ත්‍රිපිටකය
2. අනුස්සතිවග්ගො 2. අනුස්සති වර්‍ගය
1. පඨමමහානාමසුත්තං 1. පඨමනානා විහරණ සූත්‍රය
2. දුතියමහානාමසුත්තං 2. දුතිය නානාවිහරණ සූත්‍රය
3. නන්දියසුත්තං 3. නන්‍දිය සක්ක සූත්‍රය
4. සුභූතිසුත්තං 4. (සුභූති) සද්‍ධාපදාන සූත්‍රය
5. මෙත්තාසුත්තං 5. මෙත්තානිසංස සූත්‍රය
15
(පටි. ම. 2.22; මි. ප. 4.4.6) ‘‘මෙත්තාය , භික්ඛවෙ, චෙතොවිමුත්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය එකාදසානිසංසා පාටිකඞ්ඛා.
කතමෙ එකාදස? සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති , න පාපකං සුපිනං පස්සති, මනුස්සානං පියො හොති, අමනුස්සානං පියො හොති, දෙවතා රක්ඛන්ති, නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති, තුවටං චිත්තං සමාධියති, මුඛවණ්ණො විප්පසීදති, අසම්මූළ්හො කාලං කරොති, උත්තරි අප්පටිවිජ්ඣන්තො බ්‍රහ්මලොකූපගො හොති. මෙත්තාය, භික්ඛවෙ, චෙතොවිමුත්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමෙ එකාදසානිසංසා පාටිකඞ්ඛා’’ති. පඤ්චමං.
15
“මහණෙනි, නිතර සේවනය කරණ ලද්දාවූ, වඩන ලද්දාවූ, නැවත, නැවත කරණ ලද, සුදුසු යානාවක් මෙන් කරණ ලද, වත්තක් මෙන් කරණ ලද, අධිෂ්ඨාන කරණ ලද, පුරුදු කරණ ලද, මනාකොට පටන් ගන්නා ලද, මෛත්‍රි සහගත චිත්ත විමුක්තිහුගේ ආනිශංස එකොළොසක් කැමති විය යුතු වෙත්.
“කවර එකොළොසක්ද යත්, සුවසේ නිදයි. සුවසේ පුබුදියි. පවිටු සීන නොදකියි. මිනිසුන්ට ප්‍රිය වෙයි. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි. දේවතාවෝ රක්‍ෂා කෙරෙත්. මොහුට ගින්න හෝ, විස හෝ, ආයුධයක් හෝ නොවදියි. වහා සිත එකඟ වෙයි. මුඛ වර්‍ණය තෙම විශේෂයෙන් ප්‍රසන්න වෙයි. මුළාවට නොපැමිණියේ කළුරිය කරයි. මත්තෙහි අර්හත් මාර්‍ග ප්‍රතිවේධය නොකරන්නේ, බඹලොව උපදින්නේ වෙයි. මහණෙනි, නිතර සේවනය කරණ ලද්දාවූ, වඩන ලද්දාවූ, නැවත, නැවත කරණ ලද, සුදුසු යානාවක් මෙන් කරණ ලද, වත්තක් මෙන් කරණ ලද, අධිෂ්ඨාන කරණ ලද, පුරුදු කරණ ලද, මනාකොට පටන් ගන්නා ලද, මෛත්‍රි සහගත චිත්ත විමුක්තිහුගේ ආනිශංස එකොළොසක් කැමති විය යුතු වෙත්.
6. අට්ඨකනාගරසුත්තං 6. අඨකනාගර සූත්‍රය
7. ගොපාලසුත්තං 7. ගොපාලකඞ්ග සූත්‍රය
8. පඨමසමාධිසුත්තං 8. පඨම සමාධි පටිලාභ සූත්‍රය
9. දුතියසමාධිසුත්තං 9. දුතිය සමාධි පටිලාභ සූත්‍රය
10. තතියසමාධිසුත්තං 10. පඨම සාරීපුත්ත සමාධිලාභ සූත්‍රය
11. චතුත්ථසමාධිසුත්තං 11. දුතිය සමාධි පටිලාභ සූත්‍රය