(6) 1. සචිත්තවග්ගො | (6) 1. සචිත්ත වර්ගය |
1. සචිත්තසුත්තං | 1. සචිත්තපරියාය සූත්‍රය |
51
එකං
‘‘නො චෙ, භික්ඛවෙ, භික්ඛු පරචිත්තපරියායකුසලො හොති, අථ ‘සචිත්තපරියායකුසලො භවිස්සාමී’ති
(භවිස්සාමාති (ස්‍යා.)) - එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බං.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු සචිත්තපරියායකුසලො හොති? සෙය්යථාපි, භික්ඛවෙ, ඉත්ථී වා පුරිසො වා දහරො යුවා මණ්ඩනකජාතිකො ආදාසෙ වා පරිසුද්ධෙ පරියොදාතෙ අච්ඡෙ වා උදකපත්තෙ සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො සචෙ තත්ථ පස්සති රජං වා අඞ්ගණං වා, තස්සෙව රජස්ස වා අඞ්ගණස්ස වා පහානාය වායමති. නො චෙ තත්ථ පස්සති රජං වා අඞ්ගණං වා, තෙනෙවත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො - ‘ලාභා වත මෙ, පරිසුද්ධං වත මෙ’ති. එවමෙවං ඛො, භික්ඛවෙ, භික්ඛුනො පච්චවෙක්ඛණා බහුකාරා
(භික්ඛු පච්චවෙක්ඛමානො බහුකාරො (ක.)) හොති කුසලෙසු ධම්මෙසු - ‘අභිජ්ඣාලු නු
‘‘සචෙ
‘‘සචෙ
|
51
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල, අනේපිඬු මහ සිටිහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” කියා භික්ෂූන් ඇමතූ සේක. “පින්වතුන් වහන්සැ” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, මහණතෙම අනුන්ගේ සිතේ ආකාරය දැනීමේ දක්ෂ නොවේද, මහණෙනි, තමාගේ සිතේ ආකාරය දැනීමේ දක්ෂයෙක් වන්නෙමියි තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
“මහණෙනි, කෙසේ මහණතෙම තමාගේ සිතේ ආකාරය දැනීමෙහි දක්ෂ වේද? මහණෙනි, යම්සේ බාලවූ, තරුණවූ, සැරසීමට කැමති ස්ත්‍රියක් හෝ, පුරුෂයෙක් හෝ, කැඩපතක හෝ, පිරිසිදු බබලන දිය බඳුනක හෝ, සිය මුහුන බලන්නේ, ඉදින් එහි දූවිල්ලක් හෝ, කිලුටක් හෝ, පෙනේද, ඒ දූවීල්ල හෝ කිලුට නැතිකිරීම පිණිස වෑයම්කරයි. එහි දූවිල්ලක් හෝ කිලුටක් නොදකීද, ඉන් සම්පූර්ණ අදහස් ඇත්තේ, ‘මට ඒකාන්තයෙන් ලාභයකි, ඒකාන්තයෙන් මා පිරිසිදුය’ යි සතුටු වූයේ වේ.
“මහණෙනි, එසේම මහණහට කුශල ධර්මයන්හි නුවණින් සිහි කිරීම බොහෝ උපකාරවේ. බොහෝකොට දැඩි ලෝභය බහුලකොට ඇත්තේ වාසය කරම්ද, දැඩි ලෝභය බහුලකොට නැතිව වාසය කරම්ද, බොහෝකොට කෝපවූ සිතින් වාසය කරම්ද, කෝප නොවූ සිතින් බොහෝකොට වාසය කරම්ද, සිත කය දෙකේ මැලි ගතියෙන් මඩනා ලද්දේ බොහෝ කොට වාසය කරන්නෙම්ද, සිත කය දෙකේ පහවූ මැලි ගතියෙන් වාසය කරන්නෙම්ද, විසුරුණු සිතින් බොහෝකොට වාසය කරම්ද, බොහෝකොට නොවිසුරුණු සිතින් වාසය කරම්ද, බොහෝකොට සැක ඇතිව වාසය කරම්ද, පහවූ විචිකිච්ඡා ඇතිව බොහෝ සේ වාසය කරම්ද, බොහෝ සේ ක්‍රොධ කරණ සුළුව වාසය කරම්ද, බොහෝ සේ ක්‍රොධ නොකරණ සුළුව වාසය කරම්ද, බොහෝ සේ කිලිටි සිතින් වාසය කරම්ද, බොහෝ සේ නොකිලිටි සිතින් වාසය කරම්ද, දාහ සහිතවූ කයින් බොහෝකොට වාසය කරම්ද, බොහෝකොට කුසීතව වාසය කරම්ද, බොහෝකොට පටන්ගත් වීර්‍ය්‍ය ඇතිව වාසය කරම්ද, බොහෝකොට එකඟ නැති සිත් ඇතිව වාසය කරම්ද, බොහෝකොට එකඟ සිත් ඇතිව වාසය කරම්දැයි කියායි.
“මහණෙනි, ඉදින් මහණතෙම, නුවණින් සිහි කරන්නේ, ‘බොහෝකොට දැඩි ලෝභ ඇතිව වාසය කරමි, බොහෝකොට කෝපවූ සිතින් වාසය කරමි, බොහෝකොට මැලි ගතියෙන් මඩනා ලදුව වාසය කරමි, බොහෝකොට සැක ඇතිව වාසය කරමි, බොහෝකොට ක්‍රොධ කරණ සුළුව වාසය කරමි, බොහෝකොට කිලිටි සිතින් වාසය කරමි, බොහෝකොට දාහ සිතින් වාසය කරමි, බොහෝකොට කුසීතවූ සිතින් වාසය කරමි, බොහෝකොට එකඟ නැති සිතින් වාසය කරමියි මෙසේ දනී. මහණෙනි, ඒ මහණ විසින් ඒ ලාමක අකුශල ධර්මයන්ගේ ප්රහාණය පිණිස බොහෝ කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, මහත් උත්සාහයක්ද, පසු නොබැසීමක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කටයුතුයි.”
“මහණෙනි, යම් සේ ගිනිගත් වස්ත්‍රයක් හෝ හිසක් ඇත්තෙක් ඒ වස්ත්‍රය හෝ හිස හෝ නිවීමට බොහෝ කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, මහත් උත්සාහයක්ද, පසු නොබැසීමක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කටයුතුයි.
“මහණෙනි, ඉදින් මහණතෙම නුවණින් සිහි කරන්නේ, ‘බොහෝකොට දැඩි ලෝභ නැතිව වාසය කරමි. බොහෝකොට කෝප නොවූ සිතින් වාසය කරමි. බොහෝ කොට පහවූ නිදිබර ගතිය ඇතිව වාසය කරමි, බොහෝකොට නොවිසුරුණු සිතින් වාසය කරමි, බොහෝකොට පහවූ විචිකිච්ඡා ඇතිව වාසය කරමි, බොහෝකොට ක්‍රොධ නොකර වාසය කරමි, බොහෝකොට කිලිටි නොවූ සිත් ඇතිව වාසය කරමි, බොහෝකොට දාහ රහිත කයින් වාසය කරමි, බොහෝකොට පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇතිව වාසය කරමි, බොහෝකොට එකඟවූ සිත් ඇතිව වාසය කරමි, මහණෙනි, ඒ මහණ විසින් ඒ කුශල ධර්මයන්හිම පිහිටා මත්තෙහි ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම පිණිස භාවනා වැඩිය යුතුය’ යි මෙසේ දනී.”
|
2. සාරිපුත්තසුත්තං | 2. සාරිපුත්ත සචිත්ත පරියාය සූත්‍රය |
52
තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි - ‘‘ආවුසො භික්ඛවෙ’’ති. ‘‘ආවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච -
‘‘නො
‘‘කථඤ්චාවුසො
එවමෙවං ඛො, ආවුසො, භික්ඛුනො පච්චවෙක්ඛණා බහුකාරා හොති කුසලෙසු ධම්මෙසු - ‘අභිජ්ඣාලු නු ඛො බහුලං
‘‘සචෙ, ආවුසො, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අභිජ්ඣාලු බහුලං විහරාමි...පෙ.... අසමාහිතො බහුලං විහරාමී’ති, තෙනාවුසො, භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං. සෙය්යථාපි, ආවුසො, ආදිත්තචෙලො වා ආදිත්තසීසො වා. තස්සෙව චෙලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය
‘‘සචෙ
|
52
එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ‘ඇවැත්නි, මහණෙනි,’ යි කියා භික්ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්ෂූහු, ‘ඇවැත්නි.’ යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ප්‍රති වචන දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ‘ඇවැත්නි, ඉදින් මහණතෙම අනුන්ගේ සිතේ ආකාරය දැනීමේ දක්ෂ නොවේද, මහණෙනි, තමාගේ සිතේ ආකාරය දැනීමේ දක්ෂයෙක් වන්නෙමියි තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
“ඇවැත්නි, කෙසේ මහණතෙම තමාගේ සිතේ ආකාරය දැනීමෙහි දක්ෂ වේද? ඇවැත්නි, යම්සේ බාලවූ, තරුණවූ, සැරසීමට කැමති ස්ත්‍රියක් හෝ, පුරුෂයෙක් හෝ, කැඩපතක හෝ, පිරිසිදු බබලන දිය බඳුනක හෝ, සිය මුහුන බලන්නේ, ඉදින් එහි දූවිල්ලක් හෝ, කිලුටක් හෝ, පෙනේද, ඒ දූවීල්ල හෝ කිලුට නැතිකිරීම පිණිස වෑයම්කරයි. එහි දූවිල්ලක් හෝ කිලුටක් නොදකීද, ඉන් සම්පූර්ණ අදහස් ඇත්තේ, ‘මට ඒකාන්තයෙන් ලාභයකි, ඒකාන්තයෙන් මා පිරිසිදුය’ යි සතුටු වූයේ වේ.
“ඇවැත්නි, එසේම මහණහට කුශල ධර්මයන්හි නුවණින් සිහි කිරීම බොහෝ උපකාරවේ. බොහෝකොට දැඩි ලෝභය බහුලකොට ඇත්තේ වාසය කරම්ද, දැඩි ලෝභය බහුලකොට නැතිව වාසය කරම්ද, බොහෝකොට කෝපවූ සිතින් වාසය කරම්ද, කෝප නොවූ සිතින් බොහෝකොට වාසය කරම්ද, සිත කය දෙකේ මැලි ගතියෙන් මඩනා ලද්දේ බොහෝ කොට වාසය කරන්නෙම්ද, සිත කය දෙකේ පහවූ මැලි ගතියෙන් වාසය කරන්නෙම්ද, විසුරුණු සිතින් බොහෝකොට වාසය කරම්ද, බොහෝකොට නොවිසුරුණු සිතින් වාසය කරම්ද, බොහෝකොට සැක ඇතිව වාසය කරම්ද, පහවූ විචිකිච්ඡා ඇතිව බොහෝ සේ වාසය කරම්ද, බොහෝ සේ ක්‍රොධ කරණ සුළුව වාසය කරම්ද, බොහෝ සේ ක්‍රොධ නොකරණ සුළුව වාසය කරම්ද, බොහෝ සේ කිලිටි සිතින් වාසය කරම්ද, බොහෝ සේ නොකිලිටි සිතින් වාසය කරම්ද, දාහ සහිතවූ කයින් බොහෝකොට වාසය කරම්ද, බොහෝකොට කුසීතව වාසය කරම්ද, බොහෝකොට පටන්ගත් වීර්‍ය්‍ය ඇතිව වාසය කරම්ද, බොහෝකොට එකඟ නැති සිත් ඇතිව වාසය කරම්ද, බොහෝකොට එකඟ සිත් ඇතිව වාසය කරම්දැයි කියායි.
“ඇවැත්නි, ඉදින් මහණතෙම, නුවණින් සිහි කරන්නේ, ‘බොහෝකොට දැඩි ලෝභ ඇතිව වාසය කරමි, බොහෝකොට කෝපවූ සිතින් වාසය කරමි, බොහෝකොට මැලි ගතියෙන් මඩනා ලදුව වාසය කරමි, බොහෝකොට සැක ඇතිව වාසය කරමි, බොහෝකොට ක්‍රොධ කරණ සුළුව වාසය කරමි, බොහෝකොට කිලිටි සිතින් වාසය කරමි, බොහෝකොට දාහ සිතින් වාසය කරමි, බොහෝකොට කුසීතවූ සිතින් වාසය කරමි, බොහෝකොට එකඟ නැති සිතින් වාසය කරමියි මෙසේ දනී. ඇවැත්නි, ඒ මහණ විසින් ඒ ලාමක අකුශල ධර්මයන්ගේ ප්රහාණය පිණිස බොහෝ කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, මහත් උත්සාහයක්ද, පසු නොබැසීමක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කටයුතුයි.”
“ඇවැත්නි, යම් සේ ගිනිගත් වස්ත්‍රයක් හෝ හිසක් ඇත්තෙක් ඒ වස්ත්‍රය හෝ හිස හෝ නිවීමට බොහෝ කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, මහත් උත්සාහයක්ද, පසු නොබැසීමක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කටයුතුයි.
“ඇවැත්නි, ඉදින් මහණතෙම නුවණින් සිහි කරන්නේ, ‘බොහෝකොට දැඩි ලෝභ නැතිව වාසය කරමි. බොහෝකොට කෝප නොවූ සිතින් වාසය කරමි. බොහෝකොට පහවූ නිදිබර ගතිය ඇතිව වාසය කරමි, බොහෝකොට නොවිසුරුණු සිතින් වාසය කරමි, බොහෝකොට පහවූ විචිකිච්ඡා ඇතිව වාසය කරමි, බොහෝකොට ක්‍රොධ නොකර වාසය කරමි, බොහෝකොට කිලිටි නොවූ සිත් ඇතිව වාසය කරමි, බොහෝකොට දාහ රහිත කයින් වාසය කරමි, බොහෝකොට පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇතිව වාසය කරමි, බොහෝකොට එකඟවූ සිත් ඇතිව වාසය කරමි, ඇවැත්නි, ඒ මහණ විසින් ඒ කුශල ධර්මයන්හිම පිහිටා මත්තෙහි ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම පිණිස භාවනා වැඩිය යුතුය’ යි මෙසේ දනී.”
|
3. ඨිතිසුත්තං | 3. ඨිතිපරිහානි සූත්‍රය |
53
‘‘ඨිතිම්පාහං
‘‘කථඤ්ච, භික්ඛවෙ, හානි හොති කුසලෙසු ධම්මෙසු, නො ඨිති නො වුඩ්ඪි? ඉධ, භික්ඛවෙ, භික්ඛු යත්තකො හොති සද්ධාය සීලෙන සුතෙන චාගෙන පඤ්ඤාය පටිභානෙන, තස්ස තෙ ධම්මා නෙව තිට්ඨන්ති නො වඩ්ඪන්ති. හානිමෙතං, භික්ඛවෙ, වදාමි කුසලෙසු ධම්මෙසු, නො ඨිතිං නො වුඩ්ඪිං. එවං ඛො, භික්ඛවෙ, හානි හොති කුසලෙසු ධම්මෙසු, නො ඨිති නො වුඩ්ඪි.
‘‘කථඤ්ච, භික්ඛවෙ ඨිති හොති කුසලෙසු ධම්මෙසු, නො හානි නො වුඩ්ඪි? ඉධ, භික්ඛවෙ, භික්ඛු යත්තකො හොති සද්ධාය සීලෙන සුතෙන චාගෙන පඤ්ඤාය පටිභානෙන, තස්ස තෙ ධම්මා නෙව හායන්ති නො වඩ්ඪන්ති
‘‘කථඤ්ච, භික්ඛවෙ, වුඩ්ඪි හොති කුසලෙසු ධම්මෙසු, නො ඨිති නො හානි? ඉධ, භික්ඛවෙ, භික්ඛු යත්තකො හොති සද්ධාය සීලෙන සුතෙන චාගෙන පඤ්ඤාය පටිභානෙන, තස්ස තෙ ධම්මා නෙව තිට්ඨන්ති නො හායන්ති. වුඩ්ඪිමෙතං, භික්ඛවෙ, වදාමි කුසලෙසු ධම්මෙසු, නො ඨිතිං නො හානිං. එවං ඛො, භික්ඛවෙ, වුඩ්ඪි හොති කුසලෙසු ධම්මෙසු, නො ඨිති නො හානි.
‘‘නො
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු සචිත්තපරියායකුසලො හොති? සෙය්යථාපි
‘‘සචෙ, භික්ඛවෙ, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අභිජ්ඣාලු බහුලං විහරාමි, බ්යාපන්නචිත්තො බහුලං විහරාමි, ථිනමිද්ධපරියුට්ඨිතො බහුලං විහරාමි, උද්ධතො බහුලං විහරාමි, විචිකිච්ඡො බහුලං විහරාමි, කොධනො බහුලං විහරාමි, සංකිලිට්ඨචිත්තො බහුලං විහරාමි, සාරද්ධකායො බහුලං විහරාමි, කුසීතො බහුලං විහරාමි, අසමාහිතො බහුලං විහරාමී’ති, තෙන, භික්ඛවෙ, භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය
‘‘සචෙ
|
53
“මහණෙනි, මම කුශල ධර්මයන්හි නැවතීමද වර්ණනා නොකරමි. පිරිහීම ගැන කියනුම කවරේද? මහණෙනි, මම කුශල ධර්මයන්හි වැඩීම වර්ණනා කරමි. නැවතීම වර්ණනා නොකරමි. පිරිහීම වර්ණනා නොකරමි. මහණෙනි, කෙසේ වනාහි කුශල ධර්මයන්හි නැවතීම නොවේද? වැඩීම නොවේද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම යම් පමණක ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ශ්‍රුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන්, වැටහීමෙන් යුක්තවේද, ඔහුට ඒ ධර්මයෝ නොනවතිත්, නොවැඩෙත්. මහණෙනි, කුශල ධර්මයන්හි නැවතීම නොවේ, වෘද්ධිය නොවේ, මේ හානියයයි කියමි. මහණෙනි, මෙසේ වනාහි කුශල ධර්මයන්හි හානිය වේ. නැවතීම හා වැඩීම නොවේ.
“මහණෙනි, කුශල ධර්මයන්හි කෙසේ නැවතීම වේද, හානිය, වෘද්ධිය නොවේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම යම් පමණ ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ශ්‍රුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන්, වැටහීමෙන් යුක්තවේද, ඔහුට ඒ ධර්මයෝ නොපිරිහෙත්, නොවැඩෙත්. මහණෙනි, කුශල ධර්මයන්හි මේ නැවතීම කියමි. හානිය නොකියමි. වෘද්ධිය නොකියමි. මහණෙනි, මෙසේ වනාහි කුශල ධර්මයන්හි නැවතීම කියමි, හානිය නොකියමි.
“මහණෙනි, කුශල ධර්මයන්හි කෙසේ වෘද්ධිය වේද, නැවතීම නෙවේද? පරිහානිය නොවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම යම් පමණ ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ශ්‍රුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන්, වැටහීමෙන් යුක්තවේද, ඔහුට ඒ ධර්මයෝ නොසිටිත්, නොපිරිහෙත්. මහණෙනි, කුශල ධර්මයන්හි මේ වෘද්ධිය කියමි. නැවතීම නොකියමි. පිරිහීම නොකියමි. මහණෙනි, මෙසේ වනාහි කුශල ධර්මයන්හි වෘද්ධිය වේ. නැවතීම නොවේ. පිරිහීම නොවේ.”
|
4. සමථසුත්තං | 4. චෙතොසමථලාභී සූත්‍රය |
54
‘‘නො චෙ, භික්ඛවෙ, භික්ඛු පරචිත්තපරියායකුසලො හොති, අථ ‘සචිත්තපරියායකුසලො භවිස්සාමී’ති - එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බං.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු සචිත්තපරියායකුසලො හොති? සෙය්යථාපි, භික්ඛවෙ, ඉත්ථී වා පුරිසො වා දහරො යුවා මණ්ඩනකජාතිකො ආදාසෙ වා පරිසුද්ධෙ පරියොදාතෙ අච්ඡෙ වා උදපත්තෙ සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො සචෙ තත්ථ පස්සති රජං වා අඞ්ගණං වා, තස්සෙව රජස්ස වා අඞ්ගණස්ස වා පහානාය වායමති. නො චෙ තත්ථ පස්සති රජං වා අඞ්ගණං වා, තෙනෙවත්තමනො හොති
‘‘සචෙ, භික්ඛවෙ, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘ලාභීම්හි අජ්ඣත්තං චෙතොසමථස්ස, න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනායා’ති, තෙන, භික්ඛවෙ, භික්ඛුනා අජ්ඣත්තං චෙතොසමථෙ පතිට්ඨාය අධිපඤ්ඤාධම්මවිපස්සනාය යොගො කරණීයො. සො අපරෙන සමයෙන ලාභී චෙව හොති අජ්ඣත්තං චෙතොසමථස්ස ලාභී ච අධිපඤ්ඤාධම්මවිපස්සනාය.
‘‘සචෙ
‘‘සචෙ, පන, භික්ඛවෙ, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘න ලාභී අජ්ඣත්තං චෙතොසමථස්ස, න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනායා’ති, තෙන, භික්ඛවෙ, භික්ඛුනා තෙසංයෙව කුසලානං ධම්මානං පටිලාභාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං. සෙය්යථාපි, භික්ඛවෙ, ආදිත්තචෙලො වා ආදිත්තසීසො වා. තස්සෙව චෙලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය අධිමත්තං ඡන්දඤ්ච වායාමඤ්ච උස්සාහඤ්ච උස්සොළ්හිඤ්ච අප්පටිවානිඤ්ච සතිඤ්ච සම්පජඤ්ඤඤ්ච කරෙය්ය. එවමෙවං ඛො, භික්ඛවෙ, තෙන
‘‘සචෙ පන, භික්ඛවෙ, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘ලාභීම්හි අජ්ඣත්තං චෙතොසමථස්ස, ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනායා’ති, තෙන, භික්ඛවෙ, භික්ඛුනා තෙසුයෙව කුසලෙසු ධම්මෙසු පතිට්ඨාය උත්තරි ආසවානං ඛයාය යොගො කරණීයො.
‘‘චීවරම්පාහං, භික්ඛවෙ, දුවිධෙන වදාමි - සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. පිණ්ඩපාතම්පාහං, භික්ඛවෙ, දුවිධෙන වදාමි - සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. සෙනාසනම්පාහං, භික්ඛවෙ, දුවිධෙන වදාමි - සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. ගාමනිගමම්පාහං, භික්ඛවෙ, දුවිධෙන වදාමි - සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. ජනපදපදෙසම්පාහං, භික්ඛවෙ, දුවිධෙන වදාමි - සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. පුග්ගලම්පාහං, භික්ඛවෙ, දුවිධෙන වදාමි - සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි.
‘‘‘චීවරම්පාහං, භික්ඛවෙ, දුවිධෙන වදාමි - සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති, ඉති ඛො
‘‘‘පිණ්ඩපාතම්පාහං, භික්ඛවෙ, දුවිධෙන වදාමි - සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති, ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? තත්ථ යං ජඤ්ඤා පිණ්ඩපාතං - ‘ඉමං ඛො මෙ පිණ්ඩපාතං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා
‘‘‘සෙනාසනම්පාහං, භික්ඛවෙ, දුවිධෙන වදාමි - සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති, ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? තත්ථ යං ජඤ්ඤා සෙනාසනං - ‘ඉදං ඛො මෙ සෙනාසනං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්තී’ති, එවරූපං සෙනාසනං න සෙවිතබ්බං. තත්ථ යං ජඤ්ඤා සෙනාසනං - ‘ඉදං ඛො මෙ සෙනාසනං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති, එවරූපං සෙනාසනං සෙවිතබ්බං. ‘සෙනාසනම්පාහං, භික්ඛවෙ, දුවිධෙන වදාමි - සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති, ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
‘‘‘ගාමනිගමම්පාහං, භික්ඛවෙ, දුවිධෙන වදාමි - සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති, ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? තත්ථ යං ජඤ්ඤා ගාමනිගමං - ‘ඉමං ඛො මෙ ගාමනිගමං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්තී’ති
‘‘‘ජනපදපදෙසම්පාහං, භික්ඛවෙ, දුවිධෙන වදාමි - සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති, ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? තත්ථ යං ජඤ්ඤා ජනපදපදෙසං - ‘ඉමං ඛො මෙ ජනපදපදෙසං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා
‘‘‘පුග්ගලම්පාහං, භික්ඛවෙ, දුවිධෙන වදාමි - සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති, ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? තත්ථ යං ජඤ්ඤා පුග්ගලං - ‘ඉමං ඛො මෙ පුග්ගලං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්තී’ති, එවරූපො පුග්ගලො න සෙවිතබ්බො. තත්ථ යං ජඤ්ඤා පුග්ගලං - ‘ඉමං ඛො මෙ පුග්ගලං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති, එවරූපො පුග්ගලො සෙවිතබ්බො
|
54
“මහණෙනි, ඉදින් මහණතෙම අනුන්ගේ සිතේ ආකාරය දැනීමේ දක්ෂ නොවේද, නැවත, ‘තමන්ගේ සිතේ ආකාරය දැනීමේ දක්ෂ වෙමියි, මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.
“මහණෙනි, කෙසේ වනාහි මහණතෙම තමාගේ සිතෙහි ආකාරය දැනීමේ දක්ෂ වේද?
“මහණෙනි, ඉදින් මහණතෙම අනුන්ගේ සිතේ ක්‍රමය දැනීමෙහි දක්ෂ නොවේද, ඉක්බිති, ‘තමාගේ සිතෙහි ආකාරය දැනීමේ දක්ෂ වන්නෙමි’ යි, මෙසේ තොප විසින් හික්මිය යුතුය. මහණෙනි, මහණතෙම කෙසේ තමාගේ සිතෙහි ආකාරය දැනීමේ දක්ෂ වේද, මහණෙනි, යම් සේ බාලවූ, තරුණවූ අලඞ්කාරයට කැමැති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ කන්නාඩියක හෝ පිරිසිදු බබලන, පැහැදුන දිය බඳුනක හෝ, තමාගේ මුව මඬල බලන්නේ, ඉදින් එහි දූවිල්ලක් හෝ, කිලුටක් හෝ, දකීද, ඒ දූවිල්ල හෝ කිලුට නැතිකිරීම පිණිස වෑයම් කරයි. එහි දූවීල්ලක් හෝ, කිලුටක් හෝ, ඉදින් නොදකීද, එයින්ම සම්පූර්ණවූ කල්පනා ඇත්තේ, ‘ඒකාන්තයෙන් මට ලාභයක. ඒකාන්තයෙන් මා පිරිසිදුය’ යි සතුටුවූයේ වේ.
“මහණෙනි, එසේම මහණහට තමා තුළ සිතේ එකඟකම ලබන්නෙක් වන්නෙම්ද, අධ්‍යාත්මයෙහි චිත්ත සමථය ලබන්නෙක් නොවන්නෙම්ද, අධි ප්‍රඥාවෙන් ධර්මයන් විදර්ශනා කිරීම ලබන්නෙක් වෙම්ද, අධි ප්‍රඥාවෙන් ධර්මයන් විදර්ශනා කරන්ට ලබන්නෙක් නොවන්නෙම්දැයි, කුශල ධර්මයන්හි නුවණින් කල්පනා කිරීම බොහෝ උපකාරවේ.
“මහණෙනි, ඉදින් මහණතෙම සිහි කරන්නේ, ‘තමා තුළ සිතේ එකඟකම ලබා ඇත්තෙමි’ ශ්‍රේෂ්ඨ නුවණින් ධර්මයන් බැලීම නැත්තේයයි මෙසේ දනී. මහණෙනි, ඒ මහණ විසින් තමා තුළ ඇති සිතේ එකඟකමෙහි පිහිටා ශ්‍රේෂ්ඨ නුවණින් ධර්මයන් බැලීමට වීර්‍ය්‍ය කටයුතුය. හෙතෙම මෑත භාගයෙහි තමා තුළ සිතේ එකඟකමටද, ශ්‍රේෂ්ඨ නුවණින් ධර්මයන් බැලීමටද වෑයම් කටයුතුයි.
“මහණෙනි, ඉදින් මහණතෙම සිහි කරන්නේ, ශ්‍රේෂ්ඨ ප්‍රඥාවෙන් ධර්මයන් බලන්නට ලබන්නෙක් වෙමි. තමා තුළ සිත් එකඟකම ලබන්නට නොහැකියයි මෙසේ දනී. මහණෙනි, ඒ මහණ විසින් ශ්‍රේෂ්ඨ ප්‍රඥාවෙන් ධර්මයන් බැලීමෙහි පිහිටා තමා තුළ සිත එකඟකිරීමෙහි වෑයම් කළ යුතුය. හෙතෙම මෑත භාගයෙහි ශ්‍රේෂ්ඨ නුවණින් ධර්මයන් බැලීම ලබන්නේ, තමා තුළ සිත එකඟකිරීමටද ලබන්නේ වේ.
“මහණෙනි, ඉදින් මහණතෙම නුවණින් සිහි කරන්නේ, අධ්‍යාත්මයෙහි සිතේ එකඟකම නොලබන්නේ වේද, ශ්‍රේෂ්ඨ ප්‍රඥාවෙන් ධර්මයන් බැලීමටද නොලබන්නේයයි මෙසේ දනීද, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ කුශල ධර්මයන්ගේ ලැබීම පිණිස මහත් කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, අධික උත්සාහයක්ද, නොනැවැත්මක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කටයුතුය.
“මහණෙනි, ගිනිගත් වස්ත්‍ර ඇති, ගිනිගත් හිස ඇති, කෙනෙක් යම්සේද, ඔහුගේ වස්ත්‍රය හෝ හිස නිවීම පිණිස මහත් කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, අධික උත්සාහයක්ද, නොනැවැත්මක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කරන්නේය.
“මහණෙනි, එසේ ඒ භික්ෂුව විසින් ඒ කුශල ධර්මයන්ගේ ලැබීම පිණිස අධික මාත්‍ර කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, අධික උත්සාහයක්ද, නොනැවැත්මක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කටයුතුය. හෙතෙම මෑත භාගයෙහි අධ්‍යාත්මයෙහි සිතේ එකඟකමද, ශ්‍රේෂ්ඨ ප්‍රඥාවෙන් ධර්මයන් බැලීමද ලබන්නේද වේ.
“මහණෙනි, ඉදින් මහණතෙම නුවණින් සිහිකරණු ලබන්නේ, තමන් තුළ සිතේ එකඟකම ලබන්නේ වෙමි. ශ්‍රේෂ්ඨ ප්‍රඥාවෙන් ධර්මයන් බැලීමද ලබමියි මෙසේ දනී. මහණෙනි, ඒ මහණ විසින් ඒ කුශල ධර්මයන්හිම පිහිටා මත්තෙහි ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස භාවනා කටයුතුය.
“මහණෙනි, සිවුරද දෙයාකාරයකින් කියමි. පරිභෝග කළ යුතු සිවුරය, පරිභෝග නොකළ යුතු සිවුරය (කියායි.) මහණෙනි, පිණ්ඩපාතයද දෙයාකාරයකින් කියමි. පරිභෝග කළ යුතු පිණ්ඩපාතය, පරිභෝග නොකළ යුතු පිණ්පාතය කියායි. මහණෙනි, සෙනසුනද දෙයාකාරයකින් කියමි. සේවනය කළ යුතු සෙනසුනය, සේවනය නොකළ යුතු සෙනසුනය කියායි. මහණෙනි, ගම හා නියම්ගමද දෙයාකාරයකින් කියමි. සේවනය කළ යුතුය, සේවනය නොකළ යුතුය (කියායි.) මහණෙනි, ජනපදයද දෙයාකාරයකින් කියමි. සේවනය කළ යුතු ජනපද පෙදෙසය, සේවනය නොකළ යුතු ජනපද පෙදෙසය කියායි.
“මහණෙනි, මම සිවුර සේවනය කළයුතුවූද, සේවනය නොකළයුතුවූදැයි දෙපරිද්දෙකින් කියමි.
“මහණෙනි, සිවුරු දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු සිවුරය, සේවනය නොකළයුතු සිවුරය (කියායි.) මෙසේ වනාහි මෙය කියන ලද්දේය. මෙය කුමක් සඳහා කියන ලදද? එහි යම් සිවුරක් ගැණ මේ සිවුරු පරිභෝග කරණ ලද මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු සිවුරක් පරිභෝග නොකළ යුතුය. එහි යම් සිවුරක් ගැණ මේ සිවුර පරිභෝග කරණ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු සිවුරක් පරිභෝග කළ යුතු. මහණෙනි, පරිභෝග කළ යුතු සිවුරය, පරිභෝග නොකළ යුතු සිවුරයයි මෙසේ යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.
“මහණෙනි, පිණ්ඩපාත දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු පිණ්ඩපාතය, සේවනය නොකළයුතු පිණ්ඩපාතය (කියායි.) මෙසේ වනාහි මෙය කියන ලද්දේය. මෙය කුමක් සඳහා කියන ලදද? එහි යම් පිණ්ඩපාතයක් ගැණ මේ පිණ්ඩපාත පරිභෝග කරණ ලද මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු පිණ්ඩපාතයක් පරිභෝග නොකළ යුතුය. එහි යම් පිණ්ඩපාතයක් ගැණ මේ පිණ්ඩපාතය පරිභෝග කරණ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු පිණ්ඩපාතයක් පරිභෝග කළ යුතු. මහණෙනි, පරිභෝග කළ යුතු පිණ්ඩපාතය, පරිභෝග නොකළ යුතු පිණ්ඩපාතයයි මෙසේ යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.
“මහණෙනි, සෙනසුන් දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු සෙනසුන්ය, සේවනය නොකළයුතු සෙනසුන්ය (කියායි.) මෙසේ වනාහි මෙය කියන ලද්දේය. මෙය කුමක් සඳහා කියන ලදද? එහි යම් සෙනසුනක් ගැණ මේ සෙනසුන් පරිභෝග කරණ ලද මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු සෙනසුන් පරිභෝග නොකළ යුතුය. එහි යම් සෙනසුන් ගැණ මේ සෙනසුන් පරිභෝග කරණ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු සෙනසුන් පරිභෝග කළ යුතු. මහණෙනි, පරිභෝග කළ යුතු සෙනසුන්ය, පරිභෝග නොකළ යුතු සෙනසුන්යයි මෙසේ යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.
“මහණෙනි, ගම් නියම්ගම් දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු ගම් නියම්ගම්ය, සේවනය නොකළයුතු ගම් නියම්ගම්ය (කියායි.) මෙසේ වනාහි මෙය කියන ලද්දේය. මෙය කුමක් සඳහා කියන ලදද? එහි යම් ගම් නියම්ගම් ගැණ මේ ගම් නියම්ගම් පරිභෝග කරණ ලද මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු ගම් නියම්ගම් පරිභෝග නොකළ යුතුය. එහි යම් ගම් නියම්ගම් ගැණ මේ ගම් නියම්ගම් පරිභෝග කරණ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු ගම් නියම්ගම් පරිභෝග කළ යුතු. මහණෙනි, පරිභෝග කළ යුතු ගම් නියම්ගම්ය, පරිභෝග නොකළ යුතු ගම් නියම්ගම්යයි මෙසේ යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.
“මහණෙනි, ජනපද ප්‍රදේශ දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු ජනපද ප්‍රදේශය, සේවනය නොකළයුතු ජනපද ප්‍රදේශය (කියායි.) මෙසේ වනාහි මෙය කියන ලද්දේය. මෙය කුමක් සඳහා කියන ලදද? එහි යම් ජනපද ප්‍රදේශක් ගැණ මේ ජනපද ප්‍රදේශ පරිභෝග කරණ ලද මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු ජනපද ප්‍රදේශක් පරිභෝග නොකළ යුතුය. එහි යම් ජනපද ප්‍රදේශක් ගැණ මේ ජනපද ප්‍රදේශය පරිභෝග කරණ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු ජනපද ප්‍රදේශයක් පරිභෝග කළ යුතු. මහණෙනි, පරිභෝග කළ යුතු ජනපද ප්‍රදේශය, පරිභෝග නොකළ යුතු ජනපද ප්රදේශයයි මෙසේ යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.
“මහණෙනි, පුද්ගලයා දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු පුද්ගලයාය, සේවනය නොකළයුතු පුද්ගලයාය (කියායි.) මෙසේ වනාහි මෙය කියන ලද්දේය. මෙය කුමක් සඳහා කියන ලදද? එහි යම් පුද්ගලයෙක් ගැණ මේ පුද්ගලයා පරිභෝග කරණ ලද මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු පුද්ගලයා පරිභෝග නොකළ යුතුය. එහි යම් පුද්ගලයෙක් ගැණ මේ පුද්ගලයා පරිභෝග කරණ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු පුද්ගලයෙක් පරිභෝග කළ යුතු. මහණෙනි, පරිභෝග කළ යුතු පුද්ගලයාය, පරිභෝග නොකළ යුතු පුද්ගලයායයි මෙසේ යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.
“මහණෙනි, පුද්ගලයාද දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු පුද්ගලයාය, සේවනය නොකළයුතු පුද්ගලයාය (කියායි.) මහණෙනි, සිවුරද දෙයාකාරයකින් දතයුතුය. පරිභෝග කළ යුතු සිවුරය, පරිභෝග නොකළ යුතු සිවුරය (කියායි.) මහණෙනි, පිණ්ඩපාතයද දෙයාකාරයකින් දත යුතුය. පරිභෝග කළ යුතු පිණ්ඩපාතය, පරිභෝග නොකළ යුතු පිණ්පාතය කියායි. මහණෙනි, සෙනසුනද දෙයාකාරයකින් දත යුතුය. සේවනය කළ යුතු සෙනසුනය, සේවනය නොකළ යුතු සෙනසුනය කියායි. මහණෙනි, ගම හා නියම්ගමද දෙයාකාරයකින් දත යුතුය. සේවනය කළ යුතුය, සේවනය නොකළ යුතුය (කියායි.) මහණෙනි, ජනපදයද දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු ජනපද පෙදෙසය, සේවනය නොකළ යුතු ජනපද පෙදෙසය කියායි.
|
5. පරිහානසුත්තං | 5. පරිහානධම්ම සූත්‍රය |
55
තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි - ‘‘ආවුසො භික්ඛවෙ’’ති
(භික්ඛවොති (සී. ස්‍යා.)). ‘‘ආවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච -
‘‘‘පරිහානධම්මො පුග්ගලො, පරිහානධම්මො පුග්ගලො’ති, ආවුසො, වුච්චති. ‘අපරිහානධම්මො පුග්ගලො, අපරිහානධම්මො පුග්ගලො’ති, ආවුසො, වුච්චති. කිත්තාවතා නු ඛො, ආවුසො, පරිහානධම්මො පුග්ගලො වුත්තො භගවතා, කිත්තාවතා ච පන අපරිහානධම්මො පුග්ගලො වුත්තො
‘‘තෙනහාවුසො
‘‘කිත්තාවතා නු ඛො, ආවුසො, පරිහානධම්මො පුග්ගලො වුත්තො භගවතා? ඉධාවුසො, භික්ඛු අස්සුතඤ්චෙව ධම්මං න සුණාති, සුතා චස්ස ධම්මා සම්මොසං ගච්ඡන්ති, යෙ චස්ස ධම්මා පුබ්බෙ චෙතසො අසම්ඵුට්ඨපුබ්බා තෙ චස්ස න සමුදාචරන්ති, අවිඤ්ඤාතඤ්චෙව න විජානාති. එත්තාවතා ඛො, ආවුසො, පරිහානධම්මො පුග්ගලො වුත්තො භගවතා.
‘‘කිත්තාවතා ච පනාවුසො, අපරිහානධම්මො පුග්ගලො වුත්තො භගවතා? ඉධාවුසො, භික්ඛු අස්සුතඤ්චෙව ධම්මං සුණාති, සුතා චස්ස ධම්මා
‘‘නො චෙ, ආවුසො, භික්ඛු පරචිත්තපරියායකුසලො හොති, අථ ‘සචිත්තපරියායකුසලො භවිස්සාමී’ති - එවඤ්හි වො, ආවුසො, සික්ඛිතබ්බං.
‘‘කථඤ්චාවුසො, භික්ඛු සචිත්තපරියායකුසලො හොති? සෙය්යථාපි, ආවුසො, ඉත්ථී වා පුරිසො වා දහරො යුවා මණ්ඩනකජාතිකො ආදාසෙ වා පරිසුද්ධෙ පරියොදාතෙ අච්ඡෙ වා උදපත්තෙ සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො සචෙ තත්ථ පස්සති රජං වා අඞ්ගණං වා, තස්සෙව රජස්ස වා අඞ්ගණස්ස වා පහානාය වායමති. නො චෙ තත්ථ පස්සති රජං වා අඞ්ගණං වා, තෙනෙවත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො
‘‘සචෙ පන, ආවුසො, භික්ඛු පච්චවෙක්ඛමානො සබ්බෙපිමෙ කුසලෙ ධම්මෙ අත්තනි න සමනුපස්සති, තෙනාවුසො, භික්ඛුනා සබ්බෙසංයෙව ඉමෙසං කුසලානං ධම්මානං පටිලාභාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං. සෙය්යථාපි, ආවුසො, ආදිත්තචෙලො වා ආදිත්තසීසො වා. තස්සෙව චෙලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය අධිමත්තං ඡන්දඤ්ච වායාමඤ්ච උස්සාහඤ්ච උස්සොළ්හිඤ්ච අප්පටිවානිඤ්ච සතිඤ්ච සම්පජඤ්ඤඤ්ච කරෙය්ය. එවමෙවං ඛො, ආවුසො, තෙන භික්ඛුනා සබ්බෙසංයෙව කුසලානං ධම්මානං පටිලාභාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං.
‘‘සචෙ පනාවුසො, භික්ඛු පච්චවෙක්ඛමානො එකච්චෙ කුසලෙ ධම්මෙ අත්තනි සමනුපස්සති, එකච්චෙ කුසලෙ ධම්මෙ අත්තනි
‘‘සචෙ පනාවුසො, භික්ඛු පච්චවෙක්ඛමානො සබ්බෙපිමෙ කුසලෙ ධම්මෙ අත්තනි සමනුපස්සති, තෙනාවුසො, භික්ඛුනා සබ්බෙස්වෙව ඉමෙසු කුසලෙසු
|
55
එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ‘ඇවැත්නි, මහණෙනි,’ යි කියා භික්ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්ෂූහු, ‘ඇවැත්නි’ යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ඇවැත්නි, පිරිහෙන ස්වභාව ඇති පුද්ගලයායයි, පිරිහෙන ස්වභාව ඇති පුද්ගලයායයි කියනු ලැබේ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොපමණකින් පිරිහෙන ස්වභාව ඇති පුද්ගලයා වදාරණ ලද්දේද? භාග්‍යවතුන් වහන්සේ විසින් කොපමණකින් නොපිරිහෙන ස්වභාව ඇති පුද්ගලයා වදාරණ ලද්දේද?
“ඇවැත්නි, අපි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් සමීපයෙන් මේ කියමනේ තේරුම දැනගන්නට දුර සිට එන්නෙමු. මේ කියමනේ තේරුම ආයුෂ්මත් ශාරීපුත්රයන්ටම වැටහේවා. ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ වෙතින් අසා භික්ෂූහු දරත්ය” යි කීවාහුය. “ඇවැත්නි, එසේ නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි කීහ. “ඇවැත්නි, එසේය” යි ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොපමණකින් පිරිහීමට යන පුද්ගලයා වදාරණ ලදද? ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම නොඇසූ ධර්මය නොඅසයිද, ඔහු විසින් ඇසූ ධර්මයෝ සිහි නැති බවට යෙත්ද, යම් ධර්ම කෙනෙක් පෙර සිතට ස්පර්ශවූයේද, ඔවුන්ද භාවිත නොකරත්. නොදන්නා ලද්දද නොදනියි. ඇවැත්නි, මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් පිරිහෙන ස්වභාවය ඇති පුද්ගලයා වදාරණ ලදී.
“ඇවැත්නි, කොපමණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් නොපිරිහෙන ස්වභාව ඇති පුද්ගලයා වදාරණ ලද්දේද? ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම නොඅසන ලද්දාවූම ධර්මය අසයි. ඔහු විසින් අසන ලද ධර්මයෝ සිහි නැති බවට නොයත්. ඔහු විසින් යම් ධර්ම කෙනෙක් පෙර සිතින් ස්පර්ශ කරණ ලද්දාහුද, ඔවුන්ද හසුරුවත්. නොදන්නා දෙයද දනී. ඇවැත්නි, මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් නොපිරිහෙණ ස්වභාව ඇති පුද්ගලයා වදාරණ ලදී.
“ඇවැත්නි, ඉදින් අනුන්ගේ සිත්හි ක්‍රමය නොදක්නේද, නැවත තමාගේ සිතේ ක්‍රමය දැනීමෙහි දක්ෂවෙමියි මෙසේ තොප විසින් හික්මිය යුතුයි. ඇවැත්නි, කෙසේ මහණතෙම තමාගේ සිතෙහි ආකාරය දැනීමේ දක්ෂවේද, ඇවැත්නි, යම්සේ සැරසීමට ප්‍රිය බාල තරුණයෙක් කන්නාඩියක හෝ පිරිසිදු බබලන, පැහැදුන දිය බඳුනක හෝ, තමාගේ මුව මඬල බලන්නේ, ඉදින් එහි දූවිල්ලක් හෝ, කිලුටක් හෝ, දකීද, ඒ දූවිල්ල හෝ කිලුට නැතිකිරීම පිණිස වෑයම් කරයි. එහි දූවීල්ලක් හෝ, කිලුටක් හෝ, ඉදින් නොදකීද, එයින්ම සම්පූර්ණවූ කල්පනා ඇත්තේ, ‘ඒකාන්තයෙන් මට ලාභයක. ඒකාන්තයෙන් මා පිරිසිදුය’ යි සතුටුවූයේ වේ.
“ඇවැත්නි, එසේම මහණහට කුශල ධර්මයන්හි බොහෝ සේ දැඩි ලෝභ නැතිව වාසය කරම්ද, මා කෙරෙහි මේ ධර්මය විද්‍යමාන වේද, නැත්නම් නොවේද, ‘බොහෝ සේ කොප නොවූ සිතින් වාසය කරම්ද, මා කෙරෙහි මේ ධර්මය විද්‍යමාන වේද, නැත්නම් නොවේද, බොහෝ සේ පහවූ සිත කය දෙකේ මැලි ගතියෙන් මඩනා ලද්දේ වාසය කරම්ද, මා කෙරෙහි මේ ධර්මය විද්‍යමාන වේද, නැත්නම් නොවේද, නොවිසුරුණු සිතින් බොහෝ සේ වාසය කරම්ද, මා කෙරෙහි මේ ධර්මය විද්‍යමාන වේද, නැත්නම් නොවේද, බොහෝ සේ පහවූ සැක ඇතිව වාසය කරම්ද, මා කෙරෙහි මේ ධර්මය විද්‍යමාන වේද, නැත්නම් නොවේද, බොහෝ සේ ක්‍රොධ නොකරණ සුළුව වාසය කරම්ද, මා කෙරෙහි මේ ධර්මය විද්‍යමාන වේද, නැත්නම් නොවේද, බොහෝ සේ නොකිලිටි සිතින් වාසයකරම්ද, මා කෙරෙහි මේ ධර්මය විද්‍යමාන වේද, නැත්නම් නොවේද, අධ්‍යාත්මයෙහි ධර්ම ප්රබෝධය ලබන්නෙක් වන්නෙම්ද, මා කෙරෙහි මේ ධර්මය විද්‍යමාන වේද, නැත්නම් නොවේද, අධ්‍යාත්මයෙහි සිතේ එකඟකම ලබන්නෙම්ද, මා කෙරෙහි මේ ධර්මය විද්‍යමාන වේද, නැත්නම් නොවේද, ශ්‍රේෂ්ඨ ප්‍රඥාවෙන් ධර්මයන් බැලීමට ලබන්නෙම්ද, මා කෙරෙහි මේ ධර්ම විද්‍යමාන වේද, නොහොත් නොවේදැයි නුවණින් සිහිකිරීම බොහෝ උපකාර වන්නේය.
“ඉදින් ඇවැත්නි, මහණතෙම නුවණින් සිහි කරණු ලබන්නේ මේ සියලු කුශල ධර්මයන් තමා කෙරහි ලා දකීද, ඇවැත්නි, ඒ මහණ විසින් මේ සියලු කුශල ධර්මයන් ලැබීම පිණිස මහත් කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, දැඩි උත්සාහයක්ද, නොනැවැත්මක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කටයුතුයි.
“ඇවැත්නි, යම් සේ ගිනිගත් වස්ත්‍රයක් ඇති ගිනිගත් හිස ඇති, කෙනෙක් යම්සේද, ඔහුගේ වස්ත්‍රය හෝ හිස නිවීම පිණිස මහත් කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, අධික උත්සාහයක්ද, නොනැවැත්මක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කරන්නේය.
“ඇවැත්නි, එසේම ඒ භික්ෂුව විසින් සියලු මේ කුශල ධර්මයන් ලැබීම පිණිස ගිනිගත් හිස ඇති, කෙනෙක් යම්සේද, ඔහුගේ වස්ත්‍රය හෝ හිස නිවීම පිණිස මහත් කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, අධික උත්සාහයක්ද, නොනැවැත්මක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කරන්නේය.
“ඉදින් ඇවැත්නි, මහණතෙම නුවණින් සිහි කරණු දකියි. ඇතැම් කුශල ධර්මයක් තමන් කෙරෙහි නොදකියි. ඇවැත්නි, ඒ මහණ විසින් යම් කුශල ධර්මයක් තමා කෙරෙහි දකීද, ඒ කුශල ධර්මයන්හි පිහිටා යම් කුශල ධර්මයක් තමා කෙරෙහි නොදකීද, ඒ කුශල ධර්මයන් ලැබීම පිණිස ගිනිගත් හිස ඇති, කෙනෙක් යම්සේද, ඔහුගේ වස්ත්‍රය හෝ හිස නිවීම පිණිස මහත් කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, අධික උත්සාහයක්ද, නොනැවැත්මක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කරන්නේය.
“ඇවැත්නි, යම් සේ ගිනිගත් වස්ත්‍ර ඇති, ගිනිගත් හිස ඇති කෙනෙක් ඒ වස්ත්‍රයාගේ හෝ හිසේ නිවිමට මහත්වූ කැමැත්තක්, වෑයමක්, උත්සාහයක්, මහත් උත්සාහයක්, නොනැවැත්මක්, සිහියක්, සම්‍යක් ප්‍රඥාවක් කරන්නේය. ඇවැත්නි, එසේම ඒ මහණ විසින් යම් කුශල ධර්මයක් තමා කෙරෙහි ලා දකීද, ඒ කුශල ධර්මයන්හි පිහිටා යම් කුශල ධර්මයක් තමා කෙරෙහි නොදකීද, ඒ කුශල ධර්මයන් ඉපදවීම පිණිස, ගිනිගත් හිස ඇති, කෙනෙක් යම්සේද, ඔහුගේ වස්ත්‍රය හෝ හිස නිවීම පිණිස මහත් කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, අධික උත්සාහයක්ද, නොනැවැත්මක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කරන්නේය. ඇවැත්නි, ඉදින් මහණතෙම නුවණින් සිහි කරන්නේ මේ සියලු කුශල ධර්මයන් තමා කෙරෙහි ලා දකීද, ඇවැත්නි, ඒ මහණ විසින් මේ සියලු කුශල ධර්මයන්හි පිහිටා මත්තෙහි ආශ්‍රවයන් ක්ෂයවීම පිණිස භාවනා කටයුතුයි.”
|
6. පඨමසඤ්ඤාසුත්තං | 6. පඨම දසසඤ්ඤා සූත්‍රය |
56
‘‘දසයිමා, භික්ඛවෙ, සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා. කතමා දස? අසුභසඤ්ඤා, මරණසඤ්ඤා, ආහාරෙ පටිකූලසඤ්ඤා, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, අනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරොධසඤ්ඤා - ඉමා ඛො, භික්ඛවෙ, දස සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’’ති. ඡට්ඨං.
|
56
“මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ හැඟීම් දසය මහත් ඵල වෙත්. මහත් ආනිශංස වෙත්. නිවනට බැස ගත්තාහු වෙත්. නිවන අවසන්කොට ඇත්තාහු වෙත්.
කවර දසයක්ද යත්? අශුභ හැඟීම, මරණ හැඟීම, ආහාරයෙහි පිළිකුල් හැඟීම, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව, අනිත්‍ය සංඥාව, අනිත්‍යයෙහි දුක් යන සංඥාව, දුකෙහි අනාත්ම සංඥාව, ප්‍රහාන සංඥාව, නොඇලෙන සංඥාව, නිවණ යන සංඥාව, මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ හැඟීම් දසය මහත් ඵල වෙත්. මහත් ආනිශංස වෙත්. නිවනට බැස ගත්තාහු වෙත්. නිවන අවසන්කොට ඇත්තාහු වෙත්.
|
7. දුතියසඤ්ඤාසුත්තං | 7. දුතිය දසසඤ්ඤා සූත්‍රය |
57
‘‘දසයිමා
|
57
“මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ හැඟීම් දසය මහත් ඵල වෙත්. මහත් ආනිශංස වෙත්. නිවණට බැස ගත්තාහු වෙත්. නිවණ අවසන්කොට ඇත්තාහු වෙත්.
කවර දසයක්ද යත්? අනිත්‍ය හැඟීම, අනාත්ම හැඟීම, මරණ හැඟීම, ආහාරයෙහි පිළිකුල් හැඟීම, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව, ඇට යන සංඥාව, පණුවන්ය යන සංඥාව, නිල්වූ යන සංඥාව, සිදුරුවූ යන සංඥාව, ඉදිමුණු යන සංඥාව, මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ හැඟීම් දසය මහත් ඵල වෙත්. මහත් ආනිශංස වෙත්. නිවනට බැස ගත්තාහු වෙත්. නිවන අවසන්කොට ඇත්තාහු වෙත්.
|
8. මූලකසුත්තං | 8. සබ්බ ධම්ම කිම්මුල සූත්‍රය |
58
(අ. නි. 8.83) ‘‘සචෙ, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං - ‘කිංමූලකා, ආවුසො, සබ්බෙ ධම්මා, කිංසම්භවා සබ්බෙ ධම්මා, කිංසමුදයා සබ්බෙ ධම්මා, කිංසමොසරණා සබ්බෙ ධම්මා, කිංපමුඛා සබ්බෙ ධම්මා, කිංඅධිපතෙය්යා සබ්බෙ ධම්මා, කිංඋත්තරා සබ්බෙ ධම්මා, කිංසාරා සබ්බෙ ධම්මා, කිංඔගධා සබ්බෙ ධම්මා, කිංපරියොසානා සබ්බෙ ධම්මා’ති, එවං පුට්ඨා තුම්හෙ, භික්ඛවෙ
‘‘තෙන
‘‘සචෙ, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං - ‘කිංමූලකා, ආවුසො, සබ්බෙ ධම්මා, කිංසම්භවා සබ්බෙ ධම්මා, කිංසමුදයා
|
58
“මහණෙනි, ඉදින් අන්‍ය තීර්ත්ථක පරිබ්‍රාජකයෝ, ‘ඇවැත්නි, සියලු ධර්මයෝ කුමක් මුල් කොට ඇත්තාහුද, සියලු ධර්මයෝ කුමකින් හටගත්තාහුද, කුමකින් පහළවූවාහුද, කුමක රැස්වෙත්ද, කුමක් ප්‍රධානකොට ඇත්තාහුද, කුමක් අධිපතිකොට ඇත්තාහුද, කුමක් අධිකකොට ඇත්තාහුද, කුමක් හරයකොට ඇත්තාහුද, කුමකට බැසගත්තාහුද, සියලු ධර්මයෝ කුමක් අවසන්කොට ඇත්තාහුදැ’ යි මෙසේ විචාරන්නාහුය.
“මහණෙනි, මෙසේ විචාරණ ලද තොපි ඒ අන්‍ය තීර්ත්ථක පරිබ්‍රාජකයන්ට කුමක් නම් ප්‍රකාශ කරන්නාහුදැ” යි විචාළ සේක. “ස්වාමීනි, අපේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ අධිපතිකොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහ. ස්වාමීනි, මේ කියමනේ තේරුම භාග්‍යවතුන් වහන්සේටම වැටහේ නම් යහපත. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුය” යි කීවාහුය. “මහණෙනි, එසේ නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක”
“මහණෙනි, ඉදින් අන්‍ය තීර්ත්ථක පරිබ්‍රාජකයෝ, ‘ඇවැත්නි, සියලු ධර්මයෝ කුමක් මුල් කොට ඇත්තාහුද, සියලු ධර්මයෝ කුමකින් හටගත්තාහුද, කුමකින් පහළවූවාහුද, කුමක රැස්වෙත්ද, කුමක් ප්‍රධානකොට ඇත්තාහුද, කුමක් අධිපතිකොට ඇත්තාහුද, කුමක් අධිකකොට ඇත්තාහුද, කුමක් හරයකොට ඇත්තාහුද, කුමකට බැසගත්තාහුද, සියලු ධර්මයෝ කුමක් අවසන්කොට ඇත්තාහුදැ’ යි මෙසේ විචාරන්නාහුය. මහණෙනි, මෙසේ විචාරණ ලද තෙපි ඒ අන්‍ය තීර්ත්ථක පරිබ්‍රාජකයන්ට, ‘ඇවැත්නි, සියලු ධර්මයෝ කැමැත්ත මුල්කොට ඇත්තාහ. සියලු ධර්මයෝ මෙනෙහි කිරීමෙන් හටගත්තාහුය. සියලු ධර්මයෝ ස්පර්ශයෙන් පහළවූවාහුය. සියලු ධර්මයෝ වේදනාවෙහි වැටෙන්නාහුය. සියලු ධර්මයෝ සිත එකඟ කිරීම මුල්කොට ඇත්තාහ. සියලු ධර්ම සිහිය අධිපතිකොට ඇත්තාහ. සියලු ධර්මයෝ ප්‍රඥාව මත්තෙහිකොට ඇත්තාහ. සියලු ධර්මයෝ මිදීම හරයකොට ඇත්තාහ. සියලු ධර්මයෝ නිවණට බැසගත්තාහ. සියලු ධර්මයෝ නිවණ අවසන්කොට ඇත්තාහ’ යි මෙසේ ප්‍රකාශ කරව්. මහණෙනි, මෙසේ විචාරණ ලද්දාවූ තෙපි ඒ අන්‍ය තීර්ත්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරන්නාහුය.”
|
9. පබ්බජ්ජාසුත්තං | 9. පබ්බජ්ජාපරිචීත සූත්‍රය |
59
‘‘තස්මාතිහ, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං - ‘යථාපබ්බජ්ජාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති, න චුප්පන්නා පාපකා අකුසලා ධම්මා චිත්තං පරියාදාය ඨස්සන්ති; අනිච්චසඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති, අනත්තසඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති, අසුභසඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති, ආදීනවසඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති, ලොකස්ස සමඤ්ච විසමඤ්ච ඤත්වා තංසඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති, ලොකස්ස භවඤ්ච
(සම්භවඤ්ච (සී. ස්‍යා.)) විභවඤ්ච ඤත්වා තංසඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති, ලොකස්ස සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච ඤත්වා තංසඤ්ඤාපරිචිතඤ්ච නො චිත්තං භවිස්සති, පහානසඤ්ඤාපරිචිතඤ්ච
‘‘යතො
|
59
“එහෙයින් මහණෙනි, මෙහි පැවිද්ද යම් සේද, අපගේ සිත පුරුදු කරණ ලද්දක්ද වන්නේය. උපන් ලාමක අකුශල ධර්මයෝ සිත මැඩගෙන නොසිටිත්. අනිත්‍ය සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. අනාත්ම සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. අශුභ සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. දෝෂ සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. ලෝකයාගේ සම තත්ත්වයද විෂම තත්ත්වයද දැන අපගේ සිත ඒ සංඥාව පුරුදු කරන ලද්දේ වන්නේය. ලෝකයාගේ ඇතිවීමද, නැතිවීමද දැන අපගේ සිත ඒ සංඥාව පුරුදු කළේ වන්නේය. ලෝකයාගේ හටගැනීමද, විනාශයද දැන අපගේ සිත ඒ සංඥාව පුරුදු කරණ ලද්දේ වන්නේය. ප්‍රහාණ සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. නොඇලෙන සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. නිවණ යන සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේයයි මෙසේ හික්මිය යුතුයි.
“මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, යම් තැනක සිට මහණහට ප්‍රව්‍රජ්‍යාව පුරුදු කරණ ලද සිත වේද, උපන් ලාමක අකුශල ධර්මයෝ සිත මැඩගෙන සිටිත්ද, අනිත්‍ය සංඥාව පුරුදු කරණ ලද සිත වේද, උපන් ලාමක අකුශල ධර්මයෝ සිත මැඩගෙන සිටිත්ද, අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, අශුභ සංඥාව, දෝෂ දක්නා සංඥාව, ලෝකයාගේ සම තත්ත්වයද, විෂම තත්ත්වයද දැන ඒ සංඥාව පුරුදු කරණ ලද සිත වේද, ලෝකයාගේ හට ගැනීම හා විනාශයද දැන, ඒ සංඥාව පුරුදු කරණ ලද සිත වේද, දුරු කරණ සංඥාව පුරුදු කරණ ලද සිත වේද, නොඇලෙන සංඥාව පුරුදු කරනලද සිත වේද, නිවණ යන සංඥාව පුරුදු කරනලද සිත වේද, ඕහට මෙලොව රහත් ඵලයද, ස්කන්ධයන් පැවැත්මෙහි හේතුව ඇති කල්හි අනාගාමී බව හෝ වේ.”
|
10. ගිරිමානන්දසුත්තං | 10. ගිරිමානන්ද සූත්‍රය |
60
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ගිරිමානන්දො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච -
‘‘ආයස්මා, භන්තෙ, ගිරිමානන්දො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො
‘‘කතමා දස? අනිච්චසඤ්ඤා
‘‘කතමා චානන්ද, අනිච්චසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති - ‘රූපං අනිච්චං, වෙදනා අනිච්චා
‘‘කතමා චානන්ද, අනත්තසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති - ‘චක්ඛු අනත්තා, රූපා අනත්තා, සොතං අනත්තා, සද්දා අනත්තා, ඝානං අනත්තා, ගන්ධා අනත්තා, ජිව්හා අනත්තා, රසා අනත්තා, කායා අනත්තා, ඵොට්ඨබ්බා අනත්තා, මනො අනත්තා, ධම්මා අනත්තා’ති. ඉති ඉමෙසු ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු අනත්තානුපස්සී විහරති. අයං වුච්චතානන්ද, අනත්තසඤ්ඤා.
‘‘කතමා
‘‘කතමා චානන්ද, ආදීනවසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති - ‘බහුදුක්ඛො ඛො අයං
‘‘කතමා
‘‘කතමා චානන්ද, විරාගසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති - ‘එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිප්පටිනිස්සග්ගො තණ්හාක්ඛයො විරාගො නිබ්බාන’න්ති. අයං වුච්චතානන්ද, විරාගසඤ්ඤා.
‘‘කතමා චානන්ද, නිරොධසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති - ‘එතං සන්තං එතං
‘‘කතමා චානන්ද, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු යෙ ලොකෙ උපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා, තෙ පජහන්තො විහරති අනුපාදියන්තො. අයං වුච්චතානන්ද, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා.
‘‘කතමා චානන්ද, සබ්බසඞ්ඛාරෙසු අනිච්ඡාසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු සබ්බසඞ්ඛාරෙසු අට්ටීයති හරායති ජිගුච්ඡති. අයං වුච්චතානන්ද, සබ්බසඞ්ඛාරෙසු
‘‘කතමා චානන්ද, ආනාපානස්සති? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති සතොව පස්සසති. දීඝං වා අස්සසන්තො ‘දීඝං අස්සසාමී’ති පජානාති. දීඝං වා පස්සසන්තො ‘දීඝං පස්සසාමී’ති පජානාති. රස්සං වා අස්සසන්තො ‘රස්සං අස්සසාමී’ති පජානාති. රස්සං වා පස්සසන්තො ‘රස්සං
‘‘සචෙ ඛො ත්වං, ආනන්ද, ගිරිමානන්දස්ස භික්ඛුනො ඉමා
අථ ඛො ආයස්මා ආනන්දො භගවතො සන්තිකෙ ඉමා දස සඤ්ඤා උග්ගහෙත්වා යෙනායස්මා ගිරිමානන්දො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මතො ගිරිමානන්දස්ස ඉමා දස සඤ්ඤා අභාසි. අථ ඛො ආයස්මතො ගිරිමානන්දස්ස දස සඤ්ඤා සුත්වා සො ආබාධො ඨානසො පටිප්පස්සම්භි. වුට්ඨහි චායස්මා ගිරිමානන්දො තම්හා ආබාධා. තථා පහීනො ච පනායස්මතො ගිරිමානන්දස්ස සො ආබාධො අහොසී’’ති. දසමං.
|
60
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි,’ යි කියා භික්ෂූන් ආමන්ත්‍රණය කළ සේක. “ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන් වහන්සේ, ලෙඩවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන්වූයේ වේ”. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටි සේක. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිර තෙම ලෙඩවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන්වූයේ වෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන් තෙම යම් තැනෙක්හිද, අනුකම්පා උපදවා එහි වඩිත්වා” යි කීහ.
“ආනන්දය, ඉදින් ඔබ ගිරිමානන්ද භික්ෂුව කරා පැමිණ, දස සංඥාව කියන්නෙහිය. යම් හෙයකින් ගිරිමානන්ද භික්ෂුවට දස සංඥාව අසා ඒ ලෙඩය ක්‍රමයෙන් සංසිඳෙන්නේය, යන මේ කාරණය විද්‍යමාන වේ.
“කවර දසයක්ද යත්? අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, අශුභ සංඥාව, දෝෂ දක්නා සංඥාව, දුරු කරණ සංඥාව, නොඇලෙන සංඥාව, නිවණ යන සංඥාව, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව, සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය සංඥාව, හුස්ම ඉහළ පහළ ගැනීමේ සිහිය යන දසයයි.
“ආනන්දය, අනිත්‍ය සංඥාව කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, රුකක් මුලකට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය, සංඥාව අනිත්‍යය, සංස්කාරය අනිත්‍යය, විඤ්ඤාණය අනිත්‍යයයි, මෙසේ ප්රත්යවෙක්ෂා (නුවණින් බැලීම) කරයි. ‘මෙසේ මේ මාගේය’ යි ඇලීම ඇතිකර ගත් ධර්ම පස කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. ආනන්දය, මේ අනිත්‍ය සංඥාවය.
“ආනන්දය, අනාත්ම සංඥාව කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, රුකක් මුලට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ ඇස අනාත්මය, රූපය අනාත්මය, කණ අනාත්මය, ශබ්දය අනාත්මය, නාසය අනාත්මය, ගඳ සුවඳ අනාත්මය, දිව අනාත්මය, රසය අනාත්මය, ශරීරය අනාත්මය, ස්පර්ශය අනාත්මය, සිත අනාත්මය, සිතට වැටහෙන දෙය අනාත්මයයි මෙසේ කල්පනා කරයි. මෙසේ තමා තුළ පිහිටියාවූද, බැහැර සිටියාවුද, සසර දික් කරණ ධර්මයන් කෙරෙහි අනාත්මය අනුව බලමින් වාසය කරයි. ආනන්දය, මේ අනාත්ම සංඥාවයයි කියනු ලැබේ.
“ආනන්දය, අශුභ සංඥාව කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම දෙපතුලින් උඩ මස්තකයෙහි කෙශයන්ගෙන් යට සම කෙළවරකොට ඇති මේ ශරීරයෙහි නානා ප්‍රකාර අශුභ දේ නුවණින් කල්පනා කරයි. මේ ශරීරයෙහි කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩුව, හෘදය, අක්මාව, දළබුව, බඩදිව, පපුමස, බඩවැල, අතුනුබහන්, නොපැසුනු අහර, අශූචි, පිත, සෙම, සැරව, ලෙය, ඩහදිය, මේද තෙල, කඳුළු, වුරුණු තෙල, කෙළ, සොටු, ඇට මිදුළු, මූත්‍ර යන මේ නානා ප්‍රකාර අශූචිත් ප්රත්යවෙක්ෂා කරයි. ආනන්දය, මේ අශුභ සංඥායයි කියනු ලැබේ.
“ආනන්දය, දෝෂ දක්නා සංඥාව කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, ගසක් මුලට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ, මේ ශරීරය බොහෝ දුක්ය, බොහෝ දෝෂය, මෙසේ මේ ශරීරයෙහි යම් සේ ඇස් රෝගය, කන් රෝගය, නාසා රෝගය, දිවේ රෝගය, ශරීරයෙහි රෝගය, හිසේ රෝගය, කර්ණ රෝගය, කටේ රෝගය, දත් රෝගය, කාශය, ස්වාසය, පීනසය, ඩහදිය, ජරාව, ඛණ්ඩ රෝගය, මූර්ච්ඡාව, අතීසාරය, ශූලය, කොලරා රෝගය, කුෂ්ට, ගෙඩි, ලාදුරු, ක්ෂය, අපස්මාරය, දද, කැසීම, කුෂ්ටය, රඛසා කුෂ්ටය, රත්පිතය, දියවැඩියාව, පක්ෂාඝාත රෝගය, පිළිකා, භග අතරෙහි එන ගෙඩිය, පිතින් උපන් ලෙඩය, සෙමින් උපන් ලෙඩය, වාතයෙන් උපන් ලෙඩය, තුන් දොස් කිපීමෙන් උපන් ලෙඩය, ඎතු විපර්‍ය්‍යාසයෙන් උපන් ලෙඩය, වෙනස් පැවැත්මෙන් උපන් ලෙඩය, උපක්‍රමයෙන් උපන් ලෙඩය, කර්ම විපාකයෙන් උපන් ලෙඩය, සීතය, උෂ්ණය, බඩගින්නය, පිපාසය, මලය, මූත්‍රය, යන නානා ප්‍රකාර ලෙඩ උපදිත්. මෙසේ මේ ශරීරයෙහි දෝෂය අනුව බලන සුලුව වාසය කරයි. ආනන්දය, මේ ආදිනව සංඥායයි කියනු ලැබේ.
“ආනන්දය, දුරු කරණ සංඥාව කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම උපන් කාම සිතිවිල්ල නොඉවසයිද, අත්හරියිද, දුරු කරයිද, කෙළවර කරයිද, අභාවයට පමුණුවයිද, උපන් ක්‍රොධ සිතිවිල්ල නොඉවසයි, අත් හරියි, දුරු කරයි, කෙළවර කරයි, අභාවයට යවයි, උපන් හිංසා සිතිවිල්ල නොඉවසයි, අත්හරියි, දුරුකරයි, කෙළවර කරයි, අභාවයට යවයි, උපනුපන් ලාමක අකුශල ධර්මයන් නොඉවසයි, අත්හරියි, දුරු කරයි, කෙළවර කරයි, අභාවයට යවයි. ආනන්දය, මේ දුරුකරණ සංඥායයි කියනු ලැබේ.
“ආනන්දය, නොඇලෙන සංඥාව කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම වනයට ගියේ හෝ, රුකක් මුලට ගියේ හෝ, හිස් ගෙයකට ගියේ හෝ, යම් මේ සියලු සංස්කාරයන්ගේ මැඩ පැවැත්මක් වේද, සියලු තෘෂ්ණාදී කෙළෙසුන්ගේ දුරු කිරීමක් වේද, තෘෂ්ණාවගේ ක්ෂය කිරීමක් වේද, නොඇලීමක් වේද, නිරුද්ධියක් වේද, නිර්වාණයක් වේද, මෙය ශාන්තය, මෙය පූර්ණයයි, මෙසේ කල්පනා කරයි. ආනන්දය, මේ නොඇලෙන සංඥාවයයි කියනු ලැබේ.
“ආනන්දය, නිරෝධ සංඥාව කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම වනයට ගියේ හෝ, ගසක් යටට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ, යම් මේ සියළු සංස්කාරයන්ගේ සන්සිඳීමක් වේද, තෘෂ්ණාදී කෙළෙසුන්ගේ දුරුකිරීමක් වේද, සියලු තෘෂ්ණාවගේ ක්ෂය වීමක් වේද, නිරුද්ධියක් වේද, නිවීමක් වේද, මේ නිවණ ශාන්තය, මේ නිවණ ප්‍රණීතයයි මෙසේ කල්පනා කරයි. ආනන්දය, මෙය නිරෝධ සංඥායයි කියනු ලැබේ.
“ආනන්දය, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම යමක් ලෝකයෙහි පිළිවෙළින් දැඩි සේ ගන්නා, සිතට වැටහෙන, වැද ගන්නා, ඇතුළත සයනය කරණ, යම් ක්ලේශයන් වෙත්ද, ඔවුන් නොගනිමින්, දුරු කරමින් නොඇලෙයි. ආනන්දය, මේ සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව වේ.
“ආනන්දය, සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥාව කවරීද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම සියලු සංස්කාරයන් පෙළයි. ගරහයි. පිළිකුල් කෙරෙයි. ආනන්දය, මේ සියලු සංස්කාරය්හි අනිත්‍ය සංඥායයි කියනු ලැබේ.
“ආනන්දය, ආනාපාන සතිය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, ගසක් මුලට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ, පලක් බැඳගෙන, ශරීරය ඎජුව තබා, සිහිය අභිමුඛයට ගෙන, හෙතෙමේ සිහි ඇතිව ආශ්වාස (හුස්ම ගැනීම) කරයි. සිහි ඇතිව ප්‍රශ්වාස (හුස්ම හෙළීම) කරයි. දීර්ඝව ආශ්වාස කරන්නේ, දිර්ඝව ආශ්වාස කරමියි දනියි. දීර්ඝව ප්‍රශ්වාස කරන්නේ, දීර්ඝව ප්‍රශ්වාස කරමියි දනියි. හ්‍රස්වව (කොටට) ආශ්වාස කරන්නේ, හ්‍රස්වව ආශ්වාස කරමියි දනියි. හ්‍රස්වව ප්‍රශ්වාස කරන්නේ, හ්‍රස්වව ප්‍රශ්වාස කරමියි දනියි. සියලු ආශ්වාස ප්‍රශ්වාස සමූහය දන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස සමූහය දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. කයේ ක්‍රියා කිරීමේ ශක්තිය මැඩ පවත්වන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. කයේ ක්‍රියා කිරීමේ ශක්තිය මැඩ පවත්වන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. ප්‍රීතිය විඳින්නේ ආශ්වාස කරමියි හික්මෙයි. ප්‍රීතිය විඳින්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සැපය විඳින්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සැපය විඳින්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම දන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම මැඩ පවත්වන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිතේ රැස් කිරීම මැඩ පවත්වන්නේ ප්‍රශ්වාස කරමියි හික්මේ. සිත දන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිත දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මේ. සිත අතිශයින් සතුටු කරන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිත අතිශයින් සතුටු කරන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිත තැන්පත් කරන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිත තැන්පත් කරන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිත මුදන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිත මුදන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. අනිත්‍යය අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. අනිත්‍යය අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. නොඇලීම අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. නොඇලීම අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. නිරුද්ධිය අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. නිරුද්ධිය අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. දුරුකිරීම අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. දුරුකිරීම අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. ආනන්දය, මේ ආනාපාන සතියයි කියනු ලැබේ.
“ආනන්දය, ඉදින් ඔබ ගිරිමානන්ද මහණතෙම වෙත එළඹ මේ දස සංඥාවන් කියන්නේය. මේ දස සංඥාවන් අසා යම් හෙයකින් ගිරිමානන්ද භික්ෂුවගේ ඒ ලෙඩය ක්‍රමයෙන් යටපත් වන්නේද, මේ කරුණ විද්‍යමාන වේ.”
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ දස සංඥාවන් උගෙන ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන්ට මේ දස සංඥාවන් කීහ. ඉක්බිති ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන්ට මේ දස සංඥාවන් අසා ඒ ආබාධය ක්‍රමයෙන් සංසිඳුනේය. ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන් වහන්සේ ඒ ආබාධයෙන් නැගී සිටි සේක. ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන්ගේ ඒ රෝගය එසේම ප්‍රහීණ විය.
|