ත්‍රිපිටකය
6. ජච්චන්ධවග්ගො 6. ජාත්‍යන්ධ වර්ගය
1. ආයුසඞ්ඛාරොස්සජ්ජනසුත්තං 1. ආයුසංඛාරොස්සජන සූත්‍රය
2. සත්තජටිලසුත්තං 2. ජටිලාදිසත්තක සූත්‍රය
3. පච්චවෙක්ඛණසුත්තං 3. පච්චවෙක්ඛණ සූත්‍රය
4. පඨමනානාතිත්ථියසුත්තං 4. ප්‍රථම තීර්ථය සූත්‍රය
5. දුතියනානාතිත්ථියසුත්තං 5. (ද්විතීය) තීර්ථය සූත්‍රය
6. තතියනානාතිත්ථියසුත්තං 6. (තෘතීය) තීර්ථ සූත්‍රය
7. සුභූතිසුත්තං 7. සුභූති පසංසා සූත්‍රය
8. ගණිකාසුත්තං 8. ගණිකා පූග සූත්‍රය
9. උපාතිධාවන්තිසුත්තං 9. උපාති (අධිපාතක) සූත්‍රය
59
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා රත්තන්ධකාරතිමිසායං අබ්භොකාසෙ නිසින්නො හොති තෙලප්පදීපෙසු ඣායමානෙසු.
තෙන ඛො පන සමයෙන සම්බහුලා අධිපාතකා තෙසු තෙලප්පදීපෙසු ආපාතපරිපාතං අනයං ආපජ්ජන්ති, බ්‍යසනං ආපජ්ජන්ති (නත්ථි සීහළපොත්ථකෙ), අනයබ්‍යසනං ආපජ්ජන්ති (නත්ථි සීහළපොත්ථකෙ). අද්දසා ඛො භගවා තෙ සම්බහුලෙ අධිපාතකෙ තෙසු තෙලප්පදීපෙසු ආපාතපරිපාතං අනයං ආපජ්ජන්තෙ, බ්‍යසනං ආපජ්ජන්තෙ, අනයබ්‍යසනං ආපජ්ජන්තෙ.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘උපාතිධාවන්ති න සාරමෙන්ති,
නවං නවං බන්ධනං බ්‍රූහයන්ති;
පතන්ති පජ්ජොතමිවාධිපාතකා (... ධිපාතා (සී. ස්‍යා.)),
දිට්ඨෙ සුතෙ ඉතිහෙකෙ නිවිට්ඨා’’ති. නවමං;
59
(මෙය මේ වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය මෙනි.)
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ රෑ මහගන අඳුරෙහි තෙල්පහන් දැල්වෙන කල්හි විහාර මලුවෙහි වැඩහුන්සේක. එකල්හි වනාහි බොහෝ පලඟැටියෝ ඒ තෙල් පහන්වල අභිමුඛව වැටීමද කරකැවී වැටීමද කොට දුකටද පැමිණෙත්. විනාශයටද පැමිණෙත්, අනයව්‍යසනයටද පැමිණෙත්, භාග්‍යවතුන් වහන්සේ ඒ තෙල්පහන්වල අභිමුඛව වැටීමටද කරකැවීවැටීමටද පැමිණෙන්නාවූද දුකට පැමිණෙන්නාවූද මරණයට පැමිණෙන්නාවූද අනයව්‍යසනයට පැමිණෙන්නාවූද ඒ බොහෝ පලඟැටියන් දුටුසේක්මය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ වේලාවෙහි බැස මේ ප්‍රීතිවාක්‍යය පහළ කළසේක.
“මෙසේ ඇතැම් මහණ බමුණෝ (තමා විසින්) චක්ෂුර් විඥානයෙන් දෘෂ්ටීන් දැකීමෙන් හෝ ස්‍රොත විඥානයෙන් ආරන්වය ලැබීම් පමණින් හෝ මෙසේයයි පිහිටියාහු සාරයට නොපැමිණෙත්, ඉක්මවායෙත්, එසේ ගන්නාහු තෘෂ්ණා දෘෂ්ටිනම්වූ අලුත් අලුත් බන්ධන වඩත්, පහනෙහි (වැටෙන) මේ පළඟැටියන්මෙන් වැටෙත්යයි.”
10. උප්පජ්ජන්තිසුත්තං 10. උප්පජ්ජන්ති (බුද්ධුප්පාද) සූත්‍රය