ත්‍රිපිටකය
14. බුද්ධවග්ගො 14. බුද්ධ වර්ගය
179
යස්ස ජිතං නාවජීයති, ජිතං යස්ස (ජිතමස්ස (සී. ස්‍යා. පී.), ජිතං මස්ස (ක.)) නො යාති කොචි ලොකෙ;
තං බුද්ධමනන්තගොචරං, අපදං කෙන පදෙන නෙස්සථ.
179
යමකු (බුදු කෙනෙකුන්) වසින් දිනනලද කේලශ සමූහය නපුරුකොට දිනන ලද්දේනම් නොවේද, ඒ බුදුන් විසින් දිනනලද කෙලෙස් ලෝකයෙහි කිසි එකද ක්ලේශයෙක් අනුව නොයේද (ii) කෙළවරක් නැති ගෝචර ඇති රාගාදී එකද කාරණයක් නැති (ii) ඒ බුදුන් කවර මඟකින් තොපගේ වසයට ගෙණයවුද,
180
යස්ස ජාලිනී විසත්තිකා, තණ්හා නත්ථි කුහිඤ්චි නෙතවෙ;
තං බුද්ධමනන්තගොචරං, අපදං කෙන පදෙන නෙස්සථ.
180
යම් සම්බුදු කෙනෙකුන් (කිසි භවයකට පමුණුවන්නට) ජාලිනී නම් වූ විසත්තිකා නම්වූ රූපතෘෂ්ණාදී තෘෂ්ණාවක් නැත්තේද (මෙහි මේ වර්ගයේ 1 (ii) ඡේදය යෙදිය යුතුයි.)
181
යෙ ඣානපසුතා ධීරා, නෙක්ඛම්මූපසමෙ රතා;
දෙවාපි තෙසං පිහයන්ති, සම්බුද්ධානං සතීමතං.
181
යම් ප්‍රාඥ කෙනෙක් ධ්‍යානයෙහි නියුක්තද, නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුනාහුද ස්මෘතිමත්වූ ඒ සම්බුදුන්ට දෙවියෝද කැමතිවෙති.
182
කිච්ඡො මනුස්සපටිලාභො, කිච්ඡං මච්චාන ජීවිතං;
කිච්ඡං සද්ධම්මස්සවනං, කිච්ඡො බුද්ධානමුප්පාදො.
182
මිනිසත් බව ලැබීම දුෂ්කරය, සත්වයන්ගේ ජීවිතය දුක්ය, ධර්ම ශ්‍රවණය දුර්ලභය, බුදුවරයන්ගේ ඉපදීම දුර්ලභය.
183
සබ්බපාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා (කුසලස්සූපසම්පදා (ස්‍යා.));
සචිත්තපරියොදපනං (සචිත්තපරියොදාපනං (?)), එතං බුද්ධාන සාසනං.
183
සියලු අකුශල කර්මයාගේ (පව්) නොකිරීමද, සියලු කුශල කර්මයාගේ (පින්) ඉපදවීමද තමාගේ සිත පිරිසිදු කිරීමද, යනමේ සියල්ල සියලු බුදුවරයන්ගේ අනුශාසනයයි.
184
ඛන්තී පරමං තපො තිතික්ඛා, නිබ්බානං (නිබ්බාණං (ක. සී. පී.)) පරමං වදන්ති බුද්ධා;
න හි පබ්බජිතො පරූපඝාතී, න (අයං නකාරො සී. ස්‍යා. පී. පාත්ථකෙසු න දිස්සති) සමණො හොති පරං විහෙඨයන්තො.
184
ඉවසීමවූ ක්‍ෂාන්ති තොමෝ උතුම්වූ තපසෙක, සියලු බුදුවරයෝ නිර්වාණය උතුම්යයි කියති. පරහට හිංසා කරණ සුලුවූයේ පැවිද්දෙක් නොවෙයි, පරහට පීඩා කරන්නේ මහණෙක් නොවෙයි.
185
අනූපවාදො අනූපඝාතො (අනුපවාදො අනුපඝාතො (ස්‍යා. ක.)), පාතිමොක්ඛෙ ච සංවරො;
මත්තඤ්ඤුතා ච භත්තස්මිං, පන්තඤ්ච සයනාසනං;
අධිචිත්තෙ ච ආයොගො, එතං බුද්ධාන සාසනං.
185
උපවාදයක් (බිණීමක්) නොකිරීමද, උපඝාතයක් (හිංසාවක්) නොකිරීමද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙහි සංවරයද ආහාරයෙහි පමණ දන්නා බවද (ගමට) දුරුවූ සේනාසනයන්හි ඇල්මද (රූපාරූප අෂ්ට) සමාපත්තියෙහි සතතයෙන් යෙදීමද යන මේ සියල්ල සියලු බුදුවරයන්ගේ අනුශාසනයයි.
186
කහාපණවස්සෙන, තිත්ති කාමෙසු විජ්ජති;
අප්පස්සාදා දුඛා කාමා, ඉති විඤ්ඤාය පණ්ඩිතො.
186
කහවණු වැස්සෙනුදු (වස්තු, ක්ලේශ) කාමයන්හි තෘප්තියක් නැත. කාමයෝ ආශ්වාද රහිතයහ. (බොහෝ) දුක් ඇත්තාහ, නුවණැති මහණතෙම මෙසේ දැන
187
අපි දිබ්බෙසු කාමෙසු, රතිං සො නාධිගච්ඡති;
තණ්හක්ඛයරතො හොති, සම්මාසම්බුද්ධසාවකො.
187
හෙතෙම දිව්‍යවූ පඤ්චකාමයෙහිදු ඇල්මකට නොපැමිණෙන්නේය. ඒ බුද්ධ ශ්‍රාවකතෙම (තෘෂ්ණාව) ගෙවීමෙහි ඇලුනේ වන්නේය.
188
බහුං වෙ සරණං යන්ති, පබ්බතානි වනානි ච;
ආරාමරුක්ඛචෙත්‍යානි, මනුස්සා භයතජ්ජිතා.
188
භයින් තැතිගත් බොහෝ මිනිස්සු පර්වතයන්ද වනයන්ද ආරාමයන්ද චෛත්‍ය වෘක්ෂයන්ද ඒකාන්තයෙන් සරණ යන්නාහ.
189
නෙතං ඛො සරණං ඛෙමං, නෙතං සරණමුත්තමං;
නෙතං සරණමාගම්ම, සබ්බදුක්ඛා පමුච්චති.
189
මේ සියලු සරණයම ක්ෂෙම නොවෙයි. උත්තමද නොවෙයි. මේ (පවර්තාදී) සරණයට පැමිණ සියලු (සංසාර) දුක්ඛයෙන් (සත්වතෙම) නොමිදෙන්නේය.
190
යො ච බුද්ධඤ්ච ධම්මඤ්ච, සඞ්ඝඤ්ච සරණං ගතො;
චත්තාරි අරියසච්චානි, සම්මප්පඤ්ඤාය පස්සති.
190
යමෙක් බුදුන්ද ධර්මයද සංඝයාද සරණ ගියේද චතුරාර්යය සත්‍යයන් මනාකොට විදර්ශනා ඥානයෙන් දක්නේවේද?
191
දුක්ඛං දුක්ඛසමුප්පාදං, දුක්ඛස්ස ච අතික්කමං;
අරියං චට්ඨඞ්ගිකං මග්ගං, දුක්ඛූපසමගාමිනං.
191
දුක්ඛසත්‍යයද, සමුදය සත්‍යයද, (ඒ දුක්ඛයාගේ හික්මීමට කාරණවූ) නිරෝධ සත්‍යයද, දුක්ඛනිරෝධයට පමුණුවන්නාවූ ආර්යය අෂ්ටාංගික සංඛ්‍යාත මාර්ග සත්‍යයද (මනාකොට නුවණැසින් දක්නේවේද)
192
එතං ඛො සරණං ඛෙමං, එතං සරණමුත්තමං;
එතං සරණමාගම්ම, සබ්බදුක්ඛා පමුච්චති.
192
මේ සරණය ක්‍ෂෙමය. මේ සරණය උතුම්ය. මේ සරණයට පැමිණ සියලු සංසාර දුක්ඛයෙන් සත්වතෙම මිදෙන්නේය.
193
දුල්ලභො පුරිසාජඤ්ඤො, න සො සබ්බත්ථ ජායති;
යත්ථ සො ජායති ධීරො, තං කුලං සුඛමෙධති.
193
උතුම් පුරුෂවූ (සම්‍යක් සම්බුද්ධ) තෙමේ දුර්ලභය. ඒ (සම්‍යක් සම්බුද්ධ) තෙම හැමතන්හිම නූපදනේය. ඒ ප්‍රාඥතෙම යම් කුලයක උපදනේවේද, ඒ කුලය සුවයට පැමිණෙන්නේය.
194
සුඛො බුද්ධානමුප්පාදො, සුඛා සද්ධම්මදෙසනා;
සුඛා සඞ්ඝස්ස සාමග්ගී, සමග්ගානං තපො සුඛො.
194
බුදුවරයන්ගේ ඉපැත්ම සුවය. ධර්ම දේශනාවද සුවය සංඝයාගේ සමගිබව සුවය. සමගවුවන් (භික්‍ෂුන්) ගේ තපසද සුවය.
195
පූජාරහෙ පූජයතො, බුද්ධෙ යදි ව සාවකෙ;
පපඤ්චසමතික්කන්තෙ, තිණ්ණසොකපරිද්දවෙ.
195
පූජාවට සුදුසුවු, (ත්‍රිවිධ) ප්‍රපඤ්චයන් මනාකොට ඉක්මවූ, ඉක්මවූ ශෝක වැලපීම් දුක්ඛයන් ඇති බුදුවරයන්ද, නැතහොත්, බුදු සවුවන්ද යමෙක් පුදාද?
196
තෙ තාදිසෙ පූජයතො, නිබ්බුතෙ අකුතොභයෙ;
න සක්කා පුඤ්ඤං සඞ්ඛාතුං, ඉමෙත්තමපි කෙනචි.
196
නිවීගිය සිත් ඇති, කොයිනුත් බිය නැති, එබඳුවු උන්වහන්සේලා පුදන්නහුගේ පින්කම් මෙතෙකැයි ගණින්නට කිසිවෙකු විසිනුදු නොහැකි.