2. දුකනිපාතො | 2. දුක නිපාතය |
1. පඨමවග්ගො | 1. සංවෙජනීය වර්ගය |
1. දුක්ඛවිහාරසුත්තං | 1. (අගුත්තද්වාරින්ද්රිය) භික්ෂු සූත්‍රය |
28
(ද්වෙ
‘‘ද්වීහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ දුක්ඛං විහරති සවිඝාතං සඋපායාසං
‘‘චක්ඛු සොතඤ්ච ඝානඤ්ච, ජිව්හා කායො තථා මනො;
එතානි යස්ස ද්වාරානි, අගුත්තානිධ
(අගුත්තානි ච (ස්‍යා.)) භික්ඛුනො.
‘‘භොජනම්හි අමත්තඤ්ඤූ, ඉන්ද්රියෙසු අසංවුතො;
කායදුක්ඛං චෙතොදුක්ඛං, දුක්ඛං සො අධිගච්ඡති.
‘‘ඩය්හමානෙන කායෙන, ඩය්හමානෙන චෙතසා;
දිවා වා යදි වා රත්තිං, දුක්ඛං විහරති තාදිසො’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඨමං.
|
28
“මහණෙනි, (අකුශල) ධර්ම දෙකකින් යුක්තවූ මහණ තෙමේ මේ ආත්ම බවෙහිම බලවත් ආයාස ඇතිව ක්ලෙශ සන්තාපයෙන්ද ක්ලෙශ පරිදාහයෙන්ද දැවිලි ඇතිව දුකසේ වෙසෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි දුගති තොමෝ කැමතිවිය යුත්තීය. කවර දෙකකින්ද යත් නොවසන ලද දොර ඇති බවද අහරෙහි පමණ නොදන්නා බවද (යන දෙකිනි.)
“මහණෙනි, මේ (අකුශල) ධර්ම දෙකින් යුත් මහණ තෙමේ මේ ආත්ම බවෙහිම පීඩා ඇතිව දැඩි ආයාස ඇතිව හාත්පස දාහ ඇතිව දුකසේ වාසය කෙරේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි දුගති තොමෝ කැමැති විය යුත්තීයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
මේ සස්නෙහි යම් මහණෙකුගේ ඇසද, කණද, නැහැයද, දිවද, කයද එසේම සිතද (යන) මේ දොරවල් නොවසන ලද්දාහු වෙද්ද.
“ඉඳුරන්හි සංවර නැත්තාවූ බොජුනෙහි පමණ නොදත් ඒ මහණතෙමේ කායික දුකටද චෛතසික දුකටද පැමිණේ.
“එබඳු පුද්ගලතෙමේ ඉදින් දවල්හි වේවයි, රෑ වේවයි දනුලබන්නාවූ කයින්ද දැවෙන සිතින්ද දුකසේ වෙසේයයි.”
|
2. සුඛවිහාරසුත්තං | 2. (ගුත්තද්වාරින්ද්රිය) සූත්‍රය |
29
වුත්තඤ්හෙතං
‘‘ද්වීහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං; කායස්ස භෙදා පරං මරණා සුගති
‘‘චක්ඛු සොතඤ්ච ඝානඤ්ච, ජිව්හා කායො තථා
(අථො (සී. ස්‍යා. ක.)) මනො;
එතානි යස්ස ද්වාරානි, සුගුත්තානිධ භික්ඛුනො.
‘‘භොජනම්හි ච මත්තඤ්ඤූ, ඉන්ද්රියෙසු ච සංවුතො;
කායසුඛං චෙතොසුඛං, සුඛං සො අධිගච්ඡති.
‘‘අඩය්හමානෙන කායෙන, අඩය්හමානෙන චෙතසා;
දිවා වා යදි වා රත්තිං, සුඛං විහරති තාදිසො’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. දුතියං.
|
29
“මහණෙනි (කුශල) ධර්ම දෙකකින් යුත් මහණතෙමේ මේ ආත්මභාවයෙහිම පීඩා නැතිව දැඩි ආයාස නැතිව හැම ලෙසින් දැවිලි නැතිව සුවසේ වෙසෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි, සුගති තොමෝ කැමැති විය යුත්තීය. කවර දෙකකින්ද යත් ඉඳුරන්හි වසන ලද දොර ඇති බැවින්ද ආහාරයෙහි පමණ දත් බැවින්ද යන දෙකිනි.)
“මහණෙනි, මේ ධර්ම දෙකින් යුත් මහණ තෙමේ මේ ආත්මභාවයෙහිම පීඩා නැතිව දැඩි ආයාස නැතිව හාත්පස දාහ නැතිව සුවසේ වෙසේය.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක, එහි (ගාථාවෙන්) මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“මේ සස්නෙහි යම් මහණෙකුගේ ඇසද, කණද, නැහැයද, දිවද කයද යළි සිතද (යන) මේ දොරවල් මනාව වසන ලද්දාහු වෙද්ද.
“ඉන්ද්රියයන්හිද සංවරවූ ඒ මහණතෙම බොජුනෙහි පමණ දන්නේත් වේද, (ඒ මහණතෙමේ) කායික සැපය චෛතසික සැපය (යන) හැම සැපයට පැමිණේ.
“එබඳු මහණතෙමේ දවල්හි හෝ රෑ හෝ නොදැවෙන කයින්ද නොදැවෙන සිතින්ද සුවසේ වෙසේයයි.”
|
3. තපනීයසුත්තං | 3. තපනීය ධම්ම සූත්‍රය |
30
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, ධම්මා තපනීයා. කතමෙ
‘‘කායදුච්චරිතං කත්වා, වචීදුච්චරිතානි ච;
මනොදුච්චරිතං
‘‘අකත්වා
කායස්ස භෙදා දුප්පඤ්ඤො, නිරයං සොපපජ්ජතී’’ති
(නිරයං සො උපපජ්ජතීති (සී. ස්‍යා. කං. පී.)).
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. තතියං.
|
30
මහණෙනි, (මෙලොවද පරලොවද) වෙහෙසන්නාවූ හෝ දුකම සිතවූ හෝ පසු තැවිල්ලට හේතුවූ ධර්ම (කරුණු) දෙකක් වෙත්, කවර දෙකක්ද යත්?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙමේ නොකරන ලද පින් ඇත්තේ වේද, නොකරන ලද කුසල් ඇත්තේ වේද, නොකරන ලද දුකට රැකවල් ඇත්තේ වේද, කරන ලද පව් ඇත්තේ වේද, කරන ලද රෞද්‍ර ක්‍රියා ඇත්තේ වේද, කරන ලද දුසිල් බැව් ඇත්තේ වේද, හෙතෙම මා විසින් පින් නොකරන ලද්දේ” යයි ද තැවෙයි. ‘මා විසින් පව් කරන ලද්දේයයිද තැවෙයි, මහණෙනි, මේ වනාහී තැවියයුතු ධර්මදෙක වෙත්යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“කයින් දුශ්චරිත කොට වචනයෙන්ද දුශ්චරිතයක් කොට සිතින්ද දුසිරිකොට දෝෂ යයි දන්නා ලද අන්‍යවූ යම් අපරාධ වේද එයද කොට,
“කුසල් දහම් නොකොට බොහෝ අකුසල් කොට ඒ දුෂ්ප්රාඥතෙමේ ශරීරයාගේ භෙදයෙන් නරකයෙහි උපදීයයි”
|
4. අතපනීයසුත්තං | 4. අතපනීය ධම්ම සූත්‍රය |
31
වුත්තඤ්හෙතං
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, ධම්මා අතපනීයා. කතමෙ ද්වෙ? ඉධ, භික්ඛවෙ, එකච්චො කතකල්යාණො හොති, කතකුසලො, කතභීරුත්තාණො, අකතපාපො, අකතලුද්දො, අකතකිබ්බිසො. සො ‘කතං මෙ කල්‍යාණ’න්තිපි න තප්පති, ‘අකතං මෙ පාප’න්තිපි න තප්පති. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ
‘‘කායදුච්චරිතං හිත්වා, වචීදුච්චරිතානි ච;
මනොදුච්චරිතං හිත්වා, යඤ්චඤ්ඤං දොසසඤ්හිතං.
‘‘අකත්වාකුසලං කම්මං, කත්වාන කුසලං බහුං;
කායස්ස භෙදා සප්පඤ්ඤො, සග්ගං සො උපපජ්ජතී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. චතුත්ථං.
|
31
“මහණෙනි, පසුතැවිලි නොවිය යුතුවූ මේ ධර්මදෙකක් වෙත්, කවර දෙකක්ද යත්?
“මහණෙනි, මේ ලෝකයෙහි සමහර පුද්ගලයෙක් තෙම කරන ලද යහපත ඇත්තේ වේද, කරනලද කුසල් ඇත්තේ වේද, කරන ලද රක්ෂා ස්ථාන ඇත්තේ වේද, නොකරන ලද පව් ඇත්තේ වේද, නොකරන ලද රෞද්‍ර ක්‍රියා ඇත්තේ වේද, නොකරන ලද දුශ්චරිත ඇත්තේ වේද, ඒ පුද්ගල තෙමේ මා විසින් කුසල් කරන ලද්දේයයිද පසුතැවිලි නොවෙයි. මා විසින් පව් නොකරන ලද්දේයයිද පසුතැවිලි නොවෙයි. මහණෙනි, මේ වනාහි පසුතැවිලි නොවිය යුතු කරුණු දෙක වෙත් යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“කයින් (කටයුතු) දුශ්චරිතයද වාක් දුශ්චරිතයන්ද මනො දුශ්චරිතයන්ද හැර දෝෂයයි දන්නා ලද අන්‍යවූ යම් (කර්ම පථභාවයට නො පැමිණි පිනක් වේද (එයද) හැර අකුශල කර්මයක් නොකොට බොහෝ කුසල් කොට සප්‍රාඥවූ ඒ පුද්ගල තෙම ශරීරයාගේ බිඳීමෙන් (මරණයෙන් මතු) ස්වර්ගයෙහි උපදීයයි.’
|
5. පඨමසීලසුත්තං | 5. පාපක සීල සූත්‍රය |
32
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘ද්වීහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො පුග්ගලො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි ද්වීහි? පාපකෙන ච සීලෙන, පාපිකාය ච දිට්ඨියා. ඉමෙහි ඛො, භික්ඛවෙ, ද්වීහි ධම්මෙහි සමන්නාගතො පුග්ගලො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං
‘‘පාපකෙන
එතෙහි ද්වීහි ධම්මෙහි, යො සමන්නාගතො නරො;
කායස්ස භෙදා දුප්පඤ්ඤො, නිරයං සොපපජ්ජතී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඤ්චමං.
|
32
“මහණෙනි, ධර්ම දෙකකින් යුක්තවූ පුද්ගලතෙම ගෙනඑනලද (බරක්) බිම බහා තබනලද්දේ යම්සේද, එපරිද්දෙන් නරකයෙහිවේ. කවර කරුණු දෙකකින්ද, ලාමකවූ ශීලයෙන්ද ලාමකවූ (මිථ්‍යා) දෘෂ්ටියෙන්ද (යන දෙකිනි.) මහණෙනි, මේ කරුණු දෙකින් වනාහි සමන්විතවූ පුද්ගලයා යම්සේ ගෙනඑනලද (බරක්බිම) බහාතබන ලද්දේවේද, එපරිද්දෙන් නිරයයෙහි වේයයි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් සත්වයෙක් තෙමේ ලාමක ශීලයෙන්ද ලාමක දෘෂ්ටියෙන්ද (යන) කරුණු දෙකින් යුක්ත වූයේවේද, දුෂ්ප්‍රාඥ වූ සත්ව තෙමේ කය බිඳීමෙන් නරකයට පැමිණේයයි.”
|
6. දුතියසීලසුත්තං | 6. භද්දක සීල සූත්‍රය |
33
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘ද්වීහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො පුග්ගලො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි ද්වීහි
‘‘භද්දකෙන ච සීලෙන, භද්දිකාය ච දිට්ඨියා;
එතෙහි ද්වීහි ධම්මෙහි, යො සමන්නාගතො නරො;
කායස්ස භෙදා සප්පඤ්ඤො, සග්ගං සො උපපජ්ජතී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. ඡට්ඨං.
|
33
“මහණෙනි, ධර්ම දෙකකින් යුක්ත වූයේ යම්සේ ගෙනඑනලද (බරක් බිම) බහාතබන ලද්දේවේද, එපරිද්දෙන් ස්වර්ගයෙහිවේ. කවර දෙකකින්දයත්, යහපත් ශීලයෙන්ද යහපත්වූ දෘෂ්ටියෙන්ද (යන දෙකිනි.)
“මහණෙනි, මේ කරුණු දෙකින් යුක්තවූයේ යම්සේ ගෙනඑනලද (බරක් බිම) බහාතබන ලද්දේවේද එපරිද්දෙන් ස්වර්ගයෙහි (තබන ලද්දේ) වේ යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“සොඳුරු ශීලයෙන්ද මනාදෘෂ්ටියෙන් යන මේ ධර්ම දෙකින් යම් සත්වයෙක් යුක්තවූයේවේද, ඒ පණ්ඩිත තෙමේ කය බිඳීමෙන් (මරණින්මතු) ස්වර්ගයට පැමිණේයයි.”
|
7. ආතාපීසුත්තං | 7. අනාතාපී සූත්‍රය |
34
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘අනාතාපී, භික්ඛවෙ, භික්ඛු අනොත්තාපී
(අනොත්තප්පී (බහූසු) අට්ඨකථා පස්සිතබ්බා) අභබ්බො සම්බොධාය, අභබ්බො නිබ්බානාය, අභබ්බො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය. ආතාපී ච ඛො, භික්ඛවෙ, භික්ඛු ඔත්තාපී
(ඔත්තප්පී (බහූසු)) භබ්බො සම්බොධාය, භබ්බො නිබ්බානාය, භබ්බො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමායා’’ති. එතමත්ථං භගවා අවොච
‘‘අනාතාපී
යො ථීනමිද්ධබහුලො, අහිරීකො අනාදරො;
අභබ්බො තාදිසො භික්ඛු, ඵුට්ඨුං සම්බොධිමුත්තමං.
‘‘යො
සංයොජනං ජාතිජරාය ඡෙත්වා, ඉධෙව සම්බොධිමනුත්තරං ඵුසෙ’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. සත්තමං.
|
34
“මහණෙනි, කුසීතවූ පාපයට භය නැත්තාවූ මහණතෙමේ ආර්ය මාර්ගය පිණිස සුදුස්සෙක් නොවේ. නිවන පිණිස සුදුස්සෙක් නොවේ. නිරුත්තරවූ (සතර) යොගයන්ගෙන් නිර්භයවූ අර්හත්ඵලය ලැබීමට සුදුස්සෙක් නොවේ.
“මහණෙනි, කෙලෙස් තවන වීර්යය ඇත්තාවූ (පාපයට) භය ඇත්තාවූ මහණ තෙමේ වනාහි ආර්ය මාර්ගය පිණිස සුදුසුවේ. නිර්වානය පිණිස සුදුසුවේ. ශ්‍රේෂ්ඨවූ (සතර) යොගයන්ගෙන් නිර්භයවූ රහත්බව ලැබීමට සුදුසුවේයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් මහණෙක්තෙම කෙලෙස් තවනවීර්ය නැත්තේවේද, පවට බිය නැත්තේවේද, කුසීතවේද, ගිලිහුණේවේද, හීනවූවීර්ය ඇත්තේවේද, (සිතේ අලස බවවූ) ථීනයද (කයේ අලස බවවූ) මිද්ධයද බහුල කොට ඇත්තේවේද, වැඩට නොයෙදෙන බව බහුලකොට ඇත්තේවේද, පව්කිරීමෙහි ලජ්ජා නැත්තේවේද, ආදර නැත්තේවේද, එබඳු මහණතෙම උතුම්වූ රහත්බවට පැමිණෙන්නට නුසුදුස්සෙක් වේ. “යමෙක් තෙමේ වනාහි සිහි ඇත්තේවේද, සිහි නුවණින් හා කමටහන් පරිහරණය කරන මුහුකුරා ගිය නුවණින්ද යුක්තවූයේවේද, ධ්‍යාන කරන සුලුවේද, කෙලෙස් තවන වීර්ය ඇත්තේවේද, පාපයට භය ඇත්තේවේද, අප්‍රමාදයෙන් යුක්තවේද, ජාතිය හා ජරාව සමගද දසසංයෝජනය මේ අත්බවෙහිම සිඳ නිරුත්තරවූ අර්හත්ඵලයට පැමිණේයයි.”
|
8. පඨමනකුහනසුත්තං | 8. ජනකුහන බ්‍රහ්මචරිය සූත්‍රය |
35
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘නයිදං, භික්ඛවෙ, බ්රහ්මචරියං වුස්සති ජනකුහනත්ථං, න ජනලපනත්ථං, න ලාභසක්කාරසිලොකානිසංසත්ථං, න ‘ඉති මං ජනො ජානාතූ’ති. අථ ඛො ඉදං, භික්ඛවෙ
‘‘සංවරත්ථං පහානත්ථං, බ්රහ්මචරියං අනීතිහං;
අදෙසයි සො භගවා, නිබ්බානොගධගාමිනං.
‘‘එස මග්ගො මහත්තෙහි
(මහන්තෙහි (සී. ක.), මහත්ථෙහි (ස්‍යා.)), අනුයාතො
යෙ යෙ තං පටිපජ්ජන්ති, යථා බුද්ධෙන දෙසිතං;
දුක්ඛස්සන්තං කරිස්සන්ති, සත්ථුසාසනකාරිනො’’ති.
අයම්පි
|
35
“මහණෙනි, ජනයා විස්මය පත් කරවනු පිණිස ජනයා ලවා කියවනු පිණිස “මෙසේ ජනයා මා හඳුනාවා”යි සිව්පස ලැබීමය ආදර බුහුමන් ගරු කිරීමයයි කියනලද සත්කාරය උස්වනැංගාවූ කීර්ති ඝොෂය පැසසීමය යන අනුසස් පිණිස මේ ශාසන මාර්ග බ්‍රහ්මචර්යයෙහි නොහැසිරෙන්නේය.
“මහණෙනි, කුහනාදියෙන් අන්‍ය ප්රයෝජනයවූම සංවරය පිණිසද ක්ලෙශ ප්‍රහානය පිණිස බඹසර වසන්නේයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ. “ඒ භාග්‍යවතුන් වහන්සේ උවදුරු නසන්නාවූ සැකනැත්තාවූ ආර්ය මාර්ගයට පමුණුවන්නාවූ පහකරනු පිණිසද දෙසූසේක.
“මහත් අදහස් ඇත්තාවූ මහර්ෂීන් විසින් මේ මාර්ගය අනුව යන ලද්දේය. බුදුරජුන් දෙසනලද පරිද්දෙන් යම් යම් කෙනෙක් මේ මාර්ගයට පිළිපදිද්ද, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනය කරන්නාවූ (ඔහු) සියලු සංසාර දුඃඛය කෙළවර කරන්නාහුය. (නිවන ප්රත්යක්ෂ) කරන්නාහුයයි.”
|
9. දුතියනකුහනසුත්තං | 9. අභිඤ්ඤත්ථ බ්‍රහ්මචරිය සූත්‍රය |
36
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘නයිදං, භික්ඛවෙ, බ්රහ්මචරියං වුස්සති ජනකුහනත්ථං, න ජනලපනත්ථං, න ලාභසක්කාරසිලොකානිසංසත්ථං, න ‘ඉති මං ජනො ජානාතූ’ති. අථ ඛො ඉදං, භික්ඛවෙ, බ්රහ්මචරියං
‘‘අභිඤ්ඤත්ථං පරිඤ්ඤත්ථං, බ්රහ්මචරියං අනීතිහං;
අදෙසයි සො භගවා, නිබ්බානොගධගාමිනං.
‘‘එස මග්ගො මහත්තෙහි, අනුයාතො මහෙසිභි;
යෙ යෙ තං පටිපජ්ජන්ති, යථා බුද්ධෙන දෙසිතං;
දුක්ඛස්සන්තං කරිස්සන්ති, සත්ථුසාසනකාරිනො’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. නවමං.
|
36
“මහණෙනි, ජනයා පුදුම කරවනු පිණිස ජනයාලවා කියවනු පිණිස “මෙසේ ජනතෙම මා දනීවා”යි ලාභය සත්කාරය කීර්ති ප්‍රශංසාය යන අනුසස් පිණිස මේ බඹසර නොවසන්නේය, මහණෙනි, කුහනාදියෙන් අන්‍යවූම දැනීම පිණිසද පිරිසිඳ දැනීම පිණිසද මේ බඹසර වසන්නේයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“ප්රසිද්ධවූ භාග්‍යවතුන් වහන්සේ උවදුරු හෝ උප ක්ලෙශයන් නසන්නාවූ ආර්ය මාර්ගයට හෝ නිවනට පමුණුවන්නාවූ (මේ) බඹසර විශිෂ්ට ඥානයෙන් දැනීම පිණිසද පිරිසිඳ දැනීම පිණිසද දෙසූසේක. මහ අදහස් ඇත්තාවූ මහර්ෂීන් විසින් මේ මාර්ගය පිළිපදින ලද්දේය. බුදුරජුන් විසින් දෙසූ පරිද්දෙන් යම් යම් කෙනෙක් මේ මාර්ගය පිළිපදිද්ද, ශාස්තෘන් වහන්සේගේ අවවාදය කරන්නාවූ (ඔහුතුමූ) දුක් කෙළවර කරන්නාහුය යයි.”
|
10. සොමනස්සසුත්තං | 10. සුඛසොමනස්ස බහුල සූත්‍රය |
37
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘ද්වීහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු
‘‘සංවෙජනීයට්ඨානෙසු
(සංවෙජනීයෙසු ඨානෙසු (ස්‍යා. පී.)), සංවිජ්ජෙථෙව පණ්ඩිතො;
ආතාපී
‘‘එවං විහාරී ආතාපී, සන්තවුත්ති අනුද්ධතො;
චෙතොසමථමනුයුත්තො, ඛයං දුක්ඛස්ස පාපුණෙ’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. දසමං.
|
37
“මහණෙනි, කරුණු දෙකකින්යුත් මහණතෙම සුවසොම්නස් බහුලකොට ඇත්තෙක්ව වෙසෙයි, ඔහු විසින් ආශ්‍රවයන්ගේ ක්ෂයකිරීම (අර්හත්ඵලය) පිණිස කාරණය පිහිටුවන ලද්දීවේ. කවර ධර්ම දෙකකින්දයත්, සංවෙග ඉපදවියයුතුවූ කරුණු අටෙහි සංවෙග ඉපදවීමෙන්ද උපන් සංවෙග ඇත්තහුගේ උපාය ප්‍රධානයෙන්ද (යන දෙකෙනි.)
“මහණෙනි, මේ ධර්ම දෙකින්යුත් මහණතෙම මේ ආත්මයෙහිම සුවසොම්නස් බහුලකොට ඇත්තෙක්ව වෙසෙයි, ඒ මහණහු විසින් ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම (රහත්බව) පිණිස කාරණයද සම්පූර්ණ කරන ලද්දීවේ (සපයන ලද්දීවේ) යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“කෙලෙස් තවන වීර්ය ඇත්තාවූ ස්ථානොචිත ප්‍රඥාව ඇත්තාවූ පණ්ඩිතතෙම ප්‍රඥාවෙන් මනාව දැක “මෙසේ වසන්නාවූ කෙලෙස් තවනවීර්ය ඇත්තාවූ සන්සුන් පැවතුම් ඇත්තාවූ චෙතොසමථයයි කියන ලද ආර්ය මාර්ගයෙහි යෙදුනු මහණතෙම දුඃඛ ක්ෂය සංඛ්‍යාත අර්හත් ඵලයට හෝ නිවනට පැමිණෙන්නේයයි.”
|
2. දුතියවග්ගො | 2. ජාගරිය වර්ගය |
1. විතක්කසුත්තං | 1. තථාගත විතක්ක සූත්‍රය |
38
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘තථාගතං, භික්ඛවෙ, අරහන්තං සම්මාසම්බුද්ධං ද්වෙ විතක්කා බහුලං සමුදාචරන්ති - ඛෙමො ච විතක්කො, පවිවෙකො ච
(විවෙකො ච (ස්‍යා.)). අබ්යාපජ්ඣාරාමො
(අබ්යාපජ්ජාරාමො (ක.), අබ්යාබජ්ඣාරාමො (?)), භික්ඛවෙ, තථාගතො අබ්යාපජ්ඣරතො. තමෙනං, භික්ඛවෙ, තථාගතං අබ්යාපජ්ඣාරාමං අබ්යාපජ්ඣරතං එසෙව විතක්කො බහුලං සමුදාචරති - ‘ඉමායාහං ඉරියාය න කිඤ්චි බ්යාබාධෙමි තසං වා ථාවරං වා’ති.
‘‘පවිවෙකාරාමො
‘‘තස්මාතිහ, භික්ඛවෙ, තුම්හෙපි අබ්යාපජ්ඣාරාමා
‘‘පවිවෙකාරාමා, භික්ඛවෙ, විහරථ පවිවෙකරතා. තෙසං වො, භික්ඛවෙ, තුම්හාකං පවිවෙකාරාමානං විහරතං පවිවෙකරතානං එසෙව විතක්කො බහුලං සමුදාචරිස්සති - ‘කිං අකුසලං, කිං අප්පහීනං, කිං පජහාමා’’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘තථාගතං බුද්ධමසය්හසාහිනං, දුවෙ විතක්කා සමුදාචරන්ති නං;
ඛෙමො විතක්කො පඨමො උදීරිතො, තතො විවෙකො දුතියො පකාසිතො.
‘‘තමොනුදං
විසන්තරං
(වෙසන්තරං (සී. ක.), විස්සන්තරං (පී.)) තණ්හක්ඛයෙ විමුත්තං, තං වෙ මුනිං අන්තිමදෙහධාරිං;
මාරඤ්ජහං
‘‘සෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතො, යථාපි පස්සෙ ජනතං සමන්තතො;
තථූපමං ධම්මමයං සුමෙධො, පාසාදමාරුය්හ
සොකාවතිණ්ණං ජනතමපෙතසොකො, අවෙක්ඛති ජාතිජරාභිභූත’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඨමං.
|
38
“මහණෙනි, අර්හත්වූ සියලු දතයුතු ධර්මයන් මනාව අවබෝධ කළාවූ තථාගතයන් වහන්සේගේ (සම්‍යක්) විතර්ක දෙකක් සීමාව නොඉක්මවමින් පවතිත්. කවර දෙකක්ද යත්, ක්ෂේම විතර්කයද පවිවෙක විතර්කයද යන දෙකයි. මහණෙනි, තථාගතයන් වහන්සේ (සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී විහරණ කරුණා විහරණ දෙක්හි ඇලීම ඇතිසේක. අව්‍යාපාදයෙහි නිතර ඇලුණුසේක.
“මම මේ ක්‍රියාවෙන් චඤ්චල වන්නාවූ හෝ නොසැලෙන්නාවූ හෝ කිසි සත්වයෙකු නොපෙළමි. (යන) මේ කල්පනාවම අව්‍යාපාදයෙහි ඇලීම ඇත්තාවූ නිදුක් බවෙහි ඇලුනාවූ ඒ තථාගතයන් වහන්සේගේ බහුලව පවතී.
“මහණෙනි, තථාගතයන් වහන්සේ අතිශය විවේකයෙහි ඇලීම ඇතිසේක. උතුම් විවේකයෙහි ඇලුණුසේක. ඒ උතුම් විවේකයෙහි ඇලුම් ඇත්තාවූ අතිශය විවේකයෙහි ඇලුනාවූ තථාගතයන් වහන්සේගේ යම් අකුශලයක්වීද, ඒ සියලු අකුසල් ප්රහීනවීය. (එහෙයින්) මේ අතිශය විවේක විතර්කයම බහුලව පවතී.
“එහෙයින් මහණෙනි, තෙපිද නිදුක් බවෙහි ඇලීම ඇත්තෝව අව්යපාදයෙහි ඇලුනෝම වසවු, “අපි මේ ක්‍රියාවෙන් තස නම් වූද තහවුරුවූද (රහත්වූද) කිසිසතෙකු නොවෙහෙසමි.” අව්‍යාපාදයෙහි ඇලුම් ඇත්තාවූ නිදුක් බවෙහි ඇලුනාවූ ඒ තොපගේද මේ උතුම් විවේකයම බහුලව පවතින්නේය.
“මහණෙනි, උතුම් විවේකයෙහි ඇලුම් ඇත්තෝව උතුම් විවේකයෙහි ඇලුනේව වසවු, කුමක් අකුසල්ද, කුමක් ප්‍රහීන නොවීද, කුමක් පහකරමුදැයි, අතිශය විවේකයෙහි ඇලුම් ඇත්තාවූ ප්‍රකර්‍ෂවිවේකයෙහි ඇලුනාවූ ඒ තොපගේ මේ ප්රකර්ෂවිවේකය පිළිබඳ කල්පනාවම බහුලව පවතින්නේයයි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“අවබෝධ කළාවූ (අන්‍යයන් විසින් නොඉසිලිය හැකි බුදුවරයන් විසින්ම කළයුතු දේ උසුලනසුලුවූ ඒ තථාගතයන් වහන්සේගේ කල්පනාවෝ දෙදෙනෙක් පවතිත්, නිර්භයවූ කල්පනාව පළමු වදාරන ලද්දේය. ඉන් අනතුරුව අතිශය විවේකය දෙවනුව ප්‍රකාශ කරන ලද්දේය.
“මොහාන්ධකාරය දුරුකරන්නාවූ නිවනට පැමිණියාවූ (නොහොත්) ප්‍රාර්ථනාවගේ හෝ සියලු සසරදුකේ හෝ සර්වඥ ගුණයන්ගේ හෝ කෙළවරට ගියාවූ මහර්ෂීවූ පැමිණියයුතු සියල්ලට පැමිණියාවූ වසීභාවයද ඇත්තාවූ (කාමාදි) ආශ්‍රව නැත්තාවූ (කාය විෂමාදී) විෂම වචනයකළාවූ වෙසෙසින් මිදුනාවූ මොන නම් ඥානයෙන් හෝ කායමොනෙය්යාදි ප්‍රතිපදාවෙන් අතිශයින් යුක්තවූ අන්තිම ශරීරය දරන්නාවූ පස්මරුන් පහකළාවූ ජරාවගේ එතෙරට ගියාවූ ඒ තථාගතයන් වහන්සේගේයයි කියමි.
යම්සේ ශෛල පර්වතයක් මුදුනෙහි සිටියෙක් සිටිවනම අවට ජනසමූහයා දක්නේද, ඒ ශෛල පර්වතය බඳු දහමින් කළ පහයට නැගී පහවූ ශොක ඇත්තාවූ සොඳුරු නුවණ ඇත්තාවූ සමතැස් ඇති භාග්‍යවතුන් වහන්සේ ශෝකයෙන් ගැවසීගත් ජාතිජරාවන් විසින් මඩනා ලද්දාවූ ජනසමූහයා දක්නාසේකැයි.”
|
2. දෙසනාසුත්තං | 2. දේශනා ද්වය සූත්‍රය |
39
වුත්තඤ්හෙතං
‘‘තථාගතස්ස, භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස ද්වෙ ධම්මදෙසනා පරියායෙන භවන්ති. කතමා ද්වෙ? ‘පාපං පාපකතො පස්සථා’ති - අයං පඨමා ධම්මදෙසනා; ‘පාපං පාපකතො දිස්වා තත්ථ නිබ්බින්දථ විරජ්ජථ විමුච්චථා’ති - අයං දුතියා ධම්මදෙසනා. තථාගතස්ස, භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස ඉමා ද්වෙ ධම්මදෙසනා පරියායෙන භවන්තී’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘තථාගතස්ස බුද්ධස්ස, සබ්බභූතානුකම්පිනො;
පරියායවචනං පස්ස, ද්වෙ ච ධම්මා පකාසිතා.
‘‘පාපකං
තතො විරත්තචිත්තාසෙ, දුක්ඛස්සන්තං කරිස්සථා’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. දුතියං.
|
39
“මහණෙනි, තථාගත නම්වූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ පිළිවෙළක් අනුව ඇති දහම් දෙසුන් දෙකක් වෙත්. කවර දෙකෙක්ද යත්? පාප ධර්මය ලාමක වශයෙන් දකිව්යයි මෝතොමෝ පළමුවන ධර්ම දේශනාවය. පව පව් වශයෙන් දැක ඒ පවෙහි කලකිරෙවු, නොඇලෙවු, මිදෙවුයයි මෝ තොමෝ දෙවන දහම් දෙසුමය.
“මහණෙනි, අර්හත්වූ මනාව අවබෝධ කළාවූ තථාගතයන් වහන්සේගේ මේ දහම් දෙසුන් දෙකක් පිළිවෙළක් අනුව ඇත්තේ වෙත් යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“අනුකම්පා කරන සුලුවූ තථාගතවූ සර්වඥ බුදුරජාණන් වහන්සේගේ කාරණයෙන් හෝ වාරයෙන් දෙසීම බලව, ධර්මයෝ දෙදෙනෙක් ප්‍රකාශ කරන ලද්දාහුය.
“පව (පව් වශයෙන්) දකිවු. (යනු) එක් දෙසුමෙකි. ඒ පවෙහිද නොඇලෙවු, ඒ පවෙහි නොඇලුණු සිත් ඇත්තාවූ (තෙපි) දුක් කෙළවර කරන්නාහුය යනු දෙවන දෙසුමයයි”
|
3. විජ්ජාසුත්තං | 3. අවිජ්ජාපුබ්බංගම සූත්‍රය |
40
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘අවිජ්ජා
‘‘යා කාචිමා දුග්ගතියො, අස්මිං ලොකෙ පරම්හි ච;
අවිජ්ජාමූලිකා සබ්බා, ඉච්ඡාලොභසමුස්සයා.
‘‘යතො ච හොති පාපිච්ඡො, අහිරීකො අනාදරො;
තතො පාපං පසවති, අපායං තෙන ගච්ඡති.
‘‘තස්මා ඡන්දඤ්ච ලොභඤ්ච, අවිජ්ජඤ්ච විරාජයං;
විජ්ජං උප්පාදයං භික්ඛු, සබ්බා දුග්ගතියො ජහෙ’’ති.
අයම්පි
|
40
“මහණෙනි, අකුශල ධර්මයනට අවිද්‍යාතොමෝ පෙරදැරි වන්නීය, (අවිද්‍යාවගේ) පැමිණීමට අනුවම පවට ලජ්ජා නැතිබවද පවෙහි බිය නැති බවදවේ.
“මහණෙනි කුශලධර්මයනට විද්‍යාතොමෝ වනාහි පූර්වංගමවේ. (විද්‍යාවගේ) පැමිණීමට අනුවම හිරිඔතප් (ලජ්ජා භය) දෙක වේ යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“මේ ලෙව්හිද පරලෙව්හිද දූෂිතවූ යම්කිසි මේ ගතීහු වෙද්ද, විෂයයන් සෙවීම ලක්‍ෂණකොට ඇති ඉච්ඡාවෙන් හා සම්ප්‍රාප්ත විෂයයෙහි ඇලීම ලක්ෂණ කොට ඇති ලෝභයෙන්ද රැස්කරනලද්දාවූ සියලු විපත් අවිද්‍යාව මුල්කොට ඇත්තීය.
“යම් අවිද්‍යා හේතුවකින් වනාහි ලාමක අදහස් ඇති මහණතෙම පාපයට ලජ්ජා නැත්තේ වේද, ඒ හේතුවෙන් පව් රැස්කෙරෙයි. ඒ පාපය හේතුකොට අපායට යෙයි.
“එහෙයින් ඡන්දයද ලෝභයද අවිද්‍යාවද පහකරන්නාවූ අර්හත් මාර්ගඥානය උපදවන්නාවූ මහණතෙම දුශ්චරිත සංඛ්‍යාත සියලු දුර්ගතීන් නොහොත් සසර දුකට පිහිට වන බැවින් සියලු පඤ්චගතීන් දුරුකරන්නේයයි”
|
4. පඤ්ඤාපරිහීනසුත්තං | 4. අරියපඤ්ඤා සූත්‍රය |
41
වුත්තඤ්හෙතං
‘‘තෙ, භික්ඛවෙ, සත්තා සුපරිහීනා යෙ අරියාය පඤ්ඤාය පරිහීනා. තෙ දිට්ඨෙව ධම්මෙ දුක්ඛං විහරන්ති සවිඝාතං සඋපායාසං සපරිළාහං; කායස්ස භෙදා පරං මරණා දුග්ගති පාටිකඞ්ඛා. තෙ
(තෙ ච ඛො (?)), භික්ඛවෙ, සත්තා අපරිහීනා යෙ අරියාය පඤ්ඤාය අපරිහීනා. තෙ දිට්ඨෙව ධම්මෙ සුඛං විහරන්ති අවිඝාතං අනුපායාසං අපරිළාහං; කායස්ස භෙදා පරං මරණා සුගති පාටිකඞ්ඛා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘පඤ්ඤාය පරිහානෙන, පස්ස ලොකං සදෙවකං;
නිවිට්ඨං නාමරූපස්මිං, ඉදං සච්චන්ති මඤ්ඤති.
‘‘පඤ්ඤා හි සෙට්ඨා ලොකස්මිං, යායං නිබ්බෙධගාමිනී;
යාය
‘‘තෙසං
පිහයන්ති
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. චතුත්ථං.
|
41
“මහණෙනි, යම් සත්ව කෙනෙක් ආර්ය ප්‍රඥාවෙන් පිරිහුනෝ නම් ඒ සත්වයෝ අතිශයින් පිරිහුනෝ වෙති. ඒ සත්වයෝ මේ ආත්මයෙහිම පීඩා සහිතව දැඩි ආයාස සහිතව හාත්පස දාහ සහිතව දුකසේ වෙසෙති. තමාගේයයි සිතාගත් ස්කන්ධයන්ගේ භෙදයෙන් මරණින් මත්තෙහි දුගතියක් කැමති විය යුත්තීය.
“මහණෙනි, යම් සත්වකෙනෙක් ආර්ය ප්‍රඥාවෙන් නොපිරිහුනෝ වෙද්ද, ඒ ස්කන්දයෝ මේ අත්බවෙහිම පීඩානැතිව දැඩි ආයාස නැතිව හාත්පස දැවිලි නැතිව සුවසේ වෙසෙති. ශරීරයාගේ භෙදයෙන් චුති චිත්තයන් මත්තෙහි සුගතියක් කැමති විය යුත්තීයයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි ගාථාවෙන් මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“පිරිහීමෙන් නාමරූප දෙක්හි උපාදානස්කන්ධය පසෙහි පිහිටියාවූ දෙවියන් සහිත ලෝවැස්සා බලව, මෙයම සත්‍යය හඟී.
“සංස්කාර ලෝකයෙහි යම් ප්‍රඥාවක් තොමෝ පළමින් යන සුලුවේද, යම් ප්‍රඥාවකින් ඉපදීම හා භවයද ක්ෂය කරන්නාවූ නිවන මනාව දැන ගනීද, ඒ මාර්ග ප්‍රඥා තොමෝ ශ්‍රේෂ්ඨ වන්නීමය.
“දෙවියෝද මිනිස්සුද මනාව අවබෝධකළාවූ සිහි ඇත්තාවූ සන්තොෂප්රමෝද්ය බහුල ප්‍රඥාව ඇත්තාවූ (නොහොත්) විපුලභාවයට පැමිණි හාස ප්‍රඥාව ඇත්තාවූ අන්තිම ශරීරය දරණ ක්ෂීණාශ්රවයන්ට ප්‍රියවෙත්. (ඒ රහත් බව ලබන්නට කැමැති වෙත්.) යයි”
|
5. සුක්කධම්මසුත්තං | 5. සුක්කධම්ම සූත්‍රය |
42
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, සුක්කා ධම්මා ලොකං පාලෙන්ති. කතමෙ ද්වෙ? හිරී
(හිරි (සී. ස්‍යා. කං. පී.)) ච, ඔත්තප්පඤ්ච. ඉමෙ චෙ, භික්ඛවෙ, ද්වෙ සුක්කා ධම්මා ලොකං න පාලෙය්යුං, නයිධ පඤ්ඤායෙථ මාතාති වා මාතුච්ඡාති වා මාතුලානීති වා ආචරියභරියාති වා ගරූනං දාරාති වා. සම්භෙදං ලොකො අගමිස්ස යථා අජෙළකා කුක්කුටසූකරා සොණසිඞ්ගාලා
(සොණසිගාලා (සී. ස්‍යා. කං. පී.)). යස්මා ච ඛො, භික්ඛවෙ, ඉමෙ ද්වෙ සුක්කා ධම්මා ලොකං පාලෙන්ති තස්මා පඤ්ඤායති මාතාති වා මාතුච්ඡාති වා මාතුලානීති වා ආචරියභරියාති වා ගරූනං දාරාති වා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘යෙසං
වොක්කන්තා සුක්කමූලා තෙ, ජාතිමරණගාමිනො.
‘‘යෙසඤ්ච හිරිඔත්තප්පං, සදා සම්මා උපට්ඨිතා;
විරූළ්හබ්රහ්මචරියා
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඤ්චමං.
|
42
“මහණෙනි, මේ ශුක්ලධර්මයෝ දෙදෙනෙක් සත්ව ලෝකය රකිත්. කවර දෙදෙනෙක්ද යත්? පවට ලජ්ජාවද පවට භයද (යන දෙකය.)
“මහණෙනි, මේ කුසල් දහම් දෙක මේ ලොව නොරක්නාහු නම් මේ සත්ව ලෝකයෙහි මවයයි කියා හෝ කුඩා මව යයි කියා හෝ නැන්දනියයි කියා හෝ ආචාර්යයන්ගේ භාර්යාවයයි කියා හෝ ගරුකටයුත්තන්ගේ බිරියයි කියා හෝ නොපෙණෙන්නේය. එළු තිරෙළුවෝද කුකුළු ඌරෝද බලු සිවල්ලුද යම්සේද ලෝවැස්සා (එපරිද්දෙන්) සංකරයට සීමා භෙදයට හෝ පැමිණෙන්නේය.
“මහණෙනි, යම් හේතුවකින් වනාහි මේ අනවද්‍ය ධර්මයෝ දෙදෙන ලොව රකිද්ද, එහෙයින් මවයයි කියාද කුඩා මවයයි කියාද නැන්දනීයයි කියාද ඇදුරු බිරියයයි කියාද ගරුකටයුත්තන්ගේ අඹුවයයි කියාද, පෙණෙන්නේ යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අරුත මෙසේ කියනු ලැබේ.
“යම් සත්වයන්ගේ හිරිඔතප් දෙක හැමදාම නොලැබේද, කුසල් මුලින් ඉවත්වූ ඒ සත්වයෝ ජාති මරණයන්ට පැමිණෙන්නාහුය.
“යම් සත්වයන්ගේ වනාහි හැමකල්හි හිරිඔතප් දෙක මනාව එළඹ සිටියාහුද, වැඩුණු ශාසන මාර්ග බ්‍රහ්මචරිය ඇත්තාහු වෙද්ද, සත්පුරුෂවූ (ඔහු) ක්ෂයවූ නැවත ඉපදීම ඇත්තෝ වෙත්යයි.”
|
6. අජාතසුත්තං | 6. අජාතභූත සූත්‍රය |
43
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘අත්ථි, භික්ඛවෙ
‘‘ජාතං භූතං සමුප්පන්නං, කතං සඞ්ඛතමද්ධුවං;
ජරාමරණසඞ්ඝාටං, රොගනීළං
(රොගනිඩ්ඪං (සී.)) පභඞ්ගුරං
(පභඞ්ගුනං (ක. සී. ක.), පභඞ්ගුණං (ස්‍යා.)).
‘‘ආහාරනෙත්තිප්පභවං, නාලං තදභිනන්දිතුං;
තස්ස නිස්සරණං සන්තං, අතක්කාවචරං ධුවං.
‘‘අජාතං අසමුප්පන්නං, අසොකං විරජං පදං;
නිරොධො
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. ඡට්ඨං.
|
43
“මහණෙනි, නොඋපන්නාවූ පහළනොවූ නොකරන ලද්දාවූ නිවන ඇත.
“මහණෙනි, ඉදින් නොඋපන්නාවූ පහළ නොවූ නොකරන ලද්දාවූ සකස් නොකරන ලද්දාවූ ඒ නිවන නොවීනම් මේලෝකයෙහි උපන් පහළවූ කරන ලද්දාවූ සංස්කරනය කරන ලද්දාවූ ස්කන්ධ පඤ්චකයාගේ නිස්සරණයෙන් නොපෙණෙන්නේය. මහණෙනි, යම්හෙයකින් වනාහි නොඋපන් පහළ නොවූ නොකරන ලද්දාවූ පිළියෙල නොකරන ලද්දාවූ නිවන විද්‍යමාන වේද, එහෙයින් උපන්නාවූ පහළවූ කරන ලද්දාවූ සකස් කරන ලද්දාවූ, පඤ්චස්කන්ධයාගේ නිස්සරණය සංසිඳීම පෙණේයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“උපන්නාවූ ප්‍රත්‍යයන් කරන ලද්දාවූ ස්ථිර නොවූ ජරා මරණයෙන් පෙළෙන ලද්දාවූ ගැටුණු රොගයන්ට කැදැල්ලක් බඳුවූ නැසෙනසුලුවූ ආහාරය හා තෘෂ්ණාවද ප්‍රභවකොට ඇත්තාවූ ඒ පඤ්චුපාදානස්කන්ධය (දෘෂ්ටීන්) සතුටු වන්නට සුදුසු නොවේ.
“ඒ සත්කායයාගේ නැතිකිරීමවූ ශාන්තවූ තර්කඥානයට ගොචර නොවූ ස්ථිරවූ නොඋපන්නාවූ පහළ නොවූ ශොක නැත්තාවූ පහවූ කෙලෙස් රජස් ඇත්තාවූ පිළිපැදිය යුතුවූ දුඃඛ ධර්මයන්ගේ නිරෝධයවූ සංස්කාරයන්ගේ සංසිඳීමවූ සැපයවූ නිවන ඇත.”
|
7. නිබ්බානධාතුසුත්තං | 7. නිබ්බානධාතුමය සූත්‍රය |
44
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘ද්වෙමා, භික්ඛවෙ, නිබ්බානධාතුයො. කතමෙ ද්වෙ? සඋපාදිසෙසා ච නිබ්බානධාතු, අනුපාදිසෙසා ච නිබ්බානධාතු.
‘‘කතමා
‘‘කතමා ච, භික්ඛවෙ, අනුපාදිසෙසා නිබ්බානධාතු? ඉධ, භික්ඛවෙ, භික්ඛු අරහං හොති ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො. තස්ස ඉධෙව, භික්ඛවෙ, සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීති භවිස්සන්ති
(සීතීභවිස්සන්ති (?)). අයං වුච්චති, භික්ඛවෙ, අනුපාදිසෙසා නිබ්බානධාතු. ඉමා ඛො, භික්ඛවෙ, ද්වෙ නිබ්බානධාතුයො’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘දුවෙ
එකා හි ධාතු ඉධ දිට්ඨධම්මිකා, සඋපාදිසෙසා භවනෙත්තිසඞ්ඛයා;
අනුපාදිසෙසා
‘‘යෙ එතදඤ්ඤාය පදං අසඞ්ඛතං, විමුත්තචිත්තා භවනෙත්තිසඞ්ඛයා;
තෙ ධම්මසාරාධිගමා ඛයෙ රතා, පහංසු තෙ සබ්බභවානි තාදිනො’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. සත්තමං.
|
44
“මහණෙනි, මේ නිර්වාණ ධාතූහු දෙදෙනෙක් වෙත්. කවර දෙකක්දයත්? සවුපාදිශෙෂ නිර්වාණ ධාතුවය, අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවය (පඤ්චස්කන්ධයශෙෂ නොවූ නිර්වාණධාතුවය යන දෙකය.)
“මහණෙනි, සවුපාදිශෙෂ නිර්වාණධාතුතොමෝ කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ක්ලෙශයන්ගෙන් දුරුවූයේ වේද, ක්ෂය කරනලද ආශ්‍රවයන් ඇත්තේවේද, නිමවූ විසීම ඇත්තේවේද, කරනලද කටයුතු ඇත්තේවේද, බහා තබනලද තුන්බර ඇත්තේවේද, පැමිණි ස්වකීය අර්ථය ඇත්තේවේද, ක්ෂයවූ භව සංයෝජනයන් ඇත්තේවේද, මනාකොට දැන ක්ලේශයන්ගෙන් මිදුනේවෙද, ඒ රහත්හුගේ පඤ්චෙන්ද්රියයෝ සිටිත්මය. යම් ඉඳුරන්ගේ මනවඩන්නාවූද මන නොවඩන්නාවූද, රූපාදි ගෝචරය විඳී, (ලබයි.) (විපාකය) සුවදුක් විඳියි ඔහුගේ රාගය ක්ෂය වීය. ද්වේෂය ක්ෂයවිය, මෝහය ක්ෂයවීය. මහණෙනි මේ සවුපාදිශෙෂ නිර්වාණධාතු යයි කියනු ලැබේ.
“මහණෙනි, අනුපාදිශෙෂ නිර්වාණධාතු තොමෝ කවරීද? මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම රහත්වේද, ක්ෂයවූ ආශ්‍රවයන් ඇත්තේ වේද, නිමවූ බඹසර විසීම ඇත්තේ වේද, කරනලද කටයුතු ඇත්තේවේද, බහා තබනලද බර ඇත්තේවේද? පැමිණි ස්වකීය අර්ථ ඇත්තේවේද, ක්ෂය කරන ලද භවයංයෝජනයන් ඇත්තේවේද, මනාව දැන මිදුණේවේද, මහණෙනි, ඒ භික්ෂුවගේ වේදනාවෝ සතුටු නොවන ලද්දාහු සංස්කාර සමථයන්ගේ සංසිඳීමෙන්ද සිහිල් වන්නාහුය. මහණෙනි, මෝ අනුපාදිශෙෂ නිර්වාණධාතුයයි කියනු ලැබේ.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“ඇසුරු නොකළාවූ රාගාදිබන්ධනයෙන් නොබැඳුණාවූ එක ස්වභාව ඇත්තාවූ පසැස් ඇත්තාවූ බුදුන් වහන්සේ විසින් මේ නිර්වාණ ධාතුදෙකෙක් ප්‍රකාශ කරනලද්දාහුය. (ඔවුනතුරින්) මේලෝකයෙහි මේ ආත්ම බවෙහිවූ (වර්තමානවූ) තෘෂ්ණාව ක්ෂයවූ එක් නිර්වාණ ධාතුවක් වනාහි සඋපාදිශෙෂ නිර්වාණධාතු නම් වේ.
“යම් අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙක්හි සර්වප්රකාරයෙන් ඉපදීම භවයෝ නොපවතිද්ද, යම් ආර්ය කෙනෙක් ප්‍රත්‍යයන් විසින් නොකරනලද්දාවූ පැමිණෙන ලද්දාවූ මේ නිවන දැන තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් (කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇත්තාහුවෙද්ද, ඒ ආර්යයෝ ධර්මයන්හි සාරයවූ රහත් බව ලැබීමෙන් නිර්වාණයෙහි ඇලුනාහු නොසැලෙන්නාහු සියලු භවයන් පහකළහ. ඉන් ඔබ්බෙහි අනුපාදිශෙෂ නිර්වාණධාතුව නමි.”
|
8. පටිසල්ලානසුත්තං | 8. පටිසල්ලානරත සූත්‍රය |
45
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘පටිසල්ලානාරාමා
‘‘යෙ සන්තචිත්තා නිපකා, සතිමන්තො ච
(සතිමන්තොව (සී. ක.)) ඣායිනො;
සම්මා
‘‘අප්පමාදරතා සන්තා, පමාදෙ භයදස්සිනො;
අභබ්බා පරිහානාය, නිබ්බානස්සෙව සන්තිකෙ’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. අට්ඨමං.
|
45
“මහණෙනි, කාය විවේකයෙහි ඇලුනෝව තමාගේ චිත්ත සමථයෙහි යෙදුනෝව නොසනසන ලද ධ්‍යාන ඇත්තෝව විදර්ශනා ඥානයෙන් යුක්ත වූවෝව ශුන්‍යාගාරයන් වඩන්නෝව වසවු.
“මහණෙනි, කාය විවේකය වූ කාය විවේකයෙහි ඇලුනාවූ තමාගේ සිත සංසිඳීමෙහි යෙදී වසන්නාවූ බැහැර නොකරන ලද ධ්‍යාන ඇත්තාවූ විදර්ශනාඥානයෙන් යුක්තවූ ශුන්‍යාගාරයන් වඩන්නවුන්ට මේ ආත්මභාවයෙහිම රහත් බව හෝ උපාදිශෙෂය කල්හි අනාගාමිබව හෝ (යන) දෙපලයන් අතුරෙන් එක්තරා පලයක් කැමතිවිය යුතුයයි.
“මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් යෝගාවචරකෙනෙක් සන්සුන් සිත් ඇත්තාහු වෙද්ද, නුවණ ඇත්තාහු වෙද්ද, සිහි ඇත්තාහුම වෙද්ද, ධ්‍යාන කිරීමෙහි යෙදුනාහු වෙද්ද, ඇලුම් නැත්තා වූ (ඒ යෝගීහු) මනාකොට (පඤ්චස්කන්ධ) ධර්මය වෙසෙසින් බලත්,
“අප්‍රමාදයෙහි ඇලුනාවූ ශාන්තවූ කුසල් සිත නොයෙදීම නම් ප්‍රමාදයෙහි භය දක්නාවූ පුද්ගලයෝ පිරිහීමට නුසුදුස්සෝ වෙත්, නිර්වාණයාගේම සමීපයෙහි වේ යයි.”
|
9. සික්ඛානිසංසසුත්තං | 9. ශික්ෂානිසංස සූත්‍රය |
46
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘සික්ඛානිසංසා
‘‘පරිපුණ්ණසික්ඛං
(පරිපුණ්ණසෙඛං (සී.), පරිපුණ්ණසෙක්ඛං (ස්‍යා.)) අපහානධම්මං, පඤ්ඤුත්තරං
තං වෙ මුනිං අන්තිමදෙහධාරිං, මාරඤ්ජහං බ්රූමි ජරාය පාරගුං.
‘‘තස්මා සදා ඣානරතා සමාහිතා, ආතාපිනො
මාරං සසෙනං අභිභුය්ය භික්ඛවො, භවථ ජාතිමරණස්ස පාරගා’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. නවමං.
|
46
“මහණෙනි, ත්‍රිවිධ ශික්ෂාවන්ගේ අනුසස් ඇත්තෝව ප්‍රඥාව උතුම්කොට ඇත්තෝව විමුක්ති සාරය ඇත්තෝව සිහිය අධිපතිකොට ඇත්තෝව වසවු.
“මහණෙනි, ශික්ෂාවන් අනුසස්කොට ඇතිව ප්‍රඥාව ප්‍රධානකොට ඇතිව විමුක්ති සාරය ඇතිව සිහිය අධිපති කොට ඇතිව වසන්නවුන්ට මේ ආත්මභාවයෙහිම අර්හත්ඵලය හෝ ක්ලේශොපාදිශෙෂය පහකරන්ට නොහැකි නුවණ ඇති කල්හි අනාගාමි ඵලය හෝ එක්තරා ඵලයක් කැමැතිවිය යුතුයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“සම්පූර්ණවූ ශික්ෂාව ඇත්තාවූ නොකිපුණු (නොපිරිහුණු) ධර්ම ඇත්තාවූ ප්‍රඥාව ශ්‍රේෂ්ඨකොට ඇත්තාවූ ජාතියගේ ක්ෂයවූ නිවන (නොහොත්) ඉපදීම හා මරණයගේ ක්ෂයවූ නිවණ දක්නාසුලුවූ අවසන් සිරුර දරන්නාවූ මානය පහකළාවූ ජරාවගේ කෙළවරවූ නිවණට පැමිණියාවූ ඒ රහත්හු ඒකාන්තයෙන් මුනි යයි කියමි.
“එහෙයින් මහණෙනි, සදහටම ධ්‍යානයෙහි ඇලුනාහු සමාධියෙන් යුක්තවූවාහු කෙලෙස් තවන වීර්ය ඇත්තාහු ජාතියගේ ක්ෂයවූ නිවන දක්නාසුලු වූවාහු සෙනාව සහිතවූ (සතර) මරහුම මැඩ ජාති මරණයාගේ එතෙරට ගියාහුවමු යයි”
|
10. ජාගරියසුත්තං | 10. ජාගරකාල විපස්සී සූත්‍රය |
47
වුත්තඤ්හෙතං
‘‘ජාගරො චස්ස, භික්ඛවෙ, භික්ඛු විහරෙය්ය සතො සම්පජානො සමාහිතො පමුදිතො විප්පසන්නො ච තත්ථ කාලවිපස්සී ච කුසලෙසු ධම්මෙසු. ජාගරස්ස, භික්ඛවෙ, භික්ඛුනො විහරතො සතස්ස සම්පජානස්ස සමාහිතස්ස පමුදිතස්ස විප්පසන්නස්ස තත්ථ කාලවිපස්සිනො කුසලෙසු ධම්මෙසු ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං - දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘ජාගරන්තා සුණාථෙතං, යෙ සුත්තා තෙ පබුජ්ඣථ;
සුත්තා ජාගරිතං සෙය්යො, නත්ථි ජාගරතො භයං.
‘‘යො
කාලෙන
‘‘තස්මා හවෙ ජාගරියං භජෙථ, ආතාපී භික්ඛු නිපකො ඣානලාභී;
සංයොජනං ජාතිජරාය ඡෙත්වා, ඉධෙව සම්බොධිමනුත්තරං ඵුසෙ’’ති.
අයම්පි
|
47
“මහණෙනි, මහණතෙම නිදිදුරුකරන්නෙක්ද වන්නේය. සිහි ඇත්තෙක්ද වන්නේය. සම්‍යක් ප්‍රඥා ඇත්තෙක්ද වන්නේය. එකඟ සිත් ඇත්තෙක්ද වන්නේය. සතුටු සිතැත්තෙක්ද වන්නේය. විශේෂයෙන් පැහැදුනෙක්ද වන්නේය. කුශල ධර්මයන්හි එකල්හි හෝ කර්මස්ථානානුයෝගයෙහි කාලානුරූපව හෝ විදර්ශනාව කරන්නෙක්ද වන්නේය.
“මහණෙනි, නිදි දුරුකරන්නෙක්ව වසන්නාවූ සිහි ඇත්තාවූ සම්‍යක් ප්‍රඥාව ඇත්තාවූ ප්‍රමුදිතවූ විශේෂයෙන් ප්‍රසන්නවූ කුශල ධර්මයන්හි එකල්හි හෝ ඒ කමටහන්හි යෙදීමෙහි හෝ කලට සුදුසු පරිද්දෙන් විදර්ශනා කරන්නාවූ මහණහු විසින් මේ ආත්මයෙහිම රහත්බව හෝ උපාදිශෙෂය ඇතිකල්හි අනාගාමීබව හෝ දෙපලයන් අතුරෙන් එක් ඵලයක් කැමතිවිය යුතුයයි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“නිදි දුරුකරන්නාහු මේ (මාගේ) වචනය අසවු, යම් කෙනෙක් නිද්රෝපගතවූවාහු වෙද්ද, ඒ තෙපි පිබිදෙවු, නිදීමට වඩා නිදි දුරු කිරීම අතිශයින් පැසසිය යුත්තේය. නිදි දුරුකරන්නාහට භය නැත.
“යමෙක් ප්‍රමාද නිද්‍රාව දුරුකරන්නේවේද, සිහි ඇත්තේවේද, සම්‍යක් ප්‍රඥාව ඇත්තේවේද, සමාධියෙන් යුක්තවේද, සතුටු සිත් ඇත්තේවේද, විශේෂයෙන් ප්රසන්නවූයේවේද, කාලයෙහි සුදුසු ත්‍රෛභූමක ධර්මය මනාව විමසන්නේ (සියලු අයුරෙන් විදර්ශනා කරන්නේ සුදුසු උපන් මාර්ග සමාධිය ඇත්තේ මාර්ග ප්‍රතිවේධ කාලයෙහි මනාකොට චතුස්සත්‍ය ධර්මය පරිඤ්ඤාහිසමයාදී වශයෙන් විමසන්නේවේද, ඒ ආර්ය ශ්‍රාවකතෙමේ (අර්හත් මාර්ගයෙන් මෝහය නසන්නේය. එහෙයින් ඒකාන්තයෙන් නිදි දුරුකිරීම සෙවුනේය. කෙලෙස් තවන වීර්යය ඇත්තාවූ ස්ථානොචිත ප්‍රඥාව ඇත්තාවූ ධ්‍යානලාභීවූ ඒ මහණතෙම (දස) සංයෝජනයද ජාති ජරාවන්ද සිඳ මෙහිදීම උතුම්වූ අග්‍රඵල සංඛ්‍යාත සම්බොධියට පැමිණෙන්නේ යයි.”
|
11. ආපායිකසුත්තං | 11. අපායික අභූතවාදී සූත්‍රය |
48
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, ආපායිකා නෙරයිකා ඉදමප්පහාය. කතමෙ ද්වෙ? යො ච අබ්රහ්මචාරී බ්රහ්මචාරිපටිඤ්ඤො, යො ච පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරන්තං අමූලකෙන අබ්රහ්මචරියෙන අනුද්ධංසෙති. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ ආපායිකා නෙරයිකා ඉදමප්පහායා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘අභූතවාදී
උභොපි
‘‘කාසාවකණ්ඨා බහවො, පාපධම්මා අසඤ්ඤතා;
පාපා පාපෙහි කම්මෙහි, නිරයං තෙ උපපජ්ජරෙ.
‘‘සෙය්යො අයොගුළො භුත්තො, තත්තො අග්ගිසිඛූපමො;
යඤ්චෙ
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. එකාදසමං.
|
48
“මහණෙනි, මේ නොහැර අපායෙහි උපදින්නාවූ නිරයෙහි උපදින්නාවූ මේ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්? යමෙක්තෙම බඹසර නොහැසිරෙන සුලුවූයේ (මම) බ්‍රහ්මචාරීයයි ප්‍රතිඥා කිරීම ඇත්තේ වේද, යමෙක් වනාහි සම්පූර්ණවූ පිරිසිදු බඹසර හැසිරෙන්නාවූ භික්ෂුවකට බඹසර නැතැයි චොදනා කෙරේද?
“මහණෙනි, මේ පාප සමාචාරය අත්නොහැර (සතර) අපායෙහි උපදින්නාවූ, නරකයෙහි උපදින්නාවූ මේ පුද්ගලයෝ දෙදෙන වෙත් යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:-
“අසත්‍යයෙන් යමෙක් වනාහි (පව්කම්) කොට මම නොකරමියි කියාද, පරලෙව්හි මෙයින් ගොස් ලාමක ක්‍රියා ඇත්තාවූ ඒ මනුෂ්‍යයෝ දෙදෙනම (ගතියෙන්) සමාන වෙත්.
“කසට පෙවූ වස්ත්‍රයෙන් හාත්පස දැවටූ ග්රීවය ඇත්තාවූ ලාමක ස්වභාව ඇත්තාවූ සංයමය නැත්තාවූ ඒ බොහෝ එබඳු පාපපුද්ගලයෝ පව්කමින් නරකයෙහි උපදිත්. සංවර නැත්තාවූ සිල් නැති පුද්ගලයෙක් ඉදින් රටවැස්සන් විසින් දෙන යම් ආහාරයක් වළඳන්නේද, දිලිසෙන්නාවූ ගිනිසිළක් බඳුවූ යකඩගුලි අනුභව කරන ලද්දේ උතුමියි.”
|
12. දිට්ඨිගතසුත්තං | 12. දිට්ඨිගතද්වය සූත්‍රය |
49
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘ද්වීහි, භික්ඛවෙ, දිට්ඨිගතෙහි පරියුට්ඨිතා දෙවමනුස්සා ඔලීයන්ති එකෙ, අතිධාවන්ති එකෙ; චක්ඛුමන්තො ච පස්සන්ති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, ඔලීයන්ති එකෙ? භවාරාමා, භික්ඛවෙ, දෙවමනුස්සා භවරතා භවසම්මුදිතා තෙසං භවනිරොධාය ධම්මෙ දෙසියමානෙ චිත්තං න පක්ඛන්දති න පසීදති න සන්තිට්ඨති නාධිමුච්චති. එවං ඛො, භික්ඛවෙ, ඔලීයන්ති එකෙ.
‘‘කථඤ්ච
‘‘කථඤ්ච, භික්ඛවෙ, චක්ඛුමන්තො පස්සන්ති? ඉධ භික්ඛු භූතං භූතතො පස්සති; භූතං භූතතො දිස්වා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති. එවං ඛො, භික්ඛවෙ, චක්ඛුමන්තො පස්සන්තී’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘යෙ
යථාභූතෙ විමුච්චන්ති, භවතණ්හා පරික්ඛයා.
‘‘ස වෙ
(සචෙ (ක. සී. ස්‍යා. පී.)) භූතපරිඤ්ඤො, සො වීතතණ්හො භවාභවෙ;
භූතස්ස
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. ද්වාදසමං.
|
49
“මහණෙනි, මේ දෘෂ්ටි දෙකකින් මැඩුණු (නොහොත්) පළිබොධවූ දිව්‍යමනුෂ්‍යයෝ ඇලෙත්. ඇතැම් කෙනෙක් (උච්ඡෙදයෙහි) අතිධාවනය කෙරෙත්. ඇතැම් කෙනෙක් දිවැස් ඇත්තවුන් මෙන් දකිත්.
“මහණෙනි, කෙසේ නම් ඇතැම් කෙනෙක් ඇලෙද්ද? මහණෙනි, භවයෙන් සතුටුවන්නාවූ භවයන්හි ඇලුනාවූ භවයන්හි මනාව සන්තොෂ වන්නාවූ දිව්‍ය මනුෂ්‍යයෝ වෙත්. ඔවුන්ට භවයන් නූපදවනු පිණිස දහම්දෙසනු ලබන කල්හි සිත බැස නොගණී, නොපහදී, නොපිහිටයි නොඅදහයි. මහණෙනි, මෙසේ වනාහි ඇතැම් කෙනෙක් ඇලෙති.
“මහණෙනි, කෙසේ නම් ඇතැම් කෙනෙක් අති ධාවනය කෙරෙද්ද, “මහණෙනි, ඇතැම් කෙනෙක් භවයෙන්ම පෙළෙන්නාහු ලජ්ජාවන්නාහු, පිළිකුල්වන්නාහු ‘පින්වත්නි’ යම් කලෙක්හි තෙමේ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සිඳෙන්නේය. වැනසෙන්නේය. මරණයෙන් මතු නොවන්නේය. මේ උච්ඡෙදය ශාන්තය, මේ උච්ඡෙදය ප්‍රණීතයයි මෙසේ දෘෂ්ටියට සතුටුවීමෙන් සත්‍යයට විපරිත වශයෙන් දුවද්ද, (ඔහු) උච්ඡෙදයට සතුටු වෙති. මහණෙනි, මෙසේ වනාහි ඇතැම් කෙනෙක් අතිධාවනය කෙරෙත්.
“මහණෙනි, කෙසේවනාහි ඇතැම් කෙනෙක් නුවණ ඇස් ඇත්තහු දකිත්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ භූත නම්වූ ස්කන්ධ පඤ්චකය දැක භූත නම් ත්‍රෛභූමක ධර්ම සමූහයට කලකිරීම පිණිස නොඇලීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේවේද, මහණෙනි, මෙසේ වනාහි ඇතැම් කෙනෙක් නුවණ ඇස් ඇත්තාහු දකිත් යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් ආර්යශ්‍රාවක කෙනෙක් පඤ්චස්කන්ධය අවිපරීත ස්වභාවයෙන් දැක ස්කන්ධ පඤ්චක භාවනාභිසමයෙන් ඉක්මවූවාහු වෙද්ද, භව තෘෂ්ණාව අවිපරීත සත්‍ය ස්වභාවයවූ නිර්වාණයෙහි මිදෙත්. පිරිසිඳ දක්නා ලද පඤ්චස්කන්ධය ඇත්තාවූ ලොකු කුඩා භවයෙහි (රහත්) මහණතෙම උපාදානස්කන්ධයයි කියනලද ආත්මභාවය නොඉපදවීමෙන් පැනවීමක් නැති බවට යෙත් යයි.”
|