(8) 3. ආකඞ්ඛවග්ගො | (8) 3. ආකඞ්ඛ වර්ගය |
1. ආකඞ්ඛසුත්තං | 1. ආකඞ්ඛෙය්ය සූත්‍රය |
71
(අ. නි. 4.12; ඉතිවු. 111) එකං
‘‘සම්පන්නසීලා
‘‘ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ, භික්ඛු ‘සබ්රහ්මචාරීනං පියො චස්සං මනාපො ච ගරු ච භාවනීයො චා’ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො
‘‘ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ, භික්ඛු ‘ලාභී අස්සං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරාන’න්ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො විපස්සනාය සමන්නාගතො බ්රූහෙතා සුඤ්ඤාගාරානං.
‘‘ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ, භික්ඛු ‘යෙසාහං පරිභුඤ්ජාමි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං තෙසං තෙ කාරා මහප්ඵලා අස්සු මහානිසංසා’ති, සීලෙස්වෙවස්ස...පෙ.... බ්රූහෙතා සුඤ්ඤාගාරානං.
‘‘ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ
‘‘ආකඞ්ඛෙය්ය
‘‘ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ, භික්ඛු ‘ඛමො අස්සං සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසරීසපසම්ඵස්සානං, දුරුත්තානං දුරාගතානං වචනපථානං උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිබ්බානං
(තිප්පානං (සී. ස්‍යා. කං. පී.)) ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකො අස්ස’න්ති, සීලෙස්වෙවස්ස...පෙ.... බ්රූහෙතා සුඤ්ඤාගාරානං.
‘‘ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ, භික්ඛු ‘අරතිරතිසහො අස්සං, න ච මං අරතිරති සහෙය්ය, උප්පන්නං අරතිරතිං අභිභුය්ය
‘‘ආකඞ්ඛෙය්ය
‘‘ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ, භික්ඛු ‘චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී අස්සං අකිච්ඡලාභී අකසිරලාභී’ති, සීලෙස්වෙවස්ස...පෙ.... බ්රූහෙතා සුඤ්ඤාගාරානං.
‘‘ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ, භික්ඛු ‘ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ
‘‘‘සම්පන්නසීලා, භික්ඛවෙ, විහරථ සම්පන්නපාතිමොක්ඛා, පාතිමොක්ඛසංවරසංවුතා විහරථ ආචාරගොචරසම්පන්නා අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවිනො, සමාදාය සික්ඛථ සික්ඛාපදෙසූ’ති, ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්ත’’න්ති. පඨමං.
|
71
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ශීලයෙන් යුක්තව වාසය කරව්. ප්රාතිමොක්ෂ සංවරයෙන් සංවරව වාසය කරව්. මනා හැසිරීමෙන් හා අරමුණින් යුක්තව, ස්වල්ප මාත්‍ර වරදෙහි පවා බිය දක්නා සුලුව වාසය කරව්. ශික්ෂාපදයන් සමාදන්ව හික්මෙව්.
“මහණෙනි, ඉදින් මහණතෙම සබ්‍රම්සරුන්ට ප්‍රියයෙක්ද, මනාපයෙක්ද, ගරු වූවෙක්ද, සම්භාවනා කටයුත්තෙක්ද වන්නෙමියි කැමතිවන්නේ නම් තමා තුළ සිතෙහි කෙළෙස් යටපත් කිරීමෙහි යෙදුණේ, දුරු නොකළ ධ්‍යාන ඇත්තේ, විදර්ශනාවෙන් යුක්තවූයේ, ශූන්‍යාගාරයෙහි භාවනා වඩන්නේ ශීලයම සම්පූර්ණ කරන්නේය.
“මහණෙනි, ඉදින් මහණතෙම සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන්නෙක් වන්නේ නම්, තමා තුළ සිතෙහි කෙළෙස් යටපත් කිරීමෙහි යෙදුණේ, දුරු නොකළ ධ්‍යාන ඇත්තේ, විදර්ශනාවෙන් යුක්තවූයේ, ශූන්‍යාගාරයෙහි භාවනා වඩන්නේ ශීලයම සම්පූර්ණ කරන්නේය.
“මහණෙනි, ඉදින් මහණතෙම යම් කෙනෙකුගේ සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර පරිභෝග කරන්නෙම්ද, ඔවුන්ගේ ඒ උපකාරයෝ මහත්ඵල මහත් ආනිශංස වෙත්වායි කැමැත්තේ නම් තමා තුළ සිතෙහි කෙළෙස් යටපත් කිරීමෙහි යෙදුණේ, දුරු නොකළ ධ්‍යාන ඇත්තේ, විදර්ශනාවෙන් යුක්තවූයේ, ශූන්‍යාගාරයෙහි භාවනා වඩන්නේ ශීලයම සම්පූර්ණ කරන්නේය.
“මහණෙනි, ඉදින් මහණතෙම මාගේ යම් නෑයෙක්, සහ ලේ නෑයෙක්, කලුරිය කළාහුද, පරලොව ගියාහුද, ඔවුහු ප්‍රසන්න සිතින් සිහිකරත්ද, ඔවුන්ට එය මහත් ඵල මහත් ආනිශංස වේවායි කැමතිවන්නේ නම්, තමා තුළ සිතෙහි කෙළෙස් යටපත් කිරීමෙහි යෙදුණේ, දුරු නොකළ ධ්‍යාන ඇත්තේ, විදර්ශනාවෙන් යුක්තවූයේ, ශූන්‍යාගාරයෙහි භාවනා වඩන්නේ ශීලයම සම්පූර්ණ කරන්නේය.
“මහණෙනි, ඉදින් මහණතෙම උසස් පහත් සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත්, පිරිකරින් සතුටුවූවෙක් වන්නෙමියි කැමැත්තේ නම්, තමා තුළ සිතෙහි කෙළෙස් යටපත් කිරීමෙහි යෙදුණේ, දුරු නොකළ ධ්‍යාන ඇත්තේ, විදර්ශනාවෙන් යුක්තවූයේ, ශූන්‍යාගාරයෙහි භාවනා වඩන්නේ ශීලයම සම්පූර්ණ කරන්නේය.
“මහණෙනි, ඉදින් මහණ තෙම ශීත, ඌෂ්ණ, බඩසා, පිපාසය, ඩැහැ ලේ බොන සත්තුය, මදුරුවෝය, වාතය, අව්වය, සර්ප ජාතීන්ගේ ස්පර්ෂය, නපුරු කොට කියන ලද, නපුරු කොට පැමිණිවාක් මාර්ගයන් ඉවසන්නෙක් වන්නේද, දුක්වූ, තියුණුවූ, ක්‍රූරවූ, කටුකවූ, අයහපත්වූ, අප්‍රියවූ, දිවි පැහැර ගන්නාවූ, ශාරීරික වේදනාවන් ඉවසන සුලු වූවෙක් වන්නට කැමැත්තේ නම්, තමා තුළ සිතෙහි කෙළෙස් යටපත් කිරීමෙහි යෙදුණේ, දුරු නොකළ ධ්‍යාන ඇත්තේ, විදර්ශනාවෙන් යුක්තවූයේ, ශූන්‍යාගාරයෙහි භාවනා වඩන්නේ ශීලයම සම්පූර්ණ කරන්නේය.
“මහණෙනි, ඉදින් මහණතෙම නොඇලීම හා ඇලීම ඉවසන්නෙක් වෙමි. නොඇලීම හා ඇලීම මා නොඉවසන්නේය. උපන් නොඇලීම, ඇලීම මැඩ මැඩ වාසය කරන්නෙමියි කැමැත්තේ නම්, තමා තුළ සිතෙහි කෙළෙස් යටපත් කිරීමෙහි යෙදුණේ, දුරු නොකළ ධ්‍යාන ඇත්තේ, විදර්ශනාවෙන් යුක්තවූයේ, ශූන්‍යාගාරයෙහි භාවනා වඩන්නේ ශීලයම සම්පූර්ණ කරන්නේය.
“මහණෙනි, ඉදින් මහණතෙම බිය හා භයානක අරමුණු ඉවසන්නෙක් වන්නෙමි. බිය හා භයානක අරමුණු මා නොඉවසන්නේය. උපන් බිය හා භයානක අරමුණු මැඩ මැඩ වාසය කරන්නෙමියි කැමැත්තේ නම්, තමා තුළ සිතෙහි කෙළෙස් යටපත් කිරීමෙහි යෙදුණේ, දුරු නොකළ ධ්‍යාන ඇත්තේ, විදර්ශනාවෙන් යුක්තවූයේ, ශූන්‍යාගාරයෙහි භාවනා වඩන්නේ ශීලයම සම්පූර්ණ කරන්නේය.
“මහණෙනි, ඉදින් මහණ තෙම ශ්‍රේෂ්ඨ සිත්වූ, මේ ආත්මයෙහි සැප විහරණ ඇති, ධ්‍යාන සතර අයත්නයෙන්, ලෙහෙසියෙන්, ලබන්නෙම් නම්, පහසුවෙන් ලබන්නෙම් නම්, නිදුකින් ලබන්නෙම් නම්, යෙහෙකැයි ඉදින් කැමති වන්නේ නම්, තමා තුළ සිතෙහි කෙළෙස් යටපත් කිරීමෙහි යෙදුණේ, දුරු නොකළ ධ්‍යාන ඇත්තේ, විදර්ශනාවෙන් යුක්තවූයේ, ශූන්‍යාගාරයෙහි භාවනා වඩන්නේ ශීලයම සම්පූර්ණ කරන්නේය.
“මහණෙනි, ඉදින් මහණ තෙම ආශ්‍රවයන්ගේ ක්ෂය වීමෙන් ආශ්‍රව රහිත සිතින් කෙළෙසුන්ගෙන් මිදීමද, නුවණින් කෙළෙසුන්ගෙන් මිදීමද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ඨ ඥානයෙන් දැන, ප්රත්යක්ෂකොට, පැමිණ වාසය කරන්නෙමියි කැමැත්තේ නම්, තමා තුළ සිතෙහි කෙළෙස් යටපත් කරණ දුරු නොකළ ධ්‍යාන ඇති, විදර්ශනාවෙන් යුක්ත ශූන්‍යාගාරයෙහි භාවනා වඩන ශීලයම සම්පූර්ණ කරන්නෙක් වන්නේය.
“මහණෙනි, ශීලයෙන් යුක්තව වාසය කරව්. ප්රාතිමොක්ෂයෙන් යුක්තව වාසය කරව්. ප්රාතිමොක්ෂ ශීලයෙන් සංවරව වාසය කරව්. මනා හැසිරීමෙන් හා අරමුණින් යුක්තව, ස්වල්ප මාත්‍ර වරදෙහි පවා බිය දක්නා සුළුව වාසය කරව්. ශික්ෂා පදයන් සමාදන්ව හික්මෙව්යයි මෙසේ ඒ යමක් වදාරණ ලද්දේද, මෙය මේ සඳහා වදාරණ ලදී.”
|
2. කණ්ටකසුත්තං | 2. කණ්ටක සූත්‍රය |
72
එකං
තෙන ඛො පන සමයෙන සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී භද්රෙහි
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘කහං නු ඛො, භික්ඛවෙ, චාලො, කහං උපචාලො, කහං කුක්කුටො, කහං කළිම්භො, කහං නිකටො, කහං කටිස්සහො; කහං නු ඛො තෙ, භික්ඛවෙ, ථෙරා සාවකා ගතා’’ති?
‘‘ඉධ, භන්තෙ, තෙසං ආයස්මන්තානං එතදහොසි - ‘ඉමෙ ඛො සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී භද්රෙහි භද්රෙහි යානෙහි පරපුරාය උච්චාසද්දා මහාසද්දා මහාවනං අජ්ඣොගාහන්ති භගවන්තං දස්සනාය ‘සද්දකණ්ටකා ඛො පන ඣානාවුත්තා භගවතා යංනූන මයං යෙන ගොසිඞ්ගසාලවනදායො තෙනුපසඞ්කමෙය්යාම තත්ථ මයං අප්පසද්දා අප්පාකිණ්ණා ඵාසුං විහරෙය්යාමා’ති. අථ ඛො තෙ, භන්තෙ, ආයස්මන්තො යෙන ගොසිඞ්ගසාලවනදායො තෙනුපසඞ්කමිංසු. තත්ථ තෙ ආයස්මන්තො අප්පසද්දා අප්පාකිණ්ණා ඵාසුං විහරන්තී’’ති
‘‘සාධු
‘‘දසයිමෙ, භික්ඛවෙ, කණ්ටකා. කතමෙ දස? පවිවෙකාරාමස්ස සඞ්ගණිකාරාමතා කණ්ටකො, අසුභනිමිත්තානුයොගං අනුයුත්තස්ස සුභනිමිත්තානුයොගො කණ්ටකො, ඉන්ද්රියෙසු ගුත්තද්වාරස්ස විසූකදස්සනං කණ්ටකො, බ්රහ්මචරියස්ස මාතුගාමූපචාරො
(මාතුගාමොපවිචාරො (සී.), මාතුගාමූපවිචරො (ක.)) කණ්ටකො,
(කථා. 333) පඨමස්ස
‘‘අකණ්ටකා
|
72
“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලානුවර මහ වනයෙහි කූටාගාර ශාලාවෙහි ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ස්ථවිර ශ්‍රාවකයන්වූ, ආයුෂ්මත් චාල, උපචාල, කක්කට, කවිම්භ, කට, කටිස්සඞ්ග යන තෙරුන් හා අන්‍යවූත් ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ස්ථවිර ශ්‍රාවකයන් සමග වාසය කරන සේක.
එකල්හි ඉතා ප්‍රසිද්ධ බොහෝ ලිච්ඡවීහුද, උස්හඬ මහහඬ ඇත්තාහු භද්‍ර භද්‍ර යානාවන්ගෙන්, පෙර - පසුව යන මහ සෙනඟ සමග නික්ම භාග්‍යවතුන් වහන්සේ දක්නට මහා වනයට ඇතුළු වෙති. එකල්හි ඒ ආයුෂ්මත්වරුන්ට මෙසේ සිත් විය: මේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බොහෝ ලිච්ඡවීහු භද්‍ර භද්‍ර යානයන්ගෙන් පෙර - පසුව යන මහ සෙනඟ සමග උස් හඬින්, මහා හඬින්, භාග්‍යවතුන් වහන්සේ දක්නට මහා වනයට වදිත්. භාග්‍යවතුන් වහන්සේ විසින්, ‘ධ්‍යානයන්ට ශබ්දය කටුවකැ’යි වදාරන ලදී. අපි ගොසිඞ්ගසාල වන ලැහැබ යම් තැනෙක්හිද, එහි එළඹෙමු නම් යෙහෙක. එහි අපි අල්පශබ්ද ඇත්තාහු, අල්පගැවසීම් ඇත්තාහු, සුවසේ වසමෝ නම් යෙහෙකැ’යි කියායි. ඉක්බිති ඒ ආයුෂ්මත්වරු ගොසිඞ්ගසාල වන ලැහැබ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. එහි සිටි ඒ ආයුෂ්මත්වරු අල්පශබ්ද වූවාහු අල්පගැවසීම් වූවාහු සුවසේ වසත්.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, චාල කොහිද? උපචාල කොහිද? කක්කට කොහිද? කවිම්භ කොහිද? කට කොහිද? කටිස්සඞ්ග කොහිද? මහණෙනි, ඒ ස්ථවිර වූ ශ්‍රාවකයෝ කොහි ගියාහුදැ?'යි.
ස්වාමීනි, මෙහිලා ඒ ආයුෂ්මතුන්ට මෙසේ සිත් විය: "මේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බොහෝ ලිච්ඡවීහු භද්‍ර භද්‍ර යානයන්ගෙන් පෙර - පසුව යන මහසෙන් සමඟ උස් හඬින්, මහා හඬින්, භාග්‍යවතුන් වහන්සේ දක්නට මහා වනයට වදිත්. භාග්‍යවතුන් වහන්සේ විසින්, ‘ධ්‍යානයන්ට ශබ්දය කටුවකැ’යි වදාරන ලදී. ‘අපි ගොසිඞ්ගසාල වන ලැහැබ යම් තැනෙක්හිද, එහි එළඹෙමු නම් යෙහෙක. එහි අපි අල්පශබ්ද ඇත්තාහු, අල්පගැවසීම් ඇත්තාහු, සුවසේ වසමෝ නම් යෙහෙකැ’යි කියායි. ස්වාමීනි, ඉක්බිති ඒ ආයුෂ්මත්වරු ගොසිඞ්ගසාල වන ලැහැබ යම් තැනෙක්හිද, එහි එළැඹියහ. එහි සිටි ඒ ආයුෂ්මත්වරු අල්පශබ්ද ඇත්තාහු, අල්පගැවසීම් ඇත්තාහු, සුවසේ වාසය කරත්”යි.
මහණෙනි, යහපත, යහපත. යම් පරිදි ඒ මහා ශ්‍රාවකයෝ මනාවට පවසන්නාහු කියත් නම් එසේ මවිසින් "ධ්‍යානයෝ ශබ්ද නමැති කටු ඇත්තාහ"යි කියන ලදී.
මහණෙනි, කටු දහයක් වෙත්. කවර දසයක්ද යත්: උසස් විවේකයෙහි ඇලුනහුට සමූහය මැද ඇලෙන බව කටුවකි. අශුභ නිමිති භාවනාවේ යෙදුනහුට ශුභ නිමිත්තෙහි යෙදීම කටුවකි. ඉන්ද්රියයන්හි වසන ලද දොර ඇත්තහුට විසුළු දැකීම කටුවකි. බ්‍රහ්මචාරී පුද්ගලයාට ස්ත්‍රීන් පිරිවැරීම කටුවකි. ප්‍රථම ධ්‍යානයට ශබ්දය කටුවකි. දෙවෙනි ධ්‍යානයට විතර්කය හා විචාරය (සිත යෙදීම, හැසිරවීම) කටුවකි. තුන්වෙනි ධ්‍යානයට ප්‍රීතිය කටුවකි. සතරවෙනි ධ්‍යානයට ආශ්වාශ ප්‍රශ්වාසයෝ කටුය. හැඟීම් හා විඳීම් නැතිකිරීමේ සමවතට (සංඥාවේදයිත නිරෝධසමාපත්තියට) සංඥාවද, වේදනාවද කටුය. රාගය කටුවකි. ද්වේෂය කටුවකි. මෝහය කටුවකි.
“මහණෙනි, කටු නැත්තෝව වාසය කරව්. මහණෙනි, නොකටුව වාසය කරව්. කටු නැත්තෝවද, නොකටුවද වාසය කරව්. මහණෙනි, රහත්හු කටු නැත්තෝය. මහණෙනි, රහත්හු නොකටු වූවෝය. මහණෙනි, රහත්හු කටු නැති නොකටු වූවෝය.”
|
3. ඉට්ඨධම්මසුත්තං | 3. දුල්ලභ දස ධම්ම සූත්‍රය |
73
‘‘දසයිමෙ, භික්ඛවෙ, ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං. කතමෙ දස? භොගා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං; වණ්ණො ඉට්ඨො කන්තො මනාපො දුල්ලභො ලොකස්මිං; ආරොග්යං ඉට්ඨං කන්තං මනාපං දුල්ලභං ලොකස්මිං; සීලං ඉට්ඨං කන්තං මනාපං දුල්ලභං ලොකස්මිං; බ්රහ්මචරියං ඉට්ඨං කන්තං මනාපං දුල්ලභං ලොකස්මිං; මිත්තා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං; බාහුසච්චං ඉට්ඨං කන්තං මනාපං දුල්ලභං ලොකස්මිං; පඤ්ඤා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං; ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං
‘‘ඉමෙසං
‘‘ඉමෙසං ඛො, භික්ඛවෙ, දසන්නං ධම්මානං ඉට්ඨානං කන්තානං මනාපානං දුල්ලභානං ලොකස්මිං දස ධම්මා ආහාරා - උට්ඨානං අනාලස්යං භොගානං ආහාරො, මණ්ඩනා විභූසනා වණ්ණස්ස ආහාරො, සප්පායකිරියා ආරොග්යස්ස ආහාරො, කල්යාණමිත්තතා සීලානං ආහාරො, ඉන්ද්රියසංවරො බ්රහ්මචරියස්ස ආහාරො, අවිසංවාදනා මිත්තානං ආහාරො, සජ්ඣායකිරියා බාහුසච්චස්ස ආහාරො, සුස්සූසා පරිපුච්ඡා පඤ්ඤාය ආහාරො, අනුයොගො පච්චවෙක්ඛණා ධම්මානං ආහාරො, සම්මාපටිපත්ති සග්ගානං ආහාරො
|
73
“මහණෙනි, යහපත්වූ, කාන්තවූ, මන වඩන්නාවූ, ලෝකයෙහි දුර්ලභවූ, මේ ධර්ම දහයක් වෙත්.
“කවර දහයක්ද යත්, භෝගයෝ යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. වර්ණය යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. නීරෝගීකම යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. ශීලය යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. බ්‍රහ්මචර්‍ය්‍යය යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. මිත්‍රයෝ යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. බහුශ්‍රුත භාවය යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. ප්‍රඥාව යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. ධර්මයෝ යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. ස්වර්ගයෝ යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. මහණෙනි, යහපත්වූ, කාන්තවූ, මන වඩන්නාවූ, ලෝකයෙහි දුර්ලභවූ, මේ ධර්ම දහයක් වෙත්.
“මහණෙනි, යහපත්වූ, කාන්තවූ, මන වඩන්නාවූ, ලෝකයෙහි දුර්ලභවූ, මේ ධර්ම දසයට උවදුරු ධර්මද දසයක් වෙත්.
“අලස බව, නොනැගිටීම, භොගයන්ට උවදුරය. නොසැරසීම, ආභරණ නැති බව හෙවත් නො සැරසීම වර්ණයට උවදුරය. නොගැලපෙන ක්‍රියා නීරෝගීකමට උවදුරය. දුෂ්ට මිත්‍රයන් ශීලයට උවදුරය. ඉන්ද්රිය අසංවරය බ්‍රහ්මචර්‍ය්‍යයට උවදුරය. බොරුකීම මිත්‍රයන්ට උවදුරකි. නොහැදෑරීම බහුශ්‍රුත භාවයට උවදුරය. මනාකොට ඇහුම්කන් නොදීම, ප්‍රශ්න නොඇසීම, ප්‍රඥාවට උවදුරකි. නොයෙදීම, ප්රත්යවෙක්ෂා නොකිරීම, ධර්මයන්ට උවදුරකි. වැරදි ප්‍රතිපත්තිය ස්වර්ගයට උවදුරකි. මහණෙනි, යහපත්වූ, කාන්තවූ, මන වඩන්නාවූ, ලෝකයෙහි දුර්ලභවූ, මේ ධර්ම දහයක් වෙත්.
“මහණෙනි, යහපත්වූ, කාන්තවූ, මන වඩන්නාවූ, ලෝකයෙහි දුර්ලභවූ, මේ ධර්ම දහයකට ධර්ම දසයක් ආහාර වෙත්.
“අලස නොවන බව, වීර්‍ය්‍යය, භොගයන්ට ආහාරය. සැරසීම, අලඞ්කාර ආභරණ, වර්ණයට ආහාරය. ගැලපෙන ක්‍රියා නීරෝගීකමට ආහාරය. යහපත් මිත්‍රයන් ඇති බව ශීලයට ආහාරය. ඉඳුරන් හසුරවා ගැනීම බ්‍රහ්මචර්‍ය්‍යයට ආහාරය. බොරු නොකීම මිත්‍රයන්ට ආහාරය. අවබෝධ කිරීම බහුශ්‍රුත භාවයට ආහාරය. ඇහුම්කන් දීම, ප්‍රශ්න කිරීම ප්‍රඥාවට ආහාරය. යෙදීම, සිහි කිරීම ධර්මයන්ට ආහාරය. යහපත් ප්‍රතිපත්තිය ස්වර්ගයට ආහාරය. මහණෙනි, යහපත්වූ, කාන්තවූ, මන වඩන්නාවූ, ලෝකයෙහි දුර්ලභවූ, මේ ධර්ම දහයක් වෙත්.
|
4. වඩ්ඪිසුත්තං | 4. දස අරියවඩ්ඪී සූත්‍රය |
74
‘‘දසහි
‘‘ධනෙන ධඤ්ඤෙන ච යොධ වඩ්ඪති,
පුත්තෙහි දාරෙහි චතුප්පදෙහි ච;
ස භොගවා හොති යසස්සි පූජිතො,
ඤාතීහි මිත්තෙහි අථොපි රාජුභි.
‘‘සද්ධාය සීලෙන ච යොධ වඩ්ඪති,
පඤ්ඤාය චාගෙන සුතෙන චූභයං;
සො
දිට්ඨෙව ධම්මෙ උභයෙන වඩ්ඪතී’’ති. චතුත්ථං;
|
74
“මහණෙනි, වැඩීම් දහයකින් වැඩෙන්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ආර්‍ය්‍ය වැඩීමෙන් වැඩෙයි. ශරීරයාගේ හරය ගන්නේද, ලාභය ගන්නේද වේ.
“කවර දහයකින්ද යත්? කෙත්වලින් වැඩෙයි. ධන ධාන්‍යයෙන් වැඩෙයි. අඹුදරුවන්ගෙන් වැඩෙයි. දාස කම්කරු පුරුෂයන්ගෙන් වැඩෙයි. සිවුපා සතුන්ගෙන් වැඩෙයි. ශ්‍රද්ධාවෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ඇසීමෙන් වැඩෙයි. ත්‍යාගයෙන් වැඩෙයි. ප්‍රඥාවෙන් වැඩෙයි. මහණෙනි, වැඩීම් දහයකින් වැඩෙන්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ආර්‍ය්‍ය වැඩීමෙන් වැඩෙයි. ශරීරයාගේ හරය ගන්නේද, ලාභය ගන්නේද වේ.
“යමෙක්තෙම මේ ලෝකයෙහි ධනයෙන්ද, ධාන්‍යයෙන්ද, අඹු දරුවන්ගෙන්ද, සිවුපා සතුන්ගෙන්ද. ඤාති මිත්‍රයන්ගෙන්ද, නැවතද රජුන්ගෙන්ද වැඩේද, යශස ඇත්තාවූ, පුදන ලද්දාවූ, හෙතම වස්තු ඇත්තේ වේ. යම් කෙනෙක් මේ ලෝකයෙහි ශ්‍රද්ධාවෙන් වැඩේද, ශීලයෙන් වැඩේද, ප්‍රඥාවෙන්ද, ත්‍යාගයෙන්ද යන දෙකින් වැඩේද, එබඳු ඤාණවන්ත, සත්පුරුෂ හෙතෙමේ මෙලොවම දෙලොවින් වැඩෙයි.”
|
5. මිගසාලාසුත්තං | 5. මිගශාලා සමගතික සූත්‍රය |
75
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන මිගසාලාය උපාසිකාය නිවෙසනං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො මිගසාලා උපාසිකා යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා
‘‘කථං කථං නාමායං, භන්තෙ ආනන්ද, භගවතා ධම්මො
‘‘කථං කථං නාමායං, භන්තෙ ආනන්ද, භගවතා ධම්මො දෙසිතො අඤ්ඤෙය්යො, යත්ර හි නාම බ්‍රහ්මචාරී ච අබ්රහ්මචාරී ච උභො සමසමගතිකා භවිස්සන්ති අභිසම්පරාය’’න්ති? ‘‘එවං ඛො පනෙතං, භගිනි, භගවතා බ්‍යාකත’’න්ති.
අථ ඛො ආයස්මා ආනන්දො මිගසාලාය උපාසිකාය නිවෙසනෙ පිණ්ඩපාතං ගහෙත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො ආයස්මා ආනන්දො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච -
‘‘ඉධාහං
‘කථං කථං නාමායං, භන්තෙ ආනන්ද, භගවතා ධම්මො දෙසිතො
කථං
‘‘කා චානන්ද, මිගසාලා උපාසිකා බාලා අබ්යත්තා අම්මකා අම්මකපඤ්ඤා
(අම්බකා අම්බකපඤ්ඤා (සී. පී.), අන්ධකා අන්ධකපඤ්ඤා (ස්‍යා.)), කෙ ච පුරිසපුග්ගලපරොපරියෙ ඤාණෙ?
‘‘දසයිමෙ, ආනන්ද, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ දස? ඉධානන්ද, එකච්චො පුග්ගලො දුස්සීලො හොති. තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති, යත්ථස්ස තං දුස්සීල්යං අපරිසෙසං නිරුජ්ඣති. තස්ස සවනෙනපි අකතං හොති, බාහුසච්චෙනපි අකතං හොති, දිට්ඨියාපි අප්පටිවිද්ධං හොති, සාමායිකම්පි විමුත්තිං න ලභති. සො කායස්ස භෙදා පරං මරණා හානාය පරෙති, නො විසෙසාය; හානගාමීයෙව හොති, නො විසෙසගාමී.
‘‘ඉධ පනානන්ද, එකච්චො පුග්ගලො දුස්සීලො හොති. තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං
‘‘තත්රානන්ද, පමාණිකා පමිණන්ති - ‘ඉමස්සපි තෙව ධම්මා, අපරස්සපි තෙව ධම්මා. කස්මා නෙසං එකො හීනො එකො පණීතො’ති? තඤ්හි තෙසං, ආනන්ද, හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය.
‘‘තත්රානන්ද, ය්වායං පුග්ගලො දුස්සීලො හොති. තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති යත්ථස්ස තං දුස්සීල්යං අපරිසෙසං නිරුජ්ඣති. තස්ස සවනෙනපි කතං හොති, බාහුසච්චෙනපි කතං හොති, දිට්ඨියාපි පටිවිද්ධං හොති, සාමායිකම්පි විමුත්තිං ලභති. අයං, ආනන්ද, පුග්ගලො අමුනා පුරිමෙන පුග්ගලෙන අභික්කන්තතරො ච පණීතතරො ච. තං කිස්ස හෙතු? ඉමං හානන්ද, පුග්ගලං ධම්මසොතො නිබ්බහති. තදන්තරං කො ජානෙය්ය, අඤ්ඤත්ර තථාගතෙන! තස්මාතිහානන්ද, මා පුග්ගලෙසු පමාණිකා අහුවත්ථ
‘‘ඉධ
‘‘ඉධ පනානන්ද, එකච්චො පුග්ගලො සීලවා හොති. තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති යත්ථස්ස තං සීලං අපරිසෙසං නිරුජ්ඣති. තස්ස සවනෙනපි කතං හොති, බාහුසච්චෙනපි කතං හොති, දිට්ඨියාපි පටිවිද්ධං හොති, සාමායිකම්පි විමුත්තිං ලභති. සො කායස්ස
‘‘තත්රානන්ද, පමාණිකා පමිණන්ති...පෙ.... අහං වා, ආනන්ද, පුග්ගලෙසු පමාණං ගණ්හෙය්යං යො වා පනස්ස මාදිසො.
‘‘ඉධ පනානන්ද, එකච්චො පුග්ගලො තිබ්බරාගො හොති. තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස සො රාගො අපරිසෙසො නිරුජ්ඣති. තස්ස සවනෙනපි අකතං හොති, බාහුසච්චෙනපි අකතං හොති, දිට්ඨියාපි අප්පටිවිද්ධං හොති, සාමායිකම්පි විමුත්තිං න ලභති. සො කායස්ස භෙදා පරං මරණා හානාය පරෙති, නො විසෙසාය; හානගාමීයෙව හොති, නො විසෙසගාමී.
‘‘ඉධ පනානන්ද, එකච්චො පුග්ගලො තිබ්බරාගො හොති. තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති යත්ථස්ස සො රාගො අපරිසෙසො නිරුජ්ඣති. තස්ස සවනෙනපි කතං හොති, බාහුසච්චෙනපි කතං හොති, දිට්ඨියාපි පටිවිද්ධං හොති, සාමායිකම්පි විමුත්තිං ලභති. සො කායස්ස
‘‘තත්රානන්ද
‘‘ඉධ පනානන්ද, එකච්චො පුග්ගලො කොධනො හොති. තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස සො කොධො අපරිසෙසො නිරුජ්ඣති. තස්ස සවනෙනපි අකතං හොති, බාහුසච්චෙනපි අකතං හොති, දිට්ඨියාපි අප්පටිවිද්ධං හොති, සාමායිකම්පි විමුත්තිං න ලභති. සො කායස්ස භෙදා පරං මරණා හානාය පරෙති, නො විසෙසාය; හානගාමීයෙව හොති, නො විසෙසගාමී.
‘‘ඉධ පනානන්ද, එකච්චො පුග්ගලො කොධනො හොති. තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං
‘‘තත්රානන්ද, පමාණිකා පමිණන්ති...පෙ.... අහං වා, ආනන්ද, පුග්ගලෙසු පමාණං ගණ්හෙය්යං යො වා පනස්ස මාදිසො.
‘‘ඉධ පනානන්ද, එකච්චො පුග්ගලො උද්ධතො හොති. තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස තං උද්ධච්චං අපරිසෙසං නිරුජ්ඣති. තස්ස සවනෙනපි අකතං හොති, බාහුසච්චෙනපි අකතං හොති, දිට්ඨියාපි අප්පටිවිද්ධං හොති, සාමායිකම්පි විමුත්තිං න ලභති. සො කායස්ස භෙදා පරං මරණා හානාය පරෙති, නො විසෙසාය; හානගාමීයෙව හොති, නො විසෙසගාමී.
‘‘ඉධ පනානන්ද, එකච්චො පුග්ගලො උද්ධතො හොති. තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති යත්ථස්ස තං උද්ධච්චං අපරිසෙසං නිරුජ්ඣති. තස්ස සවනෙනපි
‘‘තත්රානන්ද
‘‘තත්රානන්ද, ය්වායං පුග්ගලො උද්ධතො හොති තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති යත්ථස්ස තං උද්ධච්චං අපරිසෙසං නිරුජ්ඣති, තස්ස සවනෙනපි කතං හොති, බාහුසච්චෙනපි කතං හොති, දිට්ඨියාපි පටිවිද්ධං හොති, සාමායිකම්පි විමුත්තිං ලභති. අයං, ආනන්ද, පුග්ගලො අමුනා පුරිමෙන පුග්ගලෙන අභික්කන්තතරො ච පණීතතරො ච. තං කිස්ස හෙතු
‘‘කා චානන්ද, මිගසාලා උපාසිකා බාලා අබ්යත්තා අම්මකා අම්මකපඤ්ඤා, කෙ ච පුරිසපුග්ගලපරොපරියෙ ඤාණෙ! ඉමෙ ඛො, ආනන්ද, දස පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
‘‘යථාරූපෙන, ආනන්ද, සීලෙන පුරාණො සමන්නාගතො අහොසි තථාරූපෙන සීලෙන ඉසිදත්තො සමන්නාගතො අභවිස්ස, නයිධ පුරාණො ඉසිදත්තස්ස
|
75
“එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු මහ සිටාණන් විසින් කරවණ ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරවා, පාත්‍ර සිවුරු ගෙන, මිගශාලා නම් උපාසිකාවගේ ගෘහය යම් තැනෙක්හිද, එහි වැඩි සේක. වැඩ, පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. ඉක්බිති, මිගශාලා නම් උපාසිකා තොමෝ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාය. පැමිණ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වැඳ, එකත්පසෙක සිටියාය.
“එකත්පසෙක සිටි මිගශාලා උපාසිකාව ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට, “ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද මේ ධර්මය කෙසේ කෙසේ නම් දැනගත යුත්තේද, යම් පරිද්දෙකින් පරලෙව්හිදී බ්‍රහ්මචාරී තෙමේද, අබ්රහ්මචාරී තෙමේද, දෙදෙන පරලොව සමාන ගති ඇත්තාහු වෙත්ද? ස්වාමීනි, මාගේ පුරාණ පිය තෙම මෛථුනයෙන්, ග්‍රාම ධර්මයෙන් දුරුවූ, වෙන්වූ, බ්‍රහ්මචාරී පුද්ගලයෙක් වූයේය. හෙතෙම කළුරිය කෙළේය. සකෘදාගාමී සත්ත්වතෙම තුෂිත දිව්‍ය ලෝකයෙහි උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදී. ස්වාමීනි, මාගේ ඉසිදත්ත නම් පියවරයාද බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් වෙන්වූයේ වේ. ස්වකීය භාර්‍ය්‍යාව සහිතව සතුටුවූයේ, හෙතෙමේද කළුරිය කෙළේය. සකෘදාගාමී සත්ත්වතෙම තුෂිත දිව්‍ය ලෝකයෙහි උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද මේ ධර්මය කෙසේ කෙසේ නම් දත යුතුද? යම් හෙයකින් බ්‍රහ්මචාරී පුද්ගලයාද, අබ්රහ්මචාරී පුද්ගලයාද දෙදෙන පරලෙව්හිදී සමාන ගති ඇතිවන්නාහුද?
“නැගණියෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය මෙසේ ප්‍රකාශ කරණ ලද්දේය.”
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මිගශාලා උපාසිකාවගේ ගෘහයෙහි පිණ්ඩපාතය ගෙන, හුනස්නෙන් නැගිට වැඩි සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පසුබත පිණ්ඩපාතයෙන් වැළැක්කේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටි සේක.
එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, මම මෙහි පෙරවරු වේලාවෙහි හැඳ පොරවා පා සිවුරු රැගෙන මිගශාලා උපාසිකාවගේ නිවෙස යම් තැනෙක්හිද, එහි පැමිණියෙමි. පැමිණ, පනවන ලද අස්නෙහි වැඩ සිටියෙමි. ස්වාමීනි, ඉක්බිති, මිගශාලා නම් උපාසිකාව මා යම් තැනෙක්හිද, එහි පැමිණියාය. පැමිණ, මා වැඳ, එකත්පසෙක සිටියාය. ස්වාමීනි, එකත්පසෙක සිටි මිගශාලා උපාසිකාව, මට, “ආනන්ද ස්ථවිරයිනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද මේ ධර්මය කෙසේ කෙසේ නම් දැනගත යුත්තේද, යම් පරිද්දෙකින් පරලෙව්හිදී බ්‍රහ්මචාරී තෙමේද, අබ්රහ්මචාරී තෙමේද, දෙදෙන පරලොව සමාන ගති ඇත්තාහු වෙත්ද? ස්වාමීනි, මාගේ පුරාණ පිය තෙම මෛථුනයෙන්, ග්‍රාම ධර්මයෙන් දුරුවූ, වෙන්වූ, බ්‍රහ්මචාරී පුද්ගලයෙක් වූයේය. හෙතෙම කළුරිය කෙළේය. සකෘදාගාමී සත්ත්වතෙම තුෂිත දිව්‍ය ලෝකයෙහි උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදී. ස්වාමීනි, මාගේ ඉසිදත්ත නම් පියවරයාද බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් වෙන්වූයේ වේ. ස්වකීය භාර්‍ය්‍යාව සහිතව සතුටුවූයේ, හෙතෙමේද කළුරිය කෙළේය. සකෘදාගාමී සත්ත්වතෙම තුෂිත දිව්‍ය ලෝකයෙහි උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද මේ ධර්මය කෙසේ කෙසේ නම් දත යුතුද? යම් හෙයකින් බ්‍රහ්මචාරී පුද්ගලයාද, අබ්රහ්මචාරී පුද්ගලයාද දෙදෙන පරලෙව්හිදී සමාන ගති ඇතිවන්නාහුද? ඇසුවාය. ස්වාමීනි, මෙසේ කී කල්හි මම මිගශාලා උපාසිකාවට “නැගණියෙනි, මෙසේ වනාහි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය” යි මෙසේ කීවෙමි.”
“ආනන්දය, බාලවූ, අව්‍යක්තවූ, ලදරු මවක්වූ, ළදරු ප්‍රඥා ඇති මිගශාලා උපාසිකාව කවරීද? පුරුෂ පුද්ගලයන්ගේ උස් පහත් නුවණ කවරේද? ආනන්දය, ලෝකයෙහි මේ පුද්ගලයන් දස දෙනෙක් විද්‍යමාන වෙත්. කවර දස දෙනෙක්ද යත්,
“ආනන්දය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වේද, ඒ සිතින් දැක කෙළසුන්ගෙන් මිදීමද, නුවණින් දැක කෙළෙසුන්ගෙන් මිදීමද, තත්වූ පරිද්දෙන් නොදනී. යම් තැනෙක්හි ඒ දුශ්ශීලබව ඉතිරි නොකර නිරුද්ධ වේද, ඇසීමෙන් පවා නොකරණ ලද්දේ වේ. බහුශ්‍රුත භාවයෙන්ද නොකරණ ලද්දේ වේ. දෘෂ්ටියෙන්ද ප්‍රතිවෙධ නොකරණ ලද්දේ වේ. තාවකාලික විමුක්තියක්ද නොලබයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු පිරිහීමට යයි. උසස්වීමකට නොයයි. පිරිහීමට යන ස්වභාව ඇත්තේ වේ. උසස්වීමට නොයන සුළු වේ.
“ආනන්දය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වේද, ඒ සිතේ මිදීමද, නුවණින් මිදීමද, තත්වූ පරිද්දෙන් දනීද, යම් තැනෙක්හි ඒ දුශ්ශීලභාවය ඉතිරි නොකර නිරුද්ධ වේද, ඇසීමෙන් පවා එය කරණ ලද්දේ වේද. බහුශ්රුතභාවයෙන් කරණ ලද්දේ වේද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දේ වේද, තාවකාලික විමුක්තියක්ද ලබයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු දියුණුවට උත්සාහ කරයි. පිරිහීමට උත්සාහ නොකරයි. දියුණුවට යන ස්වභාව වේ. පිරිහීමට නොයන ස්වභාව වේ.
“ආනන්දය, මොහු කෙරෙන් මේ ධර්මයෝමය. අනිකෙකු කෙරෙන්ද මේ ධර්මයෝමය. ඔවුන් අතුරෙන් එකෙක් හීනය, එකෙක් ප්‍රණීතයයි ප්‍රමාණ කරන්නෝ ප්‍රමාණ කරත්. ආනන්දය, එය ඔවුන්ට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස වේ. ආනන්දය, එහි යම් මේ පුද්ගලයෙක් දුශ්ශීල වේද, ඒ සිතේ මිදීමද, නුවණින් මිදීමද තත්වූ පරිද්දෙන් දනීද, යම් තැනෙක්හි ඔහුට දුශ්ශීලභාවය ඉතිරි නැතිව නිරුද්ධ වේ. එය ඇසීමෙන් කරණ ලද්දේ වේ. බහුශ්රුතභාවයෙන් කරණ ලද්දේ වේ. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දේ වේ. තාවකාලික විමුක්තියක්ද ලබයි. ආනන්දය, මේ පුද්ගල තෙම, මේ පූර්ව පුද්ගලයාට වඩා අතිශයින් යහපත්ද, ප්‍රණීතද වේ. ඊට හේතු කවරේද? ආනන්දය, ධර්ම ශ්‍රොතය මේ පුද්ගලයා පා කරයිද, ඊට අනතුරු මේ පුද්ගලයා තථාගතයන් වහන්සේ හැර කවරෙක් දන්නේද? ආනන්දය, එසේ හෙයින් මෙහි පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණ වශයෙන් ගන්නාහු නොවව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් නොගනිව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නාවූ පුද්ගලයෙක් කොහිද? ආනන්දය, මමද යමෙක් මා වැනි වේද, පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නෙමි.
“ආනන්දය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වේද, ඒ සිතේ මිදීමද, නුවණින් මිදීමද, තත්වූ පරිද්දෙන් නොදනීද, යම් තැනෙක්හි ඒ ශීලය ඉතිරි නොකොට නිරුද්ධ වේද, ඔහු විසින් ඇසීමෙන් පවා නොකරණ ලද්දේ වේද. බහුශ්රුතභාවයෙන්ද නොකරණ ලද්දේ වේද, දෘෂ්ටියෙන්ද ප්‍රතිවෙධ නොකරණ ලද්දේ වේද, තාවකාලික විමුක්තිය නොලබයිද, හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු පිරිහීමට යයි. දියුණුවට නොයයි. පිරිහීමට යන්නේ හෝ වේ. දියුණුවට නොයන්නේ වේ.
“ආනන්දය, මෙහි ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වේද, ඒ සිතේ මිදීමද, නුවණින් මිදීමද, තත්වූ පරිද්දෙන් දනීද, ඒ ශීලය යම් තැනෙක්හි ඉතිරි නොකොට නිරුද්ධ වේද, ඔහු විසින් ඇසීමෙන්ද, බහුශ්රුතභාවයෙන්ද කරණ ලද්දේ වේද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දේ වේද, තාවකාලික විමුක්තිය ලබයිද, හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු දියුණුව පිණිස යයි. පිරිහීමට නොයයි. දියුණුවට යන්නේ වේ. පිරිහීමට නොයන්නේ වේ. යම් තැනෙක්හි ඔහුට දුශ්ශීලභාවය ඉතිරි නැතිව නිරුද්ධ වේ. එය ඇසීමෙන් කරණ ලද්දේ වේ. බහුශ්රුතභාවයෙන් කරණ ලද්දේ වේ. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දේ වේ. තාවකාලික විමුක්තියක්ද ලබයි. ආනන්දය, මේ පුද්ගල තෙම, මේ පූර්ව පුද්ගලයාට වඩා අතිශයින් යහපත්ද, ප්‍රණීතද වේ. ඊට හේතු කවරේද? ආනන්දය, ධර්ම ශ්‍රොතය මේ පුද්ගලයා පා කරයිද, ඊට අනතුරු මේ පුද්ගලයා තථාගතයන් වහන්සේ හැර කවරෙක් දන්නේද? ආනන්දය, මමද යම් කෙනෙක් වනාහි මා වැනි වේද, පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණ කිරීමකට යන්නෙමි.
“ආනන්දය, නැවතද මෙහි ඇතැම් පුද්ගලයෙක් තියුණු රාග ඇත්තේ වේද, ඒ සිතේ මිදීමද, නුවණින් මිදීමද, තත්වූ පරිද්දෙන් නොදනීද, යම් තැනෙක්හි ඒ රාගය ඉතිරි නොකොට නිරුද්ධ වේද, ඔහු විසින් ඇසීමෙන් පවා නොකරණ ලද්දේ වේද. බහුශ්රුතභාවයෙන්ද නොකරණ ලද්දේ වේද, දෘෂ්ටියෙන්ද ප්‍රතිවෙධ නොකරණ ලද්දේ වේද, තාවකාලික විමුක්තිය නොලබයිද, හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු පිරිහීමට යයි. දියුණුවට නොයයි. පිරිහීමට යන්නේ හෝ වේ. දියුණුවට නොයන්නේ වේ. යම් තැනෙක්හි ඔහුට රාගය ඉතිරි නැතිව නිරුද්ධ වේ. එය ඇසීමෙන් කරණ ලද්දේ වේ. බහුශ්රුතභාවයෙන් කරණ ලද්දේ වේ. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දේ වේ. තාවකාලික විමුක්තියක්ද ලබයි. ආනන්දය, මේ පුද්ගල තෙම, මේ පූර්ව පුද්ගලයාට වඩා අතිශයින් යහපත්ද, ප්‍රණීතද වේ. ඊට හේතු කවරේද? ආනන්දය, ධර්ම ශ්‍රොතය මේ පුද්ගලයා පා කරයිද, ඊට අනතුරු මේ පුද්ගලයා තථාගතයන් වහන්සේ හැර කවරෙක් දන්නේද?
“ආනන්දය, නැවතද මෙහි ඇතැම් පුද්ගලයෙක් තියුණු රාග ඇත්තේ වේද, ඒ විත්ත විමුක්තිය, ප්‍රඥා විමුක්තිය, තත්වූ පරිද්දෙන් දනීද, යම් තැනෙක්හි ඔහුට රාගය ඉතිරි නැතිව නිරුද්ධ වේ. එය ඇසීමෙන් කරණ ලද්දේ වේ. බහුශ්රුතභාවයෙන් කරණ ලද්දේ වේ. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දේ වේ. තාවකාලික විමුක්තියක්ද ලබයි. ආනන්දය, මේ පුද්ගල තෙම, මේ පූර්ව පුද්ගලයාට වඩා අතිශයින් යහපත්ද, ප්‍රණීතද වේ. ඊට හේතු කවරේද? ආනන්දය, ධර්ම ශ්‍රොතය මේ පුද්ගලයා පා කරයිද, ඊට අනතුරු මේ පුද්ගලයා තථාගතයන් වහන්සේ හැර කවරෙක් දන්නේද? ආනන්දය, එසේ හෙයින් මෙහි පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණ වශයෙන් ගන්නාහු නොවව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් නොගනිව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නාවූ පුද්ගලයෙක් කොහිද? ආනන්දය, මමද යමෙක් මා වැනි වේද, පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නෙමි.
“ආනන්දය, මෙහි ඇතැම් පුද්ගලයෙක් ක්‍රොධ කරණ සුළුවේද, ඒ සිතේ මිදීමද, නුවණින් මිදීමද තත්වූ පරිද්දෙන් නොදනීද, යම් තැනෙක්හි ඒ ක්‍රෝධය ඉතිරි නොකොට නිරුද්ධ වේද, ඔහු විසින් ඇසීමෙන් පවා නොකරණ ලද්දේ වේද. බහුශ්රුතභාවයෙන්ද නොකරණ ලද්දේ වේද, දෘෂ්ටියෙන්ද ප්‍රතිවෙධ නොකරණ ලද්දේ වේද, තාවකාලික විමුක්තිය නොලබයිද, හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු පිරිහීමට යයි. දියුණුවට නොයයි. පිරිහීමට යන්නේ හෝ වේ. දියුණුවට නොයන්නේ වේ. ආනන්දය, එසේ හෙයින් මෙහි පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණ වශයෙන් ගන්නාහු නොවව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් නොගනිව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නාවූ පුද්ගලයෙක් කොහිද? ආනන්දය, මමද යමෙක් මා වැනි වේද, පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නෙමි.
“ආනන්දය, මෙහි ඇතැම් පුද්ගලයෙක් ක්‍රොධ කරණ සුළුවේද, ඒ සිතේ මිදීම, නුවණින් මිදීමද තත්වූ පරිද්දෙන් දනීද, යම් තැනෙක්හි ඔහුට ක්‍රෝධය ඉතිරි නැතිව නිරුද්ධ වේ. එය ඇසීමෙන් කරණ ලද්දේ වේ. බහුශ්රුතභාවයෙන් කරණ ලද්දේ වේ. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දේ වේ. තාවකාලික විමුක්තියක්ද ලබයි. ආනන්දය, මේ පුද්ගල තෙම, මේ පූර්ව පුද්ගලයාට වඩා අතිශයින් යහපත්ද, ප්‍රණීතද වේ. ඊට හේතු කවරේද? ආනන්දය, ධර්ම ශ්‍රොතය මේ පුද්ගලයා පා කරයිද, ඊට අනතුරු මේ පුද්ගලයා තථාගතයන් වහන්සේ හැර කවරෙක් දන්නේද? ආනන්දය, එසේ හෙයින් මෙහි පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණ වශයෙන් ගන්නාහු නොවව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් නොගනිව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නාවූ පුද්ගලයෙක් කොහිද? ආනන්දය, මමද යමෙක් මා වැනි වේද, පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නෙමි.
“ආනන්දය, මෙහි ඇතැම් පුද්ගලයෙක් උඩඟු සිත් ඇත්තේ වේද, ඒ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද තත්වූ පරිද්දෙන් නොදනීද, යම් තැනෙක්හි ඒ උඩඟුව ඉතිරි නොකොට නිරුද්ධ වේද, ඔහු විසින් ඇසීමෙන් පවා නොකරණ ලද්දේ වේද. බහුශ්රුතභාවයෙන්ද නොකරණ ලද්දේ වේද, දෘෂ්ටියෙන්ද ප්‍රතිවෙධ නොකරණ ලද්දේ වේද, තාවකාලික විමුක්තිය නොලබයිද, හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු පිරිහීමට යයි. දියුණුවට නොයයි. පිරිහීමට යන්නේ හෝ වේ. දියුණුවට නොයන්නේ වේ. ආනන්දය, එසේ හෙයින් මෙහි පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණ වශයෙන් ගන්නාහු නොවව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් නොගනිව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නාවූ පුද්ගලයෙක් කොහිද? ආනන්දය, මමද යමෙක් මා වැනි වේද, පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නෙමි.
“ආනන්දය, මෙහි ඇතැම් පුද්ගලයෙක් උඩඟු සිත් ඇත්තේ වේද, ඒ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද තත්වූ පරිද්දෙන් දනීද, යම් තැනෙක්හි ඔහුට උඩඟුව ඉතිරි නැතිව නිරුද්ධ වේ. එය ඇසීමෙන් කරණ ලද්දේ වේ. බහුශ්රුතභාවයෙන් කරණ ලද්දේ වේ. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දේ වේ. තාවකාලික විමුක්තියක්ද ලබයි. ආනන්දය, මේ පුද්ගල තෙම, මේ පූර්ව පුද්ගලයාට වඩා අතිශයින් යහපත්ද, ප්‍රණීතද වේ. ඊට හේතු කවරේද? ආනන්දය, ධර්ම ශ්‍රොතය මේ පුද්ගලයා පා කරයිද, ඊට අනතුරු මේ පුද්ගලයා තථාගතයන් වහන්සේ හැර කවරෙක් දන්නේද? ආනන්දය, එසේ හෙයින් මෙහි පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණ වශයෙන් ගන්නාහු නොවව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් නොගනිව්. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නාවූ පුද්ගලයෙක් කොහිද? ආනන්දය, මමද යමෙක් මා වැනි වේද, පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණයක් ගන්නෙමි.
“ආනන්දය, බාලවූ, අව්‍යක්තවූ, ළදරු මව් කෙණෙක්වූ, ළදරු නුවණක් ඇති මිගශාලා උපාසිකාව කවරේද? පුරුෂ පුද්ගලයන්ගේ උස් පහත් නුවණ කවරේද? ආනන්දය, ලෝකයෙහි මේ පුද්ගලයන් දස දෙනෙක් විද්‍යමාන වෙත්. ආනන්දය, පුරාණතෙම යම්බඳු ශීලයකින් යුක්තවූයේ වේද, එබඳු ශීලයකින් ඉසිදත්ත තෙම යුක්තවූයේ වන්නේය. මෙහි පුරාණතෙම ඉසිදත්තගේ ගතියෙන් අනිකක් නොවේ. ආනන්දය, යම්කිසි ශීලයකින් පුරාණතෙම යුක්තවූයේද, එබඳු ශීලයකින් ඉසිදත්ත තෙමේ යුක්තවූයේ වන්නේය. මෙහි පුරාණතෙම ඉසිදත්තගේ ගතියෙන් අනිකක් නොවේ. ආනන්දය, මෙසේ මේ පුද්ගලයෝ දෙපක්ෂයෙන් එක් කරුණකින් අඩුය.”
|
6. තයොධම්මසුත්තං | 6. තයො ධම්ම සූත්‍රය |
76
‘‘තයොමෙ, භික්ඛවෙ, ධම්මා ලොකෙ න සංවිජ්ජෙය්යුං, න තථාගතො ලොකෙ උප්පජ්ජෙය්ය අරහං සම්මාසම්බුද්ධො, න තථාගතප්පවෙදිතො ධම්මවිනයො ලොකෙ දිබ්බෙය්ය. කතමෙ තයො? ජාති ච, ජරා ච, මරණඤ්ච - ඉමෙ ඛො, භික්ඛවෙ, තයො ධම්මා ලොකෙ න සංවිජ්ජෙය්යුං, න තථාගතො ලොකෙ උප්පජ්ජෙය්ය අරහං සම්මාසම්බුද්ධො, න තථාගතප්පවෙදිතො ධම්මවිනයො ලොකෙ දිබ්බෙය්ය. යස්මා ච ඛො, භික්ඛවෙ, ඉමෙ තයො ධම්මා ලොකෙ සංවිජ්ජන්ති තස්මා තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො, තස්මා තථාගතප්පවෙදිතො ධම්මවිනයො ලොකෙ දිබ්බති.
‘‘තයොමෙ
‘‘තයොමෙ භික්ඛවෙ, ධම්මෙ අප්පහාය අභබ්බො රාගං පහාතුං දොසං පහාතුං මොහං පහාතුං. කතමෙ
‘‘තයොමෙ
‘‘තයොමෙ, භික්ඛවෙ, ධම්මෙ අප්පහාය අභබ්බො අයොනිසො මනසිකාරං පහාතුං කුම්මග්ගසෙවනං පහාතුං චෙතසො ලීනත්තං පහාතුං. කතමෙ තයො? මුට්ඨසච්චං අප්පහාය, අසම්පජඤ්ඤං අප්පහාය, චෙතසො වික්ඛෙපං අප්පහාය - ඉමෙ ඛො, භික්ඛවෙ, තයො ධම්මෙ අප්පහාය අභබ්බො අයොනිසොමනසිකාරං පහාතුං කුම්මග්ගසෙවනං පහාතුං චෙතසො ලීනත්තං පහාතුං.
‘‘තයොමෙ, භික්ඛවෙ, ධම්මෙ අප්පහාය අභබ්බො මුට්ඨසච්චං පහාතුං අසම්පජඤ්ඤං පහාතුං චෙතසො වික්ඛෙපං පහාතුං. කතමෙ තයො? අරියානං අදස්සනකම්යතං අප්පහාය, අරියධම්මස්ස
(අරියධම්මං (ස්‍යා.)) අසොතුකම්යතං අප්පහාය, උපාරම්භචිත්තතං අප්පහාය - ඉමෙ ඛො, භික්ඛවෙ, තයො ධම්මෙ අප්පහාය අභබ්බො මුට්ඨසච්චං පහාතුං අසම්පජඤ්ඤං පහාතුං චෙතසො වික්ඛෙපං පහාතුං.
‘‘තයොමෙ, භික්ඛවෙ, ධම්මෙ අප්පහාය අභබ්බො අරියානං අදස්සනකම්යතං පහාතුං අරියධම්මස්ස අසොතුකම්යතං පහාතුං උපාරම්භචිත්තතං පහාතුං. කතමෙ තයො? උද්ධච්චං අප්පහාය, අසංවරං අප්පහාය, දුස්සීල්යං අප්පහාය
‘‘තයොමෙ
‘‘තයොමෙ
‘‘තයොමෙ, භික්ඛවෙ, ධම්මෙ අප්පහාය අභබ්බො අනාදරියං පහාතුං දොවචස්සතං පහාතුං පාපමිත්තතං පහාතුං. කතමෙ තයො? අහිරිකං අප්පහාය, අනොත්තප්පං අප්පහාය, පමාදං අප්පහාය - ඉමෙ ඛො, භික්ඛවෙ, තයො ධම්මෙ අප්පහාය අභබ්බො අනාදරියං පහාතුං දොවචස්සතං පහාතුං පාපමිත්තතං පහාතුං.
‘‘අහිරිකොයං, භික්ඛවෙ, අනොත්තාපී පමත්තො හොති. සො පමත්තො සමානො අභබ්බො අනාදරියං පහාතුං දොවචස්සතං පහාතුං පාපමිත්තතං පහාතුං. සො පාපමිත්තො සමානො අභබ්බො අස්සද්ධියං පහාතුං අවදඤ්ඤුතං පහාතුං කොසජ්ජං පහාතුං. සො කුසීතො සමානො අභබ්බො උද්ධච්චං පහාතුං අසංවරං පහාතුං දුස්සීල්යං පහාතුං. සො දුස්සීලො සමානො අභබ්බො අරියානං අදස්සනකම්යතං පහාතුං අරියධම්මස්ස අසොතුකම්යතං පහාතුං උපාරම්භචිත්තතං පහාතුං. සො උපාරම්භචිත්තො සමානො අභබ්බො මුට්ඨසච්චං පහාතුං අසම්පජඤ්ඤං පහාතුං චෙතසො වික්ඛෙපං පහාතුං. සො වික්ඛිත්තචිත්තො
‘‘තයොමෙ, භික්ඛවෙ, ධම්මෙ පහාය භබ්බො ජාතිං පහාතුං ජරං පහාතුං මරණං පහාතුං. කතමෙ තයො? රාගං පහාය, දොසං පහාය, මොහං පහාය - ඉමෙ ඛො, භික්ඛවෙ, තයො ධම්මෙ පහාය භබ්බො ජාතිං පහාතුං ජරං පහාතුං මරණං පහාතුං.
‘‘තයොමෙ, භික්ඛවෙ, ධම්මෙ පහාය භබ්බො රාගං පහාතුං දොසං පහාතුං මොහං පහාතුං. කතමෙ තයො
‘‘තයොමෙ, භික්ඛවෙ, ධම්මෙ පහාය භබ්බො සක්කායදිට්ඨිං පහාතුං විචිකිච්ඡං පහාතුං සීලබ්බතපරාමාසං පහාතුං. කතමෙ තයො? අයොනිසොමනසිකාරං පහාය, කුම්මග්ගසෙවනං පහාය, චෙතසො ලීනත්තං පහාය - ඉමෙ ඛො, භික්ඛවෙ, තයො ධම්මෙ පහාය භබ්බො සක්කායදිට්ඨිං පහාතුං විචිකිච්ඡං පහාතුං සීලබ්බතපරාමාසං පහාතුං.
‘‘තයොමෙ, භික්ඛවෙ, ධම්මෙ පහාය භබ්බො අයොනිසොමනසිකාරං පහාතුං කුම්මග්ගසෙවනං පහාතුං චෙතසො ලීනත්තං පහාතුං. කතමෙ තයො? මුට්ඨසච්චං පහාය, අසම්පජඤ්ඤං පහාය, චෙතසො වික්ඛෙපං පහාය - ඉමෙ ඛො, භික්ඛවෙ, තයො ධම්මෙ පහාය භබ්බො අයොනිසොමනසිකාරං පහාතුං කුම්මග්ගසෙවනං පහාතුං
‘‘තයොමෙ
‘‘තයොමෙ, භික්ඛවෙ, ධම්මෙ පහාය භබ්බො අරියානං අදස්සනකම්යතං පහාතුං අරියධම්මස්ස අසොතුකම්යතං පහාතුං උපාරම්භචිත්තතං පහාතුං. කතමෙ තයො? උද්ධච්චං පහාය, අසංවරං පහාය, දුස්සීල්යං පහාය - ඉමෙ
‘‘තයොමෙ, භික්ඛවෙ, ධම්මෙ පහාය භබ්බො උද්ධච්චං පහාතුං අසංවරං පහාතුං දුස්සීල්යං පහාතුං. කතමෙ තයො? අස්සද්ධියං පහාය, අවදඤ්ඤුතං පහාය, කොසජ්ජං පහාය - ඉමෙ ඛො, භික්ඛවෙ, තයො ධම්මෙ පහාය භබ්බො උද්ධච්චං පහාතුං අසංවරං පහාතුං දුස්සීල්යං පහාතුං.
‘‘තයොමෙ, භික්ඛවෙ, ධම්මෙ පහාය භබ්බො අස්සද්ධියං පහාතුං අවදඤ්ඤුතං පහාතුං කොසජ්ජං
‘‘තයොමෙ, භික්ඛවෙ, ධම්මෙ පහාය භබ්බො අනාදරියං පහාතුං දොවචස්සතං පහාතුං පාපමිත්තතං පහාතුං. කතමෙ තයො? අහිරිකං පහාය, අනොත්තප්පං පහාය, පමාදං පහාය - ඉමෙ ඛො, භික්ඛවෙ, තයො ධම්මෙ පහාය භබ්බො අනාදරියං පහාතුං දොවචස්සතං පහාතුං පාපමිත්තතං පහාතුං.
‘‘හිරීමායං, භික්ඛවෙ, ඔත්තාපී අප්පමත්තො හොති. සො අප්පමත්තො සමානො භබ්බො අනාදරියං පහාතුං දොවචස්සතං පහාතුං පාපමිත්තතං පහාතුං. සො කල්යාණමිත්තො සමානො
|
76
“මහණෙනි, මේ ධර්ම තුනක් ලෝකයෙහි නොවන්නාහු නම් අර්හත් සම්යන් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි නූපදින්නාහුය. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්මය ලෝකයෙහි නොබබළන්නේය.
“කවර තුනක්ද යත්? ඉපදීමද, ජරාවද, මරණයද යන තුනයි. මහණෙනි, මේ ධර්ම තුන ලෝකයෙහි විද්‍යමාන නොවන්නාහු නම් අර්හත් සම්යන් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි නූපදින්නාහුය. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්මය ලෝකයෙහි නොබබළන්නේය. මහණෙනි, යම් හෙයකින් වනාහි මේ ධර්ම තුන ලෝකයෙහි විද්‍යමාන වෙත්ද, එසේ හෙයින් අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදිත්. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්මය ලෝකයෙහි බබළයි.
“මහණෙනි, ධර්ම තුනක් දුරු නොකර ඉපදීම දුරු කරන්නට, ජරාව දුරු කරන්නට, මරණය දුරු කරන්නට නොහැකිය.
“කවර තුනක්ද යත්? රාගය දුරු නොකර, ද්වේෂය දුරු නොකර, මෝහය දුරු නොකර යනුයි. මහණෙනි, මේ කරුණු තුන දුරු නොකර ඉපදීම දුරු කරන්නට, ජරාව දුරු කරන්නට, මරණය දුරු කරන්නට නොහැක. මහණෙනි, ධර්ම තුනක් දුරු නොකොට රාගය, ද්වේෂය, මෝහය දුරු කරන්නට නොහැකිය. සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස අත් නොහැර රාග, දෝෂ මෝහ දුරු කළ නොහැක. නුනුවණින් මෙනෙහි කිරීම, නොමග යාම, සිතේ මැලි බව අත් නොහැර, සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස දුරු කළ නොහැක. මුළා සිහිය, මනාව නොදැනීම, සිතේ නොසන්සුන් බව අත් නොහැර, නුනුවණින් මෙනෙහි කිරීම, නොමග යාම, සිතේ මැලි බව දුරු කළ නොහැක. ආර්‍ය්‍යයන් දක්නට නොකැමැති බව, ආර්‍ය්‍ය ධර්මය අසන්ට නොකැමැති බව, දෝෂාරොපණ සිත අත් නොහැර, මුළා සිහිය, මනාව නොදැනීම, සිතේ නොසන්සුන්බව දුරුකළ නොහැක. සිතේ නොසන්සුන්කම, සංවර නැතිකම, දුසිල්බව අත් නොහැර, ආර්‍ය්‍යයන් දක්නට නොකැමැති බව, ආර්‍ය්‍ය ධර්මය අසන්නට නොකැමැති බව, දෝෂාරොපණ සිත දුරුකළ නොහැක. අශ්රද්ධාව, නොදෙන සුළු බව, කුසීතකම අත්නොහැර, සිතේ නොසන්සුන්කම, සංවර නැතිකම, දුසිල්බව දුරුකළ නොහැක. නොසැලකිලිබව, නොකීකරුබව, පාප මිත්‍රයන් ඇතිබව දුරු නොකර, අශ්රද්ධාව, නොදෙන සුළු බව, කුසීතකම දුරුකළ නොහැක. පාපයට ලජ්ජා නැතිබව, භය නැති බව, ප්‍රමාදය අත් නොහැර, නොසැලකිල්ල, නොකීකරුබව, පාප මිත්‍රයන් ඇතිබව දුරුකළ නොහැක.
“මහණෙනි, පාපයට ලජ්ජා නැති, භය නැති, මේ තෙමේ ප්‍රමාදවූයේ වේ. හෙතෙම ප්රමාදවූයේම නොසැලකිල්ල, නොකීකරුකම, පාප මිත්‍රයන් ඇතිබව දුරු කරන්නට නුසුදුසුය.
“හෙතෙම පාප මිත්‍රයන් ඇත්තේ, අශ්රද්ධාව, නොදෙන සුළු බව, කුසීතකම දුරුකළ නොහැක. හෙතෙම කුසීත වූයේ, සිතේ නොසන්සුන්බව, අසංවරය, දුස්සීලබව දුරුකළ නොහැක. හෙතෙම දුස්සීල වූයේ, ආර්‍ය්‍යයන් නොදකිනු කැමැත්ත, ආර්‍ය්‍ය ධර්මය ඇසීමට නොකැමැත්ත, දෝෂාරොපණ සිත දුරුකළ නොහැක. හෙතෙමෙ දෝෂාරෝපණ සිත් ඇත්තේ, මුළා සිහිය, මනාව නොදැනීම, සිතේ අවුල දුරුකළ නොහැක. හෙතෙම සිතේ අවුල් ඇත්තේ, නුවණින් මෙනෙහි නොකිරීම, වැරදි මාර්ග සේවනය, සිතේ මැළිබව දුරුකළ නොහැක. හෙතෙම සිතේ මැළිබව ඇත්තේ. ආත්ම දෘෂ්ටිය, සැකය, අන්‍යශීල ව්‍රතයන් ගැනීම දුරුකළ නොහැක. හෙතෙම සැක ඇත්තේ, රාගය දුරු කරන්නට, ද්වේෂය දුරු කරන්නට, මෝහය දුරු කරන්නට නුසුදුසුය. රාගය දුරු නොකොට, ද්වේෂය දුරු නොකොට, මෝහය දුරු නොකොට, ජාතිය දුරු කරන්නට, ජරාව දුරු කරන්නට, මරණය දුරු කරන්නට නුසුදුසුය. රාගය, ද්වේෂය, මෝහය දුරු නොකර, ජාති, ජරා, මරණ දුරු කළ නොහැක.
“මහණෙනි, ධර්ම තුනක් අත්හැර, ජාති, ජරා, මරණ දුරුකිරීමට සුදුසුය. කවර තුනක්ද යත්? රාගය අත්හැර, ද්වේෂය අත්හැර, මෝහය අත්හැරය. මහණෙනි, මේ ධර්ම තුන අත්හැර, ජාති, ජරා, මරණ දුරු කිරීමට සුදුසුය. (මෙසේ මුලින් දැක්වූ කොටස් සියල්ලෙහිම “නුසුදුසුය” යන්නට “සුදුසුය” කියා යොදාගත යුතුය.)
“මහණෙනි, පාපයට ලජ්ජා ඇති, භය ඇති, මේ තෙමේ ප්‍රමාද නුවූයේ වේද, අප්‍රමාදවූ හෙතෙමේ නොසැලකිල්ල, නොකීකරුබව, පාප මිත්‍රයන් ඇති බව දුරු කරන්ට සුදුසුය. (මෙසේ මුලින් දැක්වූ කොටසෙහි මෙන් මෙහිද “නුසුදුසුය” යන්නට “සුදුසුය” කියා යොදාගත යුතුය.)
|
7. කාකසුත්තං | 7. කාකාසද්ධම්ම සූත්‍රය |
77
‘‘දසහි, භික්ඛවෙ, අසද්ධම්මෙහි සමන්නාගතො කාකො. කතමෙහි දසහි? ධංසී ච, පගබ්භො ච, තින්තිණො
(නිල්ලජ්ජො (ක.) තින්තිණොති තින්තිණං වුච්චති තණ්හා... (සී. ස්‍යා. අට්ඨ.) අභිධම්මෙ ඛුද්දකවත්ථුවිභඞ්ගෙ තින්තිණපදනිද්දෙසෙ පස්සිතබ්බං) ච, මහග්ඝසො ච, ලුද්දො ච, අකාරුණිකො ච, දුබ්බලො ච, ඔරවිතා ච, මුට්ඨස්සති ච, නෙචයිකො
(නෙරසිකො (සී.) තදට්ඨකථායං පන ‘‘නෙචයිකො’’ ත්වෙව දිස්සති) ච - ඉමෙහි ඛො, භික්ඛවෙ, දසහි අසද්ධම්මෙහි සමන්නාගතො කාකො. එවමෙවං ඛො
|
77
“මහණෙනි, කපුටුතෙම අයහපත් ස්වභාව දහයකින් යුක්තය.
“කවර දසයකින්ද යත්? බිය, සැක නැත්තේය. බුහුටිය. තෘප්ත නුවූයේය. බොහෝ කන්නේද වේ. රෞද්‍රය. කරුණා නැත්තේය. දුර්වලය. නපුරුකොට හැඬීම කරන්නේය. මුළා සිහි ඇත්තේය. නරක දුක් විඳින්නේය. මහණෙනි, කපුටු තෙම අයහපත් ස්වභාව දසයෙන් යුක්තවූයේය.
“මහණෙනි, එසේම පවිටු භික්ෂුව අයහපත් ස්වභාව දසයකින් යුක්තවූයේ වේ.
“කවර දසයකින්ද යත්, බිය, සැක නැත්තේය. බුහුටිද, තෘෂ්ණා වූයේද, බොහෝ කන්නේද වේ. රෞද්‍රය. කරුණා නැත්තේය. දුර්වලද, නපුරුකොට හැඬීම කරන්නේද වේ. මුළා සිහි ඇත්තේය. නරක දුක් විඳින්නේද වේ. මහණෙනි, පවිටු භික්ෂුව මේ අයහපත් ස්වභාවයෙන් යුක්තවූයේ වේ.
|
8. නිගණ්ඨසුත්තං | 8. නිඝණ්ඨාසද්‍ධම්ම සූත්‍රය |
78
‘‘දසහි
|
78
“මහණෙනි, නිඝණ්ඨයෝ මේ අයහපත් ස්වභාව දසයකින් සමන්විත වෙත්.
“කවර දසයකින්ද යත්? මහණෙනි, නිඝණ්ඨයෝ දුශ්ශීලයහ. මහණෙනි, නිඝණ්ඨයෝ ලජ්ජා නැත්තාහ. මහණෙනි, නිඝණ්ඨයෝ බිය නැත්තාහ. මහණෙනි, නිඝණ්ඨයෝ අසත්පුරුෂයන්ට භක්ති ඇත්තාහ. මහණෙනි, නිඝණ්ඨයෝ තමන් උසස් කරන්නාහ. අනුන් පහත් කරන්නාහ. මහණෙනි, නිඝණ්ඨයෝ තමාගේ දෘෂ්ඨිය අල්ලා ගත්තාහුය. තදින් ගත්තාහ. මහණෙනි, නිඝණ්ඨයෝ නැති ගුණ පෙන්වන්නාහ. මහණෙනි, නිඝණ්ඨයෝ ලාමක බලාපොරොත්තු ඇත්තාහ. මහණෙනි, නිඝණ්ඨයෝ වැරදි හැඟීම් ඇත්තාහුය. මහණෙනි, නිඝණ්ඨයෝ මේ කරුණු දහයෙන් යුක්තවූවාහුය.
|
9. ආඝාතවත්ථුසුත්තං | 9. දසාඝතවත්ථු සූත්‍රය |
79
(අ. නි. 9.29) ‘‘දසයිමානි, භික්ඛවෙ, ආඝාතවත්ථූනි. කතමානි දස? ‘අනත්ථං මෙ අචරී’ති ආඝාතං බන්ධති; ‘අනත්ථං මෙ චරතී’ති ආඝාතං බන්ධති; ‘අනත්ථං මෙ චරිස්සතී’ති ආඝාතං බන්ධති; ‘පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරී’ති...පෙ.... ‘අනත්ථං චරතී’ති...පෙ.... ‘අනත්ථං චරිස්සතී’ති ආඝාතං බන්ධති, ‘අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරී’ති...පෙ.... ‘අත්ථං චරතී’ති...පෙ.... ‘අත්ථං චරිස්සතී’ති
|
79
“මහණෙනි, වෛර කාරණා මේ දසයක් වෙත්.
“කවර දසයක්ද යත්? මට අනර්ත්‍ථයක හැසුරුණේයයි වෛරය බඳී. මට අනර්ත්‍ථයක හැසිරේයයි වෛරය බඳී. මට අනර්ත්‍ථයක හැසිරෙන්නේයයි වෛරය බඳී. මාගේ ප්‍රිය මනාපයාට අනර්ත්‍ථයක හැසුරුණේය, හැසිරෙන්නේයයි වෛරය බඳී. මාගේ අප්‍රියයාට අමනාපයාට අර්ත්ථයක හැසුරුණේය, හැසිරෙයි, හැසිරෙන්නේයයි වෛරය බඳී. අස්ථානයෙහිද කිපෙයි. මහණෙනි, මේ වෛර කාරණා දසයයෙකි.
|
10. ආඝාතපටිවිනයසුත්තං | 10. දසාඝතපටිවිනය සූත්‍රය |
80
‘‘දසයිමෙ
|
80
“මහණෙනි, වෛරය හික්මවන කරුණු දහයක් වෙත්.
“කවර දසයක්ද යත්? ‘මට අනර්ත්‍ථයක හැසුරුණේය. එය මෙහි කොහෙන් ලැබිය හැක්කේදැ’ යි වෛරය සංසිඳුවයි. ‘මට අනර්ත්‍ථයක හැසිරෙයි. එය මෙහි කොහෙන් ලැබිය හැක්කේදැ’ යි වෛරය සංසිඳුවයි. ‘මට අනර්ත්‍ථයක හැසිරෙන්නේය. එය මෙහි කොහෙන් ලැබිය හැක්කේදැ’ යි වෛරය සංසිඳුවයි. ‘මාගේ ප්‍රියයාට, මනාපයාට අනර්ත්‍ථයක හැසුරුණේය. හැසිරෙයි, හැසිරෙන්නේය. එය මෙහි කොහෙන් ලැබිය හැක්කේදැ’ යි වෛරය සංසිඳුවයි. ‘මාගේ අප්‍රියයාට, අමනාපයාට යහපතක හැසුරුනේය. හැසිරෙයි, හැසිරෙන්නේය. එය මෙහි කොහෙන් ලැබිය හැක්කේදැ’ යි වෛරය සංසිඳුවයි. අස්ථානයෙහිද නොකිපෙයි. මහණෙනි, මේ දශය වෛරය සංසිඳුවන කරුණු වෙත්.”
|