ත්‍රිපිටකය
24. තණ්හාවග්ගො 24. තණ්හා වර්ගය
334
මනුජස්ස පමත්තචාරිනො, තණ්හා වඩ්ඪති මාලුවා විය;
සො ප්ලවතී (ප්ලවති (සී. පී.), පලවෙතී (ක.), උප්ලවති (?)) හුරා හුරං, ඵලමිච්ඡංව වනස්මි වානරො.
334
ප්‍රමාදයෙන් හැසිරෙන මිනිසාට තෘෂ්ණාතොම මාලුවා වැලමෙන් වැඩෙයි. හෙතෙම වනයෙහි ඵල කැමතිව රුකින් රුකකට පනින්නාවූ වඳුරකු මෙන් භවයෙන් භවයට පැමිණෙන්නේය. (පනින්නේය)
335
යං එසා සහතෙ ජම්මී, තණ්හා ලොකෙ විසත්තිකා;
සොකා තස්ස පවඩ්ඪන්ති, අභිවට්ඨංව (අභිවඩ්ඪංව (ස්‍යා.), අභිවට්ටංව (පී.), අභිවුඩ්ඪංව (ක.)) බීරණං.
335
ලාමකවූ විසත්තිකා නම්වූ තෘෂ්ණාතොම ලෝකයෙහි යම් පුද්ගලයකු මැඩ ගනීද ඒ පුද්ගලයාහට තෙමන ලද හොට තණ වැඩෙන්නාක් මෙන් ශෝකයෝ වඩනාහුයි.
336
යො චෙතං සහතෙ ජම්මිං, තණ්හං ලොකෙ දුරච්චයං;
සොකා තම්හා පපතන්ති, උදබින්දුව පොක්ඛරා.
336
ලාමකවූ ඉක්මවිය නොහැකිවූ මේ තෘෂ්ණාව ලෝකයෙහි යම් පුද්ගලයෙක් වනාහි මැඩ පවත්වාද ඒ පුද්ගලයා කෙරෙන් ශෝකයෝ නෙළුම් පතින් ගිලිහෙන්නාවූ දිය බිඳුමෙන් ගිලිහෙන්නාහ.
337
තං වො වදාමි භද්දං වො, යාවන්තෙත්ථ සමාගතා;
තණ්හාය මූලං ඛණථ, උසීරත්ථොව බීරණං;
මා වො නළංව සොතොව, මාරො භඤ්ජි පුනප්පුනං.
337
යම් පමණ කෙනෙක් මෙතැන්හි රැස්වූද ඒ තොප හැම දෙනාට වැඩක් වේවා, ඒ කාරණයෙන් හැම දෙනාට මේ අවවාදය කියමි. සුවඳ හොට මුලින් ප්‍රයෝජන ඇතියක්හු බොරු තණ කණින්නාක්මෙන් තෘෂ්ණාවගේ මුලකනින්නේ වේ. බට පඳුරක් බිඳගෙණ යන්නාවූ ගංවතුරක් මෙන් මාරතෙම තොප නැවත නැවත නොබිඳීවා.
338
යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හෙ, ඡින්නොපි රුක්ඛො පුනරෙව රූහති;
එවම්පි තණ්හානුසයෙ අනූහතෙ, නිබ්බත්තතී දුක්ඛමිදං පුනප්පුනං.
338
යම්සේ මුල උපද්‍රවයකට නොපැමිණිකල්හි (එහෙයින්ම) ස්ථිර කල්හි, (අගින්) කපන ලද වෘක්ෂය නැවතද හටගන්නේමවේ, එසේම තෘෂ්ණා සංඛ්‍යාත අනුසය සිඳ නොපියනලද කල්හි මේ දුක්ඛය නැවත නැවත උපදනේමැයි.
339
යස්ස ඡත්තිංසති සොතා, මනාපසවනා භුසා;
මාහා (වාහා (සී. ස්‍යා. පී.)) වහන්ති දුද්දිට්ඨිං, සඞ්කප්පා රාගනිස්සිතා.
339
යමෙකුට ශ්‍රොතස් සතිසකින් යුක්තවූ මනාපයෙහි (රූපාදී අරමුණෙහි) වැගිර පවත්නාවූ තෘෂ්ණාතොම බලවත්වේද, නුවණ නැති ඒ පුද්ගලයා රාගය ඇසුරුකළාවූ විතර්කයෝ බලවත්වූවාහු අපායට පමුණු වන්නාහුයි.
340
සවන්ති සබ්බධි සොතා, ලතා උප්පජ්ජ (උබ්භිජ්ජ (සී. ස්‍යා. කං. පී.)) තිට්ඨති;
තඤ්ච දිස්වා ලතං ජාතං, මූලං පඤ්ඤාය ඡින්දථ.
340
(තෘෂ්ණා) ශ්‍රොතස්හු සැමතැනදීම වැගිරෙති. තෘෂ්ණලතා තොමෝ (සදොරින්) ඉපද සිටිනීය. එසේ උපන්නාවූ ඒ තෘෂ්ණා ලතාව වනාහි දැක (මාර්ග) ප්‍රඥාවෙන් මුල සිඳිව්.
341
සරිතානි සිනෙහිතානි ච, සොමනස්සානි භවන්ති ජන්තුනො;
තෙ සාතසිතා සුඛෙසිනො, තෙ වෙ ජාතිජරූපගා නරා.
341
(රූපාදී අරමුණෙහි) විසිර පතළාවූද, (තෘෂ්ණා ස්නේහයෙන්) තෙමන ලද්දාවූද සොම්නස්හු සත්වයාහට වෙති. (ඒ තෘෂ්ණාවසික) සත්වයෝ සංත්‍රාස ඇත්තාහු සුව සොයන සුලුවෙති. එබඳුවූ සත්වයෝ ඒකාන්තයෙන් ජාති ජරාවට පැමිණෙන්නෝ නම් වෙති.
342
තසිණාය පුරක්ඛතා පජා, පරිසප්පන්ති සසොව බන්ධිතො (බාධිතො (බහූසු));
සංයොජනසඞ්ගසත්තකා, දුක්ඛමුපෙන්ති පුනප්පුනං චිරාය.
342
තෘෂ්ණාව පිරිවරණ ලද්දාවූ සත්වයෝ ලුහුබඳනා ලද සාවකු මෙන් (බියව) ඒ මේ අත දුවත්. සංයෝජනයෙන් හා සංවේගයෙන් බැඳුණුහු සත්වයෝ බොහෝ කලක් නැවත නැවත දුකට පැමිණෙන්නාහ.
343
තසිණාය පුරක්ඛතා පජා, පරිසප්පන්ති සසොව බන්ධිතො;
තස්මා තසිණං විනොදයෙ, ආකඞ්ඛන්ත (භික්ඛූ ආකඞ්ඛී (සී.), භික්ඛු ආකඞ්ඛං (ස්‍යා.)) විරාගමත්තනො.
343
තෘෂ්ණාව පිරිවරණ ලද්දාවූ සත්වයෝ ලුහු බඳනාලද සාවකු මෙන් ඒ මේ අත දුවත්. එහෙයින් තාමාහට නිර්වාණය (නොඇල්ම) කැමති වන්නාවූ මහණතෙම තෘෂ්ණාව දුරු කරන්නේය.
344
යො නිබ්බනථො වනාධිමුත්තො, වනමුත්තො වනමෙව ධාවති;
තං පුග්ගලමෙථ පස්සථ, මුත්තො බන්ධනමෙව ධාවති.
344
යම් පුද්ගලයෙක් තෘෂ්ණා රහිත වූයේ තපොවනයෙහි ඇලුණේ, තෘෂ්ණා වනයෙන් මිදුණේ නැවත තෘෂ්ණා වනයටම දිවේද ඒ පුද්ගලයා මෙසේ බලව්.
345
තං දළ්හං බන්ධනමාහු ධීරා, යදායසං දාරුජපබ්බජඤ්ච (දාරූජං බබ්බජඤ්ච (සී. පී.));
සාරත්තරත්තා මණිකුණ්ඩලෙසු, පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා.
345
යකඩින් කරණ ලද්දාවූද දණ්ඩෙන් කරණ ලද්දාවූද බබුස් තණින් කරණ ලද්දාවූද, යම්බන්ධනයෙක් ඇද්ද, ඒ සියලු බන්ධනයම ප්‍රාඥයෝ දැඩිවූ බන්ධනයකැයි නොකියති. මාණික්‍යයෙහිද කුණ්ඩලාභරණයෙහිද අතිශයින්ම ඇලුණාවූ එසේම දරුවන් කෙරෙහිද අඹුවන් කෙරෙහිද යම් අපෙක්‍ෂාවක් ඇද්ද, ඒ තෘෂ්ණාවද යන,
346
එතං දළ්හං බන්ධනමාහු ධීරා, ඔහාරිනං සිථිලං දුප්පමුඤ්චං;
එතම්පි ඡෙත්වාන පරිබ්බජන්ති, අනපෙක්ඛිනො කාමසුඛං පහාය.
346
(මේ බුද්ධාදී) ප්‍රාඥයෝ ස්ථිරවූ බන්ධනයකැයි කියති. යට බලාගෙණ යන්නාවූ, සිහිල්වූ, උනාහැරිය නොහැකිවූ මේ (ක්ලේශ) බන්ධනය පවා කපා වස්තු කාම ක්ලේශකාමයන්හි අපෙක්‍ෂා රහිතවූවාහු කම්සුවහැර පැවිදිවෙති.
347
යෙ රාගරත්තානුපතන්ති සොතං, සයංකතං මක්කටකොව ජාලං;
එතම්පි ඡෙත්වාන වජන්ති ධීරා, අනපෙක්ඛිනො සබ්බදුක්ඛං පහාය.
347
රාගයෙන් රත්වූ, යම් සත්වකෙනෙක් තමා විසින් කරණ ලද දැලෙහි (වැද හොත්තාවූ) මකුළුවා මෙන්ම (තමන්ම උපදවා ගත්තාවූ තෘෂ්ණා නැමැති) සැඩ පහරෙහි වැටෙද්ද ඔහු තෘෂ්ණා ශ්‍රොතස ඉක්මවන්නට නොපොහොසත් වන්නාහ. ප්‍රාඥයෝ වනාහි මේ (තෘෂ්ණා ශ්‍රොතස) පවා සිඳ ආලය නැතිව සියලු සසරදුක් පහකොට නිවන් පුරට යන්නාහ.
348
මුඤ්ච පුරෙ මුඤ්ච පච්ඡතො, මජ්ඣෙ මුඤ්ච භවස්ස පාරගූ;
සබ්බත්ථ විමුත්තමානසො, න පුනං ජාතිජරං උපෙහිසි.
348
අතීතවූවන් (ස්කන්ධයන්) කෙරෙහි පැවති තෘෂ්ණාව හරුව. අනාගතවූවන් (ස්කන්ධයන්) කෙරෙහි පවත්නා තෘෂ්ණාව හරුව. වර්තමානවූවන් (ස්කන්ධයන්) කෙරෙහි පැවති තෘෂ්ණාවද හරුව. මෙසේ භවයාගේ පරතෙරටම පැමිණි තෝ සියලු ප්‍රත්‍යය සමුත්පන්න ධර්මයෙන් කෙරෙහි මිදුණු සිත් ඇත්තෝ නැවත ජාතියට හා ජරාවට නොපැමිණෙහි.
349
විතක්කමථිතස්ස ජන්තුනො, තිබ්බරාගස්ස සුභානුපස්සිනො;
භිය්‍යො තණ්හා පවඩ්ඪති, එස ඛො දළ්හං (එස ගාළ්හං (ක.)) කරොති බන්ධනං.
349
විතර්කයන් විසින් මඩනා ලද්දාවූ, තීව්‍රවූ කාමරාග ඇති. ඉෂ්ටාලම්බනයන් ශුභ වශයෙන් වෙලන සුලුවූ, සත්වයාහට බොහෝකොටම තණ්හා තොම වඩනීය. මේ පුද්ගලයා වනාහි තෘෂ්ණාව නැමැති බැම්ම ස්ථිර කරන්නේය.
350
විතක්කූපසමෙ (විතක්කූපසමෙව (ක.)) යො රතො, අසුභං භාවයතෙ සදා සතො;
එස (එසො (?)) ඛො බ්‍යන්ති කාහිති, එස (එසො (?)) ඡෙච්ඡති මාරබන්ධනං.
350
යම් මහණෙක්, සිතුවිලි සන්සුන් කිරීමෙහි (ප්‍රථම ධ්‍යානයෙහි) ඇලුනේ වේද, හැමකල්හි සිහි ඇත්තේ අශුභ ධ්‍යානය වඩාද මේ මහණ වනාහි තෘෂ්ණාව පහකරන්නේය. මේ මහණතෙම මාර බන්ධනය සිඳින්නේය.
351
නිට්ඨඞ්ගතො අසන්තාසී, වීතතණ්හො අනඞ්ගණො;
අච්ඡින්දි භවසල්ලානි, අන්තිමොයං සමුස්සයො.
351
(යම් මහණෙක්) (අර්හත් ඵල සංඛ්‍යාත) නිෂ්ඨාවට පැමිණියේ වේද, සන්ත්‍රාස රහිතද, පහවූ තෘෂ්ණා ඇත්තේද, (රාගාදී අංගන) පව් නැත්තේද, භවගාමීවූ (ක්ලේශ) ශල්‍යයන් සිත් දේද (ඔහුට) මේ ශරීරය අන්තිම ආත්ම භාවයයි.
352
වීතතණ්හො අනාදානො, නිරුත්තිපදකොවිදො;
අක්ඛරානං සන්නිපාතං, ජඤ්ඤා පුබ්බාපරානි ච;
ස වෙ ‘‘අන්තිමසාරීරො, මහාපඤ්ඤො මහාපුරිසො’’ති වුච්චති.
352
(යම් මහණෙක්) පහ කරණ ලද තෘෂ්ණා ඇත්තේද, මමය මගේ යයි ගැනීමක් නැත්තේද, නිරුත්තියෙහි හා සෙසු තුන් පදයෙහි දක්‍ෂද අක්‍ෂර සමූහයද පූර්වාක්‍ෂර, පරාක්‍ෂරයන්ද දන්නේ වේද, අන්තිම ශරීරයෙහි පිහිටියාවූ ඒ මහණතෙම ඒකාන්තයෙන් මහත් ප්‍රඥා ඇත්තේයයිද මහා පුරුෂයයිද කියනු ලැබේ.
353
සබ්බාභිභූ සබ්බවිදූහමස්මි, සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තො;
සබ්බඤ්ජහො තණ්හක්ඛයෙ විමුත්තො, සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්‍යං.
353
මම සියලු (ත්‍රෛ භූමක ධර්මයන්) මැඩ පැවැත්වීමි. සියලු (චතුර්භූමක ධර්මයන්) මනාකොට දත්තේ වීමි. සියලු ත්‍රෛභූමික ධර්මයෙහි නොඇලිණිමි. සියලු ත්‍රෛභූමික ධර්මයන් පහකොට සිටියෙමි. තෘෂ්ණාව ගෙවීමෙන් මිදුණෙමි. මමම ප්‍රත්‍යක්‍ෂ කොට දැන, අනික් කවරක්හු (මේ මාගේ ආචාර්යයයි) කියම්ද?
354
සබ්බදානං ධම්මදානං ජිනාති, සබ්බරසං ධම්මරසො ජිනාති;
සබ්බරතිං ධම්මරති ජිනාති, තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති.
354
ධර්ම දානය තෙම සියලු දානය දිනන්නේය. ධර්ම රසය තෙම සියලු රසය දිනන්නේය. ධර්මයෙහි ඇල්ම සියලු ඇල්ම දිනන්නේය. තණ්හාව නැතිකිරීම සියලු දුක් දිනන්නේය.
355
හනන්ති භොගා දුම්මෙධං, නො ච පාරගවෙසිනො;
භොගතණ්හාය දුම්මෙධො, හන්ති අඤ්ඤෙව අත්තනං.
355
(උපභෝග පරිභෝග) වස්තූහු අඥාන පුද්ගලයා නසන්නාහ. (නිවන් නැමැති) පරතෙර සොයන සුලුවූ ප්‍රාඥයන් නොනසන්නාහ. අඥාන පුද්ගලතෙම වස්තුවෙහි උපන් තෘෂ්ණාව හේතුකොට ගෙණ තමා අනුන් නසන්නාක් මෙන් නසන්නේය.
356
තිණදොසානි ඛෙත්තානි, රාගදොසා අයං පජා;
තස්මා හි වීතරාගෙසු, දින්නං හොති මහප්ඵලං.
356
ක්‍ෂෙත්‍රයෝ යම්සේ තණ දොස්කොට ඇත්තාහුද එසේම මේ ප්‍රජාතොමෝ, රාගය දොස් කොට ඇත්තීය. එහෙයින් පහවූ රාග ඇති ක්‍ෂීණාශ්‍රවයන්ට දෙන ලද දානය මහත් ඵල වන්නේය.
357
තිණදොසානි ඛෙත්තානි, දොසදොසා අයං පජා;
තස්මා හි වීතදොසෙසු, දින්නං හොති මහප්ඵලං.
357
මේ ප්‍රජාතොමෝ ද්වේෂය දොස් කොට ඇත්තේය. එහෙයින් පහවූ ද්වේෂ ඇති ක්‍ෂීණාශ්‍රවයන්ට දෙනලද දානය මහත් ඵල වන්නේය.
358
තිණදොසානි ඛෙත්තානි, මොහදොසා අයං පජා;
තස්මා හි වීතමොහෙසු, දින්නං හොති මහප්ඵලං.
358
මේ ප්‍රජාතොමෝ (චතුරාර්ය සත්‍යයන් දැක්ක නොදී මුවා කොට සිටිනා අඥාන ලක්‍ෂණවූ) මෝහය දොස් කොට ඇත්තීය. එහෙයින් අර්හත් මාර්ගයෙන් පහකරණ ලද මෝහ ඇති ක්‍ෂීණාශ්‍රවයන්ට දෙනලද දානය මහත් ඵල වන්නේය.
359
(තිණදොසානි ඛෙත්තානි, ඉච්ඡාදොසා අයං පජා;
තස්මා හි විගතිච්ඡෙසු, දින්නං හොති මහප්ඵලං.) (( ) විදෙසපොත්ථකෙසු නත්ථි, අට්ඨකථායම්පි න දිස්සති)
තිණදොසානි ඛෙත්තානි, තණ්හාදොසා අයං පජා;
තස්මා හි වීතතණ්හෙසු, දින්නං හොති මහප්ඵලං.
359
මේ ප්‍රජාතොමෝ නොලද දෙය පැතීය. (නොලද දැයෙහි බලවත් ආශාවය යන) ඉච්ඡාව දොස් කොට ඇත්තීය. ඒ කාරණයෙන් අර්හත් මාර්ගයෙන් පහ නොකරණ ලද තෘෂ්ණා ඇති ක්‍ෂීණාශ්‍රවයන්ට දෙනලද දානය මහත් ඵල වන්නේය.