ත්‍රිපිටකය
(6) 1. සචිත්තවග්ගො (6) 1. සචිත්ත වර්‍ගය
1. සචිත්තසුත්තං 1. සචිත්තපරියාය සූත්‍රය
2. සාරිපුත්තසුත්තං 2. සාරිපුත්ත සචිත්ත පරියාය සූත්‍රය
3. ඨිතිසුත්තං 3. ඨිතිපරිහානි සූත්‍රය
4. සමථසුත්තං 4. චෙතොසමථලාභී සූත්‍රය
5. පරිහානසුත්තං 5. පරිහානධම්ම සූත්‍රය
6. පඨමසඤ්ඤාසුත්තං 6. පඨම දසසඤ්ඤා සූත්‍රය
7. දුතියසඤ්ඤාසුත්තං 7. දුතිය දසසඤ්ඤා සූත්‍රය
8. මූලකසුත්තං 8. සබ්බ ධම්ම කිම්මුල සූත්‍රය
9. පබ්බජ්ජාසුත්තං 9. පබ්බජ්ජාපරිචීත සූත්‍රය
59
‘‘තස්මාතිහ, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං - ‘යථාපබ්බජ්ජාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති, න චුප්පන්නා පාපකා අකුසලා ධම්මා චිත්තං පරියාදාය ඨස්සන්ති; අනිච්චසඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති, අනත්තසඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති, අසුභසඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති, ආදීනවසඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති, ලොකස්ස සමඤ්ච විසමඤ්ච ඤත්වා තංසඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති, ලොකස්ස භවඤ්ච (සම්භවඤ්ච (සී. ස්‍යා.)) විභවඤ්ච ඤත්වා තංසඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති, ලොකස්ස සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච ඤත්වා තංසඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති, පහානසඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති, විරාගසඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති, නිරොධසඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සතී’ති - එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බං.
‘‘යතො ඛො, භික්ඛවෙ, භික්ඛුනො යථාපබ්බජ්ජාපරිචිතඤ්ච චිත්තං හොති න චුප්පන්නා පාපකා අකුසලා ධම්මා චිත්තං පරියාදාය තිට්ඨන්ති, අනිච්චසඤ්ඤාපරිචිතඤ්ච චිත්තං හොති, අනත්තසඤ්ඤාපරිචිතඤ්ච චිත්තං හොති, අසුභසඤ්ඤාපරිචිතඤ්ච චිත්තං හොති, ආදීනවසඤ්ඤාපරිචිතඤ්ච චිත්තං හොති, ලොකස්ස සමඤ්ච විසමඤ්ච ඤත්වා තංසඤ්ඤාපරිචිතඤ්ච චිත්තං හොති, ලොකස්ස භවඤ්ච විභවඤ්ච ඤත්වා තංසඤ්ඤාපරිචිතඤ්ච චිත්තං හොති, ලොකස්ස සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච ඤත්වා තංසඤ්ඤාපරිචිතඤ්ච චිත්තං හොති, පහානසඤ්ඤාපරිචිතඤ්ච චිත්තං හොති, විරාගසඤ්ඤාපරිචිතඤ්ච චිත්තං හොති, නිරොධසඤ්ඤාපරිචිතඤ්ච චිත්තං හොති, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං - දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’’ති. නවමං.
59
“එහෙයින් මහණෙනි, මෙහි පැවිද්ද යම් සේද, අපගේ සිත පුරුදු කරණ ලද්දක්ද වන්නේය. උපන් ලාමක අකුශල ධර්මයෝ සිත මැඩගෙන නොසිටිත්. අනිත්‍ය සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. අනාත්ම සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. අශුභ සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. දෝෂ සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. ලෝකයාගේ සම තත්ත්‍වයද විෂම තත්ත්‍වයද දැන අපගේ සිත ඒ සංඥාව පුරුදු කරන ලද්දේ වන්නේය. ලෝකයාගේ ඇතිවීමද, නැතිවීමද දැන අපගේ සිත ඒ සංඥාව පුරුදු කළේ වන්නේය. ලෝකයාගේ හටගැනීමද, විනාශයද දැන අපගේ සිත ඒ සංඥාව පුරුදු කරණ ලද්දේ වන්නේය. ප්‍රහාණ සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. නොඇලෙන සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. නිවණ යන සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේයයි මෙසේ හික්මිය යුතුයි.
“මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, යම් තැනක සිට මහණහට ප්‍රව්‍රජ්‍යාව පුරුදු කරණ ලද සිත වේද, උපන් ලාමක අකුශල ධර්මයෝ සිත මැඩගෙන සිටිත්ද, අනිත්‍ය සංඥාව පුරුදු කරණ ලද සිත වේද, උපන් ලාමක අකුශල ධර්මයෝ සිත මැඩගෙන සිටිත්ද, අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, අශුභ සංඥාව, දෝෂ දක්නා සංඥාව, ලෝකයාගේ සම තත්ත්‍වයද, විෂම තත්ත්‍වයද දැන ඒ සංඥාව පුරුදු කරණ ලද සිත වේද, ලෝකයාගේ හට ගැනීම හා විනාශයද දැන, ඒ සංඥාව පුරුදු කරණ ලද සිත වේද, දුරු කරණ සංඥාව පුරුදු කරණ ලද සිත වේද, නොඇලෙන සංඥාව පුරුදු කරනලද සිත වේද, නිවණ යන සංඥාව පුරුදු කරනලද සිත වේද, ඕහට මෙලොව රහත් ඵලයද, ස්කන්‍ධයන් පැවැත්මෙහි හේතුව ඇති කල්හි අනාගාමී බව හෝ වේ.”
10. ගිරිමානන්දසුත්තං 10. ගිරිමානන්‍ද සූත්‍රය