6. ජච්චන්ධවග්ගො | 6. ජාත්යන්ධ වර්ගය |
1. ආයුසඞ්ඛාරොස්සජ්ජනසුත්තං | 1. ආයුසංඛාරොස්සජන සූත්‍රය |
51
එවං
‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා නිසීදනං ආදාය භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි. අථ ඛො භගවා යෙන චාපාලං චෙතියං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ
‘‘රමණීයා, ආනන්ද, වෙසාලී; රමණීයං උදෙනං චෙතියං; රමණීයං ගොතමකං චෙතියං; රමණීයං සත්තම්බං චෙතියං; රමණීයං බහුපුත්තං චෙතියං; රමණීයං සාරන්දදං චෙතියං; රමණීයං චාපාලං චෙතියං. යස්ස කස්සචි, ආනන්ද
එවම්පි
‘‘රමණීයා, ආනන්ද, වෙසාලී; රමණීයං උදෙනං චෙතියං; රමණීයං ගොතමකං චෙතියං; රමණීයං සත්තම්බං චෙතියං; රමණීයං බහුපුත්තං චෙතියං; රමණීයං සාරන්දදං චෙතියං; රමණීයං චාපාලං චෙතියං. යස්ස කස්සචි, ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සො ආකඞ්ඛමානො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා. තථාගතස්ස ඛො, ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. ආකඞ්ඛමානො, ආනන්ද, තථාගතො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං
එවම්පි ඛො ආයස්මා ආනන්දො භගවතා ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ, ඔළාරිකෙ ඔභාසෙ කයිරමානෙ, නාසක්ඛි පටිවිජ්ඣිතුං; න භගවන්තං යාචි - ‘‘තිට්ඨතු, භන්තෙ, භගවා කප්පං; තිට්ඨතු සුගතො කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන’’න්ති, යථා තං මාරෙන පරියුට්ඨිතචිත්තො.
අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘ගච්ඡ ත්වං, ආනන්ද, යස්සදානි කාලං මඤ්ඤසී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා ආනන්දො භගවතො
අථ ඛො මාරො පාපිමා, අචිරපක්කන්තෙ ආයස්මන්තෙ ආනන්දෙ, යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො මාරො පාපිමා භගවන්තං එතදවොච -
‘‘පරිනිබ්බාතු දානි, භන්තෙ, භගවා; පරිනිබ්බාතු සුගතො; පරිනිබ්බානකාලො දානි, භන්තෙ, භගවතො. භාසිතා ඛො පනෙසා, භන්තෙ, භගවතා වාචා - ‘න තාවාහං, පාපිම, පරිනිබ්බායිස්සාමි
‘‘භාසිතා ඛො පනෙසා, භන්තෙ, භගවතා වාචා - ‘න තාවාහං, පාපිම, පරිනිබ්බායිස්සාමි යාව මෙ භික්ඛුනියො න සාවිකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මප්පටිපන්නා සාමීචිප්පටිපන්නා අනුධම්මචාරිනියො සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දෙසෙස්සන්ති පඤ්ඤපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙස්සන්තී’ති. එතරහි ඛො පන, භන්තෙ
‘‘භාසිතා ඛො පනෙසා, භන්තෙ, භගවතා වාචා - ‘න තාවාහං, පාපිම, පරිනිබ්බායිස්සාමි යාව මෙ උපාසකා න සාවකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මප්පටිපන්නා සාමීචිප්පටිපන්නා අනුධම්මචාරිනො සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දෙසෙස්සන්ති පඤ්ඤපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙස්සන්තී’ති. එතරහි ඛො පන, භන්තෙ, උපාසකා භගවතො සාවකා වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මප්පටිපන්නා සාමීචිප්පටිපන්නා අනුධම්මචාරිනො සකං ආචරියකං
‘‘භාසිතා ඛො පනෙසා, භන්තෙ, භගවතා වාචා - ‘න තාවාහං, පාපිම, පරිනිබ්බායිස්සාමි යාව මෙ උපාසිකා න සාවිකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා
‘‘භාසිතා
එවං වුත්තෙ, භගවා මාරං පාපිමන්තං එතදවොච - ‘‘අප්පොස්සුක්කො
අථ ඛො භගවා චාපාලෙ චෙතියෙ සතො සම්පජානො ආයුසඞ්ඛාරං ඔස්සජ්ජි. ඔස්සට්ඨෙ ච භගවතා ආයුසඞ්ඛාරෙ මහාභූමිචාලො අහොසි භිංසනකො ලොමහංසො, දෙවදුන්දුභියො
(දෙවදුද්රභියො (ක.)) ච ඵලිංසු.
අථ
‘‘තුලමතුලඤ්ච සම්භවං,
භවසඞ්ඛාරමවස්සජි මුනි;
අජ්ඣත්තරතො සමාහිතො,
අභින්දි කවචමිවත්තසම්භව’’න්ති. පඨමං;
|
51
(මේ සූත්‍රය අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ 7 චාපාල වර්ගයේ 20 වෙනි ආයුසංඛාරොස්සජන සූත්‍රය මෙනි.) - (පිට 1437)
|
2. සත්තජටිලසුත්තං | 2. ජටිලාදිසත්තක සූත්‍රය |
52
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන
තෙන
අද්දසා ඛො රාජා පසෙනදි කොසලො තෙ සත්ත ච ජටිලෙ, සත්ත ච නිගණ්ඨෙ, සත්ත ච අචෙලකෙ, සත්ත ච එකසාටකෙ, සත්ත ච පරිබ්බාජකෙ
අථ ඛො රාජා පසෙනදි කොසලො අචිරපක්කන්තෙසු තෙසු සත්තසු ච ජටිලෙසු, සත්තසු ච නිගණ්ඨෙසු, සත්තසු ච අචෙලකෙසු, සත්තසු ච එකසාටකෙසු, සත්තසු ච පරිබ්බාජකෙසු, යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො
‘‘දුජ්ජානං ඛො එතං, මහාරාජ, තයා ගිහිනා කාමභොගිනා පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තෙන කාසිකචන්දනං පච්චනුභොන්තෙන මාලාගන්ධවිලෙපනං ධාරයන්තෙන ජාතරූපරජතං සාදියන්තෙන - ඉමෙ වා අරහන්තො, ඉමෙ වා අරහත්තමග්ගං සමාපන්නාති.
‘‘සංවාසෙන ඛො, මහාරාජ, සීලං වෙදිතබ්බං. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං
(න ඉත්තරෙන (ස්‍යා. සී. ස්‍යා. අට්ඨ.)), මනසිකරොතා නො අමනසිකරොතා, පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙන. සංවොහාරෙන ඛො, මහාරාජ, සොචෙය්‍යං වෙදිතබ්බං. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා
‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! යාව සුභාසිතං චිදං
(සුභාසිතමිදං (සං. නි. 1.122)), භන්තෙ, භගවතා - ‘දුජ්ජානං ඛො එතං, මහාරාජ, තයා ගිහිනා පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තෙන කාසිකචන්දනං පච්චනුභොන්තෙන මාලාගන්ධවිලෙපනං ධාරයන්තෙන ජාතරූපරජතං සාදියන්තෙන - ඉමෙ වා අරහන්තො, ඉමෙ වා අරහත්තමග්ගං සමාපන්නාති. සංවාසෙන ඛො, මහාරාජ, සීලං වෙදිතබ්බං...පෙ.... සාකච්ඡාය ඛො, මහාරාජ, පඤ්ඤා වෙදිතබ්බා. සා ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං, මනසිකරොතා නො
‘‘එතෙ, භන්තෙ, මම පුරිසා චොරා
(චරා (සං. නි. 1.122)) ඔචරකා ජනපදං ඔචරිත්වා ගච්ඡන්ති. තෙහි පඨමං ඔචිණ්ණං අහං පච්ඡා ඔසාරිස්සාමි
(ඔතරිස්සාමි (සී. ස්‍යා. පී.), ඔයායිස්සාමි (සී. ස්‍යා. අට්ඨ.), ඔසාපයිස්සාමි (සං. නි. 1.122)). ඉදානි තෙ, භන්තෙ, තං රජොජල්ලං පවාහෙත්වා සුන්හාතා සුවිලිත්තා කප්පිතකෙසමස්සූ ඔදාතවත්ථවසනා පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගිභූතා පරිචාරෙස්සන්තී’’
(චාරියන්ති (ස්‍යා.)) ති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘න
නාඤ්ඤං නිස්සාය ජීවෙය්ය, ධම්මෙන න වණිං
(වාණිං (සී.), වණී (ස්‍යා. පී.), වාණිජං (ක.)) චරෙ’’ති. දුතියං;
|
52
(මේ සූත්‍රයේ 1-8 ඡේද සංයුත්ත නිකායේ 2 වර්ගයේ ජටිල සූත්‍රයේ 1-8 ඡේද මෙන් වෙති.)
එකල්හි වනාහි භාග්‍යවතුන්වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාකය පහළකළ සේක:-
“දූත මෙහෙවර ඔත්තුකාර කර්මාදි හැම (පාපධර්මයෙහි මේ රාජපුරුෂයන් මෙන් පැවිද්දා) වෑයම් නොකරන්නේය, (පැවිදි වෙසින්) අන්‍ය පුරුෂයෙකුගේ සේවක පුරුෂයෙක් නොවන්නේය. අන් (ප්‍රධානයෙකු) ජීවත් නොවන්නේය, අන්‍ය අකුශලකර්මයක් නිසා දිවි නොපවත් වන්නේය, ධනාදිය පිණිස දහම් නොකියන්නේය. ධර්මය හේතුකොට වෙළඳාම් නොකරන්නේය, එසේ ධර්මය හේතුකොට වෙළෙඳාම් නොකරන්නේයි.”
|
3. පච්චවෙක්ඛණසුත්තං | 3. පච්චවෙක්ඛණ සූත්‍රය |
53
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා අත්තනො අනෙකෙ
අථ ඛො භගවා
(එතමත්ථං විදිත්වා (සී. ක.)) අත්තනො අනෙකෙ පාපකෙ අකුසලෙ ධම්මෙ පහීනෙ විදිත්වා අනෙකෙ ච කුසලෙ ධම්මෙ භාවනාපාරිපූරිං ගතෙ
(එතමත්ථං විදිත්වා (සී. ක.)) තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘අහු පුබ්බෙ තදා නාහු, නාහු පුබ්බෙ තදා අහු;
න චාහු න ච භවිස්සති, න චෙතරහි විජ්ජතී’’ති. තතියං;
|
53
(මේ ඡේදය 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය මෙනි.)
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේගේ ප්‍රහීනවූ ලාමකවූ නොඑක් ලෝභ ද්වේෂ මොහාදී අකුශල ධර්මයන් වැඩීමෙන්, සම්පූර්ණ කරන ලද්දාවූ නොඑක් කුශල ධර්මයන්ද ප්රත්යවෙක්ෂා කරමින් වැඩහුන්සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ප්රහානයවූ ලාමකවූ නොඑක් අකුශල ධර්මයන්ද වැඩීමෙන් සම්පූර්ණ කරන ලද්දාවූ නොඑක් කුශල ධර්මයන්ද මෙසේ නුවණින් සිහිකොට මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කළසේක.
“පෙර සියලුම රාගාදී ක්ලෙශ සමූහය මාගේ සන්තානයෙහි වීය. එකල්හි නොවීද, නොවීයයි, පූර්වයෙහි නොවීය, එකල්හි විය. මාගේ නොමවීද, නොවන්නේය, දැන් ආර්ය මාර්ගය නොඑක්වාරයෙහි නොඋපදී.)”
|
4. පඨමනානාතිත්ථියසුත්තං | 4. ප්‍රථම තීර්ථය සූත්‍රය |
54
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා
සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘‘සස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’න්ති. සන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘‘අසස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’න්ති. සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘‘අන්තවා ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’න්ති. සන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘‘අනන්තවා ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’න්ති. සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘‘තං ජීවං තං සරීරං, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’න්ති. සන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’න්ති. සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘‘හොති තථාගතො පරං මරණා
තෙ භණ්ඩනජාතා
අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසිංසු. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං -
‘‘ඉධ, භන්තෙ, සම්බහුලා නානාතිත්ථියසමණබ්රාහ්මණපරිබ්බාජකා සාවත්ථියං පටිවසන්ති නානාදිට්ඨිකා නානාඛන්තිකා නානාරුචිකා නානාදිට්ඨිනිස්සයනිස්සිතා.
‘‘සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘සස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති...පෙ....
‘‘අඤ්ඤතිත්ථියා, භික්ඛවෙ, පරිබ්බාජකා අන්ධා අචක්ඛුකා; අත්ථං න ජානන්ති, අනත්ථං න ජානන්ති, ධම්මං න ජානන්ති, අධම්මං
‘‘භූතපුබ්බං, භික්ඛවෙ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරො රාජා අහොසි. අථ ඛො, භික්ඛවෙ, සො රාජා අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි - ‘එහි ත්වං, අම්භො පුරිස, යාවතකා සාවත්ථියා ජච්චන්ධා තෙ සබ්බෙ එකජ්ඣං සන්නිපාතෙහී’ති. ‘එවං, දෙවා’ති ඛො, භික්ඛවෙ, සො පුරිසො
‘‘එකච්චානං ජච්චන්ධානං හත්ථිස්ස සීසං දස්සෙසි - ‘එදිසො, ජච්චන්ධා, හත්ථී’ති. එකච්චානං ජච්චන්ධානං හත්ථිස්ස කණ්ණං දස්සෙසි - ‘එදිසො, ජච්චන්ධා, හත්ථී’ති. එකච්චානං ජච්චන්ධානං හත්ථිස්ස දන්තං දස්සෙසි - ‘එදිසො, ජච්චන්ධා, හත්ථී’ති. එකච්චානං ජච්චන්ධානං හත්ථිස්ස සොණ්ඩං දස්සෙසි - ‘එදිසො, ජච්චන්ධා, හත්ථී’ති. එකච්චානං ජච්චන්ධානං හත්ථිස්ස කායං දස්සෙසි - ‘එදිසො, ජච්චන්ධා, හත්ථී’ති. එකච්චානං ජච්චන්ධානං හත්ථිස්ස පාදං දස්සෙසි - ‘එදිසො, ජච්චන්ධා, හත්ථී’ති. එකච්චානං ජච්චන්ධානං හත්ථිස්ස සත්ථිං
(පිට්ඨිං (ස්‍යා.)) දස්සෙසි - ‘එදිසො, ජච්චන්ධා, හත්ථී’ති. එකච්චානං ජච්චන්ධානං හත්ථිස්ස නඞ්ගුට්ඨං දස්සෙසි - ‘එදිසො, ජච්චන්ධා, හත්ථී’ති. එකච්චානං ජච්චන්ධානං හත්ථිස්ස වාලධිං දස්සෙසි - ‘එදිසො, ජච්චන්ධා, හත්ථී’’’ති.
‘‘අථ ඛො, භික්ඛවෙ, සො පුරිසො ජච්චන්ධානං හත්ථිං දස්සෙත්වා යෙන සො රාජා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තං රාජානං එතදවොච - ‘දිට්ඨො ඛො තෙහි, දෙව, ජච්චන්ධෙහි හත්ථී; යස්ස දානි කාලං මඤ්ඤසී’ති.
‘‘අථ ඛො, භික්ඛවෙ, සො රාජා යෙන තෙ ජච්චන්ධා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තෙ ජච්චන්ධෙ එතදවොච - ‘දිට්ඨො වො, ජච්චන්ධා, හත්ථී’ති
‘‘යෙහි, භික්ඛවෙ, ජච්චන්ධෙහි හත්ථිස්ස සීසං දිට්ඨං අහොසි, තෙ එවමාහංසු - ‘එදිසො, දෙව, හත්ථී සෙය්යථාපි කුම්භො’ති.
‘‘යෙහි, භික්ඛවෙ, ජච්චන්ධෙහි හත්ථිස්ස කණ්ණො දිට්ඨො අහොසි, තෙ එවමාහංසු - ‘එදිසො, දෙව, හත්ථී සෙය්යථාපි සුප්පො’ති.
‘‘යෙහි, භික්ඛවෙ, ජච්චන්ධෙහි හත්ථිස්ස දන්තො දිට්ඨො අහොසි, තෙ එවමාහංසු
‘‘යෙහි
‘‘යෙහි, භික්ඛවෙ, ජච්චන්ධෙහි හත්ථිස්ස කායො දිට්ඨො අහොසි, තෙ එවමාහංසු - ‘එදිසො, දෙව, හත්ථී සෙය්යථාපි කොට්ඨො’ති.
‘‘යෙහි
‘‘යෙහි, භික්ඛවෙ, ජච්චන්ධෙහි හත්ථිස්ස සත්ථි දිට්ඨො
(පිට්ඨි දිට්ටා (ක. සී. ස්‍යා. පී.), සත්ථි දිට්ඨා (ක. සී.)) හොසි, තෙ එවමාහංසු - ‘එදිසො, දෙව, හත්ථී සෙය්යථාපි උදුක්ඛලො’ති.
‘‘යෙහි, භික්ඛවෙ, ජච්චන්ධෙහි හත්ථිස්ස නඞ්ගුට්ඨං දිට්ඨං අහොසි, තෙ එවමාහංසු - ‘එදිසො, දෙව, හත්ථී සෙය්යථාපි මුසලො’ති.
‘‘යෙහි, භික්ඛවෙ, ජච්චන්ධෙහි හත්ථිස්ස වාලධි දිට්ඨො අහොසි, තෙ එවමාහංසු - ‘එදිසො, දෙව, හත්ථී සෙය්යථාපි සම්මජ්ජනී’ති.
‘‘තෙ ‘එදිසො හත්ථී, නෙදිසො හත්ථී; නෙදිසො හත්ථී, එදිසො හත්ථී’’’ති අඤ්ඤමඤ්ඤං මුට්ඨීහි සංසුම්භිංසු
(සංයුජ්ඣිංසු (ක. සී., ස්‍යා. පී.)). තෙන ච පන, භික්ඛවෙ, සො රාජා අත්තමනො අහොසි.
‘‘එවමෙව ඛො, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘ඉමෙසු කිර සජ්ජන්ති, එකෙ සමණබ්රාහ්මණා;
විග්ගය්හ නං විවදන්ති, ජනා එකඞ්ගදස්සිනො’’ති. චතුත්ථං;
|
54
(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යුතුයි.)
එකල්හි වනාහි අනෙක ප්‍රකාර දෘෂ්ටි ඇත්තාවූ නොඑක් ක්ෂාන්ති ඇත්තාවූ නොඑක් රුචි ඇත්තාවූ නන්වැදෑරුම් දෘෂ්ටියට කාරණයෙහි ඇලුනාවූ බොහෝවූ නොයෙක් ලබ්ධියෙහි නියුක්තවූ තීර්ථකයෝද ශ්‍රමණයෝද බමුණෝද පරිබ්‍රාජකයෝද සැවතට පිඬු පිණිස වදිත්.
ලෝකයෙහි ආත්මය (සදාකාලිකය) (අපගේ) මේ (දර්ශනයම සත්‍යය) අන්‍ය දර්ශනය හිස්ය (මිථ්‍යා දර්ශනයයි) මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ විද්‍යමාන වෙත්. ආත්මය සදාකාලික නොවේ. අපගේ (මේ දර්ශනයම සත්‍යය, අන්‍ය දර්ශන මිථ්‍යායයි මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ විද්‍යමාන වෙත්. ආත්මය කෙළවර ඇත්තේය, මේ අපගේ දර්ශන යම් සත්‍යය (අන්‍ය දර්ශනය) මිථ්‍යායයි මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ වෙති. ආත්මය කෙළවර නැත්තේය. මේ (අපගේ දර්ශනයම සත්‍යය අන්‍ය දර්ශනය හිස්යයි ඇත්තාහුය. (යම් ශරීරයෙක් වේද එයම ජීව නම් වස්තුව වෙයි. (යම් ජීවයෙක්වේද එයම ශරීරය වෙයි. (මේ අපගේ දර්ශනයම) සත්‍යය අන්‍ය දර්ශන හිස්යයි මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ වෙති. ජීවය අනිකෙක සිරුර අනෙකක, (අපගේ) මේ දර්ශනයම සත්‍යය අන්‍ය දර්ශන මිථ්‍යායයි මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ විද්‍යමාන වෙත්. සත්වතෙම මරණින් මත්තෙහි වන්නේය. මේ (අපගේ දර්ශනයම) සත්‍යය අන්යදර්ශන මිථ්යාවේයයි මෙසේ කියන්නාහු මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ වෙත්. සත්ව තෙම මරණින් මත්තෙහි නොවෙයි. මේ (අපගේ දර්ශනයම) සත්‍යය අන්‍ය දර්ශන බොරුයයි මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. සත්වතෙම මරණින් මත්තෙහි ඇත්තේත් වෙයි. නැත්තේද වේය. මේ (අපගේ දර්ශනයම) සත්‍යය අන්‍ය දර්ශන බොරුයයි මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහුය. ආත්මය මරණින් මත්තෙහි නොම වෙයි. නොවන්නේ නොවෙයි මේ අපගේ දර්ශනයම සැබෑය අන්‍ය දර්ශන බොරුයයි මෙසේ කියන්නාවූ මෙසේ දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහුය. ඒ දෘෂ්ටි ගතිකයෝ හටගත් ඩබර ඇත්තාහු හටගත් කෝලාහල ඇත්තාහු විරුද්ධවාදයට පැමිණියාහු එකිනෙකා මුඛ නමැති අඩයටියෙන් අනින්නා රළුබස් කියන්නාහු වාසය කෙරෙත්. විපර්යාස නොවන ස්වභාව ඇත්තේය, එබඳුවූයේ ධර්මය වන්නේය, තොපවිසින් කියන ලද්ද පෙරලෙන ස්වභාව ඇත්තේය, එබඳුවූයේ ධර්මය නොවන්නේ, ධර්මය එබඳු නොවන්නේය, මෙඑබඳු වූයේ ධර්මය වන්නේය”යි.
ඉක්බිති බොහෝ භික්ෂූහු පෙරවරුවෙහි එක් වේලාවෙක හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන සැවතට පිඬුපිණිස වන්හ. සැවැත් නුවර පිඬු සිඟා හැසිර පස් වරුයෙහි පිඬු සෙවීමෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක (වෙසෙද්ද) එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මනාව වැඳ එක් පැත්තක හුන්හ. එක් පැත්තක හුන්නාවූම ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ පුවත දැන්වූහ.
“ස්වාමීනි, මේ සැවැත් නුවර නොඑක් දෘෂ්ටි ඇත්තාවූ නොඑක් ක්ෂාන්ති ඇත්තාවූ නොඑක් රුචි ඇත්තාවූ නොඑක් දෘෂ්ටියට හේතුන් ඇසුරු කළාවූ බොහෝවූ නොඑක් තීර්ථකයෝද නොඑක් ශ්‍රමණයෝද නොඑක් පිරිවැජියෝද සැවැත්නුවර වෙසෙති. (මෙහි 3 ඡේදය යෙදිය යුතුයි.)
“මහණෙනි, අන්තොටු පිරිවැජියෝ අන්ධයහ. (මෙලෝ) වැඩ නො දනිත්, අනර්ථය නො දනිත්, ධර්මය නොදනිත්. අධර්ම නොදනිත්, ඔව්හු අර්ථය නො දන්නාහු ධර්මය නොදන්නාහු අධර්මය නො දන්නාහු හටගත් ඩබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විරුද්ධ වාදයට පැමිණියාහු එකිනෙකා මුව සැතින් විදින්නාහු හැසිරෙත්. මෙබඳු නොපෙරලෙන ස්වභාව ඇත්තේ ධර්මය වන්නේය, මෙබඳු පෙරලෙන ස්වභාවය ඇත්තේ ධර්මය නොවන්නේය. මෙබඳුවූයේ ධර්මය නොවන්නේය, මෙබඳු වූයේ ධර්මය වන්නේයයි’ (කියායි)
“මහණෙනි, යටගිය දවස මෙම සැවැත් නුවර නාම ගොත්‍රයෙන් අප්‍රකටවූ එක් රජෙක් වීය. මහණෙනි, ඉක්බිති ඒ රජතෙම නාමගොත්‍රයෙන් අප්‍රසිද්ධ එක් පුරුෂයෙකු කැඳවීය. ‘එම්බල පුරුෂය, තෝ මෙහි එව, සැවැත් නුවර යම් පමණ ජාත්යන්ධයෝ වෙද්ද, ඒ සැවෝම එක් තැනෙක්හි රැස්කරව”යි (කීය.) මහණෙනි, ඒ පුරුෂ තෙම “එසේය දෙවයන් වහන්සැයි” කියා ඒ රජහට ප්‍රති උත්තරදී සැවැත් නුවර යම් පමණ ජාත්යන්ධයෝ වෙද්ද, ඒ සියල්ලන්ගෙන ඒ රජතෙම යම් තැනෙක (වෙසේ ද) එතැනට පැමිණියේය. පැමිණ ඒ රජහුට මේ පුවත කීයේය:- “දේවයන් වහන්ස, සැවැත් නුවර යම් පමණ ජාත්යාන්ධයෝ වෙද්ද, ඔව්හු (මා විසින් රැස් කරවන ලද්දාහුමය”) “එසේවීනම් කොළ ජාත්යන්ධයන්ට ඇතෙකු දක්වාලව’යි කීයේය. මහණෙනි, ‘එසේය දෙවයන් වහන්සැ’යි ඒ පුරුෂතෙම ඒ රජහට පිළිතුරුදී ජාත්යන්ධයනට ඇතෙකු දැක්වීය. ජාත්‍යන්ධයෙනි, ඇතා මෙබඳු”යයි ඇතැම් ජාත්යන්ධයනට ඇතාගේ හිස දැක්වීය. ජාත්‍යන්ධයෙනි, ඇතා මෙබඳුය’යි ඇතැම් ජාත්යන්ධයනට ඇතාගේ කණ දැක්වීය. ‘ජාත්‍යන්ධයෙනි, ඇතා මෙබඳු’යයි. ඇතැම් ජාත්යන්ධයනට ඇතාගේ දළ දැක්වීය:- ‘ජාත්යාන්ධයෙනි, ඇතා මෙබඳු’ යයි, ඇතැම් ජාත්යන්ධයනට ඇතාගේ සොඬ දැක්වීය. ‘ජාත්‍යන්ධයෙනි, ඇතා මෙබඳු යයි ඇතැම් ජාත්යන්ධයනට ආතාගේ කය දැක්වීය. ‘ජාත්‍යන්ධයෙනි, ඇතා මෙබඳු’යයි ඇතැම් ජාත්යන්ධයනට ඇතාගේ පා දැක්වීය. “ජාත්‍යන්ධයෙනි, ඇතා මෙබඳු”යයි, ඇතැම් ජාත්යන්ධයනට ඇතාගේ පිට දැක්වීය. “ජාත්‍යන්ධයෙනි, ඇතා මෙබඳුය”යි, ඇතැම් ජාත්යන්ධයනට ඇතාගේ (වලිගයේ මතු පෙදෙස) දැක්වීය. “ජාත්‍යන්ධයෙනි, ඇතා මෙබඳු”යයි ඇතැම් ජාත්යන්ධයනට ඇතාගේ වලිගය (වාලධියෙ අග පෙදෙස) දැක්වීය.
“මහණෙනි, ඊටපසු ඒ පුරුෂ තෙම ජාත්යන්ධයනට, ඇතා දක්වා ඒ රජතෙම යම් තැනෙක (වෙසේද) එතැනට පැමිණියේය, පැමිණ ඒ රජුට මෙය සැළ කෙළේය. “දෙවයන් වහන්ස, ඒ ජාත්යන්ධයන් විසින් ඇතා දක්නා ලද්දේමය. යමකට දැන් කල් දන්නෙහි නම් (ඊට කාලයයි” කීයේය.)
“මහණෙනි, එකල්හි ඒ රජතෙම ඒ ජාත්යන්ධයෝ යම් තැනෙක (වෙද්ද,) එතැනට පැමිණියේය. පැමිණ ඒ ජාත්යන්ධයන්ට මෙය කීයේය:- “ජාත්‍යන්ධයෙනි, තොප විසින් ඇතා දක්නා ලද්දේ දැ”යි - “එසේය දෙවයන් වහන්ස අප විසින් ඇතා දන්නා ලද්දේයයි (කීහ.) කියවු ජාත්‍යන්ධයෙනි, ඇතා කෙබඳුද? මහණෙනි, යම් ජාත්යන්ධයන් විසින් ඇතාගේ හිස දක්නා ලද්දේ වීද, ඔහු මෙසේ කීහු:- “දෙවයන් වහන්ස කළය යම්සේද ඇතා එබඳුයයි” (කීහ.) මහණෙනි, යම් ජාත්යන්ධයන් විසින් ඇතාගේ කණ දක්නා ලද්දේ වීද, ඔව්හු මෙසේ කීහ:- “දෙවයන් වහන්ස, කුල්ල යම්සේද, ඇතා එබඳුයයි” (කීහ.) මහණෙනි, යම් ජාත්යන්ධයන් විසින් ඇතාගේ දළ දක්නා ලද්දේවීද ඔහු මෙසේ කීහ. “දෙවයන් වහන්ස, සීවැල (නොහොත්) එල්ලන කෙක්ක යම්සේද, ඇතා එබඳු වේයයි” (කීහ) මහණෙනි, යම් ජාත්යන්ධයන් විසින් ඇතාගේ සොඬ දක්නා ලද්දේවීද, ඔහු මෙසේ කීහ. “දෙවයන් වහන්ස, නගුලිස යම්සේද, ඇතා එබඳුයයි” (කීහ) මහණෙනි, යම් ජාත්යන්ධයන් විසින් ඇතාගේ කය දක්නා ලද්දේවීද, ඔහු මෙසේ කීහ. “දෙවයන් වහන්ස, කොටුව යම්සේද, ඇතා එබඳුයයි” මහණෙනි, යම් ජාත්යන්ධයන් විසින් ඇතාගේ පා දක්නා ලද්දේවීද, ඔහු මෙසේ කීහ. “දෙවයන් වහන්ස, ටැඹ (කණුව) යම්සේද ඇතා එබඳුයයි” මහණෙනි, යම් ජාත්යන්ධයන් විසින් ඇතාගේ පිට දක්නා ලද්දේවීද, ඔහු මෙසේ කීහ. “දෙවයන් වහන්ස, වංගෙඩිය යම්සේද, ඇතා එබඳුයයි.” මහණෙනි, යම් ජාත්යන්ධයන් විසින් ඇතාගේ නගුට (වාලධියේ මතු පෙදෙස) දක්නාලද්දේවීද, ඔහු මෙසේ කීහ. “දෙවයන් වහන්ස, මොහොල යම්සේද ඇතා එබඳුයයි” මහණෙනි, යම් ජාත්යන්ධයන් විසින් ඇතාගේ වලිගය දක්නාලද්දේවීද, ඔහු මෙසේ කීහ. “දෙවයන් වහන්ස, මුස්න යම්සේද, ඇතා එබඳුයයි” ඒ ජාත්යන්ධයෝ ඇතා එබඳු වෙයි. ඇතා මෙබඳු නොවෙයි. ඇතා එබඳු නොවෙයි, ඇතා මෙබඳු වේයයි එකිනෙකා ගුටිබැට ගැසූහ. මහණෙනි, එකල්හි වනාහි ඒ රජ තෙම සතුටු සිත් ඇත්තේ විය.
මහණෙනි, එපරිද්දෙන්ම අඳවූ (එහෙයින්ම) නුවණ නැත්තාවූ අන්තොටු පිරිවැජ්ජෝ අර්ථය නොදනිත්, අනර්ථය නොදනිත්. ධර්මය නොදනිත්, අධර්මය නොදනිත්, ඔහු අරුත් නොදන්නාහු අවැඩ නොදන්නා දහම් නොදන්නාහු අදහම් නොදන්නාහු උපන් ඩබර ඇත්තාහු උපන් කලහ ඇත්තාහු විරුද්ධ වාදයට පැමිණියාහු ඔවුනොවුන් මුවසැතින් විදින්නාහු ධර්මය එබඳුය. ධර්මය මෙබඳු නොවෙයි, ධර්මය මෙබඳු වූයේ ධර්මය නොවෙයි, එබඳුවූයේ ධර්මයයි (විරුද්ධ බස් බෙණෙමින්) වෙසෙති.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ සියලු අයුරෙන් දැන ඒ වේලාවෙහි අරුත් දැක්වෙන මේ උදන් පහළකළසේක.
“ඇතැම් මහණ බමුණෝ මේ දෘෂ්ටීන්හි මේ රූපාදී පඤ්චොපාදානස්කන්ධයන්හි එක එක අවයවය දක්නා ඒ ජාත්යන්ධ ජනයෝ විවාද කළාහුද, එමෙන් විවාද කෙරෙත්. (නොහොත්) විරුද්ධව ගෙන විවාද කෙරෙත්. විශේෂයෙන් දන්නා ලද්දේයයි අවිපරිතයක් කොට පිහිටා කියත්යයි.”
|
5. දුතියනානාතිත්ථියසුත්තං | 5. (ද්විතීය) තීර්ථය සූත්‍රය |
55
එවං
සන්තෙකෙ
තෙ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති - ‘‘එදිසො ධම්මො, නෙදිසො ධම්මො; නෙදිසො ධම්මො, එදිසො ධම්මො’’ති.
අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසිංසු. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං -
‘‘ඉධ, භන්තෙ, සම්බහුලා නානාතිත්ථියසමණබ්රාහ්මණපරිබ්බාජකා සාවත්ථියං පටිවසන්ති නානාදිට්ඨිකා නානාඛන්තිකා නානාරුචිකා නානාදිට්ඨිනිස්සයනිස්සිතා.
‘‘සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘සස්සතො අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති...පෙ.... තෙ භණ්ඩනජාතා කලහජාතා
‘‘අඤ්ඤතිත්ථියා, භික්ඛවෙ, පරිබ්බාජකා අන්ධා අචක්ඛුකා; අත්ථං න ජානන්ති අනත්ථං න ජානන්ති, ධම්මං න ජානන්ති අධම්මං න ජානන්ති. තෙ අත්ථං අජානන්තා අනත්ථං අජානන්තා, ධම්මං අජානන්තා අධම්මං අජානන්තා භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති - ‘එදිසො ධම්මො, නෙදිසො ධම්මො; නෙදිසො ධම්මො, එදිසො ධම්මො’’’ති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘ඉමෙසු කිර සජ්ජන්ති, එකෙ සමණබ්රාහ්මණා;
අන්තරාව විසීදන්ති, අප්පත්වාව තමොගධ’’න්ති. පඤ්චමං;
|
55
(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යුතුයි)
[2] එකල්හි වනාහි නොඑක් ලබ්ධි ඇත්තාවූ නොඑක් ක්ෂාන්ති ඇත්තාවූ නොඑක් රිසි ඇත්තාවූ නොඑක් ලබ්ධියට හේතු ඇසුරු කළාවූ බොහෝ නන්තොටුවෝද ශ්‍රමණයෝද බමුණෝද පිරිවැජියෝද සැවැත් නුවරට ඇතුළු වෙත්.
[3] “ආත්මයද ලෝකයද සදාකාලිකය (නිත්‍යය) අපගේ දර්ශනයම සත්‍යය. අන්‍ය දර්ශන හිස්ය, බොරුයයි මෙසේ කියන සුලුවූ මෙබඳු ලබ්ධි ඇත්තාවූ සමහර මහණ බමුණෝ ඇත්තාහ. තමාද ලෝකයද සදාකාලික නොවන්නේය. මේ (අපගේ) දර්ශනයම සැබෑය. අන්‍ය දර්ශන හිස්යයි මෙසේ කියන සුලුවූ මෙබඳු ලබ්ධි ඇත්තාවූ සමහර මහණ බමුණෝ ඇත්තාහ.
“ආත්මයද ලෝකයද (සමහරෙක්) සදාකාලිකද (සමහරෙක්) සදාකාලික නොවන්නේත් වෙයි. මේ අපගේ දර්ශනයම සැබෑය. අන්‍ය දර්ශන බොරුයයි මෙසේ කියන සුලුවූ මෙබඳු ලබ්ධි ඇත්තාවූ සමහර මහණ බමුණෝ ඇත්තාහ. තමාද (අන්‍ය) ලෝකයද නොම සදාකාලිකය, සදාකාලික නොවන්නේත් නොවෙයි. (ii) මේ (අපගේ) දර්ශනයම සත්‍යය, අන්‍ය දර්ශන මිථ්‍යායයි මෙසේ කියන සුලුවූ මෙබඳු ලබ්ධි ඇත්තාවූ සමහර මහණ බමුණෝ ඇත්තාහ. (iii) (ඒ ඒ සත්වයන්ගේ ආත්මයද ලෝකයද තමා විසින්ම කරන ලද්දේය. (මෙහි 3 (ii) යෙදිය යුතුයි.) තමාද ලෝකය (අන්‍යයා) ද අන්‍ය (දෙවියකු) විසින් මවන ලද්දේය. (මෙහි 3 (ii) යෙදිය යුතුයි) තමාද ලෝකයද තමා විසින් කරන ලද්දේත් වෙයි. අන්‍ය මවන්නෙකු විසින් කරන ලද්දේත් වෙයි. (මෙහි 3 (ii) යෙදිය යුතුයි) ආත්මයද ලෝකයද තමා කරන්නේ නැත. අනිකෙක් කරන්නේ නැත. කිසියම් කාරණයක් නැතිව උපන්නේය. (මෙහි 3 (ii) යෙදිය යුතුයි) සුවදුක් දෙකද තමාද ලෝකයාද සදාකාලිකය, (මෙහි 3 (ii) යෙදිය යුතුයි) සුවදුක් දෙකද තමාද අන්‍යයාද සදාකාලික නොවන්නේය, (මෙහි 3 (ii) යෙදිය යුතුයි) සුවදුක් දෙකද තමාද ලෝකයාද සදාකාලිකත්වෙයි. අසදාකාලිකත් වෙයි. (මෙහි 3 (ii) යෙදිය යුතුයි) සුවදුක් දෙකද ආත්මයද ලෝකයාද නොමසදාකාලිකත් වෙයි. අසදාකාලිකත් නොවෙයි. (මෙහි 3 (ii) යෙදිය යුතුයි) සුවදුක් දෙකද තමාද අන්‍යයාද තමා විසින්ම කරන ලද්දේය, මේ (අපගේ) දර්ශනයම සැබෑය, අන්‍ය දර්ශන සැබෑනොවේයයි (මෙහි 3 (ii) යෙදිය යුතුයි) සුවදුක් දෙකද තමාද අන්‍යයාද අන්‍ය (මාපකයෙකු) විසින් කරන ලද්දේය. (මෙහි 3 (ii) යෙදිය යුතුයි) සුවදුක් දෙකද තමාද ලෝකයාද තමා විසින් කරන ලද්දේත් වෙයි. (මවන්නාවූ) අන්‍යයෙකු විසින් කරන ලද්දේත් වෙයි. (මෙහි 3 (ii) යෙදිය යුතුයි) සුවදුක් දෙකද තමාද අන්‍යයාද තමා කළේත් නොවෙයි අන්‍ය දෙවියන් කෙළේත් නොවෙයි. කිසියම් හේතුවක් නැතිව උපන්නේය. (මෙහි 3 (ii) යෙදිය යුතුයි.)
“ඔව්හු ධර්මය එබඳුය, ධර්මය මෙබඳු නොවෙයි. මෙබඳු වූයේ ධර්මය වෙයි, එබඳුවූයේ ධර්මය වේයයි හටගත් ඩබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විරුද්ධවාදයට පැමිණියාහු එකිනෙකා මුවසැතින් විදින්නාහු වාසය කෙරෙත්.
[4] ඉක්බිති බොහෝ භික්ෂූහු පෙරවරුයෙහි එක් වේලාවෙක්හි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන සැවැත් නුවර පිඬු පිණිස වන්හ. සැවතෙහි පිඬු සිඟා ඇවිද පස්වරුයෙහි පිඬු සෙවීමෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි වෙසෙද්ද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්හ. එක්පසෙක හුන්නාවුම ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ.
[5] “ස්වාමීනි, මේ සැවැත් නුවර නොඑක් දෘෂ්ටි ඇත්තාවූ නොඑක් ක්ෂාන්ති ඇත්තාවූ නොඑක් රිසි ඇත්තාවූ නොඑක් ලබ්ධියට කරුණු ඇසුරුකළාවූ බොහෝවූ නොඑක් තීර්ථකයෝද ශ්‍රමණයෝද බ්‍රාහ්මණයෝද පිරිවැජියෝද වෙසෙති. (ii) (මෙහි 3 ඡේදය යෙදිය යුතුයි.)
[6] “මහණෙනි, අන්තොටු පිරිවැජ්ජෝ අන්ධවූවාහු (එහෙයින්ම) ප්රඥානමැති ඇස් නැත්තාහු අර්ථය නොදනිත් අනර්ථය නොදනිත්, ධර්මය නොදනිත්, අධර්මය නොදනිත්, ඔහු අරුත් නොදන්නාහු අවැඩ නොදන්නාහු දහම් නොදන්නාහු අදහම් නොදන්නාහු හටගත් ඩබර ඇත්තෝව හටගත් කෝලාහල ඇත්තෝව විරුද්ධවාදයට පැමිණියෝව එබන්ද ධර්මයවෙයි, මෙබන්ද ධර්මය නොවෙයි, ධර්මය මෙබඳු නොවෙයි, ධර්මය එබඳු වේයයි ඔවුනොවුන් මුවසැතින් විදිමින් වාසය කෙරෙත්යයි.”
[7] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි ඒ කරුණ දක්වන මේ ප්‍රීතිවාක්‍යය පහළ කළසේක.
“ඇතැම් මහණ බමුණෝ මේ දෘෂ්ටීන්හි ඇලෙත්, අහෝ අනිසය මුළාවකි. අතරම “ඔෂධ” යයි කියන ලද නිවනට (නොහොත්) ඒ නිවනට පැමිණෙන උපායවූ ආර්යමාර්ගයට නොපැමිණම අතිසයින් ගැලෙත්” යයි.
|
6. තතියනානාතිත්ථියසුත්තං | 6. (තෘතීය) තීර්ථ සූත්‍රය |
56
එවං
සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘‘සස්සතො අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’න්ති. සන්ති පනෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘‘අසස්සතො අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’න්ති. සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘‘සස්සතො ච අසස්සතො ච
තෙ
අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසිංසු. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං -
‘‘ඉධ, භන්තෙ, සම්බහුලා නානාතිත්ථියසමණබ්රාහ්මණපරිබ්බාජකා සාවත්ථියං පටිවසන්ති නානාදිට්ඨිකා නානාඛන්තිකා නානාරුචිකා නානාදිට්ඨිනිස්සයනිස්සිතා.
‘‘සන්තෙකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘සස්සතො අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති
‘‘අඤ්ඤතිත්ථියා, භික්ඛවෙ, පරිබ්බාජකා අන්ධා අචක්ඛුකා. තෙ අත්ථං න ජානන්ති අනත්ථං න ජානන්ති, ධම්මං න ජානන්ති අධම්මං න ජානන්ති. තෙ අත්ථං අජානන්තා අනත්ථං අජානන්තා, ධම්මං අජානන්තා අධම්මං අජානන්තා භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති - ‘එදිසො ධම්මො, නෙදිසො ධම්මො; නෙදිසො ධම්මො, එදිසො ධම්මො’’’ති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘අහඞ්කාරපසුතායං
එතදෙකෙ නාබ්භඤ්ඤංසු, න නං සල්ලන්ති අද්දසුං.
‘‘එතඤ්ච සල්ලං පටිකච්ච
(පටිගච්ච (සී. ස්‍යා. කං. පී.)) පස්සතො;
අහං කරොමීති න තස්ස හොති;
පරො
‘‘මානුපෙතා
දිට්ඨීසු සාරම්භකථා, සංසාරං නාතිවත්තතී’’ති. ඡට්ඨං;
|
56
(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යුතුයි.)
[2] එකල්හි වනාහි සැවතෙහි නොඑක් ලබ්ධි ඇත්තාවූ නොඑක් ක්ෂාන්ති ඇත්තාවූ නොඑක් කැමැත්ත ඇත්තාවූ නොඑක් ලබ්ධියට හෙතූන් ඇසුරුකළාවූ බොහෝවූ නන්තොටු ශ්‍රමණයෝද බ්‍රාහ්මණයෝද පිරිවැජියෝද වෙසෙති.
[3] (ඔවුන් අතුරෙහි) තමාද ලෝකයාද සදාකාලිකය (ii) මෙයම සැබෑය, අන්යදර්ශන හිස්යයි මෙසේ කියන්නාවූ මෙබඳු ලබ්ධි ඇත්තාවූ සමහර ශ්‍රමණබ්‍රාහ්මණයෝ වෙත් (iii) තමාද ලෝකයාද සදාකාලික නොවෙයි, (මෙහි 3 (ii) ඡේදය යෙදිය යුතුයි.) තමාද ලෝකයාද (ඇතැමෙක්) සදාකාලිකත් වෙයි. (ඇතැමෙක්) අසදාකාලිකත් වෙයි. (මෙහි 3 (ii) ඡේදය යෙදිය යුතුයි.) තමාද (අන්‍ය) සත්වයාද නොම සදාකාලිකත්වෙයි. අසදාකාලිකත් නොවෙයි, (මෙහි 3 (ii) ඡේදය යෙදිය යුතුයි.) තමාද ලෝකයාද තමා විසින්ම කරන ලද්දේය. (මෙහි 3 (ii) ඡේදය යෙදිය යුතුයි.) තමාද ලෝකයාද අනිකෙකු විසින් කරන ලද්දේය. (මෙහි 3 (ii) ඡේදය යෙදිය යුතුයි.) තමාද අන්‍ය සත්වයාද තමා විසින් කරන ලද්දේත්වෙයි, අන්‍යයන් විසින් කරන ලද්දේත්වෙයි, (මෙහි 3 (ii) ඡේදය යෙදිය යුතුයි.) තමාද අන්‍ය ලෝකයාද තමා කෙළේත් නොවෙයි අනෙකෙක් කෙළේත් නොවෙයි. කිසිහේතුවක් නැතිව උපන්නේය, (මෙහි 3 (ii) ඡේදය යෙදිය යුතුයි.) සුවදුක් දෙකද තමාද ලෝකයාද සදාකාලිකය. (මෙහි 3 (ii) ඡේදය යෙදිය යුතුයි.) සුවදුක් දෙකද තමාද (අන්‍ය) ලෝකයාද අසදාකාලිකය, (මෙහි 3 (ii) ඡේදය යෙදිය යුතුයි.) සුවදුක්දෙකද තමාද (අන්‍ය) සත්වයාද සදාකාලිකත්වෙයි, අසදාකාලිකත්වෙයි, (මෙහි 3 (ii) ඡේදය යෙදිය යුතුයි.) සුවදුක් දෙකද තමාද (අන්‍ය) සත්වයාද සදාකාලිකත්වෙයි. අසදාකාලිකත්වෙයි, (මෙහි 3 (ii) ඡේදය යෙදිය යුතුයි.) සුවදුක් දෙකද තමාද (අන්‍ය) සත්වයාද නොම සදාකාලිකත්වෙයි. අසදාකාලිකත් නොවෙයි, (මෙහි 3 (ii) ඡේදය යෙදිය යුතුයි.) සුවදුක් දෙකද තමාද ලෝකයාද තමා විසින් කරන ලද්දේය, (මෙහි 3 (ii) ඡේදය යෙදිය යුතුයි.) සුවදුක් දෙකද තමාද (අන්‍ය) සත්වයාද අනිකෙකු විසින් කරන ලද්දේය, (මෙහි 3 (ii) ඡේදය යෙදිය යුතුයි.) සුවදුක් දෙකද තමාද (අන්‍ය) සත්වයාද තමා විසින් කරන ලද්දෙක්වෙයි, අනෙකෙකු විසින් කරන ලද්දෙක්වෙයි, (මෙහි 3 (ii) ඡේදය යෙදිය යුතුයි) සුවදුක් දෙකද තමාද (අන්‍ය ලෝකයාද තමා කෙළේත් නොවෙයි, අනිකෙක් කෙළේත් නොවෙයි, කිසිහේතුවක් නැතිව උපන්නේය, (මෙහි 3 (ii) ඡේදය යෙදිය යුතුයි.)
[4] (මේ ඡේදය මේ වර්ගයේ 5 සූත්‍රයේ 4 ඡේදය මෙනි)
[5] (මෙහි මේ වර්ගයේ 5 සූත්‍රයේ 5 (i) සහ මේ සූත්‍රයේ 3 ඡේදය යෙදිය යුතුයි.)
[6] (මෙය මේ වර්ගයේ 5 සූත්‍රයේ 6 ඡේදය මෙනි.)
[7] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒවා දුරින් දුරුකොට සංස්කාරයන් තත්වූ පරිද්දෙන් දක්නහුගේද එහි ආදීනව නොදක්නා බැවින් මිථ්‍යාවට බැසගත්තාවූ තත්වූ පරිද්දෙන් නොදක්නහුගේද පිළිවෙළින් සසරින් ඉක්ම පැවැත්ම හා නොඉක්ම පැවැත්මද යන මේ කරුණ (සියලු අයුරෙන්) දැන එය දක්වන ප්‍රීතිවාක්‍යය ඒ වෙලාවෙහි ප්‍රකාශ කළසේක.
“මේ ප්‍රජාතොමෝ අහංකාර දෘෂ්ටියෙහි යෙදුනීද වෙයි. අනිකෙක් කෙරෙයි යන දෘෂ්ටිය ඇසුරුකළා වෙයි. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ දෘෂ්ටි දෙක අනුනොදත්හ. ඒ දෘෂ්ටි උලයයි නොදැක්කාහුය.
“මේ විපරිත දර්ශනය උලයයි පළමුකොටම දක්නාවූ තැනැත්තාහට මම කරමියි යන දෘෂ්ටිය නොවේ. ඕහට අනිකෙක් කෙරෙයි යන දෘෂ්ටියද නොවෙයි.”
“මානයෙන් යුක්තවූ මානග්රන්ථය ඇත්තාවූ ඒ මානයෙන් විශේෂයෙන් බැඳුනාවූ අන්‍යයින්ගේ දෘෂ්ටීන්හි විරුද්ධ කථා ඇත්තාවූ මේ ප්‍රජාව සසර නොඉක්මවයි.”
|
7. සුභූතිසුත්තං | 7. සුභූති පසංසා සූත්‍රය |
57
එවං
අද්දසා ඛො භගවා ආයස්මන්තං සුභූතිං අවිදූරෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය අවිතක්කං සමාධිං සමාපන්නං.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘යස්ස විතක්කා විධූපිතා,
අජ්ඣත්තං සුවිකප්පිතා අසෙසා;
තං සඞ්ගමතිච්ච අරූපසඤ්ඤී,
චතුයොගාතිගතො න ජාතු මෙතී’’ති
(න ජාතිමෙතීති (ස්‍යා. පී. අට්ඨ. පාඨන්තරං)). සත්තමං;
|
57
(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යුතුයි.)
එකල්හි වනාහි ආයුෂ්මත් සුභූති ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට නුදුරු තන්හි පලක් බැඳ (-එරමිණියගොතා හිඳ) කය සෘජු කොට තබා විතර්කය නැත්තාවූ සමවැද වැඩ හුන්නේවෙයි. භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පලක්බැඳ කය සෘජුකොට තබා චතුර්ථධ්යානපාදක අර්හත්ඵල සමාධියට සමවැද හුන්නාවූ ආයුෂ්මත් සුභූති තෙරුන් දුටුසේක්මය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ (ආයුෂ්මත් සුභූති තෙරුන්ගේ සියලු මිථ්යාවිතර්ක සියලු සංක්ලෙශයන් පහකිරීමයයි කියනලද) මේ කරුණ දැන ඒ වේලාවෙහි ඒ කාරණය ප්‍රකාශ කරන මේ උදන් (ප්‍රීතිවාක්‍ය) ප්‍රකාශ කළසේක.
“යම් ආර්ය පුද්ගලයකු විසින් විතර්කයෝ (ආර්ය මාර්ගයෙන්) තබන ලද්දාහුද, තමාගේ සන්තානයෙහි කිසිවක් ශෙෂ නොකොට මනාව සිඳින ලද්දාහුද, රාගාදී පඤ්ච සංගය ඉක්මවීම් හේතුවෙන් අරූපයයි ලද නම් ඇති නිර්වානය අරමුණුකොට පැවැත්තාවූ මාර්ගඵල සංඥාවන්ගෙන් අරූපසංඥාව ඇත්තාවූ සතර යොගයන් ඉක්මවා ගියාවූ (රහත්තෙම) ඒකාන්තයෙන් නැවත ඉපදීමට නොඑන්නේයයි.”
|
8. ගණිකාසුත්තං | 8. ගණිකා පූග සූත්‍රය |
58
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන රාජගහෙ ද්වෙ පූගා අඤ්ඤතරිස්සා ගණිකාය සාරත්තා හොන්ති පටිබද්ධචිත්තා; භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං පාණීහිපි උපක්කමන්ති
අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසිංසු. රාජගහෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු
‘‘ඉධ, භන්තෙ, රාජගහෙ ද්වෙ පූගා අඤ්ඤතරිස්සා ගණිකාය සාරත්තා පටිබද්ධචිත්තා; භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං පාණීහිපි උපක්කමන්ති, ලෙඩ්ඩූහිපි උපක්කමන්ති, දණ්ඩෙහිපි උපක්කමන්ති, සත්ථෙහිපි උපක්කමන්ති. තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති මරණමත්තම්පි දුක්ඛ’’න්ති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘යඤ්ච පත්තං යඤ්ච පත්තබ්බං, උභයමෙතං රජානුකිණ්ණං, ආතුරස්සානුසික්ඛතො. යෙ ච සික්ඛාසාරා සීලබ්බතං ජීවිතං බ්රහ්මචරියං උපට්ඨානසාරා, අයමෙකො අන්තො. යෙ ච එවංවාදිනො - ‘නත්ථි කාමෙසු දොසො’ති, අයං දුතියො අන්තො. ඉච්චෙතෙ
|
58
(මේ ඡේදය 1 වර්ගයේ 6 සූත්‍රයේ 1 ඡේදය මෙනි.)
[2] එකල්හි වනාහි (ii) සමූහ දෙකක මිනිස්සු එක්තරා වෙසඟනක කෙරෙහි ඇලුනාහුවෙත්. පිළිබඳ සිත් ඇත්තාහු හටගත් ඩබර ඇත්තාහු උපන් කෝලාහල ඇත්තාහු විරුද්ධවාදයට පැමිණියාහු එකිනෙකා අතින්ද ගසත්, කැට කැබලිතිවලින්ද ගසත්, මුගුරුවලින්ද ගසත්, ශස්ත්රවලින්ද ගසත්, ඔහු එහි මරණයටද පැමිණෙත්, මරණය සමාන දුකටද පැමිණෙත්.
[3] ඉක්බිති බොහෝ භික්ෂූහු පෙරවරු එක් වේලාවෙක්හි හැඳ පොරවා පාත්‍රසිවුරුගෙන රජගහ නුවරට පිඬු පිණිස පැමිණියාහුය. රජගහනුවර පිඬුසිඟා ඇවිද පස්වරුයෙහි පිඬු සෙවීමෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන්නාවූම ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ. “ස්වාමීනි, මේ රජගහනුවර (මෙහි 2 (ii) යෙදිය යුතුයි.)
[4] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලාවෙහි, මේ ප්‍රීති වාක්‍ය පහළ කළසේක.
“(රාගාදී) ක්ලෙශයෙන් පෙළුනාහටද ඔහුගේ විපාකයෙන් දුකින් පෙළුනාහටද අනුව නික්මෙන්නාහට යම් පස්කම් ගුණ සමූහයෙක් පැමිණියේද, යම් කාමගුණ සමූහයෙක් පැමිණියයුතුද මේ දෙකම (රාගාදී) ක්ලේශයෙන් ගැවසී ගත්තේය.
“දුකින් පෙළුනාවූ පැමිණියාවූ යම් ආත්ම පරිතාපනයෙක් (-තැවීමෙක්) වේද, පැමිණියයුතු යම් ඵලයකුත්වේද, ඒ දෙකම දුක් රජසින් ගැවසී ගත්තේය. යම් කෙනෙක් වනාහි ශික්ෂාව සාරකොට ඇත්තාහු වෙත්.
“ශීලයද ව්‍රතයද පලා අනුභව කරන බව වූ චූල ජීවිකාවද බඹසරද මෙසේ සාරයෝයයි කියන්නාහුවෙද්ද, මේ එක් අන්තයෙක්මය, කාමයන්හි දොසෙක් නැතැයි මේ කාම සුඛල්ලිකානුයොගය දෙවන අන්තයවේ.
“මෙසේ මේ අන්ත දෙක කටසි නම්වූ අවිද්‍යා තෘෂ්ණාවන් වඩන්නාහු වෙත්, ඒ කටසි නම්වූ තෘෂ්ණ අවිද්යාවෝ දෘෂ්ටීහු වඩත්, මේ අන්ත දෙක නොදැනීම හේතු කොටගෙන ඇතැම් කෙනෙක් හැකිලීමට පැමිණෙත්, ඇතැම් කෙනෙක් අතිධාවනය කෙරෙත්, ඇතැම් කෙනෙක් හැකිලෙත්, ඇතැම් කෙනෙක් අතිධාවනය කෙරෙත්.
“යම් ඒ ආර්යපුද්ගල කෙනෙක් වනාහි ඒ අන්ත දෙක විශිෂ්ඨවූ විදර්ශනාඥානය සහිත මාර්ග ප්‍රඥාවෙන් දැන ඒ අන්ත දෙක්හි වැටුනෝ නොවූවාහුද, ඒ ආර්ය පුද්ගලයෝ ඒ අන්තදෙක පහකිරීමෙන් නොසිතූහ. ඒ උත්තම පුරුෂයන්ගේ පැනවීම පිණිස වෘත්තය නැත.”
|
9. උපාතිධාවන්තිසුත්තං | 9. උපාති (අධිපාතක) සූත්‍රය |
59
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා රත්තන්ධකාරතිමිසායං අබ්භොකාසෙ නිසින්නො හොති තෙලප්පදීපෙසු ඣායමානෙසු.
තෙන ඛො පන සමයෙන සම්බහුලා අධිපාතකා තෙසු තෙලප්පදීපෙසු ආපාතපරිපාතං අනයං ආපජ්ජන්ති, බ්යසනං ආපජ්ජන්ති
(නත්ථි සීහළපොත්ථකෙ), අනයබ්යසනං ආපජ්ජන්ති
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘උපාතිධාවන්ති
නවං නවං බන්ධනං බ්රූහයන්ති;
පතන්ති පජ්ජොතමිවාධිපාතකා
(... ධිපාතා (සී. ස්‍යා.)),
දිට්ඨෙ සුතෙ ඉතිහෙකෙ නිවිට්ඨා’’ති. නවමං;
|
59
(මෙය මේ වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය මෙනි.)
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ රෑ මහගන අඳුරෙහි තෙල්පහන් දැල්වෙන කල්හි විහාර මලුවෙහි වැඩහුන්සේක. එකල්හි වනාහි බොහෝ පලඟැටියෝ ඒ තෙල් පහන්වල අභිමුඛව වැටීමද කරකැවී වැටීමද කොට දුකටද පැමිණෙත්. විනාශයටද පැමිණෙත්, අනයව්යසනයටද පැමිණෙත්, භාග්‍යවතුන් වහන්සේ ඒ තෙල්පහන්වල අභිමුඛව වැටීමටද කරකැවීවැටීමටද පැමිණෙන්නාවූද දුකට පැමිණෙන්නාවූද මරණයට පැමිණෙන්නාවූද අනයව්‍යසනයට පැමිණෙන්නාවූද ඒ බොහෝ පලඟැටියන් දුටුසේක්මය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ වේලාවෙහි බැස මේ ප්‍රීතිවාක්‍යය පහළ කළසේක.
“මෙසේ ඇතැම් මහණ බමුණෝ (තමා විසින්) චක්ෂුර් විඥානයෙන් දෘෂ්ටීන් දැකීමෙන් හෝ ස්‍රොත විඥානයෙන් ආරන්වය ලැබීම් පමණින් හෝ මෙසේයයි පිහිටියාහු සාරයට නොපැමිණෙත්, ඉක්මවායෙත්, එසේ ගන්නාහු තෘෂ්ණා දෘෂ්ටිනම්වූ අලුත් අලුත් බන්ධන වඩත්, පහනෙහි (වැටෙන) මේ පළඟැටියන්මෙන් වැටෙත්යයි.”
|
10. උප්පජ්ජන්තිසුත්තං | 10. උප්පජ්ජන්ති (බුද්ධුප්පාද) සූත්‍රය |
60
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච -
‘‘යාවකීවඤ්ච, භන්තෙ, තථාගතා ලොකෙ නුප්පජ්ජන්ති අරහන්තො සම්මාසම්බුද්ධා
‘‘එවමෙතං
අථ
‘‘ඔභාසති
යාව න උන්නමතෙ
(උග්ගමති (සී.), උන්නමති (ස්‍යා.)) පභඞ්කරො;
(ස)
(( ) නත්ථි සී. ස්‍යා. පොත්ථකෙසු) වෙරොචනම්හි උග්ගතෙ,
හතප්පභො හොති න චාපි භාසති.
‘‘එවං ඔභාසිතමෙව තක්කිකානං
(තිත්ථියානං (සී. ස්‍යා. පී.)),
යාව සම්මාසම්බුද්ධා ලොකෙ නුප්පජ්ජන්ති;
න තක්කිකා සුජ්ඣන්ති න චාපි සාවකා,
දුද්දිට්ඨී න දුක්ඛා පමුච්චරෙ’’ති. දසමං;
|
60
(මේ ඡේදය 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය මෙනි.)
එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන්වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීයේය:-
“ස්වාමීනි, යම් පමණ කලෙක්හි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි නොඋපදීද්ද ඒතාක් අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ සත්කාර කරන ලද්දාහු වෙත්, ගෞරව කරනලද්දාහුවෙත්, බුහුමන් කරන ලද්දාහු වෙත්, පුදන ලද්දාහුවෙත්, සලකනලද්දාහු වෙත්, සිවුරුය පිණ්ඩපාතය සෙනසුන්ය. ගිලනුන්ට ප්‍රත්‍යයවූ බෙහෙත් පිරිකරය (යන මේවා) ලබන්නාහුවෙත්, යම් කලෙක්හි වනාහි පූජාවන් පිළිගැනීමට සුදුසුවූ චතුස්සත්‍ය ධර්මයන් මනාව අවබෝධ කළාවූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදිද්ද. එකල්හි වනාහි අන්තොටු පිරිවැජියෝ සත්කාර නොකරනලද්දාහු වෙති, ගෞරව නොකරනලද්දාහු වෙති, බුහුමන් නොකරනලද්දාහුවෙති, නොපුදනලද්දාහුවෙති, නොසලකනලද්දාහුවෙති, සිවුරුය ආහාරය සෙනසුන්ය ගිලන්පස බෙහෙත්බඩු නොලබන්නාහුවෙති, “ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේද භික්ෂු සංඝයාද සත්කාර කරන ලද්දාහුය, ගෞරව කරන ලද්දාහුය, බුහුමන් කරන ලද්දාහුය, පුදනලද්දාහුය, සලකන ලද්දාහුය, සිවුරුය පිණ්ඩපාතය සෙනසුන්ය ගිලන්පස බෙහෙත් බඩු ලබන්නාහුය.”
“ආනන්දය, මේ කාරණය එසේමය, අනඳ යම්තාක් කල් අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි නොඋපදිද්ද, ඒතාක් අන්තොටු පිරිවැජියෝ සත්කාරකරන ලද්දාහුවෙති, ගෞරව කරන ලද්දාහුවෙති. බුහුමන් කරන ලද්දාහුවෙති, පුදන ලද්දාහුවෙති, සලකන ලද්දාහුවෙති, සිවුරුය පිණ්ඩපාතය සෙනාසනය ගිලනුන්ට ප්‍රත්‍යයවූ බෙහෙත්බඩු ලබන්නාහුවෙති, ආනන්දය, යම්කලෙක වනාහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදිද්ද, එකල්හි වනාහි අන්තොටු පිරිවැජ්ජෝ සත්කාර නොකරන ලද්දාහුවෙති. ගෞරව නොකරන ලද්දාහු වෙති, බුහුමන් නොකරන ලද්දාහුවෙති, නොපුදන ලද්දාහු වෙති, නොසලකන ලද්දාහුවෙති, සිවුරුය අහරය සෙනසුන්ය ගිලන්පස බෙහෙත් පිරිකරය නොලබන්නාහුවෙති. මේ කාලයෙහි තථාගතයන් වහන්සේද භික්ෂු සංඝයාද සත්කාර කරන ලද්දාහුය, ගෞරව කරන ලද්දාහුය බුහුමන් කරන ලද්දාහුය, පුදන ලද්දාහුය, සලකන ලද්දාහුය, සිවුරුය පිණ්ඩපාතය සෙනසුන්ය ගිලන්පස බෙහෙත් පිරිකරද ලබන්නාහුයයි” (වදාළසේක.)
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය හැම අයුරෙන් දැන ඒ වේලාවෙහි ඒ අර්ථය ප්රකාශවන මේ ප්‍රීතිවාක්‍ය පහළ කළසේක:-
“යම්තාක් පභංකරයයි නම් ලද හිරු උදානොවේද, ඒතාක් කණමැදිරිතෙම බබළයි, අඳුරු නසා බබළන්නාවූ හිරු උදාවූ කල්හි (කණමැදිරිතෙම) නැසුණු එළිය ඇත්තේවෙයි, නොම බබළයි, යම්තාක් සම්බුදුන් වහන්සේ ලෝකයෙහි නොඋපදිද්ද, එපරිද්දෙන් තීර්ථක සමූහයා බැබළුණේමවෙයි, තීර්ථකයෝ නොහොබිත්, ඔවුන්ගේ ශ්‍රාවකයෝද නොහොබිත් මිසදිටුවෝ (සසර) දුකින් නොමිදෙත්”
|