ත්‍රිපිටකය
(11) 1. සමණසඤ්ඤාවග්ගො (11) 1. සමණසඤ්ඤා වර්‍ගය
1. සමණසඤ්ඤාසුත්තං 1. සමණසඤ්ඤා සූත්‍රය
2. බොජ්ඣඞ්ගසුත්තං 2. බොජ්ඣඞ්ගතෙවිජ්ජා සූත්‍රය
102
‘‘සත්තිමෙ, භික්ඛවෙ, බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා තිස්සො විජ්ජා පරිපූරෙන්ති. කතමෙ සත්ත? සතිසම්බොජ්ඣඞ්ගො, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො, වීරියසම්බොජ්ඣඞ්ගො, පීතිසම්බොජ්ඣඞ්ගො, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, සමාධිසම්බොජ්ඣඞ්ගො, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො - ඉමෙ ඛො, භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා තිස්සො විජ්ජා පරිපූරෙන්ති. කතමා තිස්සො? ඉධ, භික්ඛවෙ, භික්ඛු අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්‍යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො...පෙ.... ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන...පෙ.... යථාකම්මූපගෙ සත්තෙ පජානාති . ආසවානං ඛයා...පෙ.... සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉමෙ ඛො, භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා ඉමා තිස්සො විජ්ජා පරිපූරෙන්තී’’ති. දුතියං.
102
“මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද මේ බොජ්ඣඞ්ග සත ත්‍රිවිද්‍යාවන් සම්පූර්‍ණ කරයි. කවර සතක්ද යත්? අවබෝධයට කාරණාවු සිහිය, අවබෝධයට උපකාරවූ ප්‍රඥාව, අවබෝධයට කාරණාවූ වීර්‍ය්‍යය, අවබෝධයට කාරණාවූ ප්‍රීතිය, සිත කය දෙකේ බර ඇරීම, එකඟකම, මැදහත් බව, යන සතයි. වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ බොජ්ඣඞ්ග සත ත්‍රිවිද්‍යාවන් සම්පූර්‍ණ කරත්.
කවර විද්‍යා තුනක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නානාප්‍රකාර පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරෙන්නේ වේද, විසාරදවූයේ පිරිසෙහි ධර්‍ම දේශනා කරයිද, විනයධර වේද, නානාප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, ඒ මෙසේය. (මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්‍ගයේ, 8 සූත්‍රයේ 4 ඡේදය යෙදිය යුතුයි.) මෙසේ හැඩහුරුකම් සහිත, උදෙසීම් සහිත, නානාප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයි. පිරිසිදුවූ මනුෂ්‍යත්‍වය ඉක්මවා සිටි දිවැසින් කම්වූ පරිදි ආ සත්ත්‍වයන් දනී.
“ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත ඵල සමාධියද, ඵල ප්‍රඥාවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ බොජ්ඣඞ්ග සත, මේ ත්‍රිවිද්‍යාවන් සම්පූර්‍ණ කරත්.”
3. මිච්ඡත්තසුත්තං 3. ආරාධන විරාධනා සූත්‍රය
4. බීජසුත්තං 4. බීජෝපම සූත්‍රය
5. විජ්ජාසුත්තං 5. පුබ්බඞ්ගමධම්ම සූත්‍රය
6. නිජ්ජරසුත්තං 6. නිජ්ජරවත්‍ථු සූත්‍රය
7. ධොවනසුත්තං 7. අරියධොවන සූත්‍රය
8. තිකිච්ඡකසුත්තං 8. අරියවිරෙචන සූත්‍රය
9. වමනසුත්තං 9. අරියවමන සූත්‍රය
10. නිද්ධමනීයසුත්තං 10. නිද්‍ධමනීයධම්ම සූත්‍රය
11. පඨමඅසෙඛසුත්තං 11. දස අසෙක්ඛ ධම්ම සූත්‍රය
12. දුතියඅසෙඛසුත්තං 12. දස අසේඛිය ධම්ම සූත්‍රය