ත්‍රිපිටකය
5. සොණවග්ගො (මහාවග්ග (අට්ඨකථාය සමෙති)) 5. සොරණ වර්ගය
1. පියතරසුත්තං 1. අත්තපිය සූත්‍රය
2. අප්පායුකසුත්තං 2. අප්පායුක සූත්‍රය
42
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො සායන්හසමයං පටිසල්ලානා (පටිසල්ලාණා (සී.)) වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! යාව අප්පායුකා හි, භන්තෙ, භගවතො මාතා අහොසි, සත්තාහජාතෙ භගවති භගවතො මාතා කාලමකාසි, තුසිතං කායං උපපජ්ජී’’ති.
‘‘එවමෙතං, ආනන්ද (එවමෙතං ආනන්ද එවමෙතං ආනන්ද (ස්‍යා.)), අප්පායුකා හි, ආනන්ද, බොධිසත්තමාතරො හොන්ති. සත්තාහජාතෙසු බොධිසත්තෙසු බොධිසත්තමාතරො කාලං කරොන්ති, තුසිතං කායං උපපජ්ජන්තී’’ති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘යෙ කෙචි භූතා භවිස්සන්ති යෙ වාපි,
සබ්බෙ ගමිස්සන්ති පහාය දෙහං;
තං සබ්බජානිං කුසලො විදිත්වා,
ආතාපියො බ්‍රහ්මචරියං චරෙය්‍යා’’ති. දුතියං;
42
(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යුතුයි.)
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙමේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ මවුතොමෝ මෙපමණ අඩු ආයුෂ ඇත්තීවූවාය. භාග්‍යවතුන් වහන්සේ ඉපිද සත්වෙනි දින භාග්‍යවතුන් වහන්සේගේ මවු කළුරිය කළාය. තුසීලොව උපන්නීය. ස්වාමීනි, මෙය ආශ්චර්‍ය්‍යයි. ස්වාමීනි, මෙය පුදුමයි.”
“ආනන්‍දය, මෙය එසේමය. බෝසත් මවුවරු අඩු ආයුෂ ඇත්තෝය. බෝසතුන් ඉපිද සත්වෙනි දවස බෝසත් මවුවරු කළුරිය කරත්. තුසී පුර උපදියයි” වදාළේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළසේක.
“ඇතිවූ මේ කෙනෙක් වෙත්ද, ඒ සියල්ලෝ ශරීරය හැරයත්, ඒ සියලු හානිය දක්‍ෂයා දැන කෙලෙස් තවන වීර්ය ඇතිව බ්‍රහ්මචර්යයාවෙහි හැසිරෙන්නේය.”
3. සුප්පබුද්ධකුට්ඨිසුත්තං 3. සුප්පබුද්ධ කුට්ඨි සූත්‍රය
4. කුමාරකසුත්තං 4. කුමාරක ජුණ්හ සූත්‍රය
5. උපොසථසුත්තං 5. උපොසථකරණ සූත්‍රය
6. සොණසුත්තං 6. සොණ කුරරඝරික සූත්‍රය
7. කඞ්ඛාරෙවතසුත්තං 7. කංඛාරෙවත සූත්‍රය
8. සඞ්ඝභෙදසුත්තං 8. ආනන්ද දෙවදත්ත සූත්‍රය
9. සධායමානසුත්තං 9. වධායමාන රූප සූත්‍රය
10. චූළපන්ථකසුත්තං 10. චුල්ලපන්ථක සූත්‍රය