ත්‍රිපිටකය
21. පකිණ්ණකවග්ගො 21. ප්‍රකීර්ණක වර්ගය
290
මත්තාසුඛපරිච්චාගා , පස්සෙ චෙ විපුලං සුඛං;
චජෙ මත්තාසුඛං ධීරො, සම්පස්සං විපුලං සුඛං.
290
ස්වල්ප මාත්‍රවූ (යන්තම්) සුවය හැරීම හේතුකොටගෙණ, ඉදින් මහත්වූ නිර්වාණ සුවය දක්නේද, එහෙයින් උදාරවූ (නිර්වාණ) සුඛය දක්නා කැමැත්තාවූ ප්‍රාඥතෙම ඒ ස්වල්පවූ සුඛය හරණේය.
291
පරදුක්ඛූපධානෙන, අත්තනො (යො අත්තනො (ස්‍යා. පී. ක.)) සුඛමිච්ඡති;
වෙරසංසග්ගසංසට්ඨො, වෙරා සො න පරිමුච්චති.
291
පරහට දුක් දීමෙන් (යම් පුද්ගලයෙක්) තමහට සුව කැමති වේද, ඒ පුද්ගලතෙම වෛර සංසර්ගයෙන් මිශ්‍රවූයේ වෛරයෙන් නොමිදෙන්නේය.
292
යඤ්හි කිච්චං අපවිද්ධං (තදපවිද්ධං (සී. ස්‍යා.)), අකිච්චං පන කයිරති;
උන්නළානං පමත්තානං, තෙසං වඩ්ඪන්ති ආසවා.
292
යමක් (මහණුන් විසින්) කටයුතුවූද එය (යමෙකු විසින්) හරන ලදද, නොකළමනා දෙය වනාහි කරනු ලැබේද උස්වූ මාන නල ඇති (ස්මෘති විප්‍රවාහයෙන්) පමාවූ ඒ පුද්ගලයන්ට ආශ්‍රවයෝ වඩනාහුයි.
293
යෙසඤ්ච සුසමාරද්ධා, නිච්චං කායගතා සති;
අකිච්චං තෙ න සෙවන්ති, කිච්චෙ සාතච්චකාරිනො;
සතානං සම්පජානානං, අත්ථං ගච්ඡන්ති ආසවා.
293
යමකුන් විසින් කායගතාසති භාවනා තොමෝ (කය ගැන සිහිය වැඩීම) සතතයෙන් මනාකොට වඩනා ලදද මහණුන් විසින් කටයුතු (සිල් පිරීම්) ආදියෙහි සතත (නිතොර) ක්‍රියා ඇති ඔහු (පරිෂ්කාර මණ්ඩනාදී) අකෘත්‍යය (අවැඩ) නොසෙව්නාහ. ඇත්තාවූ සම්පජානකාරීවූ (හොඳ කල්පනා ඇති) ඒ පුද්ගලයන්ගේ ආශ්‍රවයෝ ක්‍ෂයට යන්නාහ.
294
මාතරං පිතරං හන්ත්වා, රාජානො ද්වෙ ච ඛත්තියෙ;
රට්ඨං සානුචරං හන්ත්වා, අනීඝො යාති බ්‍රාහ්මණො.
294
මවද පියාද ක්‍ෂත්‍රිය රජුන් දෙදෙනාද නසා අනුවරයන් (අයකැමියා) සහිතවූ රටත් නසා ක්‍ෂීණාශ්‍රවතෙම නිදුක්ව නිවන් පුරයට යන්නේය.
295
මාතරං පිතරං හන්ත්වා, රාජානො ද්වෙ ච සොත්ථියෙ;
වෙයග්ඝපඤ්චමං හන්ත්වා, අනීඝො යාති බ්‍රාහ්මණො.
295
මවද (තෘෂ්ණාව) පියාද (අස්මිමානය) බ්‍රාහ්මණ රජුන් දෙදෙනාද නසා විචිකිච්ඡා නීවරණය (සැකය) පස් වනුකොට ඇති (නීවරණ) පස නසා ක්‍ෂීණාශ්‍රව තෙම නිදුක්ව නිවන් පුරයට යන්නේය.
296
සුප්පබුද්ධං පබුජ්ඣන්ති, සදා ගොතමසාවකා;
යෙසං දිවා ච රත්තො ච, නිච්චං බුද්ධගතා සති.
296
යම් කෙනෙකුන් දවල්ද (ii) රාත්‍රියෙහිද නිතොර බුදුගුණ අරභයා උපදනා ස්මෘතිය (සිහිය) ඇද්ද ඒ බුද්ධ ශ්‍රාවකයෝ හැමකල්හිම යෙහෙන් නිදා පිබුදුනාහ.
297
සුප්පබුද්ධං පබුජ්ඣන්ති, සදා ගොතමසාවකා;
යෙසං දිවා ච රත්තො ච, නිච්චං ධම්මගතා සති.
297
යම් කෙනෙකුන් දවල්ද (ii) රාත්‍රියෙහිද නිතොර දහම් ගුණය අරභයා උපදනා ස්මෘතිය (සිහිය) ඇද්ද ඒ බුද්ධ ශ්‍රාවකයෝ හැමකල්හිම යෙහෙන් නිදා පිබුදුනාහ.
298
සුප්පබුද්ධං පබුජ්ඣන්ති, සදා ගොතමසාවකා;
යෙසං දිවා ච රත්තො ච, නිච්චං සඞ්ඝගතා සති.
298
යම් කෙනෙකුන් දවල්ද (ii) රාත්‍රියෙහිද නිතොර සඟ ගුණය අරභයා උපදනා ස්මෘතිය (සිහිය) ඇද්ද ඒ බුද්ධ ශ්‍රාවකයෝ හැමකල්හිම යෙහෙන් නිදා පිබුදුනාහ.
299
සුප්පබුද්ධං පබුජ්ඣන්ති, සදා ගොතමසාවකා;
යෙසං දිවා ච රත්තො ච, නිච්චං කායගතා සති.
299
යම් කෙනෙකුන් දවල්ද (ii) රාත්‍රියෙහිද නිතොර කය අරභයා උපදනා ස්මෘතිය (සිහිය) ඇද්ද ඒ බුද්ධ ශ්‍රාවකයෝ හැමකල්හිම යෙහෙන් නිදා පිබුදුනාහ.
300
සුප්පබුද්ධං පබුජ්ඣන්ති, සදා ගොතමසාවකා;
යෙසං දිවා ච රත්තො ච, අහිංසාය රතො මනො.
300
යම් කෙනෙකුන්ගේ (ii) සිත දවල්ද රාත්‍රියෙහිද නිතොර කරුණා භාවනාවෙහි (වැඩීමෙහි) ඇලුනේද (iii) ඒ බුද්ධ ශ්‍රාවකයෝ හැම කල්හිම යෙහෙන් නිදා පුබුදිනාහ.
301
සුප්පබුද්ධං පබුජ්ඣන්ති, සදා ගොතමසාවකා;
යෙසං දිවා ච රත්තො ච, භාවනාය රතො මනො.
301
යම් කෙනෙකුන්ගේ (මෙහි 11 (ii) යෙදිය යුතුයි.) (මෛත්‍රී) භාවනාවෙහි ඇලුනේද (මෙහි 11(iii) යෙදිය යුතුයි.)
302
දුප්පබ්බජ්ජං දුරභිරමං, දුරාවාසා ඝරා දුඛා;
දුක්ඛොසමානසංවාසො, දුක්ඛානුපතිතද්ධගූ;
තස්මා න චද්ධගූ සියා, න ච (තස්මා න චද්ධගූ න ච (ක.)) දුක්ඛානුපතිතො සියා (දුක්ඛානුපාතිතො (?)).
302
මහණ වීම දුෂ්කරයි. ශාසනයෙහි සිත් ඇලවීම දුෂ්කරයි. ආරාම වාසයද දුෂ්කරය. ගෘහ වාසයෝ දුෂ්කරයහ. අසමානවූ අදහස් ඇත්තවුන් හා එක්ව විසීම දුෂ්කරය. සංසාර නැමැති දීර්ඝ මාර්ගයට පැමිණිහු දුක්ඛයා විසින් අනුව යන්නාහු වෙති. එහෙයින් (සසර නැමැති) දුර මඟට නොපැමිණෙන්නේය. සංසාර දුක්ඛයා විසින් අනුව යන ලද්දේත් නොවන්නේය.
303
සද්ධො සීලෙන සම්පන්නො, යසොභොගසමප්පිතො;
යං යං පදෙසං භජති, තත්ථ තත්ථෙව පූජිතො.
303
(ලෞකික ලොකොත්තර) ශ්‍රද්ධාවෙන් සමන්විතවූ ශීලයෙන් සමන්විතවූ, යසසින්ද භෝග සම්පත්තීන්ද යුක්තවූ, කුල පුත්‍රතෙම යම් යම් ප්‍රදේශයකට පැමිණියේ වෙයිද ඒ ඒ හැම තන්හිම පුදනු ලබන්නේයි.
304
දූරෙ සන්තො පකාසෙන්ති, හිමවන්තොව පබ්බතො;
අසන්තෙත්ථ න දිස්සන්ති, රත්තිං ඛිත්තා යථා සරා.
304
සාධූහු (හොඳ අය) දුර සිටියාහුද හිමාලය පර්වතය මෙන් (බුදු නුවණට) ප්‍රකට වෙති, මේ ලෝකයෙහි අසුධු පුද්ගලයෝ රාත්‍රියෙහි විදි සැර මෙන් නොපෙනෙන්නාහුය.
305
එකාසනං එකසෙය්‍යං, එකො චරමතන්දිතො;
එකො දමයමත්තානං, වනන්තෙ රමිතො සියා.
305
හුදෙකලාව ඉඳීම සෙවුනේය. හුදෙකලාව සයනය කිරීම (නිදීම) සෙවුනේය. (ජංඝා බලයෙන් පිඬු සිඟා ජීවත් වන බැවින්) කුසීත නොව, (සතර ඉරියව්වම) හුදෙකලාව හැසිරෙමින් තමා හුදෙකලාව දමනය කරන්නේ (මහණතෙම) අරණ්‍යයෙහිම ඇලෙන්නේය.