ත්‍රිපිටකය
5. සොණවග්ගො (මහාවග්ග (අට්ඨකථාය සමෙති)) 5. සොරණ වර්ගය
1. පියතරසුත්තං 1. අත්තපිය සූත්‍රය
2. අප්පායුකසුත්තං 2. අප්පායුක සූත්‍රය
3. සුප්පබුද්ධකුට්ඨිසුත්තං 3. සුප්පබුද්ධ කුට්ඨි සූත්‍රය
43
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන රාජගහෙ සුප්පබුද්ධො නාම කුට්ඨී අහොසි - මනුස්සදලිද්දො, මනුස්සකපණො , මනුස්සවරාකො. තෙන ඛො පන සමයෙන භගවා මහතියා පරිසාය පරිවුතො ධම්මං දෙසෙන්තො නිසින්නො හොති.
අද්දසා ඛො සුප්පබුද්ධො කුට්ඨී තං මහාජනකායං දූරතොව සන්නිපතිතං. දිස්වානස්ස එතදහොසි - ‘‘නිස්සංසයං ඛො එත්ථ කිඤ්චි ඛාදනීයං වා භොජනීයං වා භාජීයති (භාජීයිස්සති (සී.)). යංනූනාහං යෙන සො මහාජනකායො තෙනුපසඞ්කමෙය්‍යං. අප්පෙව නාමෙත්ථ කිඤ්චි ඛාදනීයං වා භොජනීයං වා ලභෙය්‍ය’’න්ති.
අථ ඛො සුප්පබුද්ධො කුට්ඨී යෙන සො මහාජනකායො තෙනුපසඞ්කමි. අද්දසා ඛො සුප්පබුද්ධො කුට්ඨී භගවන්තං මහතියා පරිසාය පරිවුතං ධම්මං දෙසෙන්තං නිසින්නං. දිස්වානස්ස එතදහොසි - ‘‘න ඛො එත්ථ කිඤ්චි ඛාදනීයං වා භොජනීයං වා භාජීයති. සමණො අයං ගොතමො පරිසති ධම්මං දෙසෙති. යංනූනාහම්පි ධම්මං සුණෙය්‍ය’’න්ති. තත්ථෙව එකමන්තං නිසීදි - ‘‘අහම්පි ධම්මං සොස්සාමී’’ති.
අථ ඛො භගවා සබ්බාවන්තං පරිසං චෙතසා චෙතො පරිච්ච මනසාකාසි ‘‘කො නු ඛො ඉධ භබ්බො ධම්මං විඤ්ඤාතු’’න්ති? අද්දසා ඛො භගවා සුප්පබුද්ධං කුට්ඨිං තස්සං පරිසායං නිසින්නං. දිස්වානස්ස එතදහොසි - ‘‘අයං ඛො ඉධ භබ්බො ධම්මං විඤ්ඤාතු’’න්ති. සුප්පබුද්ධං කුට්ඨිං ආරබ්භ ආනුපුබ්බිං කථං (ආනුපුබ්බිකථං (සී.), අනුපුබ්බිකථං (ස්‍යා. පී. ක.)) කථෙසි, සෙය්‍යථිදං - දානකථං සීලකථං සග්ගකථං; කාමානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං; නෙක්ඛම්මෙ (නෙක්ඛම්මෙ ච (සී. ස්‍යා. පී.)) ආනිසංසං පකාසෙසි. යදා භගවා අඤ්ඤාසි සුප්පබුද්ධං කුට්ඨිං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා තං පකාසෙසි - දුක්ඛං, සමුදයං, නිරොධං, මග්ගං. සෙය්‍යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පටිග්ගණ්හෙය්‍ය, එවමෙව සුප්පබුද්ධස්ස කුට්ඨිස්ස තස්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි - ‘‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’’න්ති.
අථ ඛො සුප්පබුද්ධො කුට්ඨී දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථංකථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථු සාසනෙ උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සුප්පබුද්ධො කුට්ඨී භගවන්තං එතදවොච -
‘‘අභික්කන්තං , භන්තෙ, අභික්කතං, භන්තෙ! සෙය්‍යථාපි, භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්‍ය - චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති; එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං, භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති.
අථ ඛො සුප්පබුද්ධො කුට්ඨී භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො අචිරපක්කන්තං සුප්පබුද්ධං කුට්ඨිං ගාවී තරුණවච්ඡා අධිපතිත්වා ජීවිතා වොරොපෙසි.
අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘යො සො, භන්තෙ, සුප්පබුද්ධො නාම කුට්ඨී භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො, සො කාලඞ්කතො. තස්ස කා ගති, කො අභිසම්පරායො’’ති?
‘‘පණ්ඩිතො, භික්ඛවෙ, සුප්පබුද්ධො කුට්ඨී; පච්චපාදි ධම්මස්සානුධම්මං; න ච මං ධම්මාධිකරණං විහෙසෙසි. සුප්පබුද්ධො, භික්ඛවෙ, කුට්ඨී තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’’ති.
එවං වුත්තෙ, අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො යෙන සුප්පබුද්ධො කුට්ඨී අහොසි - මනුස්සදලිද්දො, මනුස්සකපණො, මනුස්සවරාකො’’ති?
‘‘භූතපුබ්බං, භික්ඛවෙ, සුප්පබුද්ධො කුට්ඨී ඉමස්මිංයෙව රාජගහෙ සෙට්ඨිපුත්තො අහොසි. සො උය්‍යානභූමිං නිය්‍යන්තො අද්දස තගරසිඛිං (තග්ගරසිඛිං (ක.)) පච්චෙකබුද්ධං නගරං පිණ්ඩාය පවිසන්තං. දිස්වානස්ස එතදහොසි - ‘ක්වායං කුට්ඨී කුට්ඨිචීවරෙන විචරතී’ති? නිට්ඨුභිත්වා අපසබ්‍යතො (අපබ්‍යාමතො (ස්‍යා. සං. නි. 1.255)) කරිත්වා පක්කාමි. සො තස්ස කම්මස්ස විපාකෙන බහූනි වස්සසතානි බහූනි වස්සසහස්සානි බහූනි වස්සසතසහස්සානි නිරයෙ පච්චිත්ථ. තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන ඉමස්මිංයෙව රාජගහෙ කුට්ඨී අහොසි මනුස්සදලිද්දො, මනුස්සකපණො, මනුස්සවරාකො. සො තථාගතප්පවෙදිතං ධම්මවිනයං ආගම්ම සද්ධං සමාදියි සීලං සමාදියි සුතං සමාදියි චාගං සමාදියි පඤ්ඤං සමාදියි. සො තථාගතප්පවෙදිතං ධම්මවිනයං ආගම්ම සද්ධං සමාදියිත්වා සීලං සමාදියිත්වා සුතං සමාදියිත්වා චාගං සමාදියිත්වා පඤ්ඤං සමාදියිත්වා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නො දෙවානං තාවතිංසානං සහබ්‍යතං. සො තත්ථ අඤ්ඤෙ දෙවෙ අතිරොචති වණ්ණෙන චෙව යසසා චා’’ති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘චක්ඛුමා විසමානීව, විජ්ජමානෙ පරක්කමෙ;
පණ්ඩිතො ජීවලොකස්මිං, පාපානි පරිවජ්ජයෙ’’ති. තතියං;
43
(මෙහි 1 වර්ගයේ 6 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යුතුයි.)
ඒ කාලයෙහි රජගහනුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ට ඇති දිළිඳු මිනිහෙක් විය. ඔහු මිනිස් දුගියෙක් වේ. මිනිස් අසරණයෙක් වේ. ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් පිරිවරන ලද්දේ බණ වදාරමින් හුන්නේ විය.
සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගී තෙමේ රැස්වූ ඒ මහජන සමූහයා දුරින්ම දුටුවේය. දැක ඔහුට ‘නිසැකයෙන් මෙහි කෑයුතු දෙයක් හෝ බුදිය යුතු දෙයක් හෝ බෙදනු ලබයි. ඒ මහජන සමූහයා යම්තැනෙක්හිද එහි යන්නෙම් නම් යෙහෙක. මෙහිදී කිසි කෑ යුතු දෙයක් හෝ බුදිය යුතු දෙයක් හෝ ලබන්නේ නම් යෙහෙකැයි’ සිතීය. ඉක්බිති සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගී තෙමේ ඒ මහජන සමූහයා යම් තැනෙක්හිද එහි පැමිණියේය. සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගී තෙමේ මහත් පිරිසක් පිරිවරා බණ වදාරමින් වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. දැක ඔහුට මේ අදහසවිය. මෙහි කිසි කෑ යුතු දෙයක්වත් බුදිය යුතු දෙයක් වත් නොබෙදනු ලබයි. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිසට දම් දෙසයි. මමත් බණ අසන්නෙම් නම් යෙහෙකැයි’ සිතක් විය. ‘මමත් බණ අසමියි” එහිම එකත්පසෙක හුන්නේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සියළු පිරිසගේ සිත් තම සිතින් දැන කවරෙක් මෙහි ධර්මය අවබෝධ කරන්නට සමර්ථදැයි සිහි කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිසෙහි සිටි සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගියා දුටුසේක. දැක, උන්වහන්සේට ‘මේ තෙමේ වනාහි මෙහි ධර්මය අවබෝධ කරන්ට සුදුසුයයි’ සිතූ සේක.
[5] සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගියා වෙනුවෙන් දාන කථා, ශීල කථා, ස්වර්ග කථා, කම්සැපයේ දෝෂය, පහත් බව, කිලිටුවීම, ගිහිගෙන් නික්මීමෙහි අනුසස් යන මේ පිළිවෙළ කථාව ප්‍රකාශ කළ සේක. භාග්‍යවතුන් වහන්සේ සුවපත් මෘදු නීවරණ පහවූ, ඔද වැඩි, පැහැදුනු සිත් ඇති සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගියා යම් අවස්ථාවක දත් සේක්ද, ඉක්බිති බුදුවරුන්ගේ යම් තමාම උසස් වන ධර්ම දේශනාවක් ඇද්ද, ඒ දුක දුක ඉපදීමට හේතුව, දුක් නැති කිරීම, දුක්නැති කිරීමේ මාර්ගය ප්‍රකාශ කළ සේක. යම්සේ පහවූ කසට ඇති පිරිසිදු වස්ත්‍රයකට වහාම සායම් අල්වාගන්නේද, එසේම ඒ ආසනයේදීම සුප්‍රබුද්ධ නම් කුෂ්ටරෝගියාට කෙලෙස් රජස් පහවූ, කෙලෙස් මල පහවූ ධර්මඥානය පහළ විය. ඇතිවන ස්වභාව ඇති යම් ධර්මයක් වේද, ඒ සියල්ල නැතිවීම ස්වභාවකොට ඇත්තේයයි’ කියායි.
[6] ඉක්බිති සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගියා දක්නා ලද පැමිණෙනලද අවබෝධ කරණලද, බැසගත් චතුස්සත්‍ය ධර්ම ඇත්තේ පහවූ තරණය කළ සැක ඇත්තේ, විසාරදබවට පැමිණියේ බුද්ධශාසනයෙහි අනෙක් අනෙක් හේතුවක් නොදක්නේ බුදුන් යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ බුදුන් වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සුප්‍රබුද්ධ කුෂ්ටරෝගීතෙම භාග්‍යවතුන් වහන්සේට (ii) “ස්වාමීනි. ඉතා යහපති, ස්වාමීනි, ඉතා යහපති ස්වාමීනි යම්සේ යටිකුරුවූවක් උඩුකුරු කරන්නේද, වැසුනු දෙයක් වැසුම් හරින්නේද, මංමුළාවූවෙකුට පාර කියන්නේද, ඇස් ඇත්තේ රූප දකිත්වායි කළුවරෙහි තෙල් පහනක් දරන්නේද එසේම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය ප්‍රකාශ කළ සේක. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේද ධර්මයද, සංඝයාද සරණයමි. (iii) භවත් ගෞතමයන් වහන්සේ අද සිට දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු වසයෙන් මා දන්නා සේක්වායි” කීයේය.
[7] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු ගෙනහැර දක්වන ලද, සමාදන් කරවන ලද, උත්සාහ කරවණ ලද, සතුටු කරවන ලද සුප්‍රබුද්ධ කුෂ්ට රෝගියා භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව අස්නෙන් නැගිට බුදුන් වැඳ පැදකුණු කොට ගියේය. ඉක්බිති ළදරු වස්සෙකු ඇති දෙනක් සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගියාට ඇන ජීවිතය තොර කෙළේය.
ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක සිටි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු පෙන්වන ලද, සමාදන් කරවන ලද, උත්සාහ කරවන ලද, සතුටු කරවන ලද යම් ඒ සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගියෙක් වූයේද හෙතෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය. (ස්වභාවය) කවරේද පරලොව කෙසේ දැයි” ඇසූහ.
‘මහණෙනි, සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගියා පණ්ඩිතය. නවලෝකොත්තර ධර්මයට අනුව මාර්ග ඵල ඉපද වීය. ධර්මය හේතුවෙන් මා වෙහෙස නොකෙළේය. මහණෙනි, සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගී තෙමේ සංයෝජන (බැමි) තුනක් නැති කිරීමෙන් අපායේ නොවැටෙන නිවනට නියම, අවබෝධය එකම පිහිට කොට ඇති සොවාන්වූවෙකියි” වදාළසේක. මෙසේ වදාළ කල්හි එක්තරා භික්‍ෂූවක්, “ස්වාමීනි, යම් කරුණකින් සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගී තෙම දිළිඳු මිනිසෙක් දුගී මිනිසෙක් අසරණ මිනිසෙක් වූයේද මීට හේතු කවරේද කාරණා කවරේදැයි” ඇසීය.
“මහණෙනි, බොහෝ පෙර සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගී තෙමේ මේ රජගහනුවර සිටු පුත්‍රයෙක් විය. හෙතෙම උයනට යන්නේ නුවරට පිඬු පිණිස ඇතුල්වන තගරසිඛී පසේ බුදුන් දුටුවේය. දැක ඇවිදින මේ කුෂ්ට රෝගියා කවරෙක් දැයි කෙලගසා අගෞරව කොට ගියේය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් බොහෝ වර්ෂ ගණනක් බොහෝ වර්ෂ සිය ගණනක් බොහෝ වර්ෂ දහස් ගණනක් බොහෝ වර්ෂ ලක්‍ෂ ගණනක් නරකයෙහි පැසුනේය. ඒ කර්මයාගේම ඉතිරි විපාකයෙන් මේ රජගහ නුවර දිළිඳු මිනිසෙක් විය. දුගී මිනිසෙක් විය, අසරණ මිනිසෙක් විය. හෙතෙම තථාගතයන් ප්‍රකාශ කරණ ලද ධර්ම විනය දැන ශ්‍රද්ධාව ලැබුවේය. සිල්සමාදන් විය. ඇසීම ලැබීය. ත්‍යාගය ලැබීය, සම්‍යක් දෘෂ්ටිය ලැබීය. ප්‍රඥාව ලබා, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු දිව්‍යලෝකයෙහි උපන්නේය. තව්තිසා දෙවියන් හා වාසයට ගියේය. හෙතෙම එහි වර්ණයෙන්ද යසසින්ද සෙසු දෙවියන්ට වඩා බබලයි” යයි වදාළසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළසේක.
“වීර්යය ඇතිකල්හිත් ඇස ඇතත් විෂමව පීවත් වෙත් මනුෂ්‍යලෝකයෙහි පණ්ඩිත තෙම පටු දුරු කරන්නේය.”
4. කුමාරකසුත්තං 4. කුමාරක ජුණ්හ සූත්‍රය
5. උපොසථසුත්තං 5. උපොසථකරණ සූත්‍රය
6. සොණසුත්තං 6. සොණ කුරරඝරික සූත්‍රය
7. කඞ්ඛාරෙවතසුත්තං 7. කංඛාරෙවත සූත්‍රය
8. සඞ්ඝභෙදසුත්තං 8. ආනන්ද දෙවදත්ත සූත්‍රය
9. සධායමානසුත්තං 9. වධායමාන රූප සූත්‍රය
10. චූළපන්ථකසුත්තං 10. චුල්ලපන්ථක සූත්‍රය