ත්‍රිපිටකය
8. පාටලිගාමියවග්ගො 8. පාටලීගාම වර්ගය
1. පඨමනිබ්බානපටිසංයුත්තසුත්තං 1. (ප්‍රථම) නිර්වාණ සූත්‍රය
2. දුතියනිබ්බානපටිසංයුත්තසුත්තං 2. (ද්විතීය) නිර්වාණ සූත්‍රය
3. තතියනිබ්බානපටිසංයුත්තසුත්තං 3. (තෘතීය) නිර්වාණ සූත්‍රය
4. චතුත්ථනිබ්බානපටිසංයුත්තසුත්තං 4. (චතුර්ථ) නිර්වාණ සූත්‍රය
74
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා භික්ඛූ නිබ්බානපටිසංයුත්තාය ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙධ භික්ඛූ අට්ඨිං කත්වා මනසි කත්වා සබ්බං චෙතසො සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘නිස්සිතස්ස චලිතං, අනිස්සිතස්ස චලිතං නත්ථි. චලිතෙ අසති පස්සද්ධි, පස්සද්ධියා සති නති න හොති. නතියා අසති ආගතිගති න හොති. ආගතිගතියා අසති චුතූපපාතො න හොති. චුතූපපාතෙ අසති නෙවිධ න හුරං න උභයමන්තරෙන (න උභයමන්තරෙ (සබ්බත්ථ) ම. නි. 3.393; සං. නි. 4.87 පස්සිතබ්බං). එසෙවන්තො දුක්ඛස්සා’’ති. චතුත්ථං.
74
(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යුතුයි.)
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ නිවන් පිළිබඳ දැහැමිකතාවෙන් මනාව දක්වනසේක, එම අර්ථය ඒ භික්ෂූන් ලවා මනාවගන්වනසේක. කරවනසේක, නිර්වාණාධිගමය පිණිස උත්සාහ උපදවමින් එහි සිත පිරිසිදු කරවනසේක, නිර්වාණ ගුණයෙන් මනාවම සර්වප්‍රකාරයෙන් සතුටු කරවනසේක, ඒ භික්ෂූහුද ප්‍රයෝජන ඇත්තෝව සිතේ තබා දේශනාව සියල්ල තමාගේ සිතට ගෙන පිහිටුවනලද කන් ඇතිව දහම් අසත්.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්ථය දැන මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කළසේක:-
“(රූපාදී සංස්කාරයන් තෘෂ්ණාදෘෂ්ටීන් විසින්) ඇසුරුකළහුගේ සැලුනේ වෙයි. සැලීම වෙයි. ඇසුරු නොකළාවූ ඔහුගේ සැලීමෙක් නැත. (යථොක්ත) සැලීම නැති කල්හි සංසිඳීම ඇතිකල්හි (භවයෙහි) ඇලීම තෘෂ්ණාව ඊමෙක්ද යාමෙක්ද නොවේ. යාමද නැති කල්හි (ඔබිනොබ) චුති උත්පත්ති දෙක නොවේ. චුති උත්පත්ති දෙක නැති කල්හි මේ ලෙව්හි නොවේ. පරලෙව්හි නොවේ. මේ නිවනම ක්ලේශ දුඃඛයේද වෘත්තදුඃඛයේද කෙළවර වන්නේය.”
5. චුන්දසුත්තං 5. චුන්ද සූත්‍රය
6. පාටලිගාමියසුත්තං 6. පාටලිගාමිය සූත්‍රය
7. ද්විධාපථසුත්තං 7. විධාපථ (නාගසමාල) සූත්‍රය
8. විසාඛාසුත්තං 8. විශාඛා සූත්‍රය
9. පඨමදබ්බසුත්තං 9. (ප්‍රථම) දබ්බ සූත්‍රය
10. දුතියදබ්බසුත්තං 10. (ද්විතීය) දබ්බ සූත්‍රය