2. (ගුත්තද්වාරින්ද්‍රිය) සූත්‍රය
3. තපනීයසුත්තං 3. තපනීය ධම්ම සූත්‍රය
4. අතපනීයසුත්තං 4. අතපනීය ධම්ම සූත්‍රය
5. පඨමසීලසුත්තං 5. පාපක සීල සූත්‍රය
6. දුතියසීලසුත්තං 6. භද්දක සීල සූත්‍රය
7. ආතාපීසුත්තං 7. අනාතාපී සූත්‍රය
8. පඨමනකුහනසුත්තං 8. ජනකුහන බ්‍රහ්මචරිය සූත්‍රය
9. දුතියනකුහනසුත්තං 9. අභිඤ්ඤත්ථ බ්‍රහ්මචරිය සූත්‍රය
10. සොමනස්සසුත්තං 10. සුඛසොමනස්ස බහුල සූත්‍රය
2. දුතියවග්ගො 2. ජාගරිය වර්ගය
1. විතක්කසුත්තං 1. තථාගත විතක්ක සූත්‍රය
2. දෙසනාසුත්තං 2. දේශනා ද්වය සූත්‍රය
3. විජ්ජාසුත්තං 3. අවිජ්ජාපුබ්බංගම සූත්‍රය
4. පඤ්ඤාපරිහීනසුත්තං 4. අරියපඤ්ඤා සූත්‍රය
5. සුක්කධම්මසුත්තං 5. සුක්කධම්ම සූත්‍රය
6. අජාතසුත්තං 6. අජාතභූත සූත්‍රය
7. නිබ්බානධාතුසුත්තං 7. නිබ්බානධාතුමය සූත්‍රය
44
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘ද්වෙමා, භික්ඛවෙ, නිබ්බානධාතුයො. කතමෙ ද්වෙ? සඋපාදිසෙසා ච නිබ්බානධාතු, අනුපාදිසෙසා ච නිබ්බානධාතු.
‘‘කතමා ච, භික්ඛවෙ, සඋපාදිසෙසා නිබ්බානධාතු? ඉධ, භික්ඛවෙ, භික්ඛු අරහං හොති ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො. තස්ස තිට්ඨන්තෙව පඤ්චින්ද්‍රියානි යෙසං අවිඝාතත්තා (අවිගතත්තා (සී. අට්ඨ.)) මනාපාමනාපං පච්චනුභොති, සුඛදුක්ඛං පටිසංවෙදෙති . තස්ස යො රාගක්ඛයො, දොසක්ඛයො, මොහක්ඛයො - අයං වුච්චති, භික්ඛවෙ, සඋපාදිසෙසා නිබ්බානධාතු.
‘‘කතමා ච, භික්ඛවෙ, අනුපාදිසෙසා නිබ්බානධාතු? ඉධ, භික්ඛවෙ, භික්ඛු අරහං හොති ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො. තස්ස ඉධෙව, භික්ඛවෙ, සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීති භවිස්සන්ති (සීතීභවිස්සන්ති (?)). අයං වුච්චති, භික්ඛවෙ, අනුපාදිසෙසා නිබ්බානධාතු. ඉමා ඛො, භික්ඛවෙ, ද්වෙ නිබ්බානධාතුයො’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘දුවෙ ඉමා චක්ඛුමතා පකාසිතා, නිබ්බානධාතූ අනිස්සිතෙන තාදිනා;
එකා හි ධාතු ඉධ දිට්ඨධම්මිකා, සඋපාදිසෙසා භවනෙත්තිසඞ්ඛයා;
අනුපාදිසෙසා පන සම්පරායිකා, යම්හි නිරුජ්ඣන්ති භවානි සබ්බසො.
‘‘යෙ එතදඤ්ඤාය පදං අසඞ්ඛතං, විමුත්තචිත්තා භවනෙත්තිසඞ්ඛයා;
තෙ ධම්මසාරාධිගමා ඛයෙ රතා, පහංසු තෙ සබ්බභවානි තාදිනො’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. සත්තමං.
44
“මහණෙනි, මේ නිර්වාණ ධාතූහු දෙදෙනෙක් වෙත්. කවර දෙකක්දයත්? සවුපාදිශෙෂ නිර්වාණ ධාතුවය, අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවය (පඤ්චස්කන්ධයශෙෂ නොවූ නිර්වාණධාතුවය යන දෙකය.)
“මහණෙනි, සවුපාදිශෙෂ නිර්වාණධාතුතොමෝ කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ක්ලෙශයන්ගෙන් දුරුවූයේ වේද, ක්ෂය කරනලද ආශ්‍රවයන් ඇත්තේවේද, නිමවූ විසීම ඇත්තේවේද, කරනලද කටයුතු ඇත්තේවේද, බහා තබනලද තුන්බර ඇත්තේවේද, පැමිණි ස්වකීය අර්ථය ඇත්තේවේද, ක්ෂයවූ භව සංයෝජනයන් ඇත්තේවේද, මනාකොට දැන ක්ලේශයන්ගෙන් මිදුනේවෙද, ඒ රහත්හුගේ පඤ්චෙන්ද්‍රියයෝ සිටිත්මය. යම් ඉඳුරන්ගේ මනවඩන්නාවූද මන නොවඩන්නාවූද, රූපාදි ගෝචරය විඳී, (ලබයි.) (විපාකය) සුවදුක් විඳියි ඔහුගේ රාගය ක්ෂය වීය. ද්වේෂය ක්ෂයවිය, මෝහය ක්ෂයවීය. මහණෙනි මේ සවුපාදිශෙෂ නිර්වාණධාතු යයි කියනු ලැබේ.
“මහණෙනි, අනුපාදිශෙෂ නිර්වාණධාතු තොමෝ කවරීද? මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම රහත්වේද, ක්ෂයවූ ආශ්‍රවයන් ඇත්තේ වේද, නිමවූ බඹසර විසීම ඇත්තේ වේද, කරනලද කටයුතු ඇත්තේවේද, බහා තබනලද බර ඇත්තේවේද? පැමිණි ස්වකීය අර්ථ ඇත්තේවේද, ක්ෂය කරන ලද භවයංයෝජනයන් ඇත්තේවේද, මනාව දැන මිදුණේවේද, මහණෙනි, ඒ භික්ෂුවගේ වේදනාවෝ සතුටු නොවන ලද්දාහු සංස්කාර සමථයන්ගේ සංසිඳීමෙන්ද සිහිල් වන්නාහුය. මහණෙනි, මෝ අනුපාදිශෙෂ නිර්වාණධාතුයයි කියනු ලැබේ.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“ඇසුරු නොකළාවූ රාගාදිබන්ධනයෙන් නොබැඳුණාවූ එක ස්වභාව ඇත්තාවූ පසැස් ඇත්තාවූ බුදුන් වහන්සේ විසින් මේ නිර්වාණ ධාතුදෙකෙක් ප්‍රකාශ කරනලද්දාහුය. (ඔවුනතුරින්) මේලෝකයෙහි මේ ආත්ම බවෙහිවූ (වර්තමානවූ) තෘෂ්ණාව ක්ෂයවූ එක් නිර්වාණ ධාතුවක් වනාහි සඋපාදිශෙෂ නිර්වාණධාතු නම් වේ.
“යම් අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙක්හි සර්වප්‍රකාරයෙන් ඉපදීම භවයෝ නොපවතිද්ද, යම් ආර්ය කෙනෙක් ප්‍රත්‍යයන් විසින් නොකරනලද්දාවූ පැමිණෙන ලද්දාවූ මේ නිවන දැන තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් (කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇත්තාහුවෙද්ද, ඒ ආර්යයෝ ධර්මයන්හි සාරයවූ රහත් බව ලැබීමෙන් නිර්වාණයෙහි ඇලුනාහු නොසැලෙන්නාහු සියලු භවයන් පහකළහ. ඉන් ඔබ්බෙහි අනුපාදිශෙෂ නිර්වාණධාතුව නමි.”
8. පටිසල්ලානසුත්තං 8. පටිසල්ලානරත සූත්‍රය
9. සික්ඛානිසංසසුත්තං 9. ශික්ෂානිසංස සූත්‍රය
10. ජාගරියසුත්තං 10. ජාගරකාල විපස්සී සූත්‍රය
11. ආපායිකසුත්තං 11. අපායික අභූතවාදී සූත්‍රය
12. දිට්ඨිගතසුත්තං 12. දිට්ඨිගතද්වය සූත්‍රය