ත්‍රිපිටකය
6. පණ්ඩිතවග්ගො 6. පණ්ඩිත වර්ගය
76
නිධීනංව පවත්තාරං, යං පස්සෙ වජ්ජදස්සිනං;
නිග්ගය්හවාදිං මෙධාවිං, තාදිසං පණ්ඩිතං භජෙ;
තාදිසං භජමානස්ස, සෙය්‍යො හොති න පාපියො.
76
වරද දක්නා සුළුවූ, නිග්‍රහකොට කියන්නාවූ විදර්ශනා ඥානයෙන් යුක්තවූ යම් කළ්‍යාණ මිත්‍රයෙකු නිධානය (තිබූ තැන) කියන්නක්හු වැනි කොට දක්නේවේද එබඳු පණ්ඩිතයා සේවනය කරන්නේය. එබන්දා (පණ්ඩිතයා) සෙවුනාහට වැඩක්ම වන්නේය. අවැඩක් නොවන්නේය.
77
ඔවදෙය්‍යානුසාසෙය්‍ය, අසබ්භා ච නිවාරයෙ;
සතඤ්හි සො පියො හොති, අසතං හොති අප්පියො.
77
යම් කළ්‍යාණ මිත්‍රයෙක් අවවාද කෙරේද, අනුශාසනා කෙරේද, අකුශල ධර්මයන් වළකාද මෙබඳු ඒ පුද්ගලතෙම (බුද්ධාදී) සත්පුරුෂයන්ට ප්‍රිය වන්නේය. අසත්පුරුෂයන්ට අප්‍රිය වන්නේය.
78
න භජෙ පාපකෙ මිත්තෙ, න භජෙ පුරිසාධමෙ;
භජෙථ මිත්තෙ කල්‍යාණෙ, භජෙථ පුරිසුත්තමෙ.
78
පාපමිත්‍රයන් සේවනය නොකරන්නේය. අධම පුරුෂයන් සේවනය නොකරන්නේය. කළ්‍යාණ මිත්‍රයන් සේවනය කරන්නේය. උත්තම පුරුෂයන් සේවනය කරන්නේය.
79
ධම්මපීති සුඛං සෙති, විප්පසන්නෙන චෙතසා;
අරියප්පවෙදිතෙ ධම්මෙ, සදා රමති පණ්ඩිතො.
79
නවලොව්තුරා දහම්රස වළඳන මහණතෙම සුවසේ වසන්නේය. ප්‍රාඥතෙම විශේෂයෙන් ප්‍රසන්නවූ සිතින් යුක්තව (බුද්ධාදී) ආර්යයන් විසින් දක්නාලද්දාවූ ධර්මයෙහි හැම කල්හිම ඇලෙන්නේය.
80
උදකඤ්හි නයන්ති නෙත්තිකා, උසුකාරා නමයන්ති (දමයන්ති (ක.)) තෙජනං;
දාරුං නමයන්ති තච්ඡකා, අත්තානං දමයන්ති පණ්ඩිතා.
80
දියාළුවෝ (සිත් පිත් නැති) දිය ගෙණ යන්නාහ. හී වඩුවෝ (සිත් පිත් නැති) හීදඬු නමන්නාහ. වඩුවෝ දඬු නමන්නාහ. නුවණැත්තාහු සිත දමනය කරන්නාහ.
81
සෙලො යථා එකඝනො (එකග්ඝනො (ක.)), වාතෙන න සමීරති;
එවං නින්දාපසංසාසු, න සමිඤ්ජන්ති පණ්ඩිතා.
81
යම්සේ ඝනවූ ගල් පර්වතයක් (සතර දිගින්) හමන සුළඟින් කම්පා නොවේද, එපරිද්දෙන්ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසා දෙක්හි කම්පා නොවන්නාහුය.
82
යථාපි රහදො ගම්භීරො, විප්පසන්නො අනාවිලො;
එවං ධම්මානි සුත්වාන, විප්පසීදන්ති පණ්ඩිතා.
82
යම්සේ ගැඹුරුවූ මහමුහුද විශේෂයෙන් ප්‍රසන්නද නොකැළඹුනේද එපරිද්දෙන්ම නුවණැත්තෝ ධර්මයන් අසා මැනවින් පහදිති.
83
සබ්බත්ථ වෙ සප්පුරිසා චජන්ති, න කාමකාමා ලපයන්ති සන්තො;
සුඛෙන ඵුට්ඨා අථ වා දුඛෙන, න උච්චාවචං (නොච්චාවචං (සී. අට්ඨ.)) පණ්ඩිතා දස්සයන්ති.
83
උතුම් පුරුෂයෝ සියලු දෙයෙහි නොඇලෙති. සත්පුරුෂයෝ (සිව්පසය ලබාගන්නා පිණිස) සිත්ගන්නා වචන නොකියති. පණ්ඩිතයෝ සුවදුක් විඳිනා කල උස් පහත් ගති නොදක්වති.
84
අත්තහෙතු න පරස්ස හෙතු, න පුත්තමිච්ඡෙ න ධනං න රට්ඨං;
න ඉච්ඡෙය්‍ය (නයිච්ඡෙ (පී.), නිච්ඡෙ (?)) අධම්මෙන සමිද්ධිමත්තනො, ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා.
84
(පණ්ඩිත පුරුෂතෙම) තමා හේතුකොට ගෙණද, පව් නොකරන්නේය. අනුන් හේතුකොට ගෙණද පව් නොකරන්නේය. පව් කිරීමෙන් ලැබියයුතු පුතෙකුද, පව් කිරීමෙන් ලැබියයුතු ධනයද, පව් කිරීමෙන් ලැබියයුතු රටකුදු කැමති නොවන්නේය. අධර්මයෙන් තමාට ලැබියයුතු දේ යමෙක් නොකැමති වේද හෙතෙම සිල්වත්ය ප්‍රඥාවත්ය, ධාර්මිකය.
85
අප්පකා තෙ මනුස්සෙසු, යෙ ජනා පාරගාමිනො;
අථායං ඉතරා පජා, තීරමෙවානුධාවති.
85
මනුෂ්‍යයන් අතුරෙන් යම්කෙනෙක් (පාරයයි කියනලද) නිවණට යන්නේද ඒ ජනයෝ ස්වල්පයහ. නැවත ඔවුන් කෙරෙන් අන්‍යවූ (හෙවත් නිවණට නොයන සුළුවූ) මේ ජනයා මෙතෙරටම දුවන්නේය.
86
යෙ ච ඛො සම්මදක්ඛාතෙ, ධම්මෙ ධම්මානුවත්තිනො;
තෙ ජනා පාරමෙස්සන්ති, මච්චුධෙය්‍යං සුදුත්තරං.
86
යම්කෙනෙක් වනාහි මනාකොට දෙසන ලද්දාවූ ධර්මයෙහි ධර්මය අනුව පවතිත්ද, ඒ ජනයෝ (ක්ලේශ) මාරයාගේ ආඥා පවත්වන්නාවූ වෙසෙසින්ම එතෙරවිය නොහැකි (ත්‍රෛභූමක වෘත්තය ඉක්මවා නිර්වාණයයි කියන ලද) පාරයට (මෙතරට) පැමිණෙන්නාහ.
87
කණ්හං ධම්මං විප්පහාය, සුක්කං භාවෙථ පණ්ඩිතො;
ඔකා අනොකමාගම්ම, විවෙකෙ යත්ථ දූරමං.
87
නුවණැති මහණතෙම (කාය දුශ්චරිතාදී) අකුශල ධර්මය දුරුකොට, ගිහිගෙයින් නික්ම ගේ නැති ප්‍රව්‍රජ්‍යාවට පැමිණ (කාය සුචරිතාදී) කුශල ධර්මය වඩන්නේය. නුවණැත්තෝ කාමයන් හැර, කිසිත් නැතිව, සිත කිලිටිවලින් සෝදා එහි ඇල්ම කැමති වන්නේය.
88
තත්‍රාභිරතිමිච්ඡෙය්‍ය, හිත්වා කාමෙ අකිඤ්චනො;
පරියොදපෙය්‍ය (පරියොදාපෙය්‍ය (?)) අත්තානං, චිත්තක්ලෙසෙහි පණ්ඩිතො.
88
නුවණැති මහණතෙම (කාය දුශ්චරිතාදී) අකුශල ධර්මය දුරුකොට, ගිහිගෙයින් නික්ම ගේ නැති ප්‍රව්‍රජ්‍යාවට පැමිණ (කාය සුචරිතාදී) කුශල ධර්මය වඩන්නේය. නුවණැත්තෝ කාමයන් හැර, කිසිත් නැතිව, සිත කිලිටිවලින් සෝදා එහි ඇල්ම කැමති වන්නේය.
89
යෙසං සම්බොධියඞ්ගෙසු, සම්මා චිත්තං සුභාවිතං;
ආදානපටිනිස්සග්ගෙ, අනුපාදාය යෙ රතා;
ඛීණාසවා ජුතිමන්තො, තෙ ලොකෙ පරිනිබ්බුතා.
89
යම් ක්‍ෂීණාශ්‍රව කෙණෙකුන්ගේ සිත බොධ්‍යංග ධර්මයන් විෂයෙහි මනාකොට වඩන ලදද, යම් ක්‍ෂීණාශ්‍රව කෙනෙක් කිසි උපාදානයක් මමය මාගේයයි නොගෙණ ග්‍රහණයක් නැත්තාවූ නිර්වාණයෙහි ඇලුනාහුද, දිලිසෙන ඒ ක්‍ෂීණාශ්‍රවයෝ (ස්කන්ධාදී) ලෝකයෙහි පිරිනිවියා නම් වෙති.