ත්‍රිපිටකය
(7) 2. යමකවග්ගො (7) 2. යමක වර්‍ගය
1. අවිජ්ජාසුත්තං 1. අවිජ්ජාපුරිමකොටි සූත්‍රය
61
‘‘පුරිමා , භික්ඛවෙ, කොටි න පඤ්ඤායති අවිජ්ජාය - ‘ඉතො පුබ්බෙ අවිජ්ජා නාහොසි, අථ පච්ඡා සමභවී’ති. එවඤ්චෙතං, භික්ඛවෙ, වුච්චති, අථ ච පන පඤ්ඤායති - ‘ඉදප්පච්චයා අවිජ්ජා’ති.
‘‘අවිජ්ජම්පාහං (අවිජ්ජම්පහං (සී. ස්‍යා.)), භික්ඛවෙ, සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො අවිජ්ජාය? ‘පඤ්ච නීවරණා’තිස්ස වචනීයං. පඤ්චපාහං, භික්ඛවෙ, නීවරණෙ සාහාරෙ වදාමි , නො අනාහාරෙ. කො චාහාරො පඤ්චන්නං නීවරණානං? ‘තීණි දුච්චරිතානී’තිස්ස වචනීයං. තීණිපාහං, භික්ඛවෙ, දුච්චරිතානි සාහාරානි වදාමි, නො අනාහාරානි. කො චාහාරො තිණ්ණං දුච්චරිතානං? ‘ඉන්ද්‍රියඅසංවරො’තිස්ස වචනීයං. ඉන්ද්‍රියඅසංවරම්පාහං, භික්ඛවෙ, සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො ඉන්ද්‍රියඅසංවරස්ස? ‘අසතාසම්පජඤ්ඤ’න්තිස්ස වචනීයං. අසතාසම්පජඤ්ඤම්පාහං, භික්ඛවෙ, සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො අසතාසම්පජඤ්ඤස්ස? ‘අයොනිසොමනසිකාරො’තිස්ස වචනීයං. අයොනිසොමනසිකාරම්පාහං, භික්ඛවෙ, සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො අයොනිසොමනසිකාරස්ස? ‘අස්සද්ධිය’න්තිස්ස වචනීයං. අස්සද්ධියම්පාහං, භික්ඛවෙ, සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො අස්සද්ධියස්ස? ‘අසද්ධම්මස්සවන’න්තිස්ස වචනීයං. අසද්ධම්මස්සවනම්පාහං, භික්ඛවෙ, සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො අසද්ධම්මස්සවනස්ස? ‘අසප්පුරිසසංසෙවො’තිස්ස වචනීයං.
‘‘ඉති ඛො, භික්ඛවෙ, අසප්පුරිසසංසෙවො පරිපූරො අසද්ධම්මස්සවනං පරිපූරෙති, අසද්ධම්මස්සවනං පරිපූරං අස්සද්ධියං පරිපූරෙති, අස්සද්ධියං පරිපූරං අයොනිසොමනසිකාරං පරිපූරෙති, අයොනිසොමනසිකාරො පරිපූරො අසතාසම්පජඤ්ඤං පරිපූරෙති, අසතාසම්පජඤ්ඤං පරිපූරං ඉන්ද්‍රියඅසංවරං පරිපූරෙති, ඉන්ද්‍රියඅසංවරො පරිපූරො තීණි දුච්චරිතානි පරිපූරෙති, තීණි දුච්චරිතානි පරිපූරානි පඤ්ච නීවරණෙ පරිපූරෙන්ති, පඤ්ච නීවරණා පරිපූරා අවිජ්ජං පරිපූරෙන්ති. එවමෙතිස්සා අවිජ්ජාය ආහාරො හොති, එවඤ්ච පාරිපූරි.
‘‘සෙය්‍යථාපි , භික්ඛවෙ, උපරිපබ්බතෙ ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ ( ) ((ගලගලායන්තෙ) (සී.), (ගළගළායන්තෙ) (ස්‍යා.)) තං උදකං යථානින්නං පවත්තමානං පබ්බතකන්දරපදරසාඛා පරිපූරෙති, පබ්බතකන්දරපදරසාඛා පරිපූරා කුසොබ්භෙ (කුස්සුබ්භෙ (සී.), කුසුබ්භෙ (ස්‍යා.), කුසොම්භෙ (ක.) අ. නි. 3.96) පරිපූරෙන්ති. කුසොබ්භා පරිපූරා මහාසොබ්භෙ (මහාසොම්භෙ (ක.)) පරිපූරෙන්ති, මහාසොබ්භා පරිපූරා කුන්නදියො පරිපූරෙන්ති, කුන්නදියො පරිපූරා මහානදියො පරිපූරෙන්ති, මහානදියො පරිපූරා මහාසමුද්දං සාගරං පරිපූරෙන්ති; එවමෙතස්ස මහාසමුද්දස්ස සාගරස්ස ආහාරො හොති, එවඤ්ච පාරිපූරි.
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, අසප්පුරිසසංසෙවො පරිපූරො අසද්ධම්මස්සවනං පරිපූරෙති, අසද්ධම්මස්සවනං පරිපූරං අස්සද්ධියං පරිපූරෙති, අස්සද්ධියං පරිපූරං අයොනිසොමනසිකාරං පරිපූරෙති, අයොනිසොමනසිකාරො පරිපූරො අසතාසම්පජඤ්ඤං පරිපූරෙති, අසතාසම්පජඤ්ඤං පරිපූරං ඉන්ද්‍රියඅසංවරං පරිපූරෙති, ඉන්ද්‍රියඅසංවරො පරිපූරො තීණි දුච්චරිතානි පරිපූරෙති, තීණි දුච්චරිතානි පරිපූරානි පඤ්ච නීවරණෙ පරිපූරෙන්ති, පඤ්ච නීවරණා පරිපූරා අවිජ්ජං පරිපූරෙන්ති; එවමෙතිස්සා අවිජ්ජාය ආහාරො හොති, එවඤ්ච පාරිපූරි.
‘‘විජ්ජාවිමුත්තිම්පාහං, භික්ඛවෙ, සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො විජ්ජාවිමුත්තියා? ‘සත්ත බොජ්ඣඞ්ගා’තිස්ස වචනීයං. සත්තපාහං, භික්ඛවෙ, බොජ්ඣඞ්ගෙ සාහාරෙ වදාමි, නො අනාහාරෙ. කො චාහාරො සත්තන්නං බොජ්ඣඞ්ගානං? ‘චත්තාරො සතිපට්ඨානා’තිස්ස වචනීයං. චත්තාරොපාහං, භික්ඛවෙ, සතිපට්ඨානෙ සාහාරෙ වදාමි, නො අනාහාරෙ. කො චාහාරො චතුන්නං සතිපට්ඨානානං? ‘තීණි සුචරිතානී’තිස්ස වචනීයං. තීණිපාහං, භික්ඛවෙ, සුචරිතානි සාහාරානි වදාමි, නො අනාහාරානි. කො චාහාරො තිණ්ණං සුචරිතානං? ‘ඉන්ද්‍රියසංවරො’තිස්ස වචනීයං. ඉන්ද්‍රියසංවරම්පාහං, භික්ඛවෙ, සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො ඉන්ද්‍රියසංවරස්ස? ‘සතිසම්පජඤ්ඤ’න්තිස්ස වචනීයං. සතිසම්පජඤ්ඤම්පාහං, භික්ඛවෙ, සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො සතිසම්පජඤ්ඤස්ස? ‘යොනිසොමනසිකාරො’තිස්ස වචනීයං. යොනිසොමනසිකාරම්පාහං, භික්ඛවෙ, සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො යොනිසොමනසිකාරස්ස? ‘සද්ධා’තිස්ස වචනීයං. සද්ධම්පාහං, භික්ඛවෙ, සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො සද්ධාය ? ‘සද්ධම්මස්සවන’න්තිස්ස වචනීයං. සද්ධම්මස්සවනම්පාහං, භික්ඛවෙ , සාහාරං වදාමි, නො අනාහාරං. කො චාහාරො සද්ධම්මස්සවනස්ස? ‘සප්පුරිසසංසෙවො’තිස්ස වචනීයං.
‘‘ඉති ඛො, භික්ඛවෙ, සප්පුරිසසංසෙවො පරිපූරො සද්ධම්මස්සවනං පරිපූරෙති, සද්ධම්මස්සවනං පරිපූරං සද්ධං පරිපූරෙති, සද්ධා පරිපූරා යොනිසොමනසිකාරං පරිපූරෙති, යොනිසොමනසිකාරො පරිපූරො සතිසම්පජඤ්ඤං පරිපූරෙති, සතිසම්පජඤ්ඤං පරිපූරං ඉන්ද්‍රියසංවරං පරිපූරෙති, ඉන්ද්‍රියසංවරො පරිපූරො තීණි සුචරිතානි පරිපූරෙති, තීණි සුචරිතානි පරිපූරානි චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙන්ති, චත්තාරො සතිපට්ඨානා පරිපූරා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති, සත්ත බොජ්ඣඞ්ගා පරිපූරා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්ති; එවමෙතිස්සා විජ්ජාවිමුත්තියා ආහාරො හොති, එවඤ්ච පාරිපූරි.
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, උපරිපබ්බතෙ ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ තං උදකං යථානින්නං පවත්තමානං පබ්බතකන්දරපදරසාඛා පරිපූරෙති, පබ්බතකන්දරපදරසාඛා පරිපූරා කුසොබ්භෙ පරිපූරෙන්ති, කුසොබ්භා පරිපූරා මහාසොබ්භෙ පරිපූරෙන්ති, මහාසොබ්භා පරිපූරා කුන්නදියො පරිපූරෙන්ති, කුන්නදියො පරිපූරා මහානදියො පරිපූරෙන්ති, මහානදියො පරිපූරා මහාසමුද්දං සාගරං පරිපූරෙන්ති; එවමෙතස්ස මහාසමුද්දස්ස සාගරස්ස ආහාරො හොති, එවඤ්ච පාරිපූරි.
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, සප්පුරිසසංසෙවො පරිපූරො සද්ධම්මස්සවනං පරිපූරෙති, සද්ධම්මස්සවනං පරිපූරං සද්ධං පරිපූරෙති, සද්ධා පරිපූරා යොනිසොමනසිකාරං පරිපූරෙති, යොනිසොමනසිකාරො පරිපූරො සතිසම්පජඤ්ඤං පරිපූරෙති, සතිසම්පජඤ්ඤං පරිපූරං ඉන්ද්‍රියසංවරං පරිපූරෙති, ඉන්ද්‍රියසංවරො පරිපූරො තීණි සුචරිතානි පරිපූරෙති, තීණි සුචරිතානි පරිපූරානි චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙන්ති, චත්තාරො සතිපට්ඨානා පරිපූරා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති, සත්ත බොජ්ඣඞ්ගා පරිපූරා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්ති; එවමෙතිස්සා විජ්ජාවිමුත්තියා ආහාරො හොති, එවඤ්ච පාරිපූරී’’ති. පඨමං.
61
“මහණෙනි, ‘මින් පෙර අවිද්‍යාව (නොදැනීම) නොවූයේය. නැවත පසුව පහළවූයේය’ යි අවිද්‍යාවගේ මුල් කෙළවර නොපෙනේ. මහණෙනි, එය මෙසේ කියනු ලැබේ. එසේද වුවත් මෙය ප්‍රත්‍යයක් කොට ඇත්තේයයි පෙනේ. මහණෙනි, මම අවිද්‍යාවද ආහාර සහිතයයි කියමි. ආහාර නැතැයි නොකියමි.
“අවිද්‍යාවගේ ආහාරය කවරේද? එයට පංච නීවරණයෝයයි කිව යුතුය. මහණෙනි, මම නීවරණ පසද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. පඤ්ච නීවරණයණ්ට ආහාරය කවරේද, එයට ත්‍රිවිධ දුශ්චරිතයෝයයි කිව යුතුය. ආහාර සහිතවූ, ආහාර රහිත නොවූ, ත්‍රිවිධ දුශ්චරිතයන්ද කියමි. ත්‍රිවිධ දුශ්චරිතයන්ට ආහාරය කවරේද? එයට ඉන්‍ද්‍රිය අසංවරයයි කිව යුතුය.
“මහණෙනි, මම ඉන්‍ද්‍රිය අසංවරයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. ඉන්‍ද්‍රිය අසංවරයට ආහාරය කවරේද? සිහිය හා මනාව නොදැනීමයයි කිව යුතුය. මහණෙනි, මම සිහිය හා මනාව නොදැනීමද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. අසිහියට හෝ මනාව නොදැනීමට ආහාරය කවරේද? එය නුනුවණින් මෙනෙහි කිරීම යයි කිව යුතුය. මහණෙනි, මම නුනුවණින් මෙනෙහි කිරීමද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. නුනුවණින් මෙනෙහි කිරීමට ආහාරය කවරේද? එයට අශ්‍රද්‍ධාවයයි කිව යුතුය. මහණෙනි, මම අශ්‍රද්‍ධාවද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. අශ්‍රද්‍ධාවට ආහාරය කවරේද? එයට සද්ධර්‍ම නොවූ දේ ඇසීමයයි කිව යුතුය. මහණෙනි, මම සද්ධර්ම නොවූ දේ ඇසීම ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. සද්ධර්ම නොවූ දේ ඇසීමට ආහාරය කවරේද? එයට අසත්පුරුෂ ආශ්‍රයයි කිව යුතුය.
“මහණෙනි, මෙසේ අසත්පුරුෂාශ්‍රය සම්පූර්‍ණ කළ තැනැත්තා, සද්ධර්ම නොවූ දේ ඇසීම සම්පූර්‍ණ කරයි. සද්ධර්ම නොවූ දෙය පුරවන්නේ අශ්‍රද්‍ධාව පුරවයි. අශ්‍රද්‍ධාව පුරවන්නේ, නුනුවණින් මෙනෙහි කිරීම පුරවයි. නුනුවණින් මෙනෙහි කිරීම පුරවන්නේ, සිහිය හා මනාව නොදැනීම පුරවයි. සිහිය හා මනාව නොදැනීම පුරවන්නේ, ඉන්‍ද්‍රියයන්ගේ අසංවරය පුරවයි. ඉන්‍ද්‍රියයන්ගේ අසංවරය පුරවන්නේ, ත්‍රිවිධ දුශ්චරිත පුරවයි. ත්‍රිවිධ දුශ්චරිතය සම්පූර්‍ණ කළාහු, නීවරණ ධර්‍ම පස පුරවත්. නීවරණ ධර්‍ම පසේ සම්පූර්‍ණත්‍වයෙන් අවිද්‍යාව පුරවයි. මෙසේ මේ අවිද්‍යාවගේ ආහාරය මෙසේද සම්පූර්‍ණ වේ.
“මහණෙනි, යම් සේ පර්‍වතයක් උඩ ලොකු වැහි බින්දු ඇති වර්‍ෂාවක් වස්නා කල්හි, වළාකුළු ගුගුරණ කල්හි, ඒ ජලය නිම්න කරා ගලා යන්නේ පර්‍වත, කඳුරු, ඇල, දොළ ශාඛා පුරවයි. පර්‍වත, කඳුරු, ඇල, දොළ ශාඛා පිරීමෙන් කුඩා වලවල් පුරවත්. කුඩා වලවල් පිරීමෙන් මහ වලවල් පුරවත්. මහ වලවල් පිරීමෙන් කුඩා ගංගා පුරවත්. කුඩා ගංගා පිරීමෙන් මහ ගංගා පිරෙත්ද, මහා ගංගා පිරීමෙන් මහා සමුද්‍රය සාගරය පුරවත්. මෙසේ මේ මහා සමුද්‍ර නම් සාගරයාගේ ආහාරය වේ. මෙසේ සම්පූර්‍ණවීම වේ.
“මහණෙනි, එසේම අසත්පුරුෂ ආශ්‍රය සම්පූර්‍ණ කරන්නේ සද්ධර්ම නොවූ දෙය ඇසීම සම්පූර්‍ණ කරයි. සද්ධර්ම නොවූ දෙය ඇසීම පුරන්නේ, අශ්‍රද්‍ධාව පුරවයි. අශ්‍රද්‍ධාව පුරවන්නේ, නුනුවණින් මෙනෙහි කිරීම පුරවයි. නුනුවණින් මෙනෙහි කිරීම පුරවන්නේ, අසිහිය හා මනාව නොදැනීම පුරවයි. අසිහිය හා මනාව නොදැනීම පුරවන්නේ, ඉන්‍ද්‍රිය අංසවරය පුරවයි. ඉන්‍ද්‍රිය අංසවරය පුරවන්නේ, ත්‍රිවිධ දුශ්චරිත පුරවයි. ත්‍රිවිධ දුශ්චරිතය පුරවන්නේ, නීවරණ ධර්‍ම පස පුරවයි. නීවරණ ධර්‍ම පස පුරවන්නේ, නොදැනීම පුරවයි. මෙසේ මේ අවිද්‍යාවගේ ආහාරය වේ. මෙසේද පිරෙන්නේ වේ.
“මහණෙනි, මම විද්‍යාවන් නිසා ලබන විමුක්තියද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. විද්‍යාවන්ගෙන් ලබන නිදහසට ආහාරය කවරේද? බොධියෙහි අංගසතබොජ්ඣඞ්ගයයි කියමි. මහණෙනි, මම බොධියෙහි අංග සතද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. බෝධියෙහි අංග සතට ආහාරය කවරේද? සතර සතිපට්ඨානයයි කිව යුතුය. මහණෙනි, මම සතර සතිපට්ඨානයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. සතර සතිපට්ඨානයන්ට ආහාරය කවරේද? සුචරිත තුනයයි කිව යුතුය. මහණෙනි, මම සුචරිත තුනද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. ත්‍රිවිධ සුචරිතයන්ගේ ආහාරය කවරේද? ඉන්‍ද්‍රිය සංවරයයි කිව යුතුය. මහණෙනි, මම ඉන්‍ද්‍රිය සංවරයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. ඉන්‍ද්‍රිය සංවරයට ආහාරය කවරේද? සිහිය හා මනාව දැනීමයයි කිව යුතුය. මහණෙනි, මම සිහිය හා මනාව දැනීමද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. සිහියට හා මනාව දැනීමට ආහාරය කවරේද? නුවණින් මෙනෙහි කිරීමයයි කිවයුතුය. මහණෙනි, මම නුවණින් මෙනෙහි කිරීමද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. නුවණින් මෙනෙහි කිරීමට ආහාරය කවරේද? ශ්‍රද්‍ධාවයයි කිව යුතුය. මහණෙනි, මම ශ්‍රද්‍ධාවද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. ශ්‍රද්‍ධාවට ආහාරය කවරේද? සද්‍ධර්‍ම ශ්‍රවණයයි කිව යුතුය. මහණෙනි, මම සද්‍ධර්‍ම ශ්‍රවණයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. සද්‍ධර්‍ම ශ්‍රවණයට ආහාරය කවරේද? සත්පුරුෂ ආශ්‍රයයි කිව යුතුය.
“මහණෙනි, මෙසේ සත්පුරුෂාශ්‍රය පුරන්නේ සද්‍ධර්‍ම ශ්‍රවණය පුරයි. සද්‍ධර්‍ම ශ්‍රවණය පුරන්නේ ශ්‍රද්‍ධාව පුරයි. ශ්‍රද්‍ධාව පිරීමෙන්, නුවණින් මෙනෙහි කිරීම පුරයි. නුවණින් මෙනෙහි කිරීම පුරන්නේ, සිහිය හා මනාව දැනීම පුරයි. සිහිය හා මනාව දැනීම පුරන්නේ, ඉන්ද්‍රිය සංවරය පුරයි. ඉන්ද්‍රිය සංවරය පුරන්නේ ත්‍රිවිධ සුචරිතය පුරයි. ත්‍රිවිධ සුචරිත පිරුනාහු සතර සතිපට්ඨානයන් පුරත්. සතර සතිපට්ඨානයන් පිරීමෙන් බොධියෙහි අංග සත පුරයි. බොධියෙහි අංග සත පිරීමෙන් විද්‍යාවන් කරණකොට මිදීම පුරයි. මෙසේ මේ විද්‍යාවන් කරණකොට මිදීමට ආහාරය වේ. මෙසේද සම්පූර්‍ණවේ.
“මහණෙනි, යම් සේ පර්‍වතයක් උඩ ලොකු වැහි බින්දු ඇති වර්‍ෂාවක් වස්නා කල්හි, වළාකුළු ගුගුරණ කල්හි, ඒ ජලය නිම්න කරා ගලා යන්නේ පර්‍වත, කඳුරු, ඇල, දොළ ශාඛා පුරවයි. පර්‍වත, කඳුරු, ඇල, දොළ ශාඛා පිරීමෙන් කුඩා වලවල් පුරවත්. කුඩා වලවල් පිරීමෙන් මහ වලවල් පුරවත්. මහ වලවල් පිරීමෙන් කුඩා ගංගා පුරවත්. කුඩා ගංගා පිරීමෙන් මහ ගංගා පිරෙත්ද, මහා ගංගා පිරීමෙන් මහා සමුද්‍රය සාගරය පුරවත්. මෙසේ මේ මහා සමුද්‍ර නම් සාගරයාගේ ආහාරය වේ. මෙසේ සම්පූර්‍ණවීම වේ.
“මහණෙනි, මෙසේ සත්පුරුෂාශ්‍රය පුරන්නේ සද්‍ධර්‍ම ශ්‍රවණය පුරයි. සද්‍ධර්‍ම ශ්‍රවණය පුරන්නේ ශ්‍රද්‍ධාව පුරයි. ශ්‍රද්‍ධාව පිරීමෙන්, නුවණින් මෙනෙහි කිරීම පුරයි. නුවණින් මෙනෙහි කිරීම පුරන්නේ, සිහිය හා මනාව දැනීම පුරයි. සිහිය හා මනාව දැනීම පුරන්නේ, ඉන්ද්‍රිය සංවරය පුරයි. ඉන්ද්‍රිය සංවරය පුරන්නේ ත්‍රිවිධ සුචරිතය පුරයි. ත්‍රිවිධ සුචරිත පිරුනාහු සතර සතිපට්ඨානයන් පුරත්. සතර සතිපට්ඨානයන් පිරීමෙන් බොධියෙහි අංග සත පුරයි. බොධියෙහි අංග සත පිරීමෙන් විද්‍යාවන් කරණකොට මිදීම පුරයි. මෙසේ මේ විද්‍යාවන් කරණකොට මිදීමට ආහාරය වේ. මෙසේද සම්පූර්‍ණවේ.
2. තණ්හාසුත්තං 2. භවතණ්හාපුරීමකොටි සූත්‍රය
3. නිට්ඨඞ්ගතසුත්තං 3. නිට්ඨඞ්ගත සූත්‍රය
4. අවෙච්චප්පසන්නසුත්තං 4. අවෙච්චප්පසන්න සූත්‍රය
5. පඨමසුඛසුත්තං 5. සාමණ්ඩකානී සූත්‍රය
6. දුතියසුඛසුත්තං 6. දුතිය සාමණ්ඩ සූත්‍රය
7. පඨමනළකපානසුත්තං 7. නලකපාන සූත්‍රය
8. දුතියනළකපානසුත්තං 8. පලසවන සූත්‍රය
9. පඨමකථාවත්ථුසුත්තං 9. දසකථාවත්‍ථු සූත්‍රය
10. දුතියකථාවත්ථුසුත්තං 10. පාසංසඨාන සූත්‍රය