ත්‍රිපිටකය
4. මෙඝියවග්ගො 4. මෙඝිය වර්ගය
1. මෙඝියසුත්තං 1. මෙඝිය සූත්‍රය
2. උද්ධතසුත්තං 2. උද්ධත භික්ඛු සූත්‍රය
3. ගොපාලකසුත්තං 3. ගොපාල (මරණ) සූත්‍රය:-
4. යක්ඛපහාරසුත්තං 4. ජුණ්හරත්ති සූත්‍රය
5. නාගසුත්තං 5. පාරිලෙය්‍යක සූත්‍රය
6. පිණ්ඩොලසුත්තං 6. පිණ්ඩොලභාරද්වාජ සූත්‍රය
7. සාරිපුත්තසුත්තං 7. (අසොක) සාරිපුත්ත සූත්‍රය
8. සුන්දරීසුත්තං 8. සුන්‍දරී සූත්‍රය
38
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා සක්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං . භික්ඛුසඞ්ඝොපි සක්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. අඤ්ඤතිත්ථියා පන පරිබ්බාජකා අසක්කතා හොන්ති අගරුකතා අමානිතා අපූජිතා අනපචිතා න ලාභිනො චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං.
අථ ඛො තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා භගවතො සක්කාරං අසහමානා භික්ඛුසඞ්ඝස්ස ච යෙන සුන්දරී පරිබ්බාජිකා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා සුන්දරිං පරිබ්බාජිකං එතදවොචුං - ‘‘උස්සහසි ත්වං, භගිනි, ඤාතීනං අත්ථං කාතු’’න්ති? ‘‘ක්‍යාහං, අය්‍යා, කරොමි? කිං මයා න සක්කා (කිං මයා සක්කා (ස්‍යා. පී.)) කාතුං? ජීවිතම්පි මෙ පරිච්චත්තං ඤාතීනං අත්ථායා’’ති.
‘‘තෙන හි, භගිනි, අභික්ඛණං ජෙතවනං ගච්ඡාහී’’ති. ‘‘එවං, අය්‍යා’’ති ඛො සුන්දරී පරිබ්බාජිකා තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං පටිස්සුත්වා අභික්ඛණං ජෙතවනං අගමාසි.
යදා තෙ අඤ්ඤිංසු අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා - ‘‘වොදිට්ඨා ඛො සුන්දරී පරිබ්බාජිකා බහුජනෙන අභික්ඛණං ජෙතවනං ගච්ඡතී’’ති (ගච්ඡතීති (සී. ස්‍යා. කං. පී.)). අථ නං ජීවිතා වොරොපෙත්වා තත්ථෙව ජෙතවනස්ස පරිඛාකූපෙ නික්ඛිපිත්වා (නිඛනිත්වා (සී. ස්‍යා. පී.)) යෙන රාජා පසෙනදි කොසලො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා රාජානං පසෙනදිං කොසලං එතදවොචුං - ‘‘යා සා, මහාරාජ, සුන්දරී පරිබ්බාජිකා; සා නො න දිස්සතී’’ති. ‘‘කත්ථ පන තුම්හෙ ආසඞ්කථා’’ති ? ‘‘ජෙතවනෙ, මහාරාජා’’ති. ‘‘තෙන හි ජෙතවනං විචිනථා’’ති.
අථ ඛො තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා ජෙතවනං විචිනිත්වා යථානික්ඛිත්තං පරිඛාකූපා උද්ධරිත්වා මඤ්චකං ආරොපෙත්වා සාවත්ථිං පවෙසෙත්වා රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා මනුස්සෙ උජ්ඣාපෙසුං -
‘‘පස්සථාය්‍යා සමණානං සක්‍යපුත්තියානං කම්මං! අලජ්ජිනො ඉමෙ සමණා සක්‍යපුත්තියා දුස්සීලා පාපධම්මා මුසාවාදිනො අබ්‍රහ්මචාරිනො. ඉමෙ හි නාම ධම්මචාරිනො සමචාරිනො බ්‍රහ්මචාරිනො සච්චවාදිනො සීලවන්තො කල්‍යාණධම්මා පටිජානිස්සන්ති! නත්ථි ඉමෙසං සාමඤ්ඤං, නත්ථි ඉමෙසං බ්‍රහ්මඤ්ඤං. නට්ඨං ඉමෙසං සාමඤ්ඤං, නට්ඨං ඉමෙසං බ්‍රහ්මඤ්ඤං. කුතො ඉමෙසං සාමඤ්ඤං, කුතො ඉමෙසං බ්‍රහ්මඤ්ඤං? අපගතා ඉමෙ සාමඤ්ඤා, අපගතා ඉමෙ බ්‍රහ්මඤ්ඤා. කථඤ්හි නාම පුරිසො පුරිසකිච්චං කරිත්වා ඉත්ථිං ජීවිතා වොරොපෙස්සතී’’ති!
තෙන ඛො පන සමයෙන සාවත්ථියං මනුස්සා භික්ඛූ දිස්වා අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කොසන්ති පරිභාසන්ති රොසන්ති විහෙසන්ති -
‘‘අලජ්ජිනො ඉමෙ සමණා සක්‍යපුත්තියා දුස්සීලා පාපධම්මා මුසාවාදිනො අබ්‍රහ්මචාරිනො . ඉමෙ හි නාම ධම්මචාරිනො සමචාරිනො බ්‍රහ්මචාරිනො සච්චවාදිනො සීලවන්තො කල්‍යාණධම්මා පටිජානිස්සන්ති! නත්ථි ඉමෙසං සාමඤ්ඤං, නත්ථි ඉමෙසං බ්‍රහ්මඤ්ඤං. නට්ඨං ඉමෙසං සාමඤ්ඤං, නට්ඨං ඉමෙසං බ්‍රහ්මඤ්ඤං. කුතො ඉමෙසං සාමඤ්ඤං, කුතො ඉමෙසං බ්‍රහ්මඤ්ඤං? අපගතා ඉමෙ සාමඤ්ඤා, අපගතා ඉමෙ බ්‍රහ්මඤ්ඤා. කථඤ්හි නාම පුරිසො පුරිසකිච්චං කරිත්වා ඉත්ථිං ජීවිතා වොරොපෙස්සතී’’ති!
අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසිංසු. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං -
‘‘එතරහි, භන්තෙ, සාවත්ථියං මනුස්සා භික්ඛූ දිස්වා අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කොසන්ති පරිභාසන්ති රොසන්ති විහෙසන්ති - ‘අලජ්ජිනො ඉමෙ සමණා සක්‍යපුත්තියා දුස්සීලා පාපධම්මා මුසාවාදිනො අබ්‍රහ්මචාරිනො. ඉමෙ හි නාම ධම්මචාරිනො සමචාරිනො බ්‍රහ්මචාරිනො සච්චවාදිනො සීලවන්තො කල්‍යාණධම්මා පටිජානිස්සන්ති. නත්ථි ඉමෙසං සාමඤ්ඤං, නත්ථි ඉමෙසං බ්‍රහ්මඤ්ඤං. නට්ඨං ඉමෙසං සාමඤ්ඤං, නට්ඨං ඉමෙසං බ්‍රහ්මඤ්ඤං. කුතො ඉමෙසං සාමඤ්ඤං, කුතො ඉමෙසං බ්‍රහ්මඤ්ඤං? අපගතා ඉමෙ සාමඤ්ඤා, අපගතා ඉමෙ බ්‍රහ්මඤ්ඤා. කථඤ්හි නාම පුරිසො පුරිසකිච්චං කරිත්වා ඉත්ථිං ජීවිතා වොරොපෙස්සතී’’’ති!
‘‘නෙසො, භික්ඛවෙ, සද්දො චිරං භවිස්සති සත්තාහමෙව භවිස්සති. සත්තාහස්ස අච්චයෙන අන්තරධායිස්සති. තෙන හි, භික්ඛවෙ, යෙ මනුස්සා භික්ඛූ දිස්වා අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කොසන්ති පරිභාසන්ති රොසන්ති විහෙසන්ති, තෙ තුම්හෙ ඉමාය ගාථාය පටිචොදෙථ -
‘‘‘අභූතවාදී නිරයං උපෙති,
යො වාපි (යො චාපි (සී. පී. ක.)) කත්වා න කරොමි චාහ;
උභොපි තෙ පෙච්ච සමා භවන්ති,
නිහීනකම්මා මනුජා පරත්ථා’’’ති.
අථ ඛො තෙ භික්ඛූ භගවතො සන්තිකෙ ඉමං ගාථං පරියාපුණිත්වා යෙ මනුස්සා භික්ඛූ දිස්වා අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කොසන්ති පරිභාසන්ති රොසන්ති විහෙසන්ති තෙ ඉමාය ගාථාය පටිචොදෙන්ති -
‘‘අභූතවාදී නිරයං උපෙති,
යො වාපි කත්වා න කරොමිචාහ;
උභොපි තෙ පෙච්ච සමා භවන්ති,
නිහීනකම්මා මනුජා පරත්ථා’’ති.
මනුස්සානං එතදහොසි - ‘‘අකාරකා ඉමෙ සමණා සක්‍යපුත්තියා. නයිමෙහි කතං. සපන්තිමෙ සමණා සක්‍යපුත්තියා’’ති. නෙව සො සද්දො චිරං අහොසි. සත්තාහමෙව අහොසි. සත්තාහස්ස අච්චයෙන අන්තරධායි.
අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවතො එතදවොචුං -
‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! යාව සුභාසිතං චිදං භන්තෙ භගවතා - ‘නෙසො, භික්ඛවෙ, සද්දො චිරං භවිස්සති. සත්තාහමෙව භවිස්සති. සත්තාහස්ස අච්චයෙන අන්තරධායිස්සතී’ති. අන්තරහිතො සො, භන්තෙ, සද්දො’’ති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘තුදන්ති වාචාය ජනා අසඤ්ඤතා,
සරෙහි සඞ්ගාමගතංව කුඤ්ජරං;
සුත්වාන වාක්‍යං ඵරුසං උදීරිතං,
අධිවාසයෙ භික්ඛු අදුට්ඨචිත්තො’’ති. අට්ඨමං;
38
(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යුතුයි.)
එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ සිවුරු, පිණ්ඩපාත, සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නේ, සත්කාර ඇත්තේ, ගරු කිරීම් ඇත්තේ, බුහුමන් ඇත්තේ, පූජා ඇත්තේ, සංග්‍රහ ඇත්තේය. අන්‍යතීර්ථක පැවිද්දෝ සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර නොලබන්නෝ, සත්කාර නැත්තෝ, ගරු කිරීම් නැත්තෝ, බුහුමන් නැත්තෝ, පූජා නැත්තෝ, සංග්‍රහ නැත්තෝ වෙත්. ඉක්බිත්තෙන් වනාහි ඒ අන්‍යතීර්ථක පැවිද්දෝ භාග්‍යවතුන්වහන්සේට හා භික්‍ෂුසංඝයාට වන සත්කාර නොඉවසන්නේ සුන්දරී නම් පැවිද්දිය යම් තැනෙක්හිද එහි පැමිණියෝය. පැමිණ, සුන්දරී නම් පැවිද්දියට මෙය කීහ.
“නංගියේ, නෑයන්ට වැඩක් කරන්නට මහන්සිවෙහිද?”
“මහාත්මයෙනි, මම කුමක් කරම්ද? මට කරන්නට පුළුවන් කුමක්ද? මගේ ජීවිතයත් නෑයනට වැඩ පිණිස පරිත්‍යාග කරණ ලදී.” - “එහෙමනම් නංගියේ නිතර නිතර ජේතවනයට යන්න.” “මහාත්මයෙනි, එසේයයි” සුන්දරී පැවිද්ද අන්‍යතීර්ථක පැවිද්දන්ට පිළිතුරුදී නිතර නිතර ජේතවනාරාමයට ගියාය. ඒ අන්‍යතීර්ථක පැවිද්දෝ ඒ සුන්දරී පැවිද්ද බොහෝ දෙනා හා නිතර ජේතවනයට ඒ යයි යම්විටක දත්තාහුද ඉක්බිති ඇය මරා ජේතවනයේ එම දිය අගළේ වළදමා පසේනදි කොසොල් රජු යම්තැනෙක්හිද, එහි ගියහ. ගොස් පසේනදි කොසොල් රජුට මෙය කීහ.
[3] “මහරජ, යම් ඒ සුන්දරි පැවිද්ද අපට නොපෙනේ”(කියාය) “තෙපි කොතැන සැක කරව්ද?” “මහරජ, ජේතවනයෙහිය.”
“එසේ නම් ජේතවනය පරීක්‍ෂා කරව්.” ඉක්බිති වනාහි ඒ අන්‍යතීර්ථක පැවිද්දෝ ජේතවනය පරීක්‍ෂාකොට වැළලුසේම අගළේ වළින් ගොඩ ගෙන ඇඳකට නගා සැවැත්නුවරට ඇතුළුකොට වීදියෙන් වීදියට සතර මංසන්ධියෙන් සතරමංසන්ධියට ගොස් කෑ ගසා කියත්.
[4] “මහාත්මවරුනි, ශාක්‍යපුත්‍රයන්ගේ වැඩක් බලන්න. (ii) මේ ශාක්‍යපුත්‍රතෙම මහණහු ලජ්ජානැත්තෝය, දුශ්ශීලය, පාපධර්ම ඇත්තෝය, බොරු කියත්, බ්‍රහ්මචර්‍ය්‍යා නැත්තෝය. මොවුන් විසින් නම්, ධර්මයේ හැසිරෙන්නෝය, මහණදම් පුරන්නෝය, බඹසර හැසිරෙන්නෝය, ඇත්ත කියන්නෝය, සිල්වත්තුය, පිරිසිදු ගතිගුණ ඇත්තෝය”යි ප්‍රතිඥා කරත්, මුන්ට මහණකමක් නැත. මුන්ට බ්‍රහ්ම දැකීමක් නැත. මුන්ගේ මහණකම නැහුණේය. මුන්ගේ නිවන් දැක්ම නැහුණේය. මුන්ට මහණකමක් කොයින්ද? මුන්ට නිවන් දැකීමක් කොයින්ද මොහු මහණ කමින් පහවූවෝය. මොහු නිවන් දැකීමෙන් පහවූවෝය. කොහොම නම් පුරුෂයෙක් පුරුෂ ක්‍රියාව කොට ස්ත්‍රියක මරවන්නේද?”
[5] ඉක්බිති වනාහි බොහෝ භික්‍ෂූහු පෙරවරුවෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරුගෙන සැවැත් නුවර පිඬු පිණිස හැසුරුණාහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් වැළකුණාහු භාග්‍යවතුන්වහන්සේ යම් තැනකද එහි ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ.
“ස්වාමිනි, දැන් සැවැත්නුවර මිනිස්සු භික්‍ෂූන් දැක අසභ්‍ය පරුෂවචනවලින් බණිත්, නින්දා කරත්, කෝපකරත්, වෙහෙසත්. (මෙහි 4 (ii) යෙදිය යුතුයි.)
[6] “මහණෙනි, මේ ශබ්දය බොහෝ කල් නොපවතී. සත්දිනක්ම වෙයි. සත්දිනක් ගියවිට අතුරුදහන් වෙයි. මහණෙනි, එසේ වීනම්, යම් මනුෂ්‍යයෙක් භික්‍ෂූන් දැක අසභ්‍ය ඵරුෂවචනවලින් බණිත්ද, නින්දාකරත්ද, කොප කරත්ද, වෙහෙසත්ද, තෙපි ඔවුන්ට මේ ගාථාවෙන් ප්‍රති චොදනා කරව්.
(ii) “නොවූ දෙය කියන්නා නිරයට යයි. යමෙක් කොට නො කෙරෙමියි කියාද පහත්කටයුතු ඇති ඒ මිනිස්සු දෙදෙනාම පරලොවදී සමවෙත්.
[7] ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ළඟින් මේගාථාව ඉගෙන යම් මනුෂ්‍යයෙක් භික්‍ෂූන් දැක අසභ්‍ය ඵරුෂ වචනවලින් බණිත්ද, නින්දාකරත්ද, කෝපකරද්ද, වෙහෙසද්ද ඔවුහු මේ ගාථාවෙන් චොදනා කරත්. (මෙහි 6 (ii) යෙදිය යුතුයි.) මිනිසුන්ට මේ (අදහස) විය. මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ නොකරන්නෝය. මොවුන් විසින් කරනලද නම් මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ නොදිවුරත්.
[8] ඒ ශබ්ද බොහෝකල් නොවීය. ශබ්දය දිනසතක්ම විය. සත්දින ඉකුත්වීමෙන් අතුරුදන් විය. ඉක්බිත්තෙන් වනාහි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ. “ස්වාමීනි, ආශ්චර්යයි, ස්වාමීනි, පුදුමයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්තාක් මේ කරුණ ස්ථිර නොවන්නේය. සත්දිනක්ම වන්නේය. සත්දින යාමෙන් අතුරුදහන් වන්නේයයි’ මනාව වදාරනලදද, ස්වාමීනි, ඒ ශබ්දය අතුරුදන්විය.
[9] ඉක්බිත්තෙන් වනාහි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කෙළේය.
“සංයමයක් (හික්මීමක්) නැති ජනයෝ යුද බිමට ගිය ඇතකු සතුරන් විසින් මෙන් වචනයෙන් පෙළත්. කියනලද ඵරුෂ වාක්‍යය අසා දුෂ්ට (කොප) සිත් නැති භික්‍ෂුතෙමේ ඉවසන්නේය.”
9. උපසෙනසුත්තං 9. උපසෙන පසංසා සූත්‍රය
10. සාරිපුත්තඋපසමසුත්තං 10. (උපසන්ත) සාරිපුත්ත සූත්‍රය