ත්‍රිපිටකය
ඛුද්දකනිකායෙ ඛුද්දක නිකාය
උදානපාළි උදානය
1. බොධිවග්ගො 1. බොධි වර්ගය
1. පඨමබොධිසුත්තං 1. පඨම බොධි සූත්‍රය
2. දුතියබොධිසුත්තං 2. දුතිය බොධි සූත්‍රය
3. තතියබොධිසුත්තං 3. තතිය බොධි සූත්‍රය
4. හුංහුඞ්කසුත්තං 4. (අජපාල) නිග්‍රොධ සූත්‍රය
5. බ්‍රාහ්මණසුත්තං 5. මහාථෙර සූත්‍රය
6. මහාකස්සපසුත්තං 6. මහාකස්සප සූත්‍රය
7. අජකලාපකසුත්තං 7. අජපාලක (යක්ඛ) සූත්‍රය
8. සඞ්ගාමජිසුත්තං 8. සංගාමජි සූත්‍රය
9. ජටිලසුත්තං 9. ජටිල සූත්‍රය
10. බාහියසුත්තං 10. බාහිය සූත්‍රය
10
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන බාහියො දාරුචීරියො සුප්පාරකෙ පටිවසති සමුද්දතීරෙ සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. අථ ඛො බාහියස්ස දාරුචීරියස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘‘යෙ ඛො කෙචි ලොකෙ අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නා, අහං තෙසං අඤ්ඤතරො’’ති.
අථ ඛො බාහියස්ස දාරුචීරියස්ස පුරාණසාලොහිතා දෙවතා අනුකම්පිකා අත්ථකාමා බාහියස්ස දාරුචීරියස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය යෙන බාහියො දාරුචීරියො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා බාහියං දාරුචීරියං එතදවොච - ‘‘නෙව ඛො ත්වං , බාහිය, අරහා, නාපි අරහත්තමග්ගං වා සමාපන්නො. සාපි තෙ පටිපදා නත්ථි යාය ත්වං අරහා වා අස්ස (අස්සසි (ස්‍යා. ක.)) අරහත්තමග්ගං වා සමාපන්නො’’ති.
‘‘අථ කෙ චරහි සදෙවකෙ ලොකෙ අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නො’’ති? ‘‘අත්ථි, බාහිය, උත්තරෙසු ජනපදෙසු (ජනපදෙ (සී.)) සාවත්ථි නාම නගරං. තත්ථ සො භගවා එතරහි විහරති අරහං සම්මාසම්බුද්ධො. සො හි, බාහිය, භගවා අරහා චෙව අරහත්තාය ච ධම්මං දෙසෙතී’’ති.
අථ ඛො බාහියො දාරුචීරියො තාය දෙවතාය සංවෙජිතො තාවදෙව සුප්පාරකම්හා පක්කාමි. සබ්බත්ථ එකරත්තිපරිවාසෙන යෙන සාවත්ථි ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ අබ්භොකාසෙ චඞ්කමන්ති. අථ ඛො බාහියො දාරුචීරියො යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච - ‘‘කහං නු ඛො, භන්තෙ, එතරහි භගවා විහරති අරහං සම්මාසම්බුද්ධො? දස්සනකාමම්හා මයං තං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධ’’න්ති. ‘‘අන්තරඝරං පවිට්ඨො ඛො, බාහිය, භගවා පිණ්ඩායා’’ති.
අථ ඛො බාහියො දාරුචීරියො තරමානරූපො ජෙතවනා නික්ඛමිත්වා සාවත්ථිං පවිසිත්වා අද්දස භගවන්තං සාවත්ථියං පිණ්ඩාය චරන්තං පාසාදිකං පසාදනීයං සන්තින්ද්‍රියං සන්තමානසං උත්තමදමථසමථමනුප්පත්තං දන්තං ගුත්තං යතින්ද්‍රියං නාගං. දිස්වාන යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතො පාදෙ සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච - ‘‘දෙසෙතු මෙ, භන්තෙ භගවා, ධම්මං; දෙසෙතු, සුගතො, ධම්මං, යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායා’’ති. එවං වුත්තෙ, භගවා බාහියං දාරුචීරියං එතදවොච - ‘‘අකාලො ඛො තාව, බාහිය, අන්තරඝරං පවිට්ඨම්හා පිණ්ඩායා’’ති.
දුතියම්පි ඛො බාහියො දාරුචීරියො භගවන්තං එතදවොච - ‘‘දුජ්ජානං ඛො පනෙතං, භන්තෙ, භගවතො වා ජීවිතන්තරායානං, මය්හං වා ජීවිතන්තරායානං . දෙසෙතු මෙ, භන්තෙ භගවා, ධම්මං; දෙසෙතු, සුගතො, ධම්මං, යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායා’’ති. දුතියම්පි ඛො භගවා බාහියං දාරුචීරියං එතදවොච - ‘‘අකාලො ඛො තාව, බාහිය, අන්තරඝරං පවිට්ඨම්හා පිණ්ඩායා’’ති.
තතියම්පි ඛො බාහියො දාරුචීරියො භගවන්තං එතදවොච - ‘‘දුජ්ජානං ඛො පනෙතං, භන්තෙ, භගවතො වා ජීවිතන්තරායානං, මය්හං වා ජීවිතන්තරායානං. දෙසෙතු මෙ භන්තෙ භගවා, ධම්මං; දෙසෙතු, සුගතො, ධම්මං, යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායා’’ති.
‘‘තස්මාතිහ තෙ, බාහිය, එවං සික්ඛිතබ්බං - ‘දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සතී’ති. එවඤ්හි තෙ, බාහිය, සික්ඛිතබ්බං. යතො ඛො තෙ, බාහිය, දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සති, තතො ත්වං, බාහිය, න තෙන; යතො ත්වං, බාහිය, න තෙන තතො ත්වං, බාහිය, න තත්ථ ; යතො ත්වං, බාහිය, න තත්ථ, තතො ත්වං, බාහිය, නෙවිධ න හුරං න උභයමන්තරෙන. එසෙවන්තො දුක්ඛස්සා’’ති.
අථ ඛො බාහියස්ස දාරුචීරියස්ස භගවතො ඉමාය සංඛිත්තාය ධම්මදෙසනාය තාවදෙව අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි.
අථ ඛො භගවා බාහියං දාරුචීරියං ඉමිනා සංඛිත්තෙන ඔවාදෙන ඔවදිත්වා පක්කාමි. අථ ඛො අචිරපක්කන්තස්ස භගවතො බාහියං දාරුචීරියං ගාවී තරුණවච්ඡා අධිපතිත්වා (අධිපාතෙත්වා (සී. ස්‍යා. පී.), අධිපාතිත්වා (ක.)) ජීවිතා වොරොපෙසි.
අථ ඛො භගවා සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං නගරම්හා නික්ඛමිත්වා අද්දස බාහියං දාරුචීරියං කාලඞ්කතං (කාලකතං (සී. ස්‍යා. කං.)); දිස්වාන භික්ඛූ ආමන්තෙසි - ‘‘ගණ්හථ, භික්ඛවෙ, බාහියස්ස දාරුචීරියස්ස සරීරකං; මඤ්චකං ආරොපෙත්වා නීහරිත්වා ඣාපෙථ; ථූපඤ්චස්ස කරොථ. සබ්‍රහ්මචාරී වො, භික්ඛවෙ, කාලඞ්කතො’’ති.
‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා බාහියස්ස දාරුචීරියස්ස සරීරකං මඤ්චකං ආරොපෙත්වා නීහරිත්වා ඣාපෙත්වා ථූපඤ්චස්ස කත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘දඩ්ඪං, භන්තෙ, බාහියස්ස දාරුචීරියස්ස සරීරං, ථූපො චස්ස කතො. තස්ස කා ගති, කො අභිසම්පරායො’’ති? ‘‘පණ්ඩිතො, භික්ඛවෙ, බාහියො දාරුචීරියො පච්චපාදි ධම්මස්සානුධම්මං; න ච මං ධම්මාධිකරණං විහෙසෙසි. පරිනිබ්බුතො, භික්ඛවෙ, බාහියො දාරුචීරියො’’ති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘යත්ථ ආපො ච පථවී, තෙජො වායො න ගාධති;
න තත්ථ සුක්කා ජොතන්ති, ආදිච්චො නප්පකාසති;
න තත්ථ චන්දිමා භාති, තමො තත්ථ න විජ්ජති.
‘‘යදා ච අත්තනාවෙදි (වෙධී (ක.)), මුනි මොනෙන බ්‍රාහ්මණො;
අථ රූපා අරූපා ච, සුඛදුක්ඛා පමුච්චතී’’ති. දසමං;
(අයම්පි උදානො වුත්තො භගවතා ඉති මෙ සුතන්ති.) (( ) ස්‍යාමපොත්ථකෙ නත්ථි)
10
(මෙහි මේ වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යතුයි.)
“ඒ කාලයෙහි බාහිය දාරුචීරිය සුප්පාරක තොටෙහි මුහුදු වෙරළහි වාසය කරයි. සත්කාර කරණ ලද්දේ ගරු කරණ ලද්දේ, බුහුමන් කරණ ලද්දේ, පුදන ලද්දේ, ගෞරව කරන ලද්දේ සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු දවස විය. ඉක්බිති විවේකයට ගියාවූ හෝ රහසිගතවූ බාහිය දාරුචිරියට “ලෝකයෙහි රහත්වූ හෝ රහත් මාර්ගයට බැස්ස යෙම් කෙනෙක් ඇත්ද, ඔවුන් අතරින් මමත් කෙනෙක්මියි” මෙසේ සිතට අදහසක් ඇතිවිය.
“ඉක්බිති බාහිය දාරුචීරිය හිතවත් යහපත කැමති පැරණි සහලේ නෑ දෙවතාවෙක් බාහිය දාරුචීරියගේ සිත තම සිතින් දැන බාහිය දාරුචීරිය යම් තනෙක්හීද එහි පැමිණියේය. පැමිණ, බාහිය දාරුචීරියට බාහිය ඔබ රහත්වී නැත. රහත් මාර්ගයට පැමිණවත් නැත. යමකින් ඔබ රහත් කෙනෙකු හෝ රහත් මගට පිළිපන් කෙනෙකු වන්නේද ඒ පිළිපැදීමද ඔබට නැතැයි” කීයේය.
“දෙවතාව, එසේ වීනම් ලෝකයෙහි කවරෙක් රහත්ද රහත් මගට පිළිපන්නේදැයි” ඇසීය. “බාහිය උතුරු ජනපදයන්හි, සැවැත් නම් නුවරක් ඇත්තේය. එහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ රහත්වූයේද රහත් බව පිණිසද බණ කියයි.”
ඉක්බිති බාහිය දාරුචීරිය තෙමේ ඒ දෙවතාවා විසින් යොදවන ලද්දේ එකෙනෙහිම සුප්පාරක ජනපදයෙන් පිටත් වූයේය. සියලු තන්හි එක් රැයක් පමණක් විසීමෙන් යම් තැනක සැවත් නුවර අනේපිඩු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි භාග්‍යවතුන් වහන්සේ වාසය කරණ සේක්ද එහි පැමිණියේය.
ඒ කාලයෙහි බොහෝ භික්‍ෂූහු එළිමහනෙහි සක්මන් කරත්, ඉක්බිති බාහිය දාරුචීරිය තෙමේ ඒ භික්‍ෂූන් යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ ඒ භික්‍ෂූන් වෙතින් “ස්වාමීනි අර්හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වසන සේක්ද? අපි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දකිනු කැමැත්තෝ වෙමුයි” ඇසුවේය. “බාහිය, භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස ඇතුල්ගමට වැඩි සේක.”
“ඉක්බිති බාහිය දාරුචීරිය තෙමේ වහා ජේතවනයෙන් නික්ම සැවැත් නුවරට ඇතුල්වී සැවැත් නුවර පිඬු පිණිස හැසිරෙන පැහැදීම ඇති කරණ, පැහැදිය යුතු සන්සුන් ඉඳුරන් ඇති තැන්පත් සිත් ඇති, උතුම් ආත්ම දමනයට චිත්ත දමනයට පැමිණි, දැමුණු, රැකුණු, ඉන්‍ද්‍රිය සංවරයට පැමිණි උත්තමයාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. දැක භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ සිරි පාමුල හිස තබා වැඳ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, යමක් මට බොහෝකලක් හිත සැප පිණිස වන්නේද, මට භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මය දෙසන සේක්වා, සුගතයන් වහන්සේ මට ඒ ධර්මය දෙසනසේක්වායි’ කීයේය.
“මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරියට බාහිය නොකල්ය. පිඬු පිණිස ඇතුළු ගමට පිවිසියෙමියි” වදාළසේක. දෙවනුවත් බාහිය දාරුචීරිය භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් හෝ මගේ ජීවිතයට අනතුරක් හෝ වේද, මෙය සිතාගත නොහැක්කකි. ස්වාමීනි, යමක් මට බොහෝ කලක් හිත සැප පිණිස වන්නේද, මට භාග්‍යවතුන් වහන්සේ ධර්මය දෙසන සේක්වා. සුගතයන් වහන්සේ මට ධර්මය දෙසනසේක්වා.”
දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරිය තවුසාට “බාහිය, මේ නොකල්ය. පිඬු පිණිස ඇතුළුගමට පිවිසියෙමියි” වදාළසේක. තුන්වෙනුවත් බාහිය දාරුචීරිය තවුසා භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් හෝ මගේ ජීවිතයට අනතුරක් හෝ සිතාගත නොහැක්කකි. ස්වාමීනි, යමක් මට බොහෝකලක් හිත සැප පිණිස වන්නේද, මට භාග්‍යවතුන් වහන්සේ ධර්මය දෙසන සේක්වා.”
“බාහිය, තොප විසින් එසේ වීනම් මෙහි මෙසේ හික්මීය යුතුය. බාහිය තොපට යම්කිසි තැනක සිට දක්නා ලද්දෙහි දැකීම් මාත්‍රය වන්නේද, ඇසූ දෙයෙහි ඇසූ මාත්‍රය වන්නේද, පෘථිවි ස්පර්ශයෙහි ස්පර්ශකිරීම් මාත්‍රය වන්නේද, දක්නා ලද්දෙහි දැනීම් මාත්‍රය වන්නේද, එහෙයින් බාහිය, නුඹ ඉන් නොවේ. යම්හෙයකින් බාහිය, නුඹ ඉන් නොවේද, එහෙයින් බාහිය, ඔබ එහි නොවේ. යම්හෙයකින් බාහිය, ඔබ එහි නොවේද, එහෙයින් බාහිය, ඔබ මෙහි මෙලොව නොමවේ. පරලොව නොවේ. මෙලොව පරලොව දෙක අතරෙහි නොවේ. දුකේ අවසානය මෙයමයි.” ඉක්බිති බාහිය දාරුචීරියට භාග්‍යවතුන් වහන්සේගේ මේ ලුහුඬින් කළ ධර්ම දේශනාවෙන් එකෙණෙහිම කිසි ධර්මයක් දැඩිකොට නොගෙන කෙලෙසුන්ගේ සිත මිදුනේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරියම මේ ලුහුඬු අවවාදයෙන් අවවාද කොට වැඩිසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩි ටික වේලාවකින් බාහිය දාරුචීරිය වසු පැටවෙක් ඇති දෙනක් ඇන ජීවිතය තොර කළාය.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පිඩු පිණිස හැසිර පසුබත පිණ්ඩ පාතයෙන් වැලැක්කේ බොහෝ භික්‍ෂූන් සමග නුවරින් නික්ම කළුරිය කළ බාහිය දාරුචීරිය දුටුසේක. දැක භික්‍ෂූන් ඇමතූසේක. “මහණෙනි, බාහිය දාරුචීරියගේ ශරීරය ගනිව්. ඇඳක තබා බැහැර කොට දවව්. ඔහුට ථූපයක්ද කරව්. මහණෙනි තොපගේ සබ්‍රම්සර කෙනෙකු කළුරිය කළේය.”
“ස්වාමීනි, එසේයයි” ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී බාහිය දාරුචීරියගේ මළකද ඇඳක තබා බැහැරකොට දවා ඔහුට ථූපයක්ද කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහුය. එකත් පසෙක සිටි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, බාහිය දාරුචීරියගේ ශරීරය දවන ලදී. ඔහුට ථූපයක්ද කරණ ලදී. ඔහුගේ ගතිය කවරේද? පරලොව කීමෙක්දැ”යි ඇසූහ.
“මහණෙනි, බාහිය දාරුචීරිය පණ්ඩිතය. නව ලොකොත්තර ධර්මයට හා විදර්ශනා ඥානයට පැමිණියේය. ධර්මය වෙනුවෙන් මට වෙහෙස නොකළේය. මහණෙනි, බාහිය දාරුචීරිය පිරිනිවියේය.” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණු දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළසේක. “යම් නිවණක පොළොව ජලය ගින්දර වාතය යන සතර නොපිහිටාද, එහි තාරකාද නොබබලත්. හිරුද නොපෙනේ.”