5. සොණවග්ගො (මහාවග්ග (අට්ඨකථාය සමෙති)) | 5. සොරණ වර්ගය |
1. පියතරසුත්තං | 1. අත්තපිය සූත්‍රය |
41
එවං
‘‘නත්ථි ඛො මෙ, මහාරාජ, කොචඤ්ඤො අත්තනා පියතරො. තුය්හං පන, මහාරාජ, අත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො’’ති? ‘‘මය්හම්පි ඛො, මල්ලිකෙ, නත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො’’ති.
අථ ඛො රාජා පසෙනදි කොසලො පාසාදා ඔරොහිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච -
‘‘ඉධාහං, භන්තෙ, මල්ලිකාය දෙවියා සද්ධිං උපරිපාසාදවරගතො මල්ලිකං දෙවිං එතදවොචං - ‘අත්ථි නු ඛො තෙ, මල්ලිකෙ, කොචඤ්ඤො අත්තනා පියතරො’ති? එවං වුත්තෙ, මල්ලිකා දෙවී මං එතදවොච - ‘නත්ථි ඛො මෙ, මහාරාජ, කොචඤ්ඤො අත්තනා පියතරො. තුය්හං පන, මහාරාජ, අත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො’ති? එවං වුත්තෙ, අහං, භන්තෙ, මල්ලිකං දෙවිං එතදවොචං - ‘මය්හම්පි ඛො, මල්ලිකෙ, නත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො’’’ති.
අථ
‘‘සබ්බා
නෙවජ්ඣගා පියතරමත්තනා ක්වචි;
එවං පියො පුථු අත්තා පරෙසං,
තස්මා න හිංසෙ පරමත්තකාමො’’ති. පඨමං;
|
41
(මේ ඡේදය 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය මෙනි.)
ඒ කාලයෙහි පසේනදි කොසොල් රජ තෙම මල්ලිකාදේවි සමග මහා ප්‍රාසාදය මත්තේ සිටියේවේ. ඉක්බිති පසේනදී
කොසොල් රජතෙම මල්ලිකාදේවිට “මල්ලිකාවෙනි, තොපට තමාට වඩා අතිශයින් ප්‍රිය කෙනෙක් ඇද්දැයි” ඇසීය. “මහරජ, මට මට වඩා ප්‍රිය අන්කිසිවෙක් නැතැයි” කීවාය. මහරජ, ඔබට ඔබට වඩා ප්‍රිය අන්කෙනෙක් ඇත්දැයි” ඇසුවාය.
“මල්ලිකාවෙනි මටත් මට වඩා ප්‍රිය අන් කෙනෙක් නැතැයි” කීයේය.
ඉක්බිති පසේනදී කොසොල් රජ තෙම ප්‍රාසාදයෙන් බැස භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටි පසේනදී කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේට, ස්වාමීනි මම මල්ලිකා දේවිය සමග මහාප්රාසාදය මත්තෙහි සිටියේය. මල්ලිකා දේවියගෙන් ‘මල්ලිකාවෙනි තොපට තමාට වඩා අතිශයින් ප්‍රිය කෙනෙක් ඇද්දැයි’ ඇසීමි. මෙසේ ඇසූ කල්හි මල්ලිකා දේවී ‘මට, මහරජ මට වඩා ප්‍රිය කෙනෙක් නැතැයි’ උත්තර දුන්නාය. ‘මහරජ, ඔබටවත් ඔබට වඩා ප්‍රිය අන්කෙනෙක් ඇද්දැයි’ ඈ ඇසුවාය. ස්වාමීනි, මෙසේ කියනු ලැබූ මම මල්ලිකා දේවීට ‘මල්ලිකාවෙනි, මටද මට වඩා ප්‍රිය කෙනෙක් නැතැයි’ කීවෙමි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන, ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කළ සේක.
“සියලු දිශාවන් සිතින් සොයා තමාට වඩා ප්‍රිය කිසි කෙනෙක් නොලදිමි. මෙසේ අනුන්ටත් තමා ඉතා ප්‍රියය. එහෙයින් තමහට හිත කැමැත්තේ අනුන්ට හිංසා නොකරන්නේය.”
|
2. අප්පායුකසුත්තං | 2. අප්පායුක සූත්‍රය |
42
එවං
‘‘එවමෙතං, ආනන්ද
(එවමෙතං ආනන්ද එවමෙතං ආනන්ද (ස්‍යා.)), අප්පායුකා හි, ආනන්ද, බොධිසත්තමාතරො හොන්ති. සත්තාහජාතෙසු බොධිසත්තෙසු බොධිසත්තමාතරො කාලං කරොන්ති, තුසිතං කායං උපපජ්ජන්තී’’ති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘යෙ කෙචි භූතා භවිස්සන්ති යෙ වාපි,
සබ්බෙ ගමිස්සන්ති පහාය දෙහං;
තං සබ්බජානිං කුසලො විදිත්වා,
ආතාපියො බ්රහ්මචරියං චරෙය්යා’’ති. දුතියං;
|
42
(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යුතුයි.)
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙමේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ මවුතොමෝ මෙපමණ අඩු ආයුෂ ඇත්තීවූවාය. භාග්‍යවතුන් වහන්සේ ඉපිද සත්වෙනි දින භාග්‍යවතුන් වහන්සේගේ මවු කළුරිය කළාය. තුසීලොව උපන්නීය. ස්වාමීනි, මෙය ආශ්චර්ය්යයි. ස්වාමීනි, මෙය පුදුමයි.”
“ආනන්දය, මෙය එසේමය. බෝසත් මවුවරු අඩු ආයුෂ ඇත්තෝය. බෝසතුන් ඉපිද සත්වෙනි දවස බෝසත් මවුවරු කළුරිය කරත්. තුසී පුර උපදියයි” වදාළේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළසේක.
“ඇතිවූ මේ කෙනෙක් වෙත්ද, ඒ සියල්ලෝ ශරීරය හැරයත්, ඒ සියලු හානිය දක්ෂයා දැන කෙලෙස් තවන වීර්ය ඇතිව බ්‍රහ්මචර්යයාවෙහි හැසිරෙන්නේය.”
|
3. සුප්පබුද්ධකුට්ඨිසුත්තං | 3. සුප්පබුද්ධ කුට්ඨි සූත්‍රය |
43
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ
අද්දසා ඛො සුප්පබුද්ධො කුට්ඨී තං මහාජනකායං දූරතොව සන්නිපතිතං. දිස්වානස්ස එතදහොසි - ‘‘නිස්සංසයං ඛො එත්ථ කිඤ්චි ඛාදනීයං වා භොජනීයං වා භාජීයති
(භාජීයිස්සති (සී.)). යංනූනාහං යෙන සො මහාජනකායො තෙනුපසඞ්කමෙය්යං. අප්පෙව නාමෙත්ථ කිඤ්චි ඛාදනීයං වා භොජනීයං වා ලභෙය්ය’’න්ති.
අථ
අථ ඛො භගවා සබ්බාවන්තං
අථ ඛො සුප්පබුද්ධො කුට්ඨී දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථංකථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථු සාසනෙ උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සුප්පබුද්ධො කුට්ඨී භගවන්තං එතදවොච -
‘‘අභික්කන්තං
අථ
අථ ඛො සම්බහුලා
‘‘පණ්ඩිතො, භික්ඛවෙ, සුප්පබුද්ධො කුට්ඨී; පච්චපාදි ධම්මස්සානුධම්මං; න ච මං ධම්මාධිකරණං විහෙසෙසි. සුප්පබුද්ධො, භික්ඛවෙ, කුට්ඨී තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’’ති.
එවං වුත්තෙ, අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො යෙන සුප්පබුද්ධො කුට්ඨී අහොසි - මනුස්සදලිද්දො, මනුස්සකපණො, මනුස්සවරාකො’’ති?
‘‘භූතපුබ්බං, භික්ඛවෙ, සුප්පබුද්ධො කුට්ඨී ඉමස්මිංයෙව රාජගහෙ සෙට්ඨිපුත්තො අහොසි. සො උය්යානභූමිං නිය්යන්තො අද්දස තගරසිඛිං
(තග්ගරසිඛිං (ක.)) පච්චෙකබුද්ධං නගරං පිණ්ඩාය පවිසන්තං. දිස්වානස්ස එතදහොසි - ‘ක්වායං කුට්ඨී කුට්ඨිචීවරෙන විචරතී’ති? නිට්ඨුභිත්වා අපසබ්යතො
(අපබ්යාමතො (ස්‍යා. සං. නි. 1.255)) කරිත්වා පක්කාමි. සො තස්ස කම්මස්ස විපාකෙන බහූනි වස්සසතානි බහූනි වස්සසහස්සානි බහූනි වස්සසතසහස්සානි නිරයෙ පච්චිත්ථ. තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘චක්ඛුමා විසමානීව, විජ්ජමානෙ පරක්කමෙ;
පණ්ඩිතො ජීවලොකස්මිං, පාපානි පරිවජ්ජයෙ’’ති. තතියං;
|
43
(මෙහි 1 වර්ගයේ 6 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යුතුයි.)
ඒ කාලයෙහි රජගහනුවර සුප්රබුද්ධ නම් කුෂ්ට ඇති දිළිඳු මිනිහෙක් විය. ඔහු මිනිස් දුගියෙක් වේ. මිනිස් අසරණයෙක් වේ. ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් පිරිවරන ලද්දේ බණ වදාරමින් හුන්නේ විය.
සුප්රබුද්ධ නම් කුෂ්ට රෝගී තෙමේ රැස්වූ ඒ මහජන සමූහයා දුරින්ම දුටුවේය. දැක ඔහුට ‘නිසැකයෙන් මෙහි කෑයුතු දෙයක් හෝ බුදිය යුතු දෙයක් හෝ බෙදනු ලබයි. ඒ මහජන සමූහයා යම්තැනෙක්හිද එහි යන්නෙම් නම් යෙහෙක. මෙහිදී කිසි කෑ යුතු දෙයක් හෝ බුදිය යුතු දෙයක් හෝ ලබන්නේ නම් යෙහෙකැයි’ සිතීය. ඉක්බිති සුප්රබුද්ධ නම් කුෂ්ට රෝගී තෙමේ ඒ මහජන සමූහයා යම් තැනෙක්හිද එහි පැමිණියේය. සුප්රබුද්ධ නම් කුෂ්ට රෝගී තෙමේ මහත් පිරිසක් පිරිවරා බණ වදාරමින් වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. දැක ඔහුට මේ අදහසවිය. මෙහි කිසි කෑ යුතු දෙයක්වත් බුදිය යුතු දෙයක් වත් නොබෙදනු ලබයි. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිසට දම් දෙසයි. මමත් බණ අසන්නෙම් නම් යෙහෙකැයි’ සිතක් විය. ‘මමත් බණ අසමියි” එහිම එකත්පසෙක හුන්නේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සියළු පිරිසගේ සිත් තම සිතින් දැන කවරෙක් මෙහි ධර්මය අවබෝධ කරන්නට සමර්ථදැයි සිහි කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිසෙහි සිටි සුප්රබුද්ධ නම් කුෂ්ට රෝගියා දුටුසේක. දැක, උන්වහන්සේට ‘මේ තෙමේ වනාහි මෙහි ධර්මය අවබෝධ කරන්ට සුදුසුයයි’ සිතූ සේක.
[5] සුප්රබුද්ධ නම් කුෂ්ට රෝගියා වෙනුවෙන් දාන කථා, ශීල කථා, ස්වර්ග කථා, කම්සැපයේ දෝෂය, පහත් බව, කිලිටුවීම, ගිහිගෙන් නික්මීමෙහි අනුසස් යන මේ පිළිවෙළ කථාව ප්‍රකාශ කළ සේක. භාග්‍යවතුන් වහන්සේ සුවපත් මෘදු නීවරණ පහවූ, ඔද වැඩි, පැහැදුනු සිත් ඇති සුප්රබුද්ධ නම් කුෂ්ට රෝගියා යම් අවස්ථාවක දත් සේක්ද, ඉක්බිති බුදුවරුන්ගේ යම් තමාම උසස් වන ධර්ම දේශනාවක් ඇද්ද, ඒ දුක දුක ඉපදීමට හේතුව, දුක් නැති කිරීම, දුක්නැති කිරීමේ මාර්ගය ප්‍රකාශ කළ සේක. යම්සේ පහවූ කසට ඇති පිරිසිදු වස්ත්‍රයකට වහාම සායම් අල්වාගන්නේද, එසේම ඒ ආසනයේදීම සුප්රබුද්ධ නම් කුෂ්ටරෝගියාට කෙලෙස් රජස් පහවූ, කෙලෙස් මල පහවූ ධර්මඥානය පහළ විය. ඇතිවන ස්වභාව ඇති යම් ධර්මයක් වේද, ඒ සියල්ල නැතිවීම ස්වභාවකොට ඇත්තේයයි’ කියායි.
[6] ඉක්බිති සුප්රබුද්ධ නම් කුෂ්ට රෝගියා දක්නා ලද පැමිණෙනලද අවබෝධ කරණලද, බැසගත් චතුස්සත්‍ය ධර්ම ඇත්තේ පහවූ තරණය කළ සැක ඇත්තේ, විසාරදබවට පැමිණියේ බුද්ධශාසනයෙහි අනෙක් අනෙක් හේතුවක් නොදක්නේ බුදුන් යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ බුදුන් වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සුප්රබුද්ධ කුෂ්ටරෝගීතෙම භාග්‍යවතුන් වහන්සේට (ii) “ස්වාමීනි. ඉතා යහපති, ස්වාමීනි, ඉතා යහපති ස්වාමීනි යම්සේ යටිකුරුවූවක් උඩුකුරු කරන්නේද, වැසුනු දෙයක් වැසුම් හරින්නේද, මංමුළාවූවෙකුට පාර කියන්නේද, ඇස් ඇත්තේ රූප දකිත්වායි කළුවරෙහි තෙල් පහනක් දරන්නේද එසේම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය ප්‍රකාශ කළ සේක. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේද ධර්මයද, සංඝයාද සරණයමි. (iii) භවත් ගෞතමයන් වහන්සේ අද සිට දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු වසයෙන් මා දන්නා සේක්වායි” කීයේය.
[7] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු ගෙනහැර දක්වන ලද, සමාදන් කරවන ලද, උත්සාහ කරවණ ලද, සතුටු කරවන ලද සුප්රබුද්ධ කුෂ්ට රෝගියා භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව අස්නෙන් නැගිට බුදුන් වැඳ පැදකුණු කොට ගියේය. ඉක්බිති ළදරු වස්සෙකු ඇති දෙනක් සුප්රබුද්ධ නම් කුෂ්ට රෝගියාට ඇන ජීවිතය තොර කෙළේය.
ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක සිටි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු පෙන්වන ලද, සමාදන් කරවන ලද, උත්සාහ කරවන ලද, සතුටු කරවන ලද යම් ඒ සුප්රබුද්ධ නම් කුෂ්ට රෝගියෙක් වූයේද හෙතෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය. (ස්වභාවය) කවරේද පරලොව කෙසේ දැයි” ඇසූහ.
‘මහණෙනි, සුප්රබුද්ධ නම් කුෂ්ට රෝගියා පණ්ඩිතය. නවලෝකොත්තර ධර්මයට අනුව මාර්ග ඵල ඉපද වීය. ධර්මය හේතුවෙන් මා වෙහෙස නොකෙළේය. මහණෙනි, සුප්රබුද්ධ නම් කුෂ්ට රෝගී තෙමේ සංයෝජන (බැමි) තුනක් නැති කිරීමෙන් අපායේ නොවැටෙන නිවනට නියම, අවබෝධය එකම පිහිට කොට ඇති සොවාන්වූවෙකියි” වදාළසේක. මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂූවක්, “ස්වාමීනි, යම් කරුණකින් සුප්රබුද්ධ නම් කුෂ්ට රෝගී තෙම දිළිඳු මිනිසෙක් දුගී මිනිසෙක් අසරණ මිනිසෙක් වූයේද මීට හේතු කවරේද කාරණා කවරේදැයි” ඇසීය.
“මහණෙනි, බොහෝ පෙර සුප්රබුද්ධ නම් කුෂ්ට රෝගී තෙමේ මේ රජගහනුවර සිටු පුත්‍රයෙක් විය. හෙතෙම උයනට යන්නේ නුවරට පිඬු පිණිස ඇතුල්වන තගරසිඛී පසේ බුදුන් දුටුවේය. දැක ඇවිදින මේ කුෂ්ට රෝගියා කවරෙක් දැයි කෙලගසා අගෞරව කොට ගියේය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් බොහෝ වර්ෂ ගණනක් බොහෝ වර්ෂ සිය ගණනක් බොහෝ වර්ෂ දහස් ගණනක් බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නරකයෙහි පැසුනේය. ඒ කර්මයාගේම ඉතිරි විපාකයෙන් මේ රජගහ නුවර දිළිඳු මිනිසෙක් විය. දුගී මිනිසෙක් විය, අසරණ මිනිසෙක් විය. හෙතෙම තථාගතයන් ප්‍රකාශ කරණ ලද ධර්ම විනය දැන ශ්‍රද්ධාව ලැබුවේය. සිල්සමාදන් විය. ඇසීම ලැබීය. ත්‍යාගය ලැබීය, සම්‍යක් දෘෂ්ටිය ලැබීය. ප්‍රඥාව ලබා, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු දිව්‍යලෝකයෙහි උපන්නේය. තව්තිසා දෙවියන් හා වාසයට ගියේය. හෙතෙම එහි වර්ණයෙන්ද යසසින්ද සෙසු දෙවියන්ට වඩා බබලයි” යයි වදාළසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළසේක.
“වීර්යය ඇතිකල්හිත් ඇස ඇතත් විෂමව පීවත් වෙත් මනුෂ්‍යලෝකයෙහි පණ්ඩිත තෙම පටු දුරු කරන්නේය.”
|
4. කුමාරකසුත්තං | 4. කුමාරක ජුණ්හ සූත්‍රය |
44
එවං
අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො භගවා තෙ සම්බහුලෙ කුමාරකෙ අන්තරා ච සාවත්ථිං අන්තරා ච ජෙතවනං මච්ඡකෙ බාධෙන්තෙ. දිස්වාන යෙන තෙ කුමාරකා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තෙ කුමාරකෙ එතදවොච - ‘‘භායථ වො, තුම්හෙ කුමාරකා, දුක්ඛස්ස, අප්පියං වො දුක්ඛ’’න්ති? ‘‘එවං, භන්තෙ, භායාම මයං, භන්තෙ, දුක්ඛස්ස
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘සචෙ භායථ දුක්ඛස්ස, සචෙ වො දුක්ඛමප්පියං;
මාකත්ථ පාපකං කම්මං, ආවි වා යදි වා රහො.
‘‘සචෙ ච පාපකං කම්මං, කරිස්සථ කරොථ වා;
න වො දුක්ඛා පමුත්යත්ථි, උපෙච්චපි
(උපච්චපි (ක.), උප්පච්චපි (?), උප්පතිත්වාපි ඉති අත්ථො) පලායත’’න්ති. චතුත්ථං;
|
44
(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යුතුයි.)
ඒ කාලයෙහි බොහෝ ළමයි සැවත් නුවරටද ජේතවනයටද අතරෙහි මසුන් මරත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලාවෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරටද ජේතවනයටද අතරෙහි මසුන් මරණ ළමයින් දැක ඒ ළමයින් වෙත පැමිණිසේක. පැමිණ ඒ ළමයින්ට “ළමයිනි, නුඹලා දුකට බියද, තොපට දුක අප්‍රිය දැයි” ඇසූහ. “ස්වාමීනි, එසේය. ස්වාමීනි, අපි දුකට බිය වෙමු. අපට දුක අප්‍රියයයි” කීවාහුය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළසේක.
“ඉදින් තොපි දුකට බියනම් ඉදින් තොපට දුක අප්‍රිය නම් ඉදිරිපිට හෝ රහසිගතව හෝ පවිටු කර්මයක් නොකරව්. යම් පාපකර්මයක් මතු කරන්නහුද දැන් කරන්නහුද පැනයතත් තොපට එහි විපාකයට පැමිණ මිස දුකින් මිදීමක් නැත.”
|
5. උපොසථසුත්තං | 5. උපොසථකරණ සූත්‍රය |
45
එවං
අථ ඛො ආයස්මා ආනන්දො අභික්කන්තාය රත්තියා, නික්ඛන්තෙ පඨමෙ යාමෙ, උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං
(චීවරං (සබ්බත්ථ)) කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තා, භන්තෙ, රත්ති; නික්ඛන්තො පඨමො යාමො; චිරනිසින්නො භික්ඛුසඞ්ඝො; උද්දිසතු, භන්තෙ, භගවා භික්ඛූනං පාතිමොක්ඛ’’න්ති. එවං වුත්තෙ, භගවා තුණ්හී අහොසි.
දුතියම්පි ඛො ආයස්මා ආනන්දො අභික්කන්තාය රත්තියා, නික්ඛන්තෙ මජ්ඣිමෙ යාමෙ, උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තා, භන්තෙ, රත්ති; නික්ඛන්තො මජ්ඣිමො යාමො; චිරනිසින්නො භික්ඛුසඞ්ඝො; උද්දිසතු, භන්තෙ, භගවා භික්ඛූනං පාතිමොක්ඛ’’න්ති. දුතියම්පි ඛො භගවා තුණ්හී
තතියම්පි ඛො ආයස්මා ආනන්දො අභික්කන්තාය රත්තියා, නික්ඛන්තෙ
අථ ඛො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස එතදහොසි - ‘‘කං නු ඛො භගවා පුග්ගලං සන්ධාය එවමාහ - ‘අපරිසුද්ධා, ආනන්ද, පරිසා’ති? අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො සබ්බාවන්තං භික්ඛුසඞ්ඝං චෙතසා චෙතො පරිච්ච මනසාකාසි. අද්දසා ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං පුග්ගලං දුස්සීලං පාපධම්මං අසුචිං සඞ්කස්සරසමාචාරං පටිච්ඡන්නකම්මන්තං අසමණං සමණපටිඤ්ඤං අබ්රහ්මචාරිං බ්රහ්මචාරිපටිඤ්ඤං අන්තොපූතිං අවස්සුතං කසම්බුජාතං මජ්ඣෙ භික්ඛුසඞ්ඝස්ස නිසින්නං. දිස්වාන උට්ඨායාසනා යෙන සො පුග්ගලො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තං
දුතියම්පි ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං පුග්ගලං එතදවොච - ‘‘උට්ඨෙහි, ආවුසො, දිට්ඨොසි භගවතා; නත්ථි තෙ භික්ඛූහි සද්ධිං සංවාසො’’ති. දුතියම්පි ඛො...පෙ....
අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං පුග්ගලං බාහායං ගහෙත්වා බහිද්වාරකොට්ඨකා නික්ඛාමෙත්වා සූචිඝටිකං දත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච - ‘‘නික්ඛාමිතො, භන්තෙ, සො පුග්ගලො මයා. පරිසුද්ධා පරිසා. උද්දිසතු, භන්තෙ, භගවා භික්ඛූනං පාතිමොක්ඛ’’න්ති. ‘‘අච්ඡරියං, මොග්ගල්ලාන, අබ්භුතං, මොග්ගල්ලාන! යාව බාහාගහණාපි නාම සො මොඝපුරිසො ආගමෙස්සතී’’ති!
අථ ඛො
‘‘අට්ඨිමෙ, භික්ඛවෙ, මහාසමුද්දෙ අච්ඡරියා අබ්භුතා ධම්මා, යෙ දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති. කතමෙ අට්ඨ?
‘‘මහාසමුද්දො, භික්ඛවෙ, අනුපුබ්බනින්නො අනුපුබ්බපොණො අනුපුබ්බපබ්භාරො, න ආයතකෙනෙව පපාතො. යම්පි
(යං (සී. ස්‍යා. ක.)), භික්ඛවෙ, මහාසමුද්දො අනුපුබ්බනින්නො අනුපුබ්බපොණො අනුපුබ්බපබ්භාරො න ආයතකෙනෙව පපාතො; අයං, භික්ඛවෙ, මහාසමුද්දෙ පඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො, යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
‘‘පුන
‘‘පුන
‘‘පුන චපරං, භික්ඛවෙ, යා කාචි මහානදියො, සෙය්යථිදං - ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී, තා මහාසමුද්දං පත්වා
(පත්තා (ස්‍යා. පී. ක.)) ජහන්ති පුරිමානි නාමගොත්තානි; ‘මහාසමුද්දො’ත්වෙව සඞ්ඛං ගච්ඡන්ති. යම්පි, භික්ඛවෙ, යා කාචි මහානදියො, සෙය්යථිදං - ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී තා මහාසමුද්දං පත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, ‘මහාසමුද්දො’ත්වෙව සඞ්ඛං ගච්ඡන්ති; අයං, භික්ඛවෙ, මහාසමුද්දෙ චතුත්ථො අච්ඡරියො අබ්භුතො ධම්මො, යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
‘‘පුන චපරං, භික්ඛවෙ, යා ච ලොකෙ සවන්තියො මහාසමුද්දං අප්පෙන්ති, යා ච අන්තලික්ඛා ධාරා පපතන්ති, න තෙන මහාසමුද්දස්ස
‘‘පුන චපරං, භික්ඛවෙ, මහාසමුද්දො එකරසො ලොණරසො. යම්පි, භික්ඛවෙ, මහාසමුද්දො එකරසො ලොණරසො; අයං, භික්ඛවෙ, මහාසමුද්දෙ ඡට්ඨො අච්ඡරියො අබ්භුතො ධම්මො, යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
‘‘පුන චපරං, භික්ඛවෙ, මහාසමුද්දො බහුරතනො අනෙකරතනො. තත්රිමානි රතනානි, සෙය්යථිදං - මුත්තා මණි වෙළුරියො සඞ්ඛො සිලා පවාළං
‘‘පුන
‘‘එවමෙව ඛො, භික්ඛවෙ, ඉමස්මිං ධම්මවිනයෙ අට්ඨ අච්ඡරියා අබ්භුතා ධම්මා, යෙ දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති. කතමෙ අට්ඨ?
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, මහාසමුද්දො අනුපුබ්බනින්නො අනුපුබ්බපොණො අනුපුබ්බපබ්භාරො, න ආයතකෙනෙව පපාතො; එවමෙව ඛො, භික්ඛවෙ, ඉමස්මිං ධම්මවිනයෙ අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා, න ආයතකෙනෙව අඤ්ඤාපටිවෙධො. යම්පි, භික්ඛවෙ, ඉමස්මිං ධම්මවිනයෙ අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා, න ආයතකෙනෙව අඤ්ඤාපටිවෙධො; අයං, භික්ඛවෙ, ඉමස්මිං ධම්මවිනයෙ පඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො, යං දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති.
‘‘සෙය්යථාපි
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, මහාසමුද්දො න මතෙන කුණපෙන සංවසති; යං හොති මහාසමුද්දෙ මතං කුණපං තං ඛිප්පමෙව තීරං වාහෙති, ථලං උස්සාරෙති; එවමෙව ඛො, භික්ඛවෙ, යො සො පුග්ගලො දුස්සීලො පාපධම්මො අසුචි සඞ්කස්සරසමාචාරො පටිච්ඡන්නකම්මන්තො අස්සමණො සමණපටිඤ්ඤො
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, යා කාචි මහානදියො, සෙය්යථිදං - ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී තා මහාසමුද්දං පත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, ‘මහාසමුද්දො’ත්වෙව සඞ්ඛං ගච්ඡන්ති; එවමෙව ඛො, භික්ඛවෙ, චත්තාරො වණ්ණා - ඛත්තියා, බ්රාහ්මණා, වෙස්සා, සුද්දා තෙ තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා
(පබ්බජිතා (ක. සී.)) ජහන්ති පුරිමානි නාමගොත්තානි, ‘සමණා සක්යපුත්තියා’ත්වෙව සඞ්ඛං ගච්ඡන්ති. යම්පි, භික්ඛවෙ, චත්තාරො වණ්ණා - ඛත්තියා, බ්රාහ්මණා, වෙස්සා, සුද්දා තෙ තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, යා ච ලොකෙ සවන්තියො මහාසමුද්දං අප්පෙන්ති, යා ච අන්තලික්ඛා ධාරා පපතන්ති, න තෙන මහාසමුද්දස්ස ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති; එවමෙව ඛො, භික්ඛවෙ, බහූ චෙපි භික්ඛූ අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායන්ති, න තෙන නිබ්බානධාතුයා
‘‘සෙය්යථාපි
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, මහාසමුද්දො බහුරතනො අනෙකරතනො, තත්රිමානි රතනානි, සෙය්යථිදං - මුත්තා මණි වෙළුරියො සඞ්ඛො සිලා පවාළං රජතං ජාතරූපං ලොහිතඞ්ගො මසාරගල්ලං; එවමෙව ඛො, භික්ඛවෙ, අයං ධම්මවිනයො බහුරතනො අනෙකරතනො; තත්රිමානි රතනානි, සෙය්යථිදං - චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරො ඉද්ධිපාදා, පඤ්චින්ද්රියානි, පඤ්ච බලානි, සත්ත බොජ්ඣඞ්ගා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො. යම්පි, භික්ඛවෙ, අයං ධම්මවිනයො බහුරතනො අනෙකරතනො, තත්රිමානි රතනානි, සෙය්යථිදං - චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරො ඉද්ධිපාදා, පඤ්චින්ද්රියානි, පඤ්ච බලානි, සත්ත බොජ්ඣඞ්ගා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො; අයං, භික්ඛවෙ, ඉමස්මිං ධම්මවිනයෙ සත්තමො අච්ඡරියො අබ්භුතො ධම්මො, යං දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති.
‘‘සෙය්යථාපි
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘ඡන්නමතිවස්සති, විවටං නාතිවස්සති;
තස්මා ඡන්නං විවරෙථ, එවං තං නාතිවස්සතී’’ති. පඤ්චමං;
|
45
(මේ සූත්‍රයේ 1-8 ඡේදය අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ පළමුවෙනි පණ්ණාසකයේ 20 සූත්‍රයේ 1-9 ඡේද මෙනි.) (18 වෙනි පොතේ 1357 සිට බලන්න.)
(මෙහි 9-25 ඡේද අංගුත්තර නිකායේ 19 සූත්‍රයේ 2-21 ඡේද “පහරදය” වෙනුවට “මහණෙනි” යෙදීමෙන් සාදාගත හැක. (18 වෙනි පොතේ 1352 පිට බලන්න.)
[26] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ (තමන් වහන්සේගේ ශාසනයෙහි මළ සිරුරුවැනි දුශ්ශීල පුද්ගලයා සමග සංවාසය නැතැබව යයි කියන ලද) මේ කාරණය දැන (සංවාසයට නොසුදුසුවූද සංවාසයට සුදුසුවූද විභාගය කිරීම දක්වන්නාවු) මේ ප්‍රීති වාක්‍යය පහළ කළ සේක.
‘(ඇවතට පැමිණ වසන්නේද) ඇවැත් වැස්සද, කෙළෙස් වැස්සද, අතිසයින් වස්නේය. සබ්‍රම්සරුන්ට පවසන්නේද දහම් පරිද්දෙන් විනය පරිද්දෙන් පිළියම් කරන්නේද දෙසන්නේද නැගී සිටින්නේද අන් ඇවැතකට නොපැමිණේද ඔහු විසින්) විවෘත කරණ ලද්දේ වන්නේය.” (නැවත ආපත්ති වර්ෂාවද ක්ලෙශ වර්ෂාවද නොවස්නේය. එහෙයින් සඟවනලද (ඇවත) ප්‍රකාශ කරවු. එසේ ඇති කල්හි ඒ ඇවතට දුවත්. පුද්ගලයා (අත්බැව අතිශයින් විඳ කෙළෙස් වැස්සෙන් නොවස්නේය. (නොතෙමෙන්නේය.)”
|
6. සොණසුත්තං | 6. සොණ කුරරඝරික සූත්‍රය |
46
එවං
අථ ඛො සොණස්ස උපාසකස්ස කුටිකණ්ණස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘‘යථා යථා ඛො අය්යො මහාකච්චානො ධම්මං දෙසෙති නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යංනූනාහං
අථ ඛො සොණො උපාසකො කුටිකණ්ණො යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සොණො උපාසකො කුටිකණ්ණො ආයස්මන්තං මහාකච්චානං එතදවොච -
‘‘ඉධ මය්හං, භන්තෙ, රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘යථා යථා ඛො අය්යො මහාකච්චානො ධම්මං දෙසෙති නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යංනූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය’න්ති. පබ්බාජෙතු මං, භන්තෙ
එවං වුත්තෙ, ආයස්මා මහාකච්චානො සොණං උපාසකං කුටිකණ්ණං එතදවොච - ‘‘දුක්කරං ඛො, සොණ, යාවජීවං එකභත්තං එකසෙය්යං බ්රහ්මචරියං. ඉඞ්ඝ ත්වං, සොණ, තත්ථෙව ආගාරිකභූතො සමානො බුද්ධානං සාසනං අනුයුඤ්ජ කාලයුත්තං එකභත්තං එකසෙය්යං බ්‍රහ්මචරිය’’න්ති. අථ ඛො සොණස්ස උපාසකස්ස කුටිකණ්ණස්ස යො අහොසි පබ්බජ්ජාභිසඞ්ඛාරො සො පටිපස්සම්භි.
දුතියම්පි ඛො...පෙ....
තතියම්පි ඛො සොණස්ස උපාසකස්ස කුටිකණ්ණස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘‘යථා යථා ඛො අය්යො මහාකච්චානො ධම්මං දෙසෙති නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යංනූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය’’න්ති. තතියම්පි ඛො සොණො උපාසකො කුටිකණ්ණො
‘‘ඉධ මය්හං, භන්තෙ, රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘යථා යථා ඛො අය්යො මහාකච්චානො ධම්මං දෙසෙති නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං
අථ ඛො ආයස්මා මහාකච්චානො සොණං උපාසකං කුටිකණ්ණං පබ්බාජෙසි. තෙන ඛො පන සමයෙන අවන්තිදක්ඛිණාපථො
(අවන්ති දක්ඛිණපථො (සී.)) අප්පභික්ඛුකො හොති. අථ ඛො ආයස්මා මහාකච්චානො තිණ්ණං වස්සානං අච්චයෙන කිච්ඡෙන කසිරෙන තතො තතො දසවග්ගං භික්ඛුසඞ්ඝං සන්නිපාතෙත්වා ආයස්මන්තං සොණං උපසම්පාදෙසි.
අථ ඛො ආයස්මතො සොණස්ස වස්සංවුට්ඨස්ස
(වස්සංවුත්ථස්ස (සී. ස්‍යා. කං. පී.)) රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘‘න ඛො මෙ සො භගවා සම්මුඛා දිට්ඨො, අපි ච සුතොයෙව මෙ සො භගවා - ‘ඊදිසො ච ඊදිසො චා’ති. සචෙ මං උපජ්ඣායො අනුජානෙය්ය, ගච්ඡෙය්යාහං තං භගවන්තං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධ’’න්ති.
අථ ඛො ආයස්මා සොණො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සොණො ආයස්මන්තං මහාකච්චානං එතදවොච -
‘‘ඉධ
‘‘සාධු සාධු, සොණ; ගච්ඡ ත්වං, සොණ, තං භගවන්තං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධං
(සමාසම්බුද්ධන්ති (සබ්බත්ථ)). දක්ඛිස්සසි ත්වං, සොණ, තං භගවන්තං පාසාදිකං පසාදනීයං සන්තින්ද්රියං සන්තමානසං උත්තමදමථසමථමනුප්පත්තං දන්තං ගුත්තං යතින්ද්රියං නාගං. දිස්වාන මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං
(ඵාසුවිහාරඤ්ච (සී.)) පුච්ඡ - ‘උපජ්ඣායො මෙ, භන්තෙ, ආයස්මා මහාකච්චානො භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං
(ඵාසුවිහාරඤ්ච (සී.)) පුච්ඡතී’’’ති.
‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා සොණො ආයස්මතො මහාකච්චානස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා ආයස්මන්තං මහාකච්චානං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො, යෙන
‘‘කච්චි, භික්ඛු, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චිසි අප්පකිලමථෙන අද්ධානං ආගතො, න ච පිණ්ඩකෙන කිලන්තොසී’’ති? ‘‘ඛමනීයං භගවා, යාපනීයං භගවා, අප්පකිලමථෙන චාහං, භන්තෙ, අද්ධානං ආගතො, න පිණ්ඩකෙන කිලන්තොම්හී’’ති.
අථ
අථ
‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා සොණො භගවතො පටිස්සුත්වා සොළස අට්ඨකවග්ගිකානි සබ්බානෙව සරෙන අභණි. අථ ඛො භගවා ආයස්මතො සොණස්ස සරභඤ්ඤපරියොසානෙ අබ්භනුමොදි - ‘‘සාධු සාධු, භික්ඛු, සුග්ගහිතානි තෙ, භික්ඛු, සොළස අට්ඨකවග්ගිකානි සුමනසිකතානි සූපධාරිතානි, කල්යාණියාසි
(කල්යාණියා ච (ක.), කල්යාණියා චාසි (?)) වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගළාය අත්ථස්ස විඤ්ඤාපනියා. කති වස්සොසි ත්වං, භික්ඛූ’’ති? ‘‘එකවස්සො අහං භගවා’’ති. ‘‘කිස්ස පන ත්වං
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘දිස්වා ආදීනවං ලොකෙ, ඤත්වා ධම්මං නිරූපධිං;
අරියො න රමතී පාපෙ, පාපෙ න රමතී සුචී’’ති. ඡට්ඨං;
|
46
(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය යෙදියයුතුයි.)
[2] එකල්හි වනාහි ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිර තෙම අවන්තීරට කුරරඝර නම් නුවරෙහි ප්‍රපාත නම් පර්වතයෙහි වැඩ වෙසෙයි. එසමයෙහි වනාහි කුටිකණ්ණයයි ප්රසිද්ධවූ සොණ උපාසකතෙම ආයුෂ්මත් මහා කච්චායන තෙරණුවන්ට උවටැන් කරන්නේවෙයි. ඉක්බිති විවේකයට පැමිණ සිත එකඟකළාවූ (කෙළක්වටිනා) කන් පළඳනාවක් දරන්නාවූ සොණ උපාසකයාගේ සිතට මෙබඳු කල්පනාවෙක් උපන, (ii) ‘යම් යම් අයුරකින් මහාකච්චායන ස්වාමීන් වහන්සේ දහම් දෙසනසේක්ද, මේ ධර්මය ගිහිගෙයි වසන්නාහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණකොට එතැනින් පිරිසිදුකොට ලියූ සකක් හෝ පිරිසිදු සකක් වැනිකොට බ්‍රහ්මචර්යයෙහි හැසිරෙන්නට පහසු නොවෙයි. මම කෙස් රවුල් බාවා කසට පෙවූ වස්ත්‍ර හැඳපොරොවා ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා මැනව”යි.
[3] ඉක්බිති කුටිකණ්ණයයි ප්‍රසිද්ධ සොණ උපාසක තෙමේ (ii) ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරතෙම යම් තැනෙක වෙසේද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූම කුටිකණ්ණනම්වූ සොණ උපාසකතෙම ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේට මේ පුවත දැන්වීය :-“වහන්ස, මෙහි රහසිගතව සිත එකඟකළාවූ මාගේ සිතට මෙබඳු කල්පනාවෙක් පහළවීය:-‘යම් යම් ආකාරයකින් ස්වාමීවූ මහාකච්චායනයන් වහන්සේ ධර්මදේශනය කෙරෙද්ද, මේ ධර්මය ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණ කොට එකාන්තයෙන් පිරිසිදුකොට ලියනලද්දාවූ හෝ ශුද්ධ කරනලද්දාවූ සකක්සේ බඹසර හැසිරෙන්නට පහසු නොවන්නේය.
‘මම කෙස් රවුල් බාවා, කසාවක් හැඳ පොරොවා ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවන්නෙම් නම් ඉතා යෙහෙකැයි’ ස්වාමීනි, ආර්ය මහාකච්චායනයන් වහන්සේ මා පැවිදි කරනසේක්වා”යි (කීයේය.)
[4] මෙසේ කීකල්හි ආයුෂ්මත් මහාකච්චායන තෙර කුටිකණ්ණ නම් සොණ උපාසකයාට මෙය කීයේය:-(ii) “සොණයෙනි; දිවිහිම්කොට එකවේලේ අනුභව කරන බතද හුදකලාව සයනයකිරීමද මෛථුන විරතියද (නොහොත්) ශාසන බ්රහ්මචර්යයද දුෂ්කරමය. එබැවින් සොණය, තෝ ඒ ගිහිගෙහිම ගිහිවූයේම (නිත්‍ය ශීල උපොෂිතාදි බුදුරදුන්ගේ අනුශාසනයවු කාලයට යෝග්‍යවූ එක බතෙහිද මෙවුන්දමින් වැළැක්මෙහිද යෙදෙවයි” (කීය.) ඉක්බිති කුටිකණ්ණයයි ප්‍රකටවූ සොණ උපාසකයාගේ පැවිදිවීමට යම් උත්සාහයෙක්වීද, ඒ උත්සාහය සන්සිඳිණ.
[5] දෙවනුවද රහස්ගතවූ සිත එකඟ කළාවූ කුටිකණ්ණයයි දක්නාලද සෝණ උපාසකයාගේ සිතට මෙබඳු කල්පනාවෙක් පහළවීය:- (මෙහි 2 (ii) යෙදිය යුතුයි.) දෙවනුවත් කුටිකණ්ණයයි හඳුනලද සෝණ (මෙහි 3 (ii) යෙදිය යුතුයි.)
[6] දෙවනුවත් ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරතෙම කුටිකණ්ණයයි දක්නාලද සොණ උපාසකයාට මේ (මතු කියන) කරුණ කීයේය:- (මෙහි 4 (ii) යෙදිය යුතුයි.)
[7] තුන්වෙනුවද කෙළක් අගනා කන්පළඳනාවක් දරන්නාවූ රහසිගතවූ සිත එකඟ කළාවූ සොණ උපාසකයාගේ සිතට මෙබඳු අදහසෙක් පහළවීය:- (මෙහි 2 (ii) යෙදිය යුතුයි.) තුන්වෙනුවද කෙළක් අගනා කුණ්ඩලාභරණයක් දරන්නාවූ සෝණ උපාසකතෙම ආයුෂ්මත් (මෙහි 3 (ii) යෙදිය යුතුයි.) එකල්හි වනාහි ආයුෂ්මත් කච්චායන තෙර කෙළක් වටින කොඬොල් අබරණ දරන්නාවූ සෝණ උපාසකයා පැවිදි කෙළේය.
[8] එකල්හි වනාහි අවන්තීජනපදයෙහි (දකුණු පළාත) ස්වල්ප භික්ෂූන් ඇත්තේවෙයි. ඉක්බිති ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරතෙම තුන් අවුරුද්දක් ඇවෑමෙන් දුකින් මහන්සියෙන් ඒ ඒ තැනින් දශවර්ග භික්ෂු සංඝයා රැස්කරවා ආයුෂ්මත් සොණ (තෙරණහු) උපසපන් කරවීය.
[9] ඉක්බිති වස්විසූ කාය විවේකයට ගියාවූ සිත එකඟ කළාවූ සෝණ ආයුෂ්මත්හුගේ සිතට මෙබඳු කල්පනාවෙක් පහළවීය. (ii) මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මුඛයෙහි නොම දක්නා ලද්දාහුය. එසේවුවද ඒ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු කාය සම්පත්තියෙන් යුක්තසේකැයි මාගේ ඇසීම පමණෙක්මය. ඉදින් උපාධ්‍යායයන් වහන්සේ මට අනුදන්නා සේක්නම් ඒ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ දක්නට මම යන්නෙමි’යි.
[10] ඉක්බිති සොණ ආයුෂ්මත්තෙමේ සවස් වේලෙහි පලසමවතින් නැගීසිටියේ ආයුෂ්මත් මහාකච්චායනයන් වහන්සේ යම්තැනෙක වෙසෙද්ද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහාකච්චායනයන් වහන්සේට මනාකොට වැඳ එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවුම සොණ ආයුෂ්මත් තෙමේ ආයුෂ්මත් මහාකසයින් වහන්සේට මේ කාරණය සැළකෙළේය - “ස්වාමීනි, මෙහි රහසිගතවූ සිත එකඟ කළාවූ මාගේ සිතට මෙබඳු අදහසෙක් පහළවීය. (මෙහි 9 (ii) යෙදිය යුතුයි.)
“සාදු, සාදු, සොණයෙනි, අර්හත්වූ මනාව චතුස්සත්‍යය අවබෝධ කළාවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නට සොණය තෝ යව, සොණයෙනි, ප්‍රසාදය එළවන්නාවූ පැහැදීමට යොග්‍යවූ සන්සුන් ඉඳුරන් ඇති සන්සුන් සිත් ඇති උතුම්වූ සමථයටද දමථයටද පැමිණ සිටියාවූ දැමුනාවූ ගොපනයවූ සංයතවූ ඉඳුරන් ඇති නාග නම්වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නෙහිය. දැක මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා යුවල හිසින් වඳු, ආබාධ නැති නියාවද රෝග නැතිනියාවද සිරුර සැහැල්ලු කාරණයද ශරීර ශක්තියද සැපසේ විසීමද විචාරව, “ස්වාමීනි, මාගේ උපාධ්‍යායවූ මහාකච්චායනයන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් මස්තකයෙන් වඳිනසේක. ආබාධ නැති රොග නැති සිරුර සැහැල්ලුවීමට කරුණුවූ නොගිලන් නියාවද ශරීර ශක්තියද සැපසේ විසීමද විචරණසේකැ’යි කියවයි (කීය.)
“එසේය ස්වාමීනි,” (කියා) සොණ ආයුෂ්මත් තෙමේ ආයුෂ්මත් මහා කච්චායනයන් වහන්සේගේ වචනය පිළිගෙන සතුටුව පැදකුණු කොට සෙනසුන තැන්පත් කොට තබා පාත්‍රසිවුරු රැගෙන සැවැත් නුවර යම් දිශාවෙකද එහි චාරිකාවට ගියේය. පිළිවෙලින් චාරිකාවෙහි හැසිරෙමින් සැවත්නුවර යම් තැනෙකද ජේතවනනම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමය යම් තැනෙකද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ එක් පසෙක හුන්නේය. එක් පැත්තක හුන්නාවූම සොණ ආයුෂ්මත් තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකෙළේය. - “ස්වාමීනි, මාගේ උපාධ්‍යායවූ ආයුෂ්මත් මහා කච්චායනයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සඟල වඳිනසේක. නිරාබාධවූ නිරොගවූ ශරීරයාගේ සැහැල්ලුවීමට කරුණුවූ ශරීරශක්තියද පහසුසේ විසීමද විචාරණසේක.”
“කිම? මහණ, ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම නිරායාසයෙන් මේ (මෙතෙක්) දීර්ඝ මාර්ගයෙහි ආයෙහි දැයි” (අසා වදාළසේක.) “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැක්ක යැපිය හැක්ක, ස්වාමීනි, මම නොවෙහෙසීමෙන් අදන් මග ආයේ වෙමි. අහරයෙන් ක්ලාන්තනොවූයේ වෙමි’යි (කීයේය) ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් කැඳවූසේක. “ආනන්දය, මේ ආගන්තුක මහණහට සෙනසුනක් පනව”යි (වදාළසේක.)
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට මෙබඳු අදහසෙක් විය. භාග්‍යවතුන් වහන්සේ යම් භික්ෂුවකට වනාහි ‘අනද මේ ආගන්තුක භික්ෂුවට සෙනසුනක් පනව’යි මට ඇණවනසේක්ද, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුව සමග එක විහාරයෙහි වසන්නට කැමතිවනසේක, භාග්‍යවතුන් වහන්සේ සොණායුෂ්මතුන් සමග එකවෙහෙරෙහි වසන්නට කැමතිවන සේකැ’යි යම් වෙහෙරක භාග්‍යවතුන් වහන්සේ වාසය කරන සේක්ද, ඒ ගඳකිළියෙහි ආයුෂ්මත් සොණ භික්ෂුවට සෙනසුන පැනවීය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක්ම එළිමහණෙහි වැඩහිඳීමෙන් ඉක්මවා පා සෝදා ගඳකිළියට පිවිසිසේක. සොණ ආයුෂ්මත් තෙමේද රාත්‍රියෙහි බොහෝ වේලාවක්ම එළිමහනෙහි හිඳීමෙන් ඉක්මවා පා සෝදා විහාරයට ඇතුළුවිය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම් වේලෙහි නැගිට “මහණ, ධර්මය කියන්නට තොපට වැටහේවා”යි ආයුෂ්මත් සොණ භික්ෂුවට ඇණවූසේක. “එසේය ස්වාමීනි”යි සොණ ආයුෂ්මත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන්දී, කාමසූත්රාදී සොළොස් සූත්‍රයන් සියල්ලම මිහිරි උස්හඬින් කීයේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සොණ භික්ෂුවගේ සරභණ්යවශානයෙහි “සාධු! සාධු!! මහණැ”යි සතුටුවූසේක. මහණ, (තොප විසින්) අෂ්ටක වර්ගයෙහිවූ සොළොස් සුතුරු මොනවට මෙනෙහි කරන ලද්දාහුය, මොනවට සලකන ලද්දාහුය. මිදුනාවූ නොපිරිහුනු පදව්‍යඤ්ජනයන් ඇති අදහස පරිදි අර්ථය සැඟවීමට සමර්ථවූ මනා (නාගරික) වචනයෙන් යුක්තවූයෙහිය, මහණ, කෙතෙක් වස් ඇත්තේ වෙහිදැ’යි විචාළ සේක.
“භාග්‍යවතුන් වහන්ස, මම උපසම්පදාවෙන් එක් වසක් ඇත්තේ වෙමියි”කී.
“මහණ, තෝ කුමට මෙසේ කල්ගත කෙළෙහිද?” “ස්වාමීනි, මා විසින් වස්තුකාම ක්ලෙශකාමයන්හි දෝෂය බොහෝ කලකින් දක්නා ලද්දේය. යළිදු ගෘහවාසය ගැහැටය (පීඩා සහිතය) බොහෝ කිස ඇත්තේය. දුෂ්කරවූ බොහෝ කටයුතු ඇත්තේය.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ කරුණ දක්වන්නාවූ මේ ප්‍රීති වාක්‍යය පහළකළසේක.
“ලෝකයෙහි දොස් දැක උපධිරහිතවූ නිර්වාණ ධර්මය දැන ආර්යතෙම පවෙහි නොඇලෙයි, පිරිසිදු පුද්ගල තෙම පාප ධර්මයෙහි නොඇලෙයි, පවිටු පුද්ගලතෙම නිරවද්‍යවූ කුශල ධර්මයට නොඇලේයයි”
|
7. කඞ්ඛාරෙවතසුත්තං | 7. කංඛාරෙවත සූත්‍රය |
47
එවං
අද්දසා
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘යා
සකවෙදියා වා පරවෙදියා වා;
යෙ ඣායිනො තා පජහන්ති සබ්බා,
ආතාපිනො බ්රහ්මචරියං චරන්තා’’ති. සත්තමං;
|
47
(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යුතුයි.)
එකල්හි වනාහි ආයුෂ්මත් කංඛාරෙවත ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි එරමිණියා ගොතා කය සෘජුකොට තබා තමාගේ සැක ඉක්මවීමේ සුද්ධිය සිහි කරමින් වැඩහුන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි එරමිණියා ගොතා කය සෘජුකොට පිහිටුවා තමාගේ සැක ඉක්මවීමේ සුද්ධිය සිහිකරමින් වැඩහුන් ආයුෂ්මත් කංඛාරෙවත තෙරුන් දුටුසේක්මය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැකය ඉක්මවීමේ සුද්ධිය සිහිකරන මේ කාරණය දැන ඒ වේලාවෙහි ඒ අර්ථය පහළ කරන්නාවූ මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කළසේක.
“මේ ආත්මභාවයෙහි ‘මම වීම්දෝ හෝ නොවීම්දෝ හෝ’යි උපදනාවූ හෝ ස්වකීයාත්මභාවයෙහි පවත්නාවූ හෝ අන්‍යයන්ගේ ආත්මභාවයෙහි ලැබියයුතු බැවින් පවත්නාවූ හෝ යම්කිසි සැකයෝ වෙද්ද ධ්‍යාන කරන සුලුවූ කෙලෙස් තවන වීර්යය ඇත්තාවූ මාර්ගබ්රහ්මචර්යයෙහි හැසිරෙන්නාවූ පුද්ගලයෝ ඒ සියලු සැක පහ කෙරෙත්.”
|
8. සඞ්ඝභෙදසුත්තං | 8. ආනන්ද දෙවදත්ත සූත්‍රය |
48
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති
අද්දසා ඛො දෙවදත්තො ආයස්මන්තං ආනන්දං රාජගහෙ පිණ්ඩාය චරන්තං. දිස්වාන යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතදවොච - ‘‘අජ්ජතග්ගෙ දානාහං, ආවුසො ආනන්ද, අඤ්ඤත්රෙව භගවතා අඤ්ඤත්ර භික්ඛුසඞ්ඝා උපොසථං කරිස්සාමි සඞ්ඝකම්මානි චා’’ති.
අථ ඛො ආයස්මා ආනන්දො රාජගහෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච -
‘‘ඉධාහං, භන්තෙ, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො මං, භන්තෙ, දෙවදත්තො රාජගහෙ පිණ්ඩාය චරන්තං. දිස්වාන යෙනාහං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා මං එතදවොච - ‘අජ්ජතග්ගෙ දානාහං, ආවුසො ආනන්ද, අඤ්ඤත්රෙව භගවතා අඤ්ඤත්ර භික්ඛුසඞ්ඝා උපොසථං කරිස්සාමි සඞ්ඝකම්මානි චා’ති. අජ්ජ, භන්තෙ, දෙවදත්තො සඞ්ඝං භින්දිස්සති, උපොසථඤ්ච කරිස්සති සඞ්ඝකම්මානි චා’’ති.
අථ
‘‘සුකරං
පාපං
|
48
(මෙහි 1 වර්ගයේ 6 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යුතුයි.)
එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්ද තෙර එදවස් පැමිණි පොහොයෙහි පෙරවරු එක්වේලාවෙක්හි හැඳ පොරොවා පාත්‍ර සිවුරු ගෙන රජගහනුවරට පිඬු සිඟාගියේය. දෙව්දත්තෙමේ රජගහනුවර පිඬු පිණිස ඇවිදින්නාවූ ආයුෂ්මත් අනඳ තෙරුන් දුටුයේමය. දැක ආයුෂ්මත් අනඳ තෙර යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් අනඳ තෙරුන්ට මේ කරුණ දැන්වීය. “ඇවත, ආනන්ද ස්ථවිරයෙනි, මම දැන් අද පටන් භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන්වම භික්ෂුසංඝයා නෑරම පොහෝ කරන්නෙමි. සංඝකර්මද කරන්නෙමි”යි
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම රජගහනුවර පිඬු සිඟා වැඩ බතින් පසු කාලයෙහි පිඬු සෙවීමෙන් වැළකුනේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක වෙසෙද්ද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මේ පුවත දැනුම්දින. “ස්වාමීනි, මෙහි මම පෙරවරුයෙහි එක් වේලාවෙක හැඳ පොරොවා පාත්‍ර සිවුරු ගෙන රජගහනුවර පිඬු පිණිස පිවිසියෙමි. ස්වාමීනි, රජගහනුවර පිඬු සිඟා හැසිරෙන මා දෙව්දත් තෙම දිටීමය. දැක මම යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ මට මේ කරුණ කීයේය. ඇවත ආනන්ද ස්ථවිරයෙනි, දැන් අදින් මත්තෙහි මම භාග්‍යවතුන් වහන්සේ හැරම භික්ෂු සංඝයා හැරම පෝය කරන්නෙමි. සංඝ කර්මද කරන්නෙමියි ස්වාමීනි ‘අද දෙව්දත් තෙම සංඝ භෙදය කරන්නේය, පෝයද කරන්නේය, සංඝ කර්මද කරන්නේය’යි (කීය.)”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ සංඝ භෙද කර්මය දැන ඒ වේලාවෙහි ඒ අර්ථය ප්‍රකාශ කරන මේ උදන් පහළ කළසේක.
“සත්පුරුෂයා විසින් යහපත සුවසේ කළ හැකිය. පවිටු පුද්ගලයා විසින් යහපත කළ නොහැකිය. පවිටා විසින් පව සුවසේ කළ හැකිය. ආර්යයන් විසින් පව් කළ නොහැකියයි.”
|
9. සධායමානසුත්තං | 9. වධායමාන රූප සූත්‍රය |
49
එවං
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘පරිමුට්ඨා පණ්ඩිතාභාසා, වාචාගොචරභාණිනො;
යාවිච්ඡන්ති මුඛායාමං, යෙන නීතා න තං විදූ’’ති. නවමං;
|
49
“මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහ බික්සඟන සමග කොසොල් රට චාරිකාවෙහි වඩනාසේක. එකල්හි වනාහි බොහෝ මානවකයෝ භාග්‍යවතුන් වහන්සේගේ නුදුරෙහි වෙසෙන්නවුන් මෙන් හැසිරෙන ස්වභාව ඇත්තාහු කවටකම් වචන කියන ස්වභාව ඇත්තාහු කුදු මහත් ශබ්ද කරන්නාහු ඉක්මවත්.
භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි කෙළිකවටකම් වචන කියන ස්වභාව ඇත්තාවූ බොහෝ තරුණ බමුණන් ඉක්මෙන්නවුන් දුටුසේක්මය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ වේලාවෙහි ඒ කරුණ ප්‍රකාශ කරන මේ උදන් පහළ කළසේක.
“යම්තාක් කට වසා ගැන්ම නොකමැති වෙද්ද, යම්හෙයකින් පමුණුවන ලද්දාහු ඒ කීමට කාරණය නොදනිද්ද, මූඪවූ පණ්ඩිත ප්‍රතිරූපකයෝ මතයම විෂයකොට ඇතිව කියන්නාහුය, නොහොත් සිහිඑළවා නොකියන්නාහුයයි”
|
10. චූළපන්ථකසුත්තං | 10. චුල්ලපන්ථක සූත්‍රය |
50
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා චූළපන්ථකො
(චුල්ලපන්ථකො (සී.), චූලපන්ථකො (පී.)) භගවතො අවිදූරෙ නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
අද්දසා ඛො භගවා ආයස්මන්තං චූළපන්ථකං අවිදූරෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘ඨිතෙන
තිට්ඨං නිසින්නො උද වා සයානො;
එතං
(එවං (ක.)) සතිං භික්ඛු අධිට්ඨහානො,
ලභෙථ
ලද්ධාන පුබ්බාපරියං විසෙසං,
අදස්සනං මච්චුරාජස්ස ගච්ඡෙ’’ති. දසමං;
|
50
(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යුතුයි.)
එකල්හි වනාහි ආයුෂ්මත් චුල්ලපන්ථක ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට නුදුරුතන්හි අරමිණියා අවුළුවා කය සෘජුකොට පිහිටුවා අරමුණට අභිමුඛකොට සිහිය එළවා වැඩහුන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි අරමිණියා බැඳ කය කෙළින් සිටුවා අරමුණට අභිමුඛකොට සිහිය එළවා වැඩහුන් ආයුෂ්මත් චුල්ලපන්ථක තෙරණුවන් දුටුසේක්මය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය දැන ඒ වේලාවෙහි මේ උදන් පහළ කළසේක. “මහණතෙම මනාව පිහිටුවන ලද කයින් යුක්තව මනාව පිහිටි සිහියෙන් යුක්තව සිටින්නේ හෝ හුන්නේ හෝ යළි හෝනේ හෝ සිත නොව පිහිටුවන්නේ (වේද) (ඒ මහණතෙම) පූර්වාපරභාගයෙන් පැවති විශේෂය ලබන්නේය.
“හෙතෙම පුබ්බාපරීය විශේෂයෙහි අර්හත්ඵලය ලැබ මෘත්යුරාජයයි කියන ලද මරණයට (ආදර්ශනයට) යන්නේය. (පිරිනිවන් පාන්නේය.)”
|