| 9. මෙත්තසුත්තං | 9. කරණීය මෙත්ත සූත්‍රය | 
| 1  කරණීයමත්ථකුසලෙන 
                
             සක්කො උජූ ච සුහුජූ 
                
            (සූජූ (සී.)) ච, සුවචො චස්ස මුදු අනතිමානී.
            
         | 1 “ශාන්තපදය (නිවණ) ලෞකික ඤාණයෙන් අනුමානයෙන් හා ඇදහීමෙන් දැන (එය ලබනු පිණිස) යමක් කටයුතු නම් එය තමාගේ අභිවෘද්ධියෙහි දක්ෂ තැනැත්තහු විසින් කළ යුතුය. ඔහු දක්ෂ වියයුතු, සෘජු වියයුතු, වඩාත් සෘජුවියයුතු, සුවච වියයුතු, මෘදුවියයුතු උඩඟු නොවියයුතු. | 
| 2  සන්තුස්සකො 
                
             සන්තින්ද්රියො ච නිපකො ච, අප්පගබ්භො කුලෙස්වනනුගිද්ධො. | 2 “ලද දෙයින් සතුටු වියයුතු පහසුවෙන් පෝෂණය කටහැක්කකු වියයුතු, බොහෝ වැඩ කටයුතු ඇත්තකු නොවියයුතු, සැහැල්ලු පැවතුම් ඇත්තකු වියයුතු, සන්සුන් ඉඳුරන් ඇත්තකු වියයුතු, ප්‍රඥා සම්පන්න වියයුතු, නොසරුප් කියුම් කෙරුම් සිතුම් නැත්තකු වියයුතු, කුලය කෙරෙහි නොඇලියයුතු. | 
| 3  න ච ඛුද්දමාචරෙ කිඤ්චි, යෙන විඤ්ඤූ පරෙ උපවදෙය්‍යුං; සුඛිනොව ඛෙමිනො හොන්තු, සබ්බසත්තා 
                
            (සබ්බෙ සත්තා (සී. ස්‍යා.)) භවන්තු සුඛිතත්තා.
            
         | 3 “යමකින් අන් නුවණැත්තෝ දොස් නගන්නේ නම් එබඳු අල්පවූද කිසි දුසිරිතක් නොකළ යුතු. “සියලු සත්හු සුවැත්තෝ වෙත්වායි” කියා හෝ නිරුපද්‍රව වෙත්වායි කියා හෝ මෙත් වැඩිය යුතු. | 
| 4  යෙ කෙචි පාණභූතත්ථි, තසා වා ථාවරා වනවසෙසා; දීඝා වා යෙව මහන්තා 
                
            (මහන්ත (?)), මජ්ඣිමා රස්සකා අණුකථූලා.
            
         | 4 “සැලෙන සත්හුද නොසැලෙන සත්හුද, දික් සත්හුද මහත් සත්හුද මැදුම් පමණ සත්හුද මිටි සත්හුද ඉතා කුඩා සත්හුද, තර සත්හුද යන යම් සත්ව කෙනෙක් වෙත්ද ඒ සියල්ලෝ සුවපත් වෙත්වා. | 
| 5  දිට්ඨා වා යෙව අදිට්ඨා 
                
            (අදිට්ඨ (?)), යෙ ව 
                
            (යෙ ච (සී. ස්‍යා. කං. පී.)) දූරෙ වසන්ති අවිදූරෙ;
            
         භූතා ව 
                
            (වා (ස්‍යා. කං. පී. ක.)) සම්භවෙසී ව 
                
            (වා (සී. ස්‍යා. කං. පී.)), සබ්බසත්තා භවන්තු සුඛිතත්තා.
            
         | 5 “ඇසට හමුවූද, ඇසට හමුනොවූද දුර වසන්නාවූද ලඟ වසන්නාවූද, පහළවූද, පහළවන්නෝවූද සියලු සත්හු සුවපත් සිතැති වෙත්වා. | 
| 6  න පරො පරං නිකුබ්බෙථ, නාතිමඤ්ඤෙථ කත්ථචි න කඤ්චි 
                
            (නං කඤ්චි (සී. පී.), නං කිඤ්චි (ස්‍යා.), න කිඤ්චි (ක.));
            
         බ්යාරොසනා පටිඝසඤ්ඤා, නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්ය. | 6 “කිසිම තැනෙක්හි එකෙක් අනිකෙකු නොරවටාවා. ඒ කිසිවකු හෙළානොදකීවා. කයින් වචනින් ගැටීමකින් හෝ තරහයෙන් සිත් පෙරලියෙන් හෝ එකෙක් අනිකෙකුහට දුකක් කැමති නොවේවා. | 
| 7  මාතා 
                
             එවම්පි සබ්බභූතෙසු, මානසං භාවයෙ අපරිමාණං. | 7 “මව යම්සේ තමාගේ එකම දරුවා (සියදිවි පුදාත්) රක්නේද, එසේම සියලු සතුන් කෙරෙහි අප්‍රමාණවූ මෙත් සිත් වැඩිය යුතුයි. | 
| 8  මෙත්තඤ්ච 
                
             උද්ධං අධො ච තිරියඤ්ච, අසම්බාධං අවෙරමසපත්තං. | 8 “අප්‍රමාණවූ සම්බාධ නැති වෛර චේතනා නැති, සතුරන් නැති මෛත්‍රී සහගත සිත සියලු ලොවෙහි උඩද යටද සරසද යන හැමදෙසෙහිම වැඩිය යුතුයි. | 
| 9  තිට්ඨං චරං නිසින්නො ව 
                
            (වා (සී. ස්‍යා. කං. පී.)), සයානො යාවතාස්ස විතමිද්ධො 
                
            (විගතමිද්ධො (බහූසු));
            
         එතං සතිං අධිට්ඨෙය්‍ය, බ්‍රහ්මමෙතං විහාරමිධමාහු. | 9 “යම්තාක් වේලා පහවූ නිදි ඇතිවන්නේද ඒතාක්ම සිටිමින් හෝ හිඳිමින් හෝ ඇවිදිමින් හෝ ඉඳිමින් මේ මෛත්‍රී ධ්‍යානය ඉටිය යුතු. මේ මේ සස්නෙහි ශ්‍රේෂ්ඨ විහරණයයි බුද්ධාදී උතුමෝ කීහු. | 
| 10  දිට්ඨිඤ්ච 
                
             කාමෙසු විනය 
                
            (විනෙය්ය (සී.)) ගෙධං, න හි ජාතුග්ගබ්භසෙය්ය පුන රෙතීති.
            
         | 10 “මෙසේ සිල්වත් තැනැත්තේ මිථ්‍යා දෘෂ්ටියට නොපැමිණ සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තව කාමයන්හි ඇල්ම හැරීමෙන් කිසිකලෙකත් මතු මවුකුසෙක හෝනා බවට නොපැමිණෙන්නේය.” |