ත්‍රිපිටකය
8. පාටලිගාමියවග්ගො 8. පාටලීගාම වර්ගය
1. පඨමනිබ්බානපටිසංයුත්තසුත්තං 1. (ප්‍රථම) නිර්වාණ සූත්‍රය
2. දුතියනිබ්බානපටිසංයුත්තසුත්තං 2. (ද්විතීය) නිර්වාණ සූත්‍රය
3. තතියනිබ්බානපටිසංයුත්තසුත්තං 3. (තෘතීය) නිර්වාණ සූත්‍රය
4. චතුත්ථනිබ්බානපටිසංයුත්තසුත්තං 4. (චතුර්ථ) නිර්වාණ සූත්‍රය
5. චුන්දසුත්තං 5. චුන්ද සූත්‍රය
6. පාටලිගාමියසුත්තං 6. පාටලිගාමිය සූත්‍රය
7. ද්විධාපථසුත්තං 7. විධාපථ (නාගසමාල) සූත්‍රය
8. විසාඛාසුත්තං 8. විශාඛා සූත්‍රය
78
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන විසාඛාය මිගාරමාතුයා නත්තා කාලඞ්කතා හොති පියා මනාපා. අථ ඛො විසාඛා මිගාරමාතා අල්ලවත්ථා අල්ලකෙසා දිවා දිවස්ස යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො විසාඛං මිගාරමාතරං භගවා එතදවොච -
‘‘හන්ද කුතො නු ත්වං, විසාඛෙ, ආගච්ඡසි අල්ලවත්ථා අල්ලකෙසා ඉධූපසඞ්කන්තා දිවා දිවස්සා’’ති? ‘‘නත්තා මෙ, භන්තෙ, පියා මනාපා කාලඞ්කතා. තෙනාහං අල්ලවත්ථා අල්ලකෙසා ඉධූපසඞ්කන්තා දිවා දිවස්සා’’ති. ‘‘ඉච්ඡෙය්‍යාසි ත්වං, විසාඛෙ, යාවතිකා (යාවතකා (?)) සාවත්ථියා මනුස්සා තාවතිකෙ (තාවතකෙ (?)) පුත්තෙ ච නත්තාරො චා’’ති? ‘‘ඉච්ඡෙය්‍යාහං, භගවා (ඉච්ඡෙය්‍යාහං භන්තෙ භගවා (ස්‍යා.)) යාවතිකා සාවත්ථියා මනුස්සා තාවතිකෙ පුත්තෙ ච නත්තාරො චා’’ති.
‘‘කීවබහුකා පන, විසාඛෙ, සාවත්ථියා මනුස්සා දෙවසිකං කාලං කරොන්තී’’ති? ‘‘දසපි, භන්තෙ, සාවත්ථියා මනුස්සා දෙවසිකං කාලං කරොන්ති; නවපි, භන්තෙ... අට්ඨපි, භන්තෙ... සත්තපි, භන්තෙ... ඡපි, භන්තෙ... පඤ්චපි, භන්තෙ... චත්තාරොපි, භන්තෙ... තීණිපි, භන්තෙ... ද්වෙපි, භන්තෙ, සාවත්ථියා මනුස්සා දෙවසිකං කාලං කරොන්ති. එකොපි, භන්තෙ, සාවත්ථියා මනුස්සො දෙවසිකං කාලං කරොති. අවිවිත්තා, භන්තෙ, සාවත්ථි මනුස්සෙහි කාලං කරොන්තෙහී’’ති.
‘‘තං කිං මඤ්ඤසි, විසාඛෙ, අපි නු ත්වං කදාචි කරහචි අනල්ලවත්ථා වා භවෙය්‍යාසි අනල්ලකෙසා වා’’ති? ‘‘නො හෙතං, භන්තෙ . අලං මෙ, භන්තෙ, තාව බහුකෙහි පුත්තෙහි ච නත්තාරෙහි චා’’ති.
‘‘යෙසං ඛො, විසාඛෙ, සතං පියානි, සතං තෙසං දුක්ඛානි; යෙසං නවුති පියානි, නවුති තෙසං දුක්ඛානි; යෙසං අසීති පියානි, අසීති තෙසං දුක්ඛානි; යෙසං සත්තති පියානි, සත්තති තෙසං දුක්ඛානි; යෙසං සට්ඨි පියානි, සට්ඨි තෙසං දුක්ඛානි; යෙසං පඤ්ඤාසං පියානි, පඤ්ඤාසං තෙසං දුක්ඛානි; යෙසං චත්තාරීසං පියානි, චත්තාරීසං තෙසං දුක්ඛානි, යෙසං තිංසං පියානි, තිංසං තෙසං දුක්ඛානි; යෙසං වීසති පියානි, වීසති තෙසං දුක්ඛානි, යෙසං දස පියානි, දස තෙසං දුක්ඛානි; යෙසං නව පියානි, නව තෙසං දුක්ඛානි; යෙසං අට්ඨ පියානි, අට්ඨ තෙසං දුක්ඛානි; යෙසං සත්ත පියානි, සත්ත තෙසං දුක්ඛානි; යෙසං ඡ පියානි, ඡ තෙසං දුක්ඛානි; යෙසං පඤ්ච පියානි, පඤ්ච තෙසං දුක්ඛානි; යෙසං චත්තාරි පියානි, චත්තාරි තෙසං දුක්ඛානි; යෙසං තීණි පියානි, තීණි තෙසං දුක්ඛානි; යෙසං ද්වෙ පියානි, ද්වෙ තෙසං දුක්ඛානි; යෙසං එකං පියං, එකං තෙසං දුක්ඛං; යෙසං නත්ථි පියං, නත්ථි තෙසං දුක්ඛං, අසොකා තෙ විරජා අනුපායාසාති වදාමී’’ති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘යෙ කෙචි සොකා පරිදෙවිතා වා,
දුක්ඛා ච (දුක්ඛා ව (අට්ඨ.)) ලොකස්මිමනෙකරූපා;
පියං පටිච්චප්පභවන්ති එතෙ,
පියෙ අසන්තෙ න භවන්ති එතෙ.
‘‘තස්මා හි තෙ සුඛිනො වීතසොකා,
යෙසං පියං නත්ථි කුහිඤ්චි ලොකෙ;
තස්මා අසොකං විරජං පත්ථයානො,
පියං න කයිරාථ කුහිඤ්චි ලොකෙ’’ති. අට්ඨමං;
78
මා විසින් මෙසේ අසනලදී එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පූර්වාරාම නම්වූ විශාඛා උපාසිකාව විසින් කරවන ලද ප්‍රාසාදයෙහි වැඩ වසන සේක.
එකල්හි වනාහි මිගාර මාතෘවූ විශාඛා උපාසිකාවගේ ප්‍රියවූ මනවඩන්නාවූ මිනිපිරී තොමෝ කලුරිය කළා වෙයි. එකල්හි වනාහි මිගාර මාතෘවූ විශාඛා උපාසිකා තොමෝ (ආදාහනය කරවා ස්නානය කොට) තෙත සළු ඇත්තී තෙත්වූ ඉස කෙස් ඇත්තී දවල් ඉරමුදුන් වේලෙහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එහි පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නාය. එකත්පසෙක හුන්නාවූම මිගාර සිටුහුගේ මව් නම්වූ විසාකා උපාසිකාවට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“එම්බා විශාඛාවෙනි, දවල් ඉරමුදුන් වේලෙහි මෙහි පැමිණෙන්නාවූ තී තෙත් වස්ත්‍ර ඇතිව තෙත් කෙස් ඇතිව කොහි සිට එන්නෙහිද?” “ස්වාමීනි, මාගේ ප්‍රියවූ මනාපවූ මිනිපිරී තොමෝ කලුරිය කළාය. එහෙයින් දවල් ඉරමුදුන් වේලෙහි තෙත් වස්ත්‍ර ඇත්තාවූ තෙත් කෙස් ඇත්තාවූ මම මෙහි පැමුණුනී වෙමි”යි (කීව) “විශාඛාවෙනි, සැවැත් නුවර යම් පමණ මනුෂ්‍යයෝ වෙද්ද, එපමණ දරුවන්ද මුනුබුරන්ද තෝ කමැති වන්නෙහි දැ”යි (ඇසූහ) “භාග්‍යවතුන් වහන්ස, මම සැවැත් නුවර යම් පමණ මනුෂ්‍යයෝ වෙද්ද, එපමණ පුතුන්ද මුණුපුරන්ද කැමැති වන්නෙමි”යි (කිව) “විශාඛාවෙනි, කොපමණ බොහෝ මිනිස්සු දවස් පතා සැවැත් නුවර කලුරිය කෙරෙත් දැ”යි (ඇසූහ) “ස්වාමීනි, සැවැත් නුවර දිනපතා මනුෂ්‍යයෝ දසදෙනෙක්ද කලුරිය කෙරෙති ස්වාමීනි, සැවැත් නුවර දවස් පතා මනුෂ්‍යයෝ නවදෙනෙක්ද කලුරිය කෙරෙති, “ස්වාමීනි, සැවැත් නුවර දිනපතා මිනිස්සු අට දෙනෙක්ද කලුරිය කෙරෙති, ස්වාමීනි සැවැත් නුවර දවස් පතා මිනිස්සු සත් දෙනෙක්ද කලුරිය කෙරෙති. ස්වාමීනි, සැවැත් නුවර දිනපතා මනුෂ්‍යයෝ සදෙනෙක්ද කලුරිය කෙරෙති, ස්වාමීනි, දිනපතා සැවැත් නුවර මනුෂ්‍යයෝ පස්දෙනෙක්ද කලුරිය කෙරෙති. ස්වාමීනි, සැවැත්නුවර දිනපතා මනුෂ්‍යයෝ සතර දෙනෙක්ද කලුරිය කෙරෙති. ස්වාමීනි සැවැත්නුවර දිනපතා මනුෂ්‍යයෝ තුන්දෙනෙක්ද කලුරිය කෙරෙති. ස්වාමීනි, සැවැත්නුවර දිනපතා මනුෂ්‍යයෝ දෙදෙනෙක්ද කලුරිය කෙරෙති. ස්වාමීනි සැවැත්නුවර දිනපතා එක් මිනිසෙක්ද කලුරිය කෙරෙයි. ස්වාමීනි, කලුරිය කරන මිනිසුන්ගෙන් සැවැත් නුවර හිස් නොවීයයි” (කිව.)
“විශාඛාවෙනි, ඒ කුමැයි සිතන්නෙහිද? කිම? තෝ කිසි කලෙකත් තෙත් නොවූ වස්ත්‍ර ඇත්තී හෝ තෙත් නොවූ කෙස් ඇත්තී හෝ වෙහිදැයි’ (වදාළ සේක.) “විශාඛාවෙනි, යම් කෙනෙකුන්ට වනාහි සියයක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුන්ට සියයක් දුක් වෙත්, යම් කෙනෙකුන්ට අනූවක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුන්ට අනූවක් දුක් වෙත්, යම් කෙනෙකුන්ට අසූවක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට අසූවක් දුක්වෙත්, යම් කෙනෙකුන්ට සැත්තෑවක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට සැත්තෑවක් දුක් වෙත්. යම් කෙනෙකුන්ට සැටක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට සැටක් දුක් වෙත්, යම් කෙනෙකුන්ට පණහක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට පණහක් දුක් වෙත්, යම් කෙනෙකුන්ට සතළිහක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට සතළිසක් දුක් වෙත්, යම් කෙනෙකුන්ට තිහක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට තිහක් දුක් වෙත්. යම් කෙනෙකුන්ට විස්සක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට විස්සක් දුක් වෙත්, යම් කෙනෙකුන්ට දසයක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට දහයක් දුක් වෙත්, යම් කෙනෙකුන්ට නවයක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට නවයක් දුක්වෙත්. යම් කෙනෙකුන්ට අටක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට අටක් දුක් වෙත්, යම් කෙනෙකුන්ට සතක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට හතක් දුක් වෙත්, යම් කෙනෙකුන්ට සයක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට සයක් දුක් වෙත්. යම් කෙනෙකුන්ට පහක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට පහක් දුක් වෙත්, යම් කෙනෙකුන්ට සතරක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට දුක් සතරක් වෙත්, යම් කෙනෙකුන්ට තුණක් ප්‍රිය වස්තූහු වෙද්ද, ඔවුනට දුක් තුණෙක් වෙත්. යම් කෙනෙකුන්ට ප්‍රිය වස්තූහු දෙකක් වෙද්ද, ඔවුන්ට දුක් දෙකෙක් වෙත්, යම් කෙනෙකුන්ට ප්‍රිය වස්තූ එකෙක් වේද, ඔවුනට එක් දුකෙක් වේ, යම් කෙනෙකුන්ට ප්‍රිය වස්තුවෙක් නැත්තේද, ඔවුනට දුකෙක් නැත, ඔහු ශෝක නැත්තාහුය, ඇලුම් නැත්තාහුය, දැඩි ආයාස නැත්තාහුයයි කියමියි” (වදාළ සේක)
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ (හැම අයුරෙන්) දැන ඒ වේලාවෙහි ඒ අර්ථය පහළ කරන මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක.
“සත්ව ලෝකයෙහි යම් කිසි ශෝකයෝ හෝ කිසි වැලපීම් හෝ කායික දුක්ඛයෝ හෝ නානාවිධවූ දුක් හෝ වෙද්ද, ඒ සියලු දුක් ප්‍රිය ස්වභාවය කරන්නාවූ ඡන්දරාගය ඇති කල්හි ප්‍රිය ස්වභාවය ඇති දෙය නිසා උපදිත්, ප්‍රිය ස්වභාවය කරන ඡන්ද රාගය නැති කල්හි ප්‍රහීනවූ කල්හි මේ දුක් නො උපදිත්.”
“යම් ආර්ය කෙනෙකුන්ගේ ප්‍රියයෙක් නැද්ද, එහෙයින්ම ආර්යයෝ සුවපත් වූවාහු වෙත්, පහව ගිය ශොක ඇත්තාහු වෙත්, එහෙයින් ශොක නැති බවවූ නොඇලෙන බවවූ ශෝකයගේ නොවීමට හේතුවන බැවින් අශොක නම් වූ කෙලෙස් ධූලි නැති නිවන පතන්නේ ලෝකයෙහි කිසි ප්‍රියවීමක් නොකරන්නේයි.”
9. පඨමදබ්බසුත්තං 9. (ප්‍රථම) දබ්බ සූත්‍රය
10. දුතියදබ්බසුත්තං 10. (ද්විතීය) දබ්බ සූත්‍රය