ඛුද්දකනිකායෙ | ඛුද්දක නිකාය |
උදානපාළි | උදානය |
1. බොධිවග්ගො | 1. බොධි වර්ගය |
1. පඨමබොධිසුත්තං | 1. පඨම බොධි සූත්‍රය |
1
එවං
‘‘ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, යදිදං - අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘යදා
ආතාපිනො ඣායතො බ්රාහ්මණස්ස;
අථස්ස කඞ්ඛා වපයන්ති සබ්බා,
යතො පජානාති සහෙතුධම්ම’’න්ති. පඨමං;
|
1
[1] මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පැමිණ පළමුවෙන්ම නෙරංජරා ගඟ අද්දර බෝගස මුල වාසය කරණ සේක. භාග්‍යවතුන්වහන්සේ ඒ කාලයෙහි සත් දවසක් නිවන් රසය විඳිමින් එකම ආසනයකින් හුන්සේක.
[2] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත් දවස ඇවෑමෙන් ඒ සිත එකඟ කිරීමෙන් නැගිට රාත්‍රියෙහි පළමුවැනි යාමයෙහි හේතු ප්‍රත්‍යය ධර්මය අනුපිළිවෙළින් (මෙනෙහි කළ සේක)
[3] “මෙසේ මෙය ඇතිකල්හි මෙසේවේ. මෙය ඇතිවීමෙන් මෙය උපදී එනම්:-නොදැනීම, ඇතිබව හේතු කොටගෙන සංස්කාර (කර්ම) වන්නේය. සංස්කාර ඇති බැවින් විඥානය (විපාකසිත) වන්නේය. විඥානය ඇති බැවින් නාමරූප (පංචස්කන්ධය) වන්නේය. නාමරූප ඇති බැවින් ආයතන සය වන්නේය. ආයතන සය ඇති බැවින් විපාක ස්පර්ශ චෛතසිකයවේ. ස්පර්ශය ඇති බැවින් වේදනාව ඇති වන්නේය. වේදනා ඇති බැවින් තෘෂ්ණාව ඇතිවන්නේය. තෘෂ්ණාව ඇති බැවින් දැඩිවගැන්ම ඇති වන්නේය. දැඩිව ගැන්ම ඇති බැවින් භවය (කර්මද ස්කන්ධද) වන්නේය. භවය ඇති බැවින් උත්පත්තිය වන්නේය. උත්පත්තිය ඇති බැවින් ජරාව, මරණය, ශෝකය, වැළපීම, කයට දුක්, සිතට දුක් දැඩිවෙහෙස යන මොව්හු පහළවෙත්. මෙසේ මේ සියළු දුක් රැස පහළවීම වේයයි” මෙනෙහි කළ සේක.
[4] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ අවස්ථාවෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක.
“කෙලෙස් තවන වීර්යය ඇති ධ්‍යාන කරණ යොගියාට යම් වේලාවක සත්තිස්බෝධිපාක්ෂික ධර්මයෝ පහළ වෙත්ද? එකෙණෙහි හේතු ප්‍රත්‍යයෙන් හටගත් දුක් රාශිය දනීද එහෙයින් ඔහුගේ සියළු සැකයෝ දුරුවෙත්.”
|
2. දුතියබොධිසුත්තං | 2. දුතිය බොධි සූත්‍රය |
2
එවං
‘‘ඉති ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති, යදිදං - අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො, සළායතනනිරොධා ඵස්සනිරොධො, ඵස්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ්හානිරොධො, තණ්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී’’ති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘යදා හවෙ පාතුභවන්ති ධම්මා,
ආතාපිනො
අථස්ස කඞ්ඛා වපයන්ති සබ්බා,
යතො ඛයං පච්චයානං අවෙදී’’ති. දුතියං;
|
2
(මෙය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡේදය මෙනි.)
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත් දවස ඇවෑමෙන් ඒ සිත එකඟ කිරීමෙන් නැඟිට රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි හේතු ප්‍රත්‍යය ධර්මය අග සිට මුලට (මෙනෙහි කළ සේක.)
මෙසේ මෙය නැති කල්හි මෙය නොවේ. මෙය නිරුද්ධවීමෙන් මෙය නිරුද්ධවේ. එනම් “නොදැනීම නැති බව හේතුකොට ගෙන සංස්කාර (කර්ම) නොවන්නේය. සංස්කාර (කර්ම) නැති බව හේතුකොටගෙන විඥාන විපාක සිත් නොවන්නේය. විඥානය නැතිබව හේතුකොට ගෙන නාමරූප (පංචස්කන්ධය) නොවන්නේය. නාමරූප නැතිබව හේතුකොටගෙන ආයතන සය නොවන්නේය. ආයතන සය නැතිබව හේතුකොටගෙන විපාක ස්පර්ශය නොවන්නේය. විපාක ස්පර්ශය නැතිබව හේතුකොටගෙන වේදනාව නොවන්නේය. වේදනාව නැතිබව හේතුකොටගෙන තෘෂ්ණාව නොවන්නේය. තෘෂ්ණාව නැතිබව හේතුකොටගෙන දැඩිව ගැන්ම නොවන්නේය. දැඩිව ගැන්ම නැතිබව හේතුකොටගෙන භව (කර්මද) ස්කන්ධද නොවන්නේය. භවය නැති බව හේතුකොට ගෙන උත්පත්තිය නොවන්නෙය. උත්පත්තිය නැතිබව හේතුකොටගෙන ජරාව, මරණය, ශෝකය, වැලපීම, කයට දුක්, සිතට දුක්, දැඩි වෙහෙස යන මොව්හු නොවෙත්. මෙසේ මේ සියළු දුක් රැස් නොවීම වේ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළ සේක.
“කෙලෙස් තවන වීර්යය ඇති ධ්‍යාන කරණ පව් දුරු කළ යොගීහට බොධිපාක්ෂික ධර්ම පහළ වන කල අවිද්‍යාදී හේතුන්ගෙන් ගෙවීමට කරුණුවූ නිවන ප්රත්යක්ෂ කරණ බැවින් ඔහුගේ සියලු සැකයෝ දුරුවෙත්.”
|
3. තතියබොධිසුත්තං | 3. තතිය බොධි සූත්‍රය |
3
එවං
‘‘ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති; යදිදං - අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
‘‘අවිජ්ජාය ත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො, සළායතනනිරොධා ඵස්සනිරොධො, ඵස්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ්හානිරොධො
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘යදා හවෙ පාතුභවන්ති ධම්මා,
ආතාපිනො ඣායතො බ්රාහ්මණස්ස;
විධූපයං තිට්ඨති මාරසෙනං,
සූරියොව
(සුරියොව (සී. ස්‍යා. කං. පී.)) ඔභාසයමන්තලික්ඛ’’න්ති. තතියං;
|
3
(මෙය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡේදය මෙනි)
එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ නිවන් සුව විඳිමින් සත් දිනක් එකම පළඟින් වැඩසිටියේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත්දින ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගිට රාත්‍රි අන්තිම යාමයෙහි ප්‍රතීත්‍ය සමුත්පාදය මුල සිට අග තෙක්ද මනාකොට සිහිකළ සේක.
“මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදයි. මෙය නැති කල්හි මෙය නොවෙයි. මෙය නැතිකිරීමෙන් මෙය නැතිවෙයි. යම් ඒ නොදැනීම් හේතුවෙන් සංස්කාර වන්නේය. සංස්කාර හේතුවෙන් විඥානය වන්නේය. විඥාන හේතුවෙන් නාම රූප වන්නේය. නාමරූප හේතුවෙන් ආයතන සය ඇති වන්නේය. ආයතන සය හේතුවෙන් ස්පර්ශ වන්නේය. ස්පර්ශ හේතුවෙන් වේදනා වන්නේය. වේදනා හේතුවෙන් තෘෂ්ණාව වන්නේය. තෘෂ්ණා හේතුවෙන් උපාදාන වන්නේය. උපාදාන හේතුවෙන් භව වන්නේය. භව හේතුවෙන් ජාති වන්නේය. ජාති හේතුවෙන් ජරා, මරණද, ශෝක, වැළපීම්, කායික දුක්, දොම්නස් වන්නේය. මෙසේ ඒ සියලු දුක් රාශියේ ඇතිවීම වෙයි.
නොදැනීම ඉතිරි නොකළ නැතිකිරීමෙන් සංස්කාරයන්ගේ නැති කිරීම වන්නේය. සංස්කාරයන්ගේ නැති කිරීමෙන් විඥානය නැති කිරීම වන්නේය. විඥානය නැති කිරීමෙන් නාමරූප නැතිකිරීම වන්නේය. නාමරූප නැතිකිරීමෙන් ආයතන සය නැතිකිරීම වන්නේය. ආයතන සය නැති කිරීමෙන් ස්පර්ශය නැති කිරීම වන්නේය. ස්පර්ශය නැති කිරීමෙන් වේදනාව නැතිකිරීම වන්නේය. වේදනාව නැතිකිරීමෙන් තෘෂ්ණාව නැතිකිරීම වන්නේය. තෘෂ්ණාව නැතිකිරීමෙන් දැඩිව අල්වාගැනීම නැතිකිරීම වන්නේය. දැඩිව අල්වා ගැනීම නැතිකිරීමෙන් භවය නැති කිරීම වන්නේය.
භවය නැතිකිරීමෙන් ජාතිය (ඉපදීම) නැතිකිරීම වන්නේය. ජාතිය (ඉපදීම) නැතිකිරීමෙන් ජරා, මරණද, ශෝක, වැළපීම්, කායික දුක්, දොම්නස් නැතිකිරීම් නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් රාශියේ නැතිවීමවෙයි.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළ සේක.
“කෙළෙස් තවන වීර්යය ඇති පවු පිටමංකළ යොගී තෙමේ තමහට බොධිපාක්‍ෂීය ධර්ම පහළ වන කෙනෙහිම අඳුර දුර ගසා අහස බබුලුවන හිරුමෙන් සියලු මර සෙනඟ බිඳහරිමින් සිටී.”
|
4. හුංහුඞ්කසුත්තං | 4. (අජපාල) නිග්රොධ සූත්‍රය |
4
එවං
අථ ඛො අඤ්ඤතරො හුංහුඞ්කජාතිකො
(හුහුඞ්කජාතිකො (සී. ස්‍යා. කං. පී.)) බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සො බ්රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘කිත්තාවතා නු ඛො, භො ගොතම, බ්රාහ්මණො හොති, කතමෙ ච පන බ්රාහ්මණකරණා
(බ්රාහ්මණකාරකා (ක.)) ධම්මා’’ති?
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා
‘‘යො බ්රාහ්මණො බාහිතපාපධම්මො,
නිහුංහුඞ්කො
(නිහුහුඞ්කො (සී. ස්‍යා. කං පී.)) නික්කසාවො යතත්තො;
වෙදන්තගූ වූසිතබ්රහ්මචරියො,
ධම්මෙන සො බ්‍රහ්මවාදං වදෙය්ය;
යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලොකෙ’’ති. චතුත්ථං;
|
4
(මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡේදය මෙනි.)
එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ නිවන් සුව විඳිමින් සත් දිනක් එකම පළඟින් වැඩ සිටියේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත් දින ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගිටි සේක. ඉක්බිති එක්තරා අනුන්ට නින්දා කරන ගති ඇති බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටියාවූ ඒ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය. “භගවත් ගෞතමයන් වහන්ස කරුණු කීයකින් බ්‍රාහ්මණයෙක් වේද? කෙනෙකු බමුණකු කරණ ධර්මයෝ කවරහුද?” යනුවෙනි.
ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කළසේක.
‘පවු දුරුකළ මානාහංකාරයෙන් අනුන් හෙලා නොදක්නා කෙලෙස් කසට නැති, කෙලෙසුන් කෙරෙන් සිත රැකගත්, සතර
මග නුවණින් නිවන් කරා පැමිණි මාර්ග බ්රහ්මචර්යය වැසනිමවූ යමෙක් වේද, හේ සැබෑ බ්‍රාහ්මණයා නම් වේ. ලොව කිසි අරමුණකුත් රාගාදී වශයෙන් නොගන්නා හෙතෙම තමා බමුණෙකැයි කියානම් ඒ කරුණු සහිතය.”
|
5. බ්රාහ්මණසුත්තං | 5. මහාථෙර සූත්‍රය |
5
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාමොග්ගල්ලානො ආයස්මා ච මහාකස්සපො ආයස්මා ච මහාකච්චානො
(මහාකච්චායනො (සී. පී. ක.)) ආයස්මා ච මහාකොට්ඨිකො ආයස්මා ච මහාකප්පිනො ආයස්මා ච මහාචුන්දො ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච රෙවතො ආයස්මා ච නන්දො
(ආනන්දො (සී. පී.)) යෙන භගවා තෙනුපසඞ්කමිංසු
අද්දසා
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘බාහිත්වා පාපකෙ ධම්මෙ, යෙ චරන්ති සදා සතා;
ඛීණසංයොජනා
|
5
[1] මේ සූත්‍රය මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයයෙහි වැඩවසන සේක.
[2] එකල්හි වනාහි ඇවැත්වූ සැරියුත් තෙරුන් වහන්සේද ඇවැත්වූ මහ මුගලන් තෙරුන් වහන්සේද ඇවැත්වූ මහා කාස්සප තෙරුන් වහන්සේද, ඇවැත්වූ මහා කච්චායන තෙරුන් වහන්සේද ඇවැත්වූ මහා කොට්ඨිත තෙරුන් වහන්සේද ඇවැත්වූ මහා කප්පින තෙරුන් වහන්සේද, ඇවැත්වූ මහා චුන්ද තෙරුන් වහන්සේද, ඇවැත්වූ අනුරුද්ධ තෙරුන් වහන්සේද, ඇවැත්වූ රේවත තෙරුන් වහන්සේද, ඇවැත්වූ නන්ද තෙරුන් වහන්සේද, ඇවැත්වූ ආනන්ද තෙරුන් වහන්සේද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියහ.
[3] භාග්‍යවතුන් වහන්සේ එන්නාවූ ඒ තෙරුන් වහන්සේලා දුරදීම දැකී සේක්මය. දැක භික්ෂූන් ඇමතු සේක. “මහණෙනි, බ්‍රාහ්මණවූ ඔවුහු එන්නාහ. මහණෙනි, බ්‍රාහ්මණවූ ඔවුහු එන්නාහ” යනුවෙනි. මෙසේ වදාළ කල්හි එක්තරා බ්‍රාහ්මණ ජාතික භික්ෂු නමක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය. “ස්වාමීනි, කරුණු කීයකින් බ්‍රාහ්මණයෙක් වේද, කෙනෙකු බමුණකු කරණ ධර්මයෝ කවරහුද?” යනුවෙනි.
[4] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළ සේක. “යමෙක් තුමූ හැම කල්හි සිහි ඇත්තාහු ලාමක අකුශල ධර්මයන් බැහැර කොට හැසිරෙද්ද, නැති කළ භව බැඳුම් ඇති ආර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළ ඔවුහුම ලෝකයෙහි බ්‍රාහ්මණයෝ වෙති.”
|
6. මහාකස්සපසුත්තං | 6. මහාකස්සප සූත්‍රය |
6
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාකස්සපො පිප්පලිගුහායං
(පිප්ඵලිගුහායං (ස්‍යා.), සිම්බලිගුහායං (ක.)) විහරති ආබාධිකො
(ආබාධිකො හොති (ස්‍යා. පී.)) දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො ආයස්මා මහාකස්සපො අපරෙන සමයෙන තම්හා ආබාධා වුට්ඨාසි. අථ ඛො ආයස්මතො මහාකස්සපස්ස තම්හා ආබාධා වුට්ඨිතස්ස එතදහොසි - ‘‘යංනූනාහං රාජගහං පිණ්ඩාය පවිසෙය්ය’’න්ති.
තෙන ඛො පන සමයෙන පඤ්චමත්තානි දෙවතාසතානි උස්සුක්කං ආපන්නානි හොන්ති ආයස්මතො මහාකස්සපස්ස පිණ්ඩපාතපටිලාභාය. අථ ඛො ආයස්මා මහාකස්සපො තානි පඤ්චමත්තානි දෙවතාසතානි පටික්ඛිපිත්වා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි - යෙන දලිද්දවිසිඛා කපණවිසිඛා පෙසකාරවිසිඛා. අද්දසා ඛො භගවා ආයස්මන්තං මහාකස්සපං රාජගහෙ පිණ්ඩාය චරන්තං යෙන දලිද්දවිසිඛා කපණවිසිඛා පෙසකාරවිසිඛා.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘අනඤ්ඤපොසිමඤ්ඤාතං, දන්තං සාරෙ පතිට්ඨිතං;
ඛීණාසවං වන්තදොසං, තමහං බ්රූමි බ්‍රාහ්මණ’’න්ති. ඡට්ඨං;
|
6
[1] මේ සූත්‍රය මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ලෙහෙනුන්ට අහාර දුන් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක.
[2] එකල්හි වනාහි ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේ හටගත් ආබාධ ඇත්තේ දුක්වූයේ දැඩි ගිලන් බැව් ඇත්තේ පිප්ඵලී ගුහාවෙහි වාසය කරයි. ඉක්බිති ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේ පසු කාලයක ඒ ආබාධයෙන් නැගිට්ටේය. ඒ ආබාධයෙන් නැගිටි ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේට මේ අදහස විය. ‘මම රජගහ නුවර පිඬු පිණිස හැසිරෙන්නෙම් නම් යෙහෙක,’ යනුවෙනි.
[3] එකල්හි වනාහි පන්සියයක් දේවතාවෝ ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේට පිණ්ඩපාතය දීම ලැබීමට උද්යෝගවත් වූහ. ඉක්බිති ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේ ඒ පන්සියයක් දෙවියන් බැහැර කොට පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන රජගහ නුවර දිළින්දන්ගේ විථිය, ඉතා දුප්පතුන්ගේ වීථිය, රෙදි වියන්නන්ගේ වීථිය යම් තැනකද එහි පිඬු පිණිස හැසුරුන සේක. රජගහ නුවර දිළින්දන්ගේ වීථිය, ඉතා දුප්පතුන්ගේ වීථිය, රෙදිවියන්නන්ගේ වීථිය යම් තැනකද එහි පිඬු පිණිස හැසිරෙන ඇවැත්වූ මහකසුප් තෙරුන් භාග්‍යවතුන් වහන්සේ දැකි සේක.
[4] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළ සේක.
“අන්‍යයන් පොෂණය නොකරන්නාවූ ආර්යය සත්‍යය දත් දැමුන, සාරයෙහි පිහිටි, නැතිකළ කෙලෙස් ඇති, වමාරා දැමූ කෝපය ඇති, ඔහු මම බ්‍රාහ්මණයා යයි කියමි.”
|
7. අජකලාපකසුත්තං | 7. අජපාලක (යක්ඛ) සූත්‍රය |
7
එවං
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘යදා සකෙසු ධම්මෙසු, පාරගූ හොති බ්රාහ්මණො;
අථ එතං පිසාචඤ්ච, පක්කුලඤ්චාතිවත්තතී’’ති. සත්තමං;
|
7
“මේ සූත්‍රය මෙසේ අසන ලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පාටලී නුවර අජ කලාපක චෛත්‍යස්ථානයෙහි අජ කලාපක නම් යක්ෂයාගේ භවනයෙහි වැඩ වසනසේක.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ රෑ අඳුරු කළුවරෙහි එළිමහන් තැනක වැඩ සිටියේ වෙයි. වැසි පොදද එක දෙක වැටෙයි. ඉක්බිති අජ කලාපක යක්ෂතෙම භාග්‍යවතුන් වහන්සේට බිය, තැති ගැන්ම, ලොමු ඩැහැගැන්ම, උපදවනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි “අක්කුලය, පක්කුලය, අක්කුල, පක්කුලය”යි තුන් වරක් ශබ්ද නැගීය, “ශ්‍රමණය මේ පිසාචයෙක්යයි” (තමා ගැනම) කීයේය.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළසේක. “යම් කලෙක බ්‍රාහ්මණතෙම ස්වකීය ධර්මයන්හි පරතෙරට ගියේ වේද එකල්හි මේ “පිසාචයාද, පක්කුල හඬද” ඉක්ම පවතියි.’ යනුයි.
|
8. සඞ්ගාමජිසුත්තං | 8. සංගාමජි සූත්‍රය |
8
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සඞ්ගාමජි සාවත්ථිං අනුප්පත්තො හොති භගවන්තං දස්සනාය. අස්සොසි ඛො ආයස්මතො සඞ්ගාමජිස්ස පුරාණදුතියිකා - ‘‘අය්යො කිර සඞ්ගාමජි සාවත්ථිං අනුප්පත්තො’’ති. සා දාරකං ආදාය ජෙතවනං අගමාසි.
තෙන ඛො පන සමයෙන ආයස්මා සඞ්ගාමජි අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසින්නො හොති. අථ ඛො ආයස්මතො සඞ්ගාමජිස්ස පුරාණදුතියිකා යෙනායස්මා සඞ්ගාමජි තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං සඞ්ගාමජිං එතදවොච - ‘‘ඛුද්දපුත්තඤ්හි
(ඛුද්දපුත්තාම්හි (සී.)), සමණ, පොස ම’’න්ති. එවං වුත්තෙ, ආයස්මා සඞ්ගාමජි තුණ්හී අහොසි.
දුතියම්පි ඛො ආයස්මතො සඞ්ගාමජිස්ස පුරාණදුතියිකා ආයස්මන්තං
තතියම්පි
අථ ඛො ආයස්මතො සඞ්ගාමජිස්ස පුරාණදුතියිකා තං දාරකං ආයස්මතො සඞ්ගාමජිස්ස පුරතො නික්ඛිපිත්වා පක්කාමි
(පක්කමි (ක.) එවමුපරිපි) - ‘‘එසො
(එස (සී. ක.)) තෙ, සමණ, පුත්තො; පොස න’’න්ති.
අථ ඛො ආයස්මා සඞ්ගාමජි තං දාරකං නෙව ඔලොකෙසි නාපි ආලපි. අථ ඛො ආයස්මතො සඞ්ගාමජිස්ස පුරාණදුතියිකා
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘ආයන්තිං නාභිනන්දති, පක්කමන්තිං න සොචති;
සඞ්ගා සඞ්ගාමජිං මුත්තං, තමහං බ්රූමි බ්‍රාහ්මණ’’න්ති. අට්ඨමං;
|
8
[1] (මෙහි මේ වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යුතුයි.)
[2] ඒ කාලයෙහි ආයුෂ්මත් සංගාමජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ දැකීමට සැවැත් නුවරට පැමිණියේය. ආයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාව ‘සංගාමජි ආර්යයතෙමේ සැවැත් නුවරට පැමිණියේයයි’ ඇසුවාය. ඕතොමෝ දරුවා රැගෙන ජේතවනයට ගියාය. ඒ කාලයෙහි ආයුෂ්මත් සංගාමජිතෙමේ එක්තරා ගසක් යට දවල් කාලයෙහි සිටියේ විය. ඉක්බිති ආයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාව ආයුෂ්මත් සංගාමජි යම් තැනෙක්හිද එහි පැමිණියාය. පැමිණ (ii) ආයුෂ්මත් සංගාමජිට, “ශ්‍රමණය, පොඩි දරුවෙකු ඇත්තෙමි. මා පොෂ්ය කරවයි” කීවාය. මෙසේ කී කල්හි ආයුෂ්මත් සංගාමජි තෙමේ නිශ්ශබ්ද විය. (iii) දෙවනුවත් ආයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාව (මෙහි 2 (ii) ඡේදය යෙදිය යුතුයි) දෙවනුවත් අයුෂ්මත් සංගාමජිතෙමේ නිශ්ශබ්ද විය. තුන්වෙනුවත් ආයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාව (මෙහි 2 (ii) යෙදිය යුතුයි) තුන්වෙනුවත් ආයුෂ්මත් සංගාමජිතෙමේ නිශ්ශබ්ද විය.
[3] ඉක්බිති ආයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාව ඒ දරුවා ආයුෂ්මත් සංගාමජි ඉදිරියෙහි “ශ්‍රමණය මේ තෙම තොපගේ පුත්‍රයාය, ඔහු පොෂ්ය කරවයි” දමාගියාය. ඉක්බිති ආයුෂ්මත් සංගාමජිතෙමේ ඒ දරුවා නොබැලීය. කථා නොකෙළේය. ඉක්බිති අයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාව නුදුරක් ගොස් බලන්නී ආයුෂ්මත් සංගාමජි ඒ දරුවා නොබලන්නාහු කථා නොකරන්නාහු දැක්කාය. දැක මේ ශ්‍රමණ තෙමේ පුත්‍රයාගේ ප්‍රයෝජන නැත්තෙකැයි’ ඈට මේ සිත විය. එතැනින් හැරී ඇවිත් දරුවා ගෙන ගියාය.
[4] භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සංගාමජිගේ පෙර භාර්යාවගේ මෙබඳු විපර්යාසය මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් දුටු සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළසේක.
“එන තැනැත්තියට සතුටු නොවෙයි. යන තැනැත්තියට ශොක නොකරයි. ඇලීමෙන් සංගාමජි මිදුනේය. මම ඔහුට බමුණායයි කියමි.”
|
9. ජටිලසුත්තං | 9. ජටිල සූත්‍රය |
9
එවං මෙ සුතං - එකං සමයං භගවා ගයායං විහරති ගයාසීසෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා ජටිලා සීතාසු හෙමන්තිකාසු
අද්දසා ඛො භගවා තෙ සම්බහුලෙ ජටිලෙ සීතාසු හෙමන්තිකාසු රත්තීසු අන්තරට්ඨකෙ හිමපාතසමයෙ ගයායං උම්මුජ්ජන්තෙපි නිමුජ්ජන්තෙපි උම්මුජ්ජනිමුජ්ජම්පි කරොන්තෙ
(උම්මුජ්ජනිමුජ්ජං කරොන්තෙපි (සී. පී. ක.)) ඔසිඤ්චන්තෙපි අග්ගිම්පි ජුහන්තෙ - ‘‘ඉමිනා සුද්ධී’’ති.
අථ
‘‘න උදකෙන සුචී හොතී, බහ්වෙත්ථ න්හායතී
(නහායතී (සී.)) ජනො;
යම්හි සච්චඤ්ච ධම්මො ච, සො සුචී සො ච බ්රාහ්මණො’’ති. නවමං;
|
9
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයාවෙහි ගයාව ඉස්මත්තෙහි වාසය කරණ සේක.
ඒ කාලයෙහි බොහෝ ජටිලයෝ හිම වැටෙන කාලයෙහි නවන් මැදින් දෙමස අතරෙහිවූ දවස් අටෙහි සීතලවූ හිම වැටෙන රාත්‍රීන්හි ගයා (තොටුපලෙහි (දියෙහි) මෙයින් පිරිසිදු බව වේයයි මතුවීමද කිමිදීමද මතුවීම කිමිදීමද කරත්. වතුරද ඉසිත් ගිනිද පුදත්.
භාග්‍යවතුන් වහන්සේ හිමවැටෙන කාලයෙහි නවම් මැදින් දෙමස අතරෙහිවූ දවස් අටෙහි සීතලවූ හිම වැටෙන රාත්‍රීන්හි ගයා තොටුපලෙහි (දියෙහි) මෙයින් පිරිසිදු බව වේයයි මතුවීමද කිමිදීමද මතුවීම කිමිදීම කරන්නාවූද, වතුර ඉසින්නාවූද ගිනි පුදන්නාවූද, ඒ බොහෝ ජටිලයන් දුටු සේක්මය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කළසේක.
“මෙහි බොහෝ දෙනා නාති. ජලයෙන් පිරිසිදු වූවෙක් නොවේ. යමෙකු කෙරෙහි සත්‍යයද ධර්මයද ඇත්නම් හෙතෙම හෙතෙම පිරිසුදුය. හෙතෙම බ්‍රාහ්මණද වේ.”
|
10. බාහියසුත්තං | 10. බාහිය සූත්‍රය |
10
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන බාහියො දාරුචීරියො සුප්පාරකෙ පටිවසති සමුද්දතීරෙ සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. අථ ඛො බාහියස්ස දාරුචීරියස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘‘යෙ ඛො කෙචි ලොකෙ අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නා, අහං තෙසං අඤ්ඤතරො’’ති.
අථ ඛො
‘‘අථ කෙ චරහි සදෙවකෙ ලොකෙ අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නො’’ති? ‘‘අත්ථි, බාහිය, උත්තරෙසු ජනපදෙසු
(ජනපදෙ (සී.)) සාවත්ථි නාම නගරං. තත්ථ සො භගවා එතරහි විහරති අරහං සම්මාසම්බුද්ධො. සො හි, බාහිය, භගවා අරහා චෙව අරහත්තාය ච ධම්මං දෙසෙතී’’ති.
අථ ඛො බාහියො දාරුචීරියො තාය දෙවතාය සංවෙජිතො තාවදෙව සුප්පාරකම්හා පක්කාමි. සබ්බත්ථ එකරත්තිපරිවාසෙන යෙන සාවත්ථි ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන
අථ ඛො බාහියො දාරුචීරියො තරමානරූපො ජෙතවනා නික්ඛමිත්වා සාවත්ථිං පවිසිත්වා අද්දස භගවන්තං සාවත්ථියං පිණ්ඩාය චරන්තං පාසාදිකං පසාදනීයං සන්තින්ද්රියං සන්තමානසං
දුතියම්පි ඛො බාහියො දාරුචීරියො භගවන්තං එතදවොච - ‘‘දුජ්ජානං ඛො පනෙතං, භන්තෙ, භගවතො වා ජීවිතන්තරායානං, මය්හං වා ජීවිතන්තරායානං
තතියම්පි ඛො බාහියො දාරුචීරියො භගවන්තං එතදවොච - ‘‘දුජ්ජානං ඛො පනෙතං, භන්තෙ, භගවතො වා ජීවිතන්තරායානං, මය්හං වා ජීවිතන්තරායානං. දෙසෙතු මෙ භන්තෙ භගවා, ධම්මං; දෙසෙතු, සුගතො, ධම්මං, යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායා’’ති.
‘‘තස්මාතිහ තෙ, බාහිය, එවං සික්ඛිතබ්බං - ‘දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සතී’ති. එවඤ්හි තෙ, බාහිය, සික්ඛිතබ්බං. යතො ඛො තෙ, බාහිය, දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති, මුතෙ
අථ ඛො බාහියස්ස දාරුචීරියස්ස භගවතො ඉමාය සංඛිත්තාය ධම්මදෙසනාය තාවදෙව අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි.
අථ
අථ ඛො භගවා සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං නගරම්හා නික්ඛමිත්වා අද්දස බාහියං දාරුචීරියං කාලඞ්කතං
(කාලකතං (සී. ස්‍යා. කං.)); දිස්වාන භික්ඛූ ආමන්තෙසි - ‘‘ගණ්හථ, භික්ඛවෙ, බාහියස්ස දාරුචීරියස්ස සරීරකං; මඤ්චකං ආරොපෙත්වා නීහරිත්වා ඣාපෙථ; ථූපඤ්චස්ස කරොථ. සබ්රහ්මචාරී වො, භික්ඛවෙ, කාලඞ්කතො’’ති.
‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා බාහියස්ස දාරුචීරියස්ස සරීරකං මඤ්චකං ආරොපෙත්වා නීහරිත්වා ඣාපෙත්වා ථූපඤ්චස්ස කත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘දඩ්ඪං, භන්තෙ, බාහියස්ස දාරුචීරියස්ස සරීරං, ථූපො චස්ස
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘යත්ථ ආපො ච පථවී, තෙජො වායො න ගාධති;
න තත්ථ සුක්කා ජොතන්ති, ආදිච්චො නප්පකාසති;
න තත්ථ චන්දිමා භාති, තමො තත්ථ න විජ්ජති.
‘‘යදා
අථ රූපා අරූපා ච, සුඛදුක්ඛා පමුච්චතී’’ති. දසමං;
(අයම්පි උදානො වුත්තො භගවතා ඉති මෙ සුතන්ති.)
(( ) ස්‍යාමපොත්ථකෙ නත්ථි)
|
10
(මෙහි මේ වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යතුයි.)
“ඒ කාලයෙහි බාහිය දාරුචීරිය සුප්පාරක තොටෙහි මුහුදු වෙරළහි වාසය කරයි. සත්කාර කරණ ලද්දේ ගරු කරණ ලද්දේ, බුහුමන් කරණ ලද්දේ, පුදන ලද්දේ, ගෞරව කරන ලද්දේ සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු දවස විය. ඉක්බිති විවේකයට ගියාවූ හෝ රහසිගතවූ බාහිය දාරුචිරියට “ලෝකයෙහි රහත්වූ හෝ රහත් මාර්ගයට බැස්ස යෙම් කෙනෙක් ඇත්ද, ඔවුන් අතරින් මමත් කෙනෙක්මියි” මෙසේ සිතට අදහසක් ඇතිවිය.
“ඉක්බිති බාහිය දාරුචීරිය හිතවත් යහපත කැමති පැරණි සහලේ නෑ දෙවතාවෙක් බාහිය දාරුචීරියගේ සිත තම සිතින් දැන බාහිය දාරුචීරිය යම් තනෙක්හීද එහි පැමිණියේය. පැමිණ, බාහිය දාරුචීරියට බාහිය ඔබ රහත්වී නැත. රහත් මාර්ගයට පැමිණවත් නැත. යමකින් ඔබ රහත් කෙනෙකු හෝ රහත් මගට පිළිපන් කෙනෙකු වන්නේද ඒ පිළිපැදීමද ඔබට නැතැයි” කීයේය.
“දෙවතාව, එසේ වීනම් ලෝකයෙහි කවරෙක් රහත්ද රහත් මගට පිළිපන්නේදැයි” ඇසීය. “බාහිය උතුරු ජනපදයන්හි, සැවැත් නම් නුවරක් ඇත්තේය. එහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ රහත්වූයේද රහත් බව පිණිසද බණ කියයි.”
ඉක්බිති බාහිය දාරුචීරිය තෙමේ ඒ දෙවතාවා විසින් යොදවන ලද්දේ එකෙනෙහිම සුප්පාරක ජනපදයෙන් පිටත් වූයේය. සියලු තන්හි එක් රැයක් පමණක් විසීමෙන් යම් තැනක සැවත් නුවර අනේපිඩු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි භාග්‍යවතුන් වහන්සේ වාසය කරණ සේක්ද එහි පැමිණියේය.
ඒ කාලයෙහි බොහෝ භික්ෂූහු එළිමහනෙහි සක්මන් කරත්, ඉක්බිති බාහිය දාරුචීරිය තෙමේ ඒ භික්ෂූන් යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ ඒ භික්ෂූන් වෙතින් “ස්වාමීනි අර්හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වසන සේක්ද? අපි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දකිනු කැමැත්තෝ වෙමුයි” ඇසුවේය. “බාහිය, භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස ඇතුල්ගමට වැඩි සේක.”
“ඉක්බිති බාහිය දාරුචීරිය තෙමේ වහා ජේතවනයෙන් නික්ම සැවැත් නුවරට ඇතුල්වී සැවැත් නුවර පිඬු පිණිස හැසිරෙන පැහැදීම ඇති කරණ, පැහැදිය යුතු සන්සුන් ඉඳුරන් ඇති තැන්පත් සිත් ඇති, උතුම් ආත්ම දමනයට චිත්ත දමනයට පැමිණි, දැමුණු, රැකුණු, ඉන්ද්රිය සංවරයට පැමිණි උත්තමයාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. දැක භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ සිරි පාමුල හිස තබා වැඳ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, යමක් මට බොහෝකලක් හිත සැප පිණිස වන්නේද, මට භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මය දෙසන සේක්වා, සුගතයන් වහන්සේ මට ඒ ධර්මය දෙසනසේක්වායි’ කීයේය.
“මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරියට බාහිය නොකල්ය. පිඬු පිණිස ඇතුළු ගමට පිවිසියෙමියි” වදාළසේක. දෙවනුවත් බාහිය දාරුචීරිය භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් හෝ මගේ ජීවිතයට අනතුරක් හෝ වේද, මෙය සිතාගත නොහැක්කකි. ස්වාමීනි, යමක් මට බොහෝ කලක් හිත සැප පිණිස වන්නේද, මට භාග්‍යවතුන් වහන්සේ ධර්මය දෙසන සේක්වා. සුගතයන් වහන්සේ මට ධර්මය දෙසනසේක්වා.”
දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරිය තවුසාට “බාහිය, මේ නොකල්ය. පිඬු පිණිස ඇතුළුගමට පිවිසියෙමියි” වදාළසේක. තුන්වෙනුවත් බාහිය දාරුචීරිය තවුසා භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් හෝ මගේ ජීවිතයට අනතුරක් හෝ සිතාගත නොහැක්කකි. ස්වාමීනි, යමක් මට බොහෝකලක් හිත සැප පිණිස වන්නේද, මට භාග්‍යවතුන් වහන්සේ ධර්මය දෙසන සේක්වා.”
“බාහිය, තොප විසින් එසේ වීනම් මෙහි මෙසේ හික්මීය යුතුය. බාහිය තොපට යම්කිසි තැනක සිට දක්නා ලද්දෙහි දැකීම් මාත්‍රය වන්නේද, ඇසූ දෙයෙහි ඇසූ මාත්‍රය වන්නේද, පෘථිවි ස්පර්ශයෙහි ස්පර්ශකිරීම් මාත්‍රය වන්නේද, දක්නා ලද්දෙහි දැනීම් මාත්‍රය වන්නේද, එහෙයින් බාහිය, නුඹ ඉන් නොවේ. යම්හෙයකින් බාහිය, නුඹ ඉන් නොවේද, එහෙයින් බාහිය, ඔබ එහි නොවේ. යම්හෙයකින් බාහිය, ඔබ එහි නොවේද, එහෙයින් බාහිය, ඔබ මෙහි මෙලොව නොමවේ. පරලොව නොවේ. මෙලොව පරලොව දෙක අතරෙහි නොවේ. දුකේ අවසානය මෙයමයි.” ඉක්බිති බාහිය දාරුචීරියට භාග්‍යවතුන් වහන්සේගේ මේ ලුහුඬින් කළ ධර්ම දේශනාවෙන් එකෙණෙහිම කිසි ධර්මයක් දැඩිකොට නොගෙන කෙලෙසුන්ගේ සිත මිදුනේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරියම මේ ලුහුඬු අවවාදයෙන් අවවාද කොට වැඩිසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩි ටික වේලාවකින් බාහිය දාරුචීරිය වසු පැටවෙක් ඇති දෙනක් ඇන ජීවිතය තොර කළාය.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පිඩු පිණිස හැසිර පසුබත පිණ්ඩ පාතයෙන් වැලැක්කේ බොහෝ භික්ෂූන් සමග නුවරින් නික්ම කළුරිය කළ බාහිය දාරුචීරිය දුටුසේක. දැක භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, බාහිය දාරුචීරියගේ ශරීරය ගනිව්. ඇඳක තබා බැහැර කොට දවව්. ඔහුට ථූපයක්ද කරව්. මහණෙනි තොපගේ සබ්‍රම්සර කෙනෙකු කළුරිය කළේය.”
“ස්වාමීනි, එසේයයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී බාහිය දාරුචීරියගේ මළකද ඇඳක තබා බැහැරකොට දවා ඔහුට ථූපයක්ද කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහුය. එකත් පසෙක සිටි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, බාහිය දාරුචීරියගේ ශරීරය දවන ලදී. ඔහුට ථූපයක්ද කරණ ලදී. ඔහුගේ ගතිය කවරේද? පරලොව කීමෙක්දැ”යි ඇසූහ.
“මහණෙනි, බාහිය දාරුචීරිය පණ්ඩිතය. නව ලොකොත්තර ධර්මයට හා විදර්ශනා ඥානයට පැමිණියේය. ධර්මය වෙනුවෙන් මට වෙහෙස නොකළේය. මහණෙනි, බාහිය දාරුචීරිය පිරිනිවියේය.” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණු දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළසේක. “යම් නිවණක පොළොව ජලය ගින්දර වාතය යන සතර නොපිහිටාද, එහි තාරකාද නොබබලත්. හිරුද නොපෙනේ.”
|