ත්‍රිපිටකය
(17) 2. ජාණුස්සොණිවග්ගො (17) 2. යමක වර්‍ගය
1. බ්‍රාහ්මණපච්චොරොහණීසුත්තං 1. පච්චොරොහණි සූත්‍රය
2. අරියපච්චොරොහණීසුත්තං 2. අරිය පච්චොරොහණී සූත්‍රය
3. සඞ්ගාරවසුත්තං 3. සඞ්ගාරව ඔරපාර සූත්‍රය
4. ඔරිමසුත්තං 4. ඔරිම පාරිමතීර සූත්‍රය
5. පඨමඅධම්මසුත්තං 5. අධම්මානත්‍ථ සූත්‍රය
6. දුතියඅධම්මසුත්තං 6. අධම්මා ධම්ම සූත්‍රය
7. තතියඅධම්මසුත්තං 7. අත්‍ථානත්‍ථ සූත්‍රය
8. කම්මනිදානසුත්තං 8. තිවිධ පාණාතිපාත සූත්‍රය
174
‘‘පාණාතිපාතම්පාහං, භික්ඛවෙ, තිවිධං වදාමි - ලොභහෙතුකම්පි, දොසහෙතුකම්පි, මොහහෙතුකම්පි.
‘‘අදින්නාදානම්පාහං , භික්ඛවෙ, තිවිධං වදාමි - ලොභහෙතුකම්පි, දොසහෙතුකම්පි, මොහහෙතුකම්පි.
‘‘කාමෙසුමිච්ඡාචාරම්පාහං, භික්ඛවෙ, තිවිධං වදාමි - ලොභහෙතුකම්පි, දොසහෙතුකම්පි, මොහහෙතුකම්පි.
‘‘මුසාවාදම්පාහං, භික්ඛවෙ, තිවිධං වදාමි - ලොභහෙතුකම්පි, දොසහෙතුකම්පි, මොහහෙතුකම්පි.
‘‘පිසුණවාචම්පාහං, භික්ඛවෙ, තිවිධං වදාමි - ලොභහෙතුකම්පි, දොසහෙතුකම්පි, මොහහෙතුකම්පි.
‘‘ඵරුසවාචම්පාහං, භික්ඛවෙ, තිවිධං වදාමි - ලොභහෙතුකම්පි, දොසහෙතුකම්පි, මොහහෙතුකම්පි.
‘‘සම්ඵප්පලාපම්පාහං, භික්ඛවෙ, තිවිධං වදාමි - ලොභහෙතුකම්පි, දොසහෙතුකම්පි, මොහහෙතුකම්පි.
‘‘අභිජ්ඣම්පාහං , භික්ඛවෙ, තිවිධං වදාමි - ලොභහෙතුකම්පි, දොසහෙතුකම්පි, මොහහෙතුකම්පි.
‘‘බ්‍යාපාදම්පාහං, භික්ඛවෙ, තිවිධං වදාමි - ලොභහෙතුකම්පි, දොසහෙතුකම්පි, මොහහෙතුකම්පි.
‘‘මිච්ඡාදිට්ඨිම්පාහං, භික්ඛවෙ , තිවිධං වදාමි - ලොභහෙතුකම්පි, දොසහෙතුකම්පි, මොහහෙතුකම්පි. ඉති ඛො, භික්ඛවෙ, ලොභො කම්මනිදානසම්භවො, දොසො කම්මනිදානසම්භවො, මොහො කම්මනිදානසම්භවො. ලොභක්ඛයා කම්මනිදානසඞ්ඛයො, දොසක්ඛයා කම්මනිදානසඞ්ඛයො, මොහක්ඛයා කම්මනිදානසඞ්ඛයො’’ති. අට්ඨමං.
174
“මහණෙනි, මම සතුන් මැරීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි.
“නුදුන් දෙය ගැනීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. කාමයන්හි වැරදි හැසිරීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. බොරු කීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. කේළාම් කීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. පරුෂ වචන කීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. හිස් වචන කීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. දැඩි ලෝබකමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. ක්‍රෝධයද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. වැරැදි දැකීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි.
“මහණෙනි, මෙසේ වනාහි ලෝභය කර්මයන්ට මුල්වේ. ද්වේෂය කර්මයන්ට මුල්වේ. මෝහය කර්මයන්ට මුල්වේ.
“ලෝභය නැතිවීමෙන් කර්මයන්ගේ මුල නැතිවිම වේ. ද්වේෂය නැතිවීමෙන් කර්මයන්ගේ මුල නැතිවිම වේ. මෝහය නැතිවීමෙන් කර්මයන්ගේ මුල නැතිවිම වේ” යයි වදාළ සේක.
9. පරික්කමනසුත්තං 9. සපරික්කමන ධම්ම සූත්‍රය
10. චුන්දසුත්තං 10. චුන්‍දසොචෙය්‍ය සූත්‍රය
11. ජාණුස්සොණිසුත්තං 11. (ජානුස්සෝණී) පෙතදාන සූත්‍රය