ත්‍රිපිටකය
4. මෙඝියවග්ගො 4. මෙඝිය වර්ගය
1. මෙඝියසුත්තං 1. මෙඝිය සූත්‍රය
2. උද්ධතසුත්තං 2. උද්ධත භික්ඛු සූත්‍රය
3. ගොපාලකසුත්තං 3. ගොපාල (මරණ) සූත්‍රය:-
4. යක්ඛපහාරසුත්තං 4. ජුණ්හරත්ති සූත්‍රය
34
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාමොග්ගල්ලානො කපොතකන්දරායං විහරන්ති. තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො ජුණ්හාය රත්තියා නවොරොපිතෙහි කෙසෙහි අබ්භොකාසෙ නිසින්නො හොති අඤ්ඤතරං සමාධිං සමාපජ්ජිත්වා.
තෙන ඛො පන සමයෙන ද්වෙ යක්ඛා සහායකා උත්තරාය දිසාය දක්ඛිණං දිසං ගච්ඡන්ති කෙනචිදෙව කරණීයෙන. අද්දසංසු ඛො තෙ යක්ඛා ආයස්මන්තං සාරිපුත්තං ජුණ්හාය රත්තියා නවොරොපිතෙහි කෙසෙහි අබ්භොකාසෙ නිසින්නං. දිස්වාන එකො යක්ඛො දුතියං යක්ඛං එතදවොච - ‘‘පටිභාති මං, සම්ම, ඉමස්ස සමණස්ස සීසෙ පහාරං දාතු’’න්ති. එවං වුත්තෙ, සො යක්ඛො තං යක්ඛං එතදවොච - ‘‘අලං, සම්ම, මා සමණං ආසාදෙසි. උළාරො සො, සම්ම, සමණො මහිද්ධිකො මහානුභාවො’’ති.
දුතියම්පි ඛො සො යක්ඛො තං යක්ඛං එතදවොච - ‘‘පටිභාති මං, සම්ම, ඉමස්ස සමණස්ස සීසෙ පහාරං දාතු’’න්ති. දුතියම්පි ඛො සො යක්ඛො තං යක්ඛං එතදවොච - ‘‘අලං, සම්ම, මා සමණං ආසාදෙසි. උළාරො සො, සම්ම, සමණො මහිද්ධිකො මහානුභාවො’’ති. තතියම්පි ඛො සො යක්ඛො තං යක්ඛං එතදවොච - ‘‘පටිභාති මං, සම්ම, ඉමස්ස සමණස්ස සීසෙ පහාරං දාතු’’න්ති. තතියම්පි ඛො සො යක්ඛො තං යක්ඛං එතදවොච - ‘‘අලං, සම්ම, මා සමණං ආසාදෙසි. උළාරො සො, සම්ම, සමණො මහිද්ධිකො මහානුභාවො’’ති.
අථ ඛො සො යක්ඛො තං යක්ඛං අනාදියිත්වා ආයස්මතො සාරිපුත්තත්ථෙරස්ස සීසෙ පහාරං අදාසි. තාව මහා පහාරො අහොසි, අපි තෙන පහාරෙන සත්තරතනං වා අඩ්ඪට්ඨමරතනං වා නාගං ඔසාදෙය්‍ය, මහන්තං වා පබ්බතකූටං පදාලෙය්‍ය. අථ ච පන සො යක්ඛො ‘ඩය්හාමි ඩය්හාමී’ති වත්වා තත්ථෙව මහානිරයං අපතාසි (අවත්ථාසි (ක. සී.)).
අද්දසා ඛො ආයස්මා මහාමොග්ගල්ලානො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන තෙන යක්ඛෙන ආයස්මතො සාරිපුත්තත්ථෙරස්ස සීසෙ පහාරං දීයමානං. දිස්වා යෙන ආයස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං එතදවොච - ‘‘කච්චි තෙ, ආවුසො, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි න කිඤ්චි දුක්ඛ’’න්ති ? ‘‘ඛමනීයං මෙ, ආවුසො මොග්ගල්ලාන, යාපනීයං මෙ, ආවුසො මොග්ගල්ලාන; අපි ච මෙ සීසං ථොකං දුක්ඛ’’න්ති.
‘‘අච්ඡරියං, ආවුසො සාරිපුත්ත, අබ්භුතං, ආවුසො සාරිපුත්ත! යාව (යං ත්වං (සී. ක.), යං (ස්‍යා.)) මහිද්ධිකො ආයස්මා සාරිපුත්තො මහානුභාවො! ඉධ තෙ, ආවුසො සාරිපුත්ත, අඤ්ඤතරො යක්ඛො සීසෙ පහාරං අදාසි. තාව මහා පහාරො අහොසි, අපි තෙන පහාරෙන සත්තරතනං වා අඩ්ඪට්ඨමරතනං වා නාගං ඔසාදෙය්‍ය, මහන්තං වා පබ්බතකූටං පදාලෙය්‍ය, අථ ච පනායස්මා සාරිපුත්තො එවමාහ - ‘ඛමනීයං මෙ, ආවුසො මොග්ගල්ලාන, යාපනීයං මෙ, ආවුසො මොග්ගල්ලාන; අපි ච මෙ සීසං ථොකං දුක්ඛ’’’න්ති.
‘‘අච්ඡරියං, ආවුසො මොග්ගල්ලාන, අබ්භුතං, ආවුසො මොග්ගල්ලාන! යාව (යං (ස්‍යා.)) මහිද්ධිකො ආයස්මා මහාමොග්ගල්ලානො මහානුභාවො යත්‍ර හි නාම යක්ඛම්පි පස්සිස්සති! මයං පනෙතරහි පංසුපිසාචකම්පි න පස්සාමා’’ති.
අස්සොසි ඛො භගවා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය තෙසං උභින්නං මහානාගානං ඉමං එවරූපං කථාසල්ලාපං.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘යස්ස සෙලූපමං චිත්තං, ඨිතං නානුපකම්පති;
විරත්තං රජනීයෙසු, කොපනෙය්‍යෙ න කුප්පති;
යස්සෙවං භාවිතං චිත්තං, කුතො තං දුක්ඛමෙස්සතී’’ති. චතුත්ථං;
34
(මෙහි 1 වර්ගයේ 6 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යුතුයි.)
ඒ කාලයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහමොග්ගලාන ස්ථවිරයන් වහන්සේද, පරෙවි කඳුරෙහි වාසය කරත්. ඒ කාලයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙමේ ආලෝකවත් රාත්‍රියෙහි අළුත මුඩුකළ හිසින් යුක්තව අවකාශ ස්ථානයෙහි එක්තරා සමාධියකට සමවැදහුන්නේ වේ. ඒ අවස්ථාවෙහි යහළු යක්‍ෂයන් දෙදෙනෙක් කිසියම් කරුණක් කරණ කොටගෙන උතුරු දිගින් දකුණු දිගට යන්නාහු ඒ යක්‍ෂයෝ ආලෝකවත් රාත්‍රියෙහි අළුත මුඩුකළ හිසද ඇතිව අවකාශස්ථානයෙහි හුන් ආයුෂ්මත් ශාරීපුත්‍රයන් දැක එක් යක්‍ෂයෙක් දෙවෙනි යක්‍ෂයාට “යහළුව, මේ ශ්‍රමණයාගේ හිසෙහි පහරක් දෙන්නට මට සිතේයයි” කීයේය.
මෙසේ කී කල්හි ඒ යක්‍ෂතෙම ඒ යක්‍ෂයාට, “යහළුව එපා ශ්‍රමණයාට හිරිහැර නොකරව, යහළු, ඒ ශ්‍රමණයා උදාර කෙනෙකි. මහත් සෘද්ධි ඇත්තේය, මහත් ආනුභාව ඇත්තේයයි” කීයේය. දෙවනුවත් ඒ යක්‍ෂතෙම ඒ යක්‍ෂයාට, “යහළුව, මේ ශ්‍රමණයාගේ හිසෙහි පහරක් දෙන්නට මට සිතේයයි” කීයේයත දෙවනුවත් ඒ යක්‍ෂතෙම ඒ යක්‍ෂයාට “යහළුව කම් නැත ශ්‍රමණයාට හිරිහැර නොකරව, යහළුව ඒ ශ්‍රමණයා උදාර කෙනෙක, මහත් සෘද්ධි ඇත්තෙකි. මහත් ආනුභාව ඇත්තෙකි.” තුන්වෙනුවත් ඒ යක්‍ෂ තෙම ඒ යක්‍ෂයාට “යහළුව, මේ ශ්‍රමණයාගේ හිසෙහි පහරක් දෙන්නට මට සිතේ යයි” කීයේය. තුන්වෙනුවත් ඒ යක්‍ෂ තෙම ඒ යක්‍ෂයාට “යහළුව, කම්නැත, ශ්‍රමණයාට හිරිහැර නොකරව, යහළුව ඒ ශ්‍රමණයා උදාර කෙනෙකි, මහත් සෘද්ධි ඇත්තෙකි. මහත් ආනුභාව ඇත්තෙකි. “ඉක්බිති ඒ යක්‍ෂ තෙම ඒ යක්‍ෂයාගේ වචන නොපිළිගෙන ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්ගේ හිසෙහි පහරක් දුන්නේය. කොපමණ මහත් පහරක් වූයේද, ඒ පහරින් සත්රියන් ඇති අටරියන් ඇති ඇතෙකු වැටෙන්නේය. මහත් පර්වතකූටයක් පැලෙන්නේය. ඉක්බිති ඒ යක්‍ෂතෙම දැවෙමි දැවෙමියි කියා එහිම මහා නරකයෙහි වැටුනේය.
ආයුෂ්මත් මහමුගලන් තෙමේ ඒ යක්‍ෂයා විසින් ආයුෂ්මත් ශාරිපුත්‍රයන්ගේ හිසෙහි දෙන ලද පහර මිනිස් ඇස ඉක්ම සිටියාවූ දිවැසින් දැක්කේය. දැක ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට, “ඇවැත්නි, තොපට කිමෙක්ද ඉවසිය හැකිද, කිමෙක්ද යැපිය හැකිද, කිමෙක්ද කිසි දුකක් නැද්ද?”
“ඇවැත්නි මොග්ගල්ලාන, මට ඉවසිය හැක, ඇවැත්නි, මොග්ගල්ලාන මට යැපිය හැක, එතකුදු වුවත් මාගේ හිසෙහි මදක් වේදනා ඇත.”
ඇවැත් ශාරිපුත්‍රය පුදුමයි, ඇවැත්නි ශාරිපුත්‍රය අද්භූතයි. යම් බඳුවූ ඔබ මහත් සෘද්ධි ඇත්තේය. ආයුෂ්මත් ශාරිපුත්‍රතෙමේ මහත් ආනුභාව ඇත්තේය. ඇවැත් ශාරිපුත්‍රය එක්තරා යක්‍ෂයෙක් තොපගේ හිසෙහි පහරක් දුන්නේද, එය මහත් එකක්ය. ඒ නැවතද ඒ පහරින් සත්රියන් අටරියන් හෝ ඇතෙක් හෙලන්නේද, මහත් පර්වතයක් පලන්නේද, පොහොසත්ය. නමුත් ඇවැත් ශාරිපුත්‍ර තෙමේ “ඇවැත්නි, මොග්ගල්ලාන මට ඉවසිය හැක. ඇවැත්නි, මොග්ගල්ලාන මට යැපෙනු හැක. නමුත් මගේ හිස මදක් රිදේයයි” කීයේය.
“මෙතරම් මහත් සෘද්ධි ඇති මහත් ආනුභාව ඇති ආයුෂ්මත් මොග්ගල්ලාන තෙමේ යම් තැනකදී යක්‍ෂයෙකුදු දක්නේද, ඇවැත්නි, මොග්ගල්ලාන ආශ්චර්යයයි. ඇවැත්නි, මොග්ගල්ලාන පුදුමයි. අපි තවම පාංශු පිශාචයෙකුදු නොදකිමු”යි කීයේය. භාග්‍යවතුන් වහන්සේ ඒ රහත් දෙනමගේ මෙබඳු කථා ස්වරූපය පිරිසිදු මිනිස් ඇස ඉක්ම පැවති දිවකණින් ඇසූ සේක.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළ සේක.
“යමෙකුගේ පර්වතයක් මෙන් ස්ථිරවූ සිත නොසැලේද ඇලුම් කටයුතු දෙයෙක්හි නොඇලුනේද කිපිය යුතු දෙයෙහි නොකිපේද, යමෙකුගේ මෙසේ වඩන ලද ඒ සිතට දුකක් කොයින් පැමිණේද?”
5. නාගසුත්තං 5. පාරිලෙය්‍යක සූත්‍රය
6. පිණ්ඩොලසුත්තං 6. පිණ්ඩොලභාරද්වාජ සූත්‍රය
7. සාරිපුත්තසුත්තං 7. (අසොක) සාරිපුත්ත සූත්‍රය
8. සුන්දරීසුත්තං 8. සුන්‍දරී සූත්‍රය
9. උපසෙනසුත්තං 9. උපසෙන පසංසා සූත්‍රය
10. සාරිපුත්තඋපසමසුත්තං 10. (උපසන්ත) සාරිපුත්ත සූත්‍රය