ත්‍රිපිටකය
(7) 2. යමකවග්ගො (7) 2. යමක වර්‍ගය
1. අවිජ්ජාසුත්තං 1. අවිජ්ජාපුරිමකොටි සූත්‍රය
2. තණ්හාසුත්තං 2. භවතණ්හාපුරීමකොටි සූත්‍රය
3. නිට්ඨඞ්ගතසුත්තං 3. නිට්ඨඞ්ගත සූත්‍රය
4. අවෙච්චප්පසන්නසුත්තං 4. අවෙච්චප්පසන්න සූත්‍රය
5. පඨමසුඛසුත්තං 5. සාමණ්ඩකානී සූත්‍රය
6. දුතියසුඛසුත්තං 6. දුතිය සාමණ්ඩ සූත්‍රය
7. පඨමනළකපානසුත්තං 7. නලකපාන සූත්‍රය
8. දුතියනළකපානසුත්තං 8. පලසවන සූත්‍රය
9. පඨමකථාවත්ථුසුත්තං 9. දසකථාවත්‍ථු සූත්‍රය
69
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා උපට්ඨානසාලායං සන්නිසින්නා සන්නිපතිතා අනෙකවිහිතං තිරච්ඡානකථං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං - (දී. නි. 1.17; ම. නි. 2.223; සං. නි. 5.1080; පාචි. 508) රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං (ඉත්ථිකථං පුරිසකථං (ක.) ම. නි. අට්ඨ. 2.223 පස්සිතබ්බං) සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වාති.
අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන උපට්ඨානසාලා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා සන්නිපතිතා, කා ච පන වො අන්තරාකථා විප්පකතා’’ති?
‘‘ඉධ මයං, භන්තෙ, පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා උපට්ඨානසාලායං සන්නිසින්නා සන්නිපතිතා අනෙකවිහිතං තිරච්ඡානකථං අනුයුත්තා විහරාම, සෙය්‍යථිදං - රාජකථං චොරකථං...පෙ.... ඉතිභවාභවකථං ඉති වා’’ති. ‘‘න ඛො පනෙතං, භික්ඛවෙ, තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධාය අගාරස්මා අනගාරියං පබ්බජිතානං, යං තුම්හෙ අනෙකවිහිතං තිරච්ඡානකථං අනුයුත්තා විහරෙය්‍යාථ, සෙය්‍යථිදං - රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වාති.
‘‘දසයිමානි , භික්ඛවෙ, කථාවත්ථූනි. කතමානි දස? අප්පිච්ඡකථා, සන්තුට්ඨිකථා, පවිවෙකකථා , අසංසග්ගකථා, වීරියාරම්භකථා, සීලකථා, සමාධිකථා, පඤ්ඤාකථා, විමුත්තිකථා, විමුත්තිඤාණදස්සනකථාති - ඉමානි ඛො, භික්ඛවෙ, දස කථාවත්ථූනි.
‘‘ඉමෙසං චෙ තුම්හෙ, භික්ඛවෙ, දසන්නං කථාවත්ථූනං උපාදායුපාදාය කථං කථෙය්‍යාථ, ඉමෙසම්පි චන්දිමසූරියානං එවංමහිද්ධිකානං එවංමහානුභාවානං තෙජසා තෙජං පරියාදියෙය්‍යාථ, කො පන වාදො අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකාන’’න්ති! නවමං.
69
එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි බොහෝ භික්‍ෂූහු පසුබත පිණ්ඩපාතයෙන් වැළැක්කාහු, උපස්ථාන ශාලාවෙහි හුන්නාහු, රැස්වූවාහු, නන්වැදෑරුම් තිරිසන් කථාවෙන් යෙදී වාසය කරත්. ඒ කෙසේද, රජුන් පිළිබඳ කථා, සොරුන් පිළිබඳ කථා, මහාමාත්‍යයන් පිළිබඳ කථා, සේනාවන් පිළිබඳ කථා, බියවීම පිළිබඳ කථා, යුද්‍ධ පිළිබඳ කථා, ආහාර පිළිබඳ කථා, පානය පිළිබඳ කථා, වස්ත්‍ර පිළිබඳ කථා, නිදීම පිළිබඳ කථා, මල් පිළිබඳ කථා, ගඳ සුවඳ පිළිබඳ කථා, ඤාතීන් පිළිබඳ කථා, යානා පිළිබඳ කථා, ගම් පිළිබඳ කථා, නියම් ගම් පිළිබඳ කථා, නුවර පිළිබඳ කථා, දනවු පිළිබඳ කථා, ස්ත්‍රීන් පිළිබඳ කථා, සූරකම් පිළිබඳ කථා, මාර්‍ග පිළිබඳ කථා, වතුර ගෙන යන තැන් පිළිබඳ කථා, පූර්‍ව ප්‍රෙතයන් පිළිබඳ කථා, නොයෙක් ආකාර ඇති කථා, ලෝකයේ අග මුල ගැන කථා, භවයෙන් භවය පිළිබඳ කථා, යන මෙසේයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමවතින් නැගී සිටි සේක්, උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද, එහි වැඩි සේක. වැඩ, පැනවූ අස්නෙහි වැඩ සිටි සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිට, “මහණෙනි, දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුද, තොප විසින් කවර කථාවක් කොට නතර කරණ ලද්දීදැ” යි භික්‍ෂූන් ඇමතූ සේක.
“ෂ්වාමීනි, මෙහි අපි බතින් පසු පිණ්ඩපාතයෙන් වැළැක්කාහු, උපස්ථාන ශාලාවෙහි හුන්නාහු, රැස්වූවාහු, නානාප්‍රකාර තිරිසන් කථාවෙන් යුක්තවූවාහු වසමු. ඒ කවරේද? රජුන් පිළිබඳ කථා, සොරුන් පිළිබඳ කථා, මහාමාත්‍යයන් පිළිබඳ කථා, සේනාවන් පිළිබඳ කථා, බියවීම පිළිබඳ කථා, යුද්‍ධ පිළිබඳ කථා, ආහාර පිළිබඳ කථා, පානය පිළිබඳ කථා, වස්ත්‍ර පිළිබඳ කථා, නිදීම පිළිබඳ කථා, මල් පිළිබඳ කථා, ගඳ සුවඳ පිළිබඳ කථා, ඤාතීන් පිළිබඳ කථා, යානා පිළිබඳ කථා, ගම් පිළිබඳ කථා, නියම් ගම් පිළිබඳ කථා, නුවර පිළිබඳ කථා, දනවු පිළිබඳ කථා, ස්ත්‍රීන් පිළිබඳ කථා, සූරකම් පිළිබඳ කථා, මාර්‍ග පිළිබඳ කථා, වතුර ගෙන යන තැන් පිළිබඳ කථා, පූර්‍ව ප්‍රෙතයන් පිළිබඳ කථා, නොයෙක් ආකාර ඇති කථා, ලෝකයේ අග මුල ගැන කථා, භවයෙන් භවය පිළිබඳ කථා, යන මෙසේයයි කියායි.
“මහණෙනි, ශ්‍රද්‍ධාවෙන් ගිහිගෙයින් නික්ම, අනගාරිය නම් ශාසනයෙහි පැවිදිවූ යම් බඳුවූ තෙපි රජුන් පිළිබඳ කථා, සොරුන් පිළිබඳ කථා, මහාමාත්‍යයන් පිළිබඳ කථා, සේනාවන් පිළිබඳ කථා, බියවීම පිළිබඳ කථා, යුද්‍ධ පිළිබඳ කථා, ආහාර පිළිබඳ කථා, පානය පිළිබඳ කථා, වස්ත්‍ර පිළිබඳ කථා, නිදීම පිළිබඳ කථා, මල් පිළිබඳ කථා, ගඳ සුවඳ පිළිබඳ කථා, ඤාතීන් පිළිබඳ කථා, යානා පිළිබඳ කථා, ගම් පිළිබඳ කථා, නියම් ගම් පිළිබඳ කථා, නුවර පිළිබඳ කථා, දනවු පිළිබඳ කථා, ස්ත්‍රීන් පිළිබඳ කථා, සූරකම් පිළිබඳ කථා, මාර්‍ග පිළිබඳ කථා, වතුර ගෙන යන තැන් පිළිබඳ කථා, පූර්‍ව ප්‍රෙතයන් පිළිබඳ කථා, නොයෙක් ආකාර ඇති කථා, ලෝකයේ අග මුල ගැන කථා, භවයෙන් භවය පිළිබඳ කථා, යන නානාප්‍රකාර කථාවෙන් යුක්තව වාසය කරව්ද, මෙය තොපට නුසුදුසුය.
“මහණෙනි, මේ කථා වස්තු දසයක් වෙත්. කවර දසයක්ද යත්, ආශා අඩු කථාය, ලද දෙයින් සතුටුවන කථාය, විවේක පිළිබඳ කථාය, නොඇලීම පිළිබඳ කථාය, වීර්‍ය්‍යය පටන් ගැනීම පිළිබඳ කථාය, ශීලය පිළිබඳ කථාය, සිත එකඟ කිරීම පිළිබඳ කථාය, ප්‍රඥාව පිළිබඳ කථාය, කෙලෙසුන්ගෙන් මිදීම පිළිබඳ කථාය, ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණ පිළිබඳ කථාය. මහණෙනි, මේ දස කථා වස්තූහු වෙත්. මහණෙනි, තෙපි මේ දස කථා වස්තු ගනිමින්ම කථා කියව්. මෙසේ මහත් ඎද්‍ධි ඇති, මහත් ආනුභාව ඇති, මේ චන්‍ද්‍ර සූර්‍ය්‍යයන්ගේ තම තෙදින් ඒ තෙද යට කරව්. අන්‍ය තීර්ත්‍ථක ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගැන කියනුම කවරේද?”
10. දුතියකථාවත්ථුසුත්තං 10. පාසංසඨාන සූත්‍රය