ත්‍රිපිටකය
අඞ්ගුත්තරනිකායො අඞ්ගුත්තර නිකාය
එකාදසකනිපාතපාළි එකාදසක නිපාතය
1. නිස්සයවග්ගො 1. නිස්සය වර්‍ගය
1. කිමත්ථියසුත්තං 1. ආනන්‍ද කුසලසීල සූත්‍රය
2. චෙතනාකරණීයසුත්තං 2. චෙතනාකරණීය සූත්‍රය
3. පඨමඋපනිසාසුත්තං 3. හතුපනිස දුස්සීල සූත්‍රය
4. දුතියඋපනිසාසුත්තං 4. සාරීපුත්තහතුනිස සූත්‍රය
5. තතියඋපනිසාසුත්තං 5. ආනන්‍දහතුනිස සූත්‍රය
6. බ්‍යසනසුත්තං 6. ඒකාදසව්‍යසන සූත්‍රය
7. සඤ්ඤාසුත්තං 7. ආනන්‍දසමාධිපටිලාභ සූත්‍රය
8. මනසිකාරසුත්තං 8. අමනසිකරණසමාධි සූත්‍රය
9. සද්ධසුත්තං 9. ආජානීයඣායින සූත්‍රය
9
එකං සමයං භගවා නාතිකෙ විහරති ගිඤ්ජකාවසථෙ . අථ ඛො ආයස්මා සද්ධො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සද්ධං භගවා එතදවොච -
‘‘ආජානීයඣායිතං ඛො, සද්ධ, ඣාය; මා ඛළුඞ්කඣායිතං (ආජානීයජ්ඣායිතං ඛො සද්ධ ඣායථ, මා ඛළුඞ්කජ්ඣායිතං (සී. පී.)). කථඤ්ච, ඛළුඞ්කඣායිතං හොති? අස්සඛළුඞ්කො හි , සද්ධ, දොණියා බද්ධො (බන්ධො (ස්‍යා. ක.)) ‘යවසං යවස’න්ති ඣායති. තං කිස්ස හෙතු? න හි, සද්ධ, අස්සඛළුඞ්කස්ස දොණියා බද්ධස්ස එවං හොති - ‘කිං නු ඛො මං අජ්ජ අස්සදම්මසාරථි කාරණං කාරෙස්සති, කිමස්සාහං (කම්මස්සාහං (ක.)) පටිකරොමී’ති. සො දොණියා බද්ධො ‘යවසං යවස’න්ති ඣායති. එවමෙවං ඛො, සද්ධ, ඉධෙකච්චො පුරිසඛළුඞ්කො අරඤ්ඤගතොපි රුක්ඛමූලගතොපි සුඤ්ඤාගාරගතොපි කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. සො කාමරාගංයෙව අන්තරං කත්වා ඣායති පජ්ඣායති නිජ්ඣායති අවජ්ඣායති, බ්‍යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති... ථිනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති... උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති... විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති විචිකිච්ඡාපරෙතෙන, උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං නප්පජානාති. සො විචිකිච්ඡංයෙව අන්තරං කත්වා ඣායති පජ්ඣායති නිජ්ඣායති අවජ්ඣායති. සො පථවිම්පි නිස්සාය ඣායති, ආපම්පි නිස්සාය ඣායති, තෙජම්පි නිස්සාය ඣායති, වායම්පි නිස්සාය ඣායති, ආකාසානඤ්චායතනම්පි නිස්සාය ඣායති, විඤ්ඤාණඤ්චායතනම්පි නිස්සාය ඣායති, ආකිඤ්චඤ්ඤායතනම්පි නිස්සාය ඣායති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනම්පි නිස්සාය ඣායති, ඉධලොකම්පි නිස්සාය ඣායති, පරලොකම්පි නිස්සාය ඣායති, යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිස්සාය ඣායති. එවං ඛො, සද්ධ, පුරිසඛළුඞ්කඣායිතං හොති.
‘‘කථඤ්ච , සද්ධ , ආජානීයඣායිතං හොති? භද්‍රො හි, සද්ධ, අස්සාජානීයො දොණියා බද්ධො න ‘යවසං යවස’න්ති ඣායති. තං කිස්ස හෙතු? භද්‍රස්ස හි, සද්ධ, අස්සාජානීයස්ස දොණියා බද්ධස්ස එවං හොති - ‘කිං නු ඛො මං අජ්ජ අස්සදම්මසාරථි කාරණං කාරෙස්සති, කිමස්සාහං පටිකරොමී’ති. සො දොණියා බද්ධො න ‘යවසං යවස’න්ති ඣායති. භද්‍රො හි, සද්ධ, අස්සාජානීයො යථා ඉණං යථා බන්ධං යථා ජානිං යථා කලිං එවං පතොදස්ස අජ්ඣොහරණං සමනුපස්සති. එවමෙවං ඛො, සද්ධ, භද්‍රො පුරිසාජානීයො අරඤ්ඤගතොපි රුක්ඛමූලගතොපි සුඤ්ඤාගාරගතොපි න කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති න කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං පජානාති, න බ්‍යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති... න ථිනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති... න උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති... න විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති න විචිකිච්ඡාපරෙතෙන, උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං පජානාති. සො නෙව පථවිං නිස්සාය ඣායති, න ආපං නිස්සාය ඣායති, න තෙජං නිස්සාය ඣායති, න වායං නිස්සාය ඣායති, න ආකාසානඤ්චායතනං නිස්සාය ඣායති, න විඤ්ඤාණඤ්චායතනං නිස්සාය ඣායති, න ආකිඤ්චඤ්ඤායතනං නිස්සාය ඣායති, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නිස්සාය ඣායති, න ඉධලොකං නිස්සාය ඣායති, න පරලොකං නිස්සාය ඣායති, යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිස්සාය න ඣායති; ඣායති ච පන. එවං ඣායිඤ්ච පන, සද්ධ, භද්‍රං පුරිසාජානීයං සඉන්දා දෙවා සබ්‍රහ්මකා සපජාපතිකා ආරකාව නමස්සන්ති -
‘‘නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම;
යස්ස තෙ නාභිජානාම, යම්පි නිස්සාය ඣායසී’’ති.
එවං වුත්තෙ ආයස්මා සද්ධො භගවන්තං එතදවොච - ‘‘කථං ඣායී පන, භන්තෙ, භද්‍රො පුරිසාජානීයො (පුරිසාජානීයො ඣායති, සො (සී. ස්‍යා. පී.), පුරිසාජානීයො, සො (ක.)) නෙව පථවිං නිස්සාය ඣායති, න ආපං නිස්සාය ඣායති, න තෙජං නිස්සාය ඣායති, න වායං නිස්සාය ඣායති, න ආකාසානඤ්චායතනං නිස්සාය ඣායති, න විඤ්ඤාණඤ්චායතනං නිස්සාය ඣායති, න ආකිඤ්චඤ්ඤායතනං නිස්සාය ඣායති, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නිස්සාය ඣායති, න ඉධලොකං නිස්සාය ඣායති , න පරලොකං නිස්සාය ඣායති, යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිස්සාය න ඣායති; ඣායති ච පන? කථං ඣායිඤ්ච පන, භන්තෙ, භද්‍රං පුරිසාජානීයං සඉන්දා දෙවා සබ්‍රහ්මකා සපජාපතිකා ආරකාව නමස්සන්ති -
‘‘නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම;
යස්ස තෙ නාභිජානාම, යම්පි නිස්සාය ඣායසී’’ති.
‘‘ඉධ, සද්ධ, භද්‍රස්ස පුරිසාජානීයස්ස පථවියං පථවිසඤ්ඤා විභූතා හොති, ආපස්මිං ආපොසඤ්ඤා විභූතා හොති, තෙජස්මිං තෙජොසඤ්ඤා විභූතා හොති, වායස්මිං වායොසඤ්ඤා විභූතා හොති, ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤා විභූතා හොති, විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා විභූතා හොති, ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා විභූතා හොති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤා විභූතා හොති, ඉධලොකෙ ඉධලොකසඤ්ඤා විභූතා හොති, පරලොකෙ පරලොකසඤ්ඤා විභූතා හොති, යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්‍රාපි සඤ්ඤා විභූතා හොති. එවං ඣායී ඛො, සද්ධ, භද්‍රො පුරිසාජානීයො නෙව පථවිං නිස්සාය ඣායති...පෙ.... යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිස්සාය න ඣායති; ඣායති ච පන. එවං ඣායිඤ්ච පන, සද්ධ, භද්‍රං පුරිසාජානීයං සඉන්දා දෙවා සබ්‍රහ්මකා සපජාපතිකා ආරකාව නමස්සන්ති -
‘‘නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම;
යස්ස තෙ නාභිජානාම, යම්පි නිස්සාය ඣායසී’’ති. නවමං;
9
“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදික නම් ගම ගිජ්ඣාවසථ නම් ප්‍රාසාදයෙක්හි (ගඩොළු ගෙයක) වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් සන්‍ධ නම් ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් සන්‍ධ ස්ථවිරයන්ට මෙය වදාළ සේක.
“සන්‍ධය, කාරණා කාරණා දත් ආජානීය සෛන්‍ධවයකු සිතන පරිද්දෙන් වනාහි සිතව. කොටළුවෙකු සිතන පරිද්දෙන් නොසිතව. සන්‍ධය, කොටළුවාගේ සිතීම කෙසේ නම් වේද,
“සන්‍ධය, අස්සඛඵංඞ්කතෙම (කොටළුවා) වනාහි යවවී ඔරුව සමීපයෙහි බඳනා ලද්දේ, ‘යව ඇත, යව ඇතැ’ යි සිතයි. ඊට හේතු කවරේද? සන්‍ධය, යවවී ඔරුව සමීපයෙහි බඳනා ලද, කොටළුවාට මෙබඳු සිතක් නොමවේ. (අද මට අශ්වයන් හික්මවන අස් ගොව්වා කිනම් කාරණයක් කරන්නේද? මම ඔහුට කුමක් විරුද්‍ධව කරම්දැයි කියාය. හෙතෙම ඔරුව සමීපයෙහි බඳනා ලද්දේ, ‘යව ඇත, යව ඇතැ’ යි සිතාද?
“සන්‍ධය, මෙපරිද්දෙන්ම මේ ශාසනයෙහි ඇතැම් මිනිස් කොටළුවෙක් තෙම වනයට ගියේද, ගසක් මුලට ගියේද, හිස් ගෙයතට ගියේද, කාම රාගයෙන් පෙළුණාවූ, කාම රාගයෙන් මඩනා ලද සිතින් යුක්තව වාසය කරයි. උපන්නාවූද කාම රාගයාගේ දුරු කිරීම තත්වූ පරිද්දෙන් නොදනියි. හෙතෙම කාම රාගයම ඇතුළත්කොට සිතයි. නොයෙක් ආකාරයෙන් සිතයි. නිරතුරු සිතයි. නැවත නැවත සිතයි. ව්‍යාපාදයෙන් මඩනා ලද සිතින් යුක්තව වාසය කරයි. ථීනම්ද්‍ධයෙන් මඩනා ලද සිතින් යුක්තව වාසය කරයි. උද්‍ධච්චකුක්කුච්චයෙන් මඩනා ලද සිතින් යුක්තව වාසය කරයි. විචිකිච්ඡාවෙන් පෙළුනාවූ, විචිකිච්ඡාවෙන් මඩනා ලද සිතින් යුක්තව වාසය කරයි. උපන්නාවූ විචිකිච්ඡාවගේද, දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනියි. හෙතෙම විචිකිච්ඡාවට ඇතුළත්කොට සිතයි. නොයෙක් ආකාරයෙන් සිතයි. නිරන්තරයෙන් සිතයි. නැවත නැවත සිතයි. හෙතෙම පෘථිවියද ඇසුරුකොට සිතයි. ජලයද ඇසුරුකොට සිතයි. තෙජසද ඇසුරුකොට සිතයි. වාතයද ඇසුරුකොට සිතයි. ආකාශානඤ්චායතනයද ඇසුරුකොට සිතයි. විඤ්ඤාණඤ්චායතනයද ඇසුරුකොට සිතයි. ආකිඤ්චඤ්ඤායතනයද ඇසුරුකොට සිතයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයද ඇසුරුකොට සිතයි. මෙලොව උපදනා ධ්‍යානයද ඇසුරුකොට සිතයි. පරලොව උපදනා ධ්‍යානයද ඇසුරුකොට සිතයි. දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් ඇද්ද, එයද ඇසුරුකොට සිතයි. සන්‍ධය, මෙසේ වනාහි මිනිස් කොටළුවාගේ සිතීම වේ.
“සන්‍ධය, කෙසේ නම් ආජානීය සෛන්‍ධවයාගේ සිතීම වේද? සන්‍ධය, යහපත්වූ ආජානීය අශ්ව තෙම වනාහි යවවී ඔරුව සමීපයෙහි බඳනා ලද්දේ, ‘යව ඇත, යව ඇතැ’ යි නොසිතයි. ඊට හේතු කවරේද? සන්‍ධය, යවවී ඔරුව සමීපයෙහි බඳනා ලද යහපත් ආජානීය අශ්වයාට මෙබඳු සිතක් වෙයි. ‘අද මට අශ්වදම්මසාරථී (අසුන් හික්මවන්නා) තෙම කිනම් කාරණයක් කරන්නේද, මම ඔහුට කිනම් ප්‍රතික්‍රියාවක් කරම්ද’ කියායි. හෙතෙම ඔරුව සමීපයෙහි බඳනා ලද්දේ, ‘යව ඇත, යව ඇතැ’ යි නොසිතයි. සන්‍ධය, යහපත්වූ ආජානීය අශ්වතෙම වනාහි කය යම්සේද, බැඳීම යම් සේද, පිරිහීම යම් සේද, අපරාධය යම් සේද, එපරිද්දෙන් කෙවිටි මෙහෙයීම දකියිද,
“සන්‍ධය, එපරිද්දෙන්ම යහපත්වූ පුරුෂාජානීය තෙම වනයට ගියේද, ගසක් මුලකට ගියේද, හිස් ගෙයකට ගියේද, කාම රාගයෙන් (කැමැත්තට ඇලීමෙන්) පෙළුනාවූ, කාම රාගයෙන් මඩනා ලද සිතින් යුක්තව වාසය නොකරයි. උපන්නාවූද කාමරාගයාගේ දුරුකිරීම තත්වු පරිද්දෙන්ම දැනගනියි. ව්‍යාපාදයෙන් (ක්‍රෝධයෙන්) මඩනා ලද සිතින් යුක්තව වාසය නොකරයි. ථීනම්ද්‍ධයෙන් (අලසකමින් හා නිදිමතින්) මඩනා ලද සිතින් යුක්තව වාසය නොකරයි. උද්‍ධච්චකුක්කුච්චයෙන් (සිත නොසන්සුන්කමින් හා පසුතැවිල්ලෙන්) මඩනා ලද සිතින් යුක්තව වාසය නොකරයි. විචිකිච්ඡාවෙන් (සැකයෙන්) පෙළුනාවූ, විචිකිච්ඡාවෙන් මඩනා ලද සිතින් යුක්තව වාසය නොකරයි. උපන්නාවූද විචිකිච්ඡාවගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් දැන ගනියි.
“හෙතෙම පෘථිවිය ඇසුරුකොට නොම සිතයි. ජලය ඇසුරුකොට නොසිතයි. තෙජස ඇසුරුකොට නොසිතයි. වාතය ඇසුරුකොට නොසිතයි. ආකාශානඤ්චායතනය ඇසුරුකොට නොසිතයි. විඤ්ඤාණඤ්චායතනය ඇසුරුකොට නොසිතයි. ආකිඤ්චඤ්ඤායතනය ඇසුරුකොට නොසිතයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඇසුරුකොට නොසිතයි. මෙලොව උපදනා ධ්‍යානය ඇසුරුකොට නොසිතයි. පරලොව උපදනා ධ්‍යානය ඇසුරුකොට නොසිතයි. දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් ඇද්ද, එයද ඇසුරුකොට නොසිතයි. එතකුදු වුවත් සිතන්නේද වෙයි. සන්‍ධය, මෙසේ සිතන්නාවූද යහපත්වූ පුරුෂාජානීයාට වනාහි ශක්‍රයා සහිතවූ, බ්‍රහ්මයා සහිතවූ, ප්‍රජාපති සහිතවූ, දෙවියෝ දුර සිටම නමස්කාර කරත්. ‘යමකුන් ඇසුරුකොට ධ්‍යාන කරන්නෙහිදැයි, යම්බඳුවූ නුඹ වහන්සේ ගේ ධ්‍යානය නොදනිම්ද, පුරුෂාජානීයයන් වහන්ස, ඒ ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා. පුරුෂොත්තමයන් වහන්ස, නුඹ වහන්සේට අපගේ නමස්කාරය වේවා” කියායි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සන්‍ධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ‘ස්වාමීනි කෙසේ නම් ධ්‍යාන කරන්නාවූ යහපත්වූ පුරුෂාජානීය තෙම ධ්‍යාන කෙරේද, හෙතෙම පෘථිවිය ඇසුරුකොට නොම ධ්‍යාන කෙරේද, ජලය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, තෙජස ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, වාතය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, ආකාශානඤ්චායතනය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, විඤ්ඤාණඤ්චායතනය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, ආකිඤ්චඤ්ඤායතනය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, මෙලොව උපදනා ධ්‍යානය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, පරලොව උපදනා ධ්‍යානය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් ඇද්ද, එයද ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, එතකුදු වුවත් ධ්‍යාන කරන්නේ වේද, ස්වාමීනි, කෙසේ ධ්‍යාන කරන්නාවූ යහපත්වූ පුරුෂාජානීයාට වනාහි ශක්‍රයා සහිතවූ, බ්‍රහ්මයා සහිතවූ, ප්‍රජාපති සහිතවූ, දෙවියෝ දුර සිටම නමස්කාර කෙරෙද්ද, ‘යමකුන් ඇසුරුකොට ධ්‍යාන කරන්නෙහියයි, යම්බඳුවූ ඔබ වහන්සේගේ ධ්‍යානය නොදනිම්ද, පුරුෂාජානීයය, ඒ නුඹ වහන්සේට අපගේ නමස්කාරය වේවා. පුරුෂොත්තමය, ඔබට නමස්කාරය වේවා” කියායි.
“සන්‍ධය, මේ ශාසනයෙහි යහපත්වූ පුරුෂාජානීයයාහට පෘථිවියෙහි පෘථිවි සංඥා තොමෝ ප්‍රකට වේ. ජලයෙහි ජලය යන සංඥා තොමෝ ප්‍රකට වේ. තෙජසෙහි තේජස් යන සංඥා තොමෝ ප්‍රකට වේ. වායුවෙහි වායෝ යන සංඥා තොමෝ ප්‍රකට වේ. ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥා තොමෝ ප්‍රකට වේ. විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥා තොමෝ ප්‍රකට වේ. ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥා තොමෝ ප්‍රකට වේ. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා තොමෝ ප්‍රකට වේ. මෙලොව උපදනා ධ්‍යානයෙහි මෙලොව උපදනා ධ්‍යාන සංඥා තොමෝ ප්‍රකට වේ. පරලොව උපදනා ධ්‍යානයෙහි පරලොව උපදනා ධ්‍යාන සංඥා තොමෝ ප්‍රකට වේ. දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් ඇද්ද, එහිදු සංඥා තොමෝ ප්‍රකට වේ.
“සන්‍ධය, මෙසේ ධ්‍යාන කරන්නාවූම යහපත්වූ පුරුෂාජානීය තෙම පෘථිවිය ඇසුරුකොට නොම ධ්‍යාන කරයි. ජලය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. තෙජස ඇසුරුකොට ධ්‍යාන නොකරයි. වාතය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. ආකාශානඤ්චායතනය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. විඤ්ඤාණඤ්චායතනය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. ආකිඤ්චඤ්ඤායතනය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. මෙලොව උපදනා ධ්‍යානය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. පරලොව උපදනා ධ්‍යානය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් ඇද්ද, එයද ඇසුරුකොට ධ්‍යාන නොකරයි. එතකුදු වුවත් ධ්‍යාන කරන්නේද වෙයි. සන්‍ධය, මෙසේ ධ්‍යාන කරන්නාවූද යහපත්වූ පුරුෂාජානීයාට වනාහි ශක්‍රයා සහිතවූ, බ්‍රහ්මයා සහිතවූ, ප්‍රජාපතියා සහිතවූ, දෙවියෝ දුර සිටම නමස්කාර කරත්.
“යමකුන් ඇසුරුකොට ධ්‍යාන කරන්නෙහියයි, යම්බඳුවූ ඔබගේ ධ්‍යානය නොදනිමුද, පුරුෂාජානීයය, ඒ ඔබට නමස්කාර වේවා. පුරුෂොත්තමය, ඒ ඔබ නමස්කාර වේවා”.
10. මොරනිවාපසුත්තං 10. චොරනිවාප සූත්‍රය