ත්‍රිපිටකය
ඛුද්දකනිකායෙ ඛුද්දක නිකාය
උදානපාළි උදානය
1. බොධිවග්ගො 1. බොධි වර්ගය
1. පඨමබොධිසුත්තං 1. පඨම බොධි සූත්‍රය
2. දුතියබොධිසුත්තං 2. දුතිය බොධි සූත්‍රය
3. තතියබොධිසුත්තං 3. තතිය බොධි සූත්‍රය
3
එවං මෙ සුතං - එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ බොධිරුක්ඛමූලෙ පඨමාභිසම්බුද්ධො. තෙන ඛො පන සමයෙන භගවා සත්තාහං එකපල්ලඞ්කෙන නිසින්නො හොති විමුත්තිසුඛපටිසංවෙදී. අථ ඛො භගවා තස්ස සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා රත්තියා පච්ඡිමං යාමං පටිච්චසමුප්පාදං අනුලොමපටිලොමං සාධුකං මනසාකාසි -
‘‘ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති; යදිදං - අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
‘‘අවිජ්ජාය ත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො, සළායතනනිරොධා ඵස්සනිරොධො, ඵස්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ්හානිරොධො , තණ්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී’’ති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘යදා හවෙ පාතුභවන්ති ධම්මා,
ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස;
විධූපයං තිට්ඨති මාරසෙනං,
සූරියොව (සුරියොව (සී. ස්‍යා. කං. පී.)) ඔභාසයමන්තලික්ඛ’’න්ති. තතියං;
3
(මෙය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡේදය මෙනි)
එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ නිවන් සුව විඳිමින් සත් දිනක් එකම පළඟින් වැඩසිටියේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත්දින ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගිට රාත්‍රි අන්තිම යාමයෙහි ප්‍රතීත්‍ය සමුත්පාදය මුල සිට අග තෙක්ද මනාකොට සිහිකළ සේක.
“මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදයි. මෙය නැති කල්හි මෙය නොවෙයි. මෙය නැතිකිරීමෙන් මෙය නැතිවෙයි. යම් ඒ නොදැනීම් හේතුවෙන් සංස්කාර වන්නේය. සංස්කාර හේතුවෙන් විඥානය වන්නේය. විඥාන හේතුවෙන් නාම රූප වන්නේය. නාමරූප හේතුවෙන් ආයතන සය ඇති වන්නේය. ආයතන සය හේතුවෙන් ස්පර්ශ වන්නේය. ස්පර්ශ හේතුවෙන් වේදනා වන්නේය. වේදනා හේතුවෙන් තෘෂ්ණාව වන්නේය. තෘෂ්ණා හේතුවෙන් උපාදාන වන්නේය. උපාදාන හේතුවෙන් භව වන්නේය. භව හේතුවෙන් ජාති වන්නේය. ජාති හේතුවෙන් ජරා, මරණද, ශෝක, වැළපීම්, කායික දුක්, දොම්නස් වන්නේය. මෙසේ ඒ සියලු දුක් රාශියේ ඇතිවීම වෙයි.
නොදැනීම ඉතිරි නොකළ නැතිකිරීමෙන් සංස්කාරයන්ගේ නැති කිරීම වන්නේය. සංස්කාරයන්ගේ නැති කිරීමෙන් විඥානය නැති කිරීම වන්නේය. විඥානය නැති කිරීමෙන් නාමරූප නැතිකිරීම වන්නේය. නාමරූප නැතිකිරීමෙන් ආයතන සය නැතිකිරීම වන්නේය. ආයතන සය නැති කිරීමෙන් ස්පර්ශය නැති කිරීම වන්නේය. ස්පර්ශය නැති කිරීමෙන් වේදනාව නැතිකිරීම වන්නේය. වේදනාව නැතිකිරීමෙන් තෘෂ්ණාව නැතිකිරීම වන්නේය. තෘෂ්ණාව නැතිකිරීමෙන් දැඩිව අල්වාගැනීම නැතිකිරීම වන්නේය. දැඩිව අල්වා ගැනීම නැතිකිරීමෙන් භවය නැති කිරීම වන්නේය.
භවය නැතිකිරීමෙන් ජාතිය (ඉපදීම) නැතිකිරීම වන්නේය. ජාතිය (ඉපදීම) නැතිකිරීමෙන් ජරා, මරණද, ශෝක, වැළපීම්, කායික දුක්, දොම්නස් නැතිකිරීම් නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් රාශියේ නැතිවීමවෙයි.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළ සේක.
“කෙළෙස් තවන වීර්යය ඇති පවු පිටමංකළ යොගී තෙමේ තමහට බොධිපාක්‍ෂීය ධර්ම පහළ වන කෙනෙහිම අඳුර දුර ගසා අහස බබුලුවන හිරුමෙන් සියලු මර සෙනඟ බිඳහරිමින් සිටී.”
4. හුංහුඞ්කසුත්තං 4. (අජපාල) නිග්‍රොධ සූත්‍රය
5. බ්‍රාහ්මණසුත්තං 5. මහාථෙර සූත්‍රය
6. මහාකස්සපසුත්තං 6. මහාකස්සප සූත්‍රය
7. අජකලාපකසුත්තං 7. අජපාලක (යක්ඛ) සූත්‍රය
8. සඞ්ගාමජිසුත්තං 8. සංගාමජි සූත්‍රය
9. ජටිලසුත්තං 9. ජටිල සූත්‍රය
10. බාහියසුත්තං 10. බාහිය සූත්‍රය