ත්‍රිපිටකය
8. පාටලිගාමියවග්ගො 8. පාටලීගාම වර්ගය
1. පඨමනිබ්බානපටිසංයුත්තසුත්තං 1. (ප්‍රථම) නිර්වාණ සූත්‍රය
71
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා භික්ඛූ නිබ්බානපටිසංයුත්තාය ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙධ භික්ඛූ (තෙ ච භික්ඛූ (සී. ස්‍යා. පී. තදට්ඨකථාපි ඔලොකෙතබ්බා) අට්ඨිං කත්වා (අට්ඨීකත්වා (සී. ස්‍යා.), අට්ඨිකත්වා (පී.)) මනසි කත්වා සබ්බං චෙතසො (සබ්බං චෙතසා (ඉතිපි අඤ්ඤසුත්තෙසු)) සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘අත්ථි, භික්ඛවෙ, තදායතනං, යත්ථ නෙව පථවී, න ආපො, න තෙජො, න වායො, න ආකාසානඤ්චායතනං, න විඤ්ඤාණඤ්චායතනං, න ආකිඤ්චඤ්ඤායතනං, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනං, නායං ලොකො, න පරලොකො, න උභො චන්දිමසූරියා. තත්‍රාපාහං, භික්ඛවෙ, නෙව ආගතිං වදාමි , න ගතිං, න ඨිතිං, න චුතිං, න උපපත්තිං; අප්පතිට්ඨං, අප්පවත්තං, අනාරම්මණමෙවෙතං. එසෙවන්තො දුක්ඛස්සා’’ති. පඨමං.
71
(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යුතුයි.)
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට අසංස්කෘත ධාතුවවූ නිවන පැවසීම් වශයෙන් පැවැති ධර්ම දේශනාවෙන් දක්වනසේක. (ලවා) ගන්වනසේක. බබුළුවනසේක. (නිර්වාන) ගුණයෙන් මනාකොටම සර්වප්‍රකාරයෙන් සතුටු කරවන සේක. මනාව දක්වනසේක. සමාදන් කරවනසේක.
ඒ භික්ෂූහුද ප්‍රයෝජන ඇත්තෝව සිතේ තබා දේශනාව ආවර්ජනාකොට (සියලු සිතින්) මනාව දරා මනාව තබනලද කන් ඇත්තෝව දහම් අසති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය (හැම අයුරෙන්) දැන මේ ප්‍රීතිවාක්‍යය ඒ වේලාවෙහි පහළකළසේක.
“මහණෙනි, යම් නිවනෙක්හි පෘථිවිධාතුව නොම ඇත්තේද, ආපෝධාතුව නැත්තේද, තෙජෝ ධාතුව නැත්තේද, වායෝධාතුව නැත්තේද, ආකාසානඤ්චායතන චිත්තෝත්පාදය නැත්තේද, විඤ්ඤාණඤ්චායතන සිතෙහි ඉපදීමෙක් නැත්තේද, ආකිඤ්චඤ්ඤායතන සිතෙහි ඉපදීමෙක් නැත්තේද, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සිතෙහි ඉපදීමෙක් නැත්තේද, මේ ආත්මභාවය සඳ හිරු දෙදෙනද නැත්තේය. මහණෙනි, ඒ නිවණෙහි ඊමක්ද නොමකියමි, යාමක්ද නොම කියමි. සිටීමක්ද නොම කියමි. ඉපදීමද නොමකියමි. චුතවීමද නොමකියමි, ඒ නිවණ නොපිහිටියේය. නොපවත්නේය ඒ නිවණ අරමුණක් නැත්තේමය, කෙළවර වූයේම මේ නිවණ යයි.”
2. දුතියනිබ්බානපටිසංයුත්තසුත්තං 2. (ද්විතීය) නිර්වාණ සූත්‍රය
3. තතියනිබ්බානපටිසංයුත්තසුත්තං 3. (තෘතීය) නිර්වාණ සූත්‍රය
4. චතුත්ථනිබ්බානපටිසංයුත්තසුත්තං 4. (චතුර්ථ) නිර්වාණ සූත්‍රය
5. චුන්දසුත්තං 5. චුන්ද සූත්‍රය
6. පාටලිගාමියසුත්තං 6. පාටලිගාමිය සූත්‍රය
7. ද්විධාපථසුත්තං 7. විධාපථ (නාගසමාල) සූත්‍රය
8. විසාඛාසුත්තං 8. විශාඛා සූත්‍රය
9. පඨමදබ්බසුත්තං 9. (ප්‍රථම) දබ්බ සූත්‍රය
10. දුතියදබ්බසුත්තං 10. (ද්විතීය) දබ්බ සූත්‍රය