| (11) 1. සමණසඤ්ඤාවග්ගො | (11) 1. සමණසඤ්ඤා වර්ගය | 
| 1. සමණසඤ්ඤාසුත්තං | 1. සමණසඤ්ඤා සූත්‍රය | 
| 
        101
        
          ‘‘තිස්සො 
                        
             
        ‘‘කතමෙ සත්ත? සන්තතකාරී 
                        
            (සතතකාරී (ස්‍යා. පී. ක.)) හොති සන්තතවුත්ති 
                        
            (සතතවුත්ති (ස්‍යා. පී.)) සීලෙසු, අනභිජ්ඣාලු හොති, අබ්යාපජ්ජො හොති, අනතිමානී හොති, සික්ඛාකාමො හොති 
                        
             
     | 
    
        101
        
         “මහණෙනි, මේ ශ්‍රමණ සංඥා තුනක් වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, ධර්ම සතක් සම්පූර්ණ කරත්. කවර තුනක්ද යත්, “වෙනස් වර්ණයකට පැමිණියෙමි. මාගේ ජීවිකාව අනුන්ට අයත්ය. මා විසි්න් අනික් ආකාරයක් කටයුතුය. 
        “මහණෙනි, මේ ශ්‍රමණ සංඥා තුන වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, ධර්ම සතක් පුරවත්. කවර සතක්ද යත්? නිතර සන්සුන් කටයුතු කරන්නෙක් වේ. සීලයන්හි සන්සුන් පැවැත්ම ඇත්තේ වේ. තෘෂ්ණා බහුලකොට නැත්තේ වේ. ව්‍යාපාද නැත්තේ වේ. අතිමාන්නය නැත්තේ වේ. ශික්ෂාපද කැමැත්තේ වේද, ජීවිතයන්හි හෝ පරිෂ්කාරයන්හි මේ ප්‍රයෝජනයයි ඔහුට අදහස් වේ. පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇතිව වාසය කරයි. මහණෙනි, මේ ශ්‍රමණ සංඥා තුන වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, මේ ධර්ම සත පුරවත්ය” යි වදාළ සේක. 
     | 
| 2. බොජ්ඣඞ්ගසුත්තං | 2. බොජ්ඣඞ්ගතෙවිජ්ජා සූත්‍රය | 
| 
        102
        
          ‘‘සත්තිමෙ, භික්ඛවෙ, බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා තිස්සො විජ්ජා පරිපූරෙන්ති. කතමෙ සත්ත? සතිසම්බොජ්ඣඞ්ගො, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො, වීරියසම්බොජ්ඣඞ්ගො, පීතිසම්බොජ්ඣඞ්ගො, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, සමාධිසම්බොජ්ඣඞ්ගො, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො - ඉමෙ ඛො, භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා තිස්සො විජ්ජා පරිපූරෙන්ති. කතමා තිස්සො? ඉධ, භික්ඛවෙ, භික්ඛු අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථිදං - එකම්පි 
                        
             
     | 
    
        102
        
         “මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද මේ බොජ්ඣඞ්ග සත ත්‍රිවිද්‍යාවන් සම්පූර්ණ කරයි. කවර සතක්ද යත්? අවබෝධයට කාරණාවු සිහිය, අවබෝධයට උපකාරවූ ප්‍රඥාව, අවබෝධයට කාරණාවූ වීර්‍ය්‍යය, අවබෝධයට කාරණාවූ ප්‍රීතිය, සිත කය දෙකේ බර ඇරීම, එකඟකම, මැදහත් බව, යන සතයි. වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ බොජ්ඣඞ්ග සත ත්‍රිවිද්‍යාවන් සම්පූර්ණ කරත්. 
        කවර විද්‍යා තුනක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නානාප්‍රකාර පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්රද්ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්ම කථික වේද, පිරිස්හි හැසිරෙන්නේ වේද, විසාරදවූයේ පිරිසෙහි ධර්ම දේශනා කරයිද, විනයධර වේද, නානාප්‍රකාර පූර්වෙනිවාසය සිහි කරයිද, ඒ මෙසේය. (මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්ගයේ, 8 සූත්‍රයේ 4 ඡේදය යෙදිය යුතුයි.) මෙසේ හැඩහුරුකම් සහිත, උදෙසීම් සහිත, නානාප්‍රකාර පූර්වෙනිවාසය සිහි කරයි. පිරිසිදුවූ මනුෂ්‍යත්වය ඉක්මවා සිටි දිවැසින් කම්වූ පරිදි ආ සත්ත්වයන් දනී. 
        “ආශ්‍රවයන්ගේ ක්ෂයවීමෙන් ආශ්‍රව රහිත ඵල සමාධියද, ඵල ප්‍රඥාවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ බොජ්ඣඞ්ග සත, මේ ත්‍රිවිද්‍යාවන් සම්පූර්ණ කරත්.” 
     | 
| 3. මිච්ඡත්තසුත්තං | 3. ආරාධන විරාධනා සූත්‍රය | 
| 
        103
        
          ‘‘මිච්ඡත්තං 
                        
             
        ‘‘සම්මත්තං, භික්ඛවෙ, ආගම්ම ආරාධනා හොති, නො විරාධනා. කථඤ්ච, භික්ඛවෙ, සම්මත්තං ආගම්ම ආරාධනා හොති, නො විරාධනා? සම්මාදිට්ඨිකස්ස, භික්ඛවෙ, සම්මාසඞ්කප්පො පහොති, සම්මාසඞ්කප්පස්ස සම්මාවාචා පහොති, සම්මාවාචස්ස සම්මාකම්මන්තො පහොති, සම්මාකම්මන්තස්ස සම්මාආජීවො පහොති, සම්මාආජීවස්ස සම්මාවායාමො පහොති, සම්මාවායාමස්ස සම්මාසති පහොති, සම්මාසතිස්ස සම්මාසමාධි පහොති, සම්මාසමාධිස්ස 
                        
             
     | 
    
        103
        
         “මහණෙනි, බොරු බව හේතුකොටගෙන වැලැක්ම වේ. සම්පූර්ණවීම නොවේ. 
        “මහණෙනි, කෙසේ බොරු බව හේතුකොටගෙන වැලැක්ම වේද. සම්පූර්ණවීම නොවේද? මහණෙනි, වැරදි දැනීම ඇත්තාට වැරදි කල්පනාව සම්පූර්ණවේ. වැරදි කල්පනාව ඇත්තාට වැරදි වචන සම්පූර්ණවේ. වැරදි වචන ඇත්තාට වැරදි කර්මාන්ත සම්පූර්ණවේ. වැරදි කර්මාන්ත ඇත්තාට වැරදි ජීවිකාව සම්පූර්ණවේ. වැරදි ජීවිකාව ඇත්තාට වැරදි වෑයම සම්පූර්ණවේ. වැරදි වෑයම් ඇත්තාට වැරදි එකඟකම සම්පූර්ණවේ. වැරදි එකඟකම ඇත්තාට වැරදි නුවණ සම්පූර්ණවේ. වැරදි නුවණ ඇත්තාට වැරදි මිදීම සම්පූර්ණවේ. මහණෙනි, බොරු බව හේතුකොටගෙන වැලැක්ම වේ. සම්පූර්ණවීම නොවේ. 
        “මහණෙනි, පුරණ ලද බව හේතුකොටගෙන සම්පූර්ණවීම වේ. වැලැක්ම නොවේ. මහණෙනි, පුරණ ලද බව හේතුකොටගෙන කෙසේ සම්පූර්ණ වේද, වැලැක්ම නොවේද? මහණෙනි, සම්‍යක් දෘෂ්ටිකයාට සම්‍යක් කල්පනාව සම්පූර්ණවේ. සම්‍යක් කල්පනාව ඇත්තාට සම්‍යක් වචන සම්පූර්ණවේ. සම්‍යක් වචන ඇත්තාට සම්‍යක් කර්මාන්ත සම්පූර්ණවේ. සම්‍යක් කර්මාන්ත ඇත්තාට සම්‍යක් ජීවිකාව සම්පූර්ණවේ. සම්‍යක් ජීවිකාව ඇත්තාට සම්‍යක් වෑයම සම්පූර්ණවේ. සම්‍යක් වෑයම ඇත්තාට සම්‍යක් එකඟ කම සම්පූර්ණවේ. සම්‍යක් එකඟකම ඇත්තාට සම්‍යක් නුවණ සම්පූර්ණවේ. සම්‍යක් නුවණ ඇත්තාට සම්‍යක් මිදීම සම්පූර්ණවේ. මහණෙනි, පුරණ ලද බව හේතුකොටගෙන සම්පූර්ණවීම වේ. වැලැක්ම නොවේ.” 
     | 
| 4. බීජසුත්තං | 4. බීජෝපම සූත්‍රය | 
| 
        104
        
         
            (අ. නි. 1.306; කථා. 708) ‘‘මිච්ඡාදිට්ඨිකස්ස, භික්ඛවෙ, පුරිසපුග්ගලස්ස මිච්ඡාසඞ්කප්පස්ස මිච්ඡාවාචස්ස මිච්ඡාකම්මන්තස්ස මිච්ඡාආජීවස්ස මිච්ඡාවායාමස්ස මිච්ඡාසතිස්ස මිච්ඡාසමාධිස්ස මිච්ඡාඤාණිස්ස මිච්ඡාවිමුත්තිස්ස යඤ්ච කායකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං 
                        
            (සමාදිණ්ණං (පී. ක.)) යඤ්ච වචීකම්මං... යඤ්ච මනොකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං යා ච චෙතනා යා ච පත්ථනා යො ච 
                        
             
        ‘‘සෙය්යථාපි, භික්ඛවෙ, නිම්බබීජං වා කොසාතකිබීජං වා තිත්තකාලාබුබීජං වා අල්ලාය පථවියා නික්ඛිත්තං යඤ්චෙව 
                        
             
        ‘‘සම්මාදිට්ඨිකස්ස, භික්ඛවෙ, පුරිසපුග්ගලස්ස සම්මාසඞ්කප්පස්ස සම්මාවාචස්ස සම්මාකම්මන්තස්ස සම්මාආජීවස්ස සම්මාවායාමස්ස සම්මාසතිස්ස සම්මාසමාධිස්ස සම්මාඤාණිස්ස සම්මාවිමුත්තිස්ස යඤ්චෙව කායකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං යඤ්ච වචීකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං යඤ්ච මනොකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං යා ච චෙතනා යා ච පත්ථනා යො ච පණිධි යෙ ච සඞ්ඛාරා, සබ්බෙ තෙ ධම්මා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු? දිට්ඨි හිස්ස, භික්ඛවෙ, භද්දිකා. 
        ‘‘සෙය්යථාපි, භික්ඛවෙ, උච්ඡුබීජං වා සාලිබීජං වා මුද්දිකාබීජං වා අල්ලාය පථවියා නික්ඛිත්තං යඤ්ච පථවිරසං උපාදියති යඤ්ච ආපොරසං උපාදියති සබ්බං තං සාතත්තාය මධුරත්තාය අසෙචනකත්තාය සංවත්තති. තං කිස්ස හෙතු? බීජඤ්හි භික්ඛවෙ, භද්දකං. එවමෙවං ඛො, භික්ඛවෙ, සම්මාදිට්ඨිකස්ස...පෙ. 
                        
             
     | 
    
        104
        
         “මහණෙනි, වැරදි දැනීම් ඇති, වැරදි කල්පනා ඇති, වැරදි වචන ඇති, වැරදි කර්මාන්ත ඇති, වැරදි ජීවිකාව ඇති, වැරදි වෑයම් ඇති, වැරදි සිහිය ඇති, වැරදි එකඟබව ඇති, වැරදි නුවණ ඇති, වැරදි මිදීම ඇති, පුරුෂ පුද්ගලයා විසින් යම් කාය කර්මයක් දෘෂ්ටිය අනුව පුරණ ලද්දේ වේද, සමාදන් වන ලද්දේ වේද, යම් වාක් කර්මයක් දෘෂ්ටිය අනුව පුරණ ලද්දේ වේද, සමාදන් වන ලද්දේ වේද, යම් මනඃ කර්මයක් දෘෂ්ටිය අනුව පුරණ ලද්දේ වේද, සමාදන් වන ලද්දේ වේද, යම් චේතනාවක්, යම් ප්‍රාර්‍ත්‍ථනාවක්, යම් සිත පිහිටුවීමක් යම් සංස්කාරයක් වේද, ඒ සියලු ධර්මයෝ අයහපත පිණිස, අකාන්ත බව පිණිස, නොමනාප බව පිණිස, අහිත පිණිස, දුක් පිණිස, පවතිත්. ඊට හේතු කවරේද, මහණෙනි, දෘෂ්ටිය ලාමක බැවිනි. 
        “මහණෙනි, යම් සේ කොසඹ බීජයක් හෝ, වැටකොළු බීජයක් හෝ, තිත්ත ලබු බීජයක් හෝ, තෙත් පෘථුවියෙහි බහලන ලද්දේ, යම් බඳු පෘථුවි රසයක් ඇද ගනීද, යම් දියර රසයක් ඇද ගනීද, ඒ සියල්ල තිත්ත බව පිණිස, කුළු රස පිණිස, අයහපත් බව පිණිස පවතී. ඊට හේතු කවරේද? මහණෙනි, බීජය ලාමකය. මහණෙනි, එසේම මිත්‍ථ්‍යාදෘෂ්ටික පුරුෂ පුද්ගලයා විසින් මිත්ථ්යා කල්පනා සහිත, වැරදි වචන ඇති, වැරදි කර්මාන්ත ඇති, වැරදි ජීවිකාව ඇති, වැරදි වෑයම් ඇති, වැරදි සිහිය ඇති, වැරදි එකඟබව ඇති, වැරදි නුවණ ඇති, වැරදි මිදීම ඇති පුරුෂ පුද්ගලයා විසින් යම් කාය - වාක් - මනඃ කර්මයක්, යම් චේතනාවක්, යම් ප්‍රාර්‍ත්‍ථනාවක්, යම් සිත පිහිටුවීමක්, යම් සංස්කාරයක් සම්පූර්ණ කරණ ලද්දේද, සමාදන්වන ලද්දේද, ඒ සියලු ධර්මයෝ අයහපත පිණිස, අකාන්ත බව පිණිස, නොමනාප බව පිණිස, අහිත පිණිස, දුක් පිණිස, පවතිත්. ඊට හේතු කවරේද, මහණෙනි, දෘෂ්ටිය ලාමක බැවිනි. 
        “මහණෙනි, සම්‍යක් දෘෂ්ටික පුරුෂ පුද්ගලයා විසින් සම්‍යක් සඞ්කල්ප, සම්‍යක් වාචා, සම්‍යක් කර්මාන්ත, සම්‍යක් ආජීව, සම්‍යක් වායාම, සම්‍යක් සති, සම්‍යක් සමාධි, සම්‍යක් ඤාණ, සම්‍යක් විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් යම් කාය, වාක්, මනඃ කර්මයක් සම්පූර්ණ කරණ ලද්දේද, සමාදන්වන ලද්දේද, යම් චේතනාවක්, යම් ප්‍රාර්ථනාවක්, යම් සිත පිහිටුවීමක්, යම් සංස්කාරයක් වේද, ඒ සියලු ධර්මයෝ යහපත පිණිස, කාන්ත බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස, පවතිත්. ඊට හේතුව කවරේද? මහණෙනි, දෘෂ්ටිය යහපත් බැවිනි. 
        “මහණෙනි, යම් සේ උක් කරටියක් හෝ, හැල් බීජයක් හෝ, මිදි ඇටයක් හෝ, තෙත් පොළොවෙහි බහාලන ලද්දේ යම් පෘථුවි රසයක් ගනීද, දියර ගතියක් ගනීද, ඒ සියල්ල යහපත් බව පිණිස, මිහිරි බව පිණිස, ඉසියයුතු බවට පැමිණේද, ඊට හේතු කවරේද? මහණෙනි, බීජයේ යහපත් බවයි. මහණෙනි, එසේම සම්‍යක් දෘෂ්ටියෙන් යුත් සම්‍යක් දෘෂ්ටික පුරුෂ පුද්ගලයා විසින් සම්‍යක් සඞ්කල්ප, සම්‍යක් වාචා, සම්‍යක් කර්මාන්ත, සම්‍යක් ආජීව, සම්‍යක් වායාම, සම්‍යක් සති, සම්‍යක් සමාධි, සම්‍යක් ඤාණ, සම්‍යක් විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් යම් කාය, වාක්, මනඃ කර්මයක් සම්පූර්ණ කරණ ලද්දේද, සමාදන්වන ලද්දේද, යම් චේතනාවක්, යම් ප්‍රාර්ථනාවක්, යම් සිත පිහිටුවීමක්, යම් සංස්කාරයක් වේද, ඒ සියලු ධර්මයෝ යහපත පිණිස, කාන්ත බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස, පවතිත්. ඊට හේතුව කවරේද? මහණෙනි, දෘෂ්ටිය යහපත් බැවිනි. 
     | 
| 5. විජ්ජාසුත්තං | 5. පුබ්බඞ්ගමධම්ම සූත්‍රය | 
| 
        105
        
          ‘‘අවිජ්ජා 
                        
             
        ‘‘විජ්ජා, භික්ඛවෙ, පුබ්බඞ්ගමා කුසලානං ධම්මානං සමාපත්තියා, අන්වදෙව හිරොත්තප්පං. විජ්ජාගතස්ස, භික්ඛවෙ, විද්දසුනො සම්මාදිට්ඨි පහොති, සම්මාදිට්ඨිකස්ස සම්මාසඞ්කප්පො පහොති, සම්මාසඞ්කප්පස්ස සම්මාවාචා පහොති, සම්මාවාචස්ස සම්මාකම්මන්තො පහොති, සම්මාකම්මන්තස්ස සම්මාආජීවො පහොති, සම්මාආජීවස්ස සම්මාවායාමො පහොති, සම්මාවායාමස්ස සම්මාසති පහොති, සම්මාසතිස්ස සම්මාසමාධි පහොති, සම්මාසමාධිස්ස සම්මාඤාණං පහොති, සම්මාඤාණිස්ස සම්මාවිමුත්ති පහොතී’’ති. පඤ්චමං. 
     | 
    
        105
        
         “මහණෙනි, අකුශල ධර්මයන්ට අවිද්‍යාව පෙරටුව යයි. ලජ්ජා නැතිකම හා බය නැතිකම සමාපත්තිය අනුව වේ. මහණෙනි, අවිද්‍යාවට බැසගත් මෝඩයාට මිත්‍ථ්‍යාදෘෂ්ටිය සම්පූර්ණ වේ. මහණෙනි, වැරදි දැනීම ඇත්තාට වැරදි කල්පනාව සම්පූර්ණවේ. වැරදි කල්පනාව ඇත්තාට වැරදි වචන සම්පූර්ණවේ. වැරදි වචන ඇත්තාට වැරදි කර්මාන්ත සම්පූර්ණවේ. වැරදි කර්මාන්ත ඇත්තාට වැරදි ජීවිකාව සම්පූර්ණවේ. වැරදි ජීවිකාව ඇත්තාට වැරදි වෑයම සම්පූර්ණවේ. වැරදි වෑයම් ඇත්තාට වැරදි එකඟකම සම්පූර්ණවේ. වැරදි එකඟකම ඇත්තාට වැරදි නුවණ සම්පූර්ණවේ. වැරදි නුවණ ඇත්තාට වැරදි මිදීම සම්පූර්ණවේ. 
        “මහණෙනි, කුශල ධර්මයන්ට විද්‍යාව පෙරටුව වේ. ලජ්ජා භය දෙක සමවැදීමට අනුවයි. මහණෙනි, විද්‍යාවට අසුවූ ඤාණවන්තයාට සම්‍යක් දෘෂ්ටිය සම්පූර්ණ වේ. මහණෙනි, වැරදි දැනීම ඇත්තාට වැරදි කල්පනාව සම්පූර්ණවේ. වැරදි කල්පනාව ඇත්තාට වැරදි වචන සම්පූර්ණවේ. වැරදි වචන ඇත්තාට වැරදි කර්මාන්ත සම්පූර්ණවේ. වැරදි කර්මාන්ත ඇත්තාට වැරදි ජීවිකාව සම්පූර්ණවේ. වැරදි ජීවිකාව ඇත්තාට වැරදි වෑයම සම්පූර්ණවේ. වැරදි වෑයම් ඇත්තාට වැරදි එකඟකම සම්පූර්ණවේ. වැරදි එකඟකම ඇත්තාට වැරදි නුවණ සම්පූර්ණවේ. වැරදි නුවණ ඇත්තාට වැරදි මිදීම සම්පූර්ණවේ. 
     | 
| 6. නිජ්ජරසුත්තං | 6. නිජ්ජරවත්ථු සූත්‍රය | 
| 
        106
        
         
            (දී. නි. 3.360) ‘‘දසයිමානි 
                        
             
        ‘‘සම්මාසඞ්කප්පස්ස, භික්ඛවෙ, මිච්ඡාසඞ්කප්පො නිජ්ජිණ්ණො හොති; යෙ ච මිච්ඡාසඞ්කප්පපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා 
                        
             
        ‘‘සම්මාවාචස්ස, භික්ඛවෙ, මිච්ඡාවාචා නිජ්ජිණ්ණා හොති; යෙ ච මිච්ඡාවාචාපච්චයා අනෙකෙ 
                        
             
        ‘‘සම්මාකම්මන්තස්ස, භික්ඛවෙ, මිච්ඡාකම්මන්තො නිජ්ජිණ්ණො හොති; යෙ ච මිච්ඡාකම්මන්තපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති; සම්මාකම්මන්තපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. 
        ‘‘සම්මාආජීවස්ස 
                        
             
        ‘‘සම්මාවායාමස්ස, භික්ඛවෙ, මිච්ඡාවායාමො නිජ්ජිණ්ණො හොති; යෙ ච මිච්ඡාවායාමපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති; සම්මාවායාමපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. 
        ‘‘සම්මාසතිස්ස, භික්ඛවෙ, මිච්ඡාසති නිජ්ජිණ්ණා හොති; යෙ ච මිච්ඡාසතිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති; සම්මාසතිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. 
        ‘‘සම්මාසමාධිස්ස, භික්ඛවෙ, මිච්ඡාසමාධි නිජ්ජිණ්ණො හොති; යෙ ච මිච්ඡාසමාධිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති 
                        
             
        ‘‘සම්මාඤාණිස්ස, භික්ඛවෙ, මිච්ඡාඤාණං නිජ්ජිණ්ණං හොති; යෙ ච මිච්ඡාඤාණපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති; සම්මාඤාණපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. 
        ‘‘සම්මාවිමුත්තිස්ස, භික්ඛවෙ, මිච්ඡාවිමුත්ති නිජ්ජිණ්ණා හොති; යෙ ච මිච්ඡාවිමුත්තිපච්චයා 
                        
             
     | 
    
        106
        
         “මහණෙනි, මේ විනාශ කරණ ධර්ම දහයක් වෙත්. කවර දහයක්ද යත්. 
        “මහණෙනි, සම්‍යක් දෘෂ්ටිකයා විසින් මිත්ථ්යා දෘෂ්ටිය විනාශ කරණ ලද්දේ වේ. මිත්ථ්යා දෘෂ්ටි හේතුවෙන් නොයෙක් යම් ලාමක අකුශල ධර්ම කෙනෙක් හට ගනිද්ද, ඔහුට ඔවුන්ද විනාශවූවාහු වෙත්. සම්‍යක් දෘෂ්ටි හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණ බවට යත්. 
        “මහණෙනි, සම්‍යක් සංකල්පයා විසින් මිත්ථ්යා සංකල්පය විනාශ කරණ ලද්දේ වේ. මිත්ථ්යා සංකල්ප හේතුවෙන් නොයෙක් යම් ලාමක අකුශල ධර්ම කෙනෙක් හට ගනිද්ද, ඔහුට ඔවුන්ද විනාශවූවාහු වෙත්. සම්‍යක් සංකල්ප හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණ බවට යත්. 
        “මහණෙනි, සම්‍යක් වාචකයා විසින් මිත්ථ්යා වාචකය විනාශ කරණ ලද්දේ වේ. මිත්ථ්යා වාචක හේතුවෙන් නොයෙක් යම් ලාමක අකුශල ධර්ම කෙනෙක් හට ගනිද්ද, ඔහුට ඔවුන්ද විනාශවූවාහු වෙත්. සම්‍යක් වාචක හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණ බවට යත්. 
        “මහණෙනි, සම්‍යක් කම්මයා විසින් මිත්ථ්යා කම්මය විනාශ කරණ ලද්දේ වේ. මිත්ථ්යා කම්ම හේතුවෙන් නොයෙක් යම් ලාමක අකුශල ධර්ම කෙනෙක් හට ගනිද්ද, ඔහුට ඔවුන්ද විනාශවූවාහු වෙත්. සම්‍යක් කම්ම හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණ බවට යත්. 
        “මහණෙනි, සම්‍යක් ජීවකයා විසින් මිත්ථ්යා ජීවකය විනාශ කරණ ලද්දේ වේ. මිත්ථ්යා ජීවක හේතුවෙන් නොයෙක් යම් ලාමක අකුශල ධර්ම කෙනෙක් හට ගනිද්ද, ඔහුට ඔවුන්ද විනාශවූවාහු වෙත්. සම්‍යක් ජීවක හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණ බවට යත්. 
        “මහණෙනි, සම්‍යක් වායාමයා විසින් මිත්ථ්යා වායාමය විනාශ කරණ ලද්දේ වේ. මිත්ථ්යා වායාම හේතුවෙන් නොයෙක් යම් ලාමක අකුශල ධර්ම කෙනෙක් හට ගනිද්ද, ඔහුට ඔවුන්ද විනාශවූවාහු වෙත්. සම්‍යක් වායාම හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණ බවට යත්. 
        “මහණෙනි, සම්‍යක් සතිකයා විසින් මිත්ථ්යා සතිය විනාශ කරණ ලද්දේ වේ. මිත්ථ්යා සති හේතුවෙන් නොයෙක් යම් ලාමක අකුශල ධර්ම කෙනෙක් හට ගනිද්ද, ඔහුට ඔවුන්ද විනාශවූවාහු වෙත්. සම්‍යක් සති හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණ බවට යත්. 
        “මහණෙනි, සම්‍යක් සමාධිකයා විසින් මිත්ථ්යා සමාධිය විනාශ කරණ ලද්දේ වේ. මිත්ථ්යා සමාධි හේතුවෙන් නොයෙක් යම් ලාමක අකුශල ධර්ම කෙනෙක් හට ගනිද්ද, ඔහුට ඔවුන්ද විනාශවූවාහු වෙත්. සම්‍යක් සමාධි හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණ බවට යත්. 
        “මහණෙනි, සම්‍යක් නුවණ විසින් මිත්ථ්යා නුවණ විනාශ කරණ ලද්දේ වේ. මිත්ථ්යා නුවණ හේතුවෙන් නොයෙක් යම් ලාමක අකුශල ධර්ම කෙනෙක් හට ගනිද්ද, ඔහුට ඔවුන්ද විනාශවූවාහු වෙත්. සම්‍යක් නුවණ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණ බවට යත්. 
        “මහණෙනි, සම්‍යක් මිදීම විසින් මිත්ථ්යා මිදීම විනාශ කරණ ලද්දේ වේ. මිත්ථ්යා මිදීම හේතුවෙන් නොයෙක් යම් ලාමක අකුශල ධර්ම කෙනෙක් හට ගනිද්ද, ඔහුට ඔවුන්ද විනාශවූවාහු වෙත්. සම්‍යක් මිදීම හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණ බවට යත්. මහණෙනි, මේ දසය විනාශකාරී ධර්ම දහයයි.” 
     | 
| 7. ධොවනසුත්තං | 7. අරියධොවන සූත්‍රය | 
| 
        107
        
          ‘‘අත්ථි, භික්ඛවෙ, දක්ඛිණෙසු ජනපදෙසු ධොවනං නාම. තත්ථ හොති අන්නම්පි පානම්පි ඛජ්ජම්පි භොජ්ජම්පි ලෙය්යම්පි පෙය්යම්පි නච්චම්පි ගීතම්පි වාදිතම්පි. අත්ථෙතං, භික්ඛවෙ, ධොවනං; ‘නෙතං නත්ථී’ති වදාමි. තඤ්ච ඛො එතං, භික්ඛවෙ, ධොවනං හීනං ගම්මං පොථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං න නිබ්බිදාය න විරාගාය 
                        
             
        ‘‘අහඤ්ච ඛො, භික්ඛවෙ, අරියං ධොවනං දෙසෙස්සාමි, යං ධොවනං එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති, යං ධොවනං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති, ජරාධම්මා සත්තා ජරාය පරිමුච්චන්ති, මරණධම්මා සත්තා මරණෙන පරිමුච්චන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා 
                        
             
        ‘‘කතමඤ්ච තං, භික්ඛවෙ, අරියං ධොවනං, (යං ධොවනං) 
                        
            (( ) නත්ථි ස්‍යාමපොත්ථකෙ) එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය 
                        
             
        ‘‘සම්මාදිට්ඨිකස්ස, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි නිද්ධොතා හොති; යෙ ච මිච්ඡාදිට්ඨිපච්චයා අනෙකෙ 
                        
             
        ‘‘සම්මාසඞ්කප්පස්ස, භික්ඛවෙ, මිච්ඡාසඞ්කප්පො නිද්ධොතො හොති...පෙ.... සම්මාවාචස්ස, භික්ඛවෙ, මිච්ඡාවාචා නිද්ධොතා හොති... සම්මාකම්මන්තස්ස, භික්ඛවෙ, මිච්ඡාකම්මන්තො නිද්ධොතො හොති... සම්මාආජීවස්ස, භික්ඛවෙ, මිච්ඡාආජීවො නිද්ධොතො හොති... සම්මාවායාමස්ස, භික්ඛවෙ, මිච්ඡාවායාමො නිද්ධොතො හොති... සම්මාසතිස්ස, භික්ඛවෙ, මිච්ඡාසති නිද්ධොතා හොති... සම්මාසමාධිස්ස, භික්ඛවෙ, මිච්ඡාසමාධි නිද්ධොතො හොති... සම්මාඤාණිස්ස, භික්ඛවෙ, මිච්ඡාඤාණං නිද්ධොතං හොති...පෙ..... 
        ‘‘සම්මාවිමුත්තිස්ස 
                        
             
     | 
    
        107
        
         “මහණෙනි, දක්ෂිණ ජනපදයන්හි ධොවන නම් නුවරක් ඇත. එහි ආහාර, පාන, කෑම්, බීම්, ලෙවීම්, පෙවීම්, නැටීම්, ගී කීම්, වැයීම් ඇත්තේය. ධොවනයෙහි මෙය නැත්තේ නොවේයයි කියමි. මහණෙනි, මේ ධොවන නම් නුවරක් ඇත. මහණෙනි, ඒ ධොවනයද ලාමකය, ග්රාම්යය, පෘථග්ජනයන්ට අයත්ය, ආර්‍ය්‍යයන්ට අයත් නොවේ, අනර්‍ත්‍ථය මිශ්රය, කළකිරීම පිණිස වේ, නොඇලීම පිණිස නොවේ, නිරුද්ධිය පිණිස නොවේ, සංසිඳීම පිණිස නොවේ, විෂිෂ්ඨ ඤාණය පිණිස නොවේ, සම්බෝධිය පිණිස නොවේ, නිර්වාණය පිණිස නොපවතී. 
        “මහණෙනි, මම වනාහි යම් සේදීමක් ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරුද්ධිය පිණිස, ක්ලේශ ව්‍යපසමය පිණිස, විශිෂ්ට ඤාණය පිණිස, මනා අවබෝධය පිණිස, නිවණ පිණිස පවතීද, ඒ ආර්‍ය්‍ය ධොවනය ප්‍රකාශ කරමි. යම් සේදීමකට පැමිණ ඉපදීම ස්වභාවකොට ඇති සත්ත්වයෝ ඉපදීමෙන් මිදෙත්ද, ජරාව ස්වභාවකොට ඇති සත්ත්වයෝ ජරාවෙන් මිදෙත්ද, මරණය ස්වභාවකොට ඇති සත්ත්වයෝ මරණයෙන් මිදෙත්ද, ශෝකය, වැළපීමය, කායික දුක, මානසික දොම්නස, දැඩි වෙහෙස ස්වභාවකොට ඇති සත්ත්වයෝ ශෝකය, වැළපීම, දුක්, දොම්නස්, දැඩි ශෝකවලින් මිදෙත්ද, එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. 
        “මහණෙනි, යම් සේදීමක් ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරුද්ධිය පිණිස, ක්ලේශ ව්‍යපසමය පිණිස, විශිෂ්ට ඥානය පිණිස, මනා අවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතීද, යම් සේදීමකට පැමිණ ඉපදීම ස්වභාවකොට ඇති සත්ත්වයෝ ඉපදීමෙන් මිදෙත්ද, ජරාව ස්වභාවකොට ඇති සත්ත්වයෝ ජරාවෙන් මිදෙත්ද, මරණය ස්වභාවකොට ඇති සත්ත්වයෝ මරණින් මිදෙත්ද, ශෝකය, වැළපීමය, කායික දුක, මානසික දොම්නස, දැඩි වෙහෙස ස්වභාවකොට ඇති සත්ත්වයෝ ශොක, වැළපීම, දුක්, දොම්නස්, දැඩි ශෝකවලින් මිදෙත්ද, ඒ ආර්‍ය්‍ය ධොවනය කවරේද? 
        “මහණෙනි, සම්‍යක් දෘෂ්ටිකයාට මිත්ථ්යා දෘෂ්ටිය පිරිසිදු කරන්නී වේ. මිත්ථ්යා දෘෂ්ටි හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ උපදිත්ද, ඔහුට ඔවුන්ද පිරිසිදුවූවා වේ. සම්‍යක් දෘෂ්ටි හේතුවෙන්ද නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් පිරීමට යත්. 
        “මහණෙනි, යහපත් කල්පනා ඇත්තාහට වැරදි කල්පනාව පිරිසිදුවූයේ වේ. වැරදි කල්පනාවේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ උපදිත්ද, ඔහුට ඔවුන්ද පිරිසිදුවූවා වේ. යහපත් කල්පනාවේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් පිරීමට යත්. 
        “මහණෙනි, යහපත් වචන ඇත්තාහට වැරදි වචන පිරිසිදුවූයේ වේ. වැරදි වචනයන්ගේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ උපදිත්ද, ඔහුට ඔවුන්ද පිරිසිදුවූවා වේ. යහපත් වචනයන්ගේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් පිරීමට යත්. 
        “මහණෙනි, යහපත් කර්මාන්ත ඇත්තාහට වැරදි කර්මාන්ත පිරිසිදුවූයේ වේ. වැරදි කර්මාන්තයන්ගේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ උපදිත්ද, ඔහුට ඔවුන්ද පිරිසිදුවූවා වේ. යහපත් කර්මාන්තයන්ගේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් පිරීමට යත්. 
        “මහණෙනි, යහපත් ජීවිකාව ඇත්තාහට වැරදි ජීවිකාව පිරිසිදුවූයේ වේ. වැරදි ජීවිකාවේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ උපදිත්ද, ඔහුට ඔවුන්ද පිරිසිදුවූවා වේ. යහපත් ජීවිකාවේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් පිරීමට යත්. 
        “මහණෙනි, යහපත් වීර්‍ය්‍ය ඇත්තාහට වැරදි වීර්‍ය්‍ය පිරිසිදුවූයේ වේ. වැරදි වීර්ය්යයේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ උපදිත්ද, ඔහුට ඔවුන්ද පිරිසිදුවූවා වේ. යහපත් වීර්ය්යයේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් පිරීමට යත්. 
        “මහණෙනි, යහපත් සිහිය ඇත්තාහට වැරදි සිහිය පිරිසිදුවූයේ වේ. වැරදි සිහිකිරීමේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ උපදිත්ද, ඔහුට ඔවුන්ද පිරිසිදුවූවා වේ. යහපත් සිහිකිරීමේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් පිරීමට යත්. 
        “මහණෙනි, යහපත් සමාධිය ඇත්තාහට වැරදි සමාධිය පිරිසිදුවූයේ වේ. වැරදි සමාධියේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ උපදිත්ද, ඔහුට ඔවුන්ද පිරිසිදුවූවා වේ. යහපත් සමාධියේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් පිරීමට යත්. 
        “මහණෙනි, යහපත් නුවණ ඇත්තාහට වැරදි නුවණ පිරිසිදුවූයේ වේ. වැරදි නුවණේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ උපදිත්ද, ඔහුට ඔවුන්ද පිරිසිදුවූවා වේ. යහපත් නුවණේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් පිරීමට යත්. 
        “මහණෙනි, යහපත් මිදීම ඇත්තාහට වැරදි මිදීම පිරිසිදුවූයේ වේ. වැරදි මිදීම් හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ උපදිත්ද, ඔහුට ඔවුන්ද පිරිසිදුවූවා වේ. යහපත් මිදීම් හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් පිරීමට යත්. 
        මහණෙනි, යම් දෙවීමක් ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරුද්ධිය පිණිස, ක්ලේශ ව්‍යපසමය පිණිස, විශිෂ්ට ඥානය පිණිස, මනා අවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතීද, යම් සේදීමකට පැමිණ ඉපදීම ස්වභාවකොට ඇති සත්න්වයෝ ඉපදීමෙන් මිදෙත්ද, ජරාව ස්වභාවකොට ඇති සත්න්වයෝ ජරාවෙන් මිදෙත්ද, මරණය ස්වභාවකොට ඇති සත්න්වයෝ මරණින් මිදෙත්ද, ශෝකය, වැළපීමය, කායික දුක, මානසික දොම්නස, දැඩි වෙහෙස, ස්වභාවකොට ඇති සත්ත්වයෝ ඉන් මිදෙත්ද, මහණෙනි, මේ ආර්‍ය්‍ය ධොවනයයි.” 
     | 
| 8. තිකිච්ඡකසුත්තං | 8. අරියවිරෙචන සූත්‍රය | 
| 
        108
        
          ‘‘තිකිච්ඡකා 
                        
             
        ‘‘අහඤ්ච ඛො, භික්ඛවෙ, අරියං විරෙචනං දෙසෙස්සාමි, යං විරෙචනං සම්පජ්ජතියෙව නො විපජ්ජති, යං විරෙචනං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති, ජරාධම්මා සත්තා ජරාය පරිමුච්චන්ති, මරණධම්මා සත්තා මරණෙන පරිමුච්චන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා 
                        
             
        ‘‘කතමඤ්ච තං, භික්ඛවෙ, අරියං විරෙචනං, යං විරෙචනං සම්පජ්ජතියෙව නො විපජ්ජති, යං විරෙචනං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති, ජරාධම්මා සත්තා ජරාය පරිමුච්චන්ති, මරණධම්මා සත්තා මරණෙන පරිමුච්චන්ති 
                        
             
        ‘‘සම්මාදිට්ඨිකස්ස, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි විරිත්තා හොති; යෙ ච මිච්ඡාදිට්ඨිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති තෙ චස්ස විරිත්තා හොන්ති; සම්මාදිට්ඨිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. 
        ‘‘සම්මාසඞ්කප්පස්ස 
                        
             
        ‘‘සම්මාවිමුත්තිස්ස, භික්ඛවෙ, මිච්ඡාවිමුත්ති විරිත්තා හොති; යෙ ච මිච්ඡාවිමුත්තිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති තෙ චස්ස විරිත්තා හොන්ති; සම්මාවිමුත්තිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. ඉදං ඛො තං, භික්ඛවෙ, අරියං විරෙචනං යං විරෙචනං සම්පජ්ජතියෙව නො විපජ්ජති, යං විරෙචනං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති...පෙ.... සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසෙහි පරිමුච්චන්තී’’ති. අට්ඨමං. 
     | 
    
        108
        
         “මහණෙනි, පිතින් උපන් ලෙඩ සංසිඳවීම පිණිසද, සෙමෙන් උපන් ලෙඩ සංසිඳවීම පිණිසද, වාතයෙන් උපන් ලෙඩ සංසිඳවීම පිණිසද, වෛද්‍යවරයෝ විරේක දෙත්. මහණෙනි, මේ විරේකය ඇතැයි කියමි. මෙය නැතැයි නොකියමි. මහණෙනි, ඒ විරේචනය හරියයිද වේ, වරදියිද වේ. මහණෙනි, මම යම් විරේකයක් හරියාද, නොවරදීද, යම් විරේකයකට පැමිණ ඉපදීම ස්වභාවකොට ඇති සත්න්වයෝ ඉපදීමෙන් මිදෙත්ද, ජරාව, මරණය ස්වභාවකොට ඇති සත්ත්වයෝ ඉන් මිදෙත්ද, ඒ ආර්‍ය්‍ය විරේචනය දෙසන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. 
        “මහණෙනි, යම් විරේකයක් හරියාද, නොවරදීද, යම් විරේකයකට පැමිණ, ඉපදීම ස්වභාවකොට ඇති සත්ත්වයෝ ඉපදීමෙන් මිදෙත්ද, ජරාවෙන්, මරණයෙන් මිදෙත්ද, ඒ ආර්‍ය්‍ය විරේචනය කවරේද? 
        “මහණෙනි, සම්‍යක් දෘෂ්ටිකයාට මිත්ථ්යා දෘෂ්ටිය විරේකවූයේ වේ. මිත්ථ්යා දෘෂ්ටි හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට විරේකවූවාහු වෙත්. සම්‍යක් දෘෂ්ටි හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්ණ වෙත්. 
        “මහණෙනි, යහපත් කල්පනා ඇත්තාහට වැරදි කල්පනාව විරේකවූයේ වේ. වැරදි කල්පනාවේ හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට විරේකවූවාහු වෙත්. යහපත් කල්පනාවේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්ණ වෙත්. 
        “මහණෙනි, යහපත් වචන ඇත්තාහට වැරදි වචන විරේකවූයේ වේ. වැරදි වචනයන්ගේ හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට විරේකවූවාහු වෙත්. යහපත් වචනයන්ගේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්ණ වෙත්. 
        “මහණෙනි, යහපත් කර්මාන්ත ඇත්තාහට වැරදි කර්මාන්ත විරේකවූයේ වේ. වැරදි කර්මාන්තයන්ගේ හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට විරේකවූවාහු වෙත්. යහපත් කර්මාන්තයන්ගේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්ණ වෙත්. 
        “මහණෙනි, යහපත් ජීවිකාව ඇත්තාහට වැරදි ජීවිකාව විරේකවූයේ වේ. වැරදි ජීවිකාවේ හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට විරේකවූවාහු වෙත්. යහපත් ජීවිකාවේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්ණ වෙත්. 
        “මහණෙනි, යහපත් සිහිය ඇත්තාහට වැරදි සිහිය විරේකවූයේ වේ. වැරදි සිහියේ හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට විරේකවූවාහු වෙත්. යහපත් සිහියේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්ණ වෙත්. 
        “මහණෙනි, යහපත් සමාධිය ඇත්තාහට වැරදි සමාධිය විරේකවූයේ වේ. වැරදි සමාධියේ හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට විරේකවූවාහු වෙත්. යහපත් සමාධියේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්ණ වෙත්. 
        “මහණෙනි, යහපත් නුවණ ඇත්තාහට වැරදි නුවණ විරේකවූයේ වේ. වැරදි නුවණේ හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට විරේකවූවාහු වෙත්. යහපත් නුවණේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්ණ වෙත්. 
        “මහණෙනි, යහපත් මිදීම ඇත්තාහට වැරදි මිදීම විරේකවූයේ වේ. වැරදි මිදීම් හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට විරේකවූවාහු වෙත්. යහපත් මිදීම් හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්ණ වෙත්. 
        “මහණෙනි, යම් විරේකයක් හරියාද, හරිනොයාද, යම් විරේකයකට පැමිණ, ඉපදීම ස්වභාවකොට ඇති සත්ත්වයෝ ඉපදීමෙන් මිදෙත්ද, ජරාව, මරණය, ශෝකය, වැළපීම, දුක, දොම්නස, දැඩි ආයාස ස්වභාවකොට ඇති සත්ත්වයෝ ඉන් මිදෙත්ද, මේ ඒ ආර්‍ය්‍ය විරේචනයයි. 
     | 
| 9. වමනසුත්තං | 9. අරියවමන සූත්‍රය | 
| 
        109
        
          ‘‘තිකිච්ඡකා 
                        
             
        ‘‘අහඤ්ච ඛො, භික්ඛවෙ, අරියං වමනං දෙසෙස්සාමි, යං වමනං සම්පජ්ජතියෙව නො විපජ්ජති, යං වමනං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති, ජරාධම්මා සත්තා ජරාය පරිමුච්චන්ති, මරණධම්මා සත්තා මරණෙන පරිමුච්චන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා සත්තා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසෙහි පරිමුච්චන්ති. තං සුණාථ...පෙ..... 
        ‘‘කතමඤ්ච තං, භික්ඛවෙ, අරියං වමනං, යං වමනං සම්පජ්ජතියෙව නො විපජ්ජති, යං වමනං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති...පෙ.... සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා 
                        
             
        ‘‘සම්මාදිට්ඨිකස්ස 
                        
             
        ‘‘සම්මාසඞ්කප්පස්ස, භික්ඛවෙ, මිච්ඡාසඞ්කප්පො වන්තො හොති...පෙ.... සම්මාවාචස්ස, භික්ඛවෙ, මිච්ඡාවාචා වන්තා හොති... සම්මාකම්මන්තස්ස, භික්ඛවෙ, මිච්ඡාකම්මන්තො වන්තො හොති... සම්මාආජීවස්ස භික්ඛවෙ, මිච්ඡාආජීවො වන්තො හොති... සම්මාවායාමස්ස, භික්ඛවෙ, මිච්ඡාවායාමො වන්තො හොති... සම්මාසතිස්ස, භික්ඛවෙ, මිච්ඡාසති වන්තා හොති... සම්මාසමාධිස්ස, භික්ඛවෙ, මිච්ඡාසමාධි වන්තො හොති... සම්මාඤාණිස්ස, භික්ඛවෙ, මිච්ඡාඤාණං වන්තං හොති 
                        
             
        ‘‘සම්මාවිමුත්තිස්ස 
                        
             
     | 
    
        109
        
         “මහණෙනි, පිතින් උපන් ලෙඩ සංසිඳවීම පිණිසද, සෙමෙන් උපන් ලෙඩ සංසිඳවීම පිණිසද, වාතයෙන් උපන් ලෙඩ සංසිඳවීම පිණිසද, වෛද්‍යවරයෝ වැමෑරීම දෙත්. මහණෙනි, මේ වැමෑරීම ඇතැයි කියමි. මෙය නැතැයි නොකියමි. මහණෙනි, ඒ වැමෑරීම හරියයිද වේ, වරදියිද වේ. මහණෙනි, මම යම් වැමෑරීමක් හරියාද, නොවරදීද, යම් වැමෑරීමකට පැමිණ ඉපදීම ස්වභාවකොට ඇති සත්න්වයෝ ඉපදීමෙන් මිදෙත්ද, ජරාව, මරණය ස්වභාවකොට ඇති සත්ත්වයෝ ඉන් මිදෙත්ද, ඒ ආර්‍ය්‍ය වැමෑරීම දෙසන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. 
        “මහණෙනි, යම් වැමෑරීමක් හරියාද, නොවරදීද, යම් වැමෑරීමකට පැමිණ, ඉපදීම ස්වභාවකොට ඇති සත්ත්වයෝ ඉපදීමෙන් මිදෙත්ද, ජරාවෙන්, මරණයෙන් මිදෙත්ද, ඒ ආර්‍ය්‍ය වැමෑරීම කවරේද? 
        “මහණෙනි, සම්‍යක් දෘෂ්ටිකයාට මිත්ථ්යා දෘෂ්ටිය වැමෑරීමවූයේ වේ. මිත්ථ්යා දෘෂ්ටි හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට වැමෑරීමවූවාහු වෙත්. සම්‍යක් දෘෂ්ටි හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්ණ වෙත්. 
        “මහණෙනි, යහපත් කල්පනා ඇත්තාහට වැරදි කල්පනාව වැමෑරීමවූයේ වේ. වැරදි කල්පනාවේ හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට වැමෑරීමවූවාහු වෙත්. යහපත් කල්පනාවේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්ණ වෙත්. 
        “මහණෙනි, යහපත් වචන ඇත්තාහට වැරදි වචන වැමෑරීමවූයේ වේ. වැරදි වචනයන්ගේ හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට වැමෑරීමවූවාහු වෙත්. යහපත් වචනයන්ගේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්ණ වෙත්. 
        “මහණෙනි, යහපත් කර්මාන්ත ඇත්තාහට වැරදි කර්මාන්ත වැමෑරීමවූයේ වේ. වැරදි කර්මාන්තයන්ගේ හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට වැමෑරීමවූවාහු වෙත්. යහපත් කර්මාන්තයන්ගේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්ණ වෙත්. 
        “මහණෙනි, යහපත් ජීවිකාව ඇත්තාහට වැරදි ජීවිකාව වැමෑරීමවූයේ වේ. වැරදි ජීවිකාවේ හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට වැමෑරීමවූවාහු වෙත්. යහපත් ජීවිකාවේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්ණ වෙත්. 
        “මහණෙනි, යහපත් සිහිය ඇත්තාහට වැරදි සිහිය වැමෑරීමවූයේ වේ. වැරදි සිහියේ හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට වැමෑරීමවූවාහු වෙත්. යහපත් සිහියේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්ණ වෙත්. 
        “මහණෙනි, යහපත් සමාධිය ඇත්තාහට වැරදි සමාධිය වැමෑරීමවූයේ වේ. වැරදි සමාධියේ හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට වැමෑරීමවූවාහු වෙත්. යහපත් සමාධියේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්ණ වෙත්. 
        “මහණෙනි, යහපත් නුවණ ඇත්තාහට වැරදි නුවණ වැමෑරීමවූයේ වේ. වැරදි නුවණේ හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට වැමෑරීමවූවාහු වෙත්. යහපත් නුවණේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්ණ වෙත්. 
        “මහණෙනි, යහපත් මිදීම ඇත්තාහට වැරදි මිදීම වැමෑරීමවූයේ වේ. වැරදි මිදීම් හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට වැමෑරීමවූවාහු වෙත්. යහපත් මිදීම් හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්ණ වෙත්. 
        “මහණෙනි, යම් වැමෑරීමක් හරියාද, හරිනොයාද, යම් වැමෑරීමකට පැමිණ, ඉපදීම ස්වභාවකොට ඇති සත්ත්වයෝ ඉපදීමෙන් මිදෙත්ද, ජරාව, මරණය, ශෝකය, වැළපීම, දුක, දොම්නස, දැඩි ආයාස ස්වභාවකොට ඇති සත්ත්වයෝ ඉන් මිදෙත්ද, මේ ඒ ආර්‍ය්‍ය වැමෑරීමයි. 
     | 
| 10. නිද්ධමනීයසුත්තං | 10. නිද්ධමනීයධම්ම සූත්‍රය | 
| 
        110
        
          ‘‘දසයිමෙ, භික්ඛවෙ, නිද්ධමනීයා ධම්මා. කතමෙ දස? සම්මාදිට්ඨිකස්ස, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි නිද්ධන්තා හොති; යෙ ච මිච්ඡාදිට්ඨිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති තෙ චස්ස නිද්ධන්තා හොන්ති; සම්මාදිට්ඨිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති 
                        
             
        ‘‘සම්මාසඞ්කප්පස්ස, භික්ඛවෙ, මිච්ඡාසඞ්කප්පො නිද්ධන්තො හොති...පෙ.... සම්මාවාචස්ස භික්ඛවෙ, මිච්ඡාවාචා නිද්ධන්තා හොති... සම්මාකම්මන්තස්ස, භික්ඛවෙ, මිච්ඡාකම්මන්තො නිද්ධන්තො හොති... සම්මාආජීවස්ස, භික්ඛවෙ, මිච්ඡාආජීවො නිද්ධන්තො හොති... සම්මාවායාමස්ස, භික්ඛවෙ, මිච්ඡාවායාමො නිද්ධන්තො හොති... සම්මාසතිස්ස, භික්ඛවෙ, මිච්ඡාසති නිද්ධන්තා හොති... සම්මාසමාධිස්ස, භික්ඛවෙ, මිච්ඡාසමාධි නිද්ධන්තො හොති... සම්මාඤාණිස්ස, භික්ඛවෙ, මිච්ඡාඤාණං නිද්ධන්තං හොති.... 
        ‘‘සම්මාවිමුත්තිස්ස 
                        
             
     | 
    
        110
        
         “මහණෙනි, මේ පිට කළ යුතු ධර්ම දහයක් වෙත්. කවර දහයක්ද යත්? 
        “මහණෙනි, සම්‍යක් දෘෂ්ටිකයාහට මිත්‍යාදෘෂ්ටිය පිටකළා වේ. මිත්‍යාදෘෂ්ටි හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ පහළවෙත්ද, ඔවුන්ද ඔහු විසින් පහකළාහු වෙත්. සම්‍යක් දෘෂ්ටි හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවිමට යත්. 
        “මහණෙනි, යහපත් කල්පනා ඇත්තාහට වැරදි කල්පනාව පිටකළා වේ. වැරදි කල්පනාවේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ පහළවෙත්ද, ඔවුන්ද ඔහු විසින් පහකළාහු වෙත්. යහපත් කල්පනාවේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවිමට යත්. 
        “මහණෙනි, යහපත් වචන ඇත්තාහට වැරදි වචන පිටකළා වේ. වැරදි වචනයන්ගේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ පහළවෙත්ද, ඔවුන්ද ඔහු විසින් පහකළාහු වෙත්. යහපත් වචනයන්ගේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවිමට යත්. 
        “මහණෙනි, යහපත් කර්මාන්ත ඇත්තාහට වැරදි කර්මාන්ත පිටකළා වේ. වැරදි කර්මාන්තයන්ගේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ පහළවෙත්ද, ඔවුන්ද ඔහු විසින් පහකළාහු වෙත්. යහපත් කර්මාන්තයන්ගේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවිමට යත්. 
        “මහණෙනි, යහපත් ජීවිකාව ඇත්තාහට වැරදි ජීවිකාව පිටකළා වේ. වැරදි ජීවිකාවේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ පහළවෙත්ද, ඔවුන්ද ඔහු විසින් පහකළාහු වෙත්. යහපත් ජීවිකාවේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවිමට යත්. 
        “මහණෙනි, යහපත් වීර්‍ය්‍ය ඇත්තාහට වැරදි වීර්‍ය්‍ය පිටකළා වේ. වැරදි වීර්ය්යයේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ පහළවෙත්ද, ඔවුන්ද ඔහු විසින් පහකළාහු වෙත්. යහපත් වීර්ය්යයේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවිමට යත්. 
        “මහණෙනි, යහපත් සිහිය ඇත්තාහට වැරදි සිහිය පිටකළා වේ. වැරදි සිහියේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ පහළවෙත්ද, ඔවුන්ද ඔහු විසින් පහකළාහු වෙත්. යහපත් සිහියේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවිමට යත්. 
        “මහණෙනි, යහපත් සමාධිය ඇත්තාහට වැරදි සමාධිය පිටකළා වේ. වැරදි සමාධියේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ පහළවෙත්ද, ඔවුන්ද ඔහු විසින් පහකළාහු වෙත්. යහපත් සමාධියේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවිමට යත්. 
        “මහණෙනි, යහපත් නුවණ ඇත්තාහට වැරදි නුවණ පිටකළා වේ. වැරදි නුවණේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ පහළවෙත්ද, ඔවුන්ද ඔහු විසින් පහකළාහු වෙත්. යහපත් නුවණේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවිමට යත්. 
        “මහණෙනි, යහපත් මිදීම ඇත්තාහට වැරදි මිදීම පිටකළා වේ. වැරදි මිදීමේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ පහළවෙත්ද, ඔවුන්ද ඔහු විසින් පහකළාහු වෙත්. යහපත් මිදීමේ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවිමට යත්. මහණෙනි, මේ දසය පිටකළයුතු ධර්මයෝය. 
     | 
| 11. පඨමඅසෙඛසුත්තං | 11. දස අසෙක්ඛ ධම්ම සූත්‍රය | 
| 
        111
        
          අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - 
        ‘‘‘අසෙඛො 
                        
             
     | 
    
        111
        
         ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, අශෙඛය, අශෙඛයයි කියයි. ස්වාමීනි, කොපමණකින් අශෙඛවේදැ” යි ඇසීය. 
        “මහණ, මේ ශාසනයෙහි මහණතෙම අශෛක්ෂ (ශික්ෂාව අවසන්කළ) සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූයේ වේද, අශෛක්ෂ සම්‍යක් සංකල්පනාවෙන් යුක්තවූයේ වේද, අශෛක්ෂ සම්‍යක් වචනයෙන් යුක්තවූයේ වේද, අශෛක්ෂ සම්‍යක් කර්මාන්තයෙන් යුක්තවූයේ වේද, අශෛක්ෂ සම්‍යක් ජීවිකාවෙන් යුක්තවූයේ වේද, අශෛක්ෂ සම්‍යක් වෑයමින් යුක්තවූයේ වේද, අශෛක්ෂ සම්‍යක් සමාධියෙන් යුක්තවූයේ වේද, අශෛක්ෂ සම්‍යක් ඤාණයෙන් යුක්තවූයේ වේද, අශෛක්ෂ සම්‍යක් මිදීමෙන් යුක්තවූයේ වේ. මහණෙනි, මෙසේ වනාහි මහණතෙම අශෛක්ෂ වේය’ යි වදාළ සේක. 
     | 
| 12. දුතියඅසෙඛසුත්තං | 12. දස අසේඛිය ධම්ම සූත්‍රය | 
| 
        112
        
          ‘‘දසයිමෙ 
                        
             
     | 
    
        112
        
         “මහණෙනි, මේ අශෛක්ෂ ධර්ම දහයෙකි. කවර දසයක්ද යත්? අශෛක්ෂ සම්‍යක් දෘෂ්ටිය, අශෛක්ෂ සම්‍යක් සංකල්පනාවය, අශෛක්ෂ සම්‍යක් වචනය, අශෛක්ෂ සම්‍යක් කර්මාන්තය, අශෛක්ෂ සම්‍යක් ආජීවය, අශෛක්ෂ සම්‍යක් වීර්‍ය්‍යය, අශෛක්ෂ සම්‍යක් සමාධිය, අශෛක්ෂ සම්‍යක් ඤාණය, අශෛක්ෂ මිදීමය යන මේ දශය මහණෙනි, අශෛක්ෂ ධර්මයෝයි.” 
     |