ත්‍රිපිටකය
ඛුද්දකනිකායෙ ඛුද්දක නිකාය
උදානපාළි උදානය
1. බොධිවග්ගො 1. බොධි වර්ගය
1. පඨමබොධිසුත්තං 1. පඨම බොධි සූත්‍රය
1
එවං මෙ සුතං - එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ බොධිරුක්ඛමූලෙ පඨමාභිසම්බුද්ධො. තෙන ඛො පන සමයෙන භගවා සත්තාහං එකපල්ලඞ්කෙන නිසින්නො හොති විමුත්තිසුඛපටිසංවෙදී (විමුත්තිසුඛං පටිසංවෙදී (ස්‍යා. පී. ක.)). අථ ඛො භගවා තස්ස සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා රත්තියා පඨමං යාමං පටිච්චසමුප්පාදං අනුලොමං සාධුකං මනසාකාසි -
‘‘ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, යදිදං - අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී’’ති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘යදා හවෙ පාතුභවන්ති ධම්මා,
ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස;
අථස්ස කඞ්ඛා වපයන්ති සබ්බා,
යතො පජානාති සහෙතුධම්ම’’න්ති. පඨමං;
1
[1] මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පැමිණ පළමුවෙන්ම නෙරංජරා ගඟ අද්දර බෝගස මුල වාසය කරණ සේක. භාග්‍යවතුන්වහන්සේ ඒ කාලයෙහි සත් දවසක් නිවන් රසය විඳිමින් එකම ආසනයකින් හුන්සේක.
[2] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත් දවස ඇවෑමෙන් ඒ සිත එකඟ කිරීමෙන් නැගිට රාත්‍රියෙහි පළමුවැනි යාමයෙහි හේතු ප්‍රත්‍යය ධර්මය අනුපිළිවෙළින් (මෙනෙහි කළ සේක)
[3] “මෙසේ මෙය ඇතිකල්හි මෙසේවේ. මෙය ඇතිවීමෙන් මෙය උපදී එනම්:-නොදැනීම, ඇතිබව හේතු කොටගෙන සංස්කාර (කර්ම) වන්නේය. සංස්කාර ඇති බැවින් විඥානය (විපාකසිත) වන්නේය. විඥානය ඇති බැවින් නාමරූප (පංචස්කන්ධය) වන්නේය. නාමරූප ඇති බැවින් ආයතන සය වන්නේය. ආයතන සය ඇති බැවින් විපාක ස්පර්ශ චෛතසිකයවේ. ස්පර්ශය ඇති බැවින් වේදනාව ඇති වන්නේය. වේදනා ඇති බැවින් තෘෂ්ණාව ඇතිවන්නේය. තෘෂ්ණාව ඇති බැවින් දැඩිවගැන්ම ඇති වන්නේය. දැඩිව ගැන්ම ඇති බැවින් භවය (කර්මද ස්කන්ධද) වන්නේය. භවය ඇති බැවින් උත්පත්තිය වන්නේය. උත්පත්තිය ඇති බැවින් ජරාව, මරණය, ශෝකය, වැළපීම, කයට දුක්, සිතට දුක් දැඩිවෙහෙස යන මොව්හු පහළවෙත්. මෙසේ මේ සියළු දුක් රැස පහළවීම වේයයි” මෙනෙහි කළ සේක.
[4] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ අවස්ථාවෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක.
“කෙලෙස් තවන වීර්යය ඇති ධ්‍යාන කරණ යොගියාට යම් වේලාවක සත්තිස්බෝධිපාක්‍ෂික ධර්මයෝ පහළ වෙත්ද? එකෙණෙහි හේතු ප්‍රත්‍යයෙන් හටගත් දුක් රාශිය දනීද එහෙයින් ඔහුගේ සියළු සැකයෝ දුරුවෙත්.”
2. දුතියබොධිසුත්තං 2. දුතිය බොධි සූත්‍රය
3. තතියබොධිසුත්තං 3. තතිය බොධි සූත්‍රය
4. හුංහුඞ්කසුත්තං 4. (අජපාල) නිග්‍රොධ සූත්‍රය
5. බ්‍රාහ්මණසුත්තං 5. මහාථෙර සූත්‍රය
6. මහාකස්සපසුත්තං 6. මහාකස්සප සූත්‍රය
7. අජකලාපකසුත්තං 7. අජපාලක (යක්ඛ) සූත්‍රය
8. සඞ්ගාමජිසුත්තං 8. සංගාමජි සූත්‍රය
9. ජටිලසුත්තං 9. ජටිල සූත්‍රය
10. බාහියසුත්තං 10. බාහිය සූත්‍රය