ත්‍රිපිටකය
5. මඞ්ගලසුත්තං 5. මංගල සූත්‍රය
1
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි -
1
මා විසින් මෙසේ අසනලදී. එක් කාලයෙක්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වසනසේක. එකල වනාහි එක්තරා දෙවියෙක් මැදුම්රැයෙහි මනහර ශරීරප්‍රභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන්වහන්සේ යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක සිටියේය. පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේට
2
‘‘බහූ දෙවා මනුස්සා ච, මඞ්ගලානි අචින්තයුං;
ආකඞ්ඛමානා සොත්ථානං, බ්‍රූහි මඞ්ගලමුත්තමං’’.
2
“බොහෝ දෙවියෝද මනුෂ්‍යයෝද යහපත පතන්නෝ අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු සෙවූහ. වහන්ස, අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු වදාරණ සේක්වායි” ගාථායෙන් කීය.
3
‘‘අසෙවනා ච බාලානං, පණ්ඩිතානඤ්ච සෙවනා;
පූජා ච පූජනෙය්‍යානං (පූජනීයානං (සී. ස්‍යා. කං. පී.)), එතං මඞ්ගලමුත්තමං.
3
“එවිට භාග්‍යවතුන් වහන්සේ බාලයන් ඇසුරු නොකිරීමද, පණ්ඩිතයන් ඇසුරු කිරීමද, පිදියයුත්තන් පිදීමද යන එය උතුම් මඟුල්ය.
4
‘‘පතිරූපදෙසවාසො ච, පුබ්බෙ ච කතපුඤ්ඤතා;
අත්තසම්මාපණිධි (අත්ථසම්මාපණීධී (කත්ථචි)) ච, එතං මඞ්ගලමුත්තමං.
4
“නිසි රටෙහි විසීමද, පෙර ජාතිවල රැස්කළ පින් ඇතිබවය, තමා ගුණදහම්හි පිහිටුවීමද යන එය උතුම් මඟුල්ය.
5
‘‘බාහුසච්චඤ්ච සිප්පඤ්ච, විනයො ච සුසික්ඛිතො;
සුභාසිතා ච යා වාචා, එතං මඞ්ගලමුත්තමං.
5
ධර්මශාස්ත්‍ර දෙක්හි බොහෝ උගත් බවද, ශිල්ප දැනීමද, කය වචන සිත මනාව හික්මවීමද, බොරු ආදියෙන් වෙන්වූ වචනයද යන එය උතුම් මඟුල්ය.
6
‘‘මාතාපිතු උපට්ඨානං, පුත්තදාරස්ස සඞ්ගහො;
අනාකුලා ච කම්මන්තා, එතං මඞ්ගලමුත්තමං.
6
“මවට උපස්ථානයද, පියාට උපස්ථානයද, අඹුදරුවනට උපකාර කිරීමද, නිරවුල් කර්මාන්තද යන එය උතුම් මඟුල්ය.
7
‘‘දානඤ්ච ධම්මචරියා ච, ඤාතකානඤ්ච සඞ්ගහො;
අනවජ්ජානි කම්මානි, එතං මඞ්ගලමුත්තමං.
7
“දීමද, දසකුසල් කිරීමද, නෑයනට උපකාර කිරීමද, නිවැරදි කර්මද, යන එය උතුම් මඟුල්ය.
8
‘‘ආරතී විරතී පාපා, මජ්ජපානා ච සංයමො;
අප්පමාදො ච ධම්මෙසු, එතං මඞ්ගලමුත්තමං.
8
“පව් කෙරෙන් තුන්දොර වැළැක්මද, මත්පැනින් වැළැක්මද, කුසල්දහම් වැඩීමෙහි නොපමාවද යන එය උතුම් මඟුල්ය.
9
‘‘ගාරවො ච නිවාතො ච, සන්තුට්ඨි ච කතඤ්ඤුතා;
කාලෙන ධම්මස්සවනං (ධම්මස්සාවණං (ක. සී.), ධම්මසවනං (ක. සී.)), එතං මඞ්ගලමුත්තමං.
9
“ගරුබුහුමන් කිරීමට සුදුස්සන්ට ගරුබුහුමන් කිරීමද, යටත්පහත් බවද, ලද දෙයින් සතුටුවීමද, කළගුණ දන්නා බවද, සුදුසු අවස්ථාවෙහි දහම් ඇසීමද යන එය උතුම් මඟුල්ය.
10
‘‘ඛන්තී ච සොවචස්සතා, සමණානඤ්ච දස්සනං;
කාලෙන ධම්මසාකච්ඡා, එතං මඞ්ගලමුත්තමං.
10
“ඉවසීමද, සුවච බවද, ශ්‍රමණයන් දැක්මද, නිසිකාලයෙහි ධර්ම සාකච්ඡාවද යන එය උතුම් මඟුල්ය.
11
‘‘තපො ච බ්‍රහ්මචරියඤ්ච, අරියසච්චාන දස්සනං;
නිබ්බානසච්ඡිකිරියා ච, එතං මඞ්ගලමුත්තමං.
11
“ඉන්ද්‍රිය සංවරය හා වීර්යයද, බ්‍රහ්මචර්යාවද, ආර්ය සත්‍යයන් අවබෝධයද, නිවණ නුවණැසට හමුකිරීමද යන එය උතුම් මඟුල්ය.
12
‘‘ඵුට්ඨස්ස ලොකධම්මෙහි, චිත්තං යස්ස න කම්පති;
අසොකං විරජං ඛෙමං, එතං මඞ්ගලමුත්තමං.
12
“අෂ්ටලොක ධර්මයෙන් හැප්පුණු යමෙකුගේ සිත නොසැලේ නම් ඒ නොසැලෙන සිතද, ශොකනැති සිතද, කෙලෙස්ධූලි නැති සිතද, උපද්‍රව නැති සිතද යන එය උතුම් මඟුල්ය.
13
‘‘එතාදිසානි කත්වාන, සබ්බත්ථමපරාජිතා;
සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති, තං තෙසං මඞ්ගලමුත්තම’’න්ති.
13
“මෙවැනි අභිවෘද්ධියට කරුණුවූ දේ කිරීමෙන් හැමතන්හි නොපැරදුනෝව හැමතන්හි සැපසේ යත්. ඒ දේ ඒ පුරන්නහුට උතුම් මඟුල්ය.”