අඞ්ගුත්තරනිකායො | අඞ්ගුත්තර නිකාය |
එකාදසකනිපාතපාළි | එකාදසක නිපාතය |
1. නිස්සයවග්ගො | 1. නිස්සය වර්ගය |
1. කිමත්ථියසුත්තං | 1. ආනන්ද කුසලසීල සූත්‍රය |
1
(අ. නි. 10.1) එවං
‘‘අවිප්පටිසාරො
‘‘පාමොජ්ජං පන, භන්තෙ, කිමත්ථියං කිමානිසංසං’’? ‘‘පාමොජ්ජං ඛො, ආනන්ද, පීතත්ථං පීතානිසංසං’’.
‘‘පීති පන, භන්තෙ, කිමත්ථියා කිමානිසංසා’’? ‘‘පීති ඛො, ආනන්ද, පස්සද්ධත්ථා පස්සද්ධානිසංසා’’.
‘‘පස්සද්ධි පන, භන්තෙ, කිමත්ථියා කිමානිසංසා’’? ‘‘පස්සද්ධි ඛො, ආනන්ද, සුඛත්ථා සුඛානිසංසා’’.
‘‘සුඛං පන, භන්තෙ, කිමත්ථියං කිමානිසංසං’’? ‘‘සුඛං ඛො, ආනන්ද, සමාධත්ථං සමාධානිසංසං’’.
‘‘සමාධි
‘‘යථාභූතඤාණදස්සනං පන, භන්තෙ, කිමත්ථියං කිමානිසංසං’’? ‘‘යථාභූතඤාණදස්සනං ඛො, ආනන්ද, නිබ්බිදත්ථං නිබ්බිදානිසංසං’’.
‘‘නිබ්බිදා, පන, භන්තෙ, කිමත්ථියා කිමානිසංසා’’? ‘‘නිබ්බිදා ඛො, ආනන්ද, විරාගත්ථා විරාගානිසංසා
‘‘විරාගො පන, භන්තෙ, කිමත්ථියො කිමානිසංසො’’? ‘‘විරාගො ඛො, ආනන්ද, විමුත්තිඤාණදස්සනත්ථො විමුත්තිඤාණදස්සනානිසංසො.
‘‘ඉති ඛො, ආනන්ද, කුසලානි සීලානි අවිප්පටිසාරත්ථානි අවිප්පටිසාරානිසංසානි, අවිප්පටිසාරො
|
1
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම, භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය. “ස්වාමීනි, නිරවද්‍යවූ සීලයෝ කුමක් ප්‍රයෝජනකොට ඇත්තාහුද, කිනම් අනුසස් ඇත්තාහුදැ” යි (විචාළේය.)
“ආනන්දය, නිරවද්‍යවූ ශීලයෝ නොවිපිළිසරවීම ප්‍රයෝජනකොට ඇත්තාහුය” යි (වදාළ සේක.)
“ස්වාමීනි, නොවිපිළිසරවීම කුමක් ප්‍රයෝජනකොට ඇත්තේද, කිනම් අනුසස්කොට ඇත්තේද?”
“ආනන්දය, නොවිපිළිසරවීම වනාහි, සතුටුවීම ප්‍රයෝජනකොට ඇත්තේය. සතුටුවීම අනුසස්කොට ඇත්තේය.”
“ස්වාමීනි, සතුටුවීම වනාහි කුමක් ප්‍රයෝජනකොට ඇත්තේද, කිනම් අනුසස් ඇත්තේද?” “ආනන්දය, සතුටුවීම වනාහි, ප්‍රීතිය ප්‍රයෝජනකොට ඇත්තේය. ප්‍රීතිය අනුසස්කොට ඇත්තේය.” “ස්වාමීනි, ප්‍රීතිය වනාහි කුමක් ප්‍රයෝජනකොට ඇත්තීද, කිනම් අනුසස් ඇත්තීද?” “ආනන්දය, ප්‍රීතිය වනාහි, සැහැල්ලුබව ප්‍රයෝජනකොට ඇත්තීය. සැහැල්ලුබව අනුසස්කොට ඇත්තීය.”
“ස්වාමීනි, සැහැල්ලුබව වනාහි කුමක් ප්‍රයෝජනකොට ඇත්තීද, කිනම් අනුසස් ඇත්තීද?” “ආනන්දය, සැහැල්ලුබව වනාහි, සැපය ප්‍රයෝජනකොට ඇත්තීය. සැපය අනුසස්කොට ඇත්තීය.”
“ස්වාමීනි, සැපය වනාහි කුමක් ප්‍රයෝජනකොට ඇත්තේද, කිනම් අනුසස් ඇත්තේද?” “ආනන්දය, සැපය වනාහි, සමාධිය ප්‍රයෝජනකොට ඇත්තේය. සමාධිය අනුසස්කොට ඇත්තේය.”
“ස්වාමීනි, සමාධිය වනාහි කුමක් ප්‍රයෝජනකොට ඇත්තේද, කිනම් අනුසස් ඇත්තේද?”
“ආනන්දය, සමාධිය වනාහි, තත්වූ පරිදි නුවණින් දැකීම ප්‍රයෝජනකොට ඇත්තේය. තත්වූ පරිදි නුවණින් දැකීම අනුසස්කොට ඇත්තේය.”
“ස්වාමීනි, තත්වූ පරිදි නුවණින් දැකීම වනාහි කුමක් ප්‍රයෝජනකොට ඇත්තේද, කිනම් අනුසස් ඇත්තේද?” “ආනන්දය, තත්වූ පරිදි නුවණින් දැකීම වනාහි, කලකිරීම ප්‍රයෝජනකොට ඇත්තේය. කලකිරීම අනුසස්කොට ඇත්තේය.”
“ස්වාමීනි, කලකිරීම වනාහි කුමක් ප්‍රයෝජනකොට ඇත්තීද, කිනම් අනුසස් ඇත්තීද?” “ආනන්දය, කලකිරීම වනාහි, නොඇල්ම ප්‍රයෝජනකොට ඇත්තීය. නොඇල්ම අනුසස්කොට ඇත්තීය.”
“ස්වාමීනි, නොඇල්ම වනාහි කුමක් ප්‍රයෝජනකොට ඇත්තේද, කිනම් අනුසස් ඇත්තේද?” “ආනන්දය, නොඇල්ම වනාහි, විමුක්ති ඥාන දර්ශනය හෙවත් කෙලෙසුන්ගෙන් මිදීම, නුවණින් සැළකීම ප්‍රයෝජනකොට ඇත්තේය. විමුක්ති ඥාන දර්ශනය අනුසස්කොට ඇත්තේය.”
“ආනන්දය, මෙසේ වනාහි නිරවද්‍යවූ ශීලයෝ නොවිපිළිසරවීම ප්‍රයෝජනකොට ඇත්තාහුය. නොවිපිළිසරවීම අනුසස්කොට ඇත්තාහුය. නොවිපිළිසරවීම සතුට ප්‍රයෝජනකොට ඇත්තේය. සතුට අනුසස්කොට ඇත්තේය. සතුට, ප්‍රීතිය ප්‍රයෝජනකොට ඇත්තේය. ප්‍රීතිය අනුසස්කොට ඇත්තේය. ප්‍රීතිය, සැහැල්ලුබව ප්‍රයෝජනකොට ඇත්තීය. සැහැල්ලුබව අනුසස්කොට ඇත්තීය. සැහැල්ලුබව, සැපය ප්‍රයෝජනකොට ඇත්තීය. සැපය අනුසස්කොට ඇත්තීය. සැපය, සමාධිය ප්‍රයෝජනකොට ඇත්තේය. සමාධිය අනුසස්කොට ඇත්තේය. සමාධිය, තත්වූ පරිදි නුවණින් දැකීම ප්‍රයෝජනකොට ඇත්තේය. තත්වූ පරිදි නුවණින් දැකීම අනුසස්කොට ඇත්තේය. තත්වූ පරිදි නුවණින් දැකීම, කලකිරීම ප්‍රයෝජනකොට ඇත්තේය. කලකිරීම අනුසස්කොට ඇත්තේය. කලකිරීම, නොඇල්ම ප්‍රයෝජනකොට ඇත්තීය. නොඇල්ම අනුසස්කොට ඇත්තීය. නොඇල්ම, කෙලෙසුන්ගෙන් මිදීම, නුවණින් සැළකීම ප්‍රයෝජනකොට ඇත්තේය. කෙලෙසුන්ගෙන් මිදීම, නුවණින් සැළකීම අනුසස්කොට ඇත්තේය. ආනන්දය, මෙසේ වනාහි නිරවද්‍යවූ සීලයෝ පිළිවෙළින් රහත් බවට පමුණුවත්ය” යි වදාළ සේක.”
|
2. චෙතනාකරණීයසුත්තං | 2. චෙතනාකරණීය සූත්‍රය |
2
(අ. නි. 10.2) ‘‘සීලවතො, භික්ඛවෙ, සීලසම්පන්නස්ස න චෙතනාය කරණීයං - ‘අවිප්පටිසාරො මෙ උප්පජ්ජතූ’ති. ධම්මතා එසා, භික්ඛවෙ, යං සීලවතො සීලසම්පන්නස්ස අවිප්පටිසාරො උප්පජ්ජති.
‘‘අවිප්පටිසාරිස්ස, භික්ඛවෙ, න චෙතනාය කරණීයං - ‘පාමොජ්ජං මෙ උප්පජ්ජතූ’ති. ධම්මතා එසා, භික්ඛවෙ, යං අවිප්පටිසාරිස්ස පාමොජ්ජං උප්පජ්ජති.
‘‘පමුදිතස්ස, භික්ඛවෙ, න චෙතනාය කරණීයං - ‘පීති මෙ උප්පජ්ජතූ’ති. ධම්මතා එසා, භික්ඛවෙ, යං පමුදිතස්ස පීති උප්පජ්ජති.
‘‘පීතිමනස්ස, භික්ඛවෙ, න චෙතනාය කරණීයං - ‘කායො මෙ
‘‘පස්සද්ධකායස්ස
‘‘සුඛිනො, භික්ඛවෙ, න චෙතනාය කරණීයං - ‘චිත්තං මෙ සමාධියතූ’ති. ධම්මතා එසා, භික්ඛවෙ, යං සුඛිනො චිත්තං සමාධියති.
‘‘සමාහිතස්ස
‘‘යථාභූතං, භික්ඛවෙ, ජානතො පස්සතො න චෙතනාය කරණීයං - ‘නිබ්බින්දාමී’ති. ධම්මතා එසා, භික්ඛවෙ, යං යථාභූතං ජානං පස්සං නිබ්බින්දති.
‘‘නිබ්බින්නස්ස, භික්ඛවෙ, න චෙතනාය කරණීයං - ‘විරජ්ජාමී’ති. ධම්මතා එසා, භික්ඛවෙ, යං නිබ්බින්නො විරජ්ජති.
‘‘විරත්තස්ස, භික්ඛවෙ, න චෙතනාය කරණීයං - ‘විමුත්තිඤාණදස්සනං සච්ඡිකරොමී’ති. ධම්මතා එසා, භික්ඛවෙ, යං විරත්තො විමුත්තිඤාණදස්සනං සච්ඡිකරොති.
‘‘ඉති ඛො, භික්ඛවෙ, විරාගො විමුත්තිඤාණදස්සනත්ථො විමුත්තිඤාණදස්සනානිසංසො, නිබ්බිදා විරාගත්ථා විරාගානිසංසා, යථාභූතඤාණදස්සනං නිබ්බිදත්ථං නිබ්බිදානිසංසං, සමාධි යථාභූතඤාණදස්සනත්ථො යථාභූතඤාණදස්සනානිසංසො, සුඛං සමාධත්ථං සමාධානිසංසං, පස්සද්ධි සුඛත්ථා සුඛානිසංසා, පීති පස්සද්ධත්ථා පස්සද්ධානිසංසා, පාමොජ්ජං පීතත්ථං පීතානිසංසං, අවිප්පටිසාරො පාමොජ්ජත්ථො පාමොජ්ජානිසංසො, කුසලානි සීලානි අවිප්පටිසාරත්ථානි අවිප්පටිසාරානිසංසානි. ඉති ඛො, භික්ඛවෙ, ධම්මා ධම්මෙ
|
2
“මහණෙනි, සීලයෙන් යුක්තවූ සිල්වත්හුගේ, ‘මට නොවිපිළිසරවීම උපදීවා’ යි සිතීමෙන් කටයුතු නොවේ. මහණෙනි, සීල සම්පන්නවූ සිල්වත්හට නොවිපිළිසරවීම උපදී යන යමක් වේද, මෝතොමෝ ධර්ම ස්වභාවය වේ. මහණෙනි, නොවිපිළිසර ඇත්තාහට, ‘මට සතුට උපදීවා’ යි සිතීමෙන් කටයුත්තක් නොවේ. මහණෙනි, විපිළිසර නැත්තාහට සතුට උපදී යන යමක් ඇද්ද, මෝ තොමෝ ධර්ම ස්වභාවයයි. මහණෙනි, සතුට ඇත්තාහට, ‘මට ප්‍රීතිය උපදීවා’ යි සිතීමෙන් කටයුත්තක් නොවේ. මහණෙනි, සතුට ඇත්තාහට ප්‍රීතිය උපදී යන යමක් වේද, මෝ තොමෝ ධර්මතායි. මහණෙනි, ප්‍රීති සිත් ඇත්තාහට, ‘මාගේ කය සැහැල්ලුවේවා’ යි සිතීමෙන් කටයුත්තක් නොවේ. මහණෙනි, ප්‍රීති සිත් ඇත්තහුගේ කය සැහැල්ලුවෙයි යන යමක් ඇද්ද, මෝ තොමෝ ධර්මතායි. මහණෙනි, සැහැල්ලුවූ කය ඇත්තහුගේ සැපය විඳිමියි සිතීමෙන් කටයුත්තක් නොවේ. මහණෙනි, සැහැල්ලු කය ඇත්තේ සැපය විඳීය යන යමක් වේද, මෝ තොමෝ ධර්මතායි. මහණෙනි, සැප ඇත්තහුගේ, ‘මගේ සිත එකඟවේවා’යි සිතීමෙන් කටයුත්තක් නොවේ. මහණෙනි, සැප ඇත්තහුගේ සිත එකඟවේ යන යමක් වේද, මෝතොමෝ ධර්මතායි. මහණෙනි, එකඟවූ සිත් ඇත්තහුගේ තත්වූ පරිද්දෙන් දනිමි, දකිමියි සිතීමෙන් කටයුත්තක් නොවේ. මහණෙනි, එකඟවූ සිත් ඇත්තේ තත්වූ පරිද්දෙන් දනී, දකී යන නමක් වේද, මෝ තොමෝ ධර්මතායි. මහණෙනි, තත්වූ පරිද්දෙන් දන්නහුගේ, දක්නහුගේ කලකිරෙමියි සිතීමෙන් කටයුත්තක් නොවේ. මහණෙනි, තත්වූ පරිද්දෙන් දන්නේ, දක්නේ කලකිරේය යන නමක් වේද, මෝ තොමෝ ධර්මතායි. මහණෙනි, කලකිරුණහුගේ නො ඇලෙමියි සිතීමෙන් කටයුත්තක් නොවේ. මහණෙනි, කලකිරුනේ නො ඇලෙයි, යන යමක් වේද, මෝ තොමෝ ධර්මතායි. මහණෙනි, නො ඇලුනහුගේ විමුක්ති ඥාන දර්ශනය ප්රත්යක්ෂ කරමියි සිතීමෙන් කටයුත්තක් නොවේ. මහණෙනි, නො ඇලුනේ විමුක්ති ඥාන දර්ශනය ප්රත්යක්ෂ කෙරෙයි යන යමක් වේද, මෝ තොමෝ ධර්මතායි.
“මහණෙනි, මෙසේ වනාහි විරාගය තෙම විමුක්ති ඥාන දර්ශනය ප්‍රයෝජනකොට ඇත්තේය. විමුක්ති ඥාන දර්ශනය අනුසස්කොට ඇත්තේය. නිබ්බිදාතොමෝ විරාගය ප්‍රයෝජනකොට ඇත්තීය. විරාගය අනුසස්කොට ඇත්තීය. යථාභූත ඥාන දර්ශනය නිබ්බිදාව ප්‍රයෝජනකොට ඇත්තේය. නිබ්බිදාව අනුසස්කොට ඇත්තේය. සමාධිතෙම යථාභූත ඥාන දර්ශනය ප්‍රයෝජනකොට ඇත්තේය. යථාභූත ඥාන දර්ශනය අනුසස්කොට ඇත්තේය. සැපය, සමාධිය ප්‍රයෝජනකොට ඇත්තේය. සමාධිය අනුසස්කොට ඇත්තේය. සන්සිඳුම සැපය ප්‍රයෝජනකොට ඇත්තීය. සැපය අනුසස්කොට ඇත්තීය. ප්‍රීතිය, සන්සිඳුම ප්‍රයෝජනකොට ඇත්තීය. සන්සිඳුම අනුසස්කොට ඇත්තීය. ප්‍රමොද්‍යය ප්‍රීතිය ප්‍රයෝජනකොට ඇත්තේය. ප්‍රීතිය අනුසස්කොට ඇත්තේය. නොවිපිළිසරවීම ප්‍රමොද්‍යය ප්‍රයෝජනකොට ඇත්තේය. ප්‍රමොද්‍යය අනුසස්කොට ඇත්තේය. නිරවද්‍යවූ සීලයෝ නොවිපිළිසරවීම ප්‍රයෝජනකොට ඇත්තාහුය. නොවිපිළිසරවීම අනුසස්කොට ඇත්තාහුය. මහණෙනි, මෙසේ වනාහි මෙතෙරින් එතෙර යාම පිණිස හෙවත් සසරින් නිවණට පැමිණීම පිණිස ධර්මයෝද ධර්මයෙහි පවතිත්. ධර්මයෝද ධර්මයන් සම්පූර්ණ කෙරෙත්ය” යි වදාළ සේක.
|
3. පඨමඋපනිසාසුත්තං | 3. හතුපනිස දුස්සීල සූත්‍රය |
3
(අ. නි. 5.24; 10.3) ‘‘දුස්සීලස්ස, භික්ඛවෙ, සීලවිපන්නස්ස හතූපනිසො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ අසති අවිප්පටිසාරවිපන්නස්ස හතූපනිසං හොති පාමොජ්ජං. පාමොජ්ජෙ අසති පාමොජ්ජවිපන්නස්ස හතූපනිසා හොති පීති. පීතියා අසති පීතිවිපන්නස්ස හතූපනිසා හොති පස්සද්ධි. පස්සද්ධියා අසති
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, රුක්ඛො සාඛාපලාසවිපන්නො. තස්ස පපටිකාපි න පාරිපූරිං ගච්ඡති, තචොපි... ඵෙග්ගුපි... සාරොපි න පාරිපූරිං ගච්ඡති. එවමෙවං ඛො, භික්ඛවෙ, දුස්සීලස්ස සීලවිපන්නස්ස හතූපනිසො හොති අවිප්පටිසාරො, අවිප්පටිසාරෙ අසති අවිප්පටිසාරවිපන්නස්ස හතූපනිසං හොති පාමොජ්ජං...පෙ.... විමුත්තිඤාණදස්සනං.
‘‘සීලවතො, භික්ඛවෙ, සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති අවිප්පටිසාරො, අවිප්පටිසාරෙ සති අවිප්පටිසාරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති පාමොජ්ජං, පාමොජ්ජෙ සති පාමොජ්ජසම්පන්නස්ස උපනිසසම‍්පන‍්නා හොති පීති, පීතියා සති පීතිසම්පන්නස්ස උපනිසසම‍්පන‍්නා හොති පස්සද්ධි, පස්සද්ධියා සති පස්සද්ධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති සුඛං, සුඛෙ සති සුඛසම්පන්නස්ස උපනිසසම්පන්නො
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, රුක්ඛො සාඛාපලාසසම්පන්නො. තස්ස පපටිකාපි පාරිපූරිං ගච්ඡති, තචොපි... ඵෙග්ගුපි... සාරොපි පාරිපූරිං ගච්ඡති. එවමෙවං ඛො, භික්ඛවෙ, සීලවතො සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති අවිප්පටිසාරො, අවිප්පටිසාරෙ සති අවිප්පටිසාරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති...පෙ.... විමුත්තිඤාණදස්සන’’න්ති. තතියං.
|
3
“මහණෙනි, සීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීලයාගේ නොවිපිළිසරවීම නසනලද කරුණු ඇත්තේ වෙයි. කරුණු රහිතව නොවිපිළිසරවීම නැති කල්හි පුමුදිත භාවයාගේ විපතට පැමිණියහුගේ ප්‍රීති තොමෝ නසනලද කරුණු ඇත්තී වෙයි. ප්‍රීතිය නැති කල්හි ප්‍රීතියෙන් විපතට පැමිණියහුගේ සන්සිඳීම තොමෝ නසන ලද කරුණු ඇත්තී වේ. සන්සිඳීම නැති කල්හි සන්සිඳීමෙන් විපතට පැමිණියහුගේ සැපය නසන ලද කරුණු ඇත්තේ වේ. සැපය නැති කල්හි සැපයෙන් විපතට පැමිණියහුගේ සම්‍යක් සමාධිය නසන ලද කරුණු ඇත්තේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධියෙන් විපතට පැමිණියහුගේ යථාභූත ඥාන දර්ශනය නසන ලද කරුණු ඇත්තේ වේ. යථාභූත ඥාන දර්ශනය නැති කල්හි යථාභූත ඥානයෙන් විපතට පැමිණියහුගේ කලකිරීම් නසන ලද කරුණු ඇත්තී වෙයි. කලකිරීම නැති කල්හි කලකිරීමෙන් විපතට පැමිණියහුගේ නො ඇල්ම නසන ලද කරුණු ඇත්තේ වෙයි. නො ඇල්ම නැති කල්හි නො ඇල්මෙන් විපතට පැමිණියහුගේ කෙළෙසුන්ගෙන් මිදීම නුවණින් සැළකීම නසන ලද කරුණු ඇත්තේ වෙයි.
“මහණෙනි, යම් සේ වෘක්ෂය තෙම අතුපතරින් විපතට පැමිණියේ ඒ වෘක්ෂයාගේ පතුරුද සම්පූර්ණවීමට නොපැමිණේද, පොත්තද, ඵලයද, හරයද සම්පූර්ණවීමට නොපැමිණේද, මහණෙනි, සීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීලයාගේ නොවිපිළිසරවීම නසනලද කරුණු ඇත්තේ වෙයි. කරුණු රහිතව නොවිපිළිසරවීම නැති කල්හි පුමුදිත භාවයාගේ විපතට පැමිණියහුගේ ප්‍රීති තොමෝ නසනලද කරුණු ඇත්තී වෙයි. ප්‍රීතිය නැති කල්හි ප්‍රීතියෙන් විපතට පැමිණියහුගේ සන්සිඳීම තොමෝ නසන ලද කරුණු ඇත්තී වේ. සන්සිඳීම නැති කල්හි සන්සිඳීමෙන් විපතට පැමිණියහුගේ සැපය නසන ලද කරුණු ඇත්තේ වේ. සැපය නැති කල්හි සැපයෙන් විපතට පැමිණියහුගේ සම්‍යක් සමාධිය නසන ලද කරුණු ඇත්තේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධියෙන් විපතට පැමිණියහුගේ යථාභූත ඥාන දර්ශනය නසන ලද කරුණු ඇත්තේ වේ. යථාභූත ඥාන දර්ශනය නැති කල්හි යථාභූත ඥානයෙන් විපතට පැමිණියහුගේ කලකිරීම් නසන ලද කරුණු ඇත්තී වෙයි. කලකිරීම නැති කල්හි කලකිරීමෙන් විපතට පැමිණියහුගේ නො ඇල්ම නසන ලද කරුණු ඇත්තේ වෙයි. නො ඇල්ම නැති කල්හි නො ඇල්මෙන් විපතට පැමිණියහුගේ කෙළෙසුන්ගෙන් මිදීම නුවණින් සැළකීම නසන ලද කරුණු ඇත්තේ වෙයි.
“මහණෙනි, සීල සම්පන්නවූ සිල්වත්හුගේ නොවිපිළිසරවීම කරුණු සහිත වේ. නොවිපිළිසරවීම ඇති කල්හි නොවිපිළිසරවීමෙන් යුක්තවූවහුගේ ප්‍රමොද්‍යය කරුණු සහිත වේ. ප්‍රමොද්‍යය ඇති කල්හි ප්රමුදිතභාවයෙන් යුක්තවූවහුගේ ප්‍රීතිය කරුණ සහිත වේ. ප්‍රීතිය ඇති කල්හි ප්‍රීතියෙන් යුක්තවූවහුගේ සන්සිඳීම කරුණු සහිත වේ. සන්සිඳීම ඇති කල්හි සන්සිඳීමෙන් යුක්තවූවහුගේ සැපය කරුණු සහිත වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්තවූවහුගේ සම්‍යක් සමාධිය කරුණු සහිත වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්තවූවහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම කරුණු සහිත වේ. තත්වු පරිදි නුවණින් දැකීම ඇති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීමෙන් යුක්තවූවහුගේ කලකිරීම කරුණු සහිත වේ. කලකිරීම ඇති කල්හි කලකිරීමෙන් යුක්ත වූවහුගේ නො ඇල්ම කරුණු සහිත වේ. නො ඇල්ම ඇති කල්හි නොඇල්මෙන් යුක්ත වූවහුගේ කෙලෙසුන්ගෙන් මිදීමට නුවණින් දැකීම කරුණු සහිතවේ.
“මහණෙනි, යම් සේ වෘක්ෂය තෙම අතුපතරින් ගැවසීගත්තේ ඒ වෘක්ෂයාගේ පතුරුද සම්පූර්ණබවට පැමිණේද, පොත්තද, ඵලයද, හරයද සම්පූර්ණවීමට යේද, මහණෙනි, එපරිද්දෙන්ම සීල සම්පන්න සිල්වත්හුගේ නොවිපිළිසරවීම කරුණු සහිතවේ. නොවිපිළිසරවීම ඇති කල්හි නොවිපිළිසරවීමෙන් යුක්තවූවහුගේ ප්‍රමුදිතභාවය කරුණු සහිත වේ. මහණෙනි, සීල සම්පන්නවූ සිල්වත්හුගේ නොවිපිළිසරවීම කරුණු සහිත වේ. නොවිපිළිසරවීම ඇති කල්හි නොවිපිළිසරවීමෙන් යුක්තවූවහුගේ ප්‍රමොද්‍යය කරුණු සහිත වේ. ප්‍රමොද්‍යය ඇති කල්හි ප්රමුදිතභාවයෙන් යුක්තවූවහුගේ ප්‍රීතිය කරුණ සහිත වේ. ප්‍රීතිය ඇති කල්හි ප්‍රීතියෙන් යුක්තවූවහුගේ සන්සිඳීම කරුණු සහිත වේ. සන්සිඳීම ඇති කල්හි සන්සිඳීමෙන් යුක්තවූවහුගේ සැපය කරුණු සහිත වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්තවූවහුගේ සම්‍යක් සමාධිය කරුණු සහිත වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්තවූවහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම කරුණු සහිත වේ. තත්වු පරිදි නුවණින් දැකීම ඇති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීමෙන් යුක්තවූවහුගේ කලකිරීම කරුණු සහිත වේ. කලකිරීම ඇති කල්හි කලකිරීමෙන් යුක්ත වූවහුගේ නො ඇල්ම කරුණු සහිත වේ. නො ඇල්ම ඇති කල්හි නොඇල්මෙන් යුක්ත වූවහුගේ කෙලෙසුන්ගෙන් මිදීමට නුවණින් දැකීම කරුණු සහිතවේ.
|
4. දුතියඋපනිසාසුත්තං | 4. සාරීපුත්තහතුනිස සූත්‍රය |
4
තත්ර
‘‘දුස්සීලස්ස
‘‘සෙය්යථාපි, ආවුසො, රුක්ඛො සාඛාපලාසවිපන්නො. තස්ස පපටිකාපි න පාරිපූරිං ගච්ඡති, තචොපි... ඵෙග්ගුපි... සාරොපි න පාරිපූරිං ගච්ඡති. එවමෙවං ඛො, ආවුසො, දුස්සීලස්ස සීලවිපන්නස්ස හතූපනිසො හොති අවිප්පටිසාරො, අවිප්පටිසාරෙ අසති අවිප්පටිසාරවිපන්නස්ස හතූපනිසං හොති පාමොජ්ජං...පෙ.... විමුත්තිඤාණදස්සනං.
‘‘සීලවතො, ආවුසො, සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති අවිප්පටිසාරො, අවිප්පටිසාරෙ සති අවිප්පටිසාරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති පාමොජ්ජං, පාමොජ්ජෙ සති පාමොජ්ජසම්පන්නස්ස උපනිසසම‍්පන‍්නා හොති පීති, පීතියා සති පීතිසම්පන්නස්ස උපනිසසම‍්පන‍්නා හොති පස්සද්ධි, පස්සද්ධියා සති පස්සද්ධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති සුඛං, සුඛෙ සති සුඛසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති සම්මාසමාධි, සම්මාසමාධිම්හි සති සම්මාසමාධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති යථාභූතඤාණදස්සනං, යථාභූතඤාණදස්සනෙ සති යථාභූතඤාණදස්සනසම්පන්නස්ස උපනිසසම‍්පන‍්නා හොති නිබ්බිදා, නිබ්බිදාය සති නිබ්බිදාසම්පන්නස්ස
‘‘සෙය්යථාපි, ආවුසො, රුක්ඛො සාඛාපලාසසම්පන්නො. තස්ස පපටිකාපි පාරිපූරිං ගච්ඡති, තචොපි... ඵෙග්ගුපි... සාරොපි පාරිපූරිං ගච්ඡති. එවමෙවං ඛො, ආවුසො, සීලවතො සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති අවිප්පටිසාරො, අවිප්පටිසාරෙ
|
4
එකල්හි වනාහි ආයුෂමත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, “ඇවැත් මහණෙනි,” කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය. “කිමෙක්ද? ඇවැත්නි” යි ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට උත්තර දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය ප්‍රතාශ කෙළේය.
“ඇවැත්නි, සීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීලයාගේ නොවිපිළිසරවීම නසනලද කරුණු ඇත්තේ වෙයි. කරුණු රහිතව නොවිපිළිසරවීම නැති කල්හි පුමුදිත භාවයාගේ විපතට පැමිණියහුගේ ප්‍රීති තොමෝ නසනලද කරුණු ඇත්තී වෙයි. ප්‍රීතිය නැති කල්හි ප්‍රීතියෙන් විපතට පැමිණියහුගේ සන්සිඳීම තොමෝ නසන ලද කරුණු ඇත්තී වේ. සන්සිඳීම නැති කල්හි සන්සිඳීමෙන් විපතට පැමිණියහුගේ සැපය නසන ලද කරුණු ඇත්තේ වේ. සැපය නැති කල්හි සැපයෙන් විපතට පැමිණියහුගේ සම්‍යක් සමාධිය නසන ලද කරුණු ඇත්තේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධියෙන් විපතට පැමිණියහුගේ යථාභූත ඥාන දර්ශනය නසන ලද කරුණු ඇත්තේ වේ. යථාභූත ඥාන දර්ශනය නැති කල්හි යථාභූත ඥානයෙන් විපතට පැමිණියහුගේ කලකිරීම් නසන ලද කරුණු ඇත්තී වෙයි. කලකිරීම නැති කල්හි කලකිරීමෙන් විපතට පැමිණියහුගේ නො ඇල්ම නසන ලද කරුණු ඇත්තේ වෙයි. නො ඇල්ම නැති කල්හි නො ඇල්මෙන් විපතට පැමිණියහුගේ කෙළෙසුන්ගෙන් මිදීම නුවණින් සැළකීම නසන ලද කරුණු ඇත්තේ වෙයි.
“ඇවැත්නි, යම් සේ වෘක්ෂය තෙම අතුපතරින් විපතට පැමිණියේ ඒ වෘක්ෂයාගේ පතුරුද සම්පූර්ණවීමට නොපැමිණේද, පොත්තද, ඵලයද, හරයද සම්පූර්ණවීමට නොපැමිණේද, මහණෙනි, සීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීලයාගේ නොවිපිළිසරවීම නසනලද කරුණු ඇත්තේ වෙයි. කරුණු රහිතව නොවිපිළිසරවීම නැති කල්හි පුමුදිත භාවයාගේ විපතට පැමිණියහුගේ ප්‍රීති තොමෝ නසනලද කරුණු ඇත්තී වෙයි. ප්‍රීතිය නැති කල්හි ප්‍රීතියෙන් විපතට පැමිණියහුගේ සන්සිඳීම තොමෝ නසන ලද කරුණු ඇත්තී වේ. සන්සිඳීම නැති කල්හි සන්සිඳීමෙන් විපතට පැමිණියහුගේ සැපය නසන ලද කරුණු ඇත්තේ වේ. සැපය නැති කල්හි සැපයෙන් විපතට පැමිණියහුගේ සම්‍යක් සමාධිය නසන ලද කරුණු ඇත්තේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධියෙන් විපතට පැමිණියහුගේ යථාභූත ඥාන දර්ශනය නසන ලද කරුණු ඇත්තේ වේ. යථාභූත ඥාන දර්ශනය නැති කල්හි යථාභූත ඥානයෙන් විපතට පැමිණියහුගේ කලකිරීම් නසන ලද කරුණු ඇත්තී වෙයි. කලකිරීම නැති කල්හි කලකිරීමෙන් විපතට පැමිණියහුගේ නො ඇල්ම නසන ලද කරුණු ඇත්තේ වෙයි. නො ඇල්ම නැති කල්හි නො ඇල්මෙන් විපතට පැමිණියහුගේ කෙළෙසුන්ගෙන් මිදීම නුවණින් සැළකීම නසන ලද කරුණු ඇත්තේ වෙයි.
“ඇවැත්නි, සීල සම්පන්නවූ සිල්වත්හුගේ නොවිපිළිසරවීම කරුණු සහිත වේ. නොවිපිළිසරවීම ඇති කල්හි නොවිපිළිසරවීමෙන් යුක්තවූවහුගේ ප්‍රමොද්‍යය කරුණු සහිත වේ. ප්‍රමොද්‍යය ඇති කල්හි ප්රමුදිතභාවයෙන් යුක්තවූවහුගේ ප්‍රීතිය කරුණ සහිත වේ. ප්‍රීතිය ඇති කල්හි ප්‍රීතියෙන් යුක්තවූවහුගේ සන්සිඳීම කරුණු සහිත වේ. සන්සිඳීම ඇති කල්හි සන්සිඳීමෙන් යුක්තවූවහුගේ සැපය කරුණු සහිත වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්තවූවහුගේ සම්‍යක් සමාධිය කරුණු සහිත වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්තවූවහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම කරුණු සහිත වේ. තත්වු පරිදි නුවණින් දැකීම ඇති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීමෙන් යුක්තවූවහුගේ කලකිරීම කරුණු සහිත වේ. කලකිරීම ඇති කල්හි කලකිරීමෙන් යුක්ත වූවහුගේ නො ඇල්ම කරුණු සහිත වේ. නො ඇල්ම ඇති කල්හි නොඇල්මෙන් යුක්ත වූවහුගේ කෙලෙසුන්ගෙන් මිදීමට නුවණින් දැකීම කරුණු සහිතවේ.
“ඇවැත්නි, යම් සේ වෘක්ෂය තෙම අතුපතරින් ගැවසීගත්තේ ඒ වෘක්ෂයාගේ පතුරුද සම්පූර්ණබවට පැමිණේද, පොත්තද, ඵලයද, හරයද සම්පූර්ණවීමට යේද, ඇවැත්නි, එපරිද්දෙන්ම සීල සම්පන්න සිල්වත්හුගේ නොවිපිළිසරවීම කරුණු සහිතවේ. නොවිපිළිසරවීම ඇති කල්හි නොවිපිළිසරවීමෙන් යුක්තවූවහුගේ ප්‍රමුදිතභාවය කරුණු සහිත වේ. ඇවැත්නි, සීල සම්පන්නවූ සිල්වත්හුගේ නොවිපිළිසරවීම කරුණු සහිත වේ. නොවිපිළිසරවීම ඇති කල්හි නොවිපිළිසරවීමෙන් යුක්තවූවහුගේ ප්‍රමොද්‍යය කරුණු සහිත වේ. ප්‍රමොද්‍යය ඇති කල්හි ප්රමුදිතභාවයෙන් යුක්තවූවහුගේ ප්‍රීතිය කරුණ සහිත වේ. ප්‍රීතිය ඇති කල්හි ප්‍රීතියෙන් යුක්තවූවහුගේ සන්සිඳීම කරුණු සහිත වේ. සන්සිඳීම ඇති කල්හි සන්සිඳීමෙන් යුක්තවූවහුගේ සැපය කරුණු සහිත වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්තවූවහුගේ සම්‍යක් සමාධිය කරුණු සහිත වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්තවූවහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම කරුණු සහිත වේ. තත්වු පරිදි නුවණින් දැකීම ඇති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීමෙන් යුක්තවූවහුගේ කලකිරීම කරුණු සහිත වේ. කලකිරීම ඇති කල්හි කලකිරීමෙන් යුක්ත වූවහුගේ නො ඇල්ම කරුණු සහිත වේ. නො ඇල්ම ඇති කල්හි නොඇල්මෙන් යුක්ත වූවහුගේ කෙලෙසුන්ගෙන් මිදීමට නුවණින් දැකීම කරුණු සහිතවේ.
|
5. තතියඋපනිසාසුත්තං | 5. ආනන්දහතුනිස සූත්‍රය |
5
(අ. නි. 10.5) තත්ර
‘‘සෙය්යථාපි, ආවුසො, රුක්ඛො සාඛාපලාසවිපන්නො. තස්ස පපටිකාපි න පාරිපූරිං ගච්ඡති, තචොපි... ඵෙග්ගුපි... සාරොපි න පාරිපූරිං ගච්ඡති. එවමෙවං ඛො, ආවුසො, දුස්සීලස්ස සීලවිපන්නස්ස හතූපනිසො හොති අවිප්පටිසාරො, අවිප්පටිසාරෙ අසති අවිප්පටිසාරවිපන්නස්ස හතූපනිසං හොති පාමොජ්ජං...පෙ.... විමුත්තිඤාණදස්සනං.
‘‘සීලවතො, ආවුසො, සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති අවිප්පටිසාරො, අවිප්පටිසාරෙ සති අවිප්පටිසාරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති පාමොජ්ජං, පාමොජ්ජෙ සති පාමොජ්ජසම්පන්නස්ස
‘‘සෙය්යථාපි, ආවුසො, රුක්ඛො සාඛාපලාසසම්පන්නො. තස්ස පපටිකාපි පාරිපූරිං ගච්ඡති
|
5
එකල්හි වනාහි ආයුෂමත් ආනන්ද ස්ථවිර තෙම, “ඇවැත් මහණෙනි,” කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය. “ඇවැත්නි” යි ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට උත්තර දුන්හ. ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම මෙය ප්‍රතාශ කෙළේය.
“ඇවැත්නි, සීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීලයාගේ නොවිපිළිසරවීම නසනලද කරුණු ඇත්තේ වෙයි. කරුණු රහිතව නොවිපිළිසරවීම නැති කල්හි පුමුදිත භාවයාගේ විපතට පැමිණියහුගේ ප්‍රීති තොමෝ නසනලද කරුණු ඇත්තී වෙයි. ප්‍රීතිය නැති කල්හි ප්‍රීතියෙන් විපතට පැමිණියහුගේ සන්සිඳීම තොමෝ නසන ලද කරුණු ඇත්තී වේ. සන්සිඳීම නැති කල්හි සන්සිඳීමෙන් විපතට පැමිණියහුගේ සැපය නසන ලද කරුණු ඇත්තේ වේ. සැපය නැති කල්හි සැපයෙන් විපතට පැමිණියහුගේ සම්‍යක් සමාධිය නසන ලද කරුණු ඇත්තේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධියෙන් විපතට පැමිණියහුගේ යථාභූත ඥාන දර්ශනය නසන ලද කරුණු ඇත්තේ වේ. යථාභූත ඥාන දර්ශනය නැති කල්හි යථාභූත ඥානයෙන් විපතට පැමිණියහුගේ කලකිරීම් නසන ලද කරුණු ඇත්තී වෙයි. කලකිරීම නැති කල්හි කලකිරීමෙන් විපතට පැමිණියහුගේ නො ඇල්ම නසන ලද කරුණු ඇත්තේ වෙයි. නො ඇල්ම නැති කල්හි නො ඇල්මෙන් විපතට පැමිණියහුගේ කෙළෙසුන්ගෙන් මිදීම නුවණින් සැළකීම නසන ලද කරුණු ඇත්තේ වෙයි.
“ඇවැත්නි, යම් සේ වෘක්ෂය තෙම අතුපතරින් විපතට පැමිණියේ ඒ වෘක්ෂයාගේ පතුරුද සම්පූර්ණවීමට නොපැමිණේද, පොත්තද, ඵලයද, හරයද සම්පූර්ණවීමට නොපැමිණේද, මහණෙනි, සීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීලයාගේ නොවිපිළිසරවීම නසනලද කරුණු ඇත්තේ වෙයි. කරුණු රහිතව නොවිපිළිසරවීම නැති කල්හි පුමුදිත භාවයාගේ විපතට පැමිණියහුගේ ප්‍රීති තොමෝ නසනලද කරුණු ඇත්තී වෙයි. ප්‍රීතිය නැති කල්හි ප්‍රීතියෙන් විපතට පැමිණියහුගේ සන්සිඳීම තොමෝ නසන ලද කරුණු ඇත්තී වේ. සන්සිඳීම නැති කල්හි සන්සිඳීමෙන් විපතට පැමිණියහුගේ සැපය නසන ලද කරුණු ඇත්තේ වේ. සැපය නැති කල්හි සැපයෙන් විපතට පැමිණියහුගේ සම්‍යක් සමාධිය නසන ලද කරුණු ඇත්තේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධියෙන් විපතට පැමිණියහුගේ යථාභූත ඥාන දර්ශනය නසන ලද කරුණු ඇත්තේ වේ. යථාභූත ඥාන දර්ශනය නැති කල්හි යථාභූත ඥානයෙන් විපතට පැමිණියහුගේ කලකිරීම් නසන ලද කරුණු ඇත්තී වෙයි. කලකිරීම නැති කල්හි කලකිරීමෙන් විපතට පැමිණියහුගේ නො ඇල්ම නසන ලද කරුණු ඇත්තේ වෙයි. නො ඇල්ම නැති කල්හි නො ඇල්මෙන් විපතට පැමිණියහුගේ කෙළෙසුන්ගෙන් මිදීම නුවණින් සැළකීම නසන ලද කරුණු ඇත්තේ වෙයි.
“ඇවැත්නි, සීල සම්පන්නවූ සිල්වත්හුගේ නොවිපිළිසරවීම කරුණු සහිත වේ. නොවිපිළිසරවීම ඇති කල්හි නොවිපිළිසරවීමෙන් යුක්තවූවහුගේ ප්‍රමොද්‍යය කරුණු සහිත වේ. ප්‍රමොද්‍යය ඇති කල්හි ප්රමුදිතභාවයෙන් යුක්තවූවහුගේ ප්‍රීතිය කරුණ සහිත වේ. ප්‍රීතිය ඇති කල්හි ප්‍රීතියෙන් යුක්තවූවහුගේ සන්සිඳීම කරුණු සහිත වේ. සන්සිඳීම ඇති කල්හි සන්සිඳීමෙන් යුක්තවූවහුගේ සැපය කරුණු සහිත වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්තවූවහුගේ සම්‍යක් සමාධිය කරුණු සහිත වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්තවූවහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම කරුණු සහිත වේ. තත්වු පරිදි නුවණින් දැකීම ඇති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීමෙන් යුක්තවූවහුගේ කලකිරීම කරුණු සහිත වේ. කලකිරීම ඇති කල්හි කලකිරීමෙන් යුක්ත වූවහුගේ නො ඇල්ම කරුණු සහිත වේ. නො ඇල්ම ඇති කල්හි නොඇල්මෙන් යුක්ත වූවහුගේ කෙලෙසුන්ගෙන් මිදීමට නුවණින් දැකීම කරුණු සහිතවේ.
“ඇවැත්නි, යම් සේ වෘක්ෂය තෙම අතුපතරින් ගැවසීගත්තේ ඒ වෘක්ෂයාගේ පතුරුද සම්පූර්ණබවට පැමිණේද, පොත්තද, ඵලයද, හරයද සම්පූර්ණවීමට යේද, ඇවැත්නි, එපරිද්දෙන්ම සීල සම්පන්න සිල්වත්හුගේ නොවිපිළිසරවීම කරුණු සහිතවේ. නොවිපිළිසරවීම ඇති කල්හි නොවිපිළිසරවීමෙන් යුක්තවූවහුගේ ප්‍රමුදිතභාවය කරුණු සහිත වේ. ඇවැත්නි, සීල සම්පන්නවූ සිල්වත්හුගේ නොවිපිළිසරවීම කරුණු සහිත වේ. නොවිපිළිසරවීම ඇති කල්හි නොවිපිළිසරවීමෙන් යුක්තවූවහුගේ ප්‍රමොද්‍යය කරුණු සහිත වේ. ප්‍රමොද්‍යය ඇති කල්හි ප්රමුදිතභාවයෙන් යුක්තවූවහුගේ ප්‍රීතිය කරුණ සහිත වේ. ප්‍රීතිය ඇති කල්හි ප්‍රීතියෙන් යුක්තවූවහුගේ සන්සිඳීම කරුණු සහිත වේ. සන්සිඳීම ඇති කල්හි සන්සිඳීමෙන් යුක්තවූවහුගේ සැපය කරුණු සහිත වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්තවූවහුගේ සම්‍යක් සමාධිය කරුණු සහිත වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්තවූවහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම කරුණු සහිත වේ. තත්වු පරිදි නුවණින් දැකීම ඇති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීමෙන් යුක්තවූවහුගේ කලකිරීම කරුණු සහිත වේ. කලකිරීම ඇති කල්හි කලකිරීමෙන් යුක්ත වූවහුගේ නො ඇල්ම කරුණු සහිත වේ. නො ඇල්ම ඇති කල්හි නොඇල්මෙන් යුක්ත වූවහුගේ කෙලෙසුන්ගෙන් මිදීමට නුවණින් දැකීම කරුණු සහිතවේ.
|
6. බ්යසනසුත්තං | 6. ඒකාදසව්යසන සූත්‍රය |
6
‘‘යො සො, භික්ඛවෙ, භික්ඛු අක්කොසකො පරිභාසකො අරියූපවාදො සබ්රහ්මචාරීනං, ඨානමෙතං අවකාසො යං සො එකාදසන්නං බ්‍යසනානං අඤ්ඤතරං බ්යසනං නිගච්ඡෙය්ය.
කතමෙසං එකාදසන්නං? අනධිගතං නාධිගච්ඡති, අධිගතා පරිහායති, සද්ධම්මස්ස න වොදායන්ති, සද්ධම්මෙසු වා අධිමානිකො හොති, අනභිරතො වා බ්රහ්මචරියං චරති, අඤ්ඤතරං වා සංකිලිට්ඨං
‘‘යො සො, භික්ඛවෙ, භික්ඛු අක්කොසකො පරිභාසකො අරියූපවාදො සබ්රහ්මචාරීනං, අට්ඨානමෙතං අනවකාසො යං සො එකාදසන්නං බ්‍යසනානං අඤ්ඤතරං බ්යසනං න නිගච්ඡෙය්ය.
කතමෙසං
|
6
“මහණෙනි, යම් ඒ භික්ෂුවක් තෙම සමාන බඹසර ඇත්තවුන්ට ආක්‍රෝෂ පරිභව කරන්නේ ආර්‍ය්‍යයන්ට දොස් කියන්නේ වේද, හෙතෙම එකොළොස් වැදෑරුම් ව්‍යසනයන් අතුරෙන් එක්තරා ව්‍යසනයකට නොපැමිණෙන්නේය යන යමක් වේද, මෙයට කරුණු රහිතයි අවකාශ නැත්තේය.
“කවර නම් එකොළසකටද යත්? නොලබන ලද්ද නොලබයි. ලබන ලද්දෙන් පිරිහෙයි. සද්ධර්මය පැහැදිළි නොවෙයි. සද්ධර්මයන්හි හෝ අධික මාන ඇත්තේ වෙයි. නො ඇථනේ හෝ බඹසර හැසිරෙයි. එක්තරා කිථටුවූ ඇවතකට හෝ පැමිණෙයි. ශික්ෂාව හැර දමා ගිහිබවට පැමිණෙයි. දැඩිවූ රෝගාබාධයක් හෝ ස්පර්ශ කරයි. චිත්ත වික්ෂෙප ඇත්තාවූ උමතුබවට හෝ පැමිණෙයි. අතිශයින් මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට පිහිටවූ, විවසව පතිත වන්නාවූ නරකයෙහි උපදියි.
“මහණෙනි, යම් ඒ භික්ෂුවක් තෙම ආය්රේයාපවාද ඇත්තේ, සමාන බඹසර ඇත්තවුන්ට ආක්‍රොෂ පරිශව කරන්නේ වේද, හෙතෙම මේ එකොළොස් වැදෑරුම් ව්‍යසනයන් අතුරෙන් එක්තරා ව්‍යසනයකට නොපැමිණෙන්නේය යන යමක් වේද, මෙයට කරුණු රහිත වේ. අවකාශ රහිත වේ යයි වදාළ සේක.”
|
7. සඤ්ඤාසුත්තං | 7. ආනන්දසමාධිපටිලාභ සූත්‍රය |
7
අථ
‘‘සියා නු ඛො, භන්තෙ, භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පථවියං පථවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී අස්ස, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤී අස්ස, න ඉධලොකෙ ඉධලොකසඤ්ඤී අස්ස, න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස, යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස; සඤ්ඤී ච පන අස්සාති?
‘‘සියා, ආනන්ද, භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පථවියං පථවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී
‘‘යථා කථං පන, භන්තෙ, සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පථවියං පථවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී
‘‘ඉධානන්ද, භික්ඛු එවංසඤ්ඤී හොති - ‘එතං සන්තං එතං පණීතං, යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හාක්ඛයො විරාගො නිරොධො නිබ්බාන’න්ති. එවං ඛො, ආනන්ද, සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පථවියං පථවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී
අථ ඛො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං
‘‘සියා
‘‘යථා කථං පනාවුසො සාරිපුත්ත, සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පථවියං
‘‘ඉධ, ආවුසො ආනන්ද, භික්ඛු එවංසඤ්ඤී හොති - ‘එතං සන්තං එතං පණීතං, යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හාක්ඛයො විරාගො නිරොධො නිබ්බාන’න්ති. එවං ඛො, ආවුසො ආනන්ද, සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පථවියං පථවිසඤ්ඤී අස්ස...පෙ.... යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සා’’ති.
‘‘අච්ඡරියං, ආවුසො, අබ්භුතං, ආවුසො! යත්ර හි නාම සත්ථු චෙව සාවකස්ස ච අත්ථෙන අත්ථො බ්යඤ්ජනෙන බ්යඤ්ජනං සංසන්දිස්සති සමෙස්සති න විග්ගය්හිස්සති, යදිදං අග්ගපදස්මිං! ඉදානාහං, ආවුසො, භගවන්තං උපසඞ්කමිත්වා
|
7
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූ ආයුෂමත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය. “ස්වාමීනි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොවන්නේද, ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද, තෙජසෙහි තෙජස යන සංඥා ඇත්තේ නොවන්නේද, වායුවෙහි වායුව යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාශානඤචායතනයෙහි ආකාශානඤචායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? මේ ලෝකයෙහි උපදනා ධ්‍යානයෙහි මේ ලෝකයෙහි උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, පරලොව උපදනා ධ්‍යානයෙහි, පරලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද? යම්බඳුවූ මේ දක්නා ලද්දය, අසන ලද්දය, ස්පර්ශ කරණ ලද්දය, දැනගන්නා ලද්දය, පැමිණෙන ලද්දය, සොයන ලද්දය, සිතින් අනුව හැසිරෙන ලද්දය, යන යමක් වේද, එහිද සංඥා ඇත්තේ නොවන්නේද? එතකුදු වුවත් සංඥාව ඇත්තේ වන්නේද, එබඳුවු සමාධි ප්‍රතිලාභයෙක් භික්ෂුහට වන්නේදැ” යි ඇසුවේය.
“ආනන්දය, යම් සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොමවන්නේද, ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද, තෙජස්හි තෙජසය යන සංඥා ඇත්තේ නොවන්නේද, වාතයෙහි වාතය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාශානඤචායතනයෙහි ආකාශානඤචායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? මෙලොව උපදනා ධ්‍යානයෙහි මෙලොව උපදනා ධ්‍යාන සංඥා ඇත්තේ නොවන්නේද, දක්නා ලදය, අසන ලදය, ස්පර්ශ කරණ ලදය, දැන ගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් වේද, එහිද සංඥා ඇත්තේ නොවන්නේද, එතකුදු වුවත් එහිද සංඥා ඇත්තේත් වන්නේද, එබඳුවූ සමාධි ප්‍රතිලාභයෙන් භික්ෂුවවට ඒ කෙසේ නම් වන්නේදැයි ස්වාමීනි, යම් සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොමවන්නේද, ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද, තෙජස්හි තෙජස යන සංඥා ඇත්තේ නොවන්නේද, වායුව කෙරෙහි වායුව යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාශානඤචායතනයෙහි ආකාශානඤචායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? මෙලොව උපදනා ධ්‍යානයෙහි මෙලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, පරලොව උපදනා ධ්‍යානයෙහි, පරලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද? දක්නා ලද, අසන ලද, ස්පර්ශ කරණ ලද, දැනගන්නා ලද, පැමිණෙන ලද, සොයන ලද, සිතින් අනුව හැසිරෙන ලද, මේ යමකුත් වේද, එහිද සංඥා ඇත්තේ නොවන්නේද, එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද, එබඳුවු සමාධි ප්‍රතිලාභයෙක් භික්ෂුහට ඒ කෙසේ නම් වන්නේදැ” යි (විචාළේය.)
“ආනන්දය, මේ ශාසනයෙහි භික්ෂු තෙම යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමවූ, සියලු කෙළෙසුන්ගේ දුරලීමවූ, තෘෂ්ණාව නැසීමවූ, නො ඇල්මවූ, නිරෝධයවූ, නිවණක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතයයි මෙබඳු සංඥා ඇත්තේ වේද, ආනන්දය, යම්සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොමවන්නේද, ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද, තෙජස්හි තෙජස යන සංඥා ඇත්තේ නොවන්නේද, වාතයෙහි වාතය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාශානඤචායතනයෙහි ආකාශානඤචායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, මෙලොව උපදනා ධ්‍යානයෙහි මෙලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, පරලොව උපදනා ධ්‍යානයෙහි, පරලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, දක්නා ලදය, අසන ලදය, ස්පර්ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් වේද, එහිදු සංඥා ඇත්තේ නොවන්නේද, එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද, මෙසේ වනාහි භික්ෂුහට එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේය” යි වදාළේය.
සාරිපුත්ත සමාධි සූත්‍රය
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම, භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙණ, අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේට පැමිණ වැඳ, පැදකුණුකොට, ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවූයේය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ, කථාව කොට නිමවා එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම, ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම් සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොවන්නේද, ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද, තෙජස්හි තෙජස යන සංඥා ඇත්තේ නොවන්නේද, වාතයෙහි වාතය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාශානඤචායතනයෙහි ආකාශානඤචායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, මෙලොව උපදනා ධ්‍යානයෙහි මෙලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, පරලොව උපදනා ධ්‍යානයෙහි, පරලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, දක්නා ලදය, අසන ලදය, ස්පර්ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය යන මේ යමකුත් ඇද්ද, එහිදු සංඥා ඇත්තේ නොවන්නේද? එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද? එබඳුවූ සමාධි ප්‍රතිලාභයෙක් භික්ෂුහට වන්නේද?”
“ආයුෂ්මත්වූ ආනන්දය, යම් සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොම වන්නේද, ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද, තෙජස්හි තෙජස යන සංඥා ඇත්තේ නොවන්නේද, වාතයෙහි වාතය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාශානඤචායතනයෙහි ආකාශානඤචායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, මෙලොව උපදනා ධ්‍යානයෙහි මෙලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, පරලොව උපදනා ධ්‍යානයෙහි, පරලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, දක්නා ලදය, අසන ලදය, ස්පර්ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය යන මේ යමකුත් ඇද්ද, එහිදු සංඥා ඇත්තේ නොවන්නේද? එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද? එබඳුවූ සමාධි ප්‍රතිලාභයෙක් භික්ෂුහට වන්නේය” යි කීයේය.
“ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම් සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොවන්නේද, ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද, තෙජස්හි තෙජස යන සංඥා ඇත්තේ නොවන්නේද, වාතයෙහි වාතය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාශානඤචායතනයෙහි ආකාශානඤචායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, මෙලොව උපදනා ධ්‍යානයෙහි මෙලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, පරලොව උපදනා ධ්‍යානයෙහි, පරලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, දක්නා ලදය, අසන ලදය, ස්පර්ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය යන මේ යමකුත් ඇද්ද, එහිදු සංඥා ඇත්තේ නොවන්නේද? එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද? එබඳුවූ සමාධි ප්‍රතිලාභයෙක් භික්ෂුහට වන්නේදැ?” යි විචාළේය.
“ආයුෂ්මත්වු ආනන්දය, මේ ශාසනයෙහි භික්ෂුතෙම හෙබඳු සංඥා ඇත්තේ වේ. එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම් ඇති, සියලු කෙළෙසුන්ගේ දුරලීම ඇති, තෘෂ්ණාවගේ ක්ෂය කිරීම ඇති, නො ඇල්ම ඇත්තාවූ, නිරෝධයවූ, නිවණක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය කියායි. ආයුෂ්මත්වූ ආනන්දය, යම් සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ, නොමවන්නේද, ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද, තෙජස්හි තෙජස යන සංඥා ඇත්තේ නොවන්නේද, වාතයෙහි වාතය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාශානඤචායතනයෙහි ආකාශානඤචායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, මෙලොව උපදනා ධ්‍යානයෙහි මෙලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, පරලොව උපදනා ධ්‍යානයෙහි, පරලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, දක්නා ලදය, අසන ලදය, ස්පර්ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය යන මේ යමකුත් වේද? එහිදු සංඥා ඇත්තේ නොවන්නේද? එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද? එබඳුවූ සමාධි ප්‍රතිලාභයෙක් භික්ෂුහට වන්නේය” යි කීයේය.
“ආයුෂ්මත්නි, යම් ශාසනයෙක්හි ශාස්තෘහුගේද, ශ්‍රාවකයන්ගේද, අත්‍ර්‍ථය සමග අත්‍ර්‍ථය තේරුමෙන් තේරුම බ්යඤ්ජනයන් සමග බ්‍යඤ්ජනය අකුරින් අකුර යම් මේ නිවණෙක්හි සංසන්දනය වන්නේද, සමාන වන්නේද, විරුද්ධ නොවන්නේද, මෙහ ආශ්චර්‍ය්‍යයයි, අද්භූතයෙකි. ආයුෂ්මත්නි, මම දැන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මේ කරුණ විචාළෙමි. භාග්‍යවතුන් වහන්සේදමට මේ පදවලින්ම, ව්යඤ්ජනවලින්ම, මේ කරුණ වදාළ සේක. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ යම්සේද, එමෙනි. යම් ශාසනයෙක්හි නම් ශාස්තෘහුගේද, ශ්‍රාවකයාගේද, අත්‍ර්‍ථය සමග අත්‍ර්‍ථය, බ්‍යඤ්ජනය සමග බ්‍යඤ්ජනය, යම් මේ නිවණෙක්හි සංසන්දනය වන්නේද, සමාන වන්නේද, විරුද්ධ නොවන්නේද, ආයුෂ්මත්නි, මෙය ආශ්චර්‍ය්‍යය, මෙය අද්භූතයයි කීයේය.
|
8. මනසිකාරසුත්තං | 8. අමනසිකරණසමාධි සූත්‍රය |
8
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච -
‘‘සියා
‘‘සියා, ආනන්ද, භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා න චක්ඛුං මනසි කරෙය්ය, න රූපං මනසි කරෙය්ය, න සොතං මනසි කරෙය්ය, න සද්දං මනසි කරෙය්ය, න ඝානං මනසි කරෙය්ය, න ගන්ධං මනසි කරෙය්ය, න ජිව්හං මනසි කරෙය්ය, න රසං මනසි කරෙය්ය, න කායං මනසි කරෙය්ය, න ඵොට්ඨබ්බං මනසි කරෙය්ය, න පථවිං මනසි කරෙය්ය, න ආපං මනසි කරෙය්ය, න තෙජං මනසි
‘‘යථා කථං පන, භන්තෙ, සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා න චක්ඛුං මනසි කරෙය්ය, න රූපං මනසි කරෙය්ය... යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං
‘‘ඉධානන්ද, භික්ඛු එවං මනසි කරොති - ‘එතං සන්තං එතං පණීතං, යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හාක්ඛයො විරාගො නිරොධො නිබ්බාන’න්ති. එවං ඛො, ආනන්ද, සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා න චක්ඛුං මනසි කරෙය්ය, න රූපං මනසි කරෙය්ය...පෙ.... යම්පිදං
|
8
එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය. “ස්වාමීනි, යම් සේ ඇස මෙනෙහි නොකරන්නේද, රූපය මෙනෙහි නොකරන්නේද, කණ මෙනෙහි නොකරන්නේද, ශබ්දය මෙනෙහි නොකරන්නේද, නාසය මෙනෙහි නොකරන්නේද, ගඳ මෙනෙහි නොකරන්නේද, දිව මෙනෙහි නොකරන්නේද, රස මෙනෙහි නොකරන්නේද, කය මෙනෙහි නොකරන්නේද, ස්පර්ශ කළ යුත්ත මෙනෙහි නොකරන්නේද, පෘථිවිය මෙනෙහි නොකරන්නේද, ජලය මෙනෙහි නොකරන්නේද, තෙජස මෙනෙහි නොකරන්නේද, වාතය මෙනෙහි නොකරන්නේද, ආකාශානඤ්චායතනය මෙනෙහි නොකරන්නේද, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නොකරන්නේද, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නොකරන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නොකරන්නේද, මෙලොව උපදනා ධ්‍යානය මෙනෙහි නොකරන්නේද, පරලොව උපදනා ධ්‍යානය මෙනෙහි නොකරන්නේද, දක්නා ලදය, අසන ලදය, ස්පර්ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් ඇද්ද, එයද මෙනෙහි නොකරන්නේද, එතකුදු වුවත් මෙනෙහි කරන්නේත් වන්නේද, එබඳුවූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුහට වන්නේදැ” යි ඇසීය.
“ආනන්දය, යම් සේ ඇස මෙනෙහි නොකරන්නේද, රූපය මෙනෙහි නොකරන්නේද, කණ මෙනෙහි නොකරන්නේද, ශබ්දය මෙනෙහි නොකරන්නේද, නාසය මෙනෙහි නොකරන්නේද, ගඳ මෙනෙහි නොකරන්නේද, දිව මෙනෙහි නොකරන්නේද, රසය මෙනෙහි නොකරන්නේද, කය මෙනෙහි නොකරන්නේද, ස්පර්ශ කළ යුත්ත මෙනෙහි නොකරන්නේද, පෘථිවිය මෙනෙහි නොකරන්නේද, ජලය මෙනෙහි නොකරන්නේද, තෙජස මෙනෙහි නොකරන්නේද, වාතය මෙනෙහි නොකරන්නේද, ආකාශානඤ්චායතනය මෙනෙහි නොකරන්නේද, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නොකරන්නේද, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නොකරන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නොකරන්නේද, මෙලොව උපදනා ධ්‍යානය මෙනෙහි නොකරන්නේද, පරලොව උපදනා ධ්‍යානය මෙනෙහි නොකරන්නේද, දක්නා ලදය, අසන ලදය, ස්පර්ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් ඇද්ද, එයද මෙනෙහි නොකරන්නේද, එතකුදු වුවත් මෙනෙහි කරන්නේත් වන්නේද, එබඳුවූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුහට වන්නේය” යි වදාළ සේක.
“ස්වාමීනි, යම් සේ ඇස මෙනෙහි නොකරන්නේද, රූපය මෙනෙහි නොකරන්නේද, කණ මෙනෙහි නොකරන්නේද, ශබ්දය මෙනෙහි නොකරන්නේද, නාසය මෙනෙහි නොකරන්නේද, ගඳ මෙනෙහි නොකරන්නේද, දිව මෙනෙහි නොකරන්නේද, රස මෙනෙහි නොකරන්නේද, කය මෙනෙහි නොකරන්නේද, ස්පර්ශ කළ යුත්ත මෙනෙහි නොකරන්නේද, පෘථිවිය මෙනෙහි නොකරන්නේද, ජලය මෙනෙහි නොකරන්නේද, තෙජස මෙනෙහි නොකරන්නේද, වාතය මෙනෙහි නොකරන්නේද, ආකාශානඤ්චායතනය මෙනෙහි නොකරන්නේද, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නොකරන්නේද, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නොකරන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නොකරන්නේද, මෙලොව උපදනා ධ්‍යානය මෙනෙහි නොකරන්නේද, පරලොව උපදනා ධ්‍යානය මෙනෙහි නොකරන්නේද, දක්නා ලදය, අසන ලදය, ස්පර්ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් ඇද්ද, එයද මෙනෙහි නොකරන්නේද, එතකුදු වුවත් මෙනෙහි කරන්නේත් වන්නේද, එබඳුවූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුහට ඒ කෙසේ නම් වන්නේදැ” යි ඇසීය.
“ආනන්දය, මේ ශාසනයෙහි භික්ෂුතෙම යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීම් ඇත්තාවූ, සියලු කෙළෙසුන්ගේ දුරලීම ඇත්තාවූ, තෘෂ්ණාවගේ ක්ෂය කිරීම ඇත්තාවූ, නො ඇල්ම ඇත්තාවූ, නිරුද්ධවීම ඇත්තාවූ නිවණක් වේ. මෙය ශාන්තය, මෙය ප්‍රණීතයයි මෙසේ මෙනෙහි කරයි. ආනන්දය, යම් සේ ඇස මෙනෙහි නොකරන්නේද, රූපය මෙනෙහි නොකරන්නේද, කණ මෙනෙහි නොකරන්නේද, ශබ්දය මෙනෙහි නොකරන්නේද, නාසය මෙනෙහි නොකරන්නේද, ගඳ මෙනෙහි නොකරන්නේද, දිව මෙනෙහි නොකරන්නේද, රස මෙනෙහි නොකරන්නේද, කය මෙනෙහි නොකරන්නේද, ස්පර්ශ කළ යුත්ත මෙනෙහි නොකරන්නේද, පෘථිවිය මෙනෙහි නොකරන්නේද, ජලය මෙනෙහි නොකරන්නේද, තෙජස මෙනෙහි නොකරන්නේද, වාතය මෙනෙහි නොකරන්නේද, ආකාශානඤ්චායතනය මෙනෙහි නොකරන්නේද, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නොකරන්නේද, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නොකරන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නොකරන්නේද, මෙලොව උපදනා ධ්‍යානය මෙනෙහි නොකරන්නේද, පරලොව උපදනා ධ්‍යානය මෙනෙහි නොකරන්නේද, දක්නා ලදය, අසන ලදය, ස්පර්ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් ඇද්ද, එයද මෙනෙහි නොකරන්නේද, එතකුදු වුවත් මෙනෙහි කරන්නේත් වන්නේද, මෙසේ වනාහි භික්ෂුහට එබඳුවූ සමාධි ප්‍රතිලාභයක් වන්නේය” යි වදාළ සේක.
|
9. සද්ධසුත්තං | 9. ආජානීයඣායින සූත්‍රය |
9
එකං සමයං භගවා නාතිකෙ විහරති ගිඤ්ජකාවසථෙ
‘‘ආජානීයඣායිතං ඛො, සද්ධ, ඣාය; මා ඛළුඞ්කඣායිතං
(ආජානීයජ්ඣායිතං ඛො සද්ධ ඣායථ, මා ඛළුඞ්කජ්ඣායිතං (සී. පී.)). කථඤ්ච, ඛළුඞ්කඣායිතං හොති? අස්සඛළුඞ්කො හි
‘‘කථඤ්ච
‘‘නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම;
යස්ස තෙ නාභිජානාම, යම්පි නිස්සාය ඣායසී’’ති.
එවං වුත්තෙ ආයස්මා සද්ධො භගවන්තං එතදවොච - ‘‘කථං ඣායී පන, භන්තෙ, භද්රො පුරිසාජානීයො
(පුරිසාජානීයො ඣායති, සො (සී. ස්‍යා. පී.), පුරිසාජානීයො, සො (ක.)) නෙව පථවිං නිස්සාය ඣායති, න ආපං නිස්සාය ඣායති, න තෙජං නිස්සාය ඣායති, න වායං නිස්සාය ඣායති, න ආකාසානඤ්චායතනං නිස්සාය ඣායති, න විඤ්ඤාණඤ්චායතනං නිස්සාය ඣායති, න ආකිඤ්චඤ්ඤායතනං නිස්සාය ඣායති, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නිස්සාය ඣායති, න ඉධලොකං නිස්සාය ඣායති
‘‘නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම;
යස්ස තෙ නාභිජානාම, යම්පි නිස්සාය ඣායසී’’ති.
‘‘ඉධ, සද්ධ, භද්රස්ස පුරිසාජානීයස්ස පථවියං පථවිසඤ්ඤා විභූතා හොති, ආපස්මිං ආපොසඤ්ඤා
‘‘නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම;
යස්ස තෙ නාභිජානාම, යම්පි නිස්සාය ඣායසී’’ති. නවමං;
|
9
“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදික නම් ගම ගිජ්ඣාවසථ නම් ප්‍රාසාදයෙක්හි (ගඩොළු ගෙයක) වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් සන්ධ නම් ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් සන්ධ ස්ථවිරයන්ට මෙය වදාළ සේක.
“සන්‍ධය, කාරණා කාරණා දත් ආජානීය සෛන්ධවයකු සිතන පරිද්දෙන් වනාහි සිතව. කොටළුවෙකු සිතන පරිද්දෙන් නොසිතව. සන්‍ධය, කොටළුවාගේ සිතීම කෙසේ නම් වේද,
“සන්‍ධය, අස්සඛඵංඞ්කතෙම (කොටළුවා) වනාහි යවවී ඔරුව සමීපයෙහි බඳනා ලද්දේ, ‘යව ඇත, යව ඇතැ’ යි සිතයි. ඊට හේතු කවරේද? සන්‍ධය, යවවී ඔරුව සමීපයෙහි බඳනා ලද, කොටළුවාට මෙබඳු සිතක් නොමවේ. (අද මට අශ්වයන් හික්මවන අස් ගොව්වා කිනම් කාරණයක් කරන්නේද? මම ඔහුට කුමක් විරුද්ධව කරම්දැයි කියාය. හෙතෙම ඔරුව සමීපයෙහි බඳනා ලද්දේ, ‘යව ඇත, යව ඇතැ’ යි සිතාද?
“සන්‍ධය, මෙපරිද්දෙන්ම මේ ශාසනයෙහි ඇතැම් මිනිස් කොටළුවෙක් තෙම වනයට ගියේද, ගසක් මුලට ගියේද, හිස් ගෙයතට ගියේද, කාම රාගයෙන් පෙළුණාවූ, කාම රාගයෙන් මඩනා ලද සිතින් යුක්තව වාසය කරයි. උපන්නාවූද කාම රාගයාගේ දුරු කිරීම තත්වූ පරිද්දෙන් නොදනියි. හෙතෙම කාම රාගයම ඇතුළත්කොට සිතයි. නොයෙක් ආකාරයෙන් සිතයි. නිරතුරු සිතයි. නැවත නැවත සිතයි. ව්‍යාපාදයෙන් මඩනා ලද සිතින් යුක්තව වාසය කරයි. ථීනම්ද්‍ධයෙන් මඩනා ලද සිතින් යුක්තව වාසය කරයි. උද්ධච්චකුක්කුච්චයෙන් මඩනා ලද සිතින් යුක්තව වාසය කරයි. විචිකිච්ඡාවෙන් පෙළුනාවූ, විචිකිච්ඡාවෙන් මඩනා ලද සිතින් යුක්තව වාසය කරයි. උපන්නාවූ විචිකිච්ඡාවගේද, දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනියි. හෙතෙම විචිකිච්ඡාවට ඇතුළත්කොට සිතයි. නොයෙක් ආකාරයෙන් සිතයි. නිරන්තරයෙන් සිතයි. නැවත නැවත සිතයි. හෙතෙම පෘථිවියද ඇසුරුකොට සිතයි. ජලයද ඇසුරුකොට සිතයි. තෙජසද ඇසුරුකොට සිතයි. වාතයද ඇසුරුකොට සිතයි. ආකාශානඤ්චායතනයද ඇසුරුකොට සිතයි. විඤ්ඤාණඤ්චායතනයද ඇසුරුකොට සිතයි. ආකිඤ්චඤ්ඤායතනයද ඇසුරුකොට සිතයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයද ඇසුරුකොට සිතයි. මෙලොව උපදනා ධ්‍යානයද ඇසුරුකොට සිතයි. පරලොව උපදනා ධ්‍යානයද ඇසුරුකොට සිතයි. දක්නා ලදය, අසන ලදය, ස්පර්ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් ඇද්ද, එයද ඇසුරුකොට සිතයි. සන්‍ධය, මෙසේ වනාහි මිනිස් කොටළුවාගේ සිතීම වේ.
“සන්‍ධය, කෙසේ නම් ආජානීය සෛන්ධවයාගේ සිතීම වේද? සන්‍ධය, යහපත්වූ ආජානීය අශ්ව තෙම වනාහි යවවී ඔරුව සමීපයෙහි බඳනා ලද්දේ, ‘යව ඇත, යව ඇතැ’ යි නොසිතයි. ඊට හේතු කවරේද? සන්‍ධය, යවවී ඔරුව සමීපයෙහි බඳනා ලද යහපත් ආජානීය අශ්වයාට මෙබඳු සිතක් වෙයි. ‘අද මට අශ්වදම්මසාරථී (අසුන් හික්මවන්නා) තෙම කිනම් කාරණයක් කරන්නේද, මම ඔහුට කිනම් ප්‍රතික්‍රියාවක් කරම්ද’ කියායි. හෙතෙම ඔරුව සමීපයෙහි බඳනා ලද්දේ, ‘යව ඇත, යව ඇතැ’ යි නොසිතයි. සන්‍ධය, යහපත්වූ ආජානීය අශ්වතෙම වනාහි කය යම්සේද, බැඳීම යම් සේද, පිරිහීම යම් සේද, අපරාධය යම් සේද, එපරිද්දෙන් කෙවිටි මෙහෙයීම දකියිද,
“සන්‍ධය, එපරිද්දෙන්ම යහපත්වූ පුරුෂාජානීය තෙම වනයට ගියේද, ගසක් මුලකට ගියේද, හිස් ගෙයකට ගියේද, කාම රාගයෙන් (කැමැත්තට ඇලීමෙන්) පෙළුනාවූ, කාම රාගයෙන් මඩනා ලද සිතින් යුක්තව වාසය නොකරයි. උපන්නාවූද කාමරාගයාගේ දුරුකිරීම තත්වු පරිද්දෙන්ම දැනගනියි. ව්‍යාපාදයෙන් (ක්‍රෝධයෙන්) මඩනා ලද සිතින් යුක්තව වාසය නොකරයි. ථීනම්ද්‍ධයෙන් (අලසකමින් හා නිදිමතින්) මඩනා ලද සිතින් යුක්තව වාසය නොකරයි. උද්ධච්චකුක්කුච්චයෙන් (සිත නොසන්සුන්කමින් හා පසුතැවිල්ලෙන්) මඩනා ලද සිතින් යුක්තව වාසය නොකරයි. විචිකිච්ඡාවෙන් (සැකයෙන්) පෙළුනාවූ, විචිකිච්ඡාවෙන් මඩනා ලද සිතින් යුක්තව වාසය නොකරයි. උපන්නාවූද විචිකිච්ඡාවගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් දැන ගනියි.
“හෙතෙම පෘථිවිය ඇසුරුකොට නොම සිතයි. ජලය ඇසුරුකොට නොසිතයි. තෙජස ඇසුරුකොට නොසිතයි. වාතය ඇසුරුකොට නොසිතයි. ආකාශානඤ්චායතනය ඇසුරුකොට නොසිතයි. විඤ්ඤාණඤ්චායතනය ඇසුරුකොට නොසිතයි. ආකිඤ්චඤ්ඤායතනය ඇසුරුකොට නොසිතයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඇසුරුකොට නොසිතයි. මෙලොව උපදනා ධ්‍යානය ඇසුරුකොට නොසිතයි. පරලොව උපදනා ධ්‍යානය ඇසුරුකොට නොසිතයි. දක්නා ලදය, අසන ලදය, ස්පර්ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් ඇද්ද, එයද ඇසුරුකොට නොසිතයි. එතකුදු වුවත් සිතන්නේද වෙයි. සන්‍ධය, මෙසේ සිතන්නාවූද යහපත්වූ පුරුෂාජානීයාට වනාහි ශක්‍රයා සහිතවූ, බ්‍රහ්මයා සහිතවූ, ප්‍රජාපති සහිතවූ, දෙවියෝ දුර සිටම නමස්කාර කරත්. ‘යමකුන් ඇසුරුකොට ධ්‍යාන කරන්නෙහිදැයි, යම්බඳුවූ නුඹ වහන්සේ ගේ ධ්‍යානය නොදනිම්ද, පුරුෂාජානීයයන් වහන්ස, ඒ ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා. පුරුෂොත්තමයන් වහන්ස, නුඹ වහන්සේට අපගේ නමස්කාරය වේවා” කියායි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සන්ධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ‘ස්වාමීනි කෙසේ නම් ධ්‍යාන කරන්නාවූ යහපත්වූ පුරුෂාජානීය තෙම ධ්‍යාන කෙරේද, හෙතෙම පෘථිවිය ඇසුරුකොට නොම ධ්‍යාන කෙරේද, ජලය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, තෙජස ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, වාතය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, ආකාශානඤ්චායතනය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, විඤ්ඤාණඤ්චායතනය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, ආකිඤ්චඤ්ඤායතනය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, මෙලොව උපදනා ධ්‍යානය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, පරලොව උපදනා ධ්‍යානය ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, දක්නා ලදය, අසන ලදය, ස්පර්ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් ඇද්ද, එයද ඇසුරුකොට ධ්‍යාන නොකෙරේද, එතකුදු වුවත් ධ්‍යාන කරන්නේ වේද, ස්වාමීනි, කෙසේ ධ්‍යාන කරන්නාවූ යහපත්වූ පුරුෂාජානීයාට වනාහි ශක්‍රයා සහිතවූ, බ්‍රහ්මයා සහිතවූ, ප්‍රජාපති සහිතවූ, දෙවියෝ දුර සිටම නමස්කාර කෙරෙද්ද, ‘යමකුන් ඇසුරුකොට ධ්‍යාන කරන්නෙහියයි, යම්බඳුවූ ඔබ වහන්සේගේ ධ්‍යානය නොදනිම්ද, පුරුෂාජානීයය, ඒ නුඹ වහන්සේට අපගේ නමස්කාරය වේවා. පුරුෂොත්තමය, ඔබට නමස්කාරය වේවා” කියායි.
“සන්‍ධය, මේ ශාසනයෙහි යහපත්වූ පුරුෂාජානීයයාහට පෘථිවියෙහි පෘථිවි සංඥා තොමෝ ප්‍රකට වේ. ජලයෙහි ජලය යන සංඥා තොමෝ ප්‍රකට වේ. තෙජසෙහි තේජස් යන සංඥා තොමෝ ප්‍රකට වේ. වායුවෙහි වායෝ යන සංඥා තොමෝ ප්‍රකට වේ. ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥා තොමෝ ප්‍රකට වේ. විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥා තොමෝ ප්‍රකට වේ. ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥා තොමෝ ප්‍රකට වේ. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා තොමෝ ප්‍රකට වේ. මෙලොව උපදනා ධ්‍යානයෙහි මෙලොව උපදනා ධ්‍යාන සංඥා තොමෝ ප්‍රකට වේ. පරලොව උපදනා ධ්‍යානයෙහි පරලොව උපදනා ධ්‍යාන සංඥා තොමෝ ප්‍රකට වේ. දක්නා ලදය, අසන ලදය, ස්පර්ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් ඇද්ද, එහිදු සංඥා තොමෝ ප්‍රකට වේ.
“සන්‍ධය, මෙසේ ධ්‍යාන කරන්නාවූම යහපත්වූ පුරුෂාජානීය තෙම පෘථිවිය ඇසුරුකොට නොම ධ්‍යාන කරයි. ජලය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. තෙජස ඇසුරුකොට ධ්‍යාන නොකරයි. වාතය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. ආකාශානඤ්චායතනය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. විඤ්ඤාණඤ්චායතනය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. ආකිඤ්චඤ්ඤායතනය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. මෙලොව උපදනා ධ්‍යානය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. පරලොව උපදනා ධ්‍යානය ඇසුරුකොට ධ්‍යාන නොකරයි. දක්නා ලදය, අසන ලදය, ස්පර්ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් ඇද්ද, එයද ඇසුරුකොට ධ්‍යාන නොකරයි. එතකුදු වුවත් ධ්‍යාන කරන්නේද වෙයි. සන්‍ධය, මෙසේ ධ්‍යාන කරන්නාවූද යහපත්වූ පුරුෂාජානීයාට වනාහි ශක්‍රයා සහිතවූ, බ්‍රහ්මයා සහිතවූ, ප්‍රජාපතියා සහිතවූ, දෙවියෝ දුර සිටම නමස්කාර කරත්.
“යමකුන් ඇසුරුකොට ධ්‍යාන කරන්නෙහියයි, යම්බඳුවූ ඔබගේ ධ්‍යානය නොදනිමුද, පුරුෂාජානීයය, ඒ ඔබට නමස්කාර වේවා. පුරුෂොත්තමය, ඒ ඔබ නමස්කාර වේවා”.
|
10. මොරනිවාපසුත්තං | 10. චොරනිවාප සූත්‍රය |
10
එකං සමයං භගවා රාජගහෙ විහරති මොරනිවාපෙ පරිබ්බාජකාරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති
‘‘තීහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං. කතමෙහි තීහි? අසෙඛෙන සීලක්ඛන්ධෙන, අසෙඛෙන සමාධික්ඛන්ධෙන
‘‘අපරෙහිපි, භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං. කතමෙහි තීහි
‘‘අපරෙහිපි, භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං. කතමෙහි තීහි? සම්මාදිට්ඨියා, සම්මාඤාණෙන, සම්මාවිමුත්තියා - ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං.
‘‘ද්වීහි
‘‘ඛත්තියො සෙට්ඨො ජනෙතස්මිං, යෙ ගොත්තපටිසාරිනො;
විජ්ජාචරණසම්පන්නො, සො සෙට්ඨො දෙවමානුසෙ’’ති
(දී. නි. 1.277; සං. නි. 1.182; 2.245).
‘‘සා ඛො පනෙසා, භික්ඛවෙ, සනඞ්කුමාරෙන ගාථා භාසිතා සුභාසිතා, නො දුබ්භාසිතා; අත්ථසංහිතා
‘‘ඛත්තියො
විජ්ජාචරණසම්පන්නො, සො සෙට්ඨො දෙවමානුසෙ’’ති. දසමං;
|
10
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර චොරනිවාප නම්වූ පිරිවැජි ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි,’ කියා භික්ෂූන්ට අඬගා වදාළ සේක. ‘කිමෙක්ද? පින්වතුන් වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ධර්ම තුනකින් යුක්තවූ භික්ෂු තෙම ඒකාන්ත නිෂ්ටා ඇත්තේ, ඒකාන්ත යෝගක්ෂෙම (බැඳුම්වලින් නිදහස) ඇත්තේ, ඒකාන්ත බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ, ඒකාන්ත කෙළවර ඇත්තේ, දෙවි මිනිසුන්ට උතුම්වූයේ වෙයි. කවර ධර්ම තුනකින්ද යත්? හික්මී අවසන් ශීලස්කන්ධයෙන්ද, හික්මී අවසන් සමාධි ස්කන්ධයෙන්ද, හික්මී අවසන් ප්රඥාස්කන්ධයෙන්ද යන තුනෙනි. මහණෙනි, ධර්ම තුනකින් යුක්තවූ භික්ෂු තෙම ඒකාන්ත නිෂ්ටා ඇත්තේ, ඒකාන්ත යෝගක්ෂෙම (බැඳුම්වලින් නිදහස) ඇත්තේ, ඒකාන්ත බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ, ඒකාන්ත කෙළවර ඇත්තේ, දෙවි මිනිසුන්ට උතුම්වූයේ වෙයි.
“මහණෙනි, අනිකුදු ධර්ම තුනකින් යුක්තවූ භික්ෂුතෙම ඒකාන්ත නිෂ්ටා ඇත්තේ, ඒකාන්ත යෝගක්ෂෙම ඇත්තේ, ඒකාන්ත බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ, ඒකාන්ත පර්‍ය්‍යවසාන (කෙළවර) ඇත්තේ, දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨවූයේ වෙයි. කවර ධර්ම තුනකින්ද යත්? ඎද්ධි ප්‍රාතිහාර්‍ය්‍යයෙන්ද, ආදේශනා (ප්‍රකාශකිරීමේ)ප්‍රාතිහාර්‍ය්‍යයෙන්ද, අනුශාසනී ප්‍රාතිහාර්‍ය්‍යයෙන්ද, යන තුනෙනි. මහණෙනි, මේ ධර්ම තුනකින් යුක්තවූ භික්ෂුතෙම ඒකාන්ත නිෂ්ටා ඇත්තේ, ඒකාන්ත යෝගක්ෂෙම ඇත්තේ, ඒකාන්ත බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ, ඒකාන්ත පර්‍ය්‍යවසාන (කෙළවර) ඇත්තේ, දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨවූයේ වෙයි.
“මහණෙනි, අනිකුදු ධර්ම තුනකින් යුක්තවූ භික්ෂුතෙම ඒකාන්ත නිෂ්ටා ඇත්තේ, ඒකාන්ත යෝගක්ෂෙම ඇත්තේ, ඒකාන්ත බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ, ඒකාන්ත පර්‍ය්‍යවසාන ඇත්තේ, දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨවූයේ වෙයි. කවර තුනකින්ද යත්? සම්‍යක් දෘෂ්ටියෙන්ද, සම්‍යක් ඥානයෙන්ද, සම්‍යක් විමුක්තියෙන්ද යන තුනෙනි. මහණෙනි, මේ ධර්ම තුනකින් යුක්තවූ භික්ෂුතෙම ඒකාන්ත නිෂ්ටා ඇත්තේ, ඒකාන්ත යෝගක්ෂෙම ඇත්තේ, ඒකාන්ත බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ, ඒකාන්ත පර්‍ය්‍යවසාන ඇත්තේ, දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨවූයේ වෙයි.
“මහණෙනි, ධර්ම දෙකකින් යුක්තවූ භික්ෂුතෙම ඒකාන්ත නිෂ්ටා ඇත්තේ, ඒකාන්ත යෝගක්ෂෙම ඇත්තේ, ඒකාන්ත බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ, ඒකාන්ත පර්‍ය්‍යවසාන ඇත්තේ, දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨවූයේ වෙයි. කවර ධර්ම දෙකකින්ද යත්? විද්‍යායෙන්ද, චරණයෙන්ද යන දෙකෙනි. මහණෙනි, මේ ධර්ම දෙකකින් යුක්තවූ භික්ෂුතෙම ඒකාන්ත නිෂ්ටා ඇත්තේ, ඒකාන්ත යෝගක්ෂෙම ඇත්තේ, ඒකාන්ත බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ, ඒකාන්ත පර්‍ය්‍යවසාන ඇත්තේ, දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨවූයේ වෙයි.
“මහණෙනි, සනත්කුමාර නම්වූ බ්‍රහ්මයා විසින්ද මේ ගාථාව කියන ලදී.
“ජන සමූහයා අතර යම් කෙනෙක ගොත්‍ර නාමය අස්වන්නාහුද, ඔවුන්ගෙන් ක්ෂත්රිය තෙමෙ ශ්‍රේෂ්ඨ වේ. යමෙක් අෂ්ටවිද්‍යාවෙන් හා පසලොස් චරණ ධර්මයෙන් යුක්තවේද, දෙවි මිනිසුන් අතර හෙතෙම උතුම් වේය” යි.
“මහණෙනි, ඒ මේ ගාථාව වනාහි සනත්කුමාර නම්වූ බ්‍රහ්මයා විසින් යහපත්කොට කියන ලද්දීය. අයහපත්කොට කියන ලද්දී නොවෙයි. යහපත්කොට ගයන ලද්දීය. අයහපත්කොට ගයන ලද්දී නොවෙයි. අත්‍ර්‍ථයෙන් යුක්තවූවාය. අනත්ර්ථයෙන් යුක්තවූවක් නොවෙයි. මා විසින් අනුමත කරණ ලද්දීය. මහණෙනි, මමද මෙසේ කියමි.
“ජන සමූහයා අතර කෙනෙක් ගොත්‍ර නාමය අස්වන්නාහුද, ක්ෂත්රියතෙම ශ්‍රේෂ්ඨ වේ. යමෙක් අෂ්ට විද්‍යාවෙන් හා පසලොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවේද, හෙතෙම දෙවි මිනිසුන් අතර ශ්රෙෂ්ටවේයයි වදාල සේක.
|