ත්‍රිපිටකය
(17) 2. ජාණුස්සොණිවග්ගො (17) 2. යමක වර්‍ගය
1. බ්‍රාහ්මණපච්චොරොහණීසුත්තං 1. පච්චොරොහණි සූත්‍රය
2. අරියපච්චොරොහණීසුත්තං 2. අරිය පච්චොරොහණී සූත්‍රය
3. සඞ්ගාරවසුත්තං 3. සඞ්ගාරව ඔරපාර සූත්‍රය
4. ඔරිමසුත්තං 4. ඔරිම පාරිමතීර සූත්‍රය
5. පඨමඅධම්මසුත්තං 5. අධම්මානත්‍ථ සූත්‍රය
6. දුතියඅධම්මසුත්තං 6. අධම්මා ධම්ම සූත්‍රය
172
‘‘අධම්මො ච, භික්ඛවෙ, වෙදිතබ්බො ධම්මො ච; අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච. අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච, අනත්ථඤ්ච විදිත්වා අත්ථඤ්ච යථා ධම්මො යථා අත්ථො තථා පටිපජ්ජිතබ්බ’’න්ති. ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.
අථ ඛො තෙසං භික්ඛූනං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි - ‘‘ඉදං ඛො නො, ආවුසො, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො - ‘අධම්මො ච, භික්ඛවෙ, වෙදිතබ්බො ධම්මො ච; අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච. අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච, අනත්ථඤ්ච විදිත්වා අත්ථඤ්ච යථා ධම්මො යථා අත්ථො තථා පටිපජ්ජිතබ්බ’න්ති. කො නු ඛො ඉමස්ස භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්‍යා’’ති?
අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි - ‘‘අයං ඛො ආයස්මා මහාකච්චානො සත්ථු චෙව සංවණ්ණිතො, සම්භාවිතො ච විඤ්ඤූනං සබ්‍රහ්මචාරීනං. පහොති චායස්මා මහාකච්චානො ඉමස්ස භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යංනූන මයං යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමෙය්‍යාම; උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං එතමත්ථං පුච්ඡෙය්‍යාම. යථා නො ආයස්මා මහාකච්චානො බ්‍යාකරිස්සති තථා නං ධාරෙස්සාමා’’ති.
අථ ඛො තෙ භික්ඛූ යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා ආයස්මතා මහාකච්චානෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ ආයස්මන්තං මහාකච්චානං එතදවොචුං -
‘‘ඉදං ඛො නො, ආවුසො කච්චාන, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො - ‘අධම්මො ච, භික්ඛවෙ, වෙදිතබ්බො ධම්මො ච; අනත්ථො ච වෙදිතබ්බො අත්ථො ච. අධම්මඤ්ච විදිත්වා ධම්මඤ්ච, අනත්ථඤ්ච විදිත්වා අත්ථඤ්ච යථා ධම්මො යථා අත්ථො තථා පටිපජ්ජිතබ්බ’න්ති.
‘‘තෙසං නො, ආවුසො, අම්හාකං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි - ‘ඉදං ඛො නො, ආවුසො, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො - අධම්මො ච, භික්ඛවෙ...පෙ.... තථා පටිපජ්ජිතබ්බන්ති. කො නු ඛො ඉමස්ස භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්‍යා’ති?
‘‘තෙසං නො, ආවුසො, අම්හාකං එතදහොසි - ‘අයං ඛො ආයස්මා මහාකච්චානො සත්ථු චෙව සංවණ්ණිතො, සම්භාවිතො ච විඤ්ඤූනං සබ්‍රහ්මචාරීනං. පහොති චායස්මා මහාකච්චානො ඉමස්ස භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යංනූන මයං යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමෙය්‍යාම; උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං එතමත්ථං පටිපුච්ඡෙය්‍යාම. යථා නො ආයස්මා මහාකච්චානො බ්‍යාකරිස්සති තථා නං ධාරෙස්සාමා’ති. විභජතු ආයස්මා මහාකච්චානො’’ති.
‘‘සෙය්‍යථාපි, ආවුසො, පුරිසො සාරත්ථිකො සාරං ගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව මූලං අතික්කම්ම ඛන්ධං සාඛාපලාසෙ සාරං පරියෙසිතබ්බං මඤ්ඤෙය්‍ය. එවංසම්පදමිදං ආයස්මන්තානං සත්ථරි සම්මුඛීභූතෙ තං භගවන්තං අතිසිත්වා අම්හෙ එතමත්ථං පටිපුච්ඡිතබ්බං මඤ්ඤථ (මඤ්ඤෙථ (සී.), මඤ්ඤෙය්‍යාථ (ක.)). සො හාවුසො, භගවා ජානං ජානාති පස්සං පස්සති චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්‍රහ්මභූතො වත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා අමතස්ස දාතා ධම්මස්සාමී තථාගතො. සො චෙව පනෙතස්ස කාලො අහොසි යං තුම්හෙ භගවන්තංයෙව උපසඞ්කමිත්වා එතමත්ථං පටිපුච්ඡෙය්‍යාථ. යථා වො භගවා බ්‍යාකරෙය්‍ය තථා නං ධාරෙය්‍යාථා’’ති.
‘‘අද්ධා, ආවුසො කච්චාන, භගවා ජානං ජානාති පස්සං පස්සති චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්‍රහ්මභූතො වත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා අමතස්ස දාතා ධම්මස්සාමී තථාගතො. සො චෙව පනෙතස්ස කාලො අහොසි යං මයං භගවන්තංයෙව උපසඞ්කමිත්වා එතමත්ථං පටිපුච්ඡෙය්‍යාම. යථා නො භගවා බ්‍යාකරෙය්‍ය තථා නං ධාරෙය්‍යාම. අපි චායස්මා මහාකච්චානො සත්ථු චෙව සංවණ්ණිතො, සම්භාවිතො ච විඤ්ඤූනං සබ්‍රහ්මචාරීනං. පහොති චායස්මා මහාකච්චානො ඉමස්ස භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. විභජතායස්මා මහාකච්චානො අගරුං කරිත්වා’’ති.
‘‘තෙන හාවුසො, සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවං, ආවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො මහාකච්චානස්ස පච්චස්සොසුං. අථායස්මා මහාකච්චානො එතදවොච -
‘‘යං ඛො නො, ආවුසො, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො - ‘අධම්මො ච, භික්ඛවෙ, වෙදිතබ්බො...පෙ.... තථා පටිපජ්ජිතබ්බ’න්ති.
‘‘කතමො, චාවුසො, අධම්මො; කතමො ච ධම්මො? කතමො ච අනත්ථො, කතමො ච අත්ථො? ‘‘පාණාතිපාතො, ආවුසො, අධම්මො; පාණාතිපාතා වෙරමණී ධම්මො; යෙ ච පාණාතිපාතපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො; පාණාතිපාතා වෙරමණිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
‘‘අදින්නාදානං, ආවුසො, අධම්මො; අදින්නාදානා වෙරමණී ධම්මො; යෙ ච අදින්නාදානපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති , අයං අනත්ථො; අදින්නාදානා වෙරමණිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
‘‘කාමෙසුමිච්ඡාචාරො, ආවුසො, අධම්මො; කාමෙසුමිච්ඡාචාරා වෙරමණී ධම්මො; යෙ ච කාමෙසුමිච්ඡාචාරපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො; කාමෙසුමිච්ඡාචාරා වෙරමණිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
‘‘මුසාවාදො, ආවුසො, අධම්මො; මුසාවාදා වෙරමණී ධම්මො; යෙ ච මුසාවාදපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො; මුසාවාදා වෙරමණිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
‘‘පිසුණා වාචා, ආවුසො, අධම්මො; පිසුණාය වාචාය වෙරමණී ධම්මො; යෙ ච පිසුණාවාචාපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො; පිසුණාය වාචාය වෙරමණිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
‘‘ඵරුසා වාචා, ආවුසො, අධම්මො; ඵරුසාය වාචාය වෙරමණී ධම්මො; යෙ ච ඵරුසාවාචාපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො; ඵරුසාය වාචාය වෙරමණිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
‘‘සම්ඵප්පලාපො , ආවුසො, අධම්මො; සම්ඵප්පලාපා වෙරමණී ධම්මො; යෙ ච සම්ඵප්පලාපපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො; සම්ඵප්පලාපා වෙරමණිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
‘‘අභිජ්ඣා, ආවුසො, අධම්මො; අනභිජ්ඣා ධම්මො; යෙ ච අභිජ්ඣාපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො; අනභිජ්ඣාපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
‘‘බ්‍යාපාදො, ආවුසො, අධම්මො; අබ්‍යාපාදො ධම්මො; යෙ ච බ්‍යාපාදපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො; අබ්‍යාපාදපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
‘‘මිච්ඡාදිට්ඨි, ආවුසො, අධම්මො; සම්මාදිට්ඨි ධම්මො; යෙ ච මිච්ඡාදිට්ඨිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, අයං අනත්ථො; සම්මාදිට්ඨිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, අයං අත්ථො.
‘‘‘යං ඛො නො, ආවුසො, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො - අධම්මො ච, භික්ඛවෙ, වෙදිතබ්බො...පෙ.... තථා පටිපජ්ජිතබ්බ’න්ති. ඉමස්ස ඛො අහං, ආවුසො, භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි. ආකඞ්ඛමානා ච පන තුම්හෙ, ආවුසො, භගවන්තංයෙව උපසඞ්කමිත්වා එතමත්ථං පටිපුච්ඡෙය්‍යාථ. යථා නො භගවා බ්‍යාකරොති තථා නං ධාරෙය්‍යාථා’’ති.
‘‘එවමාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො මහාකච්චානස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමිංසු ; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං -
‘‘යං ඛො නො, භන්තෙ, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො - ‘අධම්මො ච, භික්ඛවෙ, වෙදිතබ්බො...පෙ.... තථා පටිපජ්ජිතබ්බ’න්ති.
‘‘තෙසං නො, භන්තෙ, අම්හාකං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි - ‘ඉදං ඛො නො, ආවුසො, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො - ‘අධම්මො ච, භික්ඛවෙ, වෙදිතබ්බො...පෙ.... තථා පටිපජ්ජිතබ්බ’න්ති. කො නු ඛො ඉමස්ස භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්‍යා’ති?
‘‘තෙසං නො, භන්තෙ, අම්හාකං එතදහොසි - ‘අයං ඛො ආයස්මා මහාකච්චානො සත්ථු චෙව සංවණ්ණිතො, සම්භාවිතො ච විඤ්ඤූනං සබ්‍රහ්මචාරීනං. පහොති චායස්මා මහාකච්චානො ඉමස්ස භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යංනූන මයං යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමෙය්‍යාම; උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං එතමත්ථං පටිපුච්ඡෙය්‍යාම. යථා නො ආයස්මා මහාකච්චානො බ්‍යාකරිස්සති තථා නං ධාරෙස්සාමා’ති.
‘‘අථ ඛො මයං, භන්තෙ, යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමිම්හා; උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං එතමත්ථං අපුච්ඡිම්හා. තෙසං නො, භන්තෙ, ආයස්මතා මහාකච්චානෙන ඉමෙහි අක්ඛරෙහි ඉමෙහි පදෙහි ඉමෙහි බ්‍යඤ්ජනෙහි අත්ථො සුවිභත්තො’’ති.
‘‘සාධු සාධු, භික්ඛවෙ! පණ්ඩිතො, භික්ඛවෙ, මහාකච්චානො. මහාපඤ්ඤො, භික්ඛවෙ, මහාකච්චානො. මං චෙපි තුම්හෙ, භික්ඛවෙ, උපසඞ්කමිත්වා එතමත්ථං පටිපුච්ඡෙය්‍යාථ, අහම්පි චෙතං එවමෙවං බ්‍යාකරෙය්‍යං යථා තං මහාකච්චානෙන බ්‍යාකතං. එසො චෙව තස්ස අත්ථො. එවඤ්ච නං ධාරෙය්‍යාථා’’ති. ඡට්ඨං.
172
“මහණෙනි, අධර්මයද දතයුතුය. ධර්මයද, අනර්ත්‍ථයද දතයුතුය. අර්ත්‍ථයද, අධර්මයද දැන, ධර්මයද, අනර්ත්‍ථයද දැන, අර්ත්‍ථයද දැන, අර්ත්‍ථය යම්සේද, ධර්මය යම්සේද, එසේ පිළිපැදිය යුතුය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා, හුනස්නෙන් නැගිට වෙහෙරට වැඩි සේක.
ඉක්බිති මේ ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ විසින්මද මනාව වර්ණනා කරන ලද්දේය. සම්භාවනා කරණ ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ විසින් විස්තර වශයෙන් අන්‍ර්‍ථය නොබෙදන ලද, කොටින් වදාරණ ලද ධර්‍මයෙහි විස්තර වශයෙන් නුවණැති සබ්‍රම්සරුන්ට අර්ථය බෙදා දක්වන්නට සුදුසුය. ඒකාන්තයෙන් අපි ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නමු. පැමිණ, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යෙහෙකැයි සිතූහ. අපට ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම්සේ ප්‍රකාශ කරන්නේද, එසේ අපි දරන්නෙමු’ යි කීවාහුය.
“ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවූවාහුය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක සිටි ඒ භික්‍ෂූහු, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේට, “ඇවැත්නි, මහාකච්චානයෙනි, අපට භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, අධර්මයද දතයුතුය. ධර්මයද දතයුතුය. අනර්ථයද, අර්ථයද දතයුතුය. අධර්මයද, ධර්මයද දැන, අනර්ථයද, අර්ථයද දැන, ධර්මය, අර්ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුයයි කොටින් වදාරා වදාරා විස්තර වශයෙන් අර්ථය නොබෙදා, ආසනයෙන් නැගිට විහාරයට ඇතුළුවූ සේකැ” යි කීවාහුය.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ වැඩ නොබෝ වේලාවකින් අපට, “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ධර්මයද, අධර්මයද දතයුතුයයි කොටින් වදාරා විස්තර වශයෙන් අර්ථය බෙදා නොදී, අස්නෙන් නැගිට, විහාරයට ඇතුළුවූ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් වදාරණ ලද, විස්තර වශයෙන් නොබෙදන ලද, මෙහි අර්ථය කවරෙක් විස්තර වශයෙන් බෙදන්නේදැ” යි මේ සිත විය.
“ඇවැත්නි, අපට මේ ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිර තෙමේ, භාග්‍යවතුන් වහන්සේ විසින්මද වර්ණනා කරණ ලදී. ප්‍රශංසා කරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දේශනා කරණ ලද, විස්තර වශයෙන් අර්ථය නොබෙදන ලද, ධර්මයෙහි අර්ථය නුවණැති සබ්‍රම්සරුන්ට විස්තර වශයෙන් බෙදන්නට සුදුසුය. ඒකාන්තයෙන් අපි ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නෙමු. පැමිණ, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යෙහෙකැ” යි සිතූහ. “ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ අපට ප්‍රකාශ කරන්නේ යම්සේද, එසේ අපි දරන්නෙමු’ යි කීවාහුය. ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ බෙදා දක්වන සේක්වා” යි කීහ.
“ඇවැත්නි, හරයෙන් ප්‍රයෝජන ඇති, හරය සොයන පුරුෂයෙක් යම් සේ හරය සෙවීමෙහි හැසිරෙන්නේ පවත්නාවූ, හර ඇත්තාවූ මහත් වෘක්‍ෂයක්හුගේ මුල ඉක්මවා, කඳ ඉක්මවා, අතුකොළ ඉක්මවා හරය සෙවීම යුතුකොට සිතන්නේය. මේ කාරණය එසේ දතයුතුයි. ආයුෂ්මතුන්ට බුදුන් හමුවෙහි ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා අපගෙන් මේ කාරණය ඇසිය යුතු කොට සිතව්ද. ඇවැත්නි, ඇසවූ, නුවණවූ, ධර්මයවූ, බ්‍රහ්මවූ, වාදීවූ, නියාමකවූ, අර්ථය තීරණය කරන්නාවූ, අමෘතය දෙන්නාවූ, ධර්මයට ස්වාමීවූ, තථාගතවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ දත යුත්ත දනී, දැක්ක යුත්ත දකී, තෙපි භාග්‍යවතුන් වහන්සේ කරාම පැමිණ මෙය විචාරන්නාහු නම්, එයට එම කාලය විය. අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔබහට ප්‍රකාශ කරන්නේ යම්සේද, එසේ එය දරව්” යයි කීයේය.
“ඇවැත්නි, මහාකච්චාන ස්ථවිරයෙනි, ඇසවූ, නුවණවූ, ධර්මයවූ, බ්‍රහ්මවූ, වාදීවූ, නියාමකවූ, අර්ථය තීරණය කරන්නාවූ, අමෘතය දෙන්නාවූ, ධර්ම ස්වාමීවූ, තථාගතවූ, භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් දත යුත්ත දනී, දැක්ක යුත්ත දකී, යම්බඳුවූ අපි භාග්‍යවතුන් වහන්සේ කරාම පැමිණ මෙයම විචාරන්නෙමු නම්, එයට මෙම කාලය විය. භාග්‍යවතුන් වහන්සේ අපට ප්‍රකාශ කරන්නේ යම්සේද, එය එසේ දරන්නෙමු.
“එතකුදු වුවත් ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින්මද මනාව වර්‍ණනා කරණ ලද්දේ, ප්‍රශංසා කරණ ලද්දේය. ආයුෂ්මත් මහාකච්චාන තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් විස්තර වශයෙන්, අර්ථය නොබෙදන ලද, කොටින් වදාරණ ලද, ධර්මයෙහි අර්ථය නුවණැති සබ්‍රම්සරුන්ට විස්තර වශයෙන් බෙදන්නට සුදුසුය. ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ බරක්කොට නොගෙන බෙදා දක්වත්වා” යි කීවාහුය.
“ඇවැත්නි, එසේ නම් අසව්. හොඳට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ඇවැත්නි, එසේය” යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන්ට පිළිතුරු දුන්හ.
ආයුෂමත් මහාකච්චාන ස්ථවිර තෙම, “ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ යමක් කොටින් වදාරා විස්තර නොකොට අස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද, “ඇවැත්නි, අධර්මයද, ධර්‍මයද දත යුතුය. අනර්ත්‍ථයද, අර්ත්‍ථයද දත යුතුය. අධර්මයද, ධර්මයද දැන, අනර්ත්‍ථයද, අර්ත්‍ථයද දැන, ධර්මය අනුව, අර්ත්‍ථය අනුව, එසේ පිළිපැදිය යුතුය.
“ඇවැත්නි, අධර්මය කවරේද? ධර්මය කවරේද? අනර්ත්‍ථය කවරේද? අර්ත්‍ථය කවරේද? මහණෙනි, වැරදි දැකීම අධර්‍මයයි. නිවැරැදි දැකීම ධර්‍මයමයි. වරදවා දැකීම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි දැකීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවීමට යත්. මේ අර්ත්‍ථයයි.
“ඇවැත්නි, වැරදි සිතීම අධර්‍මයයි. නිවැරැදි සිතීම ධර්‍මයයි. වැරදි සිතීම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි සිතීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණභාවයට යත්. මේ අර්ත්‍ථයයි.
“ඇවැත්නි, වැරදි කථාව අධර්‍මයයි. නිවැරැදි කථාව ධර්‍මයයි. වැරදි කථාව නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි කථාව නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණ බවට යත්. මේ අර්ත්‍ථයයි.
“ඇවැත්නි, වැරදි ක්‍රියාව අධර්‍මයයි. යහපත් ක්‍රියාව ධර්‍මයමයි. වැරදි ක්‍රියාව නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි ක්‍රියාව නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණබවට යත්. මේ අර්ත්‍ථයයි.
“ඇවැත්නි, වැරදි පැවැත්ම අධර්‍මයයි. නිවැරැදි පැවැත්ම ධර්‍මයයි. වැරදි පැවැත්ම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි පැවැත්ම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවීමට යත්. මේ අර්ත්‍ථයයි.
“ඇවැත්නි, වැරදි වෑයම අධර්‍මයයි. නිවැරැදි වෑයම ධර්‍මයමයි. වැරදි වෑයම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි වෑයම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණභාවයට යත්. මේ අර්ත්‍ථයයි.
“ඇවැත්නි, වැරදි සිහිය අධර්‍මයයි. නිවැරැදි සිහිය ධර්‍මයයි. වැරදි සිහිය නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි සිහිය නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණබවට යත්. මේ අර්ත්‍ථයයි.
“ඇවැත්නි, වැරදි සිත එකඟකිරීම අධර්‍මයයි. නිවැරැදි සිත එකඟකිරීම ධර්‍මයයි. වැරදි සිත එකඟකිරීම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි සිත එකඟකිරීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණබවට යත්. මේ අර්ත්‍ථයයි.
“ඇවැත්නි, වැරදි නුවණ අධර්‍මයයි. නිවැරැදි නුවණ ධර්‍මයයි. වැරදි නුවණ නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදිත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි නුවණ නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණභාවයට යත්. මේ අර්ත්‍ථයයි.
“ඇවැත්නි, වැරදි මිදීම අධර්‍මයයි. යහපත් මිදීම ධර්‍මයයි. වැරදි මිදීම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි මිදීම නිසා නොයෙක් කුශල ධර්මයෝ පහළවෙත්. මේ අර්ත්‍ථයයි.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, අධර්මයද දත යුතුය. ධර්මයද දතයුතුය. අනන්‍ර්‍ථයද, අර්ත්‍ථයද දතයුතුය. අධර්‍මයද, ධර්‍මයද දැන, අනන්‍ර්‍ථයද, අන්‍ර්‍ථයද දැන, අධර්‍මය යම්සේද, අන්‍ර්‍ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුය’ යි යන යමක් සංක්‍ෂෙපයෙන් වදාරා, විස්තර වශයෙන් තේරුම්කර නොදී, අස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද, භාග්‍යවතුන් වහන්සේ කොටින් වදාළ, විස්තර වශයෙන් අදහස නොබෙදූ මේ දේශනාවේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දනිමි. ඇවැත්නි, බලාපොරොත්තු වන්නාවූ කෙපිද භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් මේ කාරණය අසවු. භාග්‍යවතුන් වහන්සේ යම් සේ විස්තර කරණ සේක්ද, එසේ දරවු.
“ඇවැත්නි, එසේය” යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන්ගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, හුන් අසුන්වලින් නැගිට භාග්‍යවතුන් වහන්සේ කරා ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, අධර්මයද දත යුතුය. ධර්මයද දතයුතුය. අනන්‍ර්‍ථයද, අර්ත්‍ථයද දතයුතුය. අධර්‍මයද, ධර්‍මයද දැන, අනන්‍ර්‍ථයද, අන්‍ර්‍ථයද දැන, අධර්‍මය යම්සේද, අන්‍ර්‍ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුය’ යි යන යමක් සංක්‍ෂෙපයෙන් වදාරා, විස්තර වශයෙන් තේරුම්කර නොදී, අස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද, ඉක්බිති මේ ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ විසින්මද මනාව වර්ණනා කරන ලද්දේය. සම්භාවනා කරණ ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ විසින් විස්තර වශයෙන් අන්‍ර්‍ථය නොබෙදන ලද, කොටින් වදාරණ ලද ධර්‍මයෙහි විස්තර වශයෙන් නුවණැති සබ්‍රම්සරුන්ට අර්ථය බෙදා දක්වන්නට සුදුසුය. ඒකාන්තයෙන් අපි ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නමු. පැමිණ, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යෙහෙකැයි සිතූහ. අපට ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම්සේ ප්‍රකාශ කරන්නේද, එසේ අපි දරන්නෙමු’ යි කීවාහුය.
“ස්වාමීනි, ඉක්බිත්තෙන් වනාහි අපි, ආයුෂ්මත් මහාකච්චානයන් කරා ගොස් මේ කාරණය විචාළෙමු. ස්වාමීනි, ඒ අපට ආයුෂ්මත් මහාකච්චානයන් විසින් මේ ආකාරයෙන්, මේ පදයෙන්, මේ අකුරින් අදහස මනාව බෙදන ලද්දේය.
“මහණෙනි, යහපත. මහණෙනි, යහපත. මහණෙනි, මහාකච්චාන තෙමේ පණ්ඩිතය. මහාකච්චාන තෙමේ මහත් ප්‍රඥා ඇත්තේය. මහණෙනි, තෙපි මා කරා පැමිණ විචාළාහු නම් මමද මේ කාරණය මහාකච්චානයන් ප්‍රකාශ කළා සේ ප්‍රකාශ කරන්නෙමි. මෙහි අදහස මෙය මය. මෙය එසේ දරවු” යැයි වදාළ සේක.
7. තතියඅධම්මසුත්තං 7. අත්‍ථානත්‍ථ සූත්‍රය
8. කම්මනිදානසුත්තං 8. තිවිධ පාණාතිපාත සූත්‍රය
9. පරික්කමනසුත්තං 9. සපරික්කමන ධම්ම සූත්‍රය
10. චුන්දසුත්තං 10. චුන්‍දසොචෙය්‍ය සූත්‍රය
11. ජාණුස්සොණිසුත්තං 11. (ජානුස්සෝණී) පෙතදාන සූත්‍රය