ත්‍රිපිටකය
(10) 5. උපාලිවග්ගො (10) 5. උපාසක වර්‍ගය
1. කාමභොගීසුත්තං 1. දසකාම භොගී සූත්‍රය
2. භයසුත්තං 2. වුපසන්තපඤ්චභය සූත්‍රය
3. කිංදිට්ඨිකසුත්තං 3. කිංදිඨික සූත්‍රය
4. වජ්ජියමාහිතසුත්තං 4. සබ්බගරහන වජ්ජියමහිත සූත්‍රය
5. උත්තියසුත්තං 5. උත්තිය පරිබ්‍රාජක සූත්‍රය
6. කොකනුදසුත්තං 6. කොකනද සූත්‍රය
7. ආහුනෙය්‍යසුත්තං 7. දස ආහුණෙය්‍ය ධම්ම සූත්‍රය
8. ථෙරසුත්තං 8. දසථෙරධම්ම සූත්‍රය
9. උපාලිසුත්තං 9. උපාලිවනපත්‍ථ සූත්‍රය
99
අථ ඛො ආයස්මා උපාලි යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි . එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපාලි භගවන්තං එතදවොච - ‘‘ඉච්ඡාමහං, භන්තෙ, අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිතු’’න්ති.
‘‘දුරභිසම්භවානි හි ඛො (දුරභිසම්භවානි ඛො (සී. පී.)), උපාලි, අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි. දුක්කරං පවිවෙකං දුරභිරමං. එකත්තෙ හරන්ති මඤ්ඤෙ මනො වනානි සමාධිං අලභමානස්ස භික්ඛුනො. යො ඛො, උපාලි, එවං වදෙය්‍ය - ‘අහං සමාධිං අලභමානො අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිස්සාමී’ති, තස්සෙතං පාටිකඞ්ඛං - ‘සංසීදිස්සති වා උප්ලවිස්සති වා’ති (උප්පිලවිස්සති වා (සී. ස්‍යා. පී.)).
‘‘සෙය්‍යථාපි, උපාලි, මහාඋදකරහදො. අථ ආගච්ඡෙය්‍ය හත්ථිනාගො සත්තරතනො වා අඩ්ඪට්ඨරතනො (අට්ඨරතනො (සී. පී.)) වා. තස්ස එවමස්ස - ‘යංනූනාහං ඉමං උදකරහදං ඔගාහෙත්වා කණ්ණසංධොවිකම්පි ඛිඩ්ඩං කීළෙය්‍යං පිට්ඨිසංධොවිකම්පි ඛිඩ්ඩං කීළෙය්‍යං. කණ්ණසංධොවිකම්පි ඛිඩ්ඩං කීළිත්වා පිට්ඨිසංධොවිකම්පි ඛිඩ්ඩං කීළිත්වා න්හත්වා (නහාත්වා (සී. පී.), න්හාත්වා (ස්‍යා.)) ච පිවිත්වා ච පච්චුත්තරිත්වා යෙන කාමං පක්කමෙය්‍ය’න්ති. සො තං උදකරහදං ඔගාහෙත්වා කණ්ණසංධොවිකම්පි ඛිඩ්ඩං කීළෙය්‍ය පිට්ඨිසංධොවිකම්පි ඛිඩ්ඩං කීළෙය්‍ය; කණ්ණසංධොවිකම්පි ඛිඩ්ඩං කීළිත්වා පිට්ඨිසංධොවිකම්පි ඛිඩ්ඩං කීළිත්වා න්හත්වා ච පිවිත්වා ච පච්චුත්තරිත්වා යෙන කාමං පක්කමෙය්‍ය. තං කිස්ස හෙතු? මහා, උපාලි (මහා හුපාලි (සී. පී.)), අත්තභාවො ගම්භීරෙ ගාධං වින්දති.
‘‘අථ ආගච්ඡෙය්‍ය සසො වා බිළාරො වා. තස්ස එවමස්ස - ‘කො චාහං, කො ච හත්ථිනාගො! යංනූනාහං ඉමං උදකරහදං ඔගාහෙත්වා කණ්ණසංධොවිකම්පි ඛිඩ්ඩං කීළෙය්‍යං පිට්ඨිසංධොවිකම්පි ඛිඩ්ඩං කීළෙය්‍යං ; කණ්ණසංධොවිකම්පි ඛිඩ්ඩං කීළිත්වා පිට්ඨිසංධොවිකම්පි ඛිඩ්ඩං කීළිත්වා න්හත්වා ච පිවිත්වා ච පච්චුත්තරිත්වා යෙන කාමං පක්කමෙය්‍ය’න්ති. සො තං උදකරහදං සහසා අප්පටිසඞ්ඛා පක්ඛන්දෙය්‍ය. තස්සෙතං පාටිකඞ්ඛං - ‘සංසීදිස්සති වා උප්ලවිස්සති වා’ති . තං කිස්ස හෙතු? පරිත්තො, උපාලි, අත්තභාවො ගම්භීරෙ ගාධං න වින්දති. එවමෙවං ඛො, උපාලි, යො එවං වදෙය්‍ය - ‘අහං සමාධිං අලභමානො අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිස්සාමී’ති, තස්සෙතං පාටිකඞ්ඛං - ‘සංසීදිස්සති වා උප්ලවිස්සති වා’ති.
‘‘සෙය්‍යථාපි, උපාලි, දහරො කුමාරො මන්දො උත්තානසෙය්‍යකො සකෙන මුත්තකරීසෙන කීළති. තං කිං මඤ්ඤසි, උපාලි, නන්වායං කෙවලා පරිපූරා බාලඛිඩ්ඩා’’ති? ‘‘එවං, භන්තෙ’’.
‘‘ස ඛො සො, උපාලි, කුමාරො අපරෙන සමයෙන වුද්ධිමන්වාය ඉන්ද්‍රියානං පරිපාකමන්වාය යානි කානිචි කුමාරකානං කීළාපනකානි භවන්ති, සෙය්‍යථිදං - වඞ්කකං (වඞ්කං (සී. පී.)) ඝටිකං මොක්ඛචිකං චිඞ්ගුලකං (පිඞ්ගුලිකං (ස්‍යා.), චිඞ්කුලකං (ක.)) පත්තාළ්හකං රථකං ධනුකං, තෙහි කීළති. තං කිං මඤ්ඤසි, උපාලි, නන්වායං ඛිඩ්ඩා පුරිමාය ඛිඩ්ඩාය අභික්කන්තතරා ච පණීතතරා චා’’ති? ‘‘එවං, භන්තෙ’’.
‘‘ස ඛො සො, උපාලි, කුමාරො අපරෙන සමයෙන වුද්ධිමන්වාය ඉන්ද්‍රියානං පරිපාකමන්වාය පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගිභූතො පරිචාරෙති චක්ඛුවිඤ්ඤෙය්‍යෙහි රූපෙහි ඉට්ඨෙහි කන්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි, සොතවිඤ්ඤෙය්‍යෙහි සද්දෙහි... ඝානවිඤ්ඤෙය්‍යෙහි ගන්ධෙහි... ජිව්හාවිඤ්ඤෙය්‍යෙහි රසෙහි... කායවිඤ්ඤෙය්‍යෙහි ඵොට්ඨබ්බෙහි ඉට්ඨෙහි කන්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි. තං කිං මඤ්ඤසි, උපාලි, නන්වායං ඛිඩ්ඩා පුරිමාහි ඛිඩ්ඩාහි අභික්කන්තතරා ච පණීතතරා චා’’ති? ‘‘එවං, භන්තෙ’’.
(දී. නි. 1.190; ම. නි. 2.233) ‘‘ඉධ ඛො පන වො (වොති නිපාතමත්තං (අට්ඨ.)), උපාලි, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙති.
‘‘තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං වා කුලෙ පච්චාජාතො. සො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභති. සො තෙන සද්ධාපටිලාභෙන සමන්නාගතො ඉති පටිසඤ්චික්ඛති - ‘සම්බාධො ඝරාවාසො රජාපථො, අබ්භොකාසො පබ්බජ්ජා. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්‍රහ්මචරියං චරිතුං. යංනූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍ය’න්ති.
‘‘සො අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය මහන්තං වා භොගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති.
‘‘සො එවං පබ්බජිතො සමානො භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති.
‘‘අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති දින්නාදායී දින්නපාටිකඞ්ඛී; අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරති.
‘‘අබ්‍රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී හොති ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා.
‘‘මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස.
‘‘පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති, ඉතො සුත්වා න අමුත්‍ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා, සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී; සමග්ගකරණිං වාචං භාසිතා හොති.
‘‘ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති. යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති.
‘‘සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී, නිධානවතිං වාචං භාසිතා හොති කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං.
‘‘සො බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොති. එකභත්තිකො හොති රත්තූපරතො, විරතො විකාලභොජනා. නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතො හොති, මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො හොති, උච්චාසයනමහාසයනා පටිවිරතො හොති , ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතො හොති, ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතො හොති, ආමකමංසපටිග්ගහණා පටිවිරතො හොති, ඉත්ථිකුමාරිකපටිග්ගහණා පටිවිරතො හොති, දාසිදාසපටිග්ගහණා පටිවිරතො හොති, අජෙළකපටිග්ගහණා පටිවිරතො හොති, කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතො හොති, හත්ථිගවස්සවළවපටිග්ගහණා පටිවිරතො හොති, ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො හොති, දූතෙය්‍යපහිණගමනානුයොගා පටිවිරතො හොති, කයවික්කයා පටිවිරතො හොති, තුලාකූටකංසකූටමානකූටා පටිවිරතො හොති , උක්කොටනවඤ්චනනිකතිසාචියොගා පටිවිරතො හොති, ඡෙදනවධබන්ධනවිපරාමොසආලොපසහසාකාරා පටිවිරතො හොති.
‘‘සො සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති, සෙය්‍යථාපි නාම පක්ඛී සකුණො යෙන යෙනෙව ඩෙති සපත්තභාරොව ඩෙති. එවමෙවං භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවෙදෙති.
‘‘සො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්‍යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජති; රක්ඛති චක්ඛුන්ද්‍රියං, චක්ඛුන්ද්‍රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා... ඝානෙන ගන්ධං ඝායිත්වා... ජිව්හාය රසං සායිත්වා... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා... මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්‍යඤ්ජනග්ගාහී . යත්වාධිකරණමෙනං මනින්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජති; රක්ඛති මනින්ද්‍රියං, මනින්ද්‍රියෙ සංවරං ආපජ්ජති. සො ඉමිනා අරියෙන ඉන්ද්‍රියසංවරෙන සමන්නාගතො අජ්ඣත්තං අබ්‍යාසෙකසුඛං පටිසංවෙදෙති.
‘‘සො අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සමිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති.
‘‘සො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන ඉන්ද්‍රියසංවරෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙ සමන්නාගතො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
‘‘සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති, අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. බ්‍යාපාදපදොසං පහාය අබ්‍යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී, බ්‍යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථිනමිද්ධං පහාය විගතථිනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො, ථිනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො , උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථංකථී කුසලෙසු ධම්මෙසු, විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
‘‘සො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. තං කිං මඤ්ඤසි, උපාලි, ‘නන්වායං විහාරො පුරිමෙහි විහාරෙහි අභික්කන්තතරො ච පණීතතරො චා’’’ති? ‘‘එවං, භන්තෙ’’.
‘‘ඉමම්පි ඛො, උපාලි, මම සාවකා අත්තනි ධම්මං සම්පස්සමානා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති, නො ච ඛො තාව අනුප්පත්තසදත්ථා විහරන්ති.
‘‘පුන චපරං, උපාලි, භික්ඛු විතක්කවිචාරානං වූපසමා...පෙ.... දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. තං කිං මඤ්ඤසි, උපාලි, ‘නන්වායං විහාරො පුරිමෙහි විහාරෙහි අභික්කන්තතරො ච පණීතතරො චා’’’ති? ‘‘එවං, භන්තෙ’’.
‘‘ඉමම්පි ඛො, උපාලි, මම සාවකා අත්තනි ධම්මං සම්පස්සමානා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති, නො ච ඛො තාව අනුප්පත්තසදත්ථා විහරන්ති.
‘‘පුන චපරං, උපාලි, භික්ඛු පීතියා ච විරාගා...පෙ.... තතියං ඣානං උපසම්පජ්ජ විහරති. තං කිං මඤ්ඤසි, උපාලි, ‘නන්වායං විහාරො පුරිමෙහි විහාරෙහි අභික්කන්තතරො ච පණීතතරො චා’’’ති? ‘‘එවං, භන්තෙ’’.
‘‘ඉමම්පි ඛො, උපාලි, මම සාවකා අත්තනි ධම්මං සම්පස්සමානා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති, නො ච ඛො තාව අනුප්පත්තසදත්ථා විහරන්ති .
‘‘පුන චපරං, උපාලි, භික්ඛු සුඛස්ස ච පහානා...පෙ.... චතුත්ථං ඣානං...පෙ.....
පුන චපරං, උපාලි, භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. තං කිං මඤ්ඤසි, උපාලි, ‘නන්වායං විහාරො පුරිමෙහි විහාරෙහි අභික්කන්තතරො ච පණීතතරො චා’’’ති? ‘‘එවං, භන්තෙ’’.
‘‘ඉමම්පි ඛො, උපාලි, මම සාවකා අත්තනි ධම්මං සම්පස්සමානා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති, නො ච ඛො තාව අනුප්පත්තසදත්ථා විහරන්ති.
‘‘පුන චපරං, උපාලි, භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති...පෙ.....
‘‘සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති...පෙ.....
‘‘සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම ‘සන්තමෙතං පණීතමෙත’න්ති නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. තං කිං මඤ්ඤසි, උපාලි, ‘නන්වායං විහාරො පුරිමෙහි විහාරෙහි අභික්කන්තතරො ච පණීතතරො චා’’’ති? ‘‘එවං, භන්තෙ’’.
‘‘ඉමම්පි ඛො, උපාලි, මම සාවකා අත්තනි ධම්මං සම්පස්සමානා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති , නො ච ඛො තාව අනුප්පත්තසදත්ථා විහරන්ති.
‘‘පුන චපරං, උපාලි, භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති; පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. තං කිං මඤ්ඤසි, උපාලි, ‘නන්වායං විහාරො පුරිමෙහි විහාරෙහි අභික්කන්තතරො ච පණීතතරො චා’’’ති? ‘‘එවං, භන්තෙ’’.
‘‘ඉමම්පි ඛො, උපාලි, මම සාවකා අත්තනි ධම්මං සම්පස්සමානා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති, අනුප්පත්තසදත්ථා ච විහරන්ති. ඉඞ්ඝ ත්වං, උපාලි, සඞ්ඝෙ විහරාහි. සඞ්ඝෙ තෙ විහරතො ඵාසු භවිස්සතී’’ති. නවමං.
99
ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක් සිටි ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, මම ඈත වනයෙහි දුර සෙනසුන් ආශ්‍රය කරන්ට කැමැත්තෙමි’ යි කීයේය. උපාලිය, අරණ්‍යයෙහි ඈත වනයෙහි දුර සෙනසුන් නොලැබිය හැකිවෙයි. උතුම් විවේකය දුෂ්කරය. එකඟ බවෙහි නොඇලෙයි. සමාධිය නොලබන භික්‍ෂුවගේ සිත් වනයෝ ගනිත්යයි සිතමි. උපාලිය, යම්කිසි කෙනෙක් මම එකඟකම නොලබමින් අරණ්‍යයෙහි දුර වනයේ, දුර සේනාසන සේවනය කරමියි මෙසේ කියන්නේය, කිඳෙන්නේය, පාවෙන්නේය, යන මෙය ඔහු විසින් කැමතිවිය යුතුයි.
“උපාලිය, මහ වතුර විලක් යම් සේ වේද, ඉක්බිති සත් රියනක් හෝ අට රියනක් හෝ ඇති ඇත් රජෙක් එන්නේද, ඔහුට මේ දිය විලට බැස කණ සේදීමේ ක්‍රීඩාව කරන්නේ නම්, පිට සෝදන ක්‍රීඩාව කරන්නේ නම් යහපතැයි සිතයි. කණ සේදීමේ, පිට සේදීමේ කෙළි කෙළ, නා, බී, ගොඩවී, යම් තැනක් කැමැත්තේද, යන්නේය. හෙතෙම ඒ දිය විලට බැස කණ, පිට සෝදන කෙළි කෙළින්නේය. කණ, පිට සෝදන කෙළි කෙළ, නා, බී, ගොඩවී, යම තැනක් කැමැත්තේ නම්, එහි යන්නේද, ඊට හේතු කවරේද? උපාලිය, ශරීරය ගැඹුරේ නොගැඹුර විඳියි.”
“ඉක්බිති හාවෙක් හෝ බළලෙක් හෝ එන්නේය. ඔහුට ‘මම කවරෙක්ද? ඇත් රජා කවරෙක්ද? මම මේ දිය විලට බැස කණ, පිට, සොදන ක්‍රීඩා කෙළින්නෙමි, කණ, පිට, සෝදන ක්‍රීඩා කොට නා, බී, ගොඩවී යම් තැනෙක්හි කැමැත්තේ නම් එහි යන්නේය’ යි මෙබඳු සිතක් වන්නේය. හෙතෙම ඒ දිය විල කරා පැමිණ, වහා කල්පනා නොකර පනින්නේය. ඔහු කිඳෙන්නේය, පාවෙන්නේය, යන මෙය කැමතිවිය යුතුයි. ඊට හේතු කවරේද? උපාලිය, ශරීරය කුඩාය. ගැඹුරෙහි නොගැඹුරු බවක් නොලබයි. උපාලිය, එසේම යමෙක්, ‘මම සිතේ එකඟකම නොලබා අරණ්‍යයෙහි ඈත වනයේ දුර සෙනසුන් සේවනය කරන්නෙමියි මෙසේ කියන්නේ නම් කිඳෙන්නේය, පාවෙන්නේය, යන මෙය ඔහු විසින් බලාපොරොත්තු විය යුතුයි.
“උපාලිය, යම්සේ කුඩාවූ උඩුකුරුව සයනය කරණ ළදරු කුමරෙක් ස්වකීය මල මූත්‍ර සමග කෙළීද, උපාලිය, ඒ කුමකැයි සිතන්නේද? මෙය සම්පූර්‍ණයෙන් පිරුණු ළදරු සෙල්ලමක් නොවේද?” “ස්වාමීනි, එසේය.” “උපාලිය, ඒ කුමාරතෙම මෑත භාගයෙහි වැඩීමට පැමිණ ඉන්ද්‍රියයන් මේරීමට පැමිණ කුමරුවන්ගේ සෙල්ලම් බඩු දේ ඇද්ද, ඒ මෙසේයි. බිලීකටුය, කුඩාකලය, රූංපෙත්ත, චිංගුලකය, පත්තාළ්හකය, කුඩා රථය, කුඩා දුන්න යන මෙයින් ක්‍රීඩා කරයි. උපාලිය, ඒ කිමකැයි සිතන්නේද? මේ ක්‍රීඩා පෙර ක්‍රීඩාවලට වඩා අතිශයින් යහපත් නොවේද, අතිශයින් ප්‍රණීත නොවේද?” - “ස්වාමීනි, එසේය.”
“උපාලිය, ඒ කුමාරතෙම මෑත කාලයෙහි වැඩිවිය පැමිණ, ඉඳුරන් මේරීමට පැමිණ, පස්කම් ගුණයෙන් යුක්තවූයේ යෙදුනේ යහපත්වූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වරූප ඇති, කාමයට හේතුවන, ඇලුම් කටයුතු, ඇසින් දතයුතු රූපයන් පිරිවරයි. නාසයෙන් දතයුතු ගන්‍ධයන්, දිවින් දතයුතු රසයන්, කයින් දතයුතු ස්පර්‍ශයන් පිරිවරයි. උපාලිය, මේ ක්‍රීඩා පෙර ක්‍රීඩාවලට වඩා අතිශයින් යහපත්ද, ප්‍රණීතදැයි සිතන්නෙහිද?” - “ස්වාමීනි, එසේය.”
“උපාලිය, මේ ලෝකයෙහි නව අරහාදී බුදු ගුණයෙන් යුත් තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදී. උන්වහන්සේ මාරයා සහිත, බ්‍රහ්මයා සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට බණ කියයි. හෙතෙම මුල, මැද, අග යහපත් තේරුම් සහිත, අකුරු සහිත, හාත්පසින් සම්පූර්‍ණ ධර්‍මය දේශනා කරයි. පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරයි.
ගෘහපතියෙක් හෝ, ගෘහපති පුත්‍රයෙක් හෝ, එක්තරා කුලයක උපන්නෙක් හෝ, ඒ ධර්‍මය අසයි. හෙතෙම ඒ ධර්‍මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ඇදහීම ලබයි. හෙතෙම ඒ ඇදහීමෙන් ගිහිගෙයි විසීම හිරිහැර සහිතය, පව්වලට මගය, පැවිද්ද එලිමහනෙකි, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්‍ණ, ඒකාන්තයෙන් පිරිසිදු, ලියවන ලද සක්ගෙඩියක් මෙන් පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙන්නට නොහැකියයි මෙසේ කල්පනා කරයි. ‘මම කෙස්, රැවුල් බා, කහ රෙදි හැඳ, ගිහිගෙන් නික්ම අනගාරික සස්නෙහි පැවිදිවන්නේ නම් හොඳය’ යි සිතයි.
“හෙතෙම මෑත භාගයෙහි ස්වල්පවූ හෝ වස්තුව හැර, මහත්වූ හෝ වස්තුව හැර, ස්වල්පවූ හෝ ඤාති සමූහයා අත්හැර, මහත්වූ හෝ ඤාති සමුහයා අත්හැර, හිසකෙස්, රැවුල් බා, කහ රෙදි හැඳ, ගිහිගෙන් නික්ම, අනගාරිය නම් ශාසනයෙහි පැවිදිවෙයි. හෙතෙම මෙසේ පැවිදිවූයේම (මෙතැනට ගතයුතු චුල්ල-මධ්‍යම-මහා ශීලයන් දික්සඟි සාමඤ්ඤඵල සූත්‍රයේ 102 පිටේ 30 ඡේදය යෙදිය යුතුයි.)
“හෙතෙම කයින් පරිහරණය කරණ සිවුරින්, කුසින් පරිහරණය කරණ පිණ්ඩපාතයෙන් සතුටුවූයේ වේ. යම් යම් තැනකට යන්නේ, පාත්‍ර සිවුරු රැගෙනම යයි. යම් සේ පියාපත් ඇති පක්‍ෂිතෙම යම් යම් තැනකට පියාඹයිද, පියාපත් බර ඇත්තේම පියාඹා යේද, එසේ (පාත්‍ර සිවුරු) රැගෙනම යයි. මහණතෙම එසේම කයින් පරිහරණය කරණ සිවුරෙන්ද, කුසින් පරිහරණය කරණ පිණ්ඩපාතයෙන් සතුටුවූයේ වේ. යම් යම් තැනකට යයිද, රැගෙනම යයි. හෙතෙම මේ ආර්‍ය්‍ය ශීල රාශියෙන් යුක්තවූයේ වේ. අධ්‍යාත්මයෙහි නිවැරදි සැපක් විඳියි. (මෙතැනට සාමඤ්ඤඵල සූත්‍රයේ 45, 46 ඡේද යොදාගන්න.)
“හෙතෙම මේ ආර්‍ය්‍ය ශීලස්ඛන්‍ධයෙන් යුක්තවූයේ, මේ ආර්‍ය්‍ය ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ, මේ ආර්‍ය්‍ය සිහියෙන් හා සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, වනයක්, රුක් මුලක්, පර්‍වතයක්, කඳුරක්, පර්‍වත ගුහාවක්, සොහොනක්, වනබිමක්, එළිමහනක්, පිදුරු ගොඩක් යන විවේක සෙනසුනක් ආශ්‍රය කරයි. හෙතෙම අරණ්‍යයට ගියේ හෝ, වෘක්‍ෂමූලයකට ගියේ හෝ, හිස් ගෙයකට ගියේ හෝ පලක් බැඳ, ශරීරය ඎජුව තබා සිහිය ඉදිරිපත්කොට පලක් බැඳ වාඩි වෙයි.
හෙතෙම පඤ්චස්කන්‍ධ ලෝකයෙහි තෘෂ්ණාව අත්හැර පහවූ තෘෂ්ණා ඇති සිතින් වාසය කරයි. සිත තෘෂ්ණාවෙන් පිරිසිදු කරයි. ක්‍රෝධය, ද්වේෂය අත්හැර ව්‍යාපාදයට නොපැමිණි සිතින් වාසය කරයි. සියලු ප්‍රාණීන් භූතයන්ට හිතයෙන් අනුකම්පාවෙන් වාසය කරයි. ව්‍යාපාදයෙන්, ද්වේෂයෙන් සිත පිරිසිදු කරයි. සිතේ, කයේ නිදිබරකම අත්හැර පහවූ ථීනම්ද්‍ධ ඇතිව ආලෝක සංඥාව ඇත්තේ, සිහි ඇතිව, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව, වාසය කරයි. සිතේ, කයේ නිදිබර ගතියෙන් සිත පිරිසිදු කරයි.
“එක අරමුණක සිත නොපවත්නා බැවින්ද, කළ, නොකළ සුචරිත දුශ්චරිතයන්හි කුකුස අත්හැර, උද්‍ධච්ච නොවූයේ, ආධ්‍යාත්මයෙහි නොවූයේ, සංසිඳුනු සිත් ඇත්තේ, විසුරුණු බැවින් හා කුකුසෙන් සිත පිරිසිදු කරයි. සැකය අත්හැර, තරණය කළ සැක ඇතිව, කුශල ධර්මයන්හි කෙසේදැයි කථා නැතිව වාසය කරයි. සැකයෙන් සිත පිරිසිදු කරයි. හෙතෙම සිතට කිළිටිවූ, ප්‍රඥාව දුර්‍වල කරණ මේ පඤ්ච නීවරණ ධර්මයන් අත්හැර, කාමයන්ගෙන් වෙන්ව, විතර්‍ක, විචාර සහිත, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. උපාලිය, ඒ කුමකැයි හඟින්නේද? මේ වාසය පෙර වාසයන්ට වඩා අතිශයින් යහපත්ද, ප්‍රණීතද නොවන්නේද?” - “ස්වාමීනි, එසේය.”
“උපාලිය, මාගේ ශ්‍රාවකයෝ මේ ධර්මයද තමා කෙරෙහි ලා දකින්නේ, වනයෙහි වනගත ප්‍රාන්ත සෙනසුන් ආශ්‍රය කරත්. යම්තාක් නොපැමිණි ස්වාර්ත්‍ථය ඇත්තෝ වාසය නොකරත්ද, ඒතාක්ය.
“උපාලිය, නැවතද මහණතෙම විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද-
“උපාලිය, නැවතද මහණතෙම ප්‍රීතිය පහවීමෙන් තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද-
“උපාලිය, නැවතද මහණතෙම සැපයාගේ පහවීමෙන්ද සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද-
“උපාලිය, නැවතද මහණතෙම සර්‍ව ප්‍රකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන්, ක්‍රොධ සංඥාවන්ගේ අස්තයට යැවීමෙන්, නානාත්ම සංඥාවන්ගේ නොමෙනෙහි කිරීමෙන්, ආකාශය අනන්තයයි ආකාශානඤ්චායතනයට පැමිණ වාසය කෙරේද-
“ඉදින් උපාලිය, මේ සමාපත්ති විහරණයෙන් යුතුව වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට රූප සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, ඕහට එය ආබාධයක් වෙයි. උපාලිය, යම් සේ සුවපත් වූවහුට දුක් උපදින්නේද, ඒතාක් ආබාධය පිණිස පවතීද, එසේම ඕහට ඒ රූප සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද. ඕහට එය ආබාධයක් වෙයි. උපාලිය, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. උපාලිය, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.
“නැවතද අනිකක් කියමි. උපාලිය, මහණතෙම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම, විඤ්ඤාණය අනන්තයයි, විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසේද, උපාලිය, ඉදින් මේ සමවත් විහරණයෙන් යුතුව වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට ආකාසානඤ්චායතන සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, ඕහට එය ආබාධයක් වෙයි. උපාලිය, සුවපත් වූවහුට දුක උපදින්නේද, ඒතාක් යම් සේ ආබාධය පිණිස පවතීද, එසේම ඕහට ඒ ආකාසානඤ්චායතන සංඥා මනසිකාරයෝ පවතිත්ද. ඕහට එය ආබාධයක් වෙයි. උපාලිය, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. උපාලිය, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.
“උපාලිය, නැවතද අනිකක් කියමි. උපාලිය, මහණතෙම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම කිසිවක් නැත්තේයයි ආකිඤ්චඤ්ඤායතනට පැමිණ වෙසේද, ඉදින් උපාලිය, මේ සමවත් විහරණයෙන් යුතුව වාසය කරන්නාවූ භික්‍ෂුවකට විඤ්ඤාණාඤ්චායතන සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, ඕහට එය ආබාධයක් වේ. උපාලිය, සුවපත් වූවහුට දුක් උපදින්නේද, ඒතාක් ආබාධය පිණිස යම් සේ පවතීද, එසේම ඕහට ඒ විඤ්ඤාණඤ්චායතන සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද. ඕහට එය ආබාධයක් වෙයි. උපාලිය, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. උපාලිය, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.
“උපාලිය, නැවතද අනිකක් කියමි. උපාලිය, මහණතෙම සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ඉක්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට පැමිණ වෙසේද, උපාලිය, ඉදින් මේ සමවත් විහරණයෙන් යුතුව වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට ආකිඤ්චඤ්ඤායතන සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, ඕහට එය ආබාධයක් වේ. උපාලිය, සුවපත් වූවහුට දුක් උපදින්නේද, ඒතාක් ආබාධය පිණිස යම් සේ පවතින්නේද, එසේම ඕහට ඒ ආකිඤ්චඤ්ඤායතන සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද. ඕහට එය ආබාධයක් වෙයි. උපාලිය, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. උපාලිය, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.
“උපාලිය, නැවතද අනිකක් කියමි. උපාලිය, මහණතෙම සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤාතනය ඉක්ම සඤ්ඤා වෙදයිත නිරෝධයට පැමිණ වෙසේද, ප්‍රඥාවෙන් දැක ඔහුගේ ආශ්‍රව පරික්‍ෂිණයෝ (කෙලෙස් නැතිකිරීම්) වෙත්ද, උපාලිය, මේ ක්‍රමයෙන්ද මෙසේ නිවණ සැපවූසේ දතයුතුය” යි වදාළ සේක.
“උපාලිය, ඒ කුමකැයි හඟින්නේද? පූර්‍ව විහරණයන්ට වඩා මේ විහරණය අතිශයින් යහපත්ද, අතිශයින් ප්‍රණීතද නොවන්නේද?” - “එසේය, ස්වාමීනි.’ “උපාලිය, මාගේ ශ්‍රාවකයෝ මෙයද තමා කෙරෙහි දකිමින් වනයෙහි වනගත ප්‍රාන්ත සෙනසුන් ආශ්‍රය කරත්. යම්තාක් නොපැමිණි ස්වාර්ත්‍ථය ඇතිව වාසය කරත්ද, ඒතාක්ය. උපාලිය, දැන් ඔබ සංඝයා කෙරෙහි වාසය කරව. තොපට සංඝයා අතුරෙහි වාසය කිරීමෙන් පහසු වන්නේය.”
10. අභබ්බසුත්තං 10. දසපහාතබ්බ සූත්‍රය