ත්‍රිපිටකය
(11) 1. සමණසඤ්ඤාවග්ගො (11) 1. සමණසඤ්ඤා වර්‍ගය
1. සමණසඤ්ඤාසුත්තං 1. සමණසඤ්ඤා සූත්‍රය
2. බොජ්ඣඞ්ගසුත්තං 2. බොජ්ඣඞ්ගතෙවිජ්ජා සූත්‍රය
3. මිච්ඡත්තසුත්තං 3. ආරාධන විරාධනා සූත්‍රය
4. බීජසුත්තං 4. බීජෝපම සූත්‍රය
5. විජ්ජාසුත්තං 5. පුබ්බඞ්ගමධම්ම සූත්‍රය
6. නිජ්ජරසුත්තං 6. නිජ්ජරවත්‍ථු සූත්‍රය
7. ධොවනසුත්තං 7. අරියධොවන සූත්‍රය
8. තිකිච්ඡකසුත්තං 8. අරියවිරෙචන සූත්‍රය
108
‘‘තිකිච්ඡකා , භික්ඛවෙ, විරෙචනං දෙන්ති පිත්තසමුට්ඨානානම්පි ආබාධානං පටිඝාතාය, සෙම්හසමුට්ඨානානම්පි ආබාධානං පටිඝාතාය, වාතසමුට්ඨානානම්පි ආබාධානං පටිඝාතාය. අත්ථෙතං, භික්ඛවෙ, විරෙචනං; ‘නෙතං නත්ථී’ති වදාමි. තඤ්ච ඛො එතං, භික්ඛවෙ, විරෙචනං සම්පජ්ජතිපි විපජ්ජතිපි.
‘‘අහඤ්ච ඛො, භික්ඛවෙ, අරියං විරෙචනං දෙසෙස්සාමි, යං විරෙචනං සම්පජ්ජතියෙව නො විපජ්ජති, යං විරෙචනං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති, ජරාධම්මා සත්තා ජරාය පරිමුච්චන්ති, මරණධම්මා සත්තා මරණෙන පරිමුච්චන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා සත්තා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසෙහි පරිමුච්චන්ති. තං සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘කතමඤ්ච තං, භික්ඛවෙ, අරියං විරෙචනං, යං විරෙචනං සම්පජ්ජතියෙව නො විපජ්ජති, යං විරෙචනං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති, ජරාධම්මා සත්තා ජරාය පරිමුච්චන්ති, මරණධම්මා සත්තා මරණෙන පරිමුච්චන්ති , සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා සත්තා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසෙහි පරිමුච්චන්ති?
‘‘සම්මාදිට්ඨිකස්ස, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි විරිත්තා හොති; යෙ ච මිච්ඡාදිට්ඨිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති තෙ චස්ස විරිත්තා හොන්ති; සම්මාදිට්ඨිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති.
‘‘සම්මාසඞ්කප්පස්ස , භික්ඛවෙ, මිච්ඡාසඞ්කප්පො විරිත්තො හොති...පෙ.... සම්මාවාචස්ස, භික්ඛවෙ, මිච්ඡාවාචා විරිත්තා හොති... සම්මාකම්මන්තස්ස, භික්ඛවෙ, මිච්ඡාකම්මන්තො විරිත්තො හොති... සම්මාආජීවස්ස, භික්ඛවෙ, මිච්ඡාආජීවො විරිත්තො හොති... සම්මාවායාමස්ස, භික්ඛවෙ, මිච්ඡාවායාමො විරිත්තො හොති... සම්මාසතිස්ස, භික්ඛවෙ, මිච්ඡාසති විරිත්තා හොති... සම්මාසමාධිස්ස , භික්ඛවෙ, මිච්ඡාසමාධි විරිත්තො හොති... සම්මාඤාණිස්ස, භික්ඛවෙ, මිච්ඡාඤාණං විරිත්තං හොති...පෙ.....
‘‘සම්මාවිමුත්තිස්ස, භික්ඛවෙ, මිච්ඡාවිමුත්ති විරිත්තා හොති; යෙ ච මිච්ඡාවිමුත්තිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති තෙ චස්ස විරිත්තා හොන්ති; සම්මාවිමුත්තිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. ඉදං ඛො තං, භික්ඛවෙ, අරියං විරෙචනං යං විරෙචනං සම්පජ්ජතියෙව නො විපජ්ජති, යං විරෙචනං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති...පෙ.... සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසෙහි පරිමුච්චන්තී’’ති. අට්ඨමං.
108
“මහණෙනි, පිතින් උපන් ලෙඩ සංසිඳවීම පිණිසද, සෙමෙන් උපන් ලෙඩ සංසිඳවීම පිණිසද, වාතයෙන් උපන් ලෙඩ සංසිඳවීම පිණිසද, වෛද්‍යවරයෝ විරේක දෙත්. මහණෙනි, මේ විරේකය ඇතැයි කියමි. මෙය නැතැයි නොකියමි. මහණෙනි, ඒ විරේචනය හරියයිද වේ, වරදියිද වේ. මහණෙනි, මම යම් විරේකයක් හරියාද, නොවරදීද, යම් විරේකයකට පැමිණ ඉපදීම ස්වභාවකොට ඇති සත්න්‍වයෝ ඉපදීමෙන් මිදෙත්ද, ජරාව, මරණය ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ ඉන් මිදෙත්ද, ඒ ආර්‍ය්‍ය විරේචනය දෙසන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, යම් විරේකයක් හරියාද, නොවරදීද, යම් විරේකයකට පැමිණ, ඉපදීම ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ ඉපදීමෙන් මිදෙත්ද, ජරාවෙන්, මරණයෙන් මිදෙත්ද, ඒ ආර්‍ය්‍ය විරේචනය කවරේද?
“මහණෙනි, සම්‍යක් දෘෂ්ටිකයාට මිත්‍ථ්‍යා දෘෂ්ටිය විරේකවූයේ වේ. මිත්‍ථ්‍යා දෘෂ්ටි හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්‍ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට විරේකවූවාහු වෙත්. සම්‍යක් දෘෂ්ටි හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්‍ණ වෙත්.
“මහණෙනි, යහපත් කල්පනා ඇත්තාහට වැරදි කල්පනාව විරේකවූයේ වේ. වැරදි කල්පනාවේ හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්‍ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට විරේකවූවාහු වෙත්. යහපත් කල්පනාවේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්‍ණ වෙත්.
“මහණෙනි, යහපත් වචන ඇත්තාහට වැරදි වචන විරේකවූයේ වේ. වැරදි වචනයන්ගේ හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්‍ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට විරේකවූවාහු වෙත්. යහපත් වචනයන්ගේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්‍ණ වෙත්.
“මහණෙනි, යහපත් කර්‍මාන්ත ඇත්තාහට වැරදි කර්‍මාන්ත විරේකවූයේ වේ. වැරදි කර්‍මාන්තයන්ගේ හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්‍ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට විරේකවූවාහු වෙත්. යහපත් කර්‍මාන්තයන්ගේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්‍ණ වෙත්.
“මහණෙනි, යහපත් ජීවිකාව ඇත්තාහට වැරදි ජීවිකාව විරේකවූයේ වේ. වැරදි ජීවිකාවේ හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්‍ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට විරේකවූවාහු වෙත්. යහපත් ජීවිකාවේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්‍ණ වෙත්.
“මහණෙනි, යහපත් සිහිය ඇත්තාහට වැරදි සිහිය විරේකවූයේ වේ. වැරදි සිහියේ හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්‍ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට විරේකවූවාහු වෙත්. යහපත් සිහියේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්‍ණ වෙත්.
“මහණෙනි, යහපත් සමාධිය ඇත්තාහට වැරදි සමාධිය විරේකවූයේ වේ. වැරදි සමාධියේ හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්‍ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට විරේකවූවාහු වෙත්. යහපත් සමාධියේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්‍ණ වෙත්.
“මහණෙනි, යහපත් නුවණ ඇත්තාහට වැරදි නුවණ විරේකවූයේ වේ. වැරදි නුවණේ හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්‍ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට විරේකවූවාහු වෙත්. යහපත් නුවණේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්‍ණ වෙත්.
“මහණෙනි, යහපත් මිදීම ඇත්තාහට වැරදි මිදීම විරේකවූයේ වේ. වැරදි මිදීම් හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්‍ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට විරේකවූවාහු වෙත්. යහපත් මිදීම් හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්‍ණ වෙත්.
“මහණෙනි, යම් විරේකයක් හරියාද, හරිනොයාද, යම් විරේකයකට පැමිණ, ඉපදීම ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ ඉපදීමෙන් මිදෙත්ද, ජරාව, මරණය, ශෝකය, වැළපීම, දුක, දොම්නස, දැඩි ආයාස ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ ඉන් මිදෙත්ද, මේ ඒ ආර්‍ය්‍ය විරේචනයයි.
9. වමනසුත්තං 9. අරියවමන සූත්‍රය
10. නිද්ධමනීයසුත්තං 10. නිද්‍ධමනීයධම්ම සූත්‍රය
11. පඨමඅසෙඛසුත්තං 11. දස අසෙක්ඛ ධම්ම සූත්‍රය
12. දුතියඅසෙඛසුත්තං 12. දස අසේඛිය ධම්ම සූත්‍රය