ත්‍රිපිටකය
7. තිරොකුට්ටසුත්තං 7. තිරොකුඞ්ඩ සූත්‍රය
1
තිරොකුට්ටෙසු තිට්ඨන්ති, සන්ධිසිඞ්ඝාටකෙසු ච;
ද්වාරබාහාසු තිට්ඨන්ති, ආගන්ත්වාන සකං ඝරං.
1
“ඤාති ප්‍රේතයෝ තමන් ගෙය කරා අවුත් බිත්තියෙන් පිටත්හිද සන්ධිස්ථාන වලද තුන්මංසන්ධි වලද දොර සමීපයෙහිද සිටිත්.
2
පහූතෙ අන්නපානම්හි, ඛජ්ජභොජ්ජෙ උපට්ඨිතෙ;
තෙසං කොචි සරති, සත්තානං කම්මපච්චයා.
2
“බොහෝ ආහාරපානද කෑම්බීම්ද පිළියෙලව සිටි කල්හි ඒ සත්වයන්ගේ කර්ම හේතුවෙන් කිසිම නෑදෑයෙක් සිහි නොකරයි.
3
එවං දදන්ති ඤාතීනං, යෙ හොන්ති අනුකම්පකා;
සුචිං පණීතං කාලෙන, කප්පියං පානභොජනං;
ඉදං වො ඤාතීනං හොතු, සුඛිතා හොන්තු ඤාතයො.
3
“යම් කෙනෙක් ඒ ප්‍රේත නෑයන්ට අනුකම්පා කරන්නෝ වෙත්ද, ඔව්හු ශුද්ධවූ ප්‍රණීතවූ කැපවූ ආහාර පාන වර්ග සුදුසු කාලයෙහි මෙසේ (මතු දැක්වෙන පරිද්දෙන්) පමුණවත්.
“මේ පින නෑයනට වේවා. නෑයෝ සුවපත් වෙත්වා කියා’යි.
4
තෙ ච තත්ථ සමාගන්ත්වා, ඤාතිපෙතා සමාගතා;
පහූතෙ අන්නපානම්හි, සක්කච්චං අනුමොදරෙ.
4
ඒ ඤාති ප්‍රේතයෝද එතැන්හි අවුත් එක්රැස්වූවාහු. ඒ බොහෝ ආහාර පාන තමන් උදෙසා දෙනකල ඒ සකසා අනුමෝදන් කොට ගණිත්.
5
චිරං ජීවන්තු නො ඤාතී, යෙසං හෙතු ලභාමසෙ;
අම්හාකඤ්ච කතා පූජා, දායකා ච අනිප්ඵලා.
5
යම් කෙනෙකුත් හේතුකොටගෙණ මේ අවස්ථාවෙහි සම්පත් ලබමෝද ඒ අපේ නෑයෝ බොහෝ කල් ජීවත්වෙත්වා. ඔවුන් විසින් අපටද පූජා කරණ ලදී. දායකවූ ඔව්හුද ඒ දානමය පිනෙහි ඵල නොලබන්නෝ නොවෙත්’ (යයි කියා ඒ දන්දී පින් දුන් නෑයන්ට ප්‍රශංසා කරත්)
6
න හි තත්ථ කසි (කසී (සී.)) අත්ථි, ගොරක්ඛෙත්ථ න විජ්ජති;
වණිජ්ජා තාදිසී නත්ථි, හිරඤ්ඤෙන කයොකයං (කයාක්කයං (සී.), කයා කයං (ස්‍යා.));
ඉතො දින්නෙන යාපෙන්ති, පෙතා කාලඞ්කතා (කාලකතා (සී. ස්‍යා. කං.)) තහිං.
6
ඒ ප්‍රේත ලෝකයෙහි සීසෑමක් නොමැත. එහි ගව පාලනයෙක්ද නැත.
රන් රිදීයෙන් ගනුදෙනුවෙක් නැත. එබඳුවූ අන් වෙළඳාමෙක්ද නැත. මළප්‍රේතවූ ඔව්හු මෙයින් දුන් දැයෙකින් (පිනෙන්) එහි යැපෙත්.
7
උන්නමෙ උදකං වුට්ඨං, යථා නින්නං පවත්තති;
එවමෙව ඉතො දින්නං, පෙතානං උපකප්පති.
7
“උස්බිම වට වැසිදිය මිටිතෙනට යම්සේ ගලා බසීද, එසේම මෙයින් දුන්දේ ප්‍රේතයනට පැමිණේ.
8
යථා වාරිවහා පූරා, පරිපූරෙන්ති සාගරං;
එවමෙව ඉතො දින්නං, පෙතානං උපකප්පති.
8
”මහා නදීහු පිරුණාහු යම්සේ සාගරය පුරාලත්ද එසේම එසේම මෙයින් දුන් පින ප්‍රේතයනට පැමිණේ.
9
අදාසි මෙ අකාසි මෙ, ඤාතිමිත්තා (ඤාති මිත්තො (?)) සඛා ච මෙ;
පෙතානං දක්ඛිණං දජ්ජා, පුබ්බෙ කතමනුස්සරං.
9
“මට මෙනම් දේ දුන්නේය, මගේ මෙනම් වැඩ කෙළේය. මගේ නෑයෙක, මගේ මිත්‍රයෙක, මගේ යහළුවෙකැයි ඔවුන්
පෙරකළ උපකාර සිහිකරන්නේ ප්‍රේතයනට දක්ෂිණාව දෙන්නේය.
10
න හි රුණ්ණං වා සොකො වා, යා චඤ්ඤා පරිදෙවනා;
න තං පෙතානමත්ථාය, එවං තිට්ඨන්ති ඤාතයො.
10
“හැඬීම හෝ ශෝකය හෝ යම් අන් විලාපයක් හෝ ඒ ප්‍රේතයන්ට වැඩ පිණිස නොවේ. ඒ ඤාතිප්‍රේතයෝ එහි ඒ උපන් පරිදිම සිටිත්.
11
අයඤ්ච ඛො දක්ඛිණා දින්නා, සඞ්ඝම්හි සුප්පතිට්ඨිතා;
දීඝරත්තං හිතායස්ස, ඨානසො උපකප්පති.
11
“දෙන ලද මේ දක්ෂිණාව වනාහි සංඝයා කෙරෙහි මොනවට පිහිටියා ඒ ප්‍රේත ජනයාට දිගුකලක්ම හිත පිණිස එකෙණෙහිම පැමිණේ. හෙවත් එයින් සැප විපාක ලැබේ.
12
සො ඤාතිධම්මො ච අයං නිදස්සිතො, පෙතාන පූජා ච කතා උළාරා;
බලඤ්ච භික්ඛූනමනුප්පදින්නං (... මනුප්පදින්නවා (ක.)), තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකන්ති.
12
“ජීවත්ව සිටිනවුන් විසින් කළයුතුවූ ඒ මේ ඤාති ධර්මය දක්වන ලදී. ප්‍රේතයනට මහත් පූජාවෙක්ද කරණ ලදී. භික්‍ෂූනට ශක්තිජනක ආහාරපාන දීම් වශයෙන් බලයද දෙන ලදී. මෙසේ තොප විසින් මහත් පින් රැස් කරණ ලදී.”