ත්‍රිපිටකය
(6) 1. සචිත්තවග්ගො (6) 1. සචිත්ත වර්‍ගය
1. සචිත්තසුත්තං 1. සචිත්තපරියාය සූත්‍රය
2. සාරිපුත්තසුත්තං 2. සාරිපුත්ත සචිත්ත පරියාය සූත්‍රය
3. ඨිතිසුත්තං 3. ඨිතිපරිහානි සූත්‍රය
4. සමථසුත්තං 4. චෙතොසමථලාභී සූත්‍රය
5. පරිහානසුත්තං 5. පරිහානධම්ම සූත්‍රය
6. පඨමසඤ්ඤාසුත්තං 6. පඨම දසසඤ්ඤා සූත්‍රය
7. දුතියසඤ්ඤාසුත්තං 7. දුතිය දසසඤ්ඤා සූත්‍රය
8. මූලකසුත්තං 8. සබ්බ ධම්ම කිම්මුල සූත්‍රය
9. පබ්බජ්ජාසුත්තං 9. පබ්බජ්ජාපරිචීත සූත්‍රය
10. ගිරිමානන්දසුත්තං 10. ගිරිමානන්‍ද සූත්‍රය
60
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ගිරිමානන්දො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච -
‘‘ආයස්මා, භන්තෙ, ගිරිමානන්දො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො . සාධු, භන්තෙ, භගවා යෙනායස්මා ගිරිමානන්දො තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’’ති. ‘‘සචෙ ඛො ත්වං, ආනන්ද, ගිරිමානන්දස්ස භික්ඛුනො දස සඤ්ඤා භාසෙය්‍යාසි, ඨානං ඛො පනෙතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනො දස සඤ්ඤා සුත්වා සො ආබාධො ඨානසො පටිප්පස්සම්භෙය්‍ය.
‘‘කතමා දස? අනිච්චසඤ්ඤා , අනත්තසඤ්ඤා, අසුභසඤ්ඤා, ආදීනවසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරොධසඤ්ඤා, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා (අනභිරතිසඤ්ඤා (ක.)), සබ්බසඞ්ඛාරෙසු අනිච්ඡාසඤ්ඤා, ආනාපානස්සති.
‘‘කතමා චානන්ද, අනිච්චසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති - ‘රූපං අනිච්චං, වෙදනා අනිච්චා , සඤ්ඤා අනිච්චා , සඞ්ඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්ච’න්ති. ඉති ඉමෙසු පඤ්චසු උපාදානක්ඛන්ධෙසු අනිච්චානුපස්සී විහරති. අයං වුච්චතානන්ද, අනිච්චසඤ්ඤා.
‘‘කතමා චානන්ද, අනත්තසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති - ‘චක්ඛු අනත්තා, රූපා අනත්තා, සොතං අනත්තා, සද්දා අනත්තා, ඝානං අනත්තා, ගන්ධා අනත්තා, ජිව්හා අනත්තා, රසා අනත්තා, කායා අනත්තා, ඵොට්ඨබ්බා අනත්තා, මනො අනත්තා, ධම්මා අනත්තා’ති. ඉති ඉමෙසු ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු අනත්තානුපස්සී විහරති. අයං වුච්චතානන්ද, අනත්තසඤ්ඤා.
‘‘කතමා චානන්ද, අසුභසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානාප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති - ‘අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං න්හාරු අට්ඨි අට්ඨිමිඤ්ජං වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්ත’න්ති. ඉති ඉමස්මිං කායෙ අසුභානුපස්සී විහරති. අයං වුච්චතානන්ද, අසුභසඤ්ඤා.
‘‘කතමා චානන්ද, ආදීනවසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති - ‘බහුදුක්ඛො ඛො අයං කායො බහුආදීනවො? ඉති ඉමස්මිං කායෙ විවිධා ආබාධා උප්පජ්ජන්ති, සෙය්‍යථිදං - චක්ඛුරොගො සොතරොගො ඝානරොගො ජිව්හාරොගො කායරොගො සීසරොගො කණ්ණරොගො මුඛරොගො දන්තරොගො ඔට්ඨරොගො කාසො සාසො පිනාසො ඩාහො (ඩහො (සී. ස්‍යා.)) ජරො කුච්ඡිරොගො මුච්ඡා පක්ඛන්දිකා සූලා විසූචිකා කුට්ඨං ගණ්ඩො කිලාසො සොසො අපමාරො දද්දු කණ්ඩු කච්ඡු නඛසා විතච්ඡිකා ලොහිතං පිත්තං (ලොහිතපිත්තං (සී.)) මධුමෙහො අංසා පිළකා භගන්දලා පිත්තසමුට්ඨානා ආබාධා සෙම්හසමුට්ඨානා ආබාධා වාතසමුට්ඨානා ආබාධා සන්නිපාතිකා ආබාධා උතුපරිණාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා ඔපක්කමිකා ආබාධා කම්මවිපාකජා ආබාධා සීතං උණ්හං ජිඝච්ඡා පිපාසා උච්චාරො පස්සාවො’ති. ඉති ඉමස්මිං කායෙ ආදීනවානුපස්සී විහරති. අයං වුච්චතානන්ද, ආදීනවසඤ්ඤා.
‘‘කතමා චානන්ද, පහානසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති, පජහති , විනොදෙති, බ්‍යන්තීකරොති, අනභාවං ගමෙති. උප්පන්නං බ්‍යාපාදවිතක්කං නාධිවාසෙති, පජහති, විනොදෙති, බ්‍යන්තීකරොති, අනභාවං ගමෙති. උප්පන්නං විහිංසාවිතක්කං නාධිවාසෙති, පජහති, විනොදෙති, බ්‍යන්තීකරොති, අනභාවං ගමෙති. උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති, පජහති, විනොදෙති, බ්‍යන්තීකරොති, අනභාවං ගමෙති. අයං වුච්චතානන්ද, පහානසඤ්ඤා.
‘‘කතමා චානන්ද, විරාගසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති - ‘එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිප්පටිනිස්සග්ගො තණ්හාක්ඛයො විරාගො නිබ්බාන’න්ති. අයං වුච්චතානන්ද, විරාගසඤ්ඤා.
‘‘කතමා චානන්ද, නිරොධසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති - ‘එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිප්පටිනිස්සග්ගො තණ්හාක්ඛයො නිරොධො නිබ්බාන’න්ති. අයං වුච්චතානන්ද, නිරොධසඤ්ඤා.
‘‘කතමා චානන්ද, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු යෙ ලොකෙ උපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා, තෙ පජහන්තො විහරති අනුපාදියන්තො. අයං වුච්චතානන්ද, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා.
‘‘කතමා චානන්ද, සබ්බසඞ්ඛාරෙසු අනිච්ඡාසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු සබ්බසඞ්ඛාරෙසු අට්ටීයති හරායති ජිගුච්ඡති. අයං වුච්චතානන්ද, සබ්බසඞ්ඛාරෙසු අනිච්ඡාසඤ්ඤා.
‘‘කතමා චානන්ද, ආනාපානස්සති? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති සතොව පස්සසති. දීඝං වා අස්සසන්තො ‘දීඝං අස්සසාමී’ති පජානාති. දීඝං වා පස්සසන්තො ‘දීඝං පස්සසාමී’ති පජානාති. රස්සං වා අස්සසන්තො ‘රස්සං අස්සසාමී’ති පජානාති. රස්සං වා පස්සසන්තො ‘රස්සං පස්සසාමී’ති පජානාති. ‘සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති. ‘සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති. ‘පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති. ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති. ‘පීතිපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති. ‘පීතිපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති. ‘සුඛපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති. ‘සුඛපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති. ‘චිත්තසඞ්ඛාරපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති. ‘චිත්තසඞ්ඛාරපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති. ‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති. ‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති. ‘චිත්තපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති. ‘චිත්තපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති . අභිප්පමොදයං චිත්තං...පෙ.... සමාදහං චිත්තං...පෙ.... විමොචයං චිත්තං...පෙ.... අනිච්චානුපස්සී...පෙ.... විරාගානුපස්සී...පෙ.... නිරොධානුපස්සී...පෙ.... ‘පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති. ‘පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති. අයං වුච්චතානන්ද, ආනාපානස්සති.
‘‘සචෙ ඛො ත්වං, ආනන්ද, ගිරිමානන්දස්ස භික්ඛුනො ඉමා දස සඤ්ඤා භාසෙය්‍යාසි, ඨානං ඛො පනෙතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනො ඉමා දස සඤ්ඤා සුත්වා සො ආබාධො ඨානසො පටිප්පස්සම්භෙය්‍යා’’ති.
අථ ඛො ආයස්මා ආනන්දො භගවතො සන්තිකෙ ඉමා දස සඤ්ඤා උග්ගහෙත්වා යෙනායස්මා ගිරිමානන්දො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මතො ගිරිමානන්දස්ස ඉමා දස සඤ්ඤා අභාසි. අථ ඛො ආයස්මතො ගිරිමානන්දස්ස දස සඤ්ඤා සුත්වා සො ආබාධො ඨානසො පටිප්පස්සම්භි. වුට්ඨහි චායස්මා ගිරිමානන්දො තම්හා ආබාධා. තථා පහීනො ච පනායස්මතො ගිරිමානන්දස්ස සො ආබාධො අහොසී’’ති. දසමං.
60
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි,’ යි කියා භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. “ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන් වහන්සේ, ලෙඩවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන්වූයේ වේ”. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටි සේක. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිර තෙම ලෙඩවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන්වූයේ වෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන් තෙම යම් තැනෙක්හිද, අනුකම්පා උපදවා එහි වඩිත්වා” යි කීහ.
“ආනන්‍දය, ඉදින් ඔබ ගිරිමානන්‍ද භික්‍ෂුව කරා පැමිණ, දස සංඥාව කියන්නෙහිය. යම් හෙයකින් ගිරිමානන්‍ද භික්‍ෂුවට දස සංඥාව අසා ඒ ලෙඩය ක්‍රමයෙන් සංසිඳෙන්නේය, යන මේ කාරණය විද්‍යමාන වේ.
“කවර දසයක්ද යත්? අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, අශුභ සංඥාව, දෝෂ දක්නා සංඥාව, දුරු කරණ සංඥාව, නොඇලෙන සංඥාව, නිවණ යන සංඥාව, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව, සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය සංඥාව, හුස්ම ඉහළ පහළ ගැනීමේ සිහිය යන දසයයි.
“ආනන්‍දය, අනිත්‍ය සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, රුකක් මුලකට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය, සංඥාව අනිත්‍යය, සංස්කාරය අනිත්‍යය, විඤ්ඤාණය අනිත්‍යයයි, මෙසේ ප්‍රත්‍යවෙක්‍ෂා (නුවණින් බැලීම) කරයි. ‘මෙසේ මේ මාගේය’ යි ඇලීම ඇතිකර ගත් ධර්‍ම පස කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. ආනන්‍දය, මේ අනිත්‍ය සංඥාවය.
“ආනන්‍දය, අනාත්ම සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, රුකක් මුලට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ ඇස අනාත්මය, රූපය අනාත්මය, කණ අනාත්මය, ශබ්දය අනාත්මය, නාසය අනාත්මය, ගඳ සුවඳ අනාත්මය, දිව අනාත්මය, රසය අනාත්මය, ශරීරය අනාත්මය, ස්පර්‍ශය අනාත්මය, සිත අනාත්මය, සිතට වැටහෙන දෙය අනාත්මයයි මෙසේ කල්පනා කරයි. මෙසේ තමා තුළ පිහිටියාවූද, බැහැර සිටියාවුද, සසර දික් කරණ ධර්‍මයන් කෙරෙහි අනාත්මය අනුව බලමින් වාසය කරයි. ආනන්‍දය, මේ අනාත්ම සංඥාවයයි කියනු ලැබේ.
“ආනන්‍දය, අශුභ සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම දෙපතුලින් උඩ මස්තකයෙහි කෙශයන්ගෙන් යට සම කෙළවරකොට ඇති මේ ශරීරයෙහි නානා ප්‍රකාර අශුභ දේ නුවණින් කල්පනා කරයි. මේ ශරීරයෙහි කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩුව, හෘදය, අක්මාව, දළබුව, බඩදිව, පපුමස, බඩවැල, අතුනුබහන්, නොපැසුනු අහර, අශූචි, පිත, සෙම, සැරව, ලෙය, ඩහදිය, මේද තෙල, කඳුළු, වුරුණු තෙල, කෙළ, සොටු, ඇට මිදුළු, මූත්‍ර යන මේ නානා ප්‍රකාර අශූචිත් ප්‍රත්‍යවෙක්‍ෂා කරයි. ආනන්‍දය, මේ අශුභ සංඥායයි කියනු ලැබේ.
“ආනන්‍දය, දෝෂ දක්නා සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, ගසක් මුලට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ, මේ ශරීරය බොහෝ දුක්ය, බොහෝ දෝෂය, මෙසේ මේ ශරීරයෙහි යම් සේ ඇස් රෝගය, කන් රෝගය, නාසා රෝගය, දිවේ රෝගය, ශරීරයෙහි රෝගය, හිසේ රෝගය, කර්‍ණ රෝගය, කටේ රෝගය, දත් රෝගය, කාශය, ස්වාසය, පීනසය, ඩහදිය, ජරාව, ඛණ්ඩ රෝගය, මූර්ච්ඡාව, අතීසාරය, ශූලය, කොලරා රෝගය, කුෂ්ට, ගෙඩි, ලාදුරු, ක්‍ෂය, අපස්මාරය, දද, කැසීම, කුෂ්ටය, රඛසා කුෂ්ටය, රත්පිතය, දියවැඩියාව, පක්‍ෂාඝාත රෝගය, පිළිකා, භග අතරෙහි එන ගෙඩිය, පිතින් උපන් ලෙඩය, සෙමින් උපන් ලෙඩය, වාතයෙන් උපන් ලෙඩය, තුන් දොස් කිපීමෙන් උපන් ලෙඩය, ඎතු විපර්‍ය්‍යාසයෙන් උපන් ලෙඩය, වෙනස් පැවැත්මෙන් උපන් ලෙඩය, උපක්‍රමයෙන් උපන් ලෙඩය, කර්‍ම විපාකයෙන් උපන් ලෙඩය, සීතය, උෂ්ණය, බඩගින්නය, පිපාසය, මලය, මූත්‍රය, යන නානා ප්‍රකාර ලෙඩ උපදිත්. මෙසේ මේ ශරීරයෙහි දෝෂය අනුව බලන සුලුව වාසය කරයි. ආනන්‍දය, මේ ආදිනව සංඥායයි කියනු ලැබේ.
“ආනන්‍දය, දුරු කරණ සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම උපන් කාම සිතිවිල්ල නොඉවසයිද, අත්හරියිද, දුරු කරයිද, කෙළවර කරයිද, අභාවයට පමුණුවයිද, උපන් ක්‍රොධ සිතිවිල්ල නොඉවසයි, අත් හරියි, දුරු කරයි, කෙළවර කරයි, අභාවයට යවයි, උපන් හිංසා සිතිවිල්ල නොඉවසයි, අත්හරියි, දුරුකරයි, කෙළවර කරයි, අභාවයට යවයි, උපනුපන් ලාමක අකුශල ධර්‍මයන් නොඉවසයි, අත්හරියි, දුරු කරයි, කෙළවර කරයි, අභාවයට යවයි. ආනන්‍දය, මේ දුරුකරණ සංඥායයි කියනු ලැබේ.
“ආනන්‍දය, නොඇලෙන සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයට ගියේ හෝ, රුකක් මුලට ගියේ හෝ, හිස් ගෙයකට ගියේ හෝ, යම් මේ සියලු සංස්කාරයන්ගේ මැඩ පැවැත්මක් වේද, සියලු තෘෂ්ණාදී කෙළෙසුන්ගේ දුරු කිරීමක් වේද, තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමක් වේද, නොඇලීමක් වේද, නිරුද්‍ධියක් වේද, නිර්‍වාණයක් වේද, මෙය ශාන්තය, මෙය පූර්‍ණයයි, මෙසේ කල්පනා කරයි. ආනන්‍දය, මේ නොඇලෙන සංඥාවයයි කියනු ලැබේ.
“ආනන්‍දය, නිරෝධ සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයට ගියේ හෝ, ගසක් යටට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ, යම් මේ සියළු සංස්කාරයන්ගේ සන්සිඳීමක් වේද, තෘෂ්ණාදී කෙළෙසුන්ගේ දුරුකිරීමක් වේද, සියලු තෘෂ්ණාවගේ ක්‍ෂය වීමක් වේද, නිරුද්‍ධියක් වේද, නිවීමක් වේද, මේ නිවණ ශාන්තය, මේ නිවණ ප්‍රණීතයයි මෙසේ කල්පනා කරයි. ආනන්‍දය, මෙය නිරෝධ සංඥායයි කියනු ලැබේ.
“ආනන්‍දය, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම යමක් ලෝකයෙහි පිළිවෙළින් දැඩි සේ ගන්නා, සිතට වැටහෙන, වැද ගන්නා, ඇතුළත සයනය කරණ, යම් ක්ලේශයන් වෙත්ද, ඔවුන් නොගනිමින්, දුරු කරමින් නොඇලෙයි. ආනන්‍දය, මේ සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව වේ.
“ආනන්‍දය, සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥාව කවරීද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම සියලු සංස්කාරයන් පෙළයි. ගරහයි. පිළිකුල් කෙරෙයි. ආනන්‍දය, මේ සියලු සංස්කාරය්හි අනිත්‍ය සංඥායයි කියනු ලැබේ.
“ආනන්‍දය, ආනාපාන සතිය කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, ගසක් මුලට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ, පලක් බැඳගෙන, ශරීරය ඎජුව තබා, සිහිය අභිමුඛයට ගෙන, හෙතෙමේ සිහි ඇතිව ආශ්වාස (හුස්ම ගැනීම) කරයි. සිහි ඇතිව ප්‍රශ්වාස (හුස්ම හෙළීම) කරයි. දීර්‍ඝව ආශ්වාස කරන්නේ, දිර්‍ඝව ආශ්වාස කරමියි දනියි. දීර්‍ඝව ප්‍රශ්වාස කරන්නේ, දීර්‍ඝව ප්‍රශ්වාස කරමියි දනියි. හ්‍රස්වව (කොටට) ආශ්වාස කරන්නේ, හ්‍රස්වව ආශ්වාස කරමියි දනියි. හ්‍රස්වව ප්‍රශ්වාස කරන්නේ, හ්‍රස්වව ප්‍රශ්වාස කරමියි දනියි. සියලු ආශ්වාස ප්‍රශ්වාස සමූහය දන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස සමූහය දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. කයේ ක්‍රියා කිරීමේ ශක්තිය මැඩ පවත්වන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. කයේ ක්‍රියා කිරීමේ ශක්තිය මැඩ පවත්වන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. ප්‍රීතිය විඳින්නේ ආශ්වාස කරමියි හික්මෙයි. ප්‍රීතිය විඳින්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සැපය විඳින්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සැපය විඳින්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම දන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම මැඩ පවත්වන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිතේ රැස් කිරීම මැඩ පවත්වන්නේ ප්‍රශ්වාස කරමියි හික්මේ. සිත දන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිත දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මේ. සිත අතිශයින් සතුටු කරන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිත අතිශයින් සතුටු කරන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිත තැන්පත් කරන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිත තැන්පත් කරන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිත මුදන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිත මුදන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. අනිත්‍යය අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. අනිත්‍යය අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. නොඇලීම අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. නොඇලීම අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. නිරුද්‍ධිය අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. නිරුද්‍ධිය අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. දුරුකිරීම අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. දුරුකිරීම අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. ආනන්‍දය, මේ ආනාපාන සතියයි කියනු ලැබේ.
“ආනන්‍දය, ඉදින් ඔබ ගිරිමානන්‍ද මහණතෙම වෙත එළඹ මේ දස සංඥාවන් කියන්නේය. මේ දස සංඥාවන් අසා යම් හෙයකින් ගිරිමානන්‍ද භික්‍ෂුවගේ ඒ ලෙඩය ක්‍රමයෙන් යටපත් වන්නේද, මේ කරුණ විද්‍යමාන වේ.”
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ දස සංඥාවන් උගෙන ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන්ට මේ දස සංඥාවන් කීහ. ඉක්බිති ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන්ට මේ දස සංඥාවන් අසා ඒ ආබාධය ක්‍රමයෙන් සංසිඳුනේය. ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන් වහන්සේ ඒ ආබාධයෙන් නැගී සිටි සේක. ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන්ගේ ඒ රෝගය එසේම ප්‍රහීණ විය.