ඛුද්දකනිකායෙ | ඛුද්දක නිකාය |
ඉතිවුත්තකපාළි | ඉතිවුත්තකය |
1. එකකනිපාතො | 1. එකක නිපාතය |
1. පඨමවග්ගො | 1. භොග වර්ගය |
1. ලොභසුත්තං | 1. ලෝභ පජහන සූත්‍රය |
1
වුත්තඤ්හෙතං
‘‘එකධම්මං, භික්ඛවෙ, පජහථ; අහං වො පාටිභොගො අනාගාමිතාය. කතමං එකධම්මං? ලොභං, භික්ඛවෙ, එකධම්මං පජහථ; අහං වො පාටිභොගො අනාගාමිතායා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘යෙන
තං ලොභං සම්මදඤ්ඤාය, පජහන්ති විපස්සිනො;
පහාය න පුනායන්ති, ඉමං ලොකං කුදාචන’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඨමං.
|
1
[1] “භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මය වදාරන ලද්දේමය, කෙලෙස් නැසූ (බුදුන් වහන්සේ විසින්) වදාරන ලද ධර්මය මා විසින් මෙසේ අසන ලදී.
[2] “(i) මහණෙනි, එක් ස්වභාවයක් දුරුකරවූ, තොපට මම අනාගාමි භාවය පිණිස ඇප වෙමි. කවර එක් ස්වභාවයෙක්ද යත්? (ii) මහණෙනි, ලෝභයවූ එක් ස්වභාවය දුරු කරවූ, තොපට මම අනාගාමි බව පිණිස ඇපවෙමි’යි
[3] මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථ සමූහය මෙසේ කියනු ලැබේ. “යම් ලෝභයකින් ගිජුවූ සත්වයෝ දුගතියට යෙද්ද, (අනිත්‍යාදී වශයෙන්) දක්නාසුලු ප්‍රාඥයෝ ඒ ලෝභය මනාව දැන පහකෙරෙත්. පහකොට මේ (කාම) ලෝකයට නැවත කිසිකලෙකත් (උත්පත්ති වශයෙන්) නොපැමිණෙත්යයි”
[4] මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේයයි මා විසින් අසන ලද්දේයි.”
|
2. දොසසුත්තං | 2. ද්වේෂ සූත්‍රය |
2
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘එකධම්මං, භික්ඛවෙ, පජහථ; අහං වො පාටිභොගො
‘‘යෙන
තං දොසං සම්මදඤ්ඤාය, පජහන්ති විපස්සිනො;
පහාය න පුනායන්ති, ඉමං ලොකං කුදාචන’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. දුතියං.
|
2
(ඉතිචුත්තකයේ සෑම සූත්රවලම පළමු වෙනි ඡේදයද අවසාන ඡේදයද 1 සූත්‍රයේ 1 සහ 4 ඡේද මෙන් වෙත්.)
(මෙහි 1 සූත්‍රයේ 2 (i) යෙදිය යුතුයි.)
මහණෙනි, ද්වේෂයවූ එක් ස්වභාව ධර්මය පහකරවූ, මම තොපට අනාගාමිඵලය පිණිස ඇපවෙමි.
භාග්‍යවතුන් වහන්සේ මේ අරුත වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ. “යම් තරහවකින් දූෂ්‍යවූ සත්වයෝ දුගතියට යෙද්ද, විදර්ශනාව වඩන නුවණැත්තෝ ඒ ද්වේෂය මනාව දැන පහකෙරෙත්. පහකොට නැවත මේ (කාම) ලෝකයට නොපැමිණෙත්යයි.”
|
3. මොහසුත්තං | 3. මෝහ සූත්‍රය |
3
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘එකධම්මං, භික්ඛවෙ, පජහථ; අහං වො පාටිභොගො අනාගාමිතාය. කතමං එකධම්මං? මොහං, භික්ඛවෙ, එකධම්මං පජහථ; අහං වො පාටිභොගො අනාගාමිතායා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘යෙන මොහෙන මූළ්හාසෙ, සත්තා ගච්ඡන්ති දුග්ගතිං;
තං මොහං සම්මදඤ්ඤාය, පජහන්ති විපස්සිනො;
පහාය න පුනායන්ති, ඉමං ලොකං කුදාචන’’න්ති.
අයම්පි
|
3
(මෙහි 1 සූත්‍රයේ 2 (i) යෙදිය යුතුයි)
මහණෙනි, මෝහය (නොදැනීම) වූ එක් ස්වභාවය දුරු කරවූ, මම තොපට අනාගාමි බව පිණිස ඇපවෙමියි භාග්‍යවතුන් වහන්සේ මේ අරුත වදාළසේක.
“යම් නොදැනීමකින් මුළාවූ සත්වයෝ දුගතියට යෙද්ද, දක්නාවූ නුවණැත්තෝ ඒ මුළාව මනාව දැන පහකෙරෙත්. දුරුකොට නැවත කිසිකලෙකත් මේ (කාම) ලෝකයට (ඉපදීම් වශයෙන්) නොපැමිණෙත්යයි”
|
4. කොධසුත්තං | 4. ක්‍රොධ සූත්‍රය |
4
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘එකධම්මං, භික්ඛවෙ, පජහථ; අහං වො පාටිභොගො අනාගාමිතාය. කතමං එකධම්මං? කොධං, භික්ඛවෙ, එකධම්මං පජහථ; අහං වො පාටිභොගො අනාගාමිතායා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘යෙන
තං කොධං සම්මදඤ්ඤාය, පජහන්ති විපස්සිනො;
පහාය න පුනායන්ති, ඉමං ලොකං කුදාචන’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. චතුත්ථං.
|
4
(මෙහි 1 සූත්‍රයේ 2 (i) යෙදිය යුතුයි.)
මහණෙනි, ක්‍රෝධයවූ එක් ධර්මය දුරුකරවු, මම තොපට අනාගාමිඵලය පිණිස ඇපවෙමියි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් ක්‍රෝධයකින් කිපියාවූ සත්වයෝ දුගතියට යෙද්ද, පණ්ඩිතයෝ ඒ ක්‍රෝධය මනාව දැන පහකෙරෙත්, පහකොට නැවත මේ (කාම) ලෝකයට කිසි කලෙකත් (ඉපදීම් වශයෙන්) නොපැමිණෙති”යි
|
5. මක්ඛසුත්තං | 5. මක්ඛ සූත්‍රය |
5
වුත්තඤ්හෙතං
‘‘එකධම්මං, භික්ඛවෙ, පජහථ; අහං වො පාටිභොගො අනාගාමිතාය. කතමං එකධම්මං? මක්ඛං, භික්ඛවෙ, එකධම්මං පජහථ; අහං වො පාටිභොගො අනාගාමිතායා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘යෙන මක්ඛෙන මක්ඛාසෙ
(මක්ඛිතාසෙ (ස්‍යා.)), සත්තා ගච්ඡන්ති දුග්ගතිං;
තං මක්ඛං සම්මදඤ්ඤාය, පජහන්ති විපස්සිනො;
පහාය න පුනායන්ති, ඉමං ලොකං කුදාචන’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඤ්චමං.
|
5
(මෙහි 1 සූත්‍රයේ 2 (i) යෙදිය යුතුයි.)
“මහණෙනි, (අනුන්ගේ ගුණ) මැකීමවූ (ගුණ මකනාකාරයෙන් පැවති දොම්නස් සහගිය සිතිවිල්ල වූ එක් ස්වභාව ධර්මය දුරුකරවූ මම තොපට අනාගාමි බව පිණිස පොරොන්දු වෙමියි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් ගුණ මැකීමකින් (ගුණ) මකන්නාවූ සත්වයෝ දුගතියට යෙද්ද, පණ්ඩිතයෝ ඒ ගුණමැකීම මනාව දැන දුරුකෙරෙති. දුරුකොට නැවත කිසිකලෙකත් මේ (කාම) ලෝකයට (ඉපදීම් වශයෙන්) නොපැමිණෙත්.”
|
6. මානසුත්තං | 6. මාන සූත්‍රය |
6
වුත්තඤ්හෙතං
‘‘එකධම්මං, භික්ඛවෙ, පජහථ; අහං වො පාටිභොගො අනාගාමිතාය. කතමං එකධම්මං? මානං, භික්ඛවෙ, එකධම්මං පජහථ; අහං වො පාටිභොගො අනාගාමිතායා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘යෙන මානෙන මත්තාසෙ, සත්තා ගච්ඡන්ති දුග්ගතිං;
තං මානං සම්මදඤ්ඤාය, පජහන්ති විපස්සිනො;
පහාය න පුනායන්ති, ඉමං ලොකං කුදාචන’’න්ති.
අයම්පි
|
6
(මෙහි 1 සූත්‍රයේ 2 (i) යෙදිය යුතුයි)
‘මහණෙනි, (නවවිධ) මානයවූ එක් ස්වභාව ධර්මය දුරුකරවූ, මම තොපට අනාගාමි බව පිණිස පොරොන්දු වෙමි”යි
මේ අරුත භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ ක්‍රමයෙන් කියනු ලැබේ. “යම් මානයකින් මත්වූ සත්වයෝ දුගතියට යෙද්ද, නුවණැත්තෝ ඒ මානය මනාකොට දැනගෙන පහකෙරෙත්. පහකොට නැවත කිසිකලෙකත් මේ (කාම) ලෝකයට (උත්පත්ති වශයෙන්) නොපැමිණෙත්.”
|
7. සබ්බපරිඤ්ඤාසුත්තං | 7. සර්ව සූත්‍රය |
7
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘සබ්බං, භික්ඛවෙ, අනභිජානං අපරිජානං තත්ථ චිත්තං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. සබ්බඤ්ච ඛො, භික්ඛවෙ, අභිජානං පරිජානං
‘‘යො
ස වෙ සබ්බපරිඤ්ඤා
(සබ්බං පරිඤ්ඤා (ස්‍යා. පී.)) සො, සබ්බදුක්ඛමුපච්චගා’’ති
(සබ්බං දුක්ඛං උපච්චගාති (ස්‍යා.), සබ්බදුක්ඛං උපච්චගාති (පී. අට්ඨ.)).
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. සත්තමං.
|
7
“මහණෙනි, සර්වය නොදන්නේ පිරිසිඳ නොදන්නේ ඒ මනාව දතයුතු විශේෂයෙහි නොඇලෙන්නේ පහනොකරන්නේ දුඃඛය ක්ෂය කරනු පිණිස (නිවන් පිණිස) සමර්ථ නොවේ.
“මහණෙනි, සියලුම සක්කායදෘෂ්ටිය දන්නේ පිරිසිඳ දන්නේ එහි සිත නොඇලෙන්නේ පහකරන්නේ නිර්වාණය පිණිස සමර්ථ වේ”යයි
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් යොගාවචරයෙක් තෙමේ සියලු ධර්ම සමූහය සියලු අයුරෙන් අවබෝධකොට සියලු සක්කාය ධර්මයන්හි නොඇලේද, ඒ ආර්යතෙමේ සියල්ල පිරිසිඳ දැනීමෙන් ඒකාන්තයෙන් සියලු (සසර) දුක ඉක්මවීය”
|
8. මානපරිඤ්ඤාසුත්තං | 8. (දෙවන) මාන සූත්‍රය |
8
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘මානං, භික්ඛවෙ, අනභිජානං අපරිජානං තත්ථ චිත්තං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය
‘‘මානුපෙතා අයං පජා, මානගන්ථා භවෙ රතා;
මානං අපරිජානන්තා, ආගන්තාරො පුනබ්භවං.
‘‘යෙ
තෙ මානගන්ථාභිභුනො, සබ්බදුක්ඛමුපච්චගු’’න්ති
(සබ්බදුක්ඛං උපච්චගුන්ති (පී.), සබ්බං දුක්ඛං උපච්චගුන්ති (අට්ඨකථා)).
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. අට්ඨමං.
|
8
“මහණෙනි, මානය විශේෂයෙන් නොදන්නේ පිරිසිඳ නොදන්නේ ඒ මානයෙහි සිත නොඇලෙන්නේ පහනොකරන්නේ දුක් ක්ෂය කිරීමට සමර්ථ නොවේ. මහණෙනි, මානයද විශිෂ්ට ඥානයෙන් දන්නේ පිරිසිඳ දන්නේ ඒ මාන නොඋපදවන්නේ පහකරන්නේ දුක් ගෙවීමට සමර්ථ වේ”යයි
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාසේක. එහි මෙසේ කියනු ලැබේ.
“ප්රජායයි ලද නම් ඇති මේ සත්ව සමූහය මානයෙන් යුක්තවූවාය. මානයෙන් ගැටගැසුනීය, භවයෙහි ඇලුනීය, මානය පිරිසිඳ නොදන්නාවූ සත්වයෝ නැවත භවයට පැමිණෙන්නාහ.
“යම් රහත් කෙනෙක් වනාහි මානය පහකොට මානයාගේ අතිශයින් ක්ෂයවූ නිවනෙහි මනාව මිදුනාහුද, මාන බැම්ම මුලින් සිඳීමෙන් මැඩසිටියාවූ ඒ රහත්හු සියලු සංසාර දුක්ඛය ඉක්මවූහ”යි
|
9. ලොභපරිඤ්ඤාසුත්තං | 9. (ද්විතීය) රාග සූත්‍රය |
9
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘ලොභං, භික්ඛවෙ
‘‘යෙන ලොභෙන ලුද්ධාසෙ, සත්තා ගච්ඡන්ති දුග්ගතිං;
තං ලොභං සම්මදඤ්ඤාය, පජහන්ති විපස්සිනො;
පහාය න පුනායන්ති, ඉමං ලොකං කුදාචන’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. නවමං.
|
9
“මහණෙනි, ලෝභය විශේෂයෙන් නොදන්නේ පිරිසිඳ නොදන්නේ එහි චිත්තසන්තානය නොඅලවන්නේ දුරුනොකරන්නේ දුක් ක්ෂය කිරීම (නිවන්) පිණිස අසමර්ථවේ.
“මහණෙනි, ලෝභයද විශිෂ්ට ඥානයෙන් දන්නේම පිරිසිඳ දන්නේ එහි (තමාගේ) සිත නොඅලවන්නේ දුරු කරන්නේ දුඃඛක්ෂයය පිණිස සමර්ථවේ. මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් ලෝභයකින් ගිජුවූ සත්වයෝ දුගතියට යෙද්ද, පණ්ඩිතයෝ ඒ ලෝභය මනාව දැනගෙන පහකෙරෙත්. පහකොට කිසිකලෙකත් මේ (කාම) ලෝකයට නැවත නොපැමිණෙත්යයි”
|
10. දොසපරිඤ්ඤාසුත්තං | 10. (ද්විතීය) ද්වේෂ සූත්‍රය |
10
වුත්තඤ්හෙතං
‘‘දොසං, භික්ඛවෙ, අනභිජානං අපරිජානං තත්ථ චිත්තං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. දොසඤ්ච ඛො, භික්ඛවෙ, අභිජානං පරිජානං තත්ථ චිත්තං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයායා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘යෙන
තං දොසං සම්මදඤ්ඤාය, පජහන්ති විපස්සිනො;
පහාය න පුනායන්ති, ඉමං ලොකං කුදාචන’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. දසමං.
|
10
“මහණෙනි, ද්වේෂය විශේෂයෙන් නොදන්නේ පිරිසිඳ නොදන්නේ එහි (තමාගේ) සිත අලවන්නේ පහ නොකරන්නේ දුඃඛ ක්ෂය සංඛ්‍යාත නිර්වාණය පිණිස සමර්ථ නොවේ.
“මහණෙනි, ද්වේෂයද විශේෂයෙන් දන්නේම පිරිසිඳ දන්නේ එහි සිත නොඅලවන්නේ පහකරන්නේ දුඃඛ ක්ෂයයි කියනලද නිවණට පැමිණීම පිණිස සමර්ථ වේ.
“මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ. “යම් ද්වේෂයකින් දුෂ්ඨවූ සත්වයෝ දුගතියට යෙද්ද, විදසුන් නැණින් දක්නා සුලු පණ්ඩිතයෝ ඒ ද්වේෂය මනාව දැන පහකරත්. පහකොට කිසිකලෙකත් මේ (කාම) ලෝකයට නැවත (ඉපදීම් වශයෙන්) නොපැමිණෙතියි”
|
2. දුතියවග්ගො | 2. බහුපකාර වර්ගය |
1. මොහපරිඤ්ඤාසුත්තං | 1. මොහානභිජානන සූත්‍රය |
11
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘මොහං, භික්ඛවෙ, අනභිජානං අපරිජානං තත්ථ චිත්තං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. මොහඤ්ච ඛො, භික්ඛවෙ, අභිජානං පරිජානං තත්ථ චිත්තං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයායා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘යෙන මොහෙන මූළ්හාසෙ, සත්තා ගච්ඡන්ති දුග්ගතිං;
තං මොහං සම්මදඤ්ඤාය, පජහන්ති විපස්සිනො;
පහාය
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඨමං.
|
11
“මහණෙනි, (අරමුණු වල) මුළාවන ස්වභාවය විශේෂයෙන් නොදන්නේ පිරිසිඳ නොදන්නේ එහි සිත අලවන්නේ පහනොකරන්නේ දුඃඛ ක්ෂය යයි කියන ලද නිර්වාණය පිණිස අසමර්ථ වේ.
“මහණෙනි, මෝහයද විශේෂයෙන් දන්නේම පිරිසිඳ දන්නේ එහි සිත නොඅලවන්නේ පහ කරන්නේ දුඃඛ ක්ෂය යයි කියන ලද නිවනට (පැමිණීම පිණිස) සමර්ථවේ”යයි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. ඒ සූත්‍රයෙහි මේ (ගාථා බන්ධනය) මෙසේ කියනු ලැබේ.
“යම් මෝහයකින් මුළාවූ සත්වයෝ දුගතියට යෙද්ද, පණ්ඩිතයෝ ඒ මෝහය මනාව දැන පහකරත්. පහකොට කිසිකලෙකත් මේ (කාම) ලෝකයට නැවත (ඉපදීම් වශයෙන්) නොපැමිණෙතියි”
|
2. කොධපරිඤ්ඤාසුත්තං | 2. කොධානභිජානන සූත්‍රය |
12
වුත්තඤ්හෙතං
‘‘කොධං, භික්ඛවෙ, අනභිජානං අපරිජානං තත්ථ චිත්තං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. කොධඤ්ච ඛො, භික්ඛවෙ, අභිජානං පරිජානං තත්ථ චිත්තං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයායා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘යෙන
තං කොධං සම්මදඤ්ඤාය, පජහන්ති විපස්සිනො;
පහාය න පුනායන්ති, ඉමං ලොකං කුදාචන’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. දුතියං.
|
12
“මහණෙනි, ක්‍රෝධය විශේෂයෙන් නොදන්නේ පිරිසිඳ නොදන්නේ එහි සිත අලවන්නේ පහනොකරන්නේ නිර්වාණයට අසමර්ථ වේ.
“මහණෙනි, ක්‍රෝධයද විශේෂයෙන් දන්නේම පිරිසිඳ දන්නේම එහි සිත නොඅලවන්නේම පහකරන්නේ නිර්වාණයට සමර්ථ වේයයි”
මේ අරුත භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් ක්‍රෝධයකින් සිටියාවූ සත්වයෝ දුගතියට යෙද්ද, පණ්ඩිතයෝ ඒ ක්‍රෝධය මනාකොට දැන පහකෙරෙත්. පහකොට කිසිකලෙකත් මේ (කාම) ලෝකයට (ඉපදීම් වශයෙන්) නොපැමිණෙතියි”
|
3.මක්ඛපරිඤ්ඤාසුත්තං | 3. මක්ඛානභිජානන සූත්‍රය |
13
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘මක්ඛං, භික්ඛවෙ, අනභිජානං අපරිජානං තත්ථ චිත්තං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. මක්ඛඤ්ච ඛො, භික්ඛවෙ, අභිජානං පරිජානං තත්ථ චිත්තං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයායා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘යෙන මක්ඛෙන මක්ඛාසෙ, සත්තා ගච්ඡන්ති දුග්ගතිං;
තං මක්ඛං සම්මදඤ්ඤාය, පජහන්ති විපස්සිනො;
පහාය න පුනායන්ති, ඉමං ලොකං කුදාචන’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. තතියං.
|
13
“මහණෙනි, (අනුන්ගේ) ගුණමැකීම විශේෂයෙන් නොදන්නේ පිරිසිඳ නොදන්නේ එහි සිත අලවන්නේ පහ නොකරන්නේ නිවණට අසමර්ථවේ, “මහණෙනි, (අනුන්ගේ) ගුණ මැකීමද, විශේෂයෙන් දන්නේ පිරිසිඳ දන්නේ එහි සිත නොඅලවන්නේ පහකරන්නේ නිවනට සමර්ථවේ යයි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් (අනුන්ගේ) ගුණ මැකීමකින් මකුවූ සත්වයෝ දුගතියට යෙද්ද, නුවණැත්තෝ ඒ ගුණ මකන (ස්වභාවය) මනාකොට දැන දුරුකරත්, පහකොට මේ (කාම) ලෝකයට නැවත කිසිකලෙකත් (ඉපදීම් වශයෙන්) නොපැමිණෙත් යයි.
|
4. අවිජ්ජානීවරණසුත්තං | 4. අවිජ්ජානීවරණ සූත්‍රය |
14
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකනීවරණම්පි සමනුපස්සාමි යෙන
(යෙනෙවං (?)) නීවරණෙන නිවුතා පජා දීඝරත්තං
‘‘නත්ථඤ්ඤො
සංසරන්ති
‘‘යෙ ච මොහං පහන්ත්වාන, තමොඛන්ධං
(තමොක්ඛන්ධං (සී. ස්‍යා. පී.)) පදාලයුං;
න තෙ පුන සංසරන්ති, හෙතු තෙසං න විජ්ජතී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. චතුත්ථං.
|
14
“මහණෙනි, යම් නීවරණයකින් වැසුනාවූ සත්වයෝ දීර්ඝකාලයක් මුලුල්ලෙහි සර්වප්රකාරයෙන් දුවද්ද, සැරිසරද්ද මහණෙනි, මේ අවිද්‍යා නීවරණය යම්සේද, (මින්) අන්‍යවූ එකනීවරණයකුදු මම නොමදකිමි. මහණෙනි, අවිද්‍යානීවරණයෙන් වැසුණු සත්වයෝ බොහෝකලක් (සසර) නැවත නැවත දුවති, සැරිසරති’යි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ. “යම් නීවරණයකින් සත්වයෝ මෙසේ වැසුණාහුද, යම් ප්‍රකාරයකින් මෝහයෙන් වැසුණාවූ (සත්වයෝ) රෑ දාවල්හි සසර සැරිසරද්ද, එබඳු මෙයින් අනාථවූ එකද ස්වභාවයෙක් (නීවරණයක්) නැත්තේමය.
යම් (“ආර්යශ්‍රාවක) කෙනෙක් වනාහි මෝහය පහකොට මෝහ නමැති අඳුරු රැස ගැසුවාහුද, ඔහු තුමූ නැවත සසර) සැරිනොසරති. ඔවුන්ගේ (සැරිසැරීමට මුල්) කාරණයක් වේද, නැත්තේ යයි
|
5. තණ්හාසංයොජනසුත්තං | 5. තණ්හාසඤ්ඤොජන සූත්‍රය |
15
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකසංයොජනම්පි සමනුපස්සාමි යෙන
(යෙනෙවං (ස්‍යා.)) සංයොජනෙන සංයුත්තා සත්තා දීඝරත්තං සන්ධාවන්ති සංසරන්ති යථයිදං, භික්ඛවෙ, තණ්හාසංයොජනං
(තණ්හාසංයොජනෙන (?)). තණ්හාසංයොජනෙන හි, භික්ඛවෙ, සංයුත්තා සත්තා දීඝරත්තං සන්ධාවන්ති සංසරන්තී’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘තණ්හාදුතියො
ඉත්ථභාවඤ්ඤථාභාවං
(ඉත්ථම්භාවඤ්ඤථාභාවං (ස්‍යා.)), සංසාරං නාතිවත්තති.
‘‘එතමාදීනවං
(එවමාදීනවං (සී. පී. ක.)) ඤත්වා, තණ්හං
(තණ්හා (සී. ක.)) දුක්ඛස්ස සම්භවං;
වීතතණ්හො අනාදානො, සතො භික්ඛු පරිබ්බජෙ’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඤ්චමං.
|
15
“මහණෙනි, මේ සංයෝජනයකින් (බැම්මකින්) බැඳුණු සත්වයෝ බොහො කලක් මුලුල්ලෙහි (සසර ඔබිනොබ) දුවද්ද, සැරිසරද්ද, මහණෙනි, මේ තෘෂ්ණා සංයෝජනය යම්සේද, (එබඳු) අන් එක සංයෝජනයකුදු මම නොම දකිමි.
“මහණෙනි, තෘෂ්ණා බන්ධනයෙන් බැඳුණු සත්වයෝ වනාහි බොහෝ කලක් මුලුල්ලෙහි දුවත්, හැසිරෙත්යයි”
“මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“බොහෝ කලක් මුලුල්ලෙහි සැරිසරන්නාවූ සත්වතෙමේ තෘෂ්ණාව යහළුකොට ඇත්තේය. මේ මිනිසත්බවද වර්තමාන ආත්මභාවය හා අනාගතාත්මභාවයද එබඳු අන්යාත්මභාවයද ඇත්තාවූ සසර නොඉක්මවයි.
“මෙසේ දුඃඛයට මූලකාරණයවූ තෘෂ්ණාව දෝෂ වශයෙන් දැන (නොහොත්) සසර නොඉක්මවන දෝෂය දැන තෘෂ්ණාවද සසර දුකට ප්‍රමාණ කාරණයයි දැන පහවූ තෘෂ්ණාව ඇත්තාවූ මතු ප්රතිසන්ධිය නොගන්නාවූ සිහි ඇත්තාවූ භික්ෂුතෙම පිරිනිවන් පාන්නේයයි”
|
6. පඨමසෙඛසුත්තං | 6. බහුපකාර මනසිකාර සූත්‍රය |
16
වුත්තඤ්හෙතං
‘‘සෙඛස්ස, භික්ඛවෙ, භික්ඛුනො අප්පත්තමානසස්ස අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානස්ස විහරතො අජ්ඣත්තිකං අඞ්ගන්ති කරිත්වා නාඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි යං එවං බහූපකාරං යථයිදං, භික්ඛවෙ, යොනිසො මනසිකාරො. යොනිසො, භික්ඛවෙ, භික්ඛු මනසි කරොන්තො අකුසලං පජහති
‘‘යොනිසො
නත්ථඤ්ඤො එවං බහුකාරො, උත්තමත්ථස්ස පත්තියා;
යොනිසො පදහං භික්ඛු, ඛයං දුක්ඛස්ස පාපුණෙ’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. ඡට්ඨං.
|
16
“මහණෙනි, මේ නුවණින් මෙනෙහි කිරීම යම් ප්රකාරයකින්වේද, මහණෙනි, නොපැමිණි අර්හත්ඵලය ඇත්තාවූ ශ්‍රේෂ්ඨවූ නිර්භයවූ (අර්හත් ඵලය) පතමින් වසන්නාවූ ශෛක්ෂ (මතුමාර්ග ඵලයන් පිණිස හික්මෙන්නාවූ සෝවාන්) මහණහට මෙසේ බොහෝ උපකාරවූ තමාගේ සන්තානයෙහි උපන් කාරණයයි. මෙසේ කොට අන් එකද කාරණයක් නොම දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කරණු යේ අකුසල් පහ කෙරෙයි, කුසල් වඩායයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ කරුණ මෙසේ කියනු ලැබේ.
“ශෛක්ෂ භික්ෂුවට උතුම් රහත්බවට පැමිණීම පිණිස නුවණින් මෙනෙහි කිරීම බොහෝ උපකාරවූ ස්වභාව ධර්මයෙකි. එසේ (උපකාරවූ) අනික් ධර්මයෙක් නැත. නුවණින් වීර්යය කරන්නාවූ මහණතෙම දුක් ක්ෂය කිරීමවූ නිවණට පැමිණෙන්නේයයි”
|
7. දුතියසෙඛසුත්තං | 7. බහුපකාරමිත්ත සූත්‍රය |
17
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘සෙඛස්ස, භික්ඛවෙ, භික්ඛුනො අප්පත්තමානසස්ස අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානස්ස විහරතො බාහිරං අඞ්ගන්ති කරිත්වා නාඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි යං එවං බහූපකාරං යථයිදං, භික්ඛවෙ, කල්යාණමිත්තතා. කල්යාණමිත්තො, භික්ඛවෙ, භික්ඛු අකුසලං පජහති, කුසලං භාවෙතී’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘කල්යාණමිත්තො යො භික්ඛු, සප්පතිස්සො සගාරවො;
කරං මිත්තානං වචනං, සම්පජානො පතිස්සතො;
පාපුණෙ අනුපුබ්බෙන, සබ්බසංයොජනක්ඛය’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. සත්තමං.
|
17
“මහණෙනි, මේ කල්‍යාණ මිත්‍රයන් ඇතිබව යම්සේද නොපැමිණි රහත් බව ඇති නිරුත්තරවූ යොගයන්ගෙන් උපද්‍රව නැති රහත් බව පතමින් වසන්නාවූ ශෛක්ෂ භික්ෂුවට මෙසේ බොහෝ උපකාරවූ බැහැර කරුණැයි කොට අන් එක් කරුණකුදු මම නොමදකිමි.
“මහණෙනි, කලණ මිතුරන් ඇත්තේ අකුසල් දුරුකරයි. කුසල් වඩා යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:-
“යම් මහණෙක් තෙම කලණ මිතුරන් ඇත්තේ වේද, ගුරුන් කෙරෙහි බුහුමන් බහුලකොට ඇත්තේවේද, සුවච වේද, ගෞරවයෙන් යුක්තවේද, මිතුරන්ගේ (අවවාද) වචනය කරන්නාවූ සම්‍යක් ප්‍රඥා ඇත්තාවූ සිහියෙන් යුක්තවූ (ඒ මහණතෙම) පිළිවෙළින් සියලු (දස) සංයෝජනයන්ගේ ක්ෂයවූ රහත්බවට පැමිණෙන්නේ යයි.”
|
8. සඞ්ඝභෙදසුත්තං | 8. සංඝභෙද සූත්‍රය |
18
වුත්තඤ්හෙතං
‘‘එකධම්මො, භික්ඛවෙ, ලොකෙ උප්පජ්ජමානො
‘‘ආපායිකො
වග්ගාරාමො අධම්මට්ඨො, යොගක්ඛෙමා පධංසති
(යොගක්ඛෙමතො ධංසති (ස්‍යා. පී.), යොගක්ඛෙමා විමංසති (සී. ක.));
සඞ්ඝං සමග්ගං භෙත්වාන
(භිත්වාන (සී. ක.), භින්දිත්වා (චූළව. 354; අ. නි. 10.39)), කප්පං නිරයම්හි පච්චතී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. අට්ඨමං.
|
18
“මහණෙනි, ලෝකයෙහි එකම (මහාසාවද්‍ය අකුශල) ධර්මයෙක් උපදින්නේ බොහෝ දෙනාට අවැඩ පිණිස බොහෝ දෙනාට නොසැප පිණිස බොහෝ දෙනාට අනර්ථය පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස උපදී. කවර එක් ධර්මයෙක්දයත්? සංඝ භෙදයවේ, “මහණෙනි, සංඝයා වනාහි භෙදවීම නිමිතිකොට ඔවුනොවුන්ගේ විවාදයෝද වෙත්. එකිනෙකාගේ (භය ඉපදවීම් වශයෙන් තර්ජනයෝද වෙත්, ඔවුනොවුන්ගේ පිරිහෙලා කියන ගර්හාවෝද වෙත්. ඔවුනොවුන්ගේ (සංඝයාගෙන් බැහැර කිරීම්ද) වෙත්. ඒ සංඝ භෙදය නිමිතිකොට නොපැහැදුනාහුද නොපහදිත් පැහැදුනාවූද සමහරුන්ගේ පැහැදීමේ වෙනස් බව යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:-
“සංඝ භෙද කරන තැනැත්තේ අපායෙහි උපදින්නට සුදුස්සෙක් වන්නේය. අවීචිමහ නිරයෙහි උපදින්නේ වේ, (අන්තර) කල්පයක් සිටින්නේවේ. (සංඝභෙදයයි කියනලද) වර්ගයෙහි ඇලුනාවූ අධර්මයෙහි පිහිටියාවූ (ඒ පුද්ගල තෙමේ) හිතයෙන් (නොහොත්) අර්හත් ඵලයෙන් හෝ නිර්වානයෙන් පිරිහෙයි. සමගි සංඝයා භෙදකොට (අවීචි) මහා නිරයෙහි (ආයුෂ කල්පයක් මුළුල්ලෙහි පැසේ යයි.”
|
9. සඞ්ඝසාමග්ගීසුත්තං | 9. සංඝසාමග්ගි සූත්‍රය |
19
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘එකධම්මො, භික්ඛවෙ, ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමො එකධම්මො
‘‘සුඛා සඞ්ඝස්ස සාමග්ගී, සමග්ගානඤ්චනුග්ගහො;
සමග්ගරතො ධම්මට්ඨො, යොගක්ඛෙමා න ධංසති;
සඞ්ඝං සමග්ගං කත්වාන, කප්පං සග්ගම්හි මොදතී’’ති.
අයම්පි
|
19
“මහණෙනි, (සත්ව) ලෝකයෙහි එක් (කුශල) ධර්මයෙක් උපදින්නේ මහජනයාට වැඩපිණිස බොහෝ දෙනාට සුවපිණිස බොහෝදෙනාට අර්ථ පිණිස දෙවිමිනිසුන්ට හිත පිණිස සුව පිණිස උපදී, කවර එක ධර්මයෙක්දයත්, සංඝයාගේ සමගි බවය.
“මහණෙනි, සංඝයා වනාහි සමගිවීම නිමිතිකොට ඔවුනොවුන්ගේ විවාදයෝද, නොමවෙත්, ඔවුනොවුන්ගේ පිරිහෙලා බිණීම්ද නොවෙත්, ගැරහීම්ද නොවෙත්, නෙරපීම්ද නොවෙත්, ඒ සංඝසාමග්‍රිය නිමිතිකොට (තෙරුවන් කෙරෙහි) පහන් නොවූවෝද පහදිත්, ප්‍රසන්නවූවන්ගේ පැහැදීම වැඩියක්ම වේයයි.”
“මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“සංඝයාගේ සමගියද සමගිවූවන්ගේ (සමගිය අනුමෝදන්වීමෙන්) අනුබලදීමද සැපය, සමගියෙහි ඇලුණාවූ ධර්මයෙහි සිටියාවූ (පුද්ගලතෙම) රහත් බැවින් හෝ නිවනින් නොපිරිහෙයි, සංඝයා සමගිකොට (ආයුෂ්කල්පය මුලුල්ලෙහි ස්වර්ගයෙහි සතුටුවේයයි”
|
10. පදුට්ඨචිත්තසුත්තං | 10. දුට්ඨ පුද්ගල සූත්‍රය |
20
වුත්තඤ්හෙතං
‘‘ඉධාහං, භික්ඛවෙ, එකච්චං පුග්ගලං පදුට්ඨචිත්තං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි - ‘ඉමම්හි චායං සමයෙ පුග්ගලො කාලඞ්කරෙය්‍ය යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ’. තං කිස්ස හෙතු? චිත්තං හිස්ස, භික්ඛවෙ, පදුට්ඨං. චෙතොපදොසහෙතු ඛො පන, භික්ඛවෙ, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්තී’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘පදුට්ඨචිත්තං
එතමත්ථඤ්ච බ්යාකාසි, බුද්ධො භික්ඛූන සන්තිකෙ.
‘‘ඉමම්හි චායං සමයෙ, කාලං කයිරාථ පුග්ගලො;
නිරයං උපපජ්ජෙය්ය, චිත්තං හිස්ස පදූසිතං.
‘‘යථා හරිත්වා නික්ඛිපෙය්ය, එවමෙව තථාවිධො;
චෙතොපදොසහෙතු හි, සත්තා ගච්ඡන්ති දුග්ගති’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. දසමං.
|
20
“මහණෙනි, මේ ලෝකයෙහි (ද්වේෂයෙන්) ප්‍රදූෂ්‍යවූ සිත් ඇත්තාවූ එක්තරා සත්වයකු (මෙසේ) සිතින් සිත පිරිසිඳ ඉදින් මෙකල්හි මේ පුද්ගලතෙම කළුරිය කරන්නේ නම් ගෙන එනලද බඩුවක් බිම බහා තබන්නේ යම්සේද එසේ නිරයෙහි (උපදී) යයි දනිමි. ඊට හේතු කවරේද, මහණෙනි, යම්හෙයකින් ඔහුගේ සිත දූෂ්යවූයේද එහෙයිනි. මහණෙනි, සිත් අතිසයින් දූෂ්‍යවීම හේතුකොට වනාහි මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුකට පිහිටවූ නපුරු සේවැටෙන්නාවූ නරකයෙහි උපදිත්යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ. බුදුරජාණන් වන්සේ මේ ලෝකයෙහි අතිශයින් දූෂ්‍යවූ සිත් ඇති ඇතැම් පුද්ගලයෙකු දැන භික්ෂූන්ගේ සමීපයෙහි මේ අර්ථය ප්‍රකාශ කළසේක.
“ඉදින් මෙකල්හි මේ පුද්ගලයා කළුරිය කරන්නේ නම් නරකයෙහි උපදින්නේය, යම්හෙයකින් ඔහුගේ සිත (ද්වේෂයෙන්) අතිසයින් දූෂිතවීද (එහෙයිනි.)
“යම්සේ (බඩුවක්) ගෙනවුත් (බිම) බහාතබන්නේද, එපරිද්දෙන්ම එබඳු පුද්ගලතෙම සිත අතිසයින් දූෂ්‍යවීම් හේතුවෙන් වනාහි සත්වයෝ දුගතියට යෙතියි”
|
3. තතියවග්ගො | 3. චිත්ත වර්ගය |
1. පසන්නචිත්තසුත්තං | 1. චිත්ත සූත්‍රය |
21
වුත්තඤ්හෙතං
‘‘ඉධාහං, භික්ඛවෙ, එකච්චං පුග්ගලං පසන්නචිත්තං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි
‘‘පසන්නචිත්තං ඤත්වාන, එකච්චං ඉධ පුග්ගලං;
එතමත්ථඤ්ච බ්යාකාසි, බුද්ධො භික්ඛූන සන්තිකෙ.
‘‘ඉමම්හි
සුගතිං උපපජ්ජෙය්ය, චිත්තං හිස්ස පසාදිතං.
‘‘යථා හරිත්වා නික්ඛිපෙය්ය, එවමෙව තථාවිධො;
චෙතොපසාදහෙතු හි, සත්තා ගච්ඡන්ති සුග්ගති’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඨමං.
|
21
“මහණෙනි. මේ ලෝකයෙහි මම පහන් සිත් ඇති ඇතැම් පුද්ගලයෙකු ඉදින් මේ පුද්ගලතෙම මෙකල්හි කළුරිය කෙරේනම් යම්සේ ගෙනඑනලද (බරක් බිම) බහා තබන ලද්දේද එපරිද්දෙන් ස්වර්ගයෙහි වේයයි මෙසේ (තමාගේ) සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි. ඊට හේතු කවරේද? මහණෙනි; යම් හේතුවකින් ඔහුගේ සිත පැහැදුනේද (එහෙයිනි.)
“මහණෙනි; සිත පැහැදීම හේතුකොට වනාහි මෙසේ මේ ලෝකයෙහි සමහර සත්වයෝ (කරජ) කය බිඳීමෙන් මරණින්මතු මනාගති ඇත්තාවූ සැපයෙන් අග්‍රවූ දෙව්ලොව උපදී’යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. ඒ සූත්‍රයෙහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“බුදුන්වහන්සේ මේ ලෝකයෙහි පහන් සිතැති ඇතැම් පුද්ගලයෙකු දැන මේ කරුණ භික්ෂූන් සමීපයෙහි ප්‍රකාශ කළසේක.
“ඉදින් මෙසමයෙහි මේ පුද්ගලතෙම කළුරිය කෙරේ නම් සුගතියෙහි උපදින්නේය. යම්හෙයකින් ඒ පුද්ගලයාගේ සිත ප්රසන්නද (එහෙයිනි.)
“යම්සේ (බරක්) ගෙනවුත් (බිම) බහා තබන්නේද, එපරිද්දෙන්ම එබඳු පුද්ගලතෙමේ (කුශලකර්මය විසින් ස්වර්ගයෙහි තබන ලද්දේවේ, සිත පැහැදීම් හේතුවෙන් වනාහි සත්වයෝ සුගතියටයති’යයි”
|
2. මෙත්තසුත්තං | 2. ව්‍යාධි සූත්‍රය |
22
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘මා, භික්ඛවෙ, පුඤ්ඤානං භායිත්ථ
‘‘තත්ර සුදං, භික්ඛවෙ, බ්රහ්මා හොමි මහාබ්රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී. ඡත්තිංසක්ඛත්තුං ඛො පනාහං, භික්ඛවෙ, සක්කො අහොසිං දෙවානමින්දො; අනෙකසතක්ඛත්තුං රාජා අහොසිං චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. කො පන වාදො පදෙසරජ්ජස්ස!
‘‘තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘කිස්ස නු ඛො මෙ ඉදං කම්මස්ස ඵලං, කිස්ස කම්මස්ස විපාකො, යෙනාහං එතරහි එවංමහිද්ධිකො එවංමහානුභාවො’ති? තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘තිණ්ණං ඛො මෙ ඉදං කම්මානං ඵලං, තිණ්ණං කම්මානං විපාකො, යෙනාහං එතරහි එවංමහිද්ධිකො එවංමහානුභාවොති, සෙය්යථිදං
(සෙය්යථීදං (සී. ස්‍යා. කං. පී.)) - දානස්ස, දමස්ස, සඤ්ඤමස්සා’’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘පුඤ්ඤමෙව සො සික්ඛෙය්ය, ආයතග්ගං සුඛුද්රයං;
දානඤ්ච
‘‘එතෙ
අබ්යාපජ්ඣං
(අබ්යාපජ්ජං (ස්‍යා. ක.), අබ්‍යාබජ්ඣං (?)) සුඛං ලොකං, පණ්ඩිතො උපපජ්ජතී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. දුතියං.
|
22
“මහණෙනි, පිණෙන් බිය නොවව්, යම් මේ පින් වෙද්ද, මහණෙනි, ඉෂ්ටවූ කැමතිවූ ප්‍රියවූ මනවඩන්නාවූ සැපයට මේ නමෙකි. මහණෙනි, මම දීර්ඝ කාලයක් මුළුල්ලෙහි කරන ලද්දාවූ (දානාදී) පින්වල නැවත නැවත විඳින ලද්දාවූ ඉෂ්ටවූ කැමතිවූ ප්‍රියවූ මනාපවූ විපාක දනිමි. සත්අවුරුද්දක් මෙත් සිත වඩා නැසෙන්නාවූද හටගන්නාවූද සත් මග කල්පයෙක්හි මේ (කාම) ලෝකයට නැවත නොපැමිණියෙමි.
“මහණෙනි, කල්ප නැසෙනකල්හි ආභස්සර බ්‍රහ්මලෝකයට පැමිණියේ වෙමි. කල්පය හටගන්නා කල්හි හිස්වූ බඹ විමනෙක උපදිමි. මහණෙනි, ඒ බඹ ලොව මැඩසිටියාවූ (කිසි ගුණයකින්) නොමඩින ලද්දාවූ ඒකාන්තයෙන් අභිඥා ඥානයෙන් දක්නාසුළුවූ බ්‍රහ්මවූ මහාබ්‍රහ්මයෙක් වෙමි. අණෙහි පවත්වන්නේ වෙමි.
“මහණෙනි සතිස්වරෙක අධිපතිවූ ශක්‍ර වීමි, නො එක්වර ධර්මයෙහි හැසිරෙන්නාවූ දැහැමින් රජවූ අධිපතිවූ ජය ගත්තාවූ දනවුවෙහි තහවුරු බවට පැමිණියාවූ සත්රුවනින් යුක්තවූ සක්විති රජවීමි, ප්රදේශරජය පිළිබඳ කථාවක් නැත.
“මහණෙනි, ඒ මට මෙබඳු අදහසක් විය. මම යම් පිනකින් දැන් මෙබඳු මහත් ඍද්ධි ඇත්තෙක් වෙම්ද, මෙබදු මහත් ආනුභාව ඇත්තෙක් වෙම්ද, මාගේ කවර කුශල කර්මයක්හුගේ මේ ඵලයදෝ කීනම් කර්මයක්හුගේ විපාකය දෝ හෝයි.
“මහණෙනි, ඒ මට මෙබඳු අදහසක් වීය:- මම මේ කාලයෙහි යම් පිනකින් මෙබඳු මහත් ඍද්ධි ඇත්තේවේද, මෙබඳු මහත් ආනුභාවය ඇත්තෙක් වෙම්ද, දානයගේද, (චක්ෂුරාදී ඉන්ද්රිය) දමනයන්ගේද, (ක්ලේශ) දමනයගේද (කායවාක්) සංයමයගේද (යන) ත්‍රිවිධ (කුශල) කර්මයන්ගේම මේ ඵලය වන්නේය. ත්‍රිවිධ (කුශලකර්මයන්ගේම මේ විපාකය වන්නේයයි”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“(යමෙක් වැඩකැමැත්තේද) හෙතෙම (විපුල ඵලය ඇතිබැවින් හෝ ප්‍රියමනාප ඵලය ඇති බැවින් මත්තෙහි උතුම්වූ අග්‍රවූ සැප විපාක ඇත්තාවූ පිනවන්නාවූ ත්‍රිවිධ කුශලයම රැස්කරන්නේය. දානයද විශුද්ධ ශීලයද මෙත් සිතද වඩන්නේය. “පණ්ඩිතතෙමේ සුව අනුසස් ඇත්තාවූ (දානාදී) මේ තුන් සුසිරි දහම් වඩා නිදුක්වූ (ඒකාන්ත) සැපවූ (බඹ) ලොවෙහි උපදීයයි.”
|
3. උභයත්ථසුත්තං | 3. උභො අර්ථසූත්‍රය |
23
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘එකධම්මො
‘‘අප්පමාදං
අප්පමත්තො උභො අත්ථෙ, අධිගණ්හාති පණ්ඩිතො.
‘‘දිට්ඨෙ
අත්ථාභිසමයා ධීරො, පණ්ඩිතොති පවුච්චතී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. තතියං.
|
23
“මහණෙනි, එක ධර්මයක් වඩනලද්දේ (නොහොත්) උපදවන ලද්දේ නැවත නැවත කරනලද්දේ මේ ආත්මයෙහිවූද පරලෙව්හිවූද දෙ වැඩ මනාව ගෙන පවතීද, කවර එක ධර්මයක්දයත් කුශල ධර්මයන්හි අප්රමාදයවේ.
“මහණෙනි, මේ එක ධර්මය වනාහි වඩනලද්දේ හෝ උපදවන ලද්දේ නැවත නැවත කරණලද්දේ මේ ආත්ම බවයෙහි ඇතුළත්වූද පරලොව ඇතුළත්වූද දෙවැඩ මනාකොට ගෙන සිටියයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“සප්‍රාඥයෝ පින්කිරිය අතුරෙන් අප්‍රමාදයට පසසත්, අප්‍රමාදවූ පණ්ඩිතතෙම දෙවැඩ මනාකොටගණී, මේ ආත්මබවෙහි යම් වැඩෙක් වේද, පරලෙව්හිවූ යම් වැඩෙක්වේද, දෙවැදෑරුම් අර්ථ ප්‍රතිලාභය හා නිර්වානයද හමුවීමෙන් නුවණ ඇත්තා පණ්ඩිතයයි කියනු ලැබේයයි”
|
4. අට්ඨිපුඤ්ජසුත්තං | 4. පුඤ්ජ සූත්‍රය |
24
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘එකපුග්ගලස්ස, භික්ඛවෙ, කප්පං සන්ධාවතො සංසරතො සියා එවං මහා අට්ඨිකඞ්කලො අට්ඨිපුඤ්ජො අට්ඨිරාසි යථායං වෙපුල්ලො පබ්බතොः සචෙ සංහාරකො අස්ස, සම්භතඤ්ච න විනස්සෙය්යා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘එකස්සෙකෙන කප්පෙන, පුග්ගලස්සට්ඨිසඤ්චයො;
සියා පබ්බතසමො රාසි, ඉති වුත්තං මහෙසිනා.
‘‘සො ඛො පනායං අක්ඛාතො, වෙපුල්ලො පබ්බතො මහා;
උත්තරො ගිජ්ඣකූටස්ස, මගධානං ගිරිබ්බජෙ.
‘‘යතො
දුක්ඛං
අරියඤ්චට්ඨඞ්ගිකං
‘‘ස සත්තක්ඛත්තුං පරමං, සන්ධාවිත්වාන පුග්ගලො;
දුක්ඛස්සන්තකරො හොති, සබ්බසංයොජනක්ඛයා’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. චතුත්ථං.
|
24
“මහණෙනි, මේ වෙපුල්ල පර්වතය යම්සේද, (මහ) කපක් මුලුල්ලෙහි නැවත නැවත දුවන්නාවූ නැවත නැවත සැරිසරන්නාවූ සත්වයෙකුගේ ඉදින් රැස්කරන්නෙක් වන්නේද, රැස්කරනලද (ඇට) ද නොවැනසෙන්නේද, එබඳු මහ ඇට ගොඩක් ඇට සමූහයෙක් ඇට රැසෙක් වන්නේ යයි”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“එක කල්පයෙක්හි එක් සත්වයෙකුගේ ඇටගොඩ පර්වතය සමවූ රැසෙක් වන්නේ යයි මහර්ෂීවූ බුදුන් වහන්සේ විසින් වදාරන ලදී.”
“දුකද දුක ඉපදීමට හේතුවද දුක ඉක්ම වීමද දුක සංසිඳීමට පමුණුවන්නාවූ ආර්ය අෂ්ටාංගික මාර්ගයද (යන) චතුරාර්ය සත්‍යයන් යම් කලෙක්හි සම්‍යක් ප්‍රඥාවෙන් දකීද.”
(“ඒ ආර්ය සත්‍යයන් දුටු ස්‍රොතාපන්න පුද්ගල තෙමේ සත්වරක් කෙළවර කොටද ගොස් සියලු සංයෝජනයන් ක්ෂය කිරීමෙන් දුක කෙළවර කරන්නේ වේයයි.”
|
5. මුසාවාදසුත්තං | 5. සම්පජාන මුසාවාද සූත්‍රය |
25
වුත්තඤ්හෙතං
‘‘එකධම්මං අතීතස්ස, භික්ඛවෙ, පුරිසපුග්ගලස්ස නාහං තස්ස කිඤ්චි පාපකම්මං අකරණීයන්ති වදාමි. කතමං එකධම්මං? යදිදං
(යථයිදං (සී. ස්‍යා. ක.), යථායිදං (පී.)) භික්ඛවෙ, සම්පජානමුසාවාදො’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘එකධම්මං අතීතස්ස, මුසාවාදිස්ස ජන්තුනො;
විතිණ්ණපරලොකස්ස, නත්ථි පාපං අකාරිය’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. පඤ්චමං.
|
25
“මහණෙනි, (වාක් සංඛ්‍යාතවූ එක් ධර්මයක් ඉක්මවා (සිටි) ඒ පුද්ගලයා විසින් නොකළ හැකි පාපකර්මයක් මම නොකියමි. කවර එක ධර්මයෙක්ද යත්?”
“මහණෙනි, යම් මේ දැන දැන මුසාවාද කීමෙක් වේද, (ඒ ධර්මයයි)
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ. “එකම ධර්මය ඉක්මවූ බොරු කියන සුලුවූ හරින ලද පරලොව ඇත්තාවූ සත්වයා විසින් නොකළ හැකි පවක් නැතැයි.”
|
6. දානසුත්තං | 6. දාන සූත්‍රය |
26
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘එවඤ්චෙ, භික්ඛවෙ, සත්තා ජානෙය්යුං දානසංවිභාගස්ස විපාකං යථාහං ජානාමි, න අදත්වා භුඤ්ජෙය්යුං, න ච නෙසං මච්ඡෙරමලං චිත්තං පරියාදාය තිට්ඨෙය්ය. යොපි නෙසං අස්ස චරිමො ආලොපො චරිමං කබළං, තතොපි න අසංවිභජිත්වා භුඤ්ජෙය්යුං, සචෙ නෙසං පටිග්ගාහකා අස්සු. යස්මා ච ඛො, භික්ඛවෙ, සත්තා
‘‘එවං චෙ සත්තා ජානෙය්යුං, යථාවුත්තං මහෙසිනා;
විපාකං සංවිභාගස්ස, යථා හොති මහප්ඵලං.
‘‘විනෙය්ය
දජ්ජුං කාලෙන අරියෙසු, යත්ථ දින්නං මහප්ඵලං.
‘‘අන්නඤ්ච දත්වා
(දත්වාන (ස්‍යා.)) බහුනො, දක්ඛිණෙය්යෙසු දක්ඛිණං;
ඉතො චුතා මනුස්සත්තා, සග්ගං ගච්ඡන්ති දායකා.
‘‘තෙ
විපාකං සංවිභාගස්ස, අනුභොන්ති අමච්ඡරා’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. ඡට්ඨං.
|
26
“මහණෙනි, මම යම් ප්‍රකාරයකින් දාන සංවිභාගයාගේ විපාකය එපරිද්දෙන් සත්වයෝ ඉදින් දන්නාහු නම් නොදී අනුභව නොකරන්නාහුය. ඔවුන්ගේ මසුරු මලද (නොහොත්) මසුරු බව හා දානයට අන්තරාය කරන්නාවූ ඊර්ෂ්‍යා (ලෝභ ද්වේෂාදී ක්ලෙශමලද සිත මැඩ නොම සිටින්නේය, ඔවුන්ගේ (සියල්ලට) පසුවූ ආලොපයෙක් අන්තිම බත් පිඬෙක් වන්නේද, ඉනිදු බෙදා නොදී අනුභව නොකරන්නාහුය,
“ඉදින් ඔවුනට ප්‍රතිග්‍රාහකයෝ වන්නාහුනම් (දෙත්මය)
“මහණෙනි, යම් හෙයකින් වනාහි යම්සේ මම දාන සංවිභාගයාගේ විපාකය දනිම්ද එපරිද්දෙන් සත්වයෝ නොදනිද්ද, එහෙයින් නොදී අනුභව කරති, මසුරු මලද ඔවුන්ගේ සිත මැඩගෙන සිටීයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“මහර්ෂීවූ බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද පරිද්දෙන් යම්සේ මහත් විපාක ඇත්තේ වේද, ඉදින් එසේ සත්වයෝ දාන සංවිභාගයාගේ විපාකය දන්නාහු නම්.
“විශේෂයෙන් ප්‍රසන්නවූ සිතින් (ඔහු) මසුරු මල දුරු කරන්නාහුය, යම් කෙනෙකුන්ට දෙන ලද්ද මහත් ඵල වේද, (ඒ) ආර්යයන්ට සුදුසු කාලයෙහි දෙන්නාහුය.
“බොහෝ ජනයාහට ආහාරද බොහෝ ආහාරද දක්ෂිණාව පිළිගන්නට සුදුසු ආර්යයන්ටදී මේ මිනිසත් බැවින් චුතවූ දායකයෝ ස්වර්ගයට යෙත්.
“මසුරු නොවූ ඔව්හුද දෙව්ලොවට ගියාහු එහි (සියලු) කාමසම්පත්තියෙන් යුක්තවූවාහු සතුටු වෙත් යයි.”
|
7. මෙත්තාභාවනාසුත්තං | 7. මෙත්තාවාච සූත්‍රය |
27
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘යානි කානිචි, භික්ඛවෙ, ඔපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි සබ්බානි තානි මෙත්තාය චෙතොවිමුත්තියා කලං නාග්ඝන්ති සොළසිං. මෙත්තායෙව තානි චෙතොවිමුත්ති අධිග්ගහෙත්වා භාසතෙ ච තපතෙ ච විරොචති ච.
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, යා කාචි තාරකරූපානං පභා සබ්බා තා
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, වස්සානං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ
(නභෙ (සී.)) ආදිච්චො නභං අබ්භුස්සක්කමානො
(අබ්භුග්ගමමානො (ක. අට්ඨ.)) සබ්බං ආකාසගතං
(ආකාසං (ස්‍යා.)) තමගතං අභිවිහච්ච
(අභිහච්ච (ස්‍යා.)) භාසතෙ ච තපතෙ ච විරොචති ච; එවමෙව ඛො, භික්ඛවෙ, යානි කානිචි ඔපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි සබ්බානි තානි මෙත්තාය චෙතොවිමුත්තියා කලං නාග්ඝන්ති සොළසිං, මෙත්තායෙව තානි චෙතොවිමුත්ති අධිග්ගහෙත්වා භාසතෙ ච තපතෙ ච විරොචති ච.
‘‘සෙය්යථාපි
‘‘යො
තනූ
(තනු (සී.)) සංයොජනා හොන්ති, පස්සතො උපධික්ඛයං.
‘‘එකම්පි චෙ පාණමදුට්ඨචිත්තො, මෙත්තායති කුසලො තෙන හොති;
සබ්බෙ ච පාණෙ මනසානුකම්පං, පහූතමරියො පකරොති පුඤ්ඤං.
‘‘යෙ
(යො (සී.)) සත්තසණ්ඩං පථවිං විජිත්වා, රාජිසයො
අස්සමෙධං පුරිසමෙධං, සම්මාපාසං වාජපෙය්යං නිරග්ගළං.
‘‘මෙත්තස්ස චිත්තස්ස සුභාවිතස්ස, කලම්පි තෙ නානුභවන්ති සොළසිං;
චන්දප්පභා
‘‘යො න හන්ති න ඝාතෙති, න ජිනාති න ජාපයෙ;
මෙත්තංසො සබ්බභූතෙසු, වෙරං තස්ස න කෙනචී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. සත්තමං.
|
27
“මහණෙනි, උපදවන්නාවූ යම්කිසි පුණ්‍යක්‍රියාවෝ වෙද්ද, ඒ හැම පින්කිරියවත් මෛත්‍රී චෙතො විමුක්තියගේ ත්‍රික චතුෂ්කධ්‍යාන සම්පත්තියගේ සොළොස් වන කොටසින් කොටසටද නොඅගිත්. චෙතො විමුක්තියයි කියනලද මෛත්‍රිය ඒ පින් කිරියවත් මැඩගෙන බබළාමය, තවයි, විශේෂයෙන් බබළයි.”
“මහණෙනි, මෙසේ වනාහි උපධි සම්පත්තිය පිණිස පවත්නාවූ යම් පුණ්‍ය ක්‍රියා වස්තූහු වෙද්ද, ඒ සියල්ලන් මෛත්‍රී චෙතො විමුක්තියගේ සොළොස් වන කොටසින් කොටසටද නොවටිත්. මෛත්‍රී චෙතෝ විමුක්ති තොමෝ ඒ පින් කිරියවත් මැඩ පවත්වා බබළාමය, අතිසයින් තවයි. (එහෙයින්ම) විශේෂයෙන් බබළයි.”
“මහණෙනි, යම්සේ වනාහි වර්ෂා මාසයන්ගේ අන්තිම (ඉල්) මාසයෙහි සරත් කාලයෙහි වැසි දුරුවූ කල්හි පහවූ වලාකුල් ඇති අහසෙහි සඳ (උදාවූ තැනින්, අහස මුදුනට නගින්නේ අහසට ගිය සියලු අඳුරු නසා බබළාද, දිළියේද, වෙසෙසින් බබළාද, එපරිද්දෙන්ම මහණෙනි, ආත්මභාව සමාධිය පිණිස පවත්නාවූ යම්කිසි පින් කිරියවත් කෙනෙක් ඇද්ද, සියලු ඒවා මෛත්‍රී චෙතොවිමුක්තියගේ සොළොස්වන කොටසින් කොටසටද නොවටිත්’ මෛත්‍රීචෙතොවිමුක්තියම ඒවා මැඩ බබළාමය, වොරජනේම, වෙසෙසින් බබළාමය,
“මහණෙනි, යම්සේ වනාහි රැයේ අලුයම් වේලෙහි දවහත් (සිකුරු) තරුව බබළාද, දිළියේද, වෙසෙසින් බබළාද, එපරිද්දෙන්ම මහණෙනි, උපධිසම්පත්තිය පිණිස පවත්නාවූ යම්කිසි පින් කිරියවත් කෙනෙක් වෙද්ද, ඒ සියල්ලෝ මෛත්‍රී චෙතො විමුක්තියගේ සොළොස් වන කොටසින් කොටසටද නොවටිත්. මෛත්‍රී චෙතො විමුක්ති තොමෝම ඒ පින් කිරියවත් මැඩ බබළාමය, වොරජනේමය, වෙසෙසින් බබළාමය”යි.
“භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ. “යමෙක් වනාහි සිහි ඇත්තේ අප්‍රමාණවූ මෛත්‍රිය වඩාද, නිවන දක්නාහුගේ තුනීවීමෙන්, උපධික්ෂය නම් අර්හත් ඵලයට පැමිණ එය දන්නහුගේ (දස සංයෝජනයෝම) තුනීවෙත්.
“එකසත්වයෙකුටද දූෂිත නොවූ සිත් ඇත්තේ මෛත්‍රිය කෙරේද, ඒ මෛත්‍රියෙන් අතිශයින් කුසල් ඇත්තෙක්වේ. සියලු සතුන්ට සිතින් අනුකම්පා කරන්නාවූ ආර්ය තෙම බොහෝ පින් කෙරෙයි.
“යම් සත්ව කෙනෙක් සත්ව සමූහයාගෙන් ගැවසීගත් පොළොව ජයගෙන තවුසන් වැනි දැහිමි රජවරු දන්දෙමින් හැසුරුණාහුද, අශ්ව මෙධය පුරුෂ මෙධය සම්මාපාසය වාචපෙය්‍යය නිරග්ගළයයි (යන යාග) කළාහුද “සියලු තරු සමූහයෝ එසඳඑළියේ සොළොස් වන කලාවෙන් කලාවටද නොපැමිණෙත් ඒ අශ්වමෙධාදී යාගයෝ මනාව වැඩූ මෙත් සිතගේ සොළොස්වන කලාවෙන් කලාවටද නොපැමිණෙත්.
“යම් පුද්ගලයෙක් තෙම (කිසි සත්වයෙකු) නොවෙහෙසාද, (අනුන්ලවා) නොවෙහෙසවාද, නොදිනාද, (අනුන්ලවා) ධන හානිය නොකරවාද, (හෙතෙම) මෛත්‍රී අවයව ඇත්තේවේ. (එහෙයින්ම) කිසි කරුණකින් ඕහට අකුශල වෛරයෙක් නැත, (නොහොත්) කිසි පුරුෂයෙකු සමග වෛරයෙක් නැතැයි.”
|